21.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සැබෑම ආදායමක් උපයා ගැනීමට පළමුවෙන් ඔබ මත උත්සාහ දරා අනතුරුව ඔබේ නෑ
හිතමිතුරන් හට එසේ කිරිමට පොළඹවන්න. නිවසින් පින්කම ඇරඹෙයි.
ප්රශ්නය:
සතුට සහ
සුවපහසුව ලබාගත හැකි මාර්ගය කුමක්ද?
පිළිතුර:
පාරිශුද්ධියයි. පාරිශුද්ධිය ඇති තැන සතුට සහ සුවපහසුව ඇත. පරම පියා ස්ථාපනය කරන්නේ
ස්වර්ණම යුගී පවිත්‍ර ලොවක්ය. එහි පාපයන් නොමැත. පාපයෙන් තොරව ලොවක් පවත්වාගෙන
යන්නේ කෙසේද කියා කිසිසේත් දේවී දේවතාවන් වන්දනා කරන්නන්ට ප්‍රශ්න කළ නොහැක. ඔබ
දැන් සහනශීලී ලොවට යාමට සිටී. එබැවින්, ඔබ මේ අපවිත්‍ර ලොව අමතක කළ යුතුය. ඔබ සාම
දේශය සහ සතුටු දේශය සිහිපත් කළ යුතුයි.
ඕම් ශාන්ති.
ඔය දරුවන්ට
"ඕම් ශාන්ති" යන්නෙහි අර්ථය පැහැදිලි කර තිබේ. ශිව බාබාට "ඕම් ශාන්ති" කිව හැකියි.
එසේම සාලිග්‍රාම් දරුවනුත් "ඕම් ශාන්ති" කියති. ජීවාත්මයි "ඕම් ශාන්ති" කියන්නේ.
එනම්, ඔහු නිහඬ පරම පියාගේ පුත්‍රයා යන්නයි. විවිධ මාර්ග වලින් නිහඬතාවය සොයන්නට
වනගත වීමේ අවශ්‍යතාවය නැත. ජීවාත්මයන් කොහොමත් නිහඬය. ඉතින් වෙන වෙන මාර්ග වලින්
උත්සාහ කිරීමෙන් ඵලක් වේද? පරම පියා මෙහි ඉඳිමින් මේ දේ පැහැදිලි කරනවා. ඒ පරම
පියාගෙන් තමයි ඔබ සතුටු සහ සුවපහසු ලොවට තමන්ව අරගෙන යන්නට එන්න කියා ඉල්ලා සිටියේ.
සුව පහසුව සහ සතුට ලබන්නට සියලු ජීවාත්මයන් ආස කරති. එහෙත් සාමය සහ සතුට ලබා ගැනීමට
කලින් ඔබට පාරිශුද්ධිය තිබීම අවැසිය. පිරිසිදු අයට පවිත්‍ර අය කියාත් අපිරිසිදු අයට
අපවිත්‍ර අය කියාත් කියනු ලැබේ. එම අපිරිසිදු ලොවයි කෑ ගසන්නේ: පැමිණ අපව පිවිතුරු
ලොවට අරගෙන යන්න! ඔබව අපවිත්‍ර ලොවෙන් මුදවා, පිවිතුරු ලොවට අරගෙන යන කෙනො ඔහුමය.
ස්වර්ණම යුගයේ පවිත්‍රතාවය ඇති අතර යකඩ යුගයේ අපවිත්‍රතාවය ඇත. එය පාපයෙන් තොර
ලොවකි එහෙත් මෙය පාපතර ලොවකි. ලොවේ ජනගහණය දිගින් දිගට වැඩිවෙමින් තිබෙන බව ඔය
දරුවන් දන්නවා. ස්වර්ණම යුගය පාපයෙන් තොර වූ ලොව නිසා නියතවම එහි මිනිසුන් අඩුවෙන්
සිටිති. එම සුළු පිරිස කවුරුන් ද? අනිවාර්යෙන්ම ස්වර්ණම යුගයේ දේවතාවන්ගේ රාජධානිය
තිබිය යුතුයි. එයටයි සුවපහසු ලොව සහ සතුටු දේශය කියා කියන්නේ. මෙය දුක් දේශයයි.
