21.06.25    Avyakt Bapdada      Sinhala Murli     15.11.2010    Om Shanti    Madhuban


ස්ව-පරිවර්ථනයේ වේගය වැඩි කර, ඔබගේ ස්වභාවය සහ සංස්කාර සමාප්ත කිරීමේ උත්සවය සමරන්න. සෑම සිතිවිල්ලක්, වචනයක් සහ ක්‍රියාවකින්ම බ්‍රහ්ම පියාව අනුකරණය කරන්න.


අද දින, සෑම කෙනෙකුගේම නළල මැද, බාප්දාදා භාග්‍යයේ සලකුණු තුනක් දිලිසෙන අයුරු දකිනවා. එකක් පියාගෙන් ඔබට ලැබුණු පෝෂණයේ භාග්‍යයයි. දෙවැන්න, ගුරුවරයාගේ ඉගැන්වීම් වල භාග්‍යයි. තුන්වැන්න, සත්ගුරූගේ ආශිර්වාද වල භාග්‍යයයි. ඔහු ආකාර තුනේම භාග්‍යය දිදුලන ආකාරය දකිනවා. සෑම කෙනෙකුගේම නළල, භාග්‍යයේ ආකාර තුනෙන්ම දිදුලනවා. වෙනත් කිසිවෙකුගේ නළලේ එවන් භාග්‍යයක් දිදුලන අන්දම දකින්නට නැත. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාගේ නළල්, භාග්‍යයෙන් දිදුලනවා. ඔබ සියලු දෙනාටත් ඔබගේ භාග්‍යය පෙනෙනවා නේද? ඔය සෑම කෙනෙකුටම භාග්‍යය ලැබී ඇති බව බාප්දාදා දුටුවා, නමුත්, සෑම කෙනෙකුගේම භාග්‍යයේ දීප්තිය එක වගේ නොවෙයි. සමහරුන්ගේ බැබලීම බොහෝ දීප්තිමත් වන අතර තව අයගේ දීප්තිය පෙනෙන්නේ අඩුවෙන්ය. ඇත්ත වශයෙන්ම බාප්දාදා ඔය සියලු දෙනාටම එකම භාග්‍යය එකම වෙලාවේ ලබා දී ඇත. එමෙන්ම ඔහු උගන්වන්නේද එකම ඉගැන්වීමය. ඔහු ඔබට සමාන පෝෂණයක් ලබා දී ඇති අතර එක සමාන ආශිර්වාදය ලබා දී තිබේ. ආදී මැණික් සහ පසුව පැමිණි අයට එකම මුරලියෙන් පෝෂණය සහ ඉගැන්වීම් ලැබෙයි; සියලු දෙනාටම ලැබෙන්නේ එකම ආශිර්වාදයි. ආදි මැණික් වලට ලැබෙන මුරලිය වෙනස් නැහැ; ඒවා එක සමානයි. කෙසේවෙතත්, දිස්වන භාග්‍යය දිදුලන්නේ අංක පිළිවෙලටයි. සියලු දෙනාටම පරම පියාගේ සෙනෙහසේ එකම පෝෂණය ලැබෙනවා. සියලු දෙනාගේ දෙතොලගින් මතුවන හඬ වන්නේ: “මගේ බාබා”. ඔබගෙන් කෙනෙක් පැමිණියේ ආරම්භයේද, පසුකාලීනවද, ඔය සෑම කෙනෙක්ම ඔබගේ අයිතියෙන් පවසන්නේ: “මගේ බාබා” කියා. පරම පියාගේ සෙනෙහස ඔවුන්ට ලැබී තිබේද කියා ඔබ, ඔවුන්ගෙන් විමසූ විට, ඔවුන් ආධ්‍යාත්මික කුල්මත් බවින් කියන්නේ, “මට පියාගෙන් උපරිම සෙනෙහස ලැබෙනවා.” තම හදවතින් “මගේ බාබා” කියන අය, එම ආධ්‍යාත්මික කුල්මත් බවින් පවසන්නේ කුමක්ද? “මගේ සෙනෙහසයි වැඩිම. බාබා තුළ පළමුවෙන්ම සෙනෙහස තිබෙන්නේ මටයි, මන්ද, පියාගේ පෝෂණය, සෙනෙහසයි.” “මගේ බාබා”, කියා විශ්වාස කිරීමෙන්, ඔබ බාබාට අයත් වන අතර පියා අයත් වන්නේ ඔබටයි.

