21.07.24    Avyakt Bapdada      Sinhala Murli     16.12.20    Om Shanti    Madhuban


මුළුමනින්ම බ්‍රහ්ම බාබා හා සමාන, (සාක්ශාත්) සුරදූත කර්ම යෝගීවරයෙක් වන්න,
එවිට දර්ශන (සාක්ශාත්කාර්) ආරම්භ කිරීමේ යතුර කැරකෙයි.


අද දින, බ්‍රහ්මින් ලෝකයේ නිර්මාණකරු වන බාප්දාදා, ඔහුගේ බ්‍රහ්මින් ලෝකය දැකීමෙන් සතුටු වනවා. එය බොහෝ කුඩා සහ ආදරණීය ලෝකයකි. සෑම බ්‍රහ්මින් කෙනෙකුගේම නළල මත වාසනාවේ තාරකාවක් දිලිසෙනවා. ඔබ අංකානුරූප වුවද, ඔය සෑම තාරකාවකටම, පරමාත්ම දෙවියන්ව හදුනාගැනීමේ සහ ඔහුට අයත් වීමේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ දීප්තිය තිබේ. ඍෂිවරු, මුනිවරු සහ තපස්වරු “නැති, නැති” (අප දන්නේ නැහැ, අප දන්නේ නැහැ) යැයි කියූ එම පියා, බ්‍රහ්මින් ලෝකයේ ඔය අහිංසක ජීවාත්ම විසින් හදුනාගෙන හිමිකරගෙන ඇත. මෙම වාසනාව හිමි කරගන්නේ කුමන ජීවාත්මද? සාමාන්‍ය ජීවාත්ම. පියා පැමිණෙන්නේ සාමාන්‍ය සිරුරකය, එබැවින් ඔහුව හදුනාගන්නේ සාමාන්‍ය දරුවන්ය. අද මෙම සමූහය දෙස බලන්න! මෙහි අසුන් ගෙන සිටින්නේ කවුද? කෝටිපතියන් හෝ බිලියනපතියන් කවුරුන් හෝ මෙහි අසුන්ගෙන සිටිනවාද? සිහි කෙරෙන්නේ සාමාන්‍ය ජීවාත්මයි. පියාව සිහි කර ඇත්තේ දුප්පතුන්ගේ ස්වාමී ලෙසයි. කෝටිපතියන්ගේ හෝ බිලියනපතියන්ගේ ස්වාමී ලෙසින් ඔහුව සිහි කර නොමැත. නුවණැති බුද්ධිය හිමි කෙනාට, කෝටිපතියන් සහ බිලියනපතියන්ගේ බුද්ධිය පරිවර්ථනය කළ නොහැකිද? එය මහ ලොකු දෙයක් නොවෙයි. කෙසේවෙතත්, නාටකයේ ඉතා හොද, හිතකාමී නීතියක් නිර්මාණය වී තිබේ. එනම්, පරමාත්ම දෙවියන්ගේ කාර්යය නිම වන්නේ බිදෙන් බිද, නිර්මාණය වන විලකින්ය. බොහෝ ජීවාත්මයන්ගේ අනාගතය නිර්මාණය කළ යුතුයි. ඔවුන්ගේ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කළ යුත්තේ ජීවාත්ම 10 දෙනෙක් හෝ 20 දෙනෙක් පමණක් නොවෙයි, නමුත් බොහෝ ජීවාත්ම ඔවුන් සතු සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කළ යුතුයි. විලක් නිර්මාණය වන්නේ බිදෙන් බිද බව සිහි කර තිබෙන්නේ මේ නිසයි. ඔබ සියලු දෙනාම ඔබගේ සිරුරු, මනස සහ ධනය කෙතරම් ප්‍රමාණයකින් වටිනා ලෙස නොකඩවා භාවිතා කරන්නේද, එයට අනුව ඔබ සියලු දෙනා සාර්ථකත්වයේ තාරකා බවට පත් වෙයි. ඔබ සියලු දෙනාම සාර්ථකත්වයේ තාරකා වෙලාද? ඔබ දැනටමත් මෙය වෙලාද නැත්නම් එය විය යුතුද? ඔබ තවමත් මේ ගැන සිතමින් සිටිනවාද? සිතන්න එපා. “මා එය කරන්නම්! මා ඒ ගැන බලන්නම්! මා කොහොමත් එය කළ යුතුයි!” කියා සිතීම යනු, ඔබගේ කාලය අපතේ හැරීමයි. ඉන් අදහස් වන්නේ ඔබගේ අනාගතය මෙන්ම වර්ථමාන ලැබීම් අපතේ හැරීමයි.

