22.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම නාටකය සදාතනිකව පෙර නියම වූ එකක් වන අතර, ඉතා අලංකාරව නිර්මාණය වී තිබේ. ඔය දරුවන් මෙම නාටකයේ අතීතය, වර්තමානය සහ අනාගතය ඉතා හොඳින් දන්නවා.

ප්‍රශ්නය:
සියලුම ජීවාත්ම ඔබ වෙතට ඇදෙන්නේ, කුමන ආකර්ෂණයක පදනම මතද?

පිළිතුර:
ආකර්ෂණයේ පදනම වන්නේ ඔබගේ පාරිශුද්ධත්වය සහ යෝගා බලයයි. ඔබගේ ව්‍යාප්තිය සිදුවන්නේ මෙය තුළින් පමණයි. ඔබ දියුණු වත්ම, මිනිසුන් සැනෙකින් පියාව හඳුනාගනීවි. මෙපමණ පිරිසක් ඔවුන්ගේ උරුමය හිමිකර ගැනීමට මෙහි පැමිණෙන බව ඔවුන් දකින විට, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද පැමිණෙයි. කාලය දීර්ඝ වන තරමට, ඔබගේ ආකර්ෂණයද වැඩිවෙයි.

ඕම් ශාන්ති.
ඔය ජීවාත්ම මෙහි පැමිණියේ උත්තරීතර දේශයේ සිට බව, ඔය ආධ්‍යාත්මික දරුවන් දන්නවා; මෙය ඔබගේ බුද්ධියේ ඇත. පියා පැමිණෙන්නේ බොහෝ ජීවාත්ම පහළට විත්, ටික දෙනෙක් පමණක් එහි උඩ ඉහළ සිටින විටයි. දුර ඈත දේශයේ වැසියා, චක්‍රය අවසානයේ පැමිණෙන බව ඔය දරුවන්ට විස්තර කිරීමට දැන් පහසුයි. එහි ඉතිරිව සිටින්නේ ටික දෙනෙක් පමණයි. මෙහි ජනගහණය දිගින් දිගටම වැඩිවනවා. ඔබටද මෙය වැටහෙනවා. කිසි කෙනෙක් පියාව හඳුනන්නේ නැති නිසා, ඔවුන් ඔහුගේ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳව දන්නේ කෙසේද? ඔබටද මෙය වැටහෙයි. මෙම නාටකය අසීමිතයි. මේ මේ නළුවාට, මේ මේ චරිත කොටස ලැබී ඇති බව, සීමිත නාටකයක නළුවන් දන්නා සේම, මෙම නාටකයේ නළුවන් ද එය පිළිබඳව දැන සිටිය යුතුයි. ඒ මිනිසුන් අතීතයේ සිදු වූ දේ පිළිබඳව කෙටි නාට්‍ය සාදයි. ඔවුන්ට අතීතයේ සිදු වූ දේ පිළිබඳව පමණයි, අනාගතය පිළිබඳව කිසිවක් නිර්මාණය කළ නොහැක. ඔවුන් ප්‍රබන්ධ කළ කතා මත පදනම් වූ නාටකද නිෂ්පාදනය කර, පෙන්වයි. ඔවුන් අනාගතය නොදනී. පියා දැන් පැමිණ ඇති නිසා, ස්ථාපනය සිදුවන අතර, අපි අපගේ උරුමය හිමිකරගන්නා බව ඔබ දන්නවා. කවුරු පැමිණියත්, ඔවුන්ට දේවතා තත්ත්වයක් හිමිකරගන්නා මාර්ගය අපි පෙන්විය යුතුයි. එම දේවතාවන් එතරම් ශ්‍රේෂ්ඨ වූයේ කෙසේද? කිසි කෙනෙක් මෙය නොදනී. ඇත්ත වශයෙන්ම ආදි සනාතන ධර්මය දේවතාවන්ගේ පමණයි. එම ජීවාත්මයන්ට ඔවුන්ගේම ආගම අමතක වී ඇති