21.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දේවතාවරුන් වීමට පෙර ඔබ අනිවාර්යෙන්ම බ්‍රහමිණ්වරුන් විය යුතුයි. බ්‍රහ්මාගේ මුවින් උපන් අය පමණයි සැබෑ බ්‍රහමිණ්වරුන් වන්නේ, රාජයෝග ඉගෙන ගෙන දේවතාවරුන් වන්නේත් ඔවුනුයි.

ප්‍රශ්නය:
සියලුම ආගම් සමූහ (සත්සං) අතරින් ඔබගේ ආධ්‍යාත්මික සමූහය වෙනස් වන්නේ කුමන කරුණින්ද?

පිළිතුර:
අනිකුත් සමූහ වල කිසිම අරමුණක් හා ඉලක්කයක් ඇත්තේ නැහැ. මිනිස්සු තමන්ගේ මිල මුදල් ධන වස්තුව අහිමි කර ගනිමින් දිගටම අතපත ගානවා. මෙම ආධ්‍යාත්මික සමූහයේ දී ඔබ එසේ එහේ මෙහේ යා යුතු වන්නේ නැහැ. මෙය පාසලක් වන අතරම මෙය ආධ්‍යාත්මික කණ්ඩායමකුත් වෙනවා. පාසලක දී ඔබ ඉගෙන ගන්නවා; අඳුරේ අතපත ගාන්නේ නැහැ. ඉගෙන ගන්නවා යනු ආදායමක් උපයා ගැනීමයි. ආදායමක් උපයා ගත හැක්කේ හොඳින් ඉගෙන ගෙන ඥානය ධාරණය කර ගෙන අන් අයවත් ඒ සඳහා උනන්දු කළ තරමටය. මෙම ආධ්‍යාත්මික සමූහයට පැමිණීම යනු, වෙන කිසිවක් නොව යහපතම ලැබිමයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි අසුන් ගෙන ඔය ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කර කියා දෙනවා. ඔය ආධ්‍යාත්මික දරුවන් ඔබගේ කන් වලින් අහගෙන සිටිනවා. අසීමිත පියා දරුවන්ට කියන්නේ: තම තමන් ජීවාත්ම බව සලකන්න. නිතර නිතර මෙයට ඇහුම් කන් දීමෙන් ඔබගේ බුද්ධිය එහේ මෙහේ යාම නතර වී එය ස්ථාවර වේවි. තමන් ජීවාත්ම බව සලකා ඔබ මෙහි අසුන් ගෙන සිටිනවා. තමන් මෙහි පැමිණ සිටින්නේ වී දේවතාවරුන් වීමට බව ඔය දරුවන් දන්නවා. ඔබලා හදාගැනීමට ගත් දරුවනුයි. ඔය බ්‍රහමිණ්වරුන් ඉගෙන ගන්නවා. මොනවාද ඔබලා ඉගෙන ගන්නේ? බ්‍රහමිණ්වරුන්ගෙන් දේවතාවරුන් වෙන්නේ කෙසේද? දරුවන් පාසලට ගිය විට, තමන් හොඳින් ඉගෙන ගෙන ඉංජිනේරුවරයෙක් හෝ වෛද්‍යවරයෙක් වෙනවා කියා දන්නවා. පාසලට ඇතුලු වන විටම ඔවුන් මෙය තේරුම් ගන්නවා. ඒ ආකාරයෙන්ම බ්‍රහ්මාගේ දරුවන් වන ඔබලා බ්‍රහමිණ්වරුන් වන බවත් ඉන් අනතුරුව දේවතාවරුන් වන බවත් ඔබලා දන්නවා. මිනිස්සූ දේවතාවරුන් වෙනවා කියා සඳහන් වී තිබෙනවා. ඒත් වී ඒ කොහොමද? සියලුම හින්දුන් දේවතාවරුන් වන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් හින්දු කියලා