21.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, උදේ පාන්දරින්ම අවදි වී පරමාත්ම පියා සමඟ ඉතාමත් මිහිරි ආධ්‍යාත්මික පිළිසඳරක නිරත වන්න. පරම පියා විසින් ඔබට දී ඇති ඉගැන්වීම් නොනවත්වා හොඳින් ජීර්ණය කරගන්න.

ප්‍රශ්නය:
මුළු දවසම සතුටින් ගත කිරීමට ඔබ විසින් අනුගමනය කළ යුත්තේ කුමක්ද?

පිළිතුර:
සෑම උදෑසනකම අම්රිත් වේලාවට අවදි වී ඥාන කරුණු හොඳින් මතගාන්න. තමා සමඟ කතා බහ කරන්න. මුළු නාටකයේම මුල, මැද හා අග පිළිබඳ දැනුම හොඳින් මතගාන්න. පරම පියාව සිහි කර සිටීමෙන් ඔබට මුළු දවසම සතුටින් සිටිය හැකි වේ. ශිෂ්‍යයින් තම අධ්‍යාපන කටයුතු පුණරීක්ෂණය කරනවා සේ ඔය දරුවනුත් මෙම දැනුම හොඳින් පෙරහුරු කරන්න.

ගීතය:
අද දවසේ මිනිසුන් සිටින්නේ අන්ධකාරයේයි...

ඕම් ශාන්ති.
ඔය ඉතාමත් ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වූ දරුවන් ගීතයට ඇහුම් කන් දුන්නා. ඔබලා පරමාත්මයේ දරුවනුයි. පරමාත්ම පියා ඔබට මාර්ගය පෙන්වන බව ඔබ දන්නවා. මිනිස්සු නොනවත්වාම තමන් සිටින්නේ අන්ධකාරයේයි කියා දෙවියන්ට කන්නලව් කරනවා. ඒ භක්ති මාර්ගය ඇත්තේ අන්ධකාර මාවතේ නිසායි. වන්දනාකරුවන් පවා කියනවා: අපි ඔබව සොයමින් සෑම තැනකම ඇවිද යනවා. විටෙක අපි වන්දනා ගමන් යනවා, තවත් විටෙක දානමාන දෙන අතර තවත් ආකාරයක පින් දහම් කරනවා, මන්ත්‍ර ජප කරනවා. එක් එක් ආකාරයේ මන්තර වර්ග රාශියක් ඔවුන්ට දී තිබෙනවා. ඒ වුණත් තමන් සිටින්නේ අන්ධකාරයේ කියා මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. ඔවුන් සිටින්නේ අන්ධකාරයේ නිසා ආලෝකය යනු කුමක්දැයි කියා ඔවුන්ට තේරෙන්නේ නැහැ. දැන් ඔබ සිටින්නේ අන්ධකාරයේ නොවෙයි. ගසෙහි මුලින්ම දිස්වන අය වන්නේ ඔබලායි. ඔබ නව ලෝකයේ පාලනය ගෙන යාමට ගොස් පසුව ඉණිමඟේ පහළට පැමිණෙනවා. ඉස්ලාම්, බෞද්ධ හා ක්‍රිස්තියානි කණ්ඩායම් වලට අයත් අය මධ්‍යම කාලයේ දී පැමිණීමට පටන් ගන්නවා. පරමාත්ම පියා දැන් නැවතත් වතාවක් මෙම පැළය පැළ කිරීමටයි යන්නේ. උදේ පාන්දරින්ම අවදි වී මේ ආකාරයෙන් දැනුමේ කරුණු මතගාන්න. මෙය එතරම් අපූරු නාටයක්. මෙම නාටක පටයේ කාල පරාසය වසර 5000ක්. ස්වර්ණමය යුගයේ කාල පරාසය මෙපමණයි, රිදී යුගයේ කාල පරාසය මෙපමණයි. මේ සම්පූර්ණ දැනුම බාබා ළඟ තිබෙනවා. ලෝකයේ වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. එමනිසා, ඔය