21.02.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ගෞරවයෙන් සමත් වීම සඳහා ඔබගේ බුද්ධියේ යෝගාව මදකින්වත් චංචල නොවිය යුතුයි.
එකම එක පරමාත්ම පියාව පමණක් සිහි කරන්න. කවුරු හෝ කෙනෙකුගේ ශරීර සිහි කරනා අයට උසස්
තත්ත්වයක් දිනා ගත නොහැකියි.
ප්‍රශ්නය:
ඉහළම ගමනාන්තය
කුමක්ද?
පිළිතුර:
ඔබගේ ඉහළම ගමනාන්තය වන්නේ ජීව මරණයක් ලබා ඔබ පරමාත්ම පියාටම පමණක් අයිති වූ විටය,
වෙන කිසිම කෙනෙක් සිහිපත් නොකර ශරීරය පිළිබඳව ඇති සම්පූර්ණ අවධානය මුළුමනින්ම අමතක
කර දැමූ විටයි. ඉහළම ගමනාන්තය ඔබගේ මනෝ ස්ථිතිය නිරන්තරයෙන් ජීවාත්ම අවධානයෙන් තබා
ගැනීමයි. ඔබ කර්මතීත් තත්ත්වයට පත් වන්නේ මෙමඟිනුයි.
ගීතය:
සෙනෙහස් සයුර
ඔබයි; එහි එක් බිඳුවක පිපාසාවෙන් අපි සිටිමු ...
ඕම් ශාන්ති.
දැන්, මෙම
ගීතය වැරදියි. සෙනෙහස වෙනුවට එය ඥාන සයුර විය යුතුයි. සෙනෙහසින් කලසක් පිරවීමට
බැහැ. ගංඟා නදියේ පැන් වලින් කලසක් පිරවිය හැකියි. ඉතින් එමනිසා, ඒ වර්ණනාව අදාළ
වන්නේ භක්ති මාර්ගයටයි. එය වැරදි වන අතර මෙය නිවැරදියි. පළමුවෙන්ම, ඥාන සයුර වන්නේ
පරමාත්ම පියායි. ඔය දරුවන් තුළ මඳ හෝ දැනුමක් තිබෙනවා නම්, ඉතාමත් ඉහළ තත්ත්වයක්
දිනා ගැනීමට ඔබට හැකි වෙනවා. ඔබලා අනිවාර්යෙන්ම මෙම සජීවී දිල්වාලා දේවාලයේ
සාමාජිකයින් බව ඔය දරුවන් දන්නවා. ඒ දිල්වාලා දේවාලය අජීවී එකක් වන අතර මෙය සජීවී
දිල්වාලා දේවාලය වේ. මෙයත් අරුමයක්. ඔබලා සජීවී ස්වරූපයෙන් මෙහි සිටිනා නමුත් එය
ඔබගේ අජීවී ස්වරූපයයි. කෙසේවෙතත්, මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. තව දුරටත්
ඉදිරියට යන විට ඔබට අවබෝධ වේවි. මෙයට වඩා ශ්‍රේෂ්ඨ විශ්ව විද්‍යාලයක් තවත් නැහැ.
මෙය සජීවී දිල්වාලා දේවාලය බව ඔවුන් අවබෝධ කර ගනීවි. ඒ දිල්වාලා දේවාලය ඔබගේ
නිවැරදිම සිහිවටනයයි. ඉහළ සිවිලිමේ සූර්ය වංශය හා චන්ද්‍ර වංශය පෙන්වා තිබෙනවා.
