22.02.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා ඔබට පවසන දේට පමණක් සවන් දෙන්න. නරක දේ කතා නොකරන්න! නරක දේ දෙස නොබලන්න! නරක දෙයට සවන් නොදෙන්න!

ප්‍රශ්නය:
දරුවන් වන ඔබ තුළ ඇති කරවීමට පරම පියා යොමු කරවන විශ්වාසය කුමක්ද?

පිළිතුර:
ඔහු ඔබේ පරම පියා, ඔබේ ගුරුවරයා සහ ඔබේ සත්ගුරු යන විශ්වාසය ඔබ තුළ ඇති කරවීමට බාබා ඔබව යොමු කරවනවා. මායා ඔබට මෙය අමතක කරවන නිසා මෙම ආකල්පය රඳවා තබා ගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. අවිද්‍යාවේ මාර්ගයෙහි, මායා පිළිබඳ ගැටළුවක් නැහැ.

ප්‍රශ්නය:
තම වාර්තාව පරීක්ෂා කර බැලීමේදී, අසීමිත පැතුරුණු බුද්ධියක් අවශ්‍ය වෙන්නේ කුමන කාරණය සඳහාද?

පිළිතුර:
කොපමණ කාලයක් තමන් ජීවාත්මයක් ලෙස අවධාරණය කරගෙන සිටියාද සහ පරම පියා සිහි කිරීමේ යෙදී සිටියාදැයි පරීක්ෂා කර බලන විට; මේ කාරණාව ගැන බැලීමේදී ඔබට අසීමිත පැතුරුණු බුද්ධියක් අවශ්‍ය වේ. ඔබ ජීවාත්ම අවධානයට පත් වී පරම පියා සිහිකරන විට පමණක් ඔබේ පාපයන් විනාශ වී යයි.

ඕම් ශාන්ති.
ශිෂ්‍යයින් වන ඔබ දැන් ගුරුවරයා පැමිණ ඇති බව අවබෝධ කර ගත්තා. දරුවන් වන ඔබ දන්නවා ඔහු පියා, ගුරුවරයා සහ උත්තරීතර සත්ගුරු වන බව. දරුවන් වන ඔබ මේ සම්බන්ධව එකඟ වෙනවා. නමුත් එය තමන් දරණ උත්සාහයට අනුව අනුපිළිවෙලයි. නීතියේ හැටියට මොහු තම පියා, ගුරුවරයා සහ සත්ගුරු යැයි දැනගත් විට, ඔහුව අමතක කළ නොහැකියි. නමුත් මායා ඔබට අමතක කරවනවා. ඝන අඳුර නමැති මාර්ගයෙහි සිටින විට ඔබට අමතක කරවන්න මායා සිටිය යුතු නැහැ. තම පියා කවුද හෝ ඔහුගේ රැකියාව කුමක් දැයි දරුවන්ට අමතක වෙන්නේ නැහැ. තමන් පියාගේ ධනයෙහි හිමිකරුවන් යන සතුටෙහි ඔවුන් සිටිනවා. ඔවුන් තමන් විසින් ඉගෙනුම ලැබූව ද, පියාගේ දේපළත් ලබනවා. දරුවන් වන ඔබ මෙහි ඉගෙනුම ලබනවා මෙන්ම පියාගේ දේපළත් ලබනවා. ඔබ රාජයෝගා ඉගෙන ගන්නවා. පියා මාර්ගයෙන්, තමන් පියාට අයත් සහ ඒ බාබා පමණයි විමුක්තියට මඟ පෙන්වන්නේ යන විශ්වාසය ඔබ තුළ ඇති වෙනවා. එමනිසා, ඔහු තමයි සත් ගුරු වන්නේ. මේ දේවල් අමතක නොකළ යුතුයි. බාබා ඔබට පවසන දෙයට පමණක් සවන් දිය යුතුයි. පාඨයක් සමඟ වඳුරෙකුගේ පිළිරුවක් තියෙනවා නරකට සවන් නොදෙන්න. නරක දෙස නොබලන්න. නරක