දුක් දේශය සතුටු දේශය බවට වෙනස් කළ හැකි එකම තැනැත්තා පරම්පිතා පරමාත්මයයි.
සැබැවින්ම සතුටේ දායදය දෙන්නේ පරම පියායි. එම පියා කියනවා : දැන් දුක් දේශය අමතක
කර, සාම දේශය සහ සතුටු දේශය සිහිපත් කරන්න. මෙයට කියන්නේ : මන්මනාභව්. පරම පියා
පැමිණ ඔය දරුවන්ට සතුටු දේශයේ දර්ශනය ලබා දෙනවා. ඔහු දුක් දේශයේ විනාශය සිදුවීම
පොළඹවා ඔබව සාම දේශයට රැගෙන යයි. මෙම චක්‍රය වටහාගත යුතුයි. ඔබ උපත් 84ක් ගැනීමට
ඇත. සතුටු දේශයට ප්‍රථමයෙන් පැමිණී අය උපත් 84ක් ගනී. සරළව මේ තරමින් සිහිපත්
කිරීමෙන් ඔබට සතුටු දේශයේ හිමිකරුවන් විය හැකියි. පරම පියා කියයි : දරුවනී, සාම
දනව්ව සිහිපත් කරන්න. අනතුරුව ඔබේ උරුමය සිහිපත් කරන්න. එනම්, සතුටු දේශය සිහිපත්
කරන්න. පළමුවෙන්, ඔබ සාම දේශයට යනවා. එමනිසා, ඔබ තමන්ව බ්රහ්මාණ්ඩය නම් වූ සාම
දේශයේ අධිපතීන් වශයෙන් සලකා ගන්න. එහෙ මෙහේ ඇවිදින අතරේත් තමන් එම ස්ථානයේ වැසියන්
යැයි සැලකුවහොත් දිගටම මේ ලෝකය ඔබට අමතක වී යාවි. සතුටු දේශය ස්වර්ණම යුගයයි. එහෙත්
සැමටම නොවෙයි ස්වර්ණම යුගයට යා හැක්කේ. මේ දේවල් වටහා ගන්නේ දේවතාවරුන්ව වන්දනා කරන
අය පමණයි. සත්‍ය පියා විසින් උගන්වන මෙම අධ්‍යාපනය සත්‍ය ආදායම වේ. ඉතිරි සියල්ල
ව්‍යාජ අදායම වේ. සත්‍ය ආදායම වූ කලී එවන් වූ ඥාන මිණීමුතු වන අතර නැසෙන සුළු ධනය
සහ දේපළ ව්‍යාජ ආදයමයි. තඹ යුගයේ පටන්, ඔබ උපයමින් සිටියේ ව්‍යාජ ආදායමයි. මෙම
සත්‍ය සහ අවිනාශී අදායමේ ප්රතිලාභ ආරම්භ වන්නේ ස්වර්ණම යුගයෙන් වන අතර එය අවසන්
වන්නේ රිදී යුගයේය. එනම්, අඩ චක්‍රයක් සඳහා ඔබ ප්‍රතිලාභය අත්විඳී. ඉන්පසු ව්‍යාජ
ආදායම පටන් ගන්නා විට ඔබ තාවකාලික සතුට අත්විඳී. මේ අවිනාශී ඥාන මිණීමුතු ඔබට
දෙන්නේ ඥාන සාගරය විසින්ය. මේ සත්‍ය පියා විසින් ඔබට සත්‍ය ආදායමක් උපයන්නට හැකියාව
ලබා දෙයි. සත්‍ය දේශය වූයේ භාරතයයි. දැන් එය අසත්‍ය දේශය වී ඇත. වෙනත් දේශයකට සත්‍ය
දේශය හෝ අසත්‍ය දේශය කියා කිව නොහැක. සත්‍ය දේශයේ නිර්මාතෘවරයා සක්විති දෙවියන් වන
සත්‍යය යි. සත්‍ය වු කෙනා දෙවි පියාණන් වේ; අනෙකුත් සියල්ලන් අසත්‍ය පියවරුන් වේ.
ස්වර්ණම යුගයෙහි, ඔබට සත්‍ය පියවරු සිටින්නේ එහි මොනම ව්යජත්වය හෝ පාපය නොතිබෙන
හෙයිනි. මෙය පාපතර ජීවාත්මයන්ගේ ලොවයි එහෙත් එය පුණ්යාත්මයන්ගේ ලොවයි. එබැවින්,
මෙම සත්‍ය ආදායම ඉපයීමට ඔබ දැන් විශාල උත්සාහයක් කළ යුතුයි. පෙර චක්‍රයේ මෙම ආදායම
ඉපැයූ අය නැවතත් එය කරනවා ඇත. පළමුවෙන්, ඔබ විසින් මෙම සත්‍ය ආදායම ඉපැයිය යුතුයි,
ඉන්පසු ඔබේ පවුලේ අයව, ඔබේ පවුලට සම්බන්ධ වූ අයව මෙම සත්‍ය ආදායම උපයන්නට පොළඹවන්න.
පුණ්‍ය කර්ම ඇරඹෙන්නේ නිවසින්ය. එම සර්වව්‍යාප්ත මතය ඇත්තන්ට භක්ති කළ නොහැක:
සියල්ලක්ම දෙවියන්ගේ ස්වරූප නම් ඔවුන් වඳින්නේ කාටද? එබැවින් ඔවුන්ව එම මර වැල්ලෙන්
පිටතට ඇදීමට උත්සාහ කළ යුතුව ඇත. සන්යාසීන් කෙසේද නිවසේ දී පින්කම් කරන්නේ?
පළමුවෙන්ම ඔවුන්ට තම නිවසේ අය ගැන කිසිවක් ඔබට කිව නොහැක. ඔවුන්ගෙන් අසන්න: අපට එය
කිව නොහැක්කේ මන්ද? අඩුතරමින් අපත් දැනගත යුතුයි. ඔබට එය කීමෙන් වරදක් වේද: "මා මේ
පවුලට අයිති වී සිටියේ, ඉන්පසුව අභිනිෂ්ක්‍රමණය තෝරගත්තා" ඔබෙන් යම් කෙනෙක් ඇසුවොත්
ඔබට එසැනින් කිව හැකියි. සන්යාසීන්ට බොහෝ ගෝලයෝ සිටී. දෙවියන් එක්කෙනෙක්ය කියා
සන්යාසී කෙනෙක් කීවොත්, කවුද මේ දැනුම ඔබට දුන්නේ කියා ඔහුගේ ගෝලයින්ම ප්‍රශ්න
කරති. එය දුන්නේ බීකේ කෙනෙක් කියා ඔහු කීවොතින් ඔහුගේ වෙළෙඳාම අහවර වෙයි. ඇයි එලෙස
කෙනෙක් තමන්ගේ ගරුත්වය නැති කරගන්නේ? ඉන්පසු ඔහුට ආහාර පවා නොලැබෙනු ඇත. එමනිසායි
සන්යාසීන්ට මෙය ඉතා අපහසු වන්නේ. පළමුවෙන්, ඔබ ඔබේ මිතුරන්ට නෑදෑයින්ට, මෙම දැනුම
ලබා දිය යුතුයි. ඔවුන්ව උපත් 21කට සතුට ලබාගත හැකි වන සත්‍ය ආදායමක් උපයන්නට