බැවින්, ඔවුන්ට සෑම ආගමක්ම එක හා සමාන බව ඔවුන් කියයි. ඔය දරුවන් දන්නවා බාබා ඔබට දැන් උගන්වන බව. මේ සෑම පිංතූරයක්ම නිර්මාණය වී ඇත්තේ බාබාගේ උපදෙස් වලට අනුවයි. බාබා විසින් ඔවුන්ට දිව්‍යමය දර්ශන ලබා දීමෙන් එම පිංතූර චිත්‍රයට නැඟීමට ඔවුන්ට සැලසුවා. සමහරු ඔවුන්ගේම බුද්ධිය භාවිත කිරීමෙන්ද ඒවා චිත්‍රයට නැඟුවා. ඔබ අනිවාර්යෙන්ම මෙසේ ලිවිය යුතු බව ඔබට විස්තර කර දී තිබෙනවා: ඔබ මෙම නාටකයේ නළුවන්ය. කෙසේවෙතත්, ඔබගෙන් කිසිම කෙනෙක් මෙම නාටකයේ නිර්මාණකරු හෝ අධ්‍යක‍්ෂව හඳුනන්නේ නැත. පියා දැන් අළුත් ආගමක් ස්ථාපනය කරනවා. පැරණි ලෝකය අළුත් කළ යුතුයි. මෙය ඔබගේ බුද්ධියේ තබා ගන්න. ඔබව බ්‍රහ්මිණ්වරුන් බවට පත් කරවීමට පියාට ඇතුළු විය හැක්කේ පැරණි ලෝකයට පමණයි. ඉන්පසුව ඔහු බ්‍රහ්මිණ්වරුන් වන ඔබව දේවතාවන් බවට පත් කරවනවා. බලන්න මෙම ක්‍රමය කෙතරම් හොඳඳ කියා! මෙම නාටකය සදාතනිකව පෙර නියම වී ඇති අතර එය අලංකාරව නිමකර තිබේ. පියා පවසන්නේ : සෑම දිනකම මම ඔබට ඉතා ගැඹුරු සහ නව සියුම් කරුණු කියන්නෙමි. විනාශය ආරම්භ වන විට, සිදු වී ඇති සෑම දේකම, මුළු ඉතිහාසයම ඔය දරුවන් දැන ගනිවී. ඉන්පසුව ඔබ ස්වර්ණමය යුගයට යන අතර, මෙම අතීත ඉතිහාසය ගැන සෑම දෙයක්ම ඔබට අමතක වනු ඇත. එකල ඔබගේ ප්‍රායෝගික චරිත කොටස් ඔබ රඟපානු ඇත. ඔබ අතීතය ගැන කියන්නේ කාටද? ලක‍්ෂ්මි සහ නාරායන ඔවුන්ගේ අතීතය ගැන කිසිවක් නොදනී. අතීතය, වර්තමානය සහ අනාගතය ඔබගේ බුද්ධියේ ඇත. විනාශය සිදුවන අන්දම සහ ඔබ මාලිගා ගොඩනඟා, ඔබගේ රාජධානිය පාලනය කරන අන්දම ගැන ඔබ දන්නවා. ඒවා අනිවාර්යෙන්ම ගොඩනැඟෙයි. දිව්‍යලෝකයේ ජවනිකා සහ දර්ශන සම්පූර්ණයෙන්ම අසහායයි. ඔබගේ චරිත කොටස් ඔබ දිගටම රඟපාන අතර, ඔබට සෑම දෙයක් ගැනම දැනගන්නට ලැබෙයි. මෙයට, හේතුවක් නොමැති ලේ වැගිරීම යැයි කියයි. අනවශ්‍ය පාඩු දිගින් දිගටම සිදුවෙයි. භූමිකම්පා ඇති වන විට, ඉතා විශාල පාඩු සිදුවෙයි. ඔවුන් බෝම්බ හෙලන විට, එයද අනවශ්‍යයි. එය ආරම්භ කිරීමට කිසි කෙනෙක් කිසිවක් නොකරයි. විනාශය සිදු වූ බවත්, සටන් කිරීම් සහ සණ්ඩු සරුවල් තිබුණු බවත්, අසීමිත බුද්ධි ඇති අයට වැටහෙයි. මිනිසුන් ඒ පිළිබඳ නාට්‍යද සාදයි. එය යම් අවස්ථාවක අනිවාර්යෙන් කාගේ හෝ බුද්ධිය ස්පර්ශ කරන්නට ඇති බව ඔබට වටහා ගැනීමට පුළුවන. ඔබ දැන් සිටින්නේ ප්‍රායෝගික ස්වරූපයෙනි. ඔබ එම රාජධානියේ පාලකයන් ද වනවා. ඔබ අනිවාර්යෙන්ම නව ලොවට යන බව ඔබ දන්නවා. බ්‍රහ්මා හෝ බ්‍රහ්ම කුමරුන්ගෙන් දැනුම ලබාගෙන බ්‍රහ්මිණ්වරුන් වන අයට, එහි යා හැක. බොහෝ බ්‍රහ්මිණ්වරුන් තවමත් ඔවුන්ගේ පවුලේ අය සමඟ නිවෙස්වල වාසය කරති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක්ව ඔබ නොදන්නවාද ඇති. මධ්‍යස්ථාන වලට බොහෝ දෙනෙක් පැමිණෙන අතර, ඔබට ඔවුන්ගෙන් සෑම කෙනෙක්වම මතක තබා ගැනීමට නොහැකි වනු ඇත. එහි බොහෝ බ්‍රහ්මිණ්වරු සිටිති. අපගේ සංඛ්‍යාව වැඩිවත්ම, ගණන් කළ නොහැකි බ්‍රහ්මිණ්වරුන් සංඛ්‍යාවක් සිටියි. ඔවුන්ගේ නිවැරදි ගණන් කිරීමක් සිදුකළ නොහැක. ඔහුගේ රාජධානියේ මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් සිටින්නේද කියා රජ කෙනෙක් නිවැරදිව නොදනී. ජන සංගණනයකින් ඔවුන්ට ආසන්න අදහසක් ලබා ගත හැකි වුවද, එහි වෙනසක් තිබෙයි. වර්තමානයේ ඔබ ශිෂ්‍යයින්ය මේ කෙනාද ශිෂ්‍යයෙකි. ඔබ සෑම කෙනෙක්ම සහෝදරයන්ය, එයින් අදහස් වන්නේ ඔය සෑම ජීවාත්මයක්ම පියා සිහිකළ යුතු බවයි. බිළිඳෙකුට වුවද ’බාබා, බාබා‘ කීමට උගන්වයි. ඔබ දියුණුවත්ම මිනිසුන් පැමිණ සැනෙකින් පියාව හඳුනාගන්නා බව ඔබ දන්නවා. බොහෝ දෙනෙක් ඔවුන්ගේ උරුමය හිමි කර ගැනීමට මෙහි පැමිණෙන අන්දම මිනිසුන් දකින විට, ඔවුන්ගෙන්ද බොහෝ දෙනෙක් පැමිණෙනු ඇත. කාලය දීර්ඝ වන තරමට ඔබට වැඩි ආකර්ෂණයක් තිබෙයි. ඔබ පිවිතුරු වී, යෝගී මනෝ ස්ථීතියක වැඩියෙන් සිටින තරමට, ඔබට වැඩි ආකර්ෂණයක් තිබෙයි. අන් අය මෙහෙට ඇදෙයි. පියාද ඔවුන්ව ආකර්ෂණය කරයි. එවිට අප වේගයෙන් අඛණ්ඩව ව්‍යාප්ත වෙයි. ඒ සඳහාද ක්‍රමවේද නිර්මාණය වෙයි. ගීතාවේ දෙවියන් කවුද? ඔහු ශාරීරික බැවින්, ක්‍රිෂ්ණා සිහිකිරීමට ඉතා පහසුයි. අශාරීරික පියා පවසන්නේ : නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. සෑම දෙයක්ම රඳා පවතින්නේ මෙම කරුණ මතයි. සෑම කෙනෙක්ම ලවා මෙය ලියවන්න කියා බාබා ඔබට කියා ඇත්තේ මේ නිසයි. බොහෝ මිනිසුන්ට මේවා දැන ගැනීම පිණිස, මෙම දේවල් වල දිග ලැයිස්තුවක් සාදන්න. ඔය බ්‍රහ්මිණ්වරුන්ගේ බුද්ධියේ ස්ථීර