21.11.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට දැන් ගුරුවරු වීමට සහ හැම දෙනාටම මානසික සංවරය නම් වූ මන්තරය ලබා දීමට තිබෙනවා. දරුවන් සියලු දෙනාටම මේ රාජකාරිය කිරීමට තිබෙනවා.

ප්‍රශ්නය:
බාබා කිසිම දෙයක් පිළිගන්නේ නැත්තේ මොන වගේ දරුවන්ගෙන්ද?

පිළිතුර:
තමන් කොපමණ ප්‍රමාණයක් දෙනවාද සහ කොච්චර උදව් කරනවාද කියා උඩඟුකමක් තිබෙන අයගෙන් බාබා කිසිවක්ම පිළිගන්නේ නැහැ. බාබා කියනවා මගේ අතේ තමයි යතුර තියෙන්නේ. මට කැමතිනම්, ඕනෑම කෙනෙක් දුප්පත් කරවන්න හෝ පොහොසත් කරවන්න මට පුළුවන්. මෙයත් නාටකය තුළ ඇති රහසක්. තම ධනය ගැන උඩඟු වන අය, හෙට වෙනකොට දුප්පත් වෙනවා. එහෙත් තමා සතු සෑම සතයක්ම බාබාගේ කාර්යය වෙනුවෙන් වටිනා ලෙස යොදවන දුප්පත් අය ධනවත් බවට පත්වෙනවා.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික දරුවනි, අපට නව ලෝකය නමැති උරුමය ලබා දීම පිණිස බාබා පැමිණ ඇති බව තේරුම් ගන්න. දරුවනි, පියා සිහිකරන තරමට පාරිශුද්ධත්වය ලබන බවට දැඩි අවබෝධයක් තිබිය යුතුයි. ඔබ හොඳ ගුරුවරයෙක් වන තරමට අනුව උසස් තත්ත්වයක් ලබයි. පියා ඔබට ගුරුවරයකු වී උගන්වන්නේ කොහොමද කියා උගන්වනවා. පසුව ඔබ අන්‍යයන්ට ඉගැන්විය යුතුයි කොහොමද උගන්වන්නේ කියලා. අනිවාර්යෙන්ම අන්‍යයන්ට උගන්වන ගුරුවරයෙක් බවට ඔබ පත්විය යුතුයි. නමුත් කිසි කෙනෙකුගේ ගුරු කෙනෙකු වීමට ඔබට බැහැ. ගුරුවරයෙකු වීමට පමණයි ඔබට හැකියාව ඇත්තේ. ඔබට උගන්වන එකම එක සත්ගුරු පමණයි ගුරු වන්නේ. හැම කෙනාගේම සත්ගුරු එකම එක්කෙනයි. ඔහු ඔබව ගුරුවරු කරවනවා. ඔබ හැමෝටම උගන්වා ඔවුන්ට ’මන්මනාභව්‘ වීමේ මාර්ගය පෙන්වා දෙනවා. ඔහුව සිහිකිරීම හා ගුරුවරයෙක් බවට පත්වීමේ රාජකාරිය බාබා ඔබට පවරනවා. ඔබ බාබාගේ හැඳින්වීම ලබාදෙන අයගේ රාජකාරිය වන්නේත් බාබා සිහිකිරීමයි. ගුරුවරයෙක් වශයෙන් ඔහු ඔබට ලෝක චක්‍රය පිළිබඳ දැනුම ලබාදිය යුතුයි. අනිවාර්යෙන්ම පියා සිහිකළ යුතුයි. පියා පිළිබඳ සිහිකිරීමෙන් තමයි ඔබේ පාපයන් අවසන් වෙන්නේ. දරුවනි, තමන් පාපකාරී ජීවාත්මයන් බව ඔබ දන්නවා. මේ නිසා තමයි බාබා හැමෝටම කියන්නේ : තමන් ජීවාත්මයක් බව අවධාරණය කරගන්න සහ පියා සිහිකරන්න. ඉන් ඔබේ පාපයන් අවසන් වේ. පියා පාරිශුද්ධත්වයට පත්කරන්නායි. ඔහු ඔබට ක්‍රමය කියා දෙනවා : සුමිහිරි දරුවනි, ජීවාත්මයන් වන ඔබ අපිරිසිඳුභාවයට පත් වී තිබෙනවා. මේ හේතුවෙන් ඔබේ ශරීරයන් පවා අපිරිසිඳු වෙනවා. ආරම්භයේදී ඔබ පිරිසිඳුයි දැන් අපිරිසිඳු වී තිබෙනවා. බාබා දැන් තමන්ව අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත්කිරීම සඳහා ඉතා පහසු මාර්ගයක් කියා දෙනවා. ඔහු කියනවා : පියා සිහිකරන්න ඉන් ඔබ පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඇවිදින විට ඉඳගෙන සිටින විට සහ එහෙ මෙහෙ යන එන විට පියා සිහිකරන්න. අනෙක් මිනිසුන් ගංගා වල නෑමට යනවා. ඔවුන් ගංගාවල් සිහිකරනවා. ඔවුන් හිතනවා ඒවා තමයි පාරිශුද්ධත්වයට පත් කරන්නේ සහ ඒවා සිහි කිරීමෙන් පාරිශුද්ධත්වයට පත්වෙනවා කියා. කෙසේවෙතත්, බාබා කියනවා : ඒවා කිරීමෙන් පිරිසිඳු වෙන්න පුළුවන් කිසිවෙක් නැහැ. වතුරෙන් කවුරුවත් පිරිසිඳු වෙන්නේ කොහොමද? බාබා කියනවා : පාරිශුද්ධත්වයට පත්කරන්නා මමයි. දරුවනි, සියලු ශාරීරික ආගම් අත්හරින්න. මා සිහිකර පාරිශුද්ධත්වයට පත් වන්න. එමඟින් ඔබ මුක්ති දේශයට යනු ඇත. මුළු චක්‍රයෙහිදීම ඔබ නිවහන අමතක කර දමනවා. මුළු චක්‍රය පුරාවටම කිසි කෙනෙකු පියා දන්නේ නැහැ. බාබා මේ යුගයෙහිදී පමණක් පැමිණ තම හැඳින්වීම මේ මුඛය මාර්ගයෙන් ලබා දෙනවා. මේ මුඛය ගැන බොහෝ ප්‍රශංසා ඉදිරිපත් කෙරෙනවා. මිනිස්සු ගව මුඛ (ගවයාගේ මුඛය) ගැන කතා කරනවා. මෙය හරියටම අදාල වන්නේ මනුෂ්‍යයෙකුටයි. මෙයා තමයි, ශිව බාබා ඔබ සියලුදෙනාවම හදාගැනීමට භාවිත කරන වැඩිමහල් මව. දැන් තමයි ඔබ බාබා, බාබා කියා අමතන්න පටන් ගත්තේ. බාබාත් කියනවා : මේ සිහිකිරීම නමැති වන්දනාවෙන් ඔබේ පාපයන්ද අවසන් වී යනවා. දරුවෝ තම පියා සිහිකරනවා. ඔවුන්ගේ හදවත තුළ පියාගේ මුහුණෙහි මුද්‍රිත සිතුවමක් සටහන් වී තිබෙනවා. දරුවනි, ඔබ ජීවාත්මයක් වන්නා සේම, ඔහු උත්තරීතර ජීවාත්මය ද වනවා. ඔහුගේ ප්‍රතිමාව හා ඔබේ ප්‍රතිමාව අතර වෙනසක් නැහැ. සෑම ශරීරයකම ලක්ෂණ විවිධාකාර නමුත් සියලුම ජීවාත්මයන් එක වගෙයි. ඔබ ජීවාත්මයන් වන්නා සේ ඒ පියා, උත්තරීතර ජීවාත්මයයි. දරුවනි, ඔබ දන්නවා පියා වාසය කරන්නේ පරම්දාම් වලයි. ජීවාත්මයන් වන ඔබත් වාසය කරන්නේ පරම්දාම් වල. පියාගේ ජීවාත්මයත් අපේ ජීවාත්මයත් අතර වෙනසක් නැහැ. ඔහු ලක්ෂ්‍යයක් සහ අපිත් ලක්ෂ්‍යයන්. මේ දැනුම කිසිවෙකුට නැහැ. බාබා කියන එකම එක පිරිස ඔබලායි. අනෙක් සෑම කෙනෙක්ම පියා ගැන බොහෝ දේවල් කියනවා, ඔහු හැම තැනකම ඉන්නවා, ඔහු මුතු කැට ගල් කැට වැනි දේ තුළ සිටිනවා යනාදී වශයෙන්. තම මනසට ඇතුළුවන ඕනෑම දෙයක් කියන්න ඔවුන් පෙළඹෙනවා. නාටකයේ සැළැස්මට අනුව, භක්ති මාර්ගයේදී ඔවුන් පියාගේ නම, දේශය සහ කාලය අමතක කරනවා. ඔබත් මේවා අමතක කළා. ජීවාත්මයන් ඔවුන්ගේ පියා අමතක කළා. දරුවෝ තම පියා අමතක කළා, ඉතින් ඔවුන්ට මොනවද දැනගත හැක්කේ? මින් අදහස් වන්නේ ඔවුන් අනාථ වුණා. ඔවුන් නායකයානන් සහ පාලකයානන් පවා සිහිකරන්නේ නැහැ. ඔවුන් නායකයානන් සහ පාලකයානන්ගේ චරිත කොටස දන්නේත් නැහැ. ඔවුන් තමන්ව පවා අමතක කරලා. ඔබ දැන් හොඳාකාරවම දන්නවා තමන් ඇත්තවශයෙන්ම හැම දෙයක්ම අමතක කර දැමූ බව. ඉස්සර අප එවන් දේවතාවන් ලෙස සිටියා. පසුව තිරිසනුන්ටත් වඩා අන්ත ලෙස පිරිහීමකට ලක්වුණා. ප්‍රධානතම දෙයනම් අප තම තමන් ජීවාත්මයන් වන බව පවා අමතක කර දැමීමයි. දැන් මේ බව අපට ඒත්තු ගන්වන්නේ කවුද? කිසිම මනුෂ්‍ය ජීවයක් දන්නේ නැහැ, තමන් කවුද, ජීවාත්මය යනු කුමක්ද සහ තමන් මුළු නාටකය රඟදක්වන්නේ කොහොමද කියලා. අපි සියල්ලන්ම සහෝදරයින්. කිසිම කෙනෙකුට මේ දැනුම නැහැ. මේ කාලයේදී මුළු ලෝකයම තමෝප්‍රධාන් බවට පත් වී තිබෙනවා. ඔවුන්ට කිසිම දැනුමක් නැහැ. ජීවාත්මයන් වන ඔබට දැන් දැනුම තිබෙනවා. ඔබේ බුද්ධිය දන්නවා තමන් දීර්ඝ කාලයක් පියාව අගෞරවයට පත්කරමින් සිටි බව. ඔහුව අගෞරවයට ලක්කිරීමෙන් ඔබ පියාගෙන් බොහෝ දුරට දුරස් වෙනවා. නාටකයේ සැළැස්මට අනුව ඉනිමඟෙහි පහළට එනවා. කළ යුතු ප්‍රධානතම දෙය නම් පියා සිහිකිරීමයි. බාබා ඔබට වෙනත් කිසිම අපහසුතාවයක් දෙන්නේ නැහැ. දරුවනි, පියා සිහිකිරීම සඳහා සුළු අපහසුතා ඇතිවෙනවා. පියෙකු තම දරුවන්ට කිසිම අපහසුතාවක් හෝ දෙයිද? මෙහෙම දෙයක් නීතියේ තිබිය නොහැකියි. බාබා කියනවා : මා ඔබට කිසිම අපහසුතාවයක් දෙන්නේ නැහැ. ඔවුන් ප්‍රශ්න අහනකොට මම උත්තර දෙනවා මේ වගේ දේවල් වලට ඔයගොල්ලෝ කාලය නාස්ති කරන්නේ ඇයි? පියා සිහිකරන්න. ඔබව ආපසු නිවස කරා ගෙන යාමට මා පැමිණියා. දරුවනි, මේ නිසයි ඔබ සිහිකිරීම නමැති වන්දනාවෙහි යෙදෙමින් පාරිශුද්ධත්වයට පත්විය යුත්තේ. මා පමණයි පාරිශුද්ධත්වයට පත්කරන පියා. පිරිසිඳු වීමේ ක්‍රම බාබා ඔබට පෙන්වා දෙනවා. කොහෙ ගියත් ඔබ පියාව සිහිකළ යුතුයි. බාබා ඔබට උපත් 84හි රහසත් පැහැදිලි කර දුන්නා. තමන් පියාව සිහිකරන්නේ මොනවගේ අවස්ථාවන්හිදී දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එපමණයි! වෙන කිසිවක් හිතන්න එපා. පියාව සිහිකිරීම ඉතාම පහසුයි. දරුවෙක් තරමක් වැඩෙන කොට නිරායාසයෙන්ම ඔහු තම දෙමාපියන් සිහිකිරීමට පටන් ගන්නවා. ඔබත් සිහිකළ යුතුයි අප පියාගේ දරුවන් බව. ඔහුව සිහිකළ යුත්තේ ඇයි? මන්ද, ඔබ එක්රැස් කරගත් පාපයන් අවසන් කළ හැක්කේ මේ සිහිකිරීමෙන් පමණයි. මේ නිසයි තත්පරයක කාලයකින් ජීවිතයට සතුට ලැබෙන බව කියැවෙනුයේ. ජීවනමුක්තිය රඳාපවතින්නේ ඔබේ ඉගෙනීම මතයි. මුක්තිය රඳාපවතිනුයේ පියාව සිහිකිරීම මතයි. බාබා සිහිකරන ප්‍රමාණයට සහ ඉගෙනීම වෙත අවධානය යොදන ප්‍රමාණයට අනුකූලව ඔබ උසස් තත්ත්වයක් හිමි කරගන්නවා. තම ව්‍යාපාරික කටයුතු සමඟ මෙය දිගටම ගෙන යන්න. ඒවා කරන්න බාබා තහනම් කරන්නේ නැහැ. තමන් කරන රැකියාව ඔබ දිවා රෑ තිස්සේ සිහි කරනවා. එහෙම නේද? ඉතින්, බාබා දැන් ඔබට මේ ආධ්‍යාත්මික රැකියාව කරන්න දෙනවා. තමන් ජීවයන් බව අවධාරණය කරගෙන මා සිහිකරන්න එමෙන්ම ඔබේ උපත් 84හි චක්‍රයත් සිහිකරන්න. මා සිහිකිරීමෙන් ඔබ සතෝප්‍රධාන් වෙනවා. ඔබේ ඇඳුම දැන් පරණ වෙලයි තියෙන්නේ. ඒ නිසා ඔබ අළුත් සතෝප්‍රධාන් ඇඳුමක් ලබා ගන්නවා. මේ දැනුමේ සාරය තම බුද්ධියේ තබාගත යුතුයි. මෙය කිරීමෙන් විශාල යහපතක් ඔබ අත්දකීවි. පාසලේ ඔබට තිබෙන බොහෝ විෂයන් ප්‍රමාණයක් අතුරින් ඉංග්‍රීසි වලට හොඳ ලකුණු ලබා ගත යුතු වෙනවා මන්ද, ඉංග්‍රීසි තමයි ප්‍රධානතම භාෂාව. මේ රාජ්‍යය ඔවුන්ට පැවරී ඇති නිසා තවමත් ඉංග්‍රීසි භාෂාව විශාල වශයෙන් භාවිත කෙරෙනවා. දැන් පවා භාරතීය ජනතාව ඔවුන්ට ණයගැතියි. මිනිසුන්ගේ ධනවත්භාවය කුමනාකාරයේ වුවද ඔවුන්ගේ බුද්ධිය යොමු වී පවතින්නේ ආණ්ඩුවේ ප්‍රධාන අංශයන් පවා ණයගැති වීම පිළිබඳවයි. එනම්, භාරතීය ජනතාව වන අප ණයගැති බවේ ගැලිලයි සිටින්නේ. මිනිස්සුන්ට මෙහෙම කියන්න පුළුවන්, ඔවුන් ණයගැතියි, එහෙම නොවේද? මේ අවබෝධය ඔබට තිබිය යුතුයි. ඔබ රාජ්‍යයක් නිර්මාණය කරන විට, දන්නවා තමන් සියලු ණයෙන් මිදී ගැලවීම ලබන බව. පසුව කල්ප භාගයක් යන තෙක් කිසිවෙකුට ණයකාර වීමට ඔබට සිදුවන්නේ නැහැ. අපිරිසිඳු ලෝකයේ පාලකයින් ණයෙහි ගැලිලයි සිටින්නේ. වර්තමානයේ අපි ණයෙහි ගැලී සිටිනවා මෙන්ම, අපිරිසිඳු ලෝකයේ පාලකයින්ද වෙනවා. මිනිස්සු භාරතයේ ප්‍රශංසා ගී ගයනවා අපේ භාරතය මේ වගේ තමයි! දරුවනි, ඔබ දන්නවා තමන් ඉතා ධනවත් ලෙස සිටියා; ඔබ අධිරාජ්‍යවරුන් සහ අධිරාජිණියන් වී සිටියා. ඔබ එවන් ලෝකයක පාලකයින්ව සිටියා. ඔබ දැන් අපිරිසිඳු වෙලා සම්පූර්ණයෙන්ම ණයෙහි ගැලිලා. බාබා ඔබට මේ ක්‍රීඩාවේ ප්‍රතිඵල ලබා දෙනවා. ප්‍රතිඵල මොනවාද? දරුවනි, ඔබ දැන් සිහි කරනවා තමන් ස්වර්ණමය යුගයෙහිදී කොපමණ ධනවත් ද කියලා. ඔබව මෙතරම් ධනවත් කළේ කවුද? දරුවො කියනවා බාබා, ඔබ අපව ඉතා ධනවත් කළා! එකම එක පියාට පමණයි ඔබව ඉතා ධනවත් කරවිය හැක්කේ. ලෝකේ කිසිවකු මේ කරුණු දන්නේ නැහැ. වසර සියදහස් ගණනක් ගැන කතා කිරීමෙන් ඔවුන් සියල්ලම අමතක කර දමනවා. ඔවුන් කිසිවක් දන්නේ නැහැ. දැන් ඔබට හැම දේම අවබෝධ වෙනවා. අප මිලියන වාරයක් ධනවත්ව සිටියා. අපි ඉතා පිරිසිඳුව සතුටින් සිටියා. එහෙ කිසිම වංචාවක් හෝ පාපයක් නැහැ. ඔබ මුළු ලෝකයම ජයගත්තා. ශිව බාබා, ඔබ අපට දෙන තරම් දෙයක් කිසිවෙකුට අපට දිය නොහැකියි. කල්ප භාගයකටම ඔබට සතුට ලබාදිය හැකි වෙනත් කිසිවෙකුම නැහැ. බාබා කියනවා : භක්ති මාර්ගයේත් ඔබට විශාල සතුටක් සහ ධනයක් තිබුණා. ඔබට පසුව පැමිණි අය අතට පත් වූ බොහෝ ආභරණ සහ දියමන්ති ප්‍රමාණයක් ඔබ සතුව තිබුණා. දැන් මේ කිසිවක් වෙන කිසිම තැනකින් ඔබට දකින්නවත් ලැබෙන්නේ නැහැ. වෙනස ඔබට දැකිය හැකියි. වන්දනාවට සුදුසු දේවතාවන්ව සිටි ඔබ පසුව වන්දනා කරන්නන් බවට පත්වුණා. ඔබ වන්දනාවට සුදුසු ජීවාත්මයන්ව සිට පසුව වන්දනා කරන්නන් වුණා. බාබා වන්දනා කරන්නෙක් වෙන්නේ නැහැ. නමුත් ඔහු වන්දනා කරන්නන්ගේ ලෝකයට ඇතුළු වෙනවා. බාබා මුළුමනින්ම වන්දනාවට සුදුස්සෙක්, ඔහු වන්දනාකරුවෙක් වෙන්නේ නැහැ. ඔහුගේ රාජකාරිය ඔබව වන්දනාකරුවන් බවින් වන්දනාවට සුදුස්සන් බවට පත් කරවීමයි. රාවන්ගේ රාජකාරිය ඔබව වන්දනාකරුවන් කරවීමයි. ලෝකෙ කිසිවෙකු මෙය දන්නේ නැහැ. ඔබත් මෙය අමතක කළා. දිනපතාම බාබා පැහැදිලි කර කියා දෙනවා. කාවහරි ධනවත් හෝ දුප්පත් කරවීම තියෙන්නේ බාබාගේ අතේ. බාබා කියනවා : දැන් ධනවත්ව සිටින අය අනිවාර්යෙන්ම දුප්පත් විය යුතුයි. ඔවුන් අනිවාර්යෙන්ම දුප්පත් වෙනවා. මේ තමයි ඔවුන්ගේ චරිත කොටස ! ඔවුන්ට මෙහෙ රැඳී සිටිය නොහැකියි. ධනවත් මිනිස්සුන්ට එක් එක් තත්ත්වයන් සහ ලබන දේ පිළිබඳ දැඩි උඩඟුකමක් තියෙනවා. ඔවුන් බාබාට පිළිගැන්වීමට යමක් රැගෙන ආ විට, එවන් අයගේ උඩඟුකම දුරුකරලීමට බාබා කියනවා මට මේවා අවශ්‍ය නැහැ ඔබ ළඟම මේවා තියාගන්න කියලා. එහෙත් පසුව ඔහුට අවශ්‍ය වූ විටෙක එය ඉල්ලනවා. ඔහුට පේනවා ඔවුන්ට උඩඟුකම තිබෙන බැවින් ඒවා ඔහුට ප්‍රයෝජනවත් නොවිය හැකි බව. ඉතින් යමක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පැවරෙන්නේ බාබාගේ අතටයි. සල්ලිත් එක්ක බාබා මොනවද කරන්නේ? ඔහුට ඒවා අවශ්‍ය නැහැ. මේ ගොඩනැඟිලි හදන්නේ දරුවන් වන ඔබ වෙනුවෙනුයි. බාබා මුණගැසීමට ඔබ මෙහාට පැමිණියා පසුව නැවතත් ඔබ ආපසු ආ යුතුයි. සදහටම මෙහාට වෙලා ඉන්න ඔබට බැහැ. බාබාට සල්ලි අවශ්‍ය නැහැ. ඔහුට හමුදාවක් හෝ බෝම්බ අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ලෝක පාලකයින් වෙනවා. දැන් ඔබ සිටිනුයේ යුධ පිටියකයි. වෙන කිසිවක්ම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් පියාව සිහිකරන්න. බාබා ඔබට පවරා සිටිනවා මා සිහිකරන්න; ඉන් මේ තරම් බලයක් ලැබෙනවා. ඔබේ මේ ආගම විශාල