ඇතැම් විට සමහර දරුවන්ගේ සිතිවිලි බාප්දාදා වෙතට ලගා වෙයි. පිටත සිටින අය, දුගී, අසරණ මිනිසුන්ය, නමුත් බ්‍රහ්මින් ජීවාත්ම දුගී හෝ අසරණ නැත; ඔවුන්ට ශ්‍රේෂ්ඨ අදහස් තිබෙන අතර ඔවුන් නුවණැත්තන්ය. කෙසේවෙතත්, ඇතැම් විට සමහර දරුවන්ට දුර්වල සිතිවිල්ලක් ඇති වෙයි. බාබා ඔබට කිව යුතුද? බාබා ඔබට ඒවා ගැන කිව යුතුද? ඔබ, ඔබගේ අත් ඔසවනවා. ඉතා හොදයි. විනාශය සිදුවීමට යනවාද, නැද්ද කියා ඔබ ඇතැම් විට සිතයි. 1999 වසර අවසන්ය. 2000 වසර අවසන් වීමට ඉතා ආසන්නයි. දැන් තව කෙතරම් කාලයක් තිබේද? බාප්දාදාට මෙය හාස්‍යජනක බව හැගෙයි, මන්ද, විනාශය ගැන සිතීම යනු පියාට සමුදීමයි, මන්ද, විනාශය සිදුවන විට ඔහු ආපසු පරම දනව්වට යයි. එබැවින් ඔබට සංගම යුගය ඇති වෙලාද? මෙම යුගය දියමන්තියක් තරම් වටින බව ඔබ කියයි, ඒ තිබියදී ඔබ වැඩියෙන් සිහි කරන්නේ ස්වර්ණමය යුගයයි. එය සිදුවිය යුතුයි, නමුත් ඔබ බලා සිටින්නේ ඇයි? ඔවුන් සතු සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කළ යුතු බව, ඇතැම් දරුවන් සිතයි. කෙසේවෙතත්, විනාශය හෙට හෝ අනිද්දා සිදු වන්නේ නම්, එවිට ඔවුන්ගේ කිසිම දෙයක් වටිනා ලෙස භාවිතා වී නැති බවත් ඔවුන් සිතයි. “මා සතු කිසි දෙයක් සේවය වෙනුවෙන් භාවිතා වී නැහැ.” කියා ඔබ සිතයි. “ඒ ගැන සිතා බැලීමෙන් පසු මා එය කරන්නම්. මා පළමුව එය ගණනය කළ යුතුයි. වරකට සුළු ප්‍රමාණයක් බැගින් මා එය කරන්නම්.” මේ සියලුම සිතිවිලි බාබා වෙතට ලගා වෙනවා. කෙසේවෙතත්, නිදසුනක් ලෙස, සේවය වෙනුවෙන් ඔබ අද දින ඔබගේ සිරුර කැප කරන්නේ නම්; ලෝක පරිවර්ථනය වෙනුවෙන් චිත්ත තරංග විහිදුවා හැරීමට ඔබගේ මනස නිරන්තරයෙන් ඔබ කාර්යබහුලව තබා ගන්නේ නම්, එමෙන්ම ඔබට ඇති කුමන හෝ ධනයක් - ඔබට තිබෙන ලැබීම් සමග සසදන විට එය සුළු දෙයක් - නමුත් ඔබට ඇති කුමන හෝ ධනයක්, ඔබ එය අද භාවිතා කරන්නේ නම් සහ හෙට විනාශය සිදු වන්නේ නම්, එවිට ඔබ සතු සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා වුනාද, නැත්නම් එය අපතේ හැරියාද? ඒ ගැන සිතා බලන්න! එය සේවය වෙනුවෙන් භාවිතා වුනේ නැහැ, එබැවින් එය වටිනා ලෙස භාවිතා වුනාද? ඔබ එය වටිනා ලෙස භාවිතා කළේ කවුරු වෙනුවෙන්ද? ඔබ එය වටිනා ලෙස භාවිතා කරන්නේ බාප්දාදා වෙනුවෙන් නොවේද? එමෙන්ම, බාප්දාදා සදාතනිකයි, ඔහු කිසිදා විනාශ වන්නේ නැහැ. ඔබ අද දින හෝ පැයකට පෙර පමණක්, ඔබගේ අවිනාශී ගිණුමේ ඔබ බාබා සමග යමක් රැස් කරගෙන ඇත්නම්, එවිට ඔබ එය රැස් කරගෙන තිබෙන්නේ අවිනාශී පියා සමග ඔබගේ අවිනාශී ගිණුමේ වන අතර එකකට කෝටි ගුණයක ප්‍රතිලාභයක් ඔබට හිමි වී ඇත. එකකට කෝටි ගුණයක ප්‍රතිලාභයක් ලබා දීමට පියා බැදී සිටිනවා; ඔහු පිටව යන්නේ නැහැ. විනාශ වන්නේ පැරණි ලෝකයයි, එහෙම නේද? එබැවින් ඔබ මෙය සිදු කර ඇත්තේ ඔබගේ හදවතින්මයි. ඔබ යම් කිසි කෙනෙකුගේ බල කිරීමක් හෝ අන් අය සමග තරග වැදීමට ඔබ කරන කිසිම දේකට ඔබට සම්පූර්ණ ප්‍රතිලාභය හිමි වන්නේ නැත. ඔබ ලබා දෙන්නේ පිරිනමන්නාට බැවින්, ඔබට නියත වශයෙන්ම යමක් ලැබෙයි, නමුත් ඔබට සම්පූර්ණ ප්‍රතිලාභය ලැබෙන්නේ නැත. එබැවින් 2001 ලඟින්වත් කිසි තැනක විනාශය පෙනනෙන්ට නැති බව නොසිතන්න, තවමත් වැඩසටහන් නිර්මාණය වන බවත්, ගොඩනැගිලි තැනෙන බවත්, බොහෝ සැලසුම් සාදන බවත්, අඩු තරමින් 2001 වන තෙක් කිසිවක් පෙනෙන්නට නැති බව නොසිතන්න. එය කිසිදා පෙනෙන්නට නොතිබෙයි. මෙවන් දේවල්වල ආධාර ගැනීමෙන් කිසිම විටෙක නොසැලකිලිමත් නොවන්න. එය සිදු වන්නේ හදිසියේ. ඔබ අද මෙහි අසුන්ගෙන සිටින අතර එය පැයක කාලයකදි සිදු විය හැක. එය සිදුවන්නේ නැහැ. පැයක කාලයකදි සිදු වන්නට යන්නේ කුමක්ද කියා ඔබ නොදැන සිටීම නිසා බිය නොවන්න. එය සිදු විය හැකි දෙයක්. ඔබ මේ තරමට නිති සූදානමින් සිටිය යුතුයි. ඔබට ශිව රාත්‍රිය තෙක් තිබෙන බව නොසිතන්න. කාලය දෙස බලා නොසිටින්න. කාලය ඔබගේ නිර්මාණයකි. ඔබ මාස්ටර් නිර්මාණකරුවන්. නිර්මාණකරුවෙක් ඔහුගේ නිර්මාණය මත යැපෙන්නේ නැත. ඔබගේ නිර්මාණය වන කාලය, ඔබගේ නියෝග පිළිපැදීමට යයි. ඔබ කාලය දෙස බලා නොසිටිය යුතුයි, නමුත් දැන් කාලය ඔබ දෙස බලා සිටියි. සමහර දරුවන් සිතන්නේ, බාප්දාදා මාස 6ක් ගැන කතා කළ නිසා නියත වශයෙන්ම මාස 6ක් ඇති බවයි, එය තිබිය යුතු බවයි! කෙසේවෙතත්, බාප්දාදා පවසන්නේ : සීමිත දේවල ආධාරය නොගන්න. නිති සූදානමින් සිටින්න! සියලු ආධාරක වලින් නිදහස් වන්න. තත්පරයකදි ජීවන-මුක්තිය. තත්පරයකදි ඔවුන්ගේ උරුමය හිමි කරගැනීමට කියා ඔබ අන් අයට අභියෝග කරයි. එබැවින් ඔබට තත්පරයකදි ජීවන-මුක්තිය හිමි කරගත නොහැකිද? එබැවින් බලා නොසිටින්න (ඉන්තසාර්) නමුත් තමන්ව අංග සම්පූර්ණ කර ගැනීමට සූදානම් වන්න (ඉන්තෙසාම්).

දරුවන්ගේ ක්‍රීඩා දැක බාප්දාදාට සිනහ යයි. බාප්දාදාට සිනහ යන්නේ කුමන ක්‍රීඩාව දැකලාද? බාබා ඔබට එය කිව යුතුද? අද බාබා මුරලියක් පවසන්නේ නැහැ, නමුත් පුවත් පවසනවා පමණයි. දැන් පවා බොහෝ දරුවන් ක්‍රීඩා භාණ්ඩ සමග ක්‍රීඩා කිරීමට ප්‍රිය කරයි. නොවැදගත් සිදුවීම් යන සෙල්ලම් බඩු සමග ක්‍රීඩා කිරීම සහ නොවැදගත් සිදුවීම් මතු කිරීම, කාලය අපතේ හැරීමයි. ඒවා “පැති-ජවනිකාය”. නතර වීම යනු, ඒවා ගැන සිතීම, ඒවාගේ බලපෑමට හසුවීම, කාලය අපතේ හැරීම, කාරණා වලට සවන් දීම සහ උද්යෝගයෙන් ඒවා අන් අයට පැවසීම සහ වාතාවරණයක් නිර්මාණය කිරීමයි. ඒ සියල්ලක්ම, එක තැන නතර වීමයි. එසේ කිරීමෙන් ඔබ අංගසම්පූර්ණත්වයේ ගමනාන්තයෙන් ඈත් වෙයි. ඔබ බොහෝ උත්සාහ දරනවා, පියාට සමාන වීමට ඔබ බොහෝ ආශා කරයි. ඔබට මෙම පිවිතුරු සිතිවිල්ල හෝ පිවිතුරු ආශාව තිබේ. කෙසේවෙතත්, ඔබ උත්සාහ දරන නමුත් බාධක පැමිණෙයි. ඔබට කන් දෙකක්, ඇස් දෙකක් සහ කටක් තිබේ, එබැවින් ඔබට සෑම දෙයක්ම පෙනෙයි, ඔබට සෑම දෙයක්ම ඇසෙයි, එමෙන්ම ඔබ සෑම දෙයක් ගැනම කතා කරයි. කෙසේවෙතත්, පියාගේ ඉතා පැරණි පාඨයක් ඔබ මතකයට නගා ගත යුතුයි, “ බලන්න, නමුත් නොදකින්න! අසන්න, නමුත් සවන් නොදෙන්න!” ඔබට යමක් ඇසුණු විට