අද ඔබ සියලු දෙනාම පැමිණ සිටිනවා, ඔබ ඇවිත් සිටින්නේ සෙනෙහස් ගුවන් යානයෙන්. ඔබ සියලු දෙනාව ආකර්ෂණය කර මෙහි රැගෙන ආවේ සෙනෙහසයි. ඔබ සියලු දෙනාම සෙනෙහසින් මෙහි සැප පහසුවෙන් ළඟා වී ඇත. පරමාත්ම පියාගෙන් මෙම සෙනෙහස ලැබෙන්නේ, මෙම සංගම යුගයේ දැන් පමණයි. ඔබට දේවතා ජීවාත්මයන්ගෙන් සෙනෙහස ලැබෙයි, නමුත් පරමාත්ම දෙවියන්ගෙන් මෙම සෙනෙහස ලැබෙන්නේ මෙම එක උපතෙදි පමණයි. එවන් වටිනා ජීවාත්ම දැක, බාප්දාදා පවසන්නේ කුමක්ද? අපූරුයි දරුවනේ! අපූරුයි! කෝටි ගණනකින් වටින අය බවට පත්ව ඇති අතලොස්ස ඔබ වන අතර සෑම කල්පයකදීම වටිනා අය බවට පත්වන අයත් ඔබයි. ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට ඔබට එවන් කුල්මත් බවක් තිබෙනවාද? ඔබගේ හදවත මෙම ගීතයත් ගායනා කරනවාද: ‘අපූරුයි මගේ භාග්‍යය’? ඔබ නොකඩවා මෙම ගීතය ගායනා කරනවා නේද? අයිතියක් තිබෙන අය, ඔය සියලුම දරුවන් නිසා පියාටත් සතුටුයි. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබා ගැනීමට, ඔබගෙන් කිසිවෙක් තමන් දෙවෙනි වන බව සලකන්නේ නැත. සෙනෙහස යන විෂයයෙන් ඔබ සියලු දෙනාම සමත් වී ඇත. වැඩියෙන්ම සෙනෙහස තිබෙන්නේ කාටද කියා, බාප්දාදා ඔබගෙන් විමසයි. මෙය පවසන්නේ කවුද? ඔබගේ සෙනෙහස අඩු නැති බව ඔබ සියලු දෙනාම දන්නවා. සෙනෙහස යන විෂයයෙන් ඔබ සියලු දෙනාම සමත් වී ඇති බව පියාද පවසයි, ඔබ මෙසේ කියන්නේ ඒ නිසයි: ‘මගේ බාබා’. ඔබ තුළ කෙතරම් සෙනෙහස තිබෙන්නේද කියා ඔය එක් එක්කෙනා දන්නවා. සෙනෙහස යන විෂයයෙන් ඔබ සියලු දෙනාම සමත් වී ඇති බව බාප්දාදා දුටුවා, නමුත් දැන්, කාලයට අනුව, ස්ව-පරිවර්ථනයට අවශ්‍යතාවයක් තිබෙනවා - ස්ව-පරිවර්ථනය පමණක්. ස්ව-පරිවර්ථනයේදී ඔබගේ සංස්කාර සහ ස්වභාවය පරිවර්ථනය කිරීමට විශේෂ අවශ්‍යතාවයක් තිබෙන බවත් ඔබට විශේෂයෙන් පවසන ලදි. දැන් නව වසර ඇරඹී ඇති නිසා, ස්ව-පරිවර්ථන වේගය වේගවත් විය යුතුයි. ඔබ මෙය සිදු කරන අතර ඔබ අවධානයත් යොමු කරනවා, නමුත් වේගය, වේගවත් විය යුතුයි. නව වසරේදි ස්ව-පරිවර්ථනය සිදු කරන බවට ඔබ පොරොන්දු වූ බවත් බාප්දාදාට මතකයි. ඔබගේ සංස්කාර ඔබ පරිවර්ථනය කළ යුතුයි, නමුත් ඔබ දැන් ස්ව-පරිවර්ථනය වෙනුවෙන් අවශ්‍ය වේගවත් උත්සාහයට, ඔබ වේගය වැඩි කළ යුතු බව බාප්දාදා දැක තිබේ. ඔබ සියලු දෙනා සිතන්නේ කුමක්ද? කාලයට අනුව, කාලයේ සීඝ්‍ර වේගයට අනුව, ඔබ සියලු දෙනා තීව්‍ර උත්සාහයේ යෙදෙන බව ඔබ සිතනවාද, නැත්නම් එය තව වැඩි විය යුතුද? මන්ද, කාලයට අනුව, කාලයේ පරිවර්ථනය වේගවත්ව සිදුවනවා, නමුත් ඔබගේ පරිවර්ථනය වේගවත් වන්නේ, ඔබට ඇති සිතිවිලි ප්‍රායෝගිකව සිදුවන විටයි. නිවැරදි නැති සිතිවිලි අවසන් විය යුතුයි - ඔබ කඩදාසියක නැවතීමේ තිතක් තබන අන්දමට. එසේ කිරීමට කොපමණ වේලාවක් ගත වනවාද? නිවැරදි නැති සිතිවිලි, එනම්, නිෂ්ඵල සිතිවිලි ඉතා සීඝ්‍රයෙන් පරිවර්ථනය කළ යුතුයි. බාප්දාදාට අවශ්‍ය වේගය ඔබට ගෙන ආ හැකිද? ඔබට එම එඩිතරකම තිබෙනවාද? දැන් සිට, ඔබට සීඝ්‍ර වේගයකින් නැවතීමේ තිතක් තැබිය හැකි බව, දරුවන්ට එඩිතරකම තිබෙන විට, පියා උදව් කරන බව සිතන අය, අත් ඔසවන්න! ඔබගේ අධිෂ්ඨානගත සිතිවිල්ල දැක, බාප්දාදා ඔය දරුවන්ට සුබ පතනවා. බාප්දාදා ඔබට මින් පෙරද පැවුවේ, මෙම අධිෂ්ඨානයට ඇති සිතිවිල්ල වන්නේ: “මම අනිවාර්යෙන් මෙය සිදු කළ යුතුමයි.” ඉතිං අද දින සමූහයේ සිටින ඔය සියලු දෙනා තුළ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති විය, එහෙම නේද? ඔබ සියලු දෙනාම දුටුවා - දාදීන් දුටුවා, ඔබ සියලු දෙනා දුටුවා - බහුතරයක් ඔවුන්ගේ අත් එසවූ බව; ඔබ සියලු දෙනා එය දුටුවා. එබැවින් හෙට සිට, ඔබගේ ස්වභාවයේ සහ සංස්කාර වල සමාප්ත උත්සවය අපි සමරමු. අප එය සැමරිය යුතුද? කලින් අත් එසවූ අය, අත් ඔසවන්න! අපි සැමරුම් උත්සවයක් පැවැත්විය යුතුද? මෙම උත්සවය බොහෝ ශෝභාවකින් සහ අලංකාරව සමරන්න? එඩිතරකම වෙනුවෙන් ඔබ අරමුණක් තබා ඇති සේම, එඩිතරකම සමගම, ඔබ එයට අවශ්‍ය සුදුසුකම්ද වර්ධනය කර ගන්නේ නම්, එවිට එය මහ ලොකු දෙයක් නොවෙයි. පරම පියාට සමාන වීමේ අරමුණ ඔබට ඇති බැවින්, ඔබ දැන් ඔබගේ අරමුණ සහ එහි සුදුසුකම් සමාන කරගත යුතුයි. බ්‍රහ්ම පියාව අනුගමනය කරන්න. ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා කුමක් වන්නේද, ප්‍රථමයෙන් ඒවා බ්‍රහ්ම පියාගේ ඒවා සමග සසඳන්න. අනුකරණය කරන්න! ලෝකයේ අනුකරණය කිරීම තහනම්ය, නමුත් බාප්දාදා ඔබට පවසන්නේ බ්‍රහ්ම පියාව අනුකරණය කරන ලෙසයි. ඔබ පවසන්නේ, අශාරීරික පියාට සිරුරක් නොමැති බැවින් ඔහුට ශරීර අවධානය කුමක්ද? කෙසේවෙතත්, බ්‍රහ්ම පියා ශාරීරික ජීවියෙක් වී සිටියා. ඇත්ත වශයෙන් කැප වී ඇති ඔබ සියලු දෙනා, කැප වී ඇති අය, අත් ඔසවන්න! ඔබ තමන්ව කැප කළ විට, ඔබට ඇති වූ සිතිවිල්ල කුමක්ද? ඔබගේ සිරුර, මනස සහ ධනය යන සියල්ල දැන් පියාට අයත් බව. ඔබ මෙය සිදු කළා නේද? ඔබ මෙය සිදු කළාද? මෙයට අත් ඔසවන්න! ඉතිං ඔබ කුමක් හෝ කැප කළා නම්, එය තව දුරටත් ඔබගේ නොවෙයි: මෙම සිරුර මගේ නොවෙයි, මෙම ධනය මගේ නොවෙයි. බ්‍රහ්ම පියා සේවය වෙනුවෙන් තම සිරුර පරම පියාට ලබා දුන්නා. එබැවින් එම සිරුර තමන්ගේ නොවෙයි, නමුත් එය සේවය වෙනුවෙන් බව, බ්‍රහ්ම පියා දැන සිටියා. ඉතිං ඔබ තුනම, ඔබගේ සිරුර, මනස සහ ධනය කැප කර ඇති බැවින්, බ්‍රහ්ම පියාගේ සිරුර සේවය වෙනුවෙන් තිබූ ආකාරයෙන්ම ඔබගේ සිරුර ද පරම