පොළඹවන්න. මෙය ඉතා පහසු දෙයකි. කෙසේවෙතත්, බොහෝ සේ වේද ග්රන්ථයන් සහ දේවස්ථාන ආදිය
තිබීම නාටකයේ නියම වී ඇත. අපිරිසිදු ලොවේ වැසියන් කියයි: පැමිණ අපව පිවිතුරු ලොවට
රැගෙන යන්න. ස්වර්ණම යුගය පටන්ගෙන දැනට වසර 5000ක් ගතවී ඇත. ඔවුන් කියන්නේ යකඩ
යුගයේ කාල සීමාවම වසර සියදහසක් තිබෙයි කියායි. එබැවින්, මිනිස්සු සතුටු දේශය කවදා,
කොතැන තිබුණේද කියා කෙසේ වටහාගන්න ද? ඔවුන් කියන්නේ සමූලඝාතනයක් සිදුවීමෙන් පසු
ස්වර්ණම යුගය ඇතිවේවි කියායි. පළමුවෙත්ම, ශ්‍රී ක්‍රිෂ්ණා බෝ කොලයක් මත ඉඳිමින්
මහපට ඇඟිල්ල උරමින් සාගරයේ පාවෙමින් පැමිණෙනවා ඇත. ඔවුන් සෑම දේම වෙනස් කර ඇත. පරම
පියා කියනවා : මා දැන් බ්රහ්මා තුළින් ඔබට සියලු වේද ශාස්ත්‍ර පොත්වල සාරය කියා
දෙනවා. එමනිසායි ඔවුන් බ්‍රහ්මාව විශ්ණුගේ නාභියෙන් මතු වූවා සේත් අතේ ග්රන්ථයන්
තිබෙන්නාක් සේත් ඔහුව පෙන්වා තිබෙන්නේ. දැන් සැබැවින්ම බ්රහ්මා මෙහි සිටිනවා.
සූක්ෂම කලාපයේ ග්රන්ථයන් නොතිබෙනු ඇත; බ්රහ්මා මෙහි සිටිය යුතුයි. විෂ්ණු,
ද්විත්ව ස්වරූපයේ ලක්ෂ්මි සහ නාරායන ද මෙහි සිටී. බ්රහ්මා විෂ්ණු බවට පත්වෙයි.
ඉන්පසු විෂ්ණු බ්රහ්මා බවට පත්වෙයි. දැන් බ්රහ්මා විෂ්ණුගෙන් මතුවුණාද නැතිනම්,
විෂ්ණු බ්‍රහ්මාගෙන් මතුවුණාද යන කාරණාව වටහාගත යුතු වේ. කෙසේවෙතත්, හොඳින් ඉගෙන
ගන්නා අය මේ කාරණාවල් වටහාගනීවි. පරම පියා කියයි : මේ කාරණා ඔබේ ශරීර අත්හරින මොහොත
දක්වා ඔබ නොකඩවා වටහාගත යුතුව ඇත. ඔබ 100% ක්ම මෝඩ වී, බංකොලොත් වී සිටින්නේ. ඔබ
වරක් බුද්ධිමත් දේවතාවරු වී සිටියේ දැන් නැවතත් එම දේවතාවරු වෙමින් සිටිනවා.