කිසිවක් නොසිතන්න! ඔබට යම් දෙයක් ඇසුණු විට, ඔබ තුළ එය මුසු කරගන්න! එය පතුරුවා හරින්න එපා! මෙම පැරණි පාඨය මතකයේ තබා ගැනීම අත්‍යවශ්‍යයි, මන්ද, දිනෙන් දින, ඔබගේ පැරණි ශරීර වල සියලුම පැරණි ගිණුම් පියවන සේම, ඔබගේ පැරණි සංස්කාර සහ පැරණි රෝග ද ඉස්මතු වී අවසන් වෙයි. එබැවින් සිදුවන්නේ කුමක්ද කියා නොදන්නා නිසා හෝ පෙර නොතිබුණු දේවල් දැන් වැඩි වන බව සිතා, බියට පත් නොවන්න. පෙර නොතිබූ දේවල් මතු වන අතර ඒවා මතු වෙයි. මේවා ඔබගේ ඉඩ දීමේ බලය, දරා ගැනීමේ බලය, අසුරා ගැනීමේ සහ තීරණ ගැනීමේ බලයන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයකි. වසර 10කට පෙර ඔබට තිබුණු එම ප්‍රශ්න පත්‍රම ඔබට දැනුත් ලැබෙයිද? M.A. (Master of Arts) පංතියක අයට B.A. (Bachelor of Arts) කලා උපාධියට ඉගෙන ගන්නා අයට ලැබෙන එම ප්‍රශ්න පත්‍රයම ලැබෙයිද? එබැවින් බියට පත් වී මෙසේ නොසිතන්න, “සිදුවන්නේ කුමක්ද? මෙය සිදුවනවා, අර දේ සිදුවනවා!” ක්‍රීඩාව සරළව නරඹන්න, එපමණයි. අඩු තරමින් ප්‍රශ්න පත්‍රයෙන් සමත් වන්න! සම්මාන ඇතිව සමත් වන්න!

පහසුවෙන් සමත් වීමට ඇති මාර්ගය වන්නේ බාප්දාදාට සමීපව (පාස්) රැදී සිටීම කියා බාප්දාදා ඔබට මින් පෙරද පවසා තිබේ. ඔබට ඵලක් නැති සියලුම ජවනිකා, ඔහේ ගත වී යන්නට ඉඩ හරින්න. සමීපව රැදී සිටින්න, එපමණයි! ඒවාට ඔබව පසුකර යන්නට ඉඩ දී සමත් වන්න! මෙය අපහසුද? ගුරුවරු කතා කරන්න! මධුබන් වල අය කතා කරන්න! මධුබන් වල අය ඔබගේ අත් ඔසවන්න! මධුබන් වල අය දක්ෂයි; ඔබ ඉදිරියට පැමිණෙයි. ඔබට එසේ කළ හැක. බාප්දාදාද සතුටු වනවා. ඔබ ඔබගේ අයිතීන් හිමි කරගන්නවා නේද? එය හොදයි! බාප්දාදා අසතුටු නැත; ඔබට ඉදිරියේ අසුන් ගත හැක. ඔබ ජීවත් වන්නේ මධුබන් වලයි, එබැවින් ඔබට සමීපව අසුන් ගැනීම සදහා යම් විශේෂ වරප්‍රසාද තිබිය යුතුයි. කෙසේවෙතත්, “පාස්” යන වචනය මතකයේ තබා ගන්න. මධුබන් වල බොහෝ අළුත් සිදුවීම් සිදු වෙයි. සොරුන් පවා පැමිණෙයි. බොහෝ අළුත් දේවල් සිදු වෙයි. දැන් පියාට පොදුවේ කතා කළ හැක්කේ කුමන දේවල්ද? බාබා සමහර දේවල් ටිකක් රහසක්ව තබා ගන්නවා, නමුත් මධුබන් වල අය ඒවා ගැන දන්නවා. ඔබව විනෝදමත් කරගන්න! අවුලට පත් නොවන්න. දෙකෙන් එකක් සිදු වෙයි, ඔබ අවුලට පත් වෙයි, නැත්නම් ඔබ එය විනෝදයක් බව සලකා, විනෝද වන අතර සමත් වෙයි. අවුලට පත් වීම හොද දෙයක්ද? අවුලට පත්වීමද හොද, නැත්නම් සම්මාන ඇතිව සමත් වී සතුටෙන් සිටීමද? සමත් වීම හොදයි නේද? ඔබට සමත් වීමට අවශ්‍යයි නේද? එබැවින් පාස්! එහි අපහසුතාවය කුමක්ද? මෙය අපහසු දෙයක් නොවෙයි. යමක් කුඩා කරනවාද, විශාල කරගන්නවාද යන්න රදා පවතින්නේ ඔබගේම බුද්ධිය මතයි. අවිද්‍යා මාර්ගයේ පවා, කෙනෙක් සුළු දෙයක් විශාල කරන්නේ නම්, ඒ ගැන කතා වෙයි. අවිදු මාවතේ ඔවුන් පවසන්නේ: මේ කෙනා ලණුවක් නයෙක් කරයි! සින්දියෙන් ඔවුන් පවසන්නේ “ලණුවක් නයෙක් බවට පත් කිරීම!” එවන් ක්‍රීඩා නොකරන්න! දැන් එම ක්‍රීඩා නවත්වන්න!