දේ කතා නොකරන්න. මෙය අදාළ වන්නේ මනුෂ්‍යයින්ටයි. බාබා කියනවා යක්ෂ දේවල් වලට සවන් දීමට හෝ ඒ දෙස බැලීමට නොයන්න. වඳුරෙකුගේ උදාහරණයක්ද සමඟ ‘නරක දේ නොඅසන්න යනාදී වශයෙන්‘ පාඨයක් ඔවුන් විසින් නිර්මාණය කළා එහෙත් දැන්, මිනිසුන්ගේ උදාහරණයක් සහිතව ඔවුන් එය නිර්මාණය කළා. නාලිනී මෙය ඉදිරිපත් කරන පින්තූරයක් ඔබට තිබෙනවා. පියා අපහාසයට ලක්වන කිසිම දෙයකට ඔබ සවන් නොදිය යුතුයි. බාබා කියනවා ඔවුන් බොහෝ සෙයින් මා අපහාසයට ලක් කළා. ඔබ දන්නවා ක්‍රිෂ්ණාගේ භක්තිවන්තයින් ඉදිරිපිට හඳුන්කූරු දැල්වෙන විට රාමාගේ භක්තිවන්තයින් නහය වහගන්නවා. එක එක් කෙනාගේ හඳුන්කූරු සුවඳටවත් ඔවුන් කැමති නැහැ. එය හතුරු වීමක් වගේ. ඔබ දැන් අයත් වී සිටින්නේ රාමාගේ පවුලට. එහෙත් ලෝකයේ ඉතිරි අය අයත් වන්නේ රාවණ්ගේ පවුලටයි. මෙය හඳුන්කූරු සම්බන්ධ ගැටළුවක් නොවෙයි. බාබා හැම තැනම සිටිනවා යැයි කීමෙන් තමන් පැමිණි තත්ත්වය කුමක්දැයි ඔබ දන්නවා. මුතු කැට සහ ගල් කැට තුළ හිඳිනවා යැයි කීමෙන්, ඔබේ බුද්ධිය ගල් බවට පෙරළුනා. ඔබට උරුමය දෙන අසීමිත පියා පිළිබඳ බොහෝ නින්දා සහගත කතා තිබෙනවා. කිසිවෙකුට කිසිම නියමාකාර දැනුමක් නැහැ. ඔවුන් කතාකරන දේ දැනුම නැමැති අභාරණ නොව, ගල් කැටයි. දැන් පියාව සිහි කළ යුතුයි. බාබා කියනවා මා නියම ලෙස හෝ මා කවුද කියාවත් නිවැරදිවම කිසිවෙක් දන්නේ නැහැ. දරුවන් වන ඔබ අතරත් එය අනුපිළිවෙලයි. බාබාව නිවැරදිවම සිහි කළ යුතුයි. ඔහුත් කුඩා ලක්ෂ්‍යයක්. ඔහුටත් ඔහු තුළ ගැබ් වූ තමන්ගේ සම්පූර්ණම කොටස තිබෙනවා. තමන් ජිවයක් ලෙස අවධාරණය කර ගන්නා ලෙසම බාබාවත් නිවැරදිවම දැනගෙන ඔහුව සිහි කළ යුතුයි. අප ඔහුගේ දරුවන් වන නිසා, පියා විශාල ජීවයක් සහ අප කුඩා වෙන්නේ නැහැ. බාබා දැනුමෙන් පිරිපුන් වූවත් ඒ ජීවය අපට වඩා කිසි ලෙසකින් විශාල වෙන්නේ නැහැ. ජීවයන් වන ඔබ තුළත් දැනුම තිබෙනවා. නමුත් එය අනුපිළිවෙලයි. පාසලක ශිෂ්‍යයින් සමත් වෙන්නේ අනුපිළිවෙලකටයි. ඔවුන් සුළු ලකුණු ප්‍රමාණයක් හෝ ලබා ගනියි. නමුත් කිසිවෙක් ලකුණු බින්දුවක් ලබන්නේ නැහැ. බාබා කියනවා දැන් මා ඔබට දෙන දැනුම අතුරුදන්ව යනවා. නමුත් පිළිම සහ ග්‍රන්ථ නැවතත් නිර්මාණය වෙනවා. ජීවයන් වන ඔබට බාබා කියනවා නරක දෙයට සවන් නොදෙන්න