පියාගේ සේවය සඳහා උපකරණයකි. එබැවින් ඔබගේ සිරුර ඔබගේ නොවෙයි; එය සේවය සඳහාය. එසේ නම් තිබෙන, සිරුරේ අහංකාරකම සහ ශරීර අවධානයේ සංස්කාර ඔබට තිබිය යුතුද? මෙය ඔබගේ අවධානයේ තබා ගන්න: මෙම සිරුර ලෝක සේවය සඳහාය. එය මගේ නොවෙයි, නමුත් පියා මට එය සේවය සඳහා ලබා දී ඇත. එවිට ශරීර අවධානය සහ ශරීරයේ අහංකාරකම අවසන් වෙයි. ශරීරයේ අහංකාරකම විශාල පාඩුවක් සිදු කරයි. ශරීර අවධානය එයට වඩා ටිකක් සැහැල්ලුයි, නමුත් ඔබ දෙකම පියාට ලබා දි ඇති නිසා... ඔබ පුරවන පෝරම වල ඔබ ලියන්නේ මොනවාද? ගුරුවරු, ඔබ පෝරම පුරවන්නට කියා ඉල්ලා සිටිනවා නේද? ඉතිං ඔබ ඒවායේ ඔවුන්ට ලියන්නට කියන්නේ කුමක්ද? මගේ මේ ජීවිතය දැන් තිබෙන්නේ සේවය වෙනුවෙන් බව. බ්‍රහ්මින්වරු වී ඇති ඔබ සියලු දෙනාම පියාට පොරොන්දු වී තිබේ: සිරුර, මනස සහ ධනය යන සියල්ල දැන් අයිති පරම පියාටයි; ඒවා මගේ නොවෙයි. එසේ නම් උපදින සංස්කාර, ශරීරයේ අහංකාරකම හෝ ශරීර අවධානය නිසාය, මේ නිසයි ඔබ අද සංස්කාර අවසන් කිරීමට පොරොන්දු වුනේ, මන්ද, ඔබ විසින් පියාව හෙළිදරව් කිරීමට බාධක ඇති කරන්නේ මේවාය. ඔබ සියලු දෙනාටම මෙම උද්යෝගය තිබේ. බාප්දාදාට මෙය නොකඩවා ඇසෙන අතර ඔබ පියාව හෙළිදරව් කළ යුතු බව, ඔබ සියලු දෙනා නොකඩවා කියයි. මේ දක්වා, බ්‍රහ්ම කුමාරීන් සහ බ්‍රහ්ම කුමාරවරු හෙළිදරව් වී ඇත. පරමාත්ම දෙවියන් පැමිණ ඇති බවට පරම පියාගේ හෙළිදරව්ව තවමත් අප්‍රසිද්ධයි. ඔබ මෙයට උත්සාහ දරමින් සිටින නමුත්, හෙළිදරව්වේ මෙම හඬ පැතිරී යා යුතුයි: ‘අපගේ පියා ඇවිත්’. මේවා බ්‍රහ්ම කුමාරීන්ගේ වදන් නොවෙයි, පරමාත්ම දෙවියන්ගේ වදන්ය. මෙම හෙළිදරව්ව දැන් සිදු විය යුතුයි. ඔබගේ ස්වභාවයන් සහ සංස්කාර දැන් පරිවර්ථනය විය යුතුයි. ඔය එක් එක් කෙනාගේ මුහුණින් සහ ක්‍රියාකාරකම් තුළින් හෙළිදරව්ව සිදුවෙයි. ඔබ පරම පියාව හෙළිදරව් කළ යුතුයි. ඔබ එය කරන නමුත්, සියලු දෙනාගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙන හඬ විය යුත්තේ ‘පරමාත්ම දෙවියන් ඇවිත්’, එනම්, ‘අපගේ පියා ඇවිත්.’ එය අනිවාර්යෙන් සිදුවිය යුතුයි. එය සිදුවිය යුතු බව පෙන්වීමට ඔබගේ අත් ඔසවන්න! එය සිදුවිය යුතුයි නේද? ඔබ ඉතා හොඳින් අත් එසවූවා. එය සිදුවීමට ඔබ සියලු දෙනා තුළ මෙම ගැඹුරු ආශාව තිබීම ගැන බාප්දාදාට සතුටුයි, එමෙන්ම එය අනිවාර්යෙන් සිදුවිය යුතුයි. එබැවින් හෙට සිට ඔබගේ ස්වභාවය සහ සංස්කාර පරිවර්ථනය කරන ආකාරයෙන්ම, මෙය සිදු කරන අන්දම වන්නේ, බ්‍රහ්මින්වරු වී ඇති ඔබ සියලු දෙනා, සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඇති කිරීමේ ඔබගේ වාර්ථාවට, විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. ඔවුන්ට