පහළින් ආදි දේව්, ආදි දේවි හා ඔය දරුවන් යෝගාවේ අසුන් ගෙන සිටිනා ආකාරය පෙන්වා
තිබෙනවා. මොහුගේ නම බ්‍රහ්මා වන අතර සරස්වතී බ්‍රහ්මාගේ දියණියයි. ප්‍රජාපිතා
බ්‍රහ්මා සිටිනා නිසා අනිවාර්යෙන්ම ගොපළු ගොපළියනුත් සිටිය යුතුයි. එම පිළිම
අජීවීයි. එම පිළිම අතීතයේ සිටි අයගේ ප්‍රතිමායි. කෙනෙක් මිය ගිය විට ඉක්මණින්ම එම
පුද්ගලයාගේ ප්‍රතිමාවක් සාදනවා වගේ තමයි මෙයත් සාදා ඇත්තේ. ඔහුගේ තත්ත්වය හෝ චරිත
කතාව දන්නේ නැති නම්, ඔහුගේ රැකියාව කුමක්දැයි කියා ලිව්වේ නැතිනම්, එම ඡායාරූපය
වැදගත් වන එකක් නැහැ. මන්ද එම පුද්ගලයා කරගෙන ගිය කාර්යභාරය කුමක්දැයි කියා ඔබට
සොයා ගත හැක්කේ මේ තුළින් වන නිසායි. දැන් මේ දින වල දේවතාවරුන්ට දේවාල තිබුණත්
ඔවුන් විසින් කරනා කාර්යභාරය හා චරිත කතාව ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. කිසිම
කෙනෙක් ඉහළම ඉහළ තැනැත්තා වන ශිව බාබා ගැන දන්නේ නැහැ. දැන් ඔය දරුවන් සෑම
කෙනෙකුගේම චරිත කතාවත් දන්නවා. අතීතයේ සිටි ප්‍රධාන අය ගැනත් ඔවුන් පූජනීය වූයේ ඇයි
ද කියා ඔය දරුවන් දැන් දන්නවා. ඉහළම ඉහළ කෙනා පරමාත්ම දෙවියනුයි. මිනිස්සු ශිව
රාත්‍රිය සමරණවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම පැමිණෙන්න ඇති. කෙසේවෙතත්, ඔහු පැමිණියේ
කවදාද, එසේ පැමිණ ඔහු කළේ මොනවාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ශිවා සමඟ
බ්‍රහ්මාත් සිටිනවා. ආදී දේව් හා ආදී දේවි වුණේ කවුද? අත් ගණනාවක් ඇති අය ලෙස
ඔවුන්ව නිරූපණය කර ඇත්තේ ඇයි? ඒ මෙහි සිදුවුණු වර්ධනය සංකේතවත් කිරීමටයි.
ප්‍රජාපිතා බ්‍රහ්මා හරහා විශාල ව්‍යාප්තියක් සිදු වෙනවා. අත් සියයක් ඇති ඒ වගේම
අත් දහසක් ඇති බ්‍රහමා කෙනෙක් ගැන කතා තිබෙනවා. විෂ්ණු හෝ ශංකර්ගේ අත් ගැන කවුරුත්
මුකුත් කියන්නේ නැහැ. ඇයි මෙය බ්‍රහ්මා ගැනම කියන්නේ? මුළු නිර්මාණයම ප්‍රජාපිතා
බ්‍රහ්මාගේයි. එතරම් ගණනක භෞතික අත් ප්‍රමාණයක් තිබෙන්න බැහැ. අත් දහසක් ඇති
බ්‍රහ්මා ගැන කතාන්දර කිව්වත්. ඔවුන් එහි අර්ථය දන්නේ නැහැ. බ්‍රහ්මාව පිළිගත්තත්
ඔහුගේ කාර්යභාරය කුමක්දැයි කියා ඔවුන් දන්නේ නැහැ. ජීවාත්ම සත්තාවකට අත් නැහැ අත්
ඇත්තේ ශරීරයටයි. සහෝදරයින් ගණනාවක් සිටිනවා. එසේ නම්, අත් කීයක් තියෙන්න පුළුවන්ද?
