22.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ පාරලෞකික පියා ඔබ වෙනුවෙන් නිර්මාණය කරන, ලෝකයේ ආශ්චර්යය වන
දිව්‍යලෝකයේ, අධිපතියන් බවට පත් වීම ගැන, ඔබ කුල්මත්ව සිටිය යුතුයි.
ප්‍රශ්නය:
පියාගේ
ආශ්‍රයේ සිටීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
පිළිතුර:
පියාගේ ආශ්‍රයේ සිටීමෙන් අපි මුක්තිය සහ ජීවන මුක්තියට අයිතියක් හිමි කරගන්නෙමු.
පියාගේ ආශ්‍රය අපව එතෙර කරවයි. බාබා අපව අයත් කරගෙන, අපව දෙවියන් හඳුනන අය බවට
මෙන්ම ත්‍රිකාලදර්ශි (තුන් කාලය දන්නා) කරවයි. අප නිර්මාණකරුව සහ ඉන්පසුව නිර්මාණයේ
මුල, මැද සහ අවසානය ගැන දැන ගන්නවා.
ගීතය:
ඉවසන්න
මිනිසාණෙනි! ඔබගේ සතුටෙහි දින අත ළඟයි.
ඕම් ශාන්ති.
මෙසේ කියන්නේ
කවුරුන්ද? දරුවන්ට එසේ පවසන්නේ පියා පමණයි. ඔහු එය සෑම දරුවෙකුටම කිව යුතුය, මන්ද,
ඔවුන් සියලු දෙනාම දුකින් මෙන්ම නොඉවසිල්ලෙන් සිටින නිසා. ඔවුන් පියා සිහි කරමින්
මෙසේ කියයි: පැමිණ අපව දුකින් මුදවාගෙන සතුට වෙතට යන මඟ පෙන්වන්න. මනුෂ්‍යයින්ට,
විශේෂයෙන් භාරතයේ ජනතාවට ඔවුන් බොහෝ සතුටින් සිටිය බව අමතක වී තිබේ. භාරතය, අති
පෞරාණික අසිරිමත් දේශය වීය. ලෝකයේ පුදුමයන් ගැන මිනිසුන් කතා කරති. මෙහි, රාවනගේ
රාජධානියේ, ඔවුන් පුදුම හතක් ගැන කතා කරති. ඒවා භෞතික පුදුමයි. ඒවා දුක ගෙන දෙන
මායාගේ පුදුම බව පියා විස්තර කර දෙයි. රාමා වන, පියාගේ පුදුමය වන්නේ දිව්‍යලෝකයයි.
එය ලොවෙහි විශ්මයයි. භාරතය දිව්‍යලෝකය වූ අතර එය දියමන්ති මෙන් විය. එය දේවතාවන්ගේ
රාජධානිය වීය. මේ සියලු දේ භාරතයේ ජනතාවට අමතක වී ගොසින්ය. ඔවුන් දේව ප්‍රතිමා
ඉදිරියේ හිස නමා වන්දනා කරන අතර, ඔවුන් අඩුම තරමේ වන්දනා කරන අයගේ චරිත කතාව වත්
දැන සිටිය යුතුයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ පාරලෞකික පියා වෙතට බව, අසීමිත පියා මෙතැන
අසුන් ගෙන විස්තර කරයි. දෙව්ලොව ස්ථාපනය කරන කෙනා, පාරලෞකික පියාය. මෙම කාර්යය
කිසිම මනුෂ්‍යයෙකුට කළ නොහැක. පියා මෙම කෙනාට (බ්‍රහ්මාට) මෙසේ කියයි : ඔහෝ,
ක්‍රිෂ්ණාගේ පැරණි තමෝප්‍රධාන් ජීවාත්මය, ඔබ තමන්ගේම උපත් ගැන නොදනී. ඔබ ක්‍රිෂ්ණා
ලෙස සිටි විට, ඔබ සතෝප්‍රධාන් විය. දැන්, උපත් 84ක් ගැනීමෙන් පසු, ඔබ තමෝප්‍රධාන්
වී සිටියි. ඔබට බොහෝ විවිධ නම් තිබී ඇත. ඔබට දැන් බ්‍රහ්මා යන නම ලබා දී තිබේ.