අද බාප්දාදා ඔබට විශේෂ පුවත් පැවසුවා. දැන් බාප්දාදා ඔබට සිදු කිරීමට පහසු උත්සාහයක් ගැන කියනවා; එය අපහසු නැහැ. ඔබ පියාට සමාන විය යුතු බව ඔබ සියලු දෙනාම විශ්වාස කරයි. ඔබ මෙය විශ්වාස කරන්නේ නම් එක අතකින් අත්පොලසන් ගසන්න (ඔබගේ අත වනන්න). ඔබට මෙය බවට පත් වීමට අවශ්‍ය වීම, ස්ථිරයි නේද? විදේශිකයන්, ඔබට මෙය වීමට අවශ්‍යයි නේද? ගුරුවරු - බොහෝ ගුරුවරු සිටිනවා! එය ගුරුවරුන්ගේ ආශ්චර්යයක්. අද බාප්දාදාට ගුරුවරු ගැන හොද පුවත් අසන්නට ලැබුණා. එය කුමන හොද පුවතද? බාබාට කියන්න! ගුරුවරුන්ට අද රත්තරං පදක්කම් (බැජ්) ලැබුණා. රත්තරං පදක්කම් ලැබුණු අය ඔබගේ අත් ඔසවන්න! පාණ්ඩවයන්ට ඒවා ලැබුණාද? පියාට සමාන අයව අත්නොහැරිය යුතුයි. පාණ්ඩවයන් බ්‍රහ්ම පියාගේ සමකාලීන අයයි; ඔවුන්ට විවිධ අන්දමේ රත්තරං පදක්කම් ලැබී ඇත. පාණ්ඩවයන්ට රාජකීය, රත්තරන් පදක්කම් ලැබී ඇත. රත්තරං පදක්කම් ලැබුණු අයට බාප්දාදා කෝටි ගුණයක් සහ බිලියන ගුණයක් සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම් ලබා දෙයි!

මේ දේශයේ සහ විදෙස් රටවල සිටින බාප්දාදාට සවන් දෙන ඔය සියලු දෙනාට සහ රත්තරං පදක්කම් ලැබුණු සියලු දෙනාට, ඔබ පාණ්ඩවයන් වුනත් ශක්තීන් වුනත්, බාප්දාදාගෙන් ඔබට සුබ පැතුම් ලැබුණු බව සැලකිය යුතුයි. ඇතැම් විට ඔබගෙන් සමහරු යම් විශේෂ කාර්යයකට උපකරණයක් වූ විට, ඔබ නිවසේ වාසය කළත්, ඔබගේ විශේෂත්වය වෙනුවෙන් දාදීන් ඔබට රන් පදක්කමක් ලබා දෙයි. එබැවින් විශේෂත්වයක් නිසා හෝ ඔබ කැප වූ කෙනෙක් නිසා හෝ ඔබ සේවයේ ඉදිරියට ගොස් ඇති නිසා දාදීන්ලාගෙන් රන් පදක්කමක් ලැබුණු කවුරු වුනත්, දුර ඈත අසුන්ගෙන මෙයට සවන් දෙන අය වුනත්, ඔබ සියලු දෙනාටම බොහෝ බොහෝ සුබ පැතුම්. දුර ඈත අසුන් ගෙන සිටින සහ රන් පදක්කමක් ලැබී ඇති සියලු දෙනාම ඔබගේ අත වනන්න. සියලු දෙනාටම ඔබගේ අත වැනීම පෙනෙනවා. ඔවුන් සිනහසෙන අතර බොහෝ සතුටින් සිටිනවා.