මනුෂ්‍යයන්ට කිසිම කෙනෙක්ව දේවතාවන් කිරීමට නොහැකිය. ඔබ එම දේවතාවරු වී සිට පසුව
උපත් 84ක් ගනිමින් ඔබේ සියලු කලා නිපුණතා සම්පූර්ණයෙන් නැති කරගත්තා. ඔබ සතුටු
දේශයේ ඉමහත් සුවපහසුවෙන් සිටි ඔබ දැන් අසහනයෙන් සිටිනවා. උපත් 84ක ගිණුම ඔබට
පැහැදිලි කළ හැකියි. එම ඉස්ලාම්, බෞද්ධ, ක්රිස්තියාණී සහ සීබ් සහ අනෙකුත් සියලු
නිකායන් සහ සමාගම් වල අය කොපමණ උපත් ගනීද යන්න ගණන් කිරීම පහසුය. දිව්‍ය ලෝකයේ
හිමිකරුවන් වන්නේ භාරත වැසියන් පමණයි. එම කුඩා පැළය දැන් පැළ කර ඇත. දැනුමේ විස්තර
එක් වරක් ඔබම වටහා ගෙන ඔබේ මව, පියා, සහෝදර සහෝදරියන්ට පහදා දෙන්න. ඔබේ පවුලේ අය
සමඟ ඉඳිමින් නෙළුම් මලක් සේ ජීවත්වන්න. එවිට, "පින්කම නිවසේම ඇරඹෙයි". මේ දැනුම ඔබේ
නෑදෑයින්ටත්, ඔබේ සැමියාගේ නෑදෑයින්ටත් දෙන්න. ඔවුන් ඔවුන්ගේ සහෝදරයින්ව මුලින්ම තම
ව්‍යාපාරයෙහි කොටස් කරුවන් කරගනී. මෙහිද, එසේමයි. කුමාරියකට තිබෙන වර්ණාව නම් ඇය තම
දෙමාපියන්ගේ නිවසත් පතිකුලයේ නිවසත් උසස් කිරීමයි. අපවිත්‍ර අයට කිසිවෙක් උසස්
කිරීම කළ නොහැක. ඉතින් මෙය කරන්නේ කොයි කුමාරින් ද? ඒ ඔබ බ්රහ්මකුමාරින් තමයි.
බ්‍රහ්මාගේ දියණීයන්. මෙහි අධර් කුමාරීන්ට සහ අවිවාහක කුමාරීන්ට (විවාහක කාන්තාවන්ට
සහ කන්‍යාවන්ට) කෝවිල් තනා ඇත. ඒ ඔබේ සිහිවටනය වේ. අප පැමිණ සිටින්නේ නැවත වතාවක්
භාරතය දිව්‍ය ලොවක් කිරිමටයි. දිල්වාලා දෙව්මැදුර සම්පූර්ණයෙන් නිරවද්‍යයි. එහි
සිවිලිමේ දිව්‍යලෝකය සිතුවම් කර ඇති මුත් ඇත්ත වශයෙන්ම දිව්‍යලෝකය තිබෙන්නේ මේ
පොළවේය. රාජයෝග තපස්යාව සිදුවන්නේත් මේ පොළවේය. දිල්වාලා දෙව්මැදුර තැනූවන් එය
කවුරු පිළිබඳවද යන්න දැන සිටිය යුතුයි. ඔවුන් ජගද්පිතා, ජගදම්බා, ආදී දේව් සහ ආදී
දේවි එහි ඇතුලෙහි අසුන්ගෙන සිටින අයුරින් පෙන්වා ඇත. අච්චා. කාගේ දරුවාද ආදි දේව්:
ශිව් බාබාගේ. අධර් කුමාරිස් සහ අවිවාහක කුමාරිස් සියල්ලන් මෙහි ඉඳිමින් රාජයෝගා
කරති. පරම පියා කියයි : මන්මනාභව්. ඔබ එවිට පාරාදීසයේ හිමිකරුවත් බවට පත්වේවි.