විශ්වාසයක් ඇති විට, වෘක‍්ෂය වැඩෙයි. කෙසේවෙතත්, අවසානය දක්වාම මායාගේ කුණාටු පැමිණෙයි. ඔබ ජයග්‍රහණය කළ විට, උත්සාහය මෙන්ම මායා ද නැති වෙයි. ඔබගෙන් බොහෝ දෙනෙක් පරාජය වන්නේ, සිහිපත් කිරීමට තැත් කිරීමේදීය. ඔබ යෝගාවේ ශක්තිමත් වන තරමට, ඔබගේ පරාජය අඩුවෙයි. ස්ථාපනය වන්නේ රාජධානියකි. එය ඔබගේ රාජධානිය වන බවට ඔය දරුවන් තුළ විශ්වාසයක් තිබිය යුතුයි. දියමන්ති සහ මැණික් ගෙනෙනු ලබන්නේ කොහේ සිටද? ආකර ඇති වන්නේ කොහෙන්ද? ඒ සෑම දෙයක්ම පැවතිණි. එය පිළිබඳව ව්‍යාකූලත්වයක් තිබිය නොයුතුයි. සිදු වීමට යන සෑම දෙයක්ම ඔබ ප්‍රායෝගිකවම දකීවි. දිව්‍යලෝකය අනිවාර්යෙන්ම නිර්මාණය කළ යුතුයි. ඔවුන් අනාගත රජකුමරුන් වී, දියමන්ති සහ මැණික් එබ්බවූ මාලිගාවන් ඔවුන්ට තිබෙයි යන විශ්වාසය, හොඳින් ඉගෙන ගන්නා අයට තිබෙයි. සේවයට ලැදි දරුවන්ට මෙම විශ්වාසය ඇති වන නමුත්, පහත් තත්ත්වයක් ලබා ගැනීමට යන අය, ඔවුන්ගේ මාලිගාවන් ගොඩනගා ගන්නේ කෙසේද කියා සිතන්නේවත් නැත. බොහෝ සේවය කරන අයටයි මාලිගාවන් ලැබෙන්නේ, එසේ නොවේද? ඔබට සේවය කිරීමට දැසි දස්සන් සහ සේවකයන් සිටීවි. එවන් සිතිවිලි ඇතිවන්නේ සේවයට ලැදි දරුවන්ට පමණයි. ඔබගෙන් හොඳින් සේවය කරන්නේ කවුරුන්ද, එමෙන්ම උගත් අයට හිස නමන්නේ කවුරුන්ද, කියා ඔය දරුවන්ට වටහා ගැනීමට හැකි වෙයි. බාබාට ද මෙම සිතිවිලි ඇතිවෙයි. මහළු කෙනෙක්, කුඩා දරුවෙක් මෙන් බව කියැවෙයි, මේ නිසා ඔහු දරුවෙක් මෙන් හැසිරීමට පටන් ගනී. බාබාට රඟපෑමට ඇත්තේ එක චරිතයක් පමණයි; ඔහුගේ දරුවන්ට ඉගැන්වීම. ඔබට මාලාවේ පබුළුවක් වීමට අවශ්‍ය නම් ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔබ ඉතා මිහිරි වී ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි, මන්ද, එවිට පමණයි ඔබට ශ්‍රේෂ්ඨ වීමට හැකි වන්නේ. මෙය තේරුම් ගත යුතු දෙයකි. පියා පවසන්නේ : මා ඔබට කියන දේවල් නිවැරදිද කියා ඔබම විනිශ්චය කර බලන්න. ඔබ දියුණුවත්ම ඔබට දර්ශන ලැබෙයි. අවසානය ළඟා වෙත්ම, වසර 5000ක් දැන් ගෙවී ගොස් ඔබ ඔබගේ රාජධානියට ආපසු යා යුතු බව ඔබගේ සිහියට නැඟෙයි. උපත් 84හි චක්‍රය වටා ගොස් ඔබ දැන් මෙහි පැමිණ සිටියි. වස්කෝදගාමා ලෝකය වටේ නැවකින් ගිය බව කියැවෙයි. ඒ අන්දමින්ම ඔබද උපත් 84 ගන්නා අතර, ලෝකය වටා ගියේය. ලෝකය වටේ ගිය වස්කෝදගාමා එක් අයෙක් පමණි. මෙහිද, ඔබගේ උපත් 84 ගැන සහ පෙළපත පැවතෙන අන්දම ගැන රහස් ඔබට කිව හැක්කේ එක් අයෙකුට පමණයි. ඔබ තුළ ශරීර අවධානය තිබේද නැත්ද කියා තමන්ව පරීක‍්ෂා කර බලන්න. ඔබ අසමත් නොවීමට හෝ ඒ ගැන පසුතැවිලි නොවීම සඳහා මෙය පරීක‍්ෂා කරන්න. ශිව බාබාව සිහිපත් කිරීමෙන් ඔබ යෝගා බලය වර්ධනය කරගත් විට, කිසි කෙනෙකුට ඔබට පහර දීමට නොහැකි වනු ඇත. ඔබ එවිට ඔබගේ යෝගා බලයේ පළිහෙන් ආරක‍්ෂා වන බැවින් කිසි කෙනෙකුට ඔබට කිසිවක් කිරීමට නොහැකි වනු ඇත. ඔබ පීඩාවට පත්වන්නේ නම්, ඔබ තුළ අනිවාර්යෙන්ම ශරීර අවධානය තිබෙයි. ඔබ ජීවාත්ම අවධානයට පත් වූ විට කිසිවෙකුට ඔබව පීඩාවට පත් කිරීමට නොහැකි වෙයි. එය ඔබගේම වරද විය යුතුයි. තර්කාණුකූලව බැලූවත් ජීවාත්ම අවධානයෙන් සිටින අයට කිසිවෙකුට කිසිවක් කළ නොහැක. ඔබ ජීවාත්ම අවධානයට පත් වීමට උත්සාහ දැරිය යුත්තේ මේ නිසයි. ඔබ සෑම කෙනෙකුටම මෙම පණිවිඩය ද ලබා දිය යුතුයි දෙවියන් පවසන්නේ : ’මන්මනභව්!‘ කියාය. කුමන දෙවියන්ද? ඔය දරුවන් මෙයද විස්තර කළ යුතුයි. මෙම එක් කරුණෙන් ඔබ ජය ලබයි. මෙය කීවේ ක්‍රිෂ්ණා දෙවියන් බව, ලෝකයේ සියලුම මිනිසුන්ගේ බුද්ධියෙන් ඔවුන් විශ්වාස කරති. එබැවින් ඔබ ඔවුන්ට විස්තර කරන විට ඔවුන් එය සත්‍යය විය යුතු බව කියයි. කෙසේවෙතත්, පියා උගන්වන සෑම දෙයක්ම නිවැරදි බව ඔවුන් කියන්නේ, ඔබ වටහාගත් අයුරින් ඔවුන්ද වටහා ගත් විට පමණයි. ක්‍රිෂ්ණා මෙසේ නොකියනු ඇත: ’මා සැබවින්ම කවුරුන්ද සහ කුමක්ද කියා, කිසි කෙනෙකුට හඳුනා ගැනීමට නොහැක.‘ සෑම කෙනෙකුටම ක්‍රිෂ්ණාව හඳුනාගත හැක. පරමාත්ම දෙවියන්, ක්‍රිෂ්ණාගේ ශරීරය තුළින් කතා කරන්නේ නැත. ක්‍රිෂ්ණා පැවතෙන්නේ ස්වර්ණමය යුගයෙදී පමණයි. දෙවියන් එකල පැමිණෙන්නේ කෙසේද? පරමාත්ම දෙවියන් පැමිණෙන්නේ වඩාත්ම ශුභ සංගම යුගයෙදී පමණයි. එබැවින් ඔය දරුවන් ඔවුන් ලවා මෙය ලිවිය යුතුයි. ඔබ, ඔවුන් සෑම කෙනෙකුගේම අදහස් ඇතුලත් වන විශාල පොතක් මුද්‍රණය කළ යුතුයි. බොහෝ දෙනෙක් මේ දේවල් ලියා ඇති බව දකින වෙනත් අය ද මෙහි යමක් ලියනු ඇත. එවිට ගීතාවේ දෙවියන් වන්නේ කවුරුන්ද කියා, බොහෝ දෙනෙකුගේ ලිඛිත අදහස් ඔබට