බාප්දාදා ඔබට සිදු කිරීමට පහසු උත්සාහයක් ගැන පැවසුවා. දැන්, කාලය හදිසියේ පැමිණෙයි. බාප්දාදා කිසි දෙයක් නිවේදනය කරන්නේ නැහැ. අංක නිර්මාණය වන්නේ කෙසේද? එය හදිසියේ සිදු නොවන්නේ නම්, ප්‍රශ්න පත්‍රයක් වන්නේ කෙසේද? අවසන් සහතික පත්‍රය, සම්මාන ඇතිව සමත් වීමේ සහතික පත්‍රය හදිසියේම සිදුවෙයි. මේ නිසයි දාදීන්ගේ සිතිවිල්ලක් බාප්දාදා වෙතට ලගා වී ඇත්තේ. ඔබට මෙම සිතිවිල්ල තිබෙනවා නේද? දාදීන්ට දැන් අවශ්‍ය වන්නේ බාප්දාදා දර්ශන විවෘත කිරීමේ යතුර කැරකිය යුතු බවයි. ඔවුන්ට මෙම සිතිවිල්ල තිබේ. ඔබ සියලු දෙනාටත් මෙය අවශ්‍යද? බාප්දාදා යතුර කැරකිය යුතුද, නැත්නම් ඔබ සියලු දෙනාම මෙයට උපකරණ වෙනවාද? අච්චා, බාප්දාදා යතුර කැරකුවාට කමක් නැද්ද? බාප්දාදා “හා ජී” පැවසුවත් (සියලු දෙනාම අත්පොලසන් ගැසීම ආරම්භ කළා). පළමුව සියලු දේට සවන් දෙන්න! බාප්දාදාට යතුර කැරකීමට කෙතරම් කාලයක් ගත වෙයිද? කෙසේවෙතත්, ඔහු එය සිදු කරන්නේ කාගේ මාර්ගයෙන්ද? හෙළිදරව් විය යුත්තේ කවුරුන්ද? දරුවන්ද, පියාද? පියා හෙළිදරව් විය යුත්තේ දරුවන්ගේ මාර්ගයෙන්, මන්ද, කෙනෙකුට ආලෝක තිතක දර්ශනයක් ලැබෙන්නේ නම්, එවිට සමහර දුප්පත් අසරණ මිනිසුන් - එමෙන්ම ඔවුන් අසරණයි නොවේද - එය කුමක්ද කියා වටහා නොගනී. අවසානයේ, පියා හෙළිදරව් විය යුත්තේ දරුවන් මගින්ය - ශක්තීන් සහ පාණ්ඩවයන්. එබැවින් බාප්දාදා පවසන්නේ : ඔය සියලුම දරුවන්ට තිබෙන එක සිතිවිල්ල වන්නේ පියාට සමාන විය යුතු බවයි. ඔබට මේ ගැන වෙනත් සිතිවිලි නැහැ නේද? ඔබට තිබෙන්නේ එක සිතිවිල්ලක් පමණයි, එහෙම නේද? ඔබ දැනටමත් මෙයට ඔබගේ අත ඔසවා තිබේ. එබැවින් බ්‍රහ්ම පියාව අනුගමනය කරන්න. හොදයි, එබැවින් ඔබ ඉබේටම අශාරීරික තිතක් වෙයි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනා තුළම බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? සියලු දෙනා තුළම බ්‍රහ්ම පියාට සෙනෙහස තිබෙන නමුත් විදේශිකයන් තුළ ඔහු කෙරෙහි බොහෝ වැඩි සෙනෙහසක් ඇති බව දැක තිබේ. විදේශිකයන් ගෙන් වැඩි දෙනෙක් ඔවුන්ගේ භෞතික ඇස් වලින් බ්‍රහ්ම පියාව දැක නොමැති නමුත් ඔවුන් ඔහුව අත්දැකීම් වල ඇසින් දැක ඇති අතර ඔවුන් තුළ ඔහු කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. භාරතයේ ගෝපිකාවන් සහ ගෝප්ලාද සිටියි. කෙසේවෙතත්, ඇතැම් විට විදේශිකයන්ගේ අත්දැකීම් වල කතාපුවත් වලට බාප්දාදා ඇහුම්කන් දෙයි. භාරතයේ ජනතාව තමන්ව ටිකක් අදෘෂ්‍යමානව තබා ගනී, නමුත් විදේශිකයන් බ්‍රහ්ම බාබා ගැන ඔවුන්ගේ කතා පුවත් පවසයි, එබැවින් බාප්දාදාද ඒවාට සවන් දී ඒවා අන් අයට පවසයි. විදේශිකයන්ට සුබ පැතුම්! ලන්ඩන්, අමරිකාව, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, ආසියාව, රුසියාව, ජර්මනිය ආදිය. සාරය ලෙස දුර ඈත අසුන්ගෙන සවන් දෙන සියලුම විදේශිකයන්ට බාප්දාදා සුබ පතනවා. බ්‍රහ්ම බාබා ඔබට විශේෂයෙන් සුබ පතනවා. භාරතයේ ජනතාව ඔවුන්ගේ කතා පුවත් ටිකක් රහසිගතව තබා ගනී. ඔවුන්ට ඒවා එතරම් හෙළිදරව් කළ නොහැක, ඔවුන් ඒවා