ධර්මයකුත් නැහැ. ආදි සනාතන ධර්මය කියන්නේ හින්දු ධර්මය නොවෙයි. හින්දු ධර්මය ස්ථාපනය කළේ කවුදැයි කියා ඇසුවහොත් ඔවුන් කලබල වෙනවා. මෙම නම දී තිබෙන්නේ නොදැනුවත්කම මතයි. හින්දුස්ථානයේ වෙසෙන්නන් තමන්ව හින්දුවරුන් ලෙස හඳුන්වා ගන්නවා. ඇත්තටම කියනවා නම් එහි තම භාරතය යන්නයි. හින්දුස්ථානය නොවෙයි. භාරත දේශය කියලයි කියන්නේ. හින්දුස්ථානය කියලා නොවෙයි. භාරතය කියා කිව්වත් ඒ කොහේද කියා ඔවුන් දන්නේ නැහැ. අපිරිසිඳු වීම නිසා දේවතාවරුන් කියා ඔවුන්ව හඳුන්වන්න බැහැ. දේවතාවරුන් පාරිශුද්ධවයි සිටියේ. ඒ ධර්මය දැන් නැහැ. අනිකුත් සෑම ධර්මයක්ම තිබෙනවා. බුදුන්ගේ දහම බුදු දහම. ඊබ්‍රහ්ම්ගේ (ඒබ්‍රහම්) දහම ඉස්ලාම්, ක්‍රිස්තුන්ගේ දහම කිතු දහම. ඒත් හින්දු දහම කියා ආගමක් නැහැ. හින්දුස්ථානය යන නම දුන්නේ විදේශිකයිනුයි. අපිරිසිඳු වීම නිසා තමන් දේවතා ධර්මයට අයත් අයයි කියා ඔවුන් කියාගත්තේ නැහැ. ආදි සනාතන දහම යනු දේවතා දහම බවත් පුරාතනම දහම එය බවත් පරමාත්ම පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. මුලදී තිබුණේ කුමන ධර්මය ද? ඒ දේවතා ධර්මයයි. එයට හින්දු ධර්මය යි කිව නොහැකියි. ඔබලා දැන් බ්‍රහමිණ්වරුනුයි, බ්‍රහ්මා විසින් හදා ගැනීමට ගත් දරුවනුයි. ඔබලා ඉගෙන ගන්නේ බ්‍රහ්මණවරුන්ගෙන් දේවතාවරුන් වීමට යි. හින්දුගෙන් දේවතාවරුන් වීමට නොවෙයි. ඔබලා බ්‍රහමිණ්වරුන්ගෙන් දේවතාවරුන් වෙනවා. මෙය ඉතාමත් හොඳින් ධාරණය කර ගත යුතුයි. බලන්න. දැන් ගණන් කළ නොහැකි තරමට ආගම් ගණනාවක් තිබෙනවා. තව තවත් එකතු වෙනවා. ඔබලා දේශන දෙන තැන් වල මෙයත් පැහැදිලි කරනවා නම් හොඳයි. දැන් මේ ඇත්තේ කලි මේ යුගයයි. සෑම ආගමක්ම තමෝප්‍රධාන් වෙලා. පින්තුර භාවිත කර පැහැදිලි කළොත් "මම අහවලා. මම මෙහෙමයි" වැනි ඔවුන්ගේ අහංකාරකම් නැති වී යයි. තමන් තමෝප්‍රධාන් බව ඔවුන් තේරුම් ගනීවි. පළමුවෙන්ම, පරමාත්ම පියා පිළිබඳ හැඳින්වීම ඔවුන්ට දී මෙම පැරණී ලෝකය වෙනස් වීමට යන බව පෙන්වා දෙන්න. දවසින් දවස පින්තුර තව තවත් ලස්සන වේවි. පාසල් වල සිසුන් සිතියම් හෝ පින්තුර මතකයේ තබා ගෙන සිටිනවා වගේ මේ සියල්ලත් ඔබගේ සිහියේ රැඳී තිබිය යුතුයි. පළමු ගණයේ පින්තුරය මෙයයි. ත්‍රිමූර්තිය