කෙසේවෙතත්, පළමුවෙන්ම ඔවුන් මුළු ඥාන සම්භාරයම පැහැදිලිව අවබෝධ කර ගත යුතුයි. පසුව
අන් අයට කියා දිය හැකියි. ප්‍රධානම කාරණය තමයි එකම එක පරමාත්ම පියා කියන්නේ මා සිහි
කරන්න. ඔබගේ උරුමය සිහි කරන්න. ඥාන සාගරයත් සිහි කෙරෙනවා ඔහු ඥාන කරුණු ගණනාවක්
කියා දෙනවා. මේ කරුණු සෑම එකක්ම මතක තබා ගන්න බැහැ සිහියේ රැඳෙන්නේ සාරය පමණයි.
අවසානයේ දී ඉතිරි වන සාරය වන්නේ ’මන්මනභාව‘ යන්නයි. ක්‍රිෂ්ණා ඥාන සාගරය වන්නේ
නැහැ. ඔහු නිර්මාණයේ කොටසක් පමණයි. නිර්මාණකරු වන්නේ එකම එක පරමාත්ම පියා පමණයි.
සෑම කෙනෙක්ටම උරුමය දී සෑම කෙනෙක්වම නිවහන වෙත ගෙන යන්නේ පරමාත්ම පියායි. පරමාත්ම
පියාගේ නිවහනත් ජීව සත්තාවන්ගේ නිවහනත් නිහඬ දේශයයි. විෂ්ණු දේශය පරමාත්ම පියාගේ
නිවහන කියා කියන්නේ නැහැ. සෑම ජීවයක්ම සිටිනා අශාරීරික ලෝකය පමණයි නිවහන වන්නේ.
ඥානවන්ත දරුවන්ට මේ කරුණු සියල්ලක්ම ධාරණය කර ගත හැකියි. මේ සියලුම ඥාන කරුණු කිසිම
කෙනෙකුගේ සිහියේ තබා ගන්නත් බැහැ. එතරම් ප්‍රමාණයක් කඩදාසි වල සටහන් කර ගන්නත්
බැහැ. මේ මුරලි සියල්ල එකට එකතු කර ගතහොත් මුළු ශාලාවක්ම පිරවිය හැකි වේවි. අනිත්
අධ්‍යයන ස්ථාන වල පොත් ගණනාවක් තිබෙනවා. විභාගයෙන් සමත් වුණු පසු බුද්ධියේ ඉතිරි
වන්නේ සාරය පමණයි. නීති විභාගය සමත් වුණු විට එක් උපතකට පමණක් තාවකාලික සතුටක්
ලබනවා. එය ඔවුන්ට විනාශ වන සුළු ආදායමක් ගෙන එනවා. මෙම පරමාත්ම පියා ඔබට අනාගතය
සඳහා අවිනාශී ආදායමක් උපයා ගන්නා ආකාරය පෙන්වා දෙනවා. ගුරූන් ආදි අය මඟ පෙන්වන්නේ
විනාශ වන සුළු ආදායමක් උපයනා ආකාරය පමණයි. විනාශය අත ළඟ එන විට, එම ආදායම අඩු වී
ගෙන යනවා. ඔබ කියාවි, එම ආදායම වැඩි වෙනවා කියා. නමුත් ඇත්තටම කියනවා නම් එහෙම
නොවෙයි. මේ සියල්ල විනාශ වීමටයි යන්නේ. මීට පෙර කාලයේ සිටි රජවරුන්ට තමන්ටම කියා
ආදායමක් තිබුණා. මේ දිනවල අයට එහෙමත් නැහැ. ඔබගේ ආදායම සෑහෙන කාලයක් පුරා පවතිනවා.
මෙම නාටකය කල් තබාම තීරණය වූවක් බවත් ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ
නැති බවත් ඔබ දන්නවා. ඔබ සෑම කෙනෙක්ම මෙය ධාරණය කරගන්නේත් එක් එක් ආකාරයෙනුයි.
ඔබෙන් ඇතැම් අයට කිසිම දෙයක් පැහැදිලි කරන්න බැහැ. ඇතැම් අය කියනවා තමන්ගේ යහළු
හිතමිතුරන්ට ඔවුන් පැහැදිලි කරනවා කියලා. නමුත් ඒත් කෙටි කාලයකටයි. ඇයි ඔබට මේ
දේවල් ප්‍රදර්ශන වලදී පැහැදිලි කර කියා දෙන්න බැරි? මන්ද ඔබ එය නිසි ලෙස ධාරණය
කරගෙන නැහැ. තමන් සියල්ලම දන්නා අති දක්ෂයින් කියා සිතන්න එපා. සේවය කිරීමට ඔබට
උද්යෝගයක් තිබෙනවා නම්. පැහැදිලිව පැහැදිලි කිරීම් කරනා අයට ඔබ ඇහුම් කන් දිය
යුතුයි. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබට උසස් තත්ත්වයක් දිනවා දීමටයි. ඉතින්
එමනිසා, ඔබ උත්සාහයක් දැරිය යුතුයි. මෙම අධිරාජ්‍යය ස්ථාපනය වන්නේ නාටක සැලැස්මට
අනූවයි. මෙම රාජ්‍යයටත් සෑම ආකාරයකම පුද්ගලයින් අවශ්‍යයි. ඇතැම් අය වඩාත් හොඳ
පුරවැසියන් වන බවත් අනිත් අය එතරම් හොඳ නොවන බවත් ඔබට තේරුම් ගත හැකියි. පරමාත්ම
පියා කියනවා මම පැමිණ සිටින්නේ රාජයෝගාව ඉගැන්වීමටයි. දිල්වාලා දේවාලයේ රජවරුන්ගේ
ප්‍රතිරූ සාදා තිබෙනවා. පූජනීය අය පසුව පූජා කරනා අය බවට පත් වෙනවා. එම රජවරුන්ගේත්
රැජිණියන්ගේත් ඉතාමත් ඉහළ තත්ත්වයක් තිබෙනවා. පාපකාරී මාවතට ඇද වැටුණත්,
ධනවතුන්ගෙන් සැදි රාජ්‍යයනුත් තිබෙනවා. ජගත්නාථ දේවාලයේ තිබෙනා ප්‍රතිමා වල සෑම
කෙනෙක්ම කිරුළක් පැළඳ සිටිනා ආකාරය පෙන්වා තිබෙනවා. පුරවැසියන් කිරුළු පළඳින්නේ
නැහැ. ඒ කිරුළු පළන් රජවරුන් හා රැජිණියන් පාපයේ ගැලෙන ආකාරයත් පෙන්වා තිබෙනවා.
ඔවුන්ටත් ඉහළ සතුටක් හා ධනයක් තිබෙනවා. නමුත් එක් පිරිසකට විශාල ධනයකුත් තවත්
පිරිසකට අඩුවෙනුත් තමයි තිබෙන්නේ. දියමන්ති ඔබ්බවා සෑදූ මාළිගා හා රිදී මාළිගා අතර
වෙනසක් තිබෙනවා. එමනිසා, පරමාත්ම පියා ඔය දරුවන්ට කියන්නේ උසස් තත්ත්වයක් දිනා
ගැනීමට හොඳ උත්සාහයක් දරන්න කියලයි. රජවරුන් සිටින්නේ විශාල සතුටකින්. එහි සෑම
කෙනෙක්ම සිටින්නේ සතුටින්. නමුත් මෙහි සෑම කෙනෙක්ම සිටින්නේ දුකින්. මෙහි සිටිනා
සෑම කෙනෙක්ම ලෙඩ දුක් වලට ලක් වෙනවා. එහි ඇත්තේ සතුටම පමණයි. නමුත් ඔවුන්ගේ තත්ත්වය
එකිනෙකාට වෙනස්. පරමාත්ම පියා කියනවා සෑම විටම නොනවත්වාම උත්සාහ දරන්න. කුසීත වන්න
එපා. ඔබ දරණා උත්සාහයෙන්ම පැහැදිලි වෙනවා නාටකයට අනූව ඔබ දිනා ගැනීමට යන්නේ
කුමනාකාරයක ගැලවීමක්ද කියලා. මෝක්ෂය ලබා ගැනීමට නම් ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි.