යනාදී වශයෙන්. මේ යක්ෂ ලෝකයේ බලන්න තියෙන්නේ මොනවාද? මේ කැත ලෝකයේ තම දෑස් වසාගෙන සිටින්න. මේ ලෝකය පැරණි බවට ජීවයන් වන ඔබ දැන් එකඟයි. ඉතින් ඒ සමඟ තවත් සම්බන්ධකම් අවශ්‍ය වෙන්නේ මොකටද? මේ ලෝකය දැකීමේදී ඒ දෙස නොබලා සිටීමට ජීවයන් වන ඔබ දැන් එකඟයි. තම සාම සහ සතුටු දේශයන් සිහි කළ යුතුයි. ජිවයන් වන ඔබ දැනුම නමැති තෙවෙනි ඇස ලැබුවා. ඉතින් මේ දේවල් ඔබ සිහි කළ යුතුයි. භක්ති මාර්ගයේ අය පවා උදේ පාන්දර නැගිට මල් දාමයේ පොහොට්ටු බවට පත් වෙනවා. ඔවුන් හිතනවා උදෑසන මංගල දැකීම් සුබයි කියලා. බ්‍රාහ්මිණ්වරුන්ගේත් මංගල දැකීම් තිබෙනවා. බ්‍රහ්ම භෝජනත් වර්ණනා කෙරෙනවා. බ්‍රහ්ම් භෝජන නොව බ්‍රහ්ම භෝජනයි. බ්‍රහ්ම කුමාරි වෙනුවට, ඇතැම් මිනිස්සු ඔබට බ්‍රහ්ම් කුමාරි යැයි කියනවා. ඔවුන්ට කිසිවක් තේරෙන්නේ නැහැ. බ්‍රහ්මාගේ දරුවන් බ්‍රහ්ම කුමර සහ කුමරියන් විය හැකියි. බ්‍රහ්ම් කියන්නේ ආලෝක ප්‍රදේශයක්. ඒ ජීවයන් වාසය කරන ප්‍රදේශයයි. එයට කෙරෙන වර්ණනා මොනවාද? බාබා දරුවන් වන ඔබට දොස් පවරනවා එක අතකින් දරුවන් වන ඔබ මට වඳිනවා. අනෙක් අතින් ඔබ මා අපහාසයට ලක් කරනවා. මා අපාහාසයට ලක් කිරීමෙන් තමයි ඔබ සම්පූර්ණයෙන්ම අපිරිසිඳුතාවයට පත් වෙන්නේ. ඔබ තමෝප්‍රධාන් විය යුතුයි චක්‍රය නැවත ක්‍රියා කළ යුතුයි. වැදගත් පුද්ගලයෙකු පැමිණි විට ඔබ අනිවාර්යෙන්ම ඔහුට චක්‍රය පහදා දිය යුතුයි. චක්‍රය වසර 5000 ක් පමණයි. මේ සඳහා දැඩි අවධානයක් යෙදිය යුතුයි. දවාලට පසු අනිවාර්යෙන් රාත්‍රිය උදා වෙනවා. දවාලට පසු රාත්‍රිය ඇති වීම වැලැක්වීම කළ නොහැකි දෙයක්. යකඩ යුගයට පසු අනිවාර්යෙන්ම ස්වර්ණමය යුගය උදා වෙනවා. මේ ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත වරක් ක්‍රියාත්මක වෙනවා. දරුවන් වන ඔබට බාබා කියනවා සුමිහිරි දරුවනි, ඔබ සෑම කෙනෙක්ම තමන් ජීවයක් බව අවධාරණය කර ගත යුතුයි. තම කොටස රඟපාන්නා සේ ජීවයන් තමයි හැම දේම කරන්නේ. ඒ කිසිම කෙනෙක් තමන් නළුවන් බව දන්නේ නැහැ. ඉතින් ක්‍රීඩාවේ මුල, මැද සහ අවසානය ගැන ඔවුන් දැන ගන්නේ කොහොමද? ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත ක්‍රියාත්මක වෙනවා. එමනිසා, මෙය නාටකයක් තත්පරයෙන් තත්පරය, අතීතයේ කුමක් සිදු වුවත් නිරන්තරයෙන්ම නැවත ක්‍රියාත්මක වෙනවා. කිසිවෙකුට මේවා අවබෝධ කර ගත නොහැකියි. ඉතා දක්ෂ නොමැති අය නිතරම අසමත් වෙනවා. ඉතින් ඒකට ඔවුන්ගේ ගුරුවරයාට කරන්න තියෙන්නේ කුමක්ද? ගුරුවරයාට තමන්ට අනුකම්පා කරන ලෙස හෝ ආශිර්වාද කරන ලෙස ඔබ ඉල්ලා සිටියාද? මෙයත් ඉගෙනීමක්. මේ ගීතා පාඨශාලාවේ දී දෙවියන් රාජයෝගා උගන්වනවා. යකඩ යුගය අනිවාර්යෙන්ම පරිවර්ථනය වී එය ස්වර්ණමය යුගය බවට පත් විය යුතුයි. නාටකය අනුව බාබා පැමිණිය යුතුයි. බාබා කියනවා සෑම චක්‍රයකම සංගමයේ දී මා පැමිණෙනවා. ‘මා ඔබට ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම දෙනවා‘ යැයි කිසිවෙක් කියන්නේ නැහැ. ඔවුන් තමන්ටම ‘ශිවෝහම්‘ (මම ශිවා) යැයි කියා ගන්නවා. එයින් ඔවුන් ලබන යහපත කුමක්ද? ඔබට ඉගැන්වීමට ශිව බාබා පැමිණෙනවා. පහසු රාජයෝගා ඉගැන්වීමට ඔහු පැමිණෙනවා. ශ්‍රාවක හෝ ධාර්මික මිනිසුන් කිසිවෙක් ශිව දෙවියන් යැයි හැඳින්විය නොහැකියි. ක්‍රිෂ්ණා හෝ ලක්ෂ්මි හෝ නාරායන් ලෙස හඳුන්වා ගන්නා බොහෝ දෙනා සිටිනවා. ස්වර්ණමය යුගයේ රජ කුමරු ශ්‍රී ක්‍රිෂ්ණා සහ යකඩ යුගයේ අපිරිසිඳු මිනිසුන් අතර විශාල වෙනසක් තියෙනවා. ඔවුන් තුළ දෙවියන් සිටින බව කියන්නේ කොහොමද? එවන් මනුෂ්‍යයින් ළඟටවත් නොයා යුතුයි. කෝවිල් වලට ගොස් භක්තිවන්තයින් ගෙන් අහන්න ස්වර්ණමය යුගය පාලනය කරන දේවතාවන් ඉන්නේ කොහේද? ස්වර්ණමය යුගයට පසුව අනිවාර්යෙන්ම රිදී, තඹ සහ යකඩ යුගයන් තිබිය යුතුයි. සූර්ය වංශික රාජ්‍යය පවතින්නේ ස්වර්ණමය යුගයේයි. මේ සියලු දැනුම දරුවන් වන ඔබගේ බුද්ධියෙහි තිබෙනවා. ඔබ බ්‍රහ්ම කුමර කුමරියන්. ඉතින් එතැන අනිවාර්යෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මා සිටිය යුතුයි. මනුෂ්‍ය ලෝක ජනගහනය නිර්මාණය වන්නේ බ්‍රහ්මා මාර්ගයෙනි. බ්‍රහ්මාට නිර්මාපක කියන්නේ නැහැ. ඒ දෙවියන් වන පියායි. ඔහු නිර්මාණය කරන්නේ කොහොමද? ඔහු පෞද්ගලිකව ඔබ ඉදිරියට පැමිණි විට පමණයි මෙය ඔබට පැහැදිලි කර දීමට ඔහුට හැකි වන්නේ. ඒ ග්‍රන්ථ නිර්මාණය වෙන්නේ පහුවෙලා. හරියට ජේසු තුමා සියල්ලම පැහැදිලි කර දීමෙන් පසුව බයිබලය නිර්මාණය වුණා වගේ. ඔහුගේ වර්ණනා ගැයෙන්නේ පහුවෙලා. ඔවුන් ජේසු තුමාව වර්ණනා කරන්නේ කොහොමද? ඔහු ගුරු කෙනෙක් හෝ පණිවුඩ කාරයෙක් නොවේ. මිනිස්සු පස් හත් දෙනෙකුට පමණක් විමුක්තියක් තිබිය නොහැකියි. පාරිශුද්ධත්වයට පත් කරන්නා, සියල්ලන්ටම විමුක්තිය සළසන්නා, හැමෝගේම ආරක්ෂකයා ලෙස වර්ණනා කෙරෙන්නේ බාබා පමණයි මිනිස්සු ඔහුව සිහි කර ඔහුට කියනවා අහෝ දෙවියනි, පියාණෙනි, අනුකම්පා කරන්න. ‘අහෝ ජේසු තුමනි, අනුකම්පා කරන්න‘ යැයි ඔවුන් කියන්නේ නැහැ. පියා වන එකම එක්කෙනයි ඉන්නේ. ඔහු මුළු ලෝකයේ සෑම දෙනාගේම පියායි. තමන්ව සියලු දුක් වලින් මුදවා ගන්නේ කවුද කියා මිනිස්සු දන්නේ නැහැ. මේ ලෝකය දැන් පැරණියි සහ මිනිස්සුත් වයසක මෙන්ම සම්පූර්ණයෙන්ම අපිරිසිඳුයි. මේ යකඩ යුග ලෝකයයි. ස්වර්ණමය යුගය පැවතී තිබුණා. එමනිසා, අනිවාර්යෙන්ම එය නැවතත් එනවා. විනාශය සිදු වෙනවා. මෙය ලෝක යුද්ධයක් සහ බොහෝ ස්වභාවික උවදුරු මඟිනුත් සිදු වෙනවා. දැන් ඒ කාල වකවානුවමයි. ලෝක ජනගහනය සීඝ්‍රව වර්ධනය වෙනවා. දෙවියන් පැමිණි බව ඔබ කිව්වා. දරුවන් වන ඔබ හැමෝටම අභියෝග කර කියන්න. ආදී සනාතන දේවි දේවතා ධර්මය බ්‍රහ්මා මාර්ගයෙන් දැන් ගොඩනැංවෙමින් පවතින බව. නාටකයට අනුව ඔවුන් ඔබට සවන් දෙනවා. ඔබත් දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කරගත යුතුයි. තමන්ට කිසිම ගුණධර්මයක් නොතිබුණු බව ඔබ දන්නවා. ප්‍රථම දුබලතාව රාගය නැමැති පාපයයි. එය විශාල වශයෙන් හිරිහැර කරනවා. ඔබ මායාට පහර දිය යුතුයි. තම අභිප්‍රායට පටහැනිව මායා නැමති කුණාටු ඔබව පහතට ඇද දමනවා. මේ කලි යුගයයි. හැම කෙනාම ඔහුගේ හෝ ඇයගේ මුහුණ කැත කර ගන්නවා. ඒ අඳුරු නිලට කතා කිරීමට ඔබට බැහැ. විෂ සහිත නාගයාගේ දෂ්ඨ කිරීම පෙන්වීමට ක්‍රිෂ්ණාව අඳුරු නිලෙන් අඹා තිබෙනවා. ඔහුගේ ගෞරවය රැකීමට මුහුණ අඳුරු නිලෙන් පෙන්නුම් කර තිබෙනවා. ඔහුගේ මුහුණ කැතට පෙන්නුවා නම්, ඔහුගේ ගෞරවය නැති විය හැකියි. මගියා දුරු බැහැර දේශය, අශාරීරික දේශයෙන් මෙහාට පැමිණියා. ඔහු යකඩ යුග ලෝකයට පැමිණ අපිරිසිඳු ශරීරයකට ඇතුළු වී එය ලස්සන කළා. බාබා කියනවා ඔබ දැන් සතෝප්‍රධාන් විය යුතුයි. මා සිහිකිරීමෙන් ඔබේ පාපයන් විනාශ වී විෂ්ණු දේශයේ හිමිකරුවන් බවට ඔබ පත් වෙනවා. දැනුමේ මේ කරුණු අවබෝධ කරගත යුතුයි. බාබා තමයි රුප් සහ බසාන්ට්. ඉතා දිදුලන ලක්ෂ්‍යයක ස්වරූපයක් ඔහුට