හා ගෝල දෙක, ස්වර්ණම යුගය හා මේ කලි යුගය පෙන්වන පින්තුරය. ඔබලා දැන් සිටින්නේ සුබ මංගල සංගම යුගයේයි. මෙම පැරණී ලෝකය දැන් දිරාපත් වීමටයි යන්නේ. එකම එක මේ ආදි සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය වීමටයි යන්නේ. ඔබලා අයිති ආදි සනාතන දේවතා ධර්මයටයි. හින්දු ධර්මයක් නැහැ. සන්යාසීවරුන් බ්‍රහ්ම ධාතුව නේවාසික තැනක් හෝ දෙවියන් කියා සලකන්නාක් සේ හින්දුස්ථාන වැසියන් තමන් හින්දු ධර්මයට අයිති අයයි කියා සිතනවා. ඔවුන්ගේ දහම ඔබගේ දහමිණ් වෙනස්. දේවතාවරුන් ඉතාමත් උසස්. මෙයා දෙවඟනක් වගේ කියා මිනිස්සු කියනවා. කෙනෙකුට යහපත් ගති පුරුදු තිබෙනවා නම්: මොහු ලඟ දිව්‍ය ගති තිබෙනවා කියා අනිත් අය කියනවා. රාධා ක්‍රිෂ්ණා විවාහ වුණු විට, ඔවුන් ලක්ෂ්මි නාරායන වෙත බව ඔබලා දන්නවා. ඔවුන්ව හඳුන්වන්නේ විෂ්ණු කියලයි. සෑම රූපයක්ම තිබුණත් කිසිම කෙනෙක් ඔවුන්ව දන්නේ නැහැ. පරමාත්ම පියා දැන් මෙහි සිට ඔබට කරුණු පැහැදිලි කර කියා දෙනවා. සෑම කෙනෙක්ම සිහිපත් කරන්නේ පරමාත්ම පියාවයි. දෙවියන් තම දෙතොලේ රඳවාගෙන නොමැති මනුෂ්‍යයෙක් නැහැ. පරමාත්ම දෙවියන් හඳුන්වන්නේ අශාරීරික කෙනා ලෙසයි. අශාරීරික යන වචනයේ තේරුමවත් ඔවුන් දන්නේ නැහැ. ඔබ දැන් සියල්ල තේරුම් ගෙන සිටිනවා. ගල් බුද්ධි ඇති අයගෙන් ඔබලා දැන් දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් වෙලා. මෙම ඥානය ඇත්තේ භාරතීය ජනයාට පමණයි. අන් ආගම් වල අයට නොවෙයි. කෙසේවෙතත් මෙතරම් ව්‍යාප්තියක් සිදු වන්නේ කෙසේද, මේ අනිකුත් දේශ පැමිණීයේ කෙසේද කියා ඔබට කියා දිය හැකියි. භාරතය හැර වෙන භුමියක් ඉතිරි වන්නේ නැහැ. ඒ එකම එක ධර්මය දැන් නැහැ: අන් සියල්ල තිබෙනවා. නුග ගසෙහි උදාහරණය නිවැරදියි. ආදි සනාතන දේවි දේවතා ධර්මයේ මුල නැහැ. ගසෙහි අනිත් සියල්ල තවමත් තිබෙනවා. ඉතින් එමනිසා ඒ තිබුණේ ආදි සනාතන දේවි දේවතා ධර්මය මිසක් හින්දු දහම නොවෙයි කියා කිව හැකියි. දේවතාවරුන් වීම සඳහා ඔබලා දැන් බ්‍රහ්මණවරුන් වී සිටිනවා. එමනිසා, ඔබලා අනිවාර්යෙන්ම බ්‍රහ්මතවරුන් විය යුතුයි. ශුද්‍ර කුළය හා බ්‍රාහ්මණ කුළය කියා කියනවා. ශුද්‍ර වී වංශය කියා කියන්නේ නැහැ (රජවරුන් හා