තම ගුරුවරයා විසින් දෙනු ලබන උපදෙස් ශිෂ්‍යයෙක් පිළිපදින්නේ නැතිනම් ඔහුගෙන් ඇති
ඵලක් නැහැ. ඔබ සෑම කෙනෙක්ම දරණා උත්සාහයේ තරමට එක් එක් ස්ථානයේ සිටිනවා. යමක්
කරන්නැයි කියා කියූ විට බැහැයි කියනවා නම් ඔබ මොනවාද ඉගෙන ගන්නේ? හොඳින් ඉගෙන ගෙන
ප්‍රඥාවන්ත වුවහොත් ඔබ ඉතාමත් හොඳින් පැහැදිලි කරනවායි කියා සෑම කෙනෙක්ම කියාවි.
කෙසේවෙතත්, ඔය ජීව සත්තාවන් ජීව මරණයක් ලබා එකම එක පරමාත්ම පියාට අයිති විය යුතුයි.
ඉහළම ගමනාන්තය කිසිම කෙනෙක්ව සිහි නොකර ශාරීරික අවධානය කඩා දැමීමයි. ඔබ සියල්ල අමතක
කර දැමිය යුතුයි. ඉහළම ගමනාන්තය ඔබ මුළුමනින්ම ජීව අවධානයට පත් වුණු මොහොතයි. ඉහළ
සිටිනා ජීව අශාරීරිකයි. ඔවුන් මෙහි පැමිණ ශරීර ලබනවා. දැන් ඔබ මෙහි සිටිනා විට තමන්
අශාරීරික බව සැලකිය යුතුයි. මෙම උත්සාහය ඉතාමත් ඉහළයි. තමන් ජීව සත්තාවන් බව සලකා
ඔබගේ කර්මතීත් තත්ත්වයට පත් විය යුතුයි. ගැරඬියකුට පවා තම පැරණි සම ඉවත් කිරීමට
තරම් බුද්ධියක් තිබෙනවා. ඔබත් ඔබගේ ශරීර අවධානය අත්හළ දැමිය යුතුයි. උත්තරීතර පරම
දනව්වේ සිටිනා විට ඔබලා කොහොමත් සිටින්නේ ජීව අවධානයෙනුයි. ඔබ මෙහි ශරීරයක සිටිනා
විට තමන් ජීව සත්තාවන් බව සැලකිය යුතුයි. ශරීර අවධානය අත්හැර දැමිය යුතුයි.
දෙවියන්ම පැමිණ ඉගැන්වීමට සිදුවන තරමේ ඉහළ විභාගයක් මෙය. කිසිම කෙනෙක් සියලුම
ශාරීරික සබඳතා අතහැර දමා මට අයිති වන්න යැයි කියන්නේ නැහැ. නමුත් අශාරීරික ජීවාත්ම
සත්තාවක් බව සලකන්න. වෙන කිසිම දෙයක් සම්බන්ධයෙන් කිසිම අවධානයක් නොතිබිය යුතුයි.
මායා ඔබව එකිනෙකාගේ ශරීර අවධානයට බන්ධනවා. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ ඔබ මෙම
භෞතික කෙනාවවත් සිහි නොකළ යුතුයි. බාබා කියනවා ඔබ තමාගේම ශරීරය පවා අමතක කර දමා එකම
එක පරමාත්ම පියාව පමණක් සිහි කළ යුතුයි. මෙයට විශාල උත්සාහයක් අවශ්‍ය වෙනවා. මායා
ඉතාමත් හොඳ දරුවන්ව පවා අන් අයගේ නම හා රූපයේ පටලවනවා. ඒ පුරුද්ද ඉතාමත් නරකයි.
කවුරු හෝ කෙනෙකුගේ ශරීරයක් සිහි කරනවා යනු භූතාත්මයක් සිහි කිරීමයි. මම ඔබට කියන්නේ
එකම එක ශිව බාබාව පමණක් සිහි කරන්න කියලයි. නමුත් ඔබ පසුව පංච මහා භූතයන් සිහි කර
කර සිටිනවා. කිසිම කෙනෙකුගේ ශරීරයක් කෙරෙහි කිසිම බන්ධනයක් තබා නොගත යුතුයි. ඔබ
ඔබගේ ගුරුවරයා සමඟ ඉගෙන ගත යුතුයි. නමුත් එම ගුරුවරයාගේ නම හා රූපයේ පැටලෙන්න ඕන
නැහැ. ජීව අවධානයට පත් වීමට උත්සාහයක් දැරිය යුතුයි. දරුවන් රැසක් බාබාට තම වර්ධන
සටහන එවනවා. නමුත් බාබා ඒවා විශ්වාස කරන්නේ නැහැ. ඇතැම් අය කියනවා මම ශිව බාබාවම
හැරෙන්න වෙන කිසිම කෙනෙක්ව සිහි කරන්නේ නැහැ. කෙසේවෙතත්, ඔවුන් කරනා සිහි කිරීමේ
පැන්සයක තරම්වත් වැදගත්කමක් නොමැති බව බාබා දන්නවා. විශාල උත්සාහයක් අවශ්‍ය වන්නේ
සිහි කිරීමටයි. ජීව කවුරු හෝ කෙනෙක් මත පැටලෙනවා. ශාරීරික කෙනෙක් සිහි කරනවා යනු
පංච මහා භූතාත්මයන් සිහි කිරීමයි. ඒකත් හඳුන්වන්නේ භූතාත්ම වන්දනාව ලෙසිනුයි. ඔබ
සිහි කරන්නේ භූතයින්වයි. මෙහිදී ඔබ සිහි කරන්නේ එකම එක ශිව බාබාවයි. වන්දනාවක්
අවශ්‍ය නැහැ. භක්තියේ සෑම ස්වරූපයක්ම ඔබ දැන් අවසන් කරලයි තිබෙන්නේ. ඉතින් එහෙමනම්
ඇයි ඒ ප්‍රතිමා සිහි කරන්නේ. ඒවාත් සාදා ඇත්තේ මඩින්. පරමාත්ම පියා කියනවා මේ
සියල්ල නාටකයේ නියමිත දේයි. මා ඔබව වන්දනා කරනා අයගේ තත්ත්වයෙන් වන්දනීය අය බවට පත්
කළ යුතුයි. ඔබ කිසිම ශාරීරික කෙනෙක්ව සිහි නොකළ යුතුයි එකම එක පරමාත්ම පියාවම
පමණයි. ඔය ජීවාත්ම සත්තාවන් පිරිසිඳු වුණු විට ඔබලාට පිරිසිඳු ශරීර ලැබේවි. දැන් ඒ
ශරීර පිරිසිඳු නැහැ. ජීව සතෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝ, රජෝ හා තමෝ තත්ත්ව පසු කර යන
අතර ඒ හා සමාන ශරීර ලබනවා. ඔය ජිවයන් දැන් නිරතුරුවම පාරිශුද්ධ වෙමින් සිටිනවා.
නමුත් ඔබගේ ශරීර පාරිශුද්ධ වන්නේ නැහැ. මේ දේවල් තේරුම් ගත යුතුයි. මෙම කරුණු
හොඳින් තේරුම් ගන්නා හා නිරතුරුවම අන් අයටත් පහදා දෙන අයගේ සිහියට ඇතුළු වේවි.