සතුටක් දෙනවා. බාබා සර්වබලධාරියායි. ඔබ ඔහුට අයත් වී සිටියා. හැමදේම තීරණය වෙලා තියෙන්නේ ඔබේ සිහිකිරීම නමැති වන්දනා ගමන මතයි. හරකෙක් තණකොල කෑමෙන් පසු ඒවා වමාරන්නා සේ ඔබත් දැන් අහන හැමදේම නැවතත් ආවර්ජනය කළ යුතුයි. ඔවුන්ගේ කට නිරන්තරයෙන්ම ක්‍රියාවේ යෙදෙනවා. බාබාත් ඔබට කියනවා මම කියන දේවල් ගැන හිතල බලන්න කියලා. අප බාබාගෙන් ඇසිය යුත්තේ කුමක්ද? බාබා කියනවා : මන්මනභව්! මෙමඟින් ඔබ සතෝප්‍රධාන් වෙනවා. ඔබේ ඉලක්කය සහ අරමුණ ඔබ ඉදිරිපිටයි. ඔබ සියලුම ගුණධර්ම වලින් සහ කලා දහසයෙන්ම සම්පූර්ණ විය යුතුයි. මේ තත්ත්වය නිරායාසයෙන්ම ඔබට දැනෙනවා. කිසිවකු අපහාසයට ලක් කිරීමට හෝ කිසිම පාපකාරී ක්‍රියාවක් සිදුකිරීමට නොයා යුතුයි. කිසිම වැරදි සහගත ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. දේවතාවන් ඉන්නේ නොම්මර එකට. උත්සාහ දැරීමෙන් ඔවුන් නොම්මර එකට පත්වුණා. දේවතාවන් අයත් වන්නේ පාපයන්ගෙන් තොර උසස් ආගමටයි. කාවහරි මරණයට පත්කිරීම පාපයක්. දරුවනි, බාබා කියනවා : තම ඇතුළාන්තයට නැඹුරු වී තමන් පත්වන තත්ත්වය පිළිබඳ පරීක්ෂා කර බලන්න. මා බාබා සිහිකරනවාද? කොපමණ කාලයක් මා බාබා සිහිකරනවාද? ඔබේ හදවත දැඩි ලෙස බාබා වෙත බැඳිය යුතුයි එනම්, ඔහුව සිහිකිරීමට ඔබ අමතක කරන්නේ නැහැ. අසීමිත පියා දැන් කියනවා : ජීවාත්මයන් වන ඔබ මගේ දරුවෝ. ඔබ මගේ සදාකාලික දරුවෝ. ආදරවන්තයින් සහ ආදරවන්තියන් සිහිකිරීම භෞතික මනුෂ්‍යයින් අතර සිදුවන්නක්. ඔවුනොවුන් එකිනෙකාට ඉදිරියෙන් සිටින්නා වගේ දර්ශන දකිනවා, පසුව ඒ දර්ශන අතුරුදන්ව යනවා. ඔවුන් කනකොට බොනකොට නිරන්තරයෙන් පවතින ඒ සතුටින් එකිනෙකා සිහිකරනවා. ඔබේ මේ සිහිකිරීම තුළ අති විශාල බලයක් අන්තර්ගත වෙනවා. එකම එක පියාව ඔබ නිරන්තරයෙන් සිහි කරනවා. පසුව ඔබ ඔබේ අනාගතය සිහි කරනවා. ඔබට විනාශයේ දර්ශන පෙනෙනවා. ඔබ ක්‍රම ක්‍රමයෙන් දියුණුව කරා යන විට, විනාශයේ දර්ශන බහුල ලෙස ඔබට දර්ශනය වෙනවා. අන්‍යයන්ට කිව හැකියි දැන් විනාශය සිදුවෙමින් පවතිනවා එවිට ඔවුන් පියා සිහිකළ යුතු වෙනවා. බාබා හැම දෙයක්ම අතහැරියා. අවසානයේදී කිසිවක්ම