රැජිණියන් සිටියත්) මුලින්ම දේවතාවරුන් අධිරාජ්‍යවරුන් හා අධිරාජිණීයන් ව සිටියා. මෙහි දැන් සිටින්නේ හින්දු අධිරාජ්‍යවරුන් හා අධිරාජ්‍යවරියනුයි. ඇත්තේ එකම එක භාරතයකුයි. ඉතින් ඔවුන් වෙන් වූයේ කෙසේද? ඔවුන් පිළිබඳ සෑම සඳහනක්ම අතුරුදහන් වී ගොස් පිළිම පමණයි ඉතිරි වී තිබෙන්නේ. පළමු ගණයේ වන්නේ සූර්ය වංශයයි. රාමා සූර්ය වංශයට අයත් අයෙක් ලෙස පෙන්වන්නේ නැහැ. ඔබ දැන් මෙහි පැමිණ සිටින්නේ සූර්ය වංශයට අයිති වීමටයි. චන්ද්‍ර වංශයට නොවෙයි. මෙය රාජයෝගාවයි. තමන් ලක්ෂ්මි හා නාරායන වෙන බව ඔබලාගේ සිහියේ තිබෙනවා. ඔබව අධිරාජ්‍යවරුන් හා වරියන් කරවීමට පරමාත්ම පියා තමාට උගන්වනවාය හා යන සතුට ඔබලාගේ හදවතේ තිබෙනවා. සත්‍ය නාරායන වීමේ සැබෑම කතා පුවත මෙයයි. මීට පෙර උපතක් උපතක් පාසා ඔබලා සත්‍ය නාරායනගේ කතාව ඇසුවා, නමුත් එය ඇත්තම කතාව නොවෙයි. භක්ති මාර්ගයේ දී ඔබට කවමදාකවත් මානව බවින් දේවතා බව ලද නොහැකියි. මුක්තිය හෝ ජීවන මුක්තිය ලද නොහැකියි. කෙසේවෙතත් සෑම මිනිසෙක්ම අනිවාර්යෙන්ම මුක්ති හා ජීවනමුක්ති ලබනවා. දැන් සෑම කෙනෙක්ම සිටින්නේ බන්ධන වලයි. අද වුවත් ජීවාත්මයක් ඉහළ සිට පහළට පැමිණීයහොත් ඔහු පැමිණෙන්නේ ජීවන මුක්ති ජීවිතයකටයි. බන්ධන දිවියකට නොවෙයි. කල්පයෙන් භාගයක් ජීවන මුක්තිය වන අතර ඉතිරි භාගය බන්ධන ජීවිතයක් වෙනවා. මෙම නාටකය තීරණය වී හමාරයි. ඔබ සෑම කෙනෙක්ම මෙම අසීමිත නාටකයේ සිටිනා නළුවන්ය. ඔබ තම චරිත කොටස රඟපෑම සඳහා මෙහි පැමිණෙනවා. ඔය ජීවාත්මයන් මෙහි වැසියන් නොවෙයි. ඔබලා පහළට පැමිණෙන්නේ කෙසේදැයි කියා පැහැදිලි කර කියා දී තිබෙනවා. ජීවාත්ම මෙහිදී දිගටම නැවත උපත් ගන්නවා. මුලු ලෝකයේම ඉතිහාසය හා භූගෝලය මුල පටන් මේ දක්වා සෑම දෙයක්ම ඔය දරුවන්ගේ සිහියේ තිබෙනවා. අසීමිත පියා ඉහළ සිට කරන්නේ මොනවාදැයි කියා මිනිස්සු දන්නේ නැහැ. එමනිසා, ඔවුන්ව හඳුන්වන්නේ පිරිහුණු බුද්ධියක් ඇති අය ලෙසිනුයි. මීට පෙර ඔබලාත් සිටියේ අපිරිසිඳු බුද්ධි සහිතවයි. පරමාත්ම පියා දැන් ඔබලාට නිර්මාණකරු ගැනත් නිර්මාණයේ මුල, මැද, අග ගැනත් වූ රහස් සියල්ල වූ කියා දී තිබෙනවා. අසරණ සාමාන්‍ය ඔබලා සියල්ල දන්නවා. ඔබලා පිරිසිඳු බුද්ධින් ඇති අයයි. පිරිසිඳු