තිබෙයි. එහි ඉහළින් මෙසේ ලිවිය යුතුයි: උසස්ම උසස් කෙනා පියාය. ක්‍රිෂ්ණාට උසස්ම උසස් කෙනා යැයි නොකියයි. ඔහුට මෙසේ කිව නොහැක: නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න. පරමාත්ම දෙවියන් බ්‍රහ්මාට වඩා ඉහළින් සිටියි. ප්‍රධාන කරුණ මෙය වන අතර, මෙය වටහා නොගැනීම නිසයි ඔවුන් බංකොලොත්භාවයට පත්වී ඇත්තේ. ඔබට මෙහි සිටිය හැකි බව, බාබා නො කියයි, නැත. ඔබ සත්ගුරුව පිළිගත් පසු, ඔබට ආපසු නිවසට යා හැක. ආරම්භයේදී බත්තියක් නිර්මාණය කළ යුතුව තිබිණි. ග්‍රන්ථ වලද බත්තියක් ගැන සඳහන් වී ඇති නමුත් එම බත්තියෙන් කියැවෙන්නේ කුමක් ගැනද කියා කිසිවෙක් නොදනී. බත්තියක් (උදුන) ඇත්තේ ගඩොල් පිළිස්සීමටයි. සමහර ගඩොල් ඉතා ශක්තිමත්ව සාදන අතර සමහරක් කුඩු වෙයි. මෙහිද, රත්තරං මෙන් කිසිවෙකු නොවන නමුත් ගල්කැට මෙන් බොහෝ දෙනෙක් සිටිති. පැරණි දේට විශාල ගරුත්වයක් තිබේ. ශිව බාබා සහ දේවතාවන්ට ද දැන් විශාල ගෞරවයක් තිබේ. කෙසේවෙතත්, ස්වර්ණමය යුගයෙදී ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් නැත. එහි මිනිසුන් පැරණි දේ සොයමින් යන්නේ නැත. එහි ඔබ සම්පූර්ණයෙන්ම තෘප්තිමත් බැවින් කිසිවක් සොයමින් යෑම අනවශ්‍යයි. ඔබ කිසිවක් හාරන්නේ නැත හෑරීම් ඇරඹෙන්නේ තඹ යුගයේ ආරම්භය සමඟින්. දැන් ඔවුන් ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීම සඳහා පොළව හාරන විට යමක් සොයා ගත්තේ නම්, බොහෝ පැරණි දේවල් යට ඇති බව ඔවුන් සිතයි. ස්වර්ණමය යුගයෙදී ඔබ එවන් දේ ගැන සැලකිලිමත් වන්නේ නැත. එහි ඇත්තේ කිසිවක් නොව රත්තරංම පමණයි. ගඩොල් පවා රත්තරන්ය. නියමිත කුමක් වුවද, චක්‍රයකට පෙර ඔබ දුටු එම සිදුවීම්ම, ඔබ නැවතත් දකිවී. ජීවාත්මයක් ආවේශ වීමට ගෙන්වන විට, එයද නාටකයේ නියම වී තිබේ. ඔබ එය පිළිබඳ අවුලට පත් නොවිය යුතුයි. එම ජීවාත්මය, තත්පරෙන් තත්පරයට ඔහුගේ චරිත කොටස රඟපා, ඉන්පසුව අතුරුදහන් වෙයි. මෙය ඉගෙනුමකි. භක්ති මාර්ගයේ අසංඛේය පිංතූර ප්‍රමාණයක් තිබෙන නමුත් ඔබගේ පිංතූර අරුත්බරය. ඔබට තේරුමක් නැති පිංතූර නොමැත. ඔබ පිංතූර මිනිසුන්ට විස්තර නොකර, ඔවුන්ට ඒවා වටහා ගැනීමට නොහැකි වනු ඇත. නුවණ ඇති කෙනා, දැනුමින් පිරි කෙනා වන පියාට පමණයි