සිහිකළ නොයුතුයි. ඔබ දැන් ඔබේ රාජ්‍යයට යා යුතුයි. අනිවාර්යෙන්ම ඔබ නව ලෝකයට යා යුතුයි. ඔබ ඔබේ සියලුම පාපයන් යෝගා බලයෙන් පුළුස්සා දැමිය යුතුයි. මෙයට උත්සාහයක් දැරිය යුතුයි. මෙය ඉතාමත්ම සූක්ෂම දෙයක් බැවින් ඔබ නැවත නැවතත් පියාව අමතක කරනවා. නයා සහ මෙරුන්ගේ උදාහරණය අදාල වන්නේ මේ කාලයටයි. මෙරූන් ඉබාගාතේ යනවා. නමුත් ඔබේ ගමන ඊට වඩා උසස්. බාබා ලියනවා නිරන්තරයෙන් දැනුම සංවාදයට ලක්කරන්න. එවිට ඔවුන් ඉබේම අවදිවෙයි. ඔවුන්ට තවත් යා හැක්කේ වෙන කොහෙද? නිරන්තරයෙන් ඔවුන් ඔබ ළඟට එනවා. ඔවුන් ඔබට එකඟ වෙනවා. ඔබේ නාමය පැතිරී යනවා. වර්තමානයේ ඔබ අතරින් ඉන්නේ ඉතාම ටික දෙනයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බලවත් ලෙස දැනුම් සාගරය ආවර්ජනය කරන්න. ඔබ අසා ඇති හැම දෙයක්ම නිරන්තරයෙන් ධාරණය කරගන්න. තම සිත සෝදිසි කර බලා අමතක කළ නොහැකි ලෙස පියා වෙත හදවත බැඳෙනවා දැයි පරීක්ෂා කර බලන්න.

2. ප්‍රශ්න අසමින් කාලය අපතේ හරිනවා වෙනුවට සිහිකිරීම නමැති වන්දනාවේ යෙදෙමින් තමන්ව පාරිශුද්ධත්වයට පත් කරගන්න. අවසානයේදී පියා පිළිබඳ සිහිය හැර කිසිම සිතිවිල්ලක් ඇති නොවිය යුතුයි. දැන් සිටම මෙය පුහුණු කරන්න.

වරදානය:
ඔබගේ අධිෂ්ඨානයේ බාරය මගින් ඔබගේ ආකල්පය පරිවර්ථනය කිරීමෙන්, ඔබ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වේවා.

ශ්‍රේෂ්ඨ වීමේ ප්‍රධාන පදනම පිවිතුරු බවයි. පොරොන්දුවක ස්වරූපයෙන් පාරිශුද්ධත්වයේ බාරය රැකීම යනු ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වීමයි. ඕනෑම අධිෂ්ඨානයක බාරයක් කෙනෙකුගේ ආකල්පය වෙනස් කරයි. පිවිතුරු බවේ බාරය රැකීම යනු ඔබගේ ආකල්පය ශ්‍රේෂ්ඨ කර ගැනීමයි. බාරයක් රැකීම යනු භෞතික අන්දමකින් ප්‍රවේසම් වී, මෙම සිතිවිල්ල ඔබගේ මනසේ ස්ථිරව තබා ගැනීමයි. ඔබ පිවිතුරු වීමට බාරයක් වූ විට, ජීවාත්ම සහෝදරයන් වීම, ඔබගේ ආකල්පය බවට පත් කළා, සහෝදරත්වයේ ආකල්පය ඔබට ඇති විය. මෙම ආකල්පය ඇති බ්‍රහ්මින්වරු ශ්‍රේෂ්ඨ ජීවාත්ම වෙයි.

පාඨය:
නිෂ්ඵලත්වය නතර කිරීමට ඔබගේ දෙතොල් මතට අධිෂ්ඨානයේ බොත්තමක් දමන්න.