දෙයකට නිර්මලයි කියා කියනවා. පිරිහුණු ඔ බුද්ධියක් ඇති අයව හඳුන්වන්නේ අපිරිසිඳු අය වශයෙනුයි. දැන් ඔබලා කුමන තත්ත්වයකට ද පත් වන්නේ කියා මදක් සිතා බලන්න. පාසලකදීත් හොඳින් ඉගෙන ගැනීමෙන් දරුවන්ට ඉහළ තත්ත්වයක් ලද හැකියි. රාජකීය තත්ත්වයක් ලැබෙනා ඔබලාගේ ඉගෙනීම තමයි ඉහළම ඉහළ ඉගෙනුම. අනිත් අය රජ පවුලක ඉපදෙන්නේ දානමාන දී පින් දහම් කරලයි. ඔවුන් රජවරුන් වෙන්නේ පසුකාලීනවයි. නමුත් ඔබලා මෙම අධ්‍යාපනයෙන් රජවරුන් වෙනවා. පරමාත්ම පියා කියනවා: මා ඔය දරුවන්ට රාජයෝගාව උගන්වනවා. පරමාත්ම පියාම හැර වෙන කිසිම කෙනෙකුට ඔබට රාජයෝගාව ඉගැන්විය නොහැකියි. රාජයෝග ඥානය ඔබට උගන්වන්නේ පරමාත්ම පියායි. පසුව ඔබලා එය අන් අයටත් කියා දෙනවා. පරමාත්ම පියා ඔබට රාජයෝගාව උගන්වන්නේ එමඟින් ඔබලාට අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වය ලද හැකි නිසායි. තම තමන් ජීවාත්ම බව සලකා අශාරීරික පරමාත්ම පියාව සිහිපත් කරන්න. ඔබලා පාරිශුද්ධ වේවි. පසුව කල්පය ගැන දැන ගැනීමෙන් ඔබලා ස්වර්ණමය යුගයේ ගෝලය පාලනය කරන්නන් වෙනවා. මෙය පැහැදිලි කිරීම හරිම පහසුයි. දැනට කිසිම කෙනෙක් දේවතා ධර්මයට අයිති නැහැ. සෑම කෙනෙක්ම වෙනත් වෙනත් ආගම් වලට හැරිලා. ඔබ කාට හෝ පැහැදිලි කරන විට පළමුවෙන්ම පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. හෝ බොහෝ දෙනෙක් අනිකුත් ආගම් වලට ගොස් තිබෙනා බව පරමාත්ම පියා කියා දෙනවා. ගිණීය නොහැකි තරම් බෞද්ධයින් හා මුස්ලිම්වරුන් සිටිනවා. ඇතැම් අයට මුස්ලිම් වීමට බල කර තිබෙනවා. බොහෝ දෙනෙක් බෞද්ධයිනුත් වෙනවා. කෙනෙක් දේශනයක් දුන්නා දහස් ගණනින් අය බෞද්ධයින් වුණා. ක්‍රිස්තියානි අයත් ඇවිත් එවන් දේශන දුන්නා. දැන් ඔවුන්ට තමයි ඉහළම ජනගහනයක් සිටින්නේ. මුලු ලෝක ඉතිහාසයම දැන් ඔබගේ බුද්ධියේ කැරකෙන නිසා තමයි පරමාත්ම පියා ඔබලාට ස්වදර්ශන චක්‍රධාරීන් කියා කියන්නේ. විෂ්ණුවත් ස්වදර්ශන චක්‍රයක් අතැතිව පෙන්වනවා. විශ්‍යාව එසේ පෙන්වන්නේ ඇයිදැයි කියා මිනිස්සු දන්නේ නැහැ. මේ දෙක අතර ඇති සම්බන්ධතාවය ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි. මේ තුනම එකයි. ඇත්තටම කියනවා නම් ස්ව දර්ශන චක්‍රය අයිති