20.12.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සිහිකිරීම පුහුණු කරන්න. ඔබට සෑම විටම උද්යෝගිමත්ව පිපී සිටිය හැකි වේවි. ඔබට දිගටම පියාගෙන් උපකාර ලැබෙනු ඇති අතර ඔබ කිසිදාක මැලවී නොයනවා ඇත.

ප්‍රශ්නය:
දේව ශිෂ්‍ය ජීවිතය ගෙවාගෙන යන කාලයේ ඔය දරුවන් තුළ තිබිය යුතු කුල්මත් බව කුමක්ද?

පිළිතුර:
මෙම ඉගෙනීම හැදෑරීමෙන් තමන් රාජකුමාරයින් හා කුමාරිකාවන් බවට පත්වෙනවාය යන කුල්මත් බව සෑම විටම තබා ගන්න. මෙම ජීවිතය සිනහවෙන්, සෙල්ලමින් හා ඥාන නර්තනය නැටීමෙන් ගත කරන්න. උරුමක්කාර ජීවාත්මයක් වී මලක් වීමට සෑම විටම උත්සාහ දරන්න. මෙම පාසල ඇත්තේ රාජ කුමර කුමරියන් වීමටයි. එමෙන්ම මෙහිදී ඉගෙනගන්නා ගමන්ම අන් අයට ඉගැන්වීමත් කළ යුතුයි. ඔබ තමන්ගේ පුර වැසියන් නිර්මාණය කරගත යුතුයි. මන්ද, එසේ වුවහොත් පමණයි රජ කෙනෙක් විය හැකි වන්නේ. පරමාත්ම පියා උගත් කෙනෙක්; ඔහුට ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ.

ගීතය:
ඔබගේ ළමා කාලය අමතක නොකරන්න...

ඕම් ශාන්ති.
මෙම ගීතය විශේෂයෙන්ම ඔය දරුවන් සඳහායි. එය සිනමා ගීතයක් වුවත්, ඇතැම් ගීත ඔබ වෙනුවෙන්මයි. ඔය යෝග්‍ය දරුවන් මේ ගීත වලට ඇහුම්කන් දුන්නොත් ඒවායේ සැබෑ අරුත ඔබගේ හදවතින්ම මතු විය හැකියි. ඔබ පරමාත්ම පියාගේ දරුවන් වී සිටින නිසා තමයි ඔහු මගේ ආදරණීය දරුවනි කියා අමතන්නේ. ඔහුගේ දරුවෙක් බවට ඔබ පත්වීමෙන් පසුව පමණයි පරමාත්ම පියාගෙන් ලැබෙන උරුමය ඔබට සිහිකළ හැකිවන්නේ. ඔහුගේ දරුවෙක් වුණේ නැතිනම්, ඔහුව සිහිකිරීමට වෙහෙසක් දැරීමට සිදුවෙනවා. අනාගතයේ දී තමන් තම පියාගේ උරුමය දිනා ගන්නවාය කියා දරුවන් දන්නවා. මෙහිදී. මෙය රාජයෝගාවයි. ප්‍රජායෝග නොවෙයි (පුරවැසියන් වීමට ඇති යෝගාවක් නොවෙයි) ඔබ අනාගත රජකුමරුන් හා කුමාරියන් වීමට සිටින අයයි. ඔබ ඔහුගේ දරුවනුයි. ඔබ තම ඥාති හිතමිතුරු සියලු දෙනාවම අමතක කර දැමිය යුතුයි. එකම එක කෙනා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ව සිහි නොකළ යුතුයි. තම ශරීරවත් ඔබ සිහි නොකළ යුතුයි. ශාරීරික අවධානය අතහැර දමා ඔබ ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. ඔබ ශාරීරික අවධානයට පත්වුණු විට තමයි ඔබව පහතට ඇද දමන ආකාරයේ නොයෙකුත් වැරදි සිතිවිලි හට ගන්නේ. නොනවත්වාම ස්මරණය