දරුවන් උදේ පාන්දරින්ම අවදි වී පරමාත්ම පියාව සිහි කර සතුටින් මෙම දැනුම ආවර්ජනය කළ යුතුයි. අපි දැන් මුළු ලෝකයේ ම මුල, මැද හා අග ගැන දන්නවා. සෑම කල්පයකම කාල පරාසය වසර 5000ක් කියා පරමාත්ම පියා කියා තිබුණත් මිනිස්සු කියන්නේ එය වසර සිය දහස් ගණනක් කියලයි. මෙය එතරම්ම අපූරු නාටයක්. පරමාත්ම පියා විසින් දෙන ඉගැන්වීම් ඔබ හොඳින් ධාරණය කර ගත යුතුයි. ශිෂ්‍යයින් තම දැනුම පෙරහුරු කරන්නාක් සේ ඔබලාත් කළ යුතුයි. ඔය සුමිහිරි දරුවන් දැන් මෙම මුළු නාටකය ගැනම දන්නවා. මෙම නාටකය සදාතනික හා අවිනාශී වී ඇත්තේ කෙසේදැයි කියා බාබා ඔබට ඉතාමත් පහසු ආකාරයකින් කියා දී තිබෙනවා. මෙය ජය පැරදුමෙන් යුක්තයි. දැන් චක්‍රය අවසානයක් කාර ළඟා වෙනවා. අප නිවහන බලා යා යුතුයි. අපට පරමාත්ම පියාගෙන් අණක් ලැබී තිබෙනවා : ඔබගේ පියා වන මා සිහි කරන්න. නාටකය පිළිබඳ දැනුම දෙන්නේ එකම එක පියා පමණයි. නාට්‍යයක් කවදාවත් වසර සිය දහස් ගණනක් පුරා පවතින්නේ නැහැ. කිසිම කෙනෙකුට එය මතක තබා ගැනීමටවත් හැකි වන එකක් නැහැ. වසර 5000ක මුළු චක්‍රයම ඔබගේ සිහියේ තිබෙනවා. මෙම ජය පැරදුමේ නාටකය ඉතාමත් හොඳයි. උදේ පාන්දරින් අවදි වී එවන් සිතිවිලි තබා ගන්න. රාවණ්ගෙන් ජය ගැනීමට බාබා අපට ශක්තිය දෙනවා. උදේ පාන්දරින් අවදි වී මේ ආකාරයෙන් තමා හා පිළිසඳරක යෙදුණහොත් එය ඔබට පුරුද්දක් වේවි. කිසිම කෙනෙක් මේ අසීමිත නාටකය ගැන දන්නේ නැහැ. ඔබලා නළුවන් වූවත් නාටකයේ මුල, මැද හා අග පිළිබඳව ඔබ දන්නේ නැහැ. බාබා දැන් අපව වටිනා අය බවට පත් කරවමින් තිබෙනවා. බාබා අපව ඔහු හා සම කරවනවා පමණක් නොවෙයි, අපව ඔහුගේ උරහිසේ වාඩි කරවා ගන්නවා. බාබා ඔය දරුවන්ට හරිම ආදරෙයි. ඔහු ඉතාමත් පැහැදිලිව ඔබට පහදා දෙනවා : සුමිහිරි දරුවනි, මම ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවනවා. මම ඒ තත්ත්වයට පත් වන්නේ නැහැ. නමුත් මම ඔබව ඒ තත්ත්වයට පත් කරවනවා. මම ඔය දරුවන්ව ලස්සන කරවා ඔබගේ ගුරුවරයා වී ඔබට උගන්වනවා. මුක්තිය සඳහා මම ඔබට ඥානය දී සාමයේ හා සතුටේ දේශයන්හි පාලකවරුන් කරවනවා. පසුව මම ගිහින් නිර්වාණ දේශය, ශබ්දයෙන් එහා ඇති ලෝකයට ගිහින් වාඩි වෙනවා. භෞතික පියෙක් තම දරුවන්ට දීමට මුදල් ඉපැයීමට වෙහෙස වෙනවා. පසුව විශ්‍රාම ගිහින් දෙවියන්ට බැති ගී ගයමින් සිටිනවා. මෙහි පරමාත්ම පියා කියනවා : ඔබ විශ්‍රාමික