ඔබලාටයි. ඔබලා ඥානය මඟින් ස්ව දර්ශන චක්‍රධාරීන් වෙනවා. ස්ව දර්ශන චක්‍රය තිබෙන්නේ කාවවත් මරන්නවත් කපන්න කොටන්නවත් නොවෙයි: එය ඥාන කරුණක්. ඔබලා ඥාත චක්‍රය හොඳින් කරකැවූ තරමට ඔබගේ පව් පිළිස්සී යාවි. කෙනෙකුගේ හිස ගසා දැමීමක් ගැන මෙහි දී කියැවෙන්නේ නැහැ: මෙය හිංසනයට ඇති චක්‍රයක් නොවෙයි. මෙ චක්‍රය ඔබලාව අහිංසක කරවනවා. මිනිස්සු මෙහි අර්ථය මුළුමනින්ම වෙනස් කරවලා. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට පැහැදිලි කර කියා දිය නොහැකියි. ඔය සුමිහිරිම දරුවන් මහා සතුටකින් සිටිය යුතුයි. තමන් ජීවාත්මයන් බව දැන් ඔබලාට තේරෙනවා. මීට පෙර තමන් ජීවාත්මයන් බව ඔබලාට අමතක වෙලයි තිබුණේ. ඔබගේ නිවහනත් ඔබට අමතක වුණා. ජීවාත්මයක් කොහොමත් හඳුන්වන්නේ ජීවාත්මයක් කියලයි. පරමාත්ම ජීවය ගස් ගල් වල සිටිනවායි කියා සඳහත් වී තිබෙනවා. ජීවාත්මයන්ගේ පියාව ඔවුන් බොහෝ අපහාසයට ලක්කරවලා. පරමාත්ම පියා නැවතත් පැමිණ ඔය ජීවාත්මයන්ට ඥානය දෙනවා. ජීවාත්ම ගැන කියනා විට ඔවුන් සෑම ගසක ගලකම සෑම තැනකම සිටිනවායි කියා කියන්නේ නැහැ. සතුන්ගේ කතාව වෙනමම දෙයක්. ඉගෙන ගැනීමක් කරන්නේ මිනිසුනුයි. තමන් දැන් කුමන තත්ත්වයකට ද පත් වන්නේ ඒ උපත් කීයකට ද කියා ඔබලා දන්නවා. ඔබ ඔබගේ උපත් 84 සම්පූර්ණ කර අවසන්. උපත් මිලියන 8.4ක් ඇත්තේ නැහැ. මිනිස්සු සිටින්නේ මහා ඝන අන්ධකාරයකයි. මෙන්න මේ නිසා තමයි කියන්නේ: ඥාන සූර්යයා පහළ වන විට මෝහ අන්ධකාරය දුරු වෙනවායි කියලා. කල්ප භාගයක් තඹ හා කලි යුග වල ඇත්තේ අන්ධකාරයයි; කල්ප භාගයක් ස්වර්ණමය හා රිදී යුග වල ඇත්තේ ආලෝකයයි. මෙය දිවා රෑ නැතිනම් එළිය හා අඳුර පිළිබඳ වූ ඥානයයි. මේවා අසීමිත කරුණුයි. කල්ප භාගයක් පුරා ඔබලා අඳුරේ අතපත ගෑවා; තිබුණේ මහා අද්භූත හා වූ දේවල්. පාසලක ඉගෙන ගන්නා විට, එය අද්භූත දෙයක් කියන්නේ නැහැ. ඒ සත්සන් වල මිනිස්සු සිටින්නේ එහේ මෙහේ අතපත ගාමිනුයි. කිසිදු ආදායමයක් නැහැ. පාඩුවම පමණයි. ඒ නිසා තමයි එය අතපත ගෑමක් අද්භූත දෙයක් කියා කියන්නේ. එහේ මෙහේ යමින් එමින් මිනිස්සු තමන්ගේ මිල මුදල් නැති නාස්ති කරගෙන දිළින්දන් වෙලා. දැන් මෙම ඉගෙනුමේ දී ඔබලා හොඳින් ධාරණය කර ගත් තරමට