තියෙනවා. ඔහුටත් දැනුම තියෙනවා. ඔහු තම ස්වරූපයෙන් ඔබ්බට ගොස් නැහැ. ලෝකේ කිසිවෙක් ඔහුගේ ස්වරූපය කුමක්දැයි දන්නේ නැහැ. බාබා ඔබට පැහැදිලි කරනවා මමත් ජිවයක් යැයි කියනවා. නමුත් මම උත්තරීතර ජීවයයි. උත්තරීතර ජීවය තමයි දෙවියන්. ඔහු පියා සහ ගුරුවරයා. ඔහු දැනුමෙන් පිරි කෙනා ලෙස හැඳින්වෙනවා. මිනිස්සු ඔහු දැනුමෙන් පිරි කෙනා ලෙස විශ්වාස කරනවා. නමුත් ඔවුන් හිතනවා හැම කෙනාගේම හිතේ ක්‍රියාත්මක වන්නේ කුමක්දැයි ඔහු දන්නවා කියලා. ඔහු හැම තැනම ඉන්නවා නම්, එතකොට හැම කෙනාම දැනුමෙන් පිරි අය විය හැකියි. ඉතින් එහෙනම්, ඔවුන් එකම එක්කෙනාට දැනුමෙන් පිරි කෙනා යැයි කතා කරන්නේ ඇයි? මිනිසුන්ගේ බුද්ධිය බොහෝ පරිහාණියට ලක්වුණා. දැනුමේ එක් වචනයක් වත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. භක්තියේ සහ දැනුමෙහි පරස්පරය බාබා ඔබට පවසනවා. ප්‍රථමයෙන්ම දැනුම, දවස, යැයි අදාළ වන ස්වර්ණමය සහ රිදී යුගයන් පවතිනවා. පසුව තඹ සහ කලි යුග අන්ධකාරය. දැනුම මඟින් තමයි එහි විමුක්තිය ඇති වන්නේ. හතා යෝගීන්ට දැනුම පහදා දිය නොහැකියි. ගිහියන්ට පවා එය පහදා දෙන්න බැහැ. මන්ද, ඔවුන් අපිරිසිඳුයි. ඉතින්, රාජයෝග ඉගැන්විය හැක්කේ කාටද? නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඉන් ඔබේ පාපයන් විනාශ කර දැමිය හැකියි, යනුවෙන් කියන්නාටයි. අත්හැරීම් මාර්ගයේ ආගම් පවුල් මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. එමනිසා, පවුල් මාර්ගය පිළිබඳ දැනුම ඔවුන් ප්‍රකාශ කරන්නේ කොහොමද? හැමෝම කියනවා දෙවියන්, පියා, සත්‍යය බව. බාබා පමණයි සත්‍යය ප්‍රකාශ කරන්නේ. ජීවයන් දැන් දෙවියන් සිහි කරනවා. බාබා පැමිණ සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් සත්‍ය නාරායන් බවට පත් වීමේ සත්‍ය කතාව ප්‍රකාශ කිරීම අප විසින් සිහි කරන්නේ මේ නිසයි. සත්‍ය නාරායන්ගේ කතාව මා දැන් ඔබට පවසනවා. ඉස්සර ඔබ සවන් දුන්නේ අසත්‍ය කතා වලට. දැන් ඔබ සත්‍ය කතාවට සවන් දෙනවා. ඒ අසත්‍ය කතා ඇසීමෙන් කිසිවෙකුට නාරායන් වෙන්න බැහැ. සත්‍ය නාරායන්ගේ කතාව මොන වගේ විය හැකිද? මනුෂ්‍යයින්ට සාමාන්‍ය මනුෂ්‍යයින් නාරායන් බවට පත් කරන්න බැහැ. ඔබව දිව්‍ය ලෝකයේ හිමිකරුවන් කළ හැක්කේ බාබාට පමණයි. බාබා භාරතයට ඇතුළු වෙනවා. නමුත් ඔහු එන්නේ කවදා දැයි කිසිවෙක් දන්නේ නැහැ. ඔවුන් එළි දක්වන කතාවේ ශිවා ශංකර් ලෙස පටලවා ගන්නවා. ශිව පුරාණයත් තියෙනවා. ඔවුන් කියනවා එය ක්‍රිෂ්ණ ගීතාව කියලා. එමනිසා, ශිව පුරාණය උසස්ම විය යුතුයි. ඒත් දැනුම තියෙන්නේ ගීතාවේ. දෙවියන් කියනවා මන්මනභාව. ගීතාවේ හැර මේ වාක්‍ය වෙන කිසිම ග්‍රන්ථයක තිබිය නොහැකියි. ශ්‍රීමත් භගවත් ගීතාව සෑම ග්‍රන්ථයකම අභරණය ලෙස කියැවෙනවා. දිව්‍යමය උපදේශයන් එන්නේ දෙවියන්ගෙන්. ඉස්සෙල්ලාම ඔවුන්ට කියන්න තව ටික කලකින් දිව්‍යමය ලෝකය ගොඩනැංවෙනවා. අද කාලයේ ජනගහනය වැඩියි. ඔවුන් ඉදිරිපිට හිසටත් උඩින් විනාශය සීරුවෙන් සිටිනවා. බාබා රාජයෝග උගන්වනවා. පියාගෙන් ඔබ තම උරුමය ලබනවා. මිනිස්සු පියාගෙන් මොනවහරි ඉල්ලනවා. කාට හරි විශාල ධනයක් සහ දරුවන් සිටියොත්, ඔහු කියනවා ඒ සේරම දුන්නේ දෙවියන් කියලා. එමනිසා, දෙවියන් එකම එක්කෙනයි. එනිසා, හැම දෙනා තුළම දෙවියන් සිටිය හැක්කේ කොහොමද? බාබා ජීවයන්ට කියනවා මා සිහිකරන්න. ජීවයන් වන ඔබ කියනවා අප අපගේ සහෝදරයින්ට ලබා දෙන දැනුම දෙවියන් විසින් තමයි අපට ලබා දෙන්නේ. සෑම දිනකටම කොපමණ කාලයක් තමන් ජිවයක් ලෙස අවධාරණය කරගෙන සිටිනවාද සහ පියා සිහි කරනවා ද? මේ කාරණාව වාර්තාවෙහි පවත්වාගෙන යෑමට ඔබට අසීමිත පැතිරුණු බුද්ධියක් අවශ්‍ය වෙනවා. ඔබ ජීව අවධානයට පත් ව බාබා සිහි කළ යුතුයි. ඉන් පසුව පමණයි ඔබේ පාපයන් විනාශ වන්නේ. දැනුම ඉතා පහසුයි. නමුත් තමන් ජීවයක් ලෙස අවධාරණය කර ගැනීමෙන් සහ බාබා සිහි කිරීමෙන් තම දියුණුව සලසා ගන්න. මේ වාර්තාව තබාගත හැක්කේ ඔබෙන් ඉතා සුළු පිරිසකට පමණයි. ජීව අවධානයට පත් වීමෙන් සහ පියා සිහිකිරීමෙන්, ඔබ කිසිවෙකු නොසතුටට පත් නොකරයි. සතුට දීම උදෙසා බාබා පැමිණේ. එමනිසා, දරුවනි, ඔබත් හැමටම සතුට ලබාදිය යුතුයි. කිසිවෙක් නොසතුටට පත් නොකරන්න. බාබා පිළිබඳ සිහියක් ඔබ තුළ තිබෙන විට සියලුම භූතාවේශයන් පලා යනු ඇත. මේ උත්සාහය ඉතා අදෘෂ්‍යමානයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මේ අපිරිසිදු, යක්ෂ ලෝකයට ඔබේ දෑස් වසාගන්න. මේ ලෝකය පැරණියි. ඉතින් තව දුරටත් ඒ සමඟ සම්බන්ධකම් ඇති කර නොගන්න. එය දකිත්දී පවා නොබලන්න.