කෙනෙක් නම්, ඔබ මෙම දැනුම ඔබගේ දරුවන්ටත් පහදා දෙමින් මෙම සේවයේ කාර්ය බහුලව නිරත විය යුතුයි. ගෙදර දොර වැඩකටයුතු වල පැටලෙන්න එපා. ඔබ තමාටත් අන් අයටත් යහපතක් කළ යුතුයි. ඔබ සෑම කෙනෙක්ම දැන් සිටින්නේ විශ්‍රාමික අවදියේයි. පරමාත්ම පියා කියනවා : මා පැමිණ සිටින්නේ ඔබව ශබ්දයෙන් එහාට ගෙන යාමටයි. අපිරිසිඳු අයට එහි යා නොහැකියි. පරමාත්ම පියාම පැමිණ දැන් ඔබ ඉදිරියේම සිට මේ සියල්ල පහදා දෙනවා. කෙළින්ම ඔහුටම අහුම්කන් දීමේ දී වින්දනයක් තිබෙනවා. අනිත් තැන් වල දැනුම දෙන්නේ දරුවනුයි. මෙහි පියාම පැමිණ ඔබට පහදා දෙනවා. මෙන්න මේ නිසා තමයි මධුබන් වර්ණනා කෙරෙන්නේ. පරමාත්ම පියා කියනවා : උදේ පාන්දරින් අවදි වීමට පුරුදු වන්න. මිනිස්සු උදේ පාන්දරින් අවදි වී භක්ති වන්දනා වල නිරත වෙනවා. නමුත් ඔබට ඉන් උරුමයක් හිමි වන්නේ නැහැ. ඔබට උරුමයක් හිමි වන්නේ නිර්මාණකරු වන පරමාත්ම පියාගෙනුයි. නිර්මාණයේ කොටසකගෙන් ඔබට කවදාවත් උරුමයක් හිමි වන්නේ නැහැ. නිර්මාණකරු ගැනවත් නිර්මාණයේ මුල, මැද හෝ අග ගැනවත් තමන් දන්නේ නැහැයි කියා ඔවුන් කියන්නේ මෙන්න මේ නිසායි. මේ ගැන දැනගෙන සිටියා නම් ආරම්භ කාලයේ සිට සියල්ලම දැන ගනීවි. තමන් ඉහළම ධර්මයට අයිති වන්නේ කෙසේද පසුව තම ධර්මයෙන් හා කර්මයෙන් දූෂිත වූයේ කෙසේද කියා පහදා දිය යුතුයි. මායා ඔබගේ බුද්ධියට ගොඩ්රිජ් ඉබ්බෙක් දාලයි තිබෙන්නේ. මෙන්න මේ නිසා තමයි ඔබ දෙවියන්ට කන්නලව් කරන්නේ: මහා ප්‍රාඥයාණනි, මොහුගේ බුද්ධිය විවෘත කර දෙන්න! පරමාත්ම පියාම දැන් ඔබට කියා දෙනවා : මම ඥාන සාගරයයි. මම මොහු හරහා ඔබට ඥානය කියා දෙනවා. කුමන ඥානය ද? ලෝක නාටකයේ මුල, මැද හා අග පිළිබඳ වූ ඥානය. කිසිම මනුෂ්‍යයෙකුට මෙය දෙන්න බැහැ. පරමාත්ම පියා කියනවා : ආගමික කණ්ඩායම් වලට යනවාට වඩා පාසලකට යාම හොඳයි. ආදායමක් ලද හැක්කේ ඉගෙනීමෙනි. ආගමික කණ්ඩායම් වලින් ඔබට කිසිවක් උපයා ගත නොහැකියි. දානමානාදිය දෙමින් පින් දහම් කරනවා; වියදමක් හැරෙන්න වෙන කිසිවක් එහි නැහැ. මුදල් වියදම් කර, හිස නම නමා නළල් තලයත් ගෙවා ගන්නවා. දැන් ඔබලාට ලැබෙනා ඥාන සාගරය හොඳින් මතගෑමට ඔය දරුවන් පුරුදු විය යුතුයි. අන් අයටත් පහදා දිය යුතුයි. පරමාත්ම පියා කියනවා : දැන් ඔබ මත බ්‍රහස්පති ග්‍රහයා ලබලායි තිබෙන්නේ. රුක් දෙවිඳුන් වන දෙවියන් දැන් ඔබට උගන්වනවා. ඔබට ලොකු සතුටක් තිබිය