හොඳින් පුහුණු කළ විට නිතරම උද්යෝගයෙන් මලක් සේ පිපී සිටිය හැකි වේවි. ඔය මල් වලට සිහිකිරීම අමතක වුණු විට තමයි ඔබ මැලවී යන්නේ. දරුවන් ධෛර්යමත් වුණු විට පරමාත්ම පියා උදව් කරනවා. පියාගේ දරුවෙක් බවට ඔබ පත් නොවුණහොත් ඔහු කොහොමද ඔබට උගන්වන්නේ? එවන් දරුවන් මායා හා රාවණට තම මව පියා වීමට ඉඩ දෙනවා. ඔවුන් ඇද වැටීමට ඔවුන්ගේ සහාය ලබා ගන්නවා. ඉතින් මෙම මුලු ගීතයම, ඔබගේ ළමා කාලය අමතක කරන්න එපා යන ගීතයම ලියැවී තිබෙන්නේ ඔය දරුවන් ගැනයි. ඔබ පරමාත්ම පියාව සිහිකළ යුතුයි. ඔහුව සිහි නොකළහොත්, අද ඔබ සිනහ වේවි නමුත් හෙට අඬාවි. ඔහුව සිහි කිරීමෙන් ඔබ නිරන්තර උද්යෝගයෙන් සිටීවි. කිසියම් හෝ නිවැරදි වචන කිහිපයක් ඇතුලත් වන එකම එක ග්‍රන්ථය වන්නේ ගීතාව බව ඔය දරුවන් දන්නවා. යුධ බිමේ දී මිය ගියහොත් දෙලොවට යනවා කියා කියැවෙන ගීතයක් තිබෙනවා. මෙය හිංසාකාරී සටනක් නොවෙයි. පරමාත්ම පියාගෙන් ශක්තිය ගෙන ඔය දරුවන් මායා දමනය කර දැමිය යුතුයි. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම පරමාත්ම පියාව සිහිකළ යුතුයි. මන්ද, දෙව්ලොව පාලකයින් බවට ඔබට පත් විය හැක්කේ එවිටයි. කෙසේවෙතත්, භෞතික ආයුධ පෙන්වා තිබෙනවා. ඥාන අසිපත, ඥාන හීය වැනි වචන අසා තිබෙන නිසා ඔවුන් භෞතික අවි ආයුධ ඇතිව පෙන්වනවා. කිසිම කෙනෙකුට එතරම් අත් ප්‍රමාණයක් තිබිය නොහැකියි. ඉතින් මේක තමයි යුධ පිටිය. ඔබ යෝගාවේ සිට, බලය ගෙන පාප දමනය කර දැමිය යුතුයි. පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබට උරුමයත් සිහි වෙනවා. උරුමයක් දිනාගත හැක්කේ උරුමක්කරුවෙකුට පමණයි. ඔබ උරුමක්කරුවෙක් බවට පත්වුනේ නැතිනම්. පුරවැසියන්ගෙන් කෙනෙක් බවටයි පත් වෙන්නේ. මේ රාජයෝගාවයි. ප්‍රජා යෝගා නොවෙයි. මෙම පැහැදිලි කිරීම පරමාත්ම පියාටම මිස වෙන කිසිවෙකුට කළ නොහැකියි. පරමාත්ම පියා කියනවා : මෙහි පැමිණීමට නම්, මා මෙම සාමාන්‍ය ශරීරයේ ආධාරය ගත යුතුයි. පදාර්ථයේ ආධාරය නොගෙන මා ඔය දරුවන්ට රාජයෝග උගන්වන්නේ කෙසේද? ජීවාත්මයක් තම ශරීරය අතහැර දැමූ විට, ඔහුත් සමඟ කිසිම සංනිවේදනයක් කළ නොහැකියි. ඒ ජීවාත්මය තවත් ශරීරයක් ගැනීමෙන් පසුව තවත් උපතක් ගෙන යම් ප්‍රමාණයකට හෝ වැඩුනායින් පසුව පමණයි ඒ බුද්ධිය නැවතත් විවෘත වන්නේ. කුඩා දරුවන් කොහොමත් පාරිශුද්ධයි: ඔවුන් ළඟ පාප නැහැ. සන්යාසීවරුන් පවා ඒ ඉණීමඟ නැඟ පසුව පහළට පැමිණෙන අයයි. ජීවිතය යනු කුමක්දැයි කියා ඔවුන්ට තේරෙනවා. දරුවන් පාරිශුද්ධ නිසා තමයි මහාත්මාවරුන්ටත් වඩා ඔවුන් ශ්‍රේෂ්ටයි කියා කියන්නේ. එමනිසා, තමන් තම සිරුර අතහැර දැමූ විට ගිහින් රාජ කුමාරයෙක් හෝ කුමාරිකාවක් වෙනවායි කියා ඔය දරුවන්ට තේරෙනවා. මීට පෙරත් ඔබ ඒ තත්ත්වයට පත්වුණා; නැවතත් පක්වෙනවා. ඔය ශිෂ්‍යයින් තුළ මේ සිතිවිලි තිබෙනවා. බාබාගේ දරුවන් වන ඉතාමත් ශ්‍රද්ධාවන්ත, කීකරු හා ශ්‍රීමත් පිළිපදින දරුවන්ගේ සිහියේ මේ කරුණු රැඳෙනු ඇත. නැතිනම්, ඔවුන් උසස් තත්ත්වයක් දිනා ගන්නේ නැත. මේ ගුරුවරයා කොහොමත් උගත් අයෙකි. ඔහු ඉගෙන ගෙන උගන්වනවා නොවෙයි. මේ ගුරුවරයා කොහොමත් උගත් අයෙක්. ඔහුව හඳුන්වන්නේ ඥානයෙන් පිරි කෙනා කියලයි. ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ ඥානය වෙන කිසිම කෙනෙකුට නොමැත. පළමුවෙන්ම ඔහු තමයි පරමාත්ම පියා යන ශ්‍රද්ධාව තිබිය යුතුයි. මෙය ඇතැම් අයගේ වාසනාවේ නොමැති නම් ඔවුන්ගේ ඇතුලාන්තයේ නිතර නිතරම ගැටුම් ඇති වෙනවා. තමාට වැඩිදුර මේ ගමන යාමට හැකි නොවන බව ඔවුන්ට හැඟෙනවා. ඔබ පරමාත්ම පියාගේ ඇකයට පැමිණී විට, දුර්ගුණ නම් වූ රෝගය තවත් වැඩියෙන් වේගයෙන් ඉස්මතු විය හැකි බව බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා. වෙදමහත්වරු පවා කියන්නේ පළමුව ලෙඩේ ඇවිස්සෙන බවයි. පරමාත්ම පියාත් කියන්නේ : ඔබ බාබාගේ දරුවන් වුණු විට, ශාරීරික අවධානය, කෝපය හා රාගය වැනි ලෙඩරෝග තව තවත් උත්සන්න වෙන බවයි. වෙන කොහොමද ඔබව පරීක්ෂා කර බැලිය හැකි වන්නේ? කිසියම් දෙයක් සම්බන්ධයෙන් ඔබ තුළ ගැටළුවක් තිබෙනවා නම්, දිගටම ඒ ගැන අසන්න. ඔබ බලවත් වුණු විට පමණයි මායාත් ඔබව ඇද දැමීමටම වඩාත් වේගයෙන් පහර දෙන්නේ. ඔබ සිටින්නේ බොක්සිං පොරයකයි. ඔබ බාබාගේ දරුවෙක් වුණේ නැතිනම්, බොක්සිං සෙල්ලමක් ඇති වන්නේත් නැහැ. එවත් ජීවාත්ම ඔවුන්ගේම පව්කාර සිතිවිලි වලට ඇදී යන අතර ඔවුන්ට කිසිදු සහායක් ලැබෙන්නේත් නැත. "මමා බාබා" කියා කියූ විට, ඔබ පරමාත්ම පියාගේ දරුවන් වුණු බවත් මේ තමාගේ ආධ්‍යාත්මික පියා බව ඔබට තහවුරු වී ඇති බවත් බාබා තේරුම් ගෙන සිටිනවා. කෙසේවෙතත්, මෙය යුධ පිටියක් වන නිසා, ඔබ කිසිදු විටෙක