විස්තර කළ හැක්කේ. ඔබට දැන් දෙවියන්ගෙන් උපදෙස් ලැබෙයි. ඔබ දෙවියන්ගේ පෙළපතේ, දෙවියන්ගේ වංශයේ කොටස්කරුවන්ය. පරමාත්ම දෙවියන් පැමිණ ඔබගේ පෙළපත් ස්ථාපනය කරයි. වර්තමානයේ ඔබට රාජධානියක් නොමැත. ඔබට රාජධානියක් තිබුණු නමුත් දැන් නොමැත. දේවතා ධර්මය නිසැකයෙන්ම පැවතුණි. සූර්ය සහ චන්ද්‍ර වංශික පෙළපත් තිබිණි. බ්‍රහ්මණ වංශය මෙන්ම සූර්ය සහ චන්ද්‍ර වංශද නිර්මාණය වන්නේ ගීතාව මඟිනි. එකල වෙනත් කිසිම ආගමක් නොපවති. ඔය දරුවන් දැන් ලෝක චක්‍රයේ මුල, මැද සහ අවසානය දනී. පෙර ඔබ සිතූවේ මහා සමූලඝාතනයක් සිදු වූ බව කියාය. සාගරය මැද බෝ කොලයක් මත පාවෙමින් ක්‍රිෂ්ණා පැමිණි බව පෙන්වා දී තිබේ. ශ්‍රී ක්‍රිෂ්ණා අංක එක වන නමුත් සාගරයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔය දරුවන්ට දැන් මෙම දේවල් හොඳින් වැටහෙනවා. මෙම ආධ්‍යාත්මික ඉගෙනුම හොඳින් හදාරන අය විශාල සතුටක් ලබා ගනී. හොඳින් ඉගෙන ගන්නා අය පමණයි ගෞරව සම්මාන සහිතව සමත් වන්නේ. ඔබගේ හදවත කාට හෝ බැඳුනොත් ඔබ දිගටම එම කෙනාව සිහි කරයි ඔබ ඉගෙන ගත යුතු වෙලාවේ ඔබගේ බුද්ධිය ඒ දෙසට ගමන් කරයි. මේ නිසයි ශිෂ්‍යයින් අධ්‍යාපනය ලබන කලට බ්‍රහ්මචාරීව සිටින්නේ. ඔබගේ බුද්ධිය පියා හැර වෙනත් කිසිවෙකුට නොයා යුතු බව ඔය දරුවන්ට කියා තිබේ. ඔබගෙන් බොහෝ දෙනෙක් තවමත් පැරණි ලෝකය සිහි කරන බවත් ඔබ මෙතැන අසුන්ගෙන සිටින විට පවා ඔබ ඔහුට සවන් නොදෙන බව, බාබා දන්නවා. භක්ති මාර්ගයේද එය මෙසේය. ඔවුන් ආධ්‍යාත්මික රැස්වීමක අසුන්ගෙන සිටින විට ඔවුන්ගේ බුද්ධිය එහෙ මෙහෙ සැරිසරයි. මෙය ඉතාමත්ම අමාරු සහ වැදගත් විභාගයකි. මෙතැන අසුන් ගෙන සිටියදී ඔබගෙන් සමහරෙක් සවන් නොදෙන අතර, ඇතමෙක් සවන් දී බොහෝ සතුට අත්විඳියි. ඔවුන් බාබා ඉදිරියේ අසුන් ගන්නා විට සතුටින් ඉපිල යයි. ඔබගේ අවසන් සිතිවිලි කුමක් වුවද, ඔබගේ බුද්ධිය පියා සමඟ යෝගාවේ සිටින්නේ නම්, ඒවා ඔබගේ ගමනාන්තයට ඔබව රැගෙන යයි. ඔබ මේ සඳහා උත්සාහයක් දැරිය යුතුයි. ඔබට මෙහිදී බොහෝ ධනය ලැබෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. විජයග්‍රාහී මාලාවේ පබුළුවක් වීමට නම්, බොහෝ උත්සාහ දරන්න, ඉතාමත්ම මිහිරි වන්න, එමෙන්ම ශ්‍රීමත් අනුගමනය කරන්න.