බ්‍රහ්මා, විෂ්ණු බවට එනම්, ශ්‍රී ක්‍රිෂ්ණා බවට පත් වෙයි; ඒ දෙකම එකයි. බ්‍රහ්මා,
විෂ්ණු බවට පත් වන අතර විෂ්ණු, බ්‍රහ්මා බවට පත් වනවා. බ්‍රහ්මිණ්වරු, එනම්,
බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් දරුවන්, ඉන්පසුව දේවතාවන් බවට පත් වෙයි. එම දේවතාවන්
ඉන්පසුව ශුද්‍රයින් බවට පත් වනවා. ඔබ දැන් බ්‍රහ්මිණ්වරුන් බවට පත් වී සිටියි. මේවා
දෙවියන් ගේ වදන් බව, පියා මෙතැන අසුන් ගෙන, ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඔබ
ශිෂ්‍යයන්ය. එබැවින් ඔබ බොහෝ සතුටු විය යුතුයි. කෙසේවෙතත්, එතරම් සතුටක් නොමැත.
ධනවත් අය, ඔවුන්ගේ ධනයේ කුල්මත් බවින් බොහෝ සතුටින් රැඳී සිටියි. මෙහි, ඔබ
දෙවියන්ගේ දරුවන් බවට පත්ව සිටින නමුත්, ඔබට එතරම් සතුටක් නොමැත! ඔවුන්ට නොවැටහෙයි,
ඔවුන් ගල් බුද්ධි ඇති අයයි. එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, ඔවුනට දැනුම ධාරණය කළ
නොහැක. පියා ඔබව දැන් දේවාලයක සිටීමට සුදුස්සන් බවට පත් කරවන මුත්, මායාගේ ආශ්‍රයද
අඩු නැත. යහපත් ආශ්‍රය ඔබව එතෙර කරන අතර නරක ආශ්‍රය ඔබව ගිල්වා දමන බව ගායනා
කෙරෙයි. පියාගේ ආශ්‍රය ඔබව මුක්තිය සහ ජීවන මුක්තියට රැගෙන යන අතර ඉන්පසුව රාවනගේ
නරක ආශ්‍රය ඔබව පරිහාණියට පත් කරයි. අවගුණ පහේ ආශ්‍රය තිබේ, නොවේද? භක්ති මාර්ගයේ
ඔවුන් එයට කියන්නේ සත්‍යයේ ආශ්‍රය (සත්සංග) කියාය. නමුත් ඔවුන් අඛණ්ඩව ඉනිමග දිගේ
පහතට එයි. කෙනෙක් ඉනිමගක සිටින විට, ඔහුගේ පය පැටලෙන්නේ නම්, ඔහු නිසැකයෙන්ම බිමට
ඇද වැටෙයි, එසේ නොවේද? සැමට විමුක්තිය පිරිනමන්නා වන්නේ පරමාත්ම පියා පමණයි.
කවුරුන් වුවත්, දෙවියන් වෙතට ඇඟිල්ල දිගු කරන්නේ ඉහළටයි. පියා හැර, වෙනින් කාටද,
ඔහුගේ හැඳින්වීම දරුවන්ට ලබා දිය හැක්කේ? ඔහුගේ හැඳින්වීම දරුවන්ට ලබා දෙන්නේ,
පියාම පමණයි. ඔවුන්ව ඔහුට අයත් කරගෙන, ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ඔවුනට
ලබා දෙයි. පියා පවසන්නේ : මම ඔබලාව දෙවියන්ව හඳුනන අය බවට පත් කරවන අතර, ඔබව
ත්‍රිකාලදර්ශී ද කරවන්නෙමි. මෙය නාටකයයි. පැවිද්දන් සහ පූජකයන් මෙය නොදනී. වෙනත්
නාටක සීමිත වන අතර, මෙය අසීමිත නාටකයයි. මෙම අසීමිත නාටකයේ අප බොහෝ සතුට දකින අතර,
බොහෝ දුක ද දකියි. මෙම නාටකයේ ක්‍රිෂ්ණා සහ ක්‍රිස්තියානුවන් අතර ඇති ගිණුම කුමක්
වැනිද කියා බලන්න! ඔවුන් සටන් කර, භාරතයේ රාජධානිය ලබා ගත්තා. කෙසේවෙතත්, ඔබ සටන්
නොකරයි. ඔවුනොවුන් සටන් කරන අතර, ඔබට රාජධානිය ලැබෙනවා. මෙය නාටකයේ නියම වී ඇත.