අදෘෂ්‍යමානව තබා ගනී. දැන් ඒවා හෙළිදරව් කරන්න! භාරතයේ වුවද, ඉතා හොද දරුවන් බොහොමයක් සිටියි. කෙබදු අන්දමේ ගෝපිකාවන් සිටින්නේද යත්, වත්මන් අගමැති හෝ ජනාධිපති ඔවුන්ගේ අත්දැකීම් වලට සවන් දුන්නේ නම්, ඔවුන්ගේ දෑස්වල කදුළු පිරෙනු ඇත. ඔවුන්ට එවන් අත්දැකීම් තිබේ! කෙසේවෙතත්, ඔවුන් ඒවා සගවා තබා ගනී. ඔවුන් ඒවා ඇති තරම් හෙළිදරව් නොකරන අතර ඔවුන්ට එතරම් අවස්ථා ලැබෙන්නේද නැත. එබැවින් ඔබ සියලු දෙනා තුළම බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස ඇති බව බාප්දාදා දකිනවා. මේ නිසා ඔබ තමන්ව හදුන්වන්නේ කෙසේද? බ්‍රහ්ම කුමාරීන් ලෙසද, ශිව කුමාරීන් ලෙසද? ඔබ තමන්ව හදුන්වන්නේ බ්‍රහ්ම කුමාරීන් ලෙස නේද? එබැවින් ඔබ බ්‍රහ්ම බාබාට සෙනෙහස දක්වනවා නේද? හොදයි, අශාරීරික වීමට ඔබට ටිකක් උත්සාහ දැරීමට සිදු වනවා. කෙසේවෙතත්, බ්‍රහ්ම බාබා දැන් සිටින්නේ කුමන ස්වරූපයෙන්ද? ඔහු දැන් සිටින්නේ කුමන ස්වරූපයෙන්ද? (සුරදූත ස්වරූපයකින්). බ්‍රහ්ම පියාට සෙනෙහස දැක්වීම යනු සුරදූත ස්වරූපයට සෙනෙහස පෑමයි. හොදයි, ඇතැම් විට ඔබට තිතක් වීමට ටිකක් අපහසු ඇති, නමුත් සුරදූතයෙක් වීම ඊට වඩා පහසුයි නේද? එය වඩා පහසුද කියා බාබාට කියන්න. සුරදූත ස්වරූපය, තිතක ස්වරූපයට වඩා පහසුයි නේද? ඔබගේ ගිණුම් කටයුතු සිදු කරන අතර ඔබට තිතක් විය හැකිද? ඔබට සුරදූතයෙක් විය හැකියි නේද? තිතක ස්වරූපයේ සිටින අතර ඇතැම් විට ක්‍රියා කිරීම සදහා ඔබගේ ශාරීරික ස්වරූපයට ඔබ පැමිණිය යුතුයි. කෙසේවෙතත්, විදුලියෙන් ක්‍රියාත්මක වන රොබෝ කෙනෙක් විද්‍යාඥයන් නිර්මාණය කර ඇති බව බාප්දාදා දැක තිබෙනවා. ඔබ මේ ගැන අසා තිබෙනවා නේද? හොදයි, ඔබ එය දැක නැතුව ඇති, නමුත් ඔබ ඒ ගැන අසා තිබෙනවා නේද? ඔය මව්වරුන් ඒ ගැන අසා තිබෙනවාද? ඔබට මෙහි පිංතූරයක් පසුව පෙන්වයි. සෑම දෙයක්ම සිදු කරන විදුලියෙන් ක්‍රියාත්මක වන රොබෝ කෙනෙක් නිපදවා ඇත. විදුලියේ පදනමින් ඔහු සෑම දෙයක්ම ඉතා වේගයෙන් කරයි. එය විද්‍යාවේ ප්‍රායෝගික සාක්ෂියයි. එබැවින්, බාප්දාදා විමසන්නේ : ඔබට නිහැඩියාවේ බලයෙන් සහ නිහැඩියාවේ ආලෝකයෙන් ක්‍රියා සිදු කළ නොහැකිද? ඔබට මෙය කළ නොහැකිද? මෙහි ඉන්ජිනේරුවන් සහ විද්‍යාඥයින් අසුන් ගෙන සිටිනවා නේද? ආධ්‍යාත්මික කර්ම යෝගිවරයෙක් ලෙසත් හැදින්විය හැකි ආධ්‍යාත්මික රොබෝ කෙනෙකුගේ ස්ථිතියද ඔබ නිර්මාණය කළ යුතුයි. සුරදූත කර්ම යෝගීවරයෙක්! ප්‍රථමයෙන් ඔබ සූදානම් විය යුතුයි. ඔය ඉංජිනේරුවරු සහ විද්‍යාඥයන් පළමුව මෙය අත්විදිය යුතුයි. ඔබ මෙය කරනවාද? ඔබට මෙය කළ හැකිද? අච්චා, එවන් සැලසුම් සාදන්න! බාප්දාදාට අවශ්‍ය, එවන් ජංගම ආධ්‍යාත්මික සුරදූත කර්ම යෝගීවරු දැකීමටයි. අම්රිත් වේලාවේ අවදි වන්න, බාප්දාදා සමග හමුවක් සමරන්න, හදවතට සමීප කතාබහක යෙදී බාබාගෙන් ආශිර්වාද ලබා ගන්න. ඔබ කළ යුතු සෑම දෙයක්ම කරන්න, නමුත් සෑම උදෑසනකම අම්රිත් වේලාවේ සුරදූත කර්ම යෝගීවරයෙක් වීමේ ආශිර්වාදය බාබාගෙන් ලබා ගන්න, ඉන්පසුව ඔබගේ කාර්යයන් වල නියැලෙන්න. මෙය කළ හැකිද?