බිය නොවිය යුතුයි. කුණාටු මධ්‍යයේ නොසැලී සිටීමට තමාට හැකි වේදැයි යන බිය ඔබ තුළ නොතිබිය යුතුයි; ඒ දුර්වල වීමයි. මෙහිදී ඔබ සිංහයෙක් මෙන් විය යුතුයි. ඔබගේ උත්සාහය සඳහා දී ඇති හොඳ උපදෙස් ඔබ පිළිපැදිය යුතුයි. පරමාත්ම පියාගෙන් අහන්න. තම තමන්ගේ තත්ත්වය ගැන බාබාට ලියුම් වලින් ලියා දන්වන දරුවන් විශාල පිරිසක් සිටිනවා. පරමාත්ම පියාට පමණයි ඔබට සහතිකයක් දිය හැක්කේ. මොහුගෙන් ඔබට ඒවා සැඟවිය හැකි වේවි. නමුත් ශිව බාබාගෙත් සැඟවිය නොහැකියි. එසේ සැඟවීමට බොහෝ අය උත්සාහ දැරුවත් කිසිම දෙයක් ඔහුගෙන් සඟවා තබා ගත නොහැකියි. යහපත් දෙයක ප්‍රතිඵලය අනිවාර්යෙන්ම යහපතමයි. අයහපත් දෙයක ප්‍රතිඵලය අනිවාර්යෙන්ම අයහපතමයි. ස්වර්ණමය හා රිදී යුග වල ඇති සියල්ලම යහපතමයි. හොඳත් නරකත් පිනත් පවත් දෙකම ඇත්තේ මෙහියි. එහි කිසිම දාන මාන හෝ පින් දහම් කෙරෙන්නේ නැහැ. එහි ඇත්තේ කළ සියල්ලේ ඵලය පමණී. ඔබ මෙහිදී සම්පූර්ණයෙන්ම බාබා වෙනුවෙන් කැප වුණු විට, ඔහු ඔබට උපත් 21කට එහි පෙරළා ලැබීම (කළගුණ සැලකීම) ලබා දෙනවා. ඔබ පරමාත්ම පියාව පිළිපැදිය යුතුයි. කිසියම් වැරදි දෙයක් ඔබ කළහොත් ඉන් පරමාත්ම පියාගේ නම අපහාසයට ලක් වෙනවා. මෙන්න මේ නිසා තමයි ඔබට ගුරුහරුකම් දෙන්නේ. සෑම කෙනෙක්ම රුප් හා බසාන්ට් (ඥාන රත්න වස්සවන යෝග ප්‍රතිමූර්තීන්) විය යුතුයි. බාබා ඔබට ඥානය උගන්වා තිබෙනවා. ඉතින් එමනිසා, ඔබ මෙම ඥානය අන් අයටත් දිය යුතුයි. ඔය සත්‍ය බ්‍රහ්මණවරුන් සත්‍යය ගීතාව කිව යුතුයි. වෙන කිසිම ග්‍රන්ථයක් ගැන කතාවක් නැහැ. ගීතාව තමයි ප්‍රධානම දෙය. අන් සෑම දෙයක්ම එහි දරුවනුයි. ඒවායින් කිසිම කෙනෙකුට කිසිම යහපතක් වී නැහැ. ඒ පොත් හැදෑරීමෙන් කිසිම කෙනෙකුට මා මුණගැසිය නොහැකියි. මා නැවතත් වතාවක් පැමිණෙන්නේ ඔබට පහසු ඥානය හා පහසු යෝගාව කියා දීමටයි. ගීතාව තමයි සියලුම ග්‍රන්ථයන්ගේ මාණික්‍යය. නමුත් ඔබට ඔබගේ උරුමය දිනා ගත හැකි වන්නේ සත්‍ය ගීතාව හැදෑරිමෙනුයි. ක්‍රිෂ්ණා පවා තම උරුමය ලද්දේ මෙම ගීතාව හැදෑරීමෙනුයි. නිර්මාණකරු වන ගීතාවේ පියා තමයි ඔබට උරුමය දෙන කෙනා. එය ඔබට ගීතාව ආගමික ග්‍රන්ථයෙන් ලැබෙන්නේ නැහැ. පසුකාලීනව පැමිණෙන ග්‍රන්ථ වලින්වත් ඔබට උරුමයක් ලැබෙන්නේ නැහැ. උරුමයක් දිනා ගත හැක්කේ කෙළින්මයි. සෑම කෙනෙකුටම තම