මුක්තිය සහ ජීවන්මුක්තිය සිහිපත් කරන්න. ඔබේ අත්හැරීම මෙය වේ. ජෙයින් ආගමිකයන්ගේ
අත්හැරීම ඉතා දුෂ්කරය. ඔවුන්ගේ හිසකෙස් කඩා ඉවත් කරන ක්‍රමය අතිශයින් දැඩි
ක්රමයකි. එහෙත් මෙහි පහසු රාජයෝගාවයි. මෙය පවුල් මාර්ගයක් ද වේ. මෙය නාටකයේ
නියමිතව ඇත. ජෙයින් සාන්තුවරයෙක් විසින් ඔහුගේම තව ආගමක් නිර්මාණය කර තිබේ. එහෙත්
එයට ආදී සනාථන දේවි දේවතා ධර්මය කියා කිව නොහැක. එය දැන් අතුරුදහන් වී ඇත. යම්
කෙනෙක් ජෙයින් ආගම පටන්ගෙන දැන් එය දිගටම පවත්වාගෙන යනවා. එයද නාටකයෙහි ඇත. ආදී
දේව් කියා පියාටත්, ජගදාම්බා කියා මවටත් කියති. ආදී දේව් යනු බ්රහ්මා කියා සැවොම
දන්නවා. ඔවුන් ආදාම් සහ බීබී, ඇඩම් සහ ඊව් කියාද කියති. ඇඩම් සහ ඊව් දැන් තපස්යාවේ
ඉඳිමින් සිටින බව ක්‍රිස්තියාණීන් දන්නේ නැත. ඔවුන් තමයි මානව වංශාවලී වෘක්ෂයේ
ප්‍රධානීන්. පරම පියා මෙහි ඉඳිමින් සියලු රහස් පැහැදිලි කරයි. තවද බොහෝ ශිවාගේ,
ලක්ෂ්මි සහ නාරායනගේ කෝවිල් ඇත. එසේම ඔවුන්ගේ ජීවිත චරිත කථා ඔබත් දැන සිටිය
යුතුයි. පරම පියා ඥාන සාගරය මෙහි ඉඳිමින් මේවාත් පැහැදිලි කරනවා. ඥානාන්විත. ඥාන
සාගරය සහ ප්රමෝදයේ සාගරය යැයි අමතන්නේ පරම්පිතා පරමාත්මයටයි. පරම්පිතා පරමාත්මගේ
වර්ණනා ගැන කිසිම රිෂී මුනීවරයෙක් හෝ සාන්තුවරයෙක් නොදනී. ඔවුන් සරළව දෙවියන් සර්ව
ව්‍යාප්තයි කියති. එවිට ඔවුන් කාගේ ප්රශස්තියද ගයන්නේ? මන්ද යත් ඔවුන් දෙවියන්
කවුදැයි නොදනී. ඔවුන්ටම පවා "ශිවෝහම්" (මම ශිවා වෙමි) කියාගනී. එසේ නොමැතිව,
පරමාත්මයගේ ප්රශස්තිය ඉතා උසස්ය. මානව ලෝක වෘක්ෂයේ බීජය ඔහු වේ. මුස්ලීම්වරුන්ද
කියන්නේ: ඛුදා (දෙවියන්) අපව නිර්මාණය කළා. එබැවින් අප ඔහුගේ නිර්මාණයන් වේ.
නිර්මාණයක් විසින් නිර්මාණයකට උරුමයක් ලබා දිය නොහැක. එම බීජය වූ කලී සත්‍යයයි.
සචේතනික ජීවයයි. ඔහු සතුව ලොවේ මුල, මැද සහ අන්තය පිළිබඳ ඥානය ඇත. ලොවේ මුල, මැද සහ
අන්තය පිළිබඳ ඥානය මනුෂ්‍යයන් තුළ තිබිය නොහැක. එය තිබිය හැක්කේ බීජයක් තුළ පමණී.