කොපමණ වේලාවක් සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඇති කළ හැකිද කියා බැලීමේ කාර්යය, ඔබ ලෝකයේ මිනිසුන්ට ලබා දී තිබේ. මෙය කළ හැකි බව, ඔබ ඔවුන්ට පැවසුවා. එබැවින් ඔබට මෙය අනිවාර්යෙන් කළ හැක. යම් කිසි ජීවාත්මයක් කෙරෙහි ඔබ තුළ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් නොමැති ඕනෑම විටෙක, එම කෙනාගේ ස්වභාවය සහ සංස්කාර ඔබට එදිරි විය හැක. එබැවින් අම්රිත් වේලාවේ ඔබට මෙම සිතිවිල්ල ඇති වන්නේ නම්: ‘මා තුළ අනිවාර්යෙන්ම සෑම ජීවාත්මයක් කෙරෙහි සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් තිබිය යුතුයි’, එවිට ඔබට ඇති වූ, නියත වශයෙන්ම පරිවර්ථනය ගෙන ඒමේ සිතිවිල්ල ඉටු කිරීමට ඔබට හැකි වෙයි. සිදුවීම් ඇති වෙයි. සිදුවීම් පැමිණීම එහි යුතුකමයි. ඒවා මායා නොවේද? එබැවින් ජය ගැනීම ඔබගේ යුතුකමයි. එබැවින් උපකරණ වන අය සමග හෙට දිනයේ ඔබලා අතරින් කණ්ඩායමක් සාදා, ඔබට ඇති වූ සිතිවිල්ල ප්‍රායෝගික ස්වරූපයකට දමන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කරන්න. අවසන් කරන්න! නැවතීමේ තිතක් තබන්න! ඔබ අත් එසවූවා නේද? ඉදිරියේ අසුන්ගෙන සිටින අය අත් එසවූවා. එබැවින් ඔබට මේ සඳහා උපකරණ වීමට සිදුවෙයි. ආරම්භයේ බොහෝ සංස්කාර ඇති බොහෝ දෙනෙක් බ්‍රහ්ම පියා ඉදිරියට පැමිණියා. ආරම්භයේ බ්‍රහ්ම පියා සංස්කාර වල බොහෝ ක්‍රීඩා දුටුවා. කෙසේවෙතත්, පරම පියාගේ සහයෝගය ඇතිව, ඔහු අඛන්ඩව ඉදිරියට ගමන් කර, අන් අයටත් ඉදිරියට ගමන් කිරීමට දිරිමත් කළා, එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙසින්, අද මෙතරම් විශාල සංඛ්‍යාවක් සිටිනවා. කැලඹීලි සිදුවීමි තිබුණු නමුත් ඔහු නොසැලී සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ මධ්‍යස්ථාන විවෘත වූ අතර බොහෝ වැඩසටහන් සිදුවෙමින් පවතිනවා.

මේ දිනවල වැඩසටහන් කීයක් සිදුවෙමින් පවතිනවාද? ඒවා සිදුවෙමින් පවතිනවා නේද? මේ සියල්ල බ්‍රහ්ම පියාගේ එඩිතරකමේ ප්‍රතිඵලයකි. ආරම්භයේ බ්‍රහ්ම පියා සිටියේ තනිවමයි. ඔබ සියලු දෙනා පැමිණියේ පසුවයි, නමුත් ඔහු එඩිතරකම පවත්වාගෙන තනිවම ඉදිරියට ගමන් කළ අතර ප්‍රායෝගික සාක්ෂියේ ප්‍රතිඵලය වී ඇත්තේ ඔබ සියලු දෙනා සහකරුවන් වීමයි. එබැවින් මෙය ඔහුගේ එඩිතරකම නේද? බ්‍රහ්ම පියා තනිවම එඩිතරකම පවත්වා ගත් අතර දැන් ඔය සහකරුවන් බොහෝ දෙනෙක් සිටිනවා. එබැවින් පියාව අනුගමනය කරන්න! ඔබ සියලු දෙනාම, තමන් බ්‍රහ්ම පියාගේ දරුවන් සහ ඔහුගේ සහකරුවන් බව සලකනවා නේද? ඔබ ඔහු සමග සිටියි, ඔහු සමග ආපසු ගොස්, බ්‍රහ්ම පියා සමග පහළට රාජධානියට යයි. එබැවින් කාලය දැන්ය. බ්‍රහ්ම