කිසිම කෙනෙක් මෙම දේවල් නොදනී. දැනුමේ සාගරය වන ඒකායන පියා පමණයි ඔබට දැනුම ලබා
දෙන්නේ. ඔහු සියල්ලන්ටම විමුක්තිය පිරිනමනවා. භාරතයේ දේවතාවන්ගේ රාජධානිය තිබුණු
විට, ඔබට විමුක්තිය තිබිණි. ඉතිරි ජීවාත්ම සියල්ලක්ම සිටියේ විමුක්ති දේශයේය. භාරතය
ස්වර්ණමය විය. ඔබ එහි පාලනය කළා. ස්වර්ණමය යුගය, සුර්ය වංශික රාජධානිය විය. ඔබ දැන්
සත්‍ය නාරායනගේ කතා පුවතට ඇහුම් කන් දෙනවා. මෙය, සාමාන්‍ය මිනිසෙකුගෙන්, නාරායන බවට
පරිවර්ථනය වීමේ කතා පුවතයි. මෙය, විශාල අකුරු වලින් ලියන්න: “සත්‍ය ගීතාව තුළින්,
භාරතය, පවුමක් වටින, සත්‍ය දේශය බවට පත් වෙයි. පියා පැමිණ, සත්‍ය ගීතාව පවසයි. ඔහු
ඔබට පහසු රාජ යෝගාව උගන්වන අතර, ඔබ පවුමක් වටින අයෙක් වෙයි.” බාබා එවන් බොහෝ කෙටි
කතා විස්තර කර දෙන නමුත්, ඔවුන්ගේ ශරීර අවධානය නිසා, සමහර දරුවන්ට මේවා අමතක වෙයි.
ඔවුන් ජීවාත්ම අවධානයට පත් වන විට, ඔවුන්ට මෙම දැනුම ද ධාරණය කරගැනීමට හැකි වෙයි.
ශරීර අවධානයට පත් වීම නිසා, ඔවුනට මෙය ධාරණය කර ගත නොහැක. පියා දැන් විස්තර කරන්නේ
මම සර්ව ව්‍යාප්ත බව නොකියමි. ඔබ මට මව සහ පියා කියා අමතයි. මෙහි අරුත කුමක්ද? ඔබ
ගායනා කරන්නේ: ‘ඔබගේ දයාව තුළින් අප බොහෝ සතුට ලබනවා’ කියා. කෙසේවෙතත්, දැන්
තිබෙන්නේ දුකය. මෙම ප්‍රශංසාව අයත් වන්නේ කුමන කාලයටද? ඔවුන්ට මෙයවත් නොවැටහෙයි.
කිසි දෙයක් තේරුම් නොගෙන, කුරුල්ලන් හඬ නඟන ආකාරයෙන්, ඔවුන්ද කිසිවක් තේරුම් නොගෙන,
දිගටම හඬ නඟයි. පියා මෙතැන අසුන් ගෙන විස්තර කර දෙයි : ඒ සෑම දෙයක්ම අධර්මිෂ්ඨයි.
ඔබව අධර්මිෂ්ඨ කළේ කවුද? රාවන. භාරතය, සත්‍ය දේශය වූ කල්හි, සෑම කෙනෙක්ම සත්‍යය කතා
කළා. සොරකම් කිරීම්, රැවටිලි ආදිය නොතිබිණි. මෙහි බොහෝ සොරකම් ආදිය සිදුවෙයි. මුළු
ලොව පුරාම තිබෙන්නේ රැවටීලිම පමණයි. මෙම ලෝකයට පාපකාරී ලොව, දුක් ලෝකය යැයි කියයි.
ස්වර්ණමය යුගයට, සතුටෙහි ලෝකය යැයි කියයි. මෙය, දූෂිත ගණිකා මඩමයි. ස්වර්ණමය යුගය,
ශිවාගේ දේවාලයයි. පියා මෙතැන අසුන් ගෙන, ඔබට බොහෝ පැහැදිලිව විස්තර කර දෙයි. මෙම නම
ඉතාම හොඳයි: බ්‍රහ්ම කුමාරී ලෝක ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය. පියා දැන් පැමිණ ඔබව
නුවණැත්තන් බවට පත් කරවයි. ඔහු පවසන්නේ : මෙම අවගුණ ජයගන්න, එවිට ඔබ ලොව ජයගත් අය
වෙයි. ඔබගේ විශාලතම සතුරා වන්නේ රාගයයි. මේ නිසයි දරුවන් කන්නලව් කරන්නේ පැමිණ අපව
දෙවි දේවතාවන් බවට පත් කරන්න. පියාගේ නිවැරදි ප්‍රශංසාව දන්නේ ඔය දරුවන් පමණයි.