2. මේ අසීමිත නාටකයේ නළුවෝ අපියි. අතීතයේ සිදු වූයේ කුමක්ද තත්පරයෙන් තත්පරය නැවතත් එය ක්‍රියාත්මක වේ. මේ ආකල්පයෙහි රැඳී සෑම විෂයකින්ම සමත් වන්න. ඔබට අසීමිත පැතිරුණු බුද්ධියක් තිබිය යුතුයි.

වරදානය:
ඔබ, තම තාත්විකත්වයෙන්, ඔබගේ රාජකීයත්වයේ ප්‍රායෝගික ස්වරූපය පෙන්වන, ජීවමාන ප්‍රතිරුවක් වේවා.

ප්‍රායෝගිකව ඔබගේ තාත්විකකම තුළින් ඔය ජීවාත්ම ඔබගේ රාජකීයත්වය පෙන්වන එවන් කාලයක් දැන් පැමිණීමට තිබේ. හෙළිදරව්වේ කාලයේදි, මාලාවේ පබුළු වල අංක සහ අනාගත රාජධානියේ ස්වරූපය යන දෙකම හෙළිදරව් වෙයි. දැන් ඔබ තරඟයේ දිව යන වෙලාවේ, තරඟ වැදීමේ දුහුවිලි ස්වල්පයක තිරය, ඔය බැබලෙන දියමන්ති සඟවයි. කෙසේවෙතත්, අවසානයේ, මෙම තිරය ඉවත් වී, ඔය සැඟවුන දියමන්ති ඔබගේ පරිසමාප්ත සහ අංගසම්පූර්ණ ස්වරූප පෙන්වයි. රාජකීය පවුල වන ඔබ, දැන් සිටම ඔබගේ රාජකීය ස්වරූපය පෙන්වයි, එනම්, ඔබගේ අනාගත තත්ත්වය ඔබ හෙළිදරව් කරයි. එබැවින් ඔබගේ සැබෑව තුළින් ඔබගේ රාජකීයත්වය හෙළිදරව් කරන්න.

පාඨය:
ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කිරීමෙන්, සියලු නිෂ්ඵලත්වය අවසන් කර, බලවත්කම මතු වීමට ඉඩ හරින්න.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

තමන්ට යහපතක් සිදු කිරීමට සහ පරිවර්ථනය වීමට, විශේෂයෙන් හුදකලාවේ රැදී සිට අභ්‍යන්තරගත වන්න. ඔබ දැනුමින් පිරිපුන්ය, නමුත් ඔබ බලයෙන්ද පිරිපුන් විය යුතුයි. සියලු අවස්ථාවන්වල අත්දැකීමෙන් තමන්ව පුරවා ගන්න. මා කාගේ දරුවෙක්ද? මට ඇති ලැබීම් මොනවාද? මෙම පළමු පාඩමේ අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වී, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න, එවිට ඔබ පහසුවෙන් මායා පරාජය කරයි.