2. ඔබගේ ආරක‍්ෂිත පළිහ වන්නේ යෝගාවයි. එබැවින් යෝගා බලය රැස් කරගන්න. ජීවාත්ම අවධානයට පත් වීමට සම්පූර්ණ උත්සාහයක් දරන්න.

වරදානය:
ඔබ "විශේෂ" යන වචනය පිළිබඳව නිරන්තර දැනුවත්භාවයෙන් සිටීමෙන් ඔබව පරිවර්තනය කර ඔබේ පරිසමාප්ත අරමුණ ළඟා කර ගනිත්වා.

නිරන්තරව මෙම අවධානය තබා ගන්න: "මම විශේෂ කාර්යයක් සඳහා උපකරණයක් වන විශේෂ ජීවාත්මයක්මි", සහ ඔබේ විශේෂත්වය පෙන්වන්න. විශේෂයෙන් "විශේෂ" යන වචනය මතක තබා ගන්න. ඔබේ කතා කිරීම විශේෂ වීමට ඉඩ දෙන්න, ඔබේ දැක්ම විශේෂ වීමට ඉඩ දෙන්න, ඔබ කරන දේ විශේෂ වීමට ඉඩ දෙන්න, ඔබ සිතන දේ විශේෂ වීමට ඉඩ දෙන්න. සෑම දෙයක්ම විශේෂ කර ගැනීමෙන් ඔබ පහසුවෙන් ස්ව පරිවර්ථකයෙකු සහ ලොව පරිවර්ථකයෙකු බවට පත් වන අතර ඔබේ පරිසමාප්තිය ළගා කර ගැනීමේ අරමුණ, එනම්, ඔබේ ගමනාන්තයට ළඟා වීම පහසුවෙන් සපුරා ගනී.

පාඨය:
බාධක වලට බිය වීම වෙනුවට ඒවා විභාග ප්‍රශ්න පත්‍ර ලෙස සලකා ඒවායින් සමත් වන්න.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබගේ මනසේ ගුණාත්මක බව වැඩි කරගන්න, එවිට ගුණාත්මක ජීවාත්ම සමීපයට එයි. මෙයින් දෙගුණයක සේවයක් සිදු වෙයි - තමන්ට සහ අන් අයට. තමන් වෙනුවෙන් ඔබට වෙනම උත්සාහයක් දැරීමට සිදු නොවෙයි. ඔබට ප්‍රතිලාභය හිමි වී ඇති බවට මනෝ ස්ථිතියක් ඔබ අත්විදියි. වත්මන් කාලයේ ශ්‍රේෂ්ඨ ප්‍රතිලාභය වන්නේ, “තමන් සෑම විටම සියලු ලැබීම් වලින් පිරිපුන් වී, සියලු දෙනාව පිරිපුන් කිරීමයි.”