පියා එඩිතරකම පවත්වා ගත් අතර ඔබ එහි ප්‍රතිඵලය දකිනවා. එබැවින් මෙම සමූහය තුළ එඩිතරකමේ පාදය තබන්න, ඉන්පසුව කළ නොහැක්කේ කුමක්ද කියා බලන්න! එය සෑම කල්පයකදීම සිදුවී ඇති අතර නියත වශයෙන්ම සිදුවීය යුතුයි. එබැවින් ඔහුට අවශ්‍ය කුමක්ද කියා පරම පියා ඔබට පැවසුවා. සරළව, ඔබ සියලු දෙනාම දැන් එක දෙයක් ගැන පමණක් කතා කළ යුතුයි, එනම්, සාමාන්‍ය උත්සාහය, තීව්‍ර උත්සාහය බවට පරිවර්ථනය කරන්න. ඇතැම් අවස්ථාවල, මෙම නොසැලකිල්ල තිබෙන බව බාප්දාදා දුටුවා: එය සිදුවෙයි. ජයග්‍රහණය අපගේ ජන්ම උරුමයයි. මෙම දැනුමට අනුව, මෙය නියම වී තිබේ, නමුත් “ජයග්‍රහණය අපට සහතික වී තිබේ” යන වචනත් නොසැලකිලිමත්කමේ වදන්ය. “කිසි දෙයක් තවමත් නතර වී නොමැත. එය සිදුවිය යුතුයි.” මේවා උත්සාහයේ වදන් වන අතර එම වදන්ම නොසැලකිල්ලටත් භාවිතා කරයි: “කිසි දෙයක් නතර වීමට යන්නේ නැහැ. එය සිදුවිය යුතුයි....” එය නොසැලකිලිමත්කමයි. එබැවින් මෙම සංස්කාරත් පරීක්ෂා කර බලන්න. නොසැලකිල්ලේ ලක්ෂණය වන්නේ සුළු දේවල් වලට පවා ඔවුන්ගේ ජීවිතවල වෙහෙසකාරී බවක් දිස් වීමයි. ඔවුන්ගේ මුහුණු වල එම සතුටේ දීප්තිය නොපෙනෙයි. ඔබ සිදු කරන සේවයේ ඔබ පුණ්‍යකර්ම සිදු කරන්නේ නම්, ඔබගේ මුහුණ මත එම සතුට තිබිය යුතුයි. එක හෝ වෙනත් අන්දමක වෙහෙසක් තිබීම යනු, එක් හෝ වෙනත් ආකාරයක නොසැලකිල්ලේ ලක්ෂණයකි. ඔබට එය කිරීමට තිබෙන බැවින්, එය සතුටින් කරන්න. ඔබගේ මුහුණ සේවය කළ යුතුයි. ඔබගේ ක්‍රියාකාරකම් සේවය කළ යුතුයි. එබැවින් අද දින එම සංස්කාර අවසන් කිරීම සඳහා, ඔබගෙන් බහුතරයක් අත් එසවූ බව දැක, බාප්දාදා ඔබට නැවත නැවතත් සුබ පතනවා.

අච්චා. මෙම කණ්ඩායමේ ප්‍රථම වතාවට පැමිණි අය නැගිටින්න! කී දෙනෙක් සිටිනවාද කියා ඔබට පෙනෙනවාද? බොහෝ දෙනෙක් සිටිනවා. අත් වනන්න! ප්‍රථම වතාවට පැමිණි අය, ඔබගේ පියාව මුණ ගැසීම වෙනුවෙන් සුබ පැතුම්. දැන් විශේෂයෙන්, කාලයට අනුව, ඔබට වේගවත්ව උත්සාහ දැරීමට සිදුවෙයි. බාප්දාදා පවසන්නේ: ඔබ අවසානයේ පැමිණි නමුත් වේගවත්ව උත්සාහ දරා, මන්දගාමී ආකාරයකට ගමන් නොකරන අයට, වේගවත්ව යාමට හැකි වන අතර, වේගවත්ව යන අයට, ප්‍රථමයට පැමිණිය හැක. එවන් විශ්මයක් සිදු කරන්න! ඔබට මෙම අවස්ථාව තිබේ. ඔබ අවසානයට පැමිණ ඇති බව නොසිතන්න; නැහැ. ඔබට වේගයෙන් යා හැක. කෙසේවෙතත්, ඔබ සෑම මොහොතකදීම අනිවාර්යෙන් වේගවත්ව උත්සාහ දැරිය යුතුයි. ඔබ නියත වශයෙන් වෙනස් විය යුතුමයි. එය අනාගතයට නොතබන්න: ‘මා ඒ ගැන බලන්නම්, මා ඒ ගැන සිතන්නම්.” එසේ නොකරන්න. එය හොඳයි. ඔබගේ නිවහනට සහ දානපතිගේ නිවහනට ඔබ කැමතියි නේද? සියලුම සහෝදර සහෝදරියන්ද ඔබව සාදරයෙන් පිළිගන්නවා. අච්චා.