මෝක්ෂ උරුමය ලැබේවි; සෑම කෙනෙක්ම මුක්ති නිවහනට යා යුතුයි. කෙසේවෙතත්, දෙව්ලොව උරුමය ඔබට හිමි වන්නේ ඉගෙන ගැනීමෙනුයි. එය රඳා පවතින්නේ ඔබ එකිනෙකාගේ අධ්‍යයනය මතයි. පරමාත්ම පියාම මෙහි පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. තමාට උගන්වන්නේ කවුද යන්න ගැන ඔබ තුළ ශ්‍රද්ධාවක් ඇති වන තෙක්, ඔබට මොනවාද තේරෙන්නේ? ඔබට දිනා ගත හැක්කේ මොනවා ද? ඒ වුණත්, පරමාත්ම පියාට නොනවත්වා ඇහුම්කන් දුන්නොත් ඥානය කවදාවත් විනාශ වන්නේ නැහැ. වැඩි වැඩියෙන් සතුට ලබන්න ලබන්න, වැඩි සතුටක් අන් අයට දිය හැකි වේවි. එමෙන්ම ඔබට පුරවැසියනුත් නිර්මාණය කරගෙන රජ කෙනෙක් විය හැකියි. ඔබගේ ජීවිතය ශිෂ්‍ය ජීවිතයකි. ඔබ මෙහි දී සිනහ වෙනවා, සෙල්ලම් කරනවා, ඥාන නර්තනය නටනවා. පසුව ගිහින් රාජකුමාරයින් වෙනවා. තමන් රාජකුමාරයින් විය යුතුයි කියා ඔය සිසුන් දන්නා නිසා ඔබගේ සතුට වඩාත් ඉහළින් පැවතිය යුතුයි. මෙම විද්‍යාලය ඇත්තේ රාජ කුමාරයින් හා කුමාරිකාවන් වෙනුවෙනුයි. එහිදී රජ කුමර කුමරියන්ගේ පාසලක් වෙනමම තිබෙනවා. ඔවුන් එහිදී පාසල් යන්නේ පියාඹන යානා වලින්. ඒ විමාන කියා හඳුන්වන පියාසර යානා හරිම විශ්වාසදායකයි, කිසිම විටෙක අතරමඟ ඇණහිටින්නේ නැහැ. කිසිම ආකාරයක අනතුරක්වත් එහිදී සිදු වන්නේ නැහැ. මේ දේවල් තේරුම් ගත යුතුයි. පළමුව, ඔබගේ බුද්ධිය පරමාත්ම පියා සමඟ යෝගාවේ තිබිය යුතුයි. දෙවනුව, ඔබගේ සියලුම තොරතුරු පරමාත්ම පියාට දිය යුතුයි. කී දෙනෙක් කටු වලින් මල් වී තිබෙනවාදැයි කියා ඔබ කිව යුතුයි. පරමාත්ම පියා සමඟ ඔබ නිවැරදි සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි. එවිට ඒ පරම ගුරුවරයා ඔබට නිති උපදෙස් දේවි. උරුමක්කරුවන් වී මල් වීමට උත්සාහ දරන්නේ කවුරුන්ද? ඇතැම් ජීවාත්ම කටු වලින් පොහොට්ටු බවට පත් වෙනවා, නමුත්, බාබාගේ දරුවන් බවට පත් වුණු විට පමණයි ඔවුන් මල් වන්නේ. නැතිනම්, ඔවුන් පොහොට්ටු වෙලාම ඉඳීවි, එනම්, පුරවැසියෙක් වීම පමණයි සිදු වන්නේ. ඔබ එකිනෙකා දැන් දරණ උත්සාහයේ තරමට එහිදී තත්ත්වයක් දිනා ගනීවි. තමා ඉදිරියෙන් දිව යන කෙනාගේ වලිගය අල්ලාගෙන ඔබට යා හැකි වෙතැයි කියා දෙයක් නැහැ. භාරතයේ අය හිතාගෙන ඉන්නේ මෙහෙමයි. කෙසේවෙතත්, වලිගයක් අල්ලා ගැනීම ගැන කාරණයක් නැහැ. ඔබ ලබන්නේ ඔබ කළ දෙයක ඵලයයි. තමන් කුමන උත්සාහයක් දැරූව ද පරම්පරා 21කට එය ඵල දේවි. අනිවාර්යෙන්ම එහිදීත් ඔබ වයසට යනවා, නමුත්, කවදාවත් අකල් මරණයකට ලක් වන්නේ නැහැ. තත්ත්වය ඉතාමත් ඉහළයි. කිසියම් ජීවාත්මයකගේ වාසනාව විවර වී ඔහු උරුමක්කරුවෙක් වුණු විට පරමාත්ම පියාට එය වැටහෙනවා. ඔහු දැන් උත්සාහ දරණවා නමුත් පැමිණෙන බාධක ගැනත් සිදු වන දේ ගැනත් ඔහු බාබාට වාර්තා ඉදිරිපත් කරනවා. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. අනිකුත් සත්සං වලදී එතරම් උත්සාහයක් අවශ්‍ය වන්නේ නැහැ. බාබා කුඩා දරුවන්ව ධ්‍යානගත වී සංදේශ ගෙනෙන සංදේශීන් කරවනවා. එවන් සංදේශීවරුනුත් යුද්ධයකදී අවශ්‍යයි. මෙය යුධ පිටියක්. මෙහි අසුන් ගෙන සෘජුවම බාබාට ඇහුම්කන් දුන් විට, ඉන් ඔබට ලොකු වින්දනයක් ලබා හිත සතුටු කරවා ගත හැකියි. එලියේ පාත්තයින්ගේ ඇසුරට ගිය සැනකින් ඒ සතුට ඔබෙන් ගිලිහෙනවා. එලියේ ඇත්තේ මායාගේ දුහුවිල්ලයි. මෙන්න මේ නිසා තමයි ඔබ ශක්තිමත් විය යුත්තේ. බාබා ඔබට හරිම සෙනෙහසින් උගන්වනවා. ඔහු ඔබට පහසුකම් රැසක් දෙනවා. මේක හරිම හොඳයි. හරිම හොඳයි කිය කියා බොහෝ දෙනෙක් සිටියා; ඔවුන් දැන් අතුරුදහන් වෙලා. ඉතාමත් ටික දෙනෙකුට පමණයි නැවතත් නැඟී සිටිය හැකි වන්නේ. මෙහිදී ඔබ තුළ මෙම ඥානයේ කුල්මත් බව තිබිය යුතුයි. මත්පැන් වලිනුත් කෙනෙක් කුල්මත් වෙනවා. සියල්ල අහිමි වී නට්ටම් වුණු කෙනෙකුත් මත්පැන් තොල ගෑ විට ඉහළින්ම මත් වී සිතන්නේ තමන් රජවරුන්ගෙත් රජා කියලයි. මෙහිදී ඔය දරුවන්ට දෛනික අමෘත පානය වීදුරුවක් ලැබෙනවා. දවසින් දවස හොඳින් ධාරණය කර ගෙන බුද්ධියේ අගුල් විවර වන ආකාරයේ ඥාන කරුණු ඔබ ලබනවා. එමනිසා, කුමන සිදුවීමක් මධ්‍යයේ වුවද අනිවාර්යෙන්ම මුරලිය අහන්න, නැතිනම් කියවන්න. මිනිස්සු නිතිපතා ගීතාව කියවනවා. මෙහිදීත් ඔබ පරමාත්ම පියා සමඟ දිනපතා ඉගෙන ගත යුතුයි. තමාගෙන්ම අහන්න: ඇයි මා තුළ වර්ධනයක් නොමැත්තේ? මෙහි පැමිණ ඔබ එය තේරුම් ගත යුතුයි. ඒ අපේ පරමාත්ම පියාමයි යන පැහැදිලි ශ්‍රද්ධාව ඇති අය පමණයි මෙහි පැමිණෙන්නේ. ඔවුන් විශ්වාසය ඇති කර ගැනීමටයි කියා උත්සාහ දරන්නේ නැහැ. පූර්ණ ශ්‍රද්ධාව පමණයි ඇත්තේ; එහි ප්‍රතිශතයක් නැහැ. උරුමය ලද හැකි එකම එක පරමාත්ම පියා පමණයි සිටින්නේ. දහස් ගණනින් අය මෙය හදාරනවා