මිනිසුන්, පියාව මෙන්ම ඔහුගේ ප්‍රශංසාවද නොදනී. ඔහු සෙනෙහසේ සාගරය බව ඔබ දන්නවා.
පියා මේ සියලුම දැනුම ඔය දරුවන්ට පවසයි; මෙය ඔබ කෙරෙහි ඔහු තුළ තිබෙන සෙනෙහසයි.
ගුරුවරයෙක් ශිෂ්‍යයින්ට උගන්වන අතර, ශිෂ්‍යයින් ඒ අනුව, පහතම අඩියේ සිට
ශ්‍රේෂ්ඨත්වයට පත් වෙයි. ඔය දරුවන්ද, පියා මෙන්ම, සෙනෙහසේ සාගර විය යුතුයි. ඔබ බොහෝ
සෙනෙහසින් සෑම කෙනෙකුටම විස්තර කළ යුතුයි. පියා පවසන්නේ : ඔබ තුළ එකිනෙකා වෙනුවෙන්
සෙනෙහස තිබිය යුතුයි. නොම්මර එකේ සෙනෙහස වන්නේ, පියාගේ හැඳින්වීම ලබා දීමය. ඔබ මෙම
අදෘෂ්‍යමාන දානය ලබා දෙයි. ඔබ තුළ එකිනෙකා කෙරෙහි නොරිස්සුමක් නොතිබිය යුතුයි. එසේ
නම් ඔබට දඬුවම් අත්විඳීමට සිදුවෙයි. ඔබ කාව හෝ ප්‍රතික‍්ෂේප කරන්නේ නම්, ඔබට දඬුවම්
ලැබෙයි. ඔබ තුළ කිසිම කෙනෙක් වෙනුවෙන්, වෛරයක් නො තිබිය යුතුයි. කිසි කෙනෙක්
ප්‍රතික්ෂේප නොකරන්න. ඔබ අපවිත්‍ර වුණේ ශරීර අවධානයට පත් වීමෙනි. පියා ඔබව ජීවාත්ම
අවධානයට පත් කරවන අතර, ඔබ ඒ අනුව පිවිතුරු වෙයි. සෑම කෙනෙකුටම විස්තර කරන්න: “උපත්
84 හි චක්‍රය දැන් අවසන් වී ඇත. සූර්ය වංශික අධිරාජ්‍යයන් සහ අධිරාජිනියන්ව සිටි
අය, දැන් උපත් 84 ක් ගෙන තිබේ; ඔවුන් පහළට පැමිණ බිමට ඇද වැටී ඇත.” පියා දැන් නැවත
වතාවක් ඔබව අධිරාජ්‍යයන්, අධිරාජිනියන් බවට පත් කරවනවා. පියා පවසන්නේ මෙපමණයි :
නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වෙයි. ඔය දරුවන්
සානුකම්පිත වී, දවස පුරාම සේවය ගැන සිතියි යුතුයි. පියා අඛණ්ඩව උපදෙස් ලබා දෙයි :
සුමිහිරි දරුවනි, දුකට පත්ව සිටින ජීවාත්ම සතුටට පත් කිරීම සඳහා, සානුකම්පිත වන්න.
ඔබ ඔවුන්ට ඉතා කෙටි ලිපි ලිවිය යුතුයි. පියා පවසන්නේ : මාව සිහි කරන්න, එමෙන්ම ඔබගේ
උරුමය සිහිපත් කරන්න. ප්‍රශංසාවට ලක් වන්නේ ඒකායන ශිව බාබා පමණයි. මිනිසුන් පියාගේ
ප්‍රශංසාව වත් නොදනී. ඔබට හින්දියෙන්ද ලිපියක් ලිවිය හැක. ඔය දරුවන් තුළ සේවය කිරීම
සඳහා උද්යෝගයක් තිබිය යුතුයි. බොහෝ මිනිසුන් සිය දිවි නසා ගැනීමට තැත් කරයි. සිය
දිවි නසා ගැනීම විශාලතම පාපය බව ඔවුනට විස්තර කර දෙන්න. ඔය දරුවනට දැන් ශ්‍රීමත්
ලබා දෙන්නේ ශිව බාබාය. ඔහු ශ්‍රී ශ්‍රී ශිව බාබායි. ඔහු ඔබව, ශ්‍රී ලක‍්ෂ්මි සහ
ශ්‍රී නාරායන බවට පත් කරවයි. ශ්‍රී ශ්‍රී වන්නේ ඔහුම පමණයි. ඔහු කිසිම විටෙක
චක්‍රයට ඇතුළු වන්නේ නැත. ඔබට