සෑම තැනකම සිටින ඔය සියලුම බ්‍රහ්මින් දරුවන්, බාප්දාදාගේ සෙනෙහසින් පිරි ස්මරණය කාරුණිකව පිළිගන්න. සමහර දරුවන් දුර ඈත අසුන්ගෙන සිටිමින් හමුවක් සමරන බව, බාප්දාදා දන්නවා. සෑම තැනකම සිටින ඒ සියලුම දරුවන්ට බාප්දාදා පවසන්නේ : තම සංස්කාර අවසන් කිරීමට දරුවන් බහුතරයක් අත් එසවූ සේම, ඔබ සියලු දෙනාමත් එකට, සාමූහිකව මෙයට ඔබගේ අත් ඔසවනවා. කාලයේ සමාප්තිය සමීපයට ගෙන ඒමේ සිතිවිල්ල ඔබට ඇති වනවා. එවිට, කාලයේ සමාප්තිය පැමිණි විට, ඔබ මෙසේ කියමින් සෑම තැනකම බ්‍රහ්ම පියා සහ ශිව පියා යන දෙදෙනාවම හෙළිදරව් කරයි: “අපගේ පියා ඇවිත්!” පරම පියාගේ හෙළිදරව්ව, සෑම තැනකම සියලු දෙනාගේම දෙතොල් මත තිබිය යුතුයි. දැන් මේ වසරේ ඔබ අනිවාර්යෙන් පියාව හෙළිදරව් කළ යුතු බවට සිතිවිල්ල ඇති කරගන්න. කාර්යයෙන් අඩක්ම සිදු කර තිබේ. පියා ලෝකයා ඉදිරියේ ඔය දරුවන්ව හෙළිදරව් කර ඇත. දැන්, ඔය දරුවන්ගේ කාර්යය වන්නේ, ලෝකයේ සෑම දරුවෙක් වෙතටම මෙම හඬ ළඟා කරවීමයි: “පරමාත්ම දෙවියන් ඇවිත්!” සියලු දෙනාව දැක, බාප්දාදා ඔය සියලු දෙනාටම ඔහුගේ හදවතින් සෙනෙහස (ස්නේහය සහ ප්‍යාර්) ලබා දෙමින් උනන්දුව සහ උද්යෝගයෙන් පිරි සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා. අච්චා.

සේවය කිරීමේ වාරය කර්නාටක කලාපයටයි: සේවය වෙනුවෙන් මෙම අවස්ථාව ලබා ගැනීම යනු පරම පියාට සමීප වීමට අවස්ථාවක් ලැබීමයි. බලන්න, සේවය නිසා මිනිසුන් බොහෝ දෙනෙකුට පැමිණීමට අවස්ථාවක් ලැබෙනවා. ඔය සියලුම උපකරණ ගුරුවරුන්ට සියලු දෙනාගේ ආශිර්වාද හිමි වනවා, මන්ද. සේවය සඳහා ඔබ එඩිතරකම පවත්වා ගත් නිසා, බොහෝ දෙනෙකුට මෙම අවස්ථාව ලැබුණා. ප්‍රථම වතාවට බොහෝ අළුත් අය පැමිණ ඇති බව බාප්දාදා දුටුවා. කර්නාටක කලාපයෙන් ප්‍රථම වතාවට පැමිණි අය, අත් ඉහළට ඔසවන්න! බොහෝ දෙනෙක් ප්‍රථම වතාවට ඇවිත්. එය හොඳයි. කර්නාටක වල වර්ධනය හොඳයි. මෙම වර්ධනය ඇති වී තිබෙන ආකාරයටම, දැන් තීව්‍ර උත්සාහ දැරීමේ ක්‍රමවේදයේ රැල්ලත් සෑම තැනකම පතුරුවා හරින්න. මෙම අංකය හිමි කරගන්න! සංස්කාර අවසන් කිරීමේදි අංකයක් හිමි කරගන්න! ඔබට මෙය කළ හැකිද? ප්‍රථම අංකය හිමි කරගත හැකි බව සිතන අය අත් ඔසවන්න! එය හොඳයි. ඔබ අතරේ සමූහයක් නිර්මාණය කර වැඩසටහනක් සාදන්න. සියලු දෙනාම එක්සත්ය. විවිධ ස්ථාන තිබෙන නමුත් ඔබ සියලු දෙනාම එකයි. දැන් මෙම විශ්මය සිදු කරන්න! ඔබට මෙම එඩිතරකම තිබෙනවා නේද? ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? බාප්දාදාට නොකඩවා තොරතුරු ලැබෙනවා. එබැවින් ඔබගේ පරිවර්ථනය ගැන සෑම මසකම මධුබන් වලට ලියන්න. ඔබ ලියනවා නේද? සෑම මසකම? අතීතය, අතීතයේම තිබුණාදෙන්! දැන් ප්‍රථම අංකය හිමි කරගෙන මෙය පෙන්වන්න. එය හොඳයි. සේවය හොඳ බව බාප්දාදා දුටු අතර දැන් ඔහු දැකීමට පතන්නේ, සමූහය එක්සත් වීමය. ආදර්ශයක් වන්න. සූදානම්ද? ඔබ සූදානම්ද? අත් ඔසවන්න! බලන්න, ඔබට මාසයකදි ප්‍රතිඵලය ලැබෙයි. අච්චා. බොහෝ, බොහෝ, විශේෂ සෙනෙහස සහ ස්මරණය.