නමුත් ශ්‍රද්ධාව ඇති කර ගත හැක්කේ කෙසේදැයි කියා අහනවා. එවන් අයට කියන්නේ අවාසනාවන්තයින් කියලයි. වාසනාවන්ත ජීවාත්ම වන්නේ පරමාත්ම පියාව හඳුනා ගෙන ඔහුව පිළිගත් අයයි. රජ කෙනෙක් දරුවෙකුට; මා ඔබව භාර ගන්නවායි කියා කිවහොත්, තමාව දරුකමට භාරගත් සැනකින් ඒ දරුවා තුළ පැහැදිලි විශ්වාසයක් ඇති වෙනවා. මං කොහොමද විශ්වාස කරන්නේ කියා ඔහු අහන්නේ නැහැ. මේ රාජයෝගාවයි. පරමාත්ම පියා දෙව්ලොව නිර්මාණකරුයි. ඉතින් ඔහු ඔබව දෙව්ලොව පාලකයින් කරවනවා. ඒ ගැන පැහැදිලි ශ්‍රද්ධාව ඔබ තුළ ඇති නොවුනහොත්, ඉන් අදහස් වන්නේ එය ඔබගේ වාසනාවේ නොමැති බවයි. එමනිසා, ඒ ගැන තවත් කෙනෙක් මොනවා කරන්න ද? ඔබ ඔහුව පිළිගත්තේ නැතිනම්, උත්සාහ දැරිය හැක්කේ කෙසේද? එවන් ජීවාත්ම නොන්ඩි ගගහා තමයි යන්නේ. භාරත වැසියන් කල්පයක් කල්පයක් පාසා තම දෙව්ලොව උරුමය අසීමිත පරමාත්ම පියාගෙන් දිනා ගන්නවා. දේවතාවරුන් සිටින්නේ දෙව්ලොව පමණයි. කලි යුගයේ සැබෑ රාජධානියක් නැහැ; එහි ඇත්තේ ජනතාව විසින් හදාගත් ජනතා ආණ්ඩුවක් පමණයි. මේ ලෝකය අපවිත්‍රයි. ඉතින් එමනිසා, පරමාත්ම පියා එය පාරිශුද්ධ කරවූයේ නැතිනම් ආයි කවුරු කරන්න ද? වාසනාවේ නැතිනම් කවුරුත් මෙය තේරුම් ගන්නේ නැහැ. ලක්ෂමි නාරායන තම රාජ්‍යය දිනා ගත්තේ කවදාදැයි යන්න තේරුම් ගැනීම හරිම පහසු දෙයක්. ඔවුන් තම පෙර උපතේ කළ කී දේ මත තමයි එහි ඵලය ලබන්නේ. ලක්ෂ්මි හා නාරායන දෙව්ලොව පාලකවරුනුයි. නමුත් මේ ලෝකය දැන් අපායයි. කෙසේවෙතත්, පරමාත්ම පියාම හැරෙන්න වෙන කිසිම කෙනෙකුට බැහැ ඔබට රාජයෝගාව උගන්වන්න. දැන් මේ ඇත්තේ සෑම කෙනෙකුගේම අවසන් උපතයි. පරමාත්ම පියා රාජයෝග උගන්වනවා. ඔහු තඹ යුගයේ දී රාජයෝග උගන්වන්නේ නැහැ. ස්වර්ණම යුගය තඹ යුගයට පසුව පැමිණෙන්නේ නැහැ. මෙහිදී මේ සියල්ල හොඳින් තේරුම් ගත්තත් පිටතට ගිය සැනකින් ඔවුන් හිස් අය වෙනවා. හැම මැණිකක්ම බිම වැටී බහලුමේ ඉතිරිව ඇත්තේ නිකම් ගල් පමණයි. ඥානයට ඇහුම්කන් දෙන අතරේ, ජීවාත්මයක් පාපයේ ගැලුණහොත්, ඔහු සියල්ල අහිමි කර ගන්නවා. ඔහුගේ බුද්ධියෙන් ඥාන රත්න මැකී යනවා. බාබා, මෙතරම් උත්සාහ දරලත් අද මම වැටුණා කියා බොහෝ අය ලියනවා. ඔබ වැටුණහොත්, ඉන් අදහස් වන්නේ ඔබ තමාවමත් තම වංශයත් අපහාසයට ලක් කළ බවයි; ඔබ ඔබගේ වාසනාව අවලංගු කර ගත්තා. වැරදි ලෙස