මෙම බීජය ජීවාමනයි. එමනිසා, සැබැවින්ම සියලු දැනුම තිබෙන්න ඕන ඔහු තුළ පමණයි. සමස්ත
ලෝක චක්‍රයේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම ඔබට ලබා දෙන්නේ ඔහුමය. ඔබ පුවරුවක මෙසේ
සඳහන් කරන්න: ඔබ මෙම චක්‍රය පිළිබඳව දැනුවත් වීමෙන් ඔබට පෘතුවියේ ස්වර්ණම යුගයෙහි
පාලකයන් බවට පත්විය හැකියි. එනම්, ඔබට දිව්‍යලෝකයේ රජුන් බවට පත්විය හැකියි. මෙය ඒ
තරම්ම පහසු දෙයකි! පරම පියා කියයි : ඔබ ජීවත්වන තාක් මා සිහිපත් කරන්න. මා විසින්ම
ඔබට මනස විනය ගරුක කිරීමට මන්ත්‍රයක් ලබාදෙනවා. ඔබ දැන් පරම පියාව සිහිපත් කළ
යුතුයි. සිහිපත් කිරීම මඟින් ඔබේ පාපයන් ක්ෂමා වනවා ඇත. ඔබ නොකඩවා ස්වදර්ශන චක්‍රය
කරකවයි නම්, ඔබට මායාගේ හිස කපා හෙළන්නට පුළුවන් වේවි. මා ඔබ ජීවාත්මයන්ව පාරිශුද්ධ
කර ආපසු නිවසට රැගෙන යනවා. ඉන්පසු ඔබ සතෝප්රධාත් ශරීර ගන්නවා ඇත. එහි පාපයන්
නොතිබේ. මිනිස්සු අසයි: පාපයෙන් තොරව ලොව පැවැත්වෙන්නේ කෙසේද? ඔවුන්ට කියන්න: ඔබ
සම්පූර්ණ පාපයෙන් තොර වූවන් කියමින් ලක්ෂ්මි නාරායනගේ ප්රශස්ති ගැයූවාට සමහර විට
ඔබ දෙවි දේවතාවරුන් වඳින්නන් නොවෙන්න පුළුවත්. ජගද්මාතා සහ ජගත්පිතා පාපයෙන් තොර
වූවන්ය. ඔවුන් රාජයෝග තපස්යා කිරීමෙන් පාරිශුද්ධ වෙයි අනතුරුව දිව්‍යලෝකයේ අධිපතීන්
වෙයි. ඔබ තපස්යා කරන්නේ පාරිශුද්ධ වීමට සහ පුණ්යාත්මයන් වීමටයි. අච්චා.
සුමිහිරි, ආදරණීය
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මේ පරණ ලොව
ඔබේ බුද්ධියෙන් ඉවත් කිරීම සඳහා ඇවිදින ගමන් තමන් සාම දනව්වේ වැසියෙක් වශයෙන්
සලකන්න. සාම දේශය සහ සතුටු දේශය සිහිපත් කිරිම මගින් සහ එසේ කිරීමට අන්‍යයන්
පෙළඹවීමෙන් සැබෑ ආදායමක් උපයාගන්න.
2. රාජයෝග තපස්යාව
කිරීම මඟින් තමාව පුණ්‍යාත්මයක් කරගන්න. නිරන්තරයෙන් ස්ව දර්ශන චක්‍රය නොකඩවා
කරකවන්න එවිට මායාගේ හිස කපාහෙළීමට හැකි වේ.
වරදානය:
ඔබ
පරිපූර්ණත්වයේ හැගීම සමග ධනවත් සහ නිරතුරුවම තෘප්තිය අත්විදින අයෙකු බවට පත්වේවා.
ස්වයං ආධිපත්‍යයේ ධනය
යනු මේ ඥානය සහ යහගුණ හා බලයන්ය. ස්වයං ආධිපත්‍යයට අයිතියක් ඇති අය මේ සියලුම
ආකාරයේ ධනයන් සමග නිරන්තරයෙන් තෘප්තිමත් වෙයි. ඔවුන්ට කුමන හෝ ලැබීමක අඩුවක්
පිළිබදව නමක් හෝ සළකුණක්වත් නොමැත. ඕනෑම සීමිත ආශාවන් පිළිබද දැනුම නොමැත්තෙකු යනු
ධනවත් වීමයි. ඔවුන් නිරන්තරයෙන් පිරිනමන්නන් වන අතර කිසිම විටෙක යදින්නන් නොවේ.
ඔවුන්ට නිරන්තර, නොබිඳුණු, සතුටු සහ සාමකාමී ස්වයං ආධිපත්‍යයකට අයිතියක් ඇත.
කිසිමාකාරයක අහිතකර අවස්ථාවකට ඔවුන්ගේ නොබිඳිය හැකි සාමය බිඳ දැමිය නොහැක.
පාඨය:
ඥාන ඇසින්
තුන් කාලයම සහ තුන් ලෝකයම දකින්නන් “මාස්ටර් දැනුමෙන් පිරි” අය වේ.