වරදානය:
තමන්ව සම්පූර්ණයෙන් කැප කිරීමේ ක්‍රමවේදයෙන් සහ එබැවින් සමාන සහකරුවෙක් වීමෙන්, ඔබ ‘මගේ’ යන අවධානයට සියලු අයිතීන් අවසන් කරත්වා.

ඔබ මෙම පොරොන්දුව සිදු කළා: ‘මා ඔබ සමග හිඳින්නම්, මා ඔබ සමග ආපසු යන්නම් සහ අපි එකට පාලනය කරමු.’ ඔබගේ සහකරුට ඔබ සමාන වූ විට, ඔබට මෙම පොරොන්දුව ඉටු කිරීමට හැකි වෙයි. සමාන බව ඇති වන්නේ ඔබ කැප වීමෙනි. ඔබ සෑම දෙයක්ම කැප කළ විට, ඒ දේවලට ඔබගේ සියලු අයිතීන් සහ වෙනත් අයගේ අයිතීන් අවසන් වෙයි. ඔබට ඒවාට අයිතියක් තිබෙන තාක් කල්, ඔබගේ සම්පූර්ණ කැප වීමේ යම් අඩුවක් තිබෙයි, එබැවින් ඔබට සමාන විය නොහැක. එබැවින් එකට සිටීමට සහ ආපසු එකට පියාසර කිරීම සඳහා විගසින් සමාන වන්න.

පාඨය:
සාර්ථකත්වයේ පදනම වන්නේ, ඔබගේ කාලය, හුස්ම සහ සිතිවිලි වටිනා ලෙස භාවිතා කිරීමයි.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

ඔබට පහසු ස්වභාවයක් තිබෙන විට, ඔබට ඉබේටම අසුරා ගැනීමේ බලය ඇති වෙයි. ඔබට පහසු-ස්වභාවයක් තිබෙන විට, ඔබ සියලු දෙනා සමග ආදරණීය සහ සහයෝගශීලී වෙයි. ඔබට පහසු-ස්වභාවයක් තිබෙන ප්‍රමාණයට අනුව, මායා ඔබට එතරම් විරුද්ධ නොවෙයි. ඔබට පහසු ස්වභාවයක් තිබෙන විට, ඔබට කිසිදු නිෂ්ඵල සිතිවිලි නොමැති වන අතර ඔබගේ කාලයද අපතේ නොයයි. ඔබගේ බුද්ධිය අසීමිත වන අතර දුර-පෙනෙයි. අහිතකර සිදුවීම් ඔබට විරුද්ධ වීමට නොපැමිණෙන්නේ මේ නිසයි.

විශේෂ නිවේදනය: තුන්වන ඉරු දින ලෝක භාවනාව සඳහා අභ්‍යාසය.

අද, මාසයේ තුන්වන ඉරු දිනයයි. සියලුම සහෝදර සහෝදරියන් ප:ව 6.30 සිට 7.30 දක්වා සාමූහික යෝගාවේ සිටියි. ඔබගේ සුරදූත ස්වරූපයෙන්, දුකෙන් සහ අශාන්තියෙන් සැරිසරන ජීවාත්මයන්ට සතුටේ සහ ශාන්තියේ පිවිතුරු කිරණ ලබා දී, ආධාරක පිරිනමන්නා වන පරමාත්ම දෙවියන් ගැන ඔවුන්ට සිහිකර දීමේ සේවය සිදු කරන්න.