යුතුයි. දෙවියන් ඔබට උගන්වා ඔබව දෙවි දේවතාවරුන් කරවනවා. එවන් පියෙක්ව වැඩි වැඩියෙන් සිහි කළ තරමට, ඔබගේ පාප දුරු වී යාවි. මේ ආකාරයෙන් ඥාන සාගරය මතගෑමේ පුරුද්ද ඇති කර ගන්න. දාදා අපට පියා හරහා උරුමය දෙනවා. ඔහුම පැමිණ කියනවා මම මෙම රථයේ ආධාරය ගන්නවා. ඔබට දැනුම ලැබෙනවා නේද? ඥාන ගංගාවන් ද ඔබව පාරිශුද්ධ කරවන්නේ නැතිනම් ගංගා නදිය ද? පරමාත්ම පියා කියනවා : ඔය දරුවන් දැන් සැබවින්ම භාරතයට සේවය කරනවා. ඒ සමාජ සේවකයින් කරන්නේ සීමිත සේවාවක්. මෙය සැබෑම වූ ආධ්‍යාත්මික සේවයයි. මේවා දේව වාක්‍යයනුයි. පරමාත්ම දෙවියන් ඉපදීම මරණය චක්‍රයට එන්නේ නැහැ. නමුත් ක්‍රිෂ්ණා මුළු උපත් 84 ම ගන්නවා කියා පරමාත්ම පියා කියනවා. ක්‍රිෂ්ණාගේ නම ගීතාවේ සඳහන් වී තිබෙනවා. ඇයි නාරායනගේ නම සඳහන් කළේ නැත්තේ? ශ්‍රී ක්‍රිෂ්ණා නාරායන වෙන බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. ශ්‍රී ක්‍රිෂ්ණා රාධේව විවාහ කර ගත් කුමාරයයි. ඔය දරුවන්ට දැන් දැනුම ලැබී තිබෙනවා. ශිව බාබා ඔබට උගන්වන බව ඔබලාට තේරෙනවා. ඔහු ඔබගේ පරම පියා වගේම පරම ගුරුවරයාත් සත්ගුරුත් වෙනවා. ඔහු ඔබට මුක්තිය දානය කරනවා. ශිව දෙවියන් තමයි ඉහළම ඉහළ කෙනා. ඔහු කියනවා : මට අපහාස කරන්නන්ට ඉහළ තැනක් දිනා ගන්න බැහැ. ශිෂ්‍යයින් හොඳින් ඉගෙන ගත්තේ නැතිනම් ඔවුන්ගේ ගුරුවරයාගේ ගෞරවය අඩුවෙනවා. පරමාත්ම පියා කියනවා : මට අපහාස කරන්න එපා. නිරතුරුවම ඉගෙන ගන්න. ඔබගේ අරමුණ හා ඉලක්කය ඔබ ඉදිරියේයි. ගුරූට අපහාස කරනා අයට උසස් තත්ත්වයක් දිනා ගන්න බැහැයි කියා ගුරූන් මෙය තම තමන්ට ආදේශ කරගෙන තිබෙනවා. මෙන්න මේ නිසා තමයි මිනිස්සු පූජකවරුන්ගේ සාපයට තමන් ලක් වෙයි කියන බියෙන් සිටින්නේ. ගුරුගෙන් ලැබුණු මන්ත්‍රය කාටවත් කියන්න ඔවුන් කැමති නැහැ. ඇයි තම ගෙවල් දොරවල් අතහැර දමා ආවේ කියා සන්‍යාසීවරුන්ගෙන් ඇසූ විට ඔවුන් කියන්නේ ඒ වගේ ප්‍රශ්න අහන්න එපා කියලයි. ඇයි ඔවුන් එය කියන්න අකමැති? ඔවුන් කවුදැයි කියා අප කොහොම දැන ගන්නද? තියුණු බුද්ධියක් ඇති අය ඔවුන්ගෙන් මේ වගේ ප්‍රශ්න අසාවි. අන්ධකාර මාවතේ මිනිසුන් නොයෙක් දේ වලින් කුල්මත් වී සිටිනවා. ස්වාමි නාරායන කියන්නේ රාම් තිරත්ගේ විශේෂ ගෝලයෙක්. බාබා ඔහුගේ පොත් කියවා තිබෙනවා. ඒ සෑම පොතක්ම කියවීමට බාබා ආසයි. ළමා කාලයේ දී ඔහු තුළ කිසිම දෙයකට ආසාවක් තිබුණේ නැහැ. නමුත් එක දවසක නැරඹූ චිත්‍ර පටයකින් ඔහුගේ සම්පූර්ණ ආකල්පයම වෙනස් වුණා. ඔහුගේ පූජනීය නිරාශා ගතිය නැති වී ගියා. පරමාත්ම පියා කියනවා : ඒ සෑම ගුරු කෙනෙක්මත් අයිති භක්ති මාර්ගයටයි. සැමට මුක්තිය දානය කරන්නා සෑම කෙනෙක්ම සිහිපත් කරනා එකම එක කෙනාය. මගේ කියා සිටින්නේ එකම එක ගිරිධර් ගෝපාල් පමණයි... කියා ගීතයක් තිබෙනවා. ක්‍රිෂ්ණාට තමයි ගිරිධර් කියන්නේ. ඇත්තටම කියනවා නම් සියලුම අපහාස වලින් කියැවෙන්නේ බ්‍රහ්මා ගැනයි. ක්‍රිෂ්ණා ජීවය සම්පූර්ණයෙන්ම අපිරිසිඳු ගැමි කොළුවෙක් වුණු විට තමයි ඔහුට සෑම අපහාසයක්ම විඳීමට සිදු වන්නේ. ඇත්තෙන්ම, මේ ක්‍රිෂ්ණා ජීවයයි. ඔහු හැදුනේ වැඩුනේ ගමක. තමන්ගේ පාඩුවේ යමින් සිටි ඔහු මෙහි පැටළුනා. බාබා ඔහුට ඇතුළු වුණා. ඔහු අපහාසයට ලක් වුණා. ඇමරිකාවට පවා පණිවිඩය ගියා. මෙය අපූරු නාටකයක්. ඔබ දැන් මේ දේවල් ගැන දන්නා නිසා ඔබ සතුටින් සිටිනවා. මෙම චක්‍රය කරකැවෙන්නේ කෙසේද, ඔබලා බ්‍රහමිණ්වරුන් වී පසුව දේවතා, ක්ෂත්‍රිය, වෙළෙඳ හා ශුද්‍රයින් වුණේ කෙසේද කියා පරමාත්ම පියා දැන් ඔබට පහදා දෙනවා. මේ උපත් 84 චක්‍රයයි. මේ සියල්ල ඔබ සිහියේ තබා ගත යුතුයි. නිර්මාණකරු හා නිර්මාණයේ මුල, මැද හා අග ගැන ඔබ දැන ගත යුතුයි. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. තමන් දැන් ලෝක පාලකවරුන් වෙමින් සිටිනවා කියා ඔය දරුවන් තේරුම් ගෙන සිටිනවා. මෙහි වෙන කිසිම අපහසුතාවයක් නැහැ. කිසිම විශේෂ ඉරියව්වක අසුන් ගන්න කියාත් ඔබට කියන්නේ නැහැ. මිනිසුන් විසින් කියා දෙන එවන් හතයෝග ක්‍රම ගැන අහන්නවත් එපා. හුස්ම හිර කරගෙන ඉඳ ඇතැම් අයගේ මොළයේ ස්නායු පවා විනාශ වෙනවා. පරමාත්ම පියා ඔබට ඉතාමත් පහසුවෙන් උපයන ආකාරය කියා දෙනවා. මෙය උපත් 21ක් සඳහා වූ සැබෑම ආදායමයි. ඔබගේ අත්ල මත දිව්‍යලෝකය තබා තිබෙනවා. පරමාත්ම පියා ඔය දරුවන්ට දිව්‍යලෝකය තෑගි කරනවා. කිසිම මනුෂ්‍යයෙකුට මෙසේ කියන්න බැහැ. පරමාත්ම පියා පමණයි මෙහෙම කියන්නේ. මේ ජීවයත් ඇහුම් කන් දෙනවා. ඔය දරුවන් උදේ පාන්දරින් අවදි වී මෙම දැනුම ගැන සිතිය යුතුයි. භක්තිවන්තයින් පවා උදේ පාන්දර රෝසරිය මල්ලක දමාගෙන රහසිගතව එය ගණන් කරනවා. එම මල්ලට ගෞමුක්ත් (ගව මුඛය) කියා කියනවා. එවන් කුඩා මල්ලක අත දමාගෙන රෝසරියේ ඇට කරකවනවා. වීණාවක් වාදනය කරනවා වගේ රාමාගේ නම ගායනා කරනවා. ඇත්තටම කියනවා නම් පරමාත්ම පියාව සිහි කිරීම අදෘෂ්‍යමානයි. මෙය හඳුන්වන්නේ නිහඬ මන්ත්‍රය ලෙසයි. සතුටක් තිබෙනවා; නාටකය හරිම අපූරුයි. මෙම නාටකය අසීමිතයි. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම සිහිය නැහැ. කෙසේවෙතත්, ඔබත් දරණා උත්සාහයේ තරමටයි සිටින්නේ. එය ඉතාමත් පහසුයි. පරමාත්ම දෙවියන් දැන් අපට උගන්වනවා. අප ඔහු සිහි කිරීම පමණයි කළ යුත්තේ, අපට ඔහුගෙන් උරුමයක් හිමි වෙනවා. බාබා මට ඇතුළු වුණු දිනයේ පටන් මම ඒ සෑම භක්තියක් ම අවසන් කළා. මම සෑම දෙයක්ම මෙම මව්වරුන්ට භාර කළා. පරමාත්ම පියා කියනවා : මෙවන් විශාල දෙයක් ස්ථාපනය විය යුතුයි. ඔබ සතු සියල්ල මෙම සේවය සඳහා යොදවන්න. වෙන කිසිම කෙනෙකුට පැන්සයක්වත් දෙන්න එපා. මේ තරම් දුරට ඔබ බැඳීම දමනය කළ කෙනෙක් විය යුතුයි. මේ ගමනාන්තය හරිම ඉහළයි. මීරා තම පාපකාරී වංශයේ ලෞකික නීතිරීති වලට පිටුපෑවා. ඇයව දැන් ඉතාමත් ඉහළින් වර්ණනා වෙනවා. මේ දූවරුනුත් තමන්ට ලක්ෂ, කෝටිපතියන් හමු වුණත් විවාහ වෙන්නේ නැහැයි කියා කියනවා. ඔවුන් පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගනීවි. එමනිසා, එවන් කුල්මත් බවක් තිබිය යුතුයි. අසීමිත පියා මෙහි සිට ඔය දරුවන්ව සරසවනවා. මේ සඳහා ඔබට මුදල් අවශ්‍ය වන්නේ නැහැ. විවාහ උත්සවයට පෙර මනාලියකට තම පැරණි ඇඳුම් ඇඳගෙන ඉන්නයි කියා ඇයව වෙන් කරවා තබනවා. ඇයට ඉරුණු ඇඳුම් අන්දවනවා. විවාහයෙන් අනතුරුව ඇය සියලු ආයිත්තම් වලින් සරසවා අළුත් ඇඳුම් අන්දවනවා. පරමාත්ම පියා කියනවා : මම දැන් ඔබව මෙම ඥාන මිණිමුතු වලින් සරසනවා. එවිට ඔබ ලක්ෂ්මි හෝ නාරායන වෙනවා. වෙන කිසිම කෙනෙක් මෙසේ කියන්නේ නැහැ. පිරිසිඳු පවුල් මාර්ගය නිර්මාණය කරන්නේ පරමාත්ම පියා පැමිණි විට පමණයි. මෙන්න මේ නිසා තමයි විෂ්ණු අත් හතරක් ඇතිව පෙන්වන්නේ. පාර්වතීව ශංකර් සමඟ පෙන්වන අතර සරස්වතීව පෙන්වන්නේ බ්‍රහ්මා සමඟයි. නමුත් බ්‍රහ්මාට බිරිඳක් නැහැ. මොහු පරමාත්ම පියාට අයිති වෙනවා පමණයි. මේවා හරිම අපූරු කරුණු. මොහු මව හා පියායි. ඔහු ප්‍රජාපිතායි. පරමාත්ම පියා දරුවන් නිර්මාණය කරන්නේ ඔහු හරහායි. එමනිසා, ඔහු මවකුත් වෙනවා. සරස්වතීව හඳුන්වන්නේ බ්‍රහ්මාගේ දියණිය ලෙසයි. පරමාත්ම පියා මෙහි සිට මේ සියලු කරුණු පහදා දෙනවා. බාබා උදේ පාන්දරින් අවදි වී ඥාන සාගරය මතගාන්නාක් සේ ඔය දරුවනුත් ඔහුව