මෙම නව වසරේ ඔබගේ සංස්කාර පරිවර්ථනය කිරීමේ අරමුණ තබා ගන්න - ඔබගේ සංස්කාර - එමෙන්ම ඔවුන්ගේ සංස්කාර පරිවර්ථනය කිරීමට අන් අයට සහයෝගය ලබා දෙන්න. යම් කෙනෙක් දුර්වල නම්, එම පුද්ගලයාට උදව් කරන්න. ඒ ගැන කතා කරන්න හෝ වාතාවරණයක් නිර්මාණය නොකරන්න, නමුත් සහයෝගය ලබා දෙන්න. මේ වසරේ තේමාව වන්නේ “සංස්කාර පරිවර්ථනය කිරීම”. සුරදූතයෙකුගේ වැනි සංස්කාර සහ බ්‍රහ්ම පියාට සමාන වීමේ සංස්කාර. එබැවින් මෙම උත්සාහය පහසුද, අපහසුද? එය ටිකක් අපහසුද? කිසිම දෙයක් කිසිදා අපහසු නැහැ, නමුත් ඔබගේ දුර්වලතා එය අපහසු කරවයි. බාප්දාදා මෙසේ පවසන්නේ ඒ නිසයි : හේ, මාස්ටර් සර්ව බලධාරි දරුවනේ, දැන් බලයන්ගේ වාතාවරණයක් පතුරුවා හරින්න. වාතාවරණයට දැන් ඔබව බොහෝ බොහෝ බොහෝ සේ අත්‍යාවශ්‍යයි. මෙකල, පරිසර දූෂණය පිළිබද ප්‍රශ්නය ලෝකයේ තිබේ. එවන් ලෝකයක, මිනිසුන්ගේ සිත් වලට මොහොතක හෝ සාමය සහ සතුටේ වාතාවරණයක් අවශ්‍යයි, මන්ද, වාතාශ්‍රයේ දූෂණයටත් වැඩි, විශාල දූෂණයක් මනස තුළ තිබේ. අච්චා.

නියත වශයෙන්ම පියාට සමාන වීමේ අරමුණ ඇති සෑම තැනකම සිටින සියලු දෙනාට, ඔවුන්ගේ බුද්ධියේ විශ්වාසය තිබීමෙන් ජය ගන්නා ජීවාත්මයන්ට, පැරණි ලෝකය සහ පැරණි සංස්කාර පරිවර්ථනය කිරීමේ අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති මාස්ටර් සර්ව බලධාරී ජීවාත්මයන්ට, යම් හේතුවක්, අවස්ථාවක්, ස්වභාවය හෝ සංස්කාර නිසා දුර්වල වී ඇති තම සහකරුවන්ට නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන ජීවාත්මයන්ට, හේතු සොයනවා වෙනුවට විසදුම් සොයාගන්න තරම් එඩිතර වන ජීවාත්මයන්ට, බ්‍රහ්ම පියා,ගේ සෙනෙහසට නිරන්තරයෙන් ප්‍රතිඋපකාරයක් ලබා දෙන, සුරදූත කර්ම යෝගී ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ තුළ අන් අය කෙරෙහි පිවිතුරු සහ සාධනීය සිතිවිලි ඇති ස්ථිතියක් තිබී, සියලු දෙනාගේ සෙනෙහස ලබා ගැනීමෙන්, සියලු දෙනාගේ සහයෝගය ලබා ගනිත්වා.

අන් අය කෙරෙහි පිවිතුරු සහ සාධනිය සිතිවිලි ඇති ජීවාත්ම කෙරෙහි, සියලු දෙනාගේ හදවත් තුළ සෙනෙහස තිබේ; ඔවුන්ව සහයෝගි අය කරවන්නේ සෙනෙහසයි. සෙනෙහස ඇති තැන මිනිසුන් සෑම විටම ඔවුන්ගේ කාලය, ධනය සහ සහයෝගය ලබා දීමට සූදානම්ය. එබැවින් අන් අය වෙත ඇති ඔබගේ පිවිතුරු සහ සාධනීය සිතිවිලි, අන් අයව ඔබ කෙරෙහි ආදරණීය කරවන අතර එම සෙනෙහස, සියලු ආකාරයේ සහයෝගය ඔබට ලබා දීමට ඔවුන්ට මග පාදයි. එබැවින් නිරන්තරයෙන් තමන් සහ අන් අය කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි වලින් පිරී සිට, සියලු දෙනාටම ආදරණීය සහ සහයෝගී වීමට මග පාදන්න.

පාඨය:
මෙකල දානපතියන් වන්න, එවිට ඔබගේ රාජධානියේ සෑම ජීවාත්මයක්ම සෑම උපතකදීම පිරිපුන්ව සිටියි.


නිවේදනය: අද තුන්වන ඉරු දින ලෝක භාවනා යෝගා දිනයයි. සියලුම බ්‍රහ්මින් දරුවන් පව: 6.30 – 7.30 දක්වා විශේෂයෙන් මාස්ටර් සර්ව බලධාරි ස්වරූපයේ ස්ථාවර වෙමින් සාමූහික යෝග තපස්යාවේ අසුන් ගනි. දුර්වල සහ දුබල ජීවාත්මයන්ට ඔබගේ සුබ පැතුම් වල කිරණ ලබා දී, පරමාත්ම දෙවියන්ගේ බල අත්විදින අතර සෑම තැනකම බලවත් වාතාවරණයක් නිර්මාණය කිරීමේ සේවය සිදු කරන්න.