අන් අයටත් හොඳින් ධාරණය කර ගැනීමට දිරිමත් කරවනවා. යහපතින් යහපතම හැරෙන්න වෙන කිසිවක්ම නැහැ. බ්‍රහමිණ්වරයෙක් වූවායින් පසුව යහපතම හැරෙන්න වෙන කිසිවක් සිදු වන්නේ නැහැ. දෙලොව වැසියන් වන්නේ ඔය බ්‍රහමනවරුන්ම බව ඔබලා තේරුම් ගෙන සිටිනවා. සෑම කෙනෙක්ම (බ්‍රහ්මිණ් අය) දෙ වැසියන් වෙනවා. කොහොමත් ඔබලා එහි උසස් තත්ත්වයක් දිනා ගැනීමට උත්සාහ කරනවා. දැන් ඔබ සෑම කෙනෙකුම ඇත්තේ විශ්‍රාම අවධියේයි. ඔබම කියන්නේ: බාබා, අපව විවේකයට නව ලෝකයට ගෙන යන්න කියලයි. ඒ ජීවාත්මයන්ගේ ලොවයි. අශාරීරික ලෝකය ඉතාමත් කුඩායි. මෙහි යාම් ඊම් කිරීමට විශාල ඉඩ ප්‍රමාණයක් තිබෙනවා. මේ දේවල් එහි නැහැ. එහි ශරීර නැහැ; චරිත කොටස් නැහැ. ජීවාත්ම තරු සේ සිටිනවා. මෙය ස්වභාව ධර්මයේ ආශ්චර්යයි. හිරු සඳු. තාරුකා තිබෙන්නේ කෙසේද කියා මදක් බලන්න. ජීවාත්මයනුත් ආලෝක ධාතුවේ කිසිදු ආධාරයකින් තොරව ස්වභාවිකව සිටිනවා. අච්චා.

සුමිහිරි,ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දෑන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාල්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥානය මත ගා ස්ව දර්ශන චක්‍රධාරීන් වන්න. ස්ව දර්ශන චක්‍රය කරකවා ඔබගේ පව් කපා ගන්න. ද්විත්ව අවිහිංසක වන්න.

2. ඔබගේ බුද්ධිය පිරිසිඳු නිර්මල බුද්ධියක් කරගෙන උසස් තත්ත්වයක් දිනා ගැනීමට රාජයෝග ඥානය ඉගෙන ගන්න. සත්‍ය නාරායන වීමේ මෙම කතා පුවත අසා තමන් මානව බවින් දේවතා බවට පත් වෙනවාය යන සතුට සෑම විටම සිතේ තබා ගෙන සිටින්න.

වරදානය:
තම අණසකට අනුව තම මනස හා බුද්ධිය මෙහෙය විය හැකි අඛණ්ඩ යෝගීවරයෙක් බවට ඔබ පත් වේවා.

අඛණ්ඩ යෝගීවරයෙක් එනම්, තමා මත පාලනය ඇත්තෙක් විමේ සුවිශේෂී බල වන්නේ ඔබගේම මනස හා බුද්ධියයි. ඉතින් එම විශේෂ බල ඔබගේ අණසකට අනුව පවතිනවා නම්, එනම්, ඔබගේ පාලනය මත ඒවා ක්‍රියාත්මක වෙනවා නම්, ඔබට අවශ්‍ය සිතිවිල්ල ඔබට සිතිය හැකි නම්, ඔබට අවශ්‍ය දේ මත බුද්ධිය යෙදවිය හැකි නම්, රජ වන ඔබව ඔබගේම බුද්ධිය අතරමං කරවන්නේ නැතිනම්, විනයානුකුලව වැඩ කරනවා නම්, එවිට ඔබ අඛණ්ඩ යෝගීවරයෙක් යැයි කිව හැකි වේ.

පාඨය:
මාස්ටර් ලෝක ගුරුවරයෙක් වන්න. කාලය තම ගුරුවරයා කරගන්න එපා.