හැසිරෙන කෙනෙකුගේ පියෙක් කියාවි: මේ වගේ දරුවෙක් නම් පවුලෙන් චුත වුණත් කමක් නැහැ. එමනිසා, මේ අසීමිත පරමාත්ම පියා කියන්නේ : වංශයේ නම කැත කරන්න එපා. පස් පව් දානය කළායින් පසුවත් ඔබ ඒවා ආපසු ගතහොත්, ඔබගේ තත්ත්වය විනාශ වී යනවා. ඔබ උත්සාහ දරා ජය ගත යුතුයි. රිදවා ගතහොත් ආයිත් නැඟිටින්න. ඔබ නැවත නැවත බිම ඇද වැටණොත් පරාජිත වේවි, අසිහයට පත් වේවි. පරමාත්ම පියා හොඳින්ම කියා දෙනවා, ඉතින් අඩුම තරමින් ඔවුන් මෙහි සිටියොත් ඇති. මායා හරි දක්ෂයි. පාරිශුද්ධව සිටීමට පොරොන්දු වීමෙන් අනතුරුවත් ඔබ බිම ඇද වැටුණහොත්, දැඩි පීඩනයකට ලක් වීමට සිදු වේවි. පාරිශුද්ධව සිටියහොත් පමණයි ඔබගේ ඔරුව එගොඩ වන්නේ. පාරිශුද්ධත්වය ඇති කල, භාරත තාරුකාව දීප්තියෙන් බැබලුනා. දැන් ඇත්තේ ඝණ අන්ධකාරයයි. අච්චා.

සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මේ යුධ පිටියේ දී ඔබ මායාට බිය නොවිය යුතුයි. උත්සාහ දැරීම සඳහා පරමාත්ම පියා විසින් දෙන හොඳ උපදෙස් ඔබ පිළිගත යුතුයි. ශ්‍රද්ධාවන්ත වී කීකරුව නොකඩවා ශ්‍රීමත් පිළිපදින්න.

2. ආධ්‍යාත්මික කුල්මත් බව රඳවා ගැනීමට නම්, දිනපතා ඔබට දෙන අමෘත පානය හොඳින් ධාරණය කර ගන්න. දිනපතා මුරලිය අහන්න නැතිනම් කියවන්න. වාසනාවන්තව සිටීමට නම්, ඔබ තුළ පරමාත්ම පියා කෙරෙහි කිසිදු සැකයක් නොතිබිය යුතුයි.

වරදානය:
බ්‍රහ්ම පියා මෙන් ඔබ ඕනෑම කර්ම බන්ධනයකින් මිදී ජීවන මුක්ති මනෝ ස්ථිතිය අත්විදිත්වා.

සෑම දෙයක්ම කරන අතරතුර, බ්‍රහ්ම පියා කිසිදු කර්ම බන්ධනයක සිර නොවීය. සබඳතාවල වගකීම ඉටු කරන අතරම, එම සබඳතා වල කිසිදු බැඳීමකින් තමාව ගැටගැසීමට ඔහු ඉඩ දුන්නේ නැත. එසේම ඔහු ධනය හෝ පහසුකම් බන්ධනයෙන් ද නිදහස්ව සිටියේය. තම වගකීම් ඉටුකරමින් සිටියදී ඔහු ජීවන මුක්ති අවධිය අත්වින්දේය. ඒ ආකාරයෙන්ම පියාව අනුගමනය කරන්න. අතීත කර්ම ගිණුම් වල කිසිම බැඳීමකින් බැඳෙන්න එපා. කිසිම සංස්කාරයක හෝ ස්වභාවයක පවා බලපෑමට ලක් නොවන්න, හෝ වසඟ වීම හෝ යටපත් කිරීම යන කිසිදු බන්ධනයකට නොයන්න. එවිට ඔබ කර්ම බන්ධන වලින් මිදී ජීවන මුක්තිය ලද බව කියනු ඇත.

පාඨය:
තමෝගුණී වාතාවරණයක් තුළ ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා, නොබැදි නිරීක්ෂකයෙකු ලෙස නාටකය නිරීක්ෂණය කිරීමට පුරුදු වන්න.