අනුගමනය කළ යුතුයි. මෙය ජය පරාජය පිළිබඳ වූ, අපූරු, කල්තබාම තීරණය වුණු නාටකයක් බව ඔය දරුවන් දන්නවා. එය දුටු විට ඔබ සතුටු වෙනවා; අකමැති වන්නේ නැහැ. මෙම අසීමිත නාටකයේ මුල, මැද හා අග ගැන ඔබ දන්නා නිසා අකමැත්තක් කියා දෙයක් නැහැ. ඔය දරුවන් දැන් උත්සාහ දැරිය යුතුයි. තම තමන්ගේ පවුල් වල අය සමඟ ජීවත් වෙමින් ඒ වගේම පාරිශුද්ධ වීමේ වගකීමත් ගත යුතුයි: අප එකට ජීවත් වුණත් පාරිශුද්ධව සිට පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් වන්නම්. එහෙම කියලත් ඇතැම් අය අසමත් වෙනවා. බාබාගේ අතේ ග්‍රන්ථ කිසිවක් නැහැ. ශිව බාබා කියනවා : සියලුම වේද ග්‍රන්ථ වල සාරය ඔබට කියන්නේ බ්‍රහ්මා හරහා මා මිසක් ක්‍රිෂ්ණා නොවෙයි. එතරම් විශාල වෙනසක් තිබෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම ඉගෙනීමට සම්පූර්ණ අවධානය යොමු කරන්න. පරම පියා, ගුරුවරයා හා සත්ගුරු අපහාසයට ලක්වන ආකාරයේ කිසිම ක්‍රියාවක් කරන්න එපා. පරමාත්ම පියා අගෞරවයට ලක් වන ආකාරයේ කිසිම දෙයක් කරන්න එපා.

2. ඥාන සාගරය මතගෑමේ පුරුද්ද ඇති කර ගන්න. පරම පියා විසින් දෙන දැනුම ආවර්ජනය කර අසීමිත සතුටින් සිටින්න. කිසිම කෙනෙක් පිළිබඳ කිසිම අමනාපයක් තබා නොගන්න.

වරදානය:
ඔබේ පරිසමාප්තියේ ආලෝකයෙන් අවිද්‍යාවේ තිරය ඉවත් වන තරමට ඔබ එවන් පිරික්සුම් ආලෝකයක් වේවා.

හෙළිදරව්වේ කාලය දැන් ළඟා වෙමින් තිබේ. එබැවින්, අභ්‍යන්තරගත වී ගැඹුරු අත්දැකීම් වල මිණිමුතු වලින් ඔබව පුරවා ගන්න. ඔබේ පරිසමාප්තියේ ආලෝකයෙන් අවිද්‍යාවේ තිරය ඉවත් වන තරමට එවන් පිරික්සුම් ආලෝකයක් වන්න. ඔබ, ලෝකය කැලඹීම් වලින් ආරක්ෂා කර ලෝකය සතුටු හා ස්වර්ණමය ලෝකයක් කරවීමට යන පෘථිවියේ තාරුවකාවකි. ඔබ ලෝකයට සතුටේ සහ සාමයේ හුස්මක් ලබා දීමට උපකරණයක් වන ඉතා උසස් ජීවාත්මයකි.

පාඨය:
මායා සහ පදාර්ථයේ ඕනෑම ආකර්ෂණයකින් ඈත්ව සිටින විට ඔබ නිරතුරුවම සතුටින් සිටීවි.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබගේ මනස, සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඇති කිරීමේ ස්වාභාවික පුහුණුව වර්ධනය කර ගත් විට, මනස කාර්යබහුලව රැදී තිබෙයි. ඔබගේ මනසේ සියලු කැලඹීම් වලින් ඔබ ඉබේටම ඉවත් වෙයි. ඔබ දැන් ඇතැම් විට ඔබගේ උත්සාහ ගැන අධෛර්යමත් වෙයි, නමුත් එය තව දුරටත් සිදු නොවෙයි. එය මැජික් මන්ත්‍රයක් වෙයි.