සතෝප්‍රධාන් විය යුත්තේ ජිවයනුයි. පරමාත්ම පියාව සිහි කිරීමට විශාල උත්සාහයක්
අවශ්‍යයි. ඔබෙන් ඇතැම් අයට සුළු හෝ ස්මරණයක සිටිය නොහැකියි. ගෞරවයෙන් සමත් වීම
සඳහා, ඔබගේ බුද්ධියේ යෝගාව සුළුවෙන් හෝ එහේ මෙහේ නොයා යුතුයි. ඔබ තුළ තිබිය යුත්තේ
එකම එක පියාගේ ස්මරණය පමණයි. සිහියේ යෝගාව නිතර නිතර එහෙ මෙහෙ යනවා. වැඩි වැඩියෙන්
අන් අයව ඔබ හා සම තත්ත්වයට පත් කළ තරමට ඔබ ඉහළ තත්ත්වයක් දිනා ගනීවි. කවුරු හෝ
කෙනෙකුගේ ශරීර සිහි කරනා අයට ඉහළ තත්ත්වයක් දිනා ගන්න බැහැ. ඔබ මෙහිදී ගෞරවයෙන්
සමත් විය යුතුයි. උත්සාහයක් දැරුවේ නැතිනම් ඉහළ තත්ත්වයක් දිනා ගන්නේ කෙසේද? කවුරු
හෝ කෙනෙකුගේ ශරීර සිහි කරනා අයට කිසිම උත්සාහයක් දැරිය හැකි වන්නේ නැහැ. පරමාත්ම
පියා කියනවා උත්සාහ දරණා අයව අනුගමනය කරන්න. මොහුත් උත්සාහකරන්නෙක්. මෙම ඥානය
අසහායයි. ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. ජීවාත්ම සත්තාවන්
වෙනස් වන්නේ කෙසේද යන්න කිසිම කෙනෙකුගේ සිහියේ නැහැ. මේ සියල්ල අදෘෂ්‍යමාන
උත්සාහයන්. බාබා අදෘෂ්‍යමානයි. කොහොමද ඔබ අධිරාජ්‍යයක් දිනා ගන්නේ? මේ සඳහා ඔබ
කිසිම විටෙක රණ්ඩු සරුවල් විය යුත්තේ නැහැ. සියල්ල ඥානය හා යෝගාව ගැනයි. මේ සඳහා ඔබ
කිසිම කෙනෙක් සමඟ රණ්ඩු විය යුත්තේ නැහැ. උත්සාහය දරන්නේ ජීවය පාරිශුද්ධ කර
ගැනීමටයි. ඔය ජීවයන් අපිරිසිඳු වුණු විට, අපිරිසිඳු ශරීර ගැනීමට පටන් ගන්නවා.
නැවතත් වතාවක් ඔය ජීව පාරිශුද්ධ වී නිවහන කරා යා යුතුයි. මේ සඳහා විශාල උත්සාහයක්
දැරිය යුතුයි. ඔබ එකිනෙකා කුමනාකාරයේ උත්සාහයක් දැයි දරන්නේ කියා බාබාට අවබෝධ කර ගත
හැකියි. මේ ශිව බාබාගේ නිධන් ගබඩාවයි. ඔබ සේවය කරන්නේ ශිව බාබාගේ නිධන් ගබඩාවේයි.
දන් සේවය කළේ නැතිනම්, ඔබ දිනන්නේ අඩු තත්ත්වයකි. සේවය කිරීම සඳහා ඔබ පියා ළඟට
පැමිණ, නමුත් සේවයක් නොකරනවා නම් කුමන තත්ත්වයක් ද දිනා ගැනීමට යන්නේ? මෙහි
රාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා. සේවකයිනුත් නිර්මාණය විය යුත්තේ මෙහියි. ඔබ
රාවණ් පරාජය කරන්නේ මෙහිදීයි, වෙන කිසිම යුද්ධයක් නැහැ. ඔබට පහදා දෙන මෙම කරුණ
අදෘෂ්‍යමානයි. ඔබ ලෝක රාජ්‍යය දිනා ගන්නේ යෝග බලයෙනුයි. තමන් ශාන්ත දේශයේ වැසියන්
බව ඔබ දන්නවා. ඔය දරුවන් සිහි කළ යුත්තේ ඔබගේ අසීමිත නිවහන පමණයි. අප මෙහි පැමිණ
සිටින්නේ අපගේ චරිත කොටස රඟ දැක්වීමටයි. පසුව අප ඒ නිවහන කරා යනවා. ජීව ආපසු යන්නේ
කෙසේදැයි කියා කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. නාටක සැලැස්මට අනුව, ජීවාත්ම පසුව
නැවතත් මෙහි පහළට පැමිණිය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම
ශාරීරික කෙනෙක් වෙත කිසිම බැඳීමක් තබා නොගන්න. කවුරු හෝ කෙනෙකුගේ ශරීරයක් සිහි
කරනවා යනු භූතාත්මයක් සිහි කිරීමයි. එමනිසා, කිසිම කෙනෙකුගේ නමේ හෝ රූපයේ එල්ලෙන්න
එපා. ඔබ ඔබගේම ශරීරය පවා අමතක කර දැමිය යුතුයි.
2. අනාගතය සඳහා
අවිනාශි ආදායමක් එකතු කර ගන්න. ඥානවන්ත වී ඥාන කරුණු බුද්ධියේ ධාරණය කර ගන්න.
පරමාත්ම පියා විසින් පැහැදිලි කරනු ලබනා කරුණු හොඳින් තේරුම් ගෙන අන් අයටත් ඒවා
පහදා දෙන්න.
වරදානය:
සෑම කල්පයකම
ඔබගේ ජයග්‍රහණයේ අවධානයෙන්, ඔබ, ඔබගේ සතුරා වන මායාට පැමිණෙන්ට කියා අඩ ගසන,
ජයග්‍රාහී මහාවීරයෙක් වේවා.
ඔවුන්ගේ ප්‍රශ්න
පත්‍රය දුටු විට, ජයග්‍රාහී මහාවීර දරුවන් බිය නොවෙයි, මන්ද, ඔවුන් ත්‍රිකාලදර්ශී
නිසා, ඔවුන් සෑම කල්පයකදීම ජය ලබන බව ඔවුන් දන්නවා. මහාවීර දරුවන්ට කිසිම විටෙක
මෙසේ කිව නොහැක: “බාබා, මායාව අප වෙතට එවන්න එපා. අනුකම්පා කරන්න. මට ආශිර්වාද
දෙන්න. මට බලය දෙන්න. මා කුමක් කරන්නද? මට මාර්ගය පෙන්වන්න!’ මෙය දුර්වලතාවයයි.
මහාවීර දරුවන් ඔවුන්ගේ සතුරාට අඩ ගසයි: ‘මට ජය ගැනීමට හැකි වන සේ, එන්න!’
පාඨය:
කාලය ඔබට කරන
අනතුරු ඇගවීම වන්නේ, සමාන සහ පරිසමාප්ත වන ලෙසයි.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
ඕනෑම අන්දමක
සාර්ථකත්වය ලබා ගැනීම සදහා පළමුව ඔබට හුදකලාව සහ ඒකාග්‍රතාවය තිබිය යුතුයි. ඔබට මෙම
කාරණා දෙක භාවිතා කර සාර්ථකත්වය ලබා ගත හැක. ඔබගේ සිහිවටන පිංතූර වල, සාර්ථකත්වය
ලබා ගැනීම සදහා මිනිසුන් විශේෂ ගුණ දෙකක් භාවිතා කර ගනී: හුදකලාව සහ ඒකාග්‍රතාවය.
ඔබ ශාරීරික ස්වරූපයෙන්ද මෙම ක්‍රමවේදය භාවිතා කළ යුතුයි. ඒකාග්‍රතාවය නොමැති නිසා
ඔබට අධිෂ්ඨානගත විශ්වාසය නොමැත. ඔබ හුදකලාවේ නොසිටින නිසා, සාමාන්‍ය සිතිවිලි, බීජය
දුර්වල කරයි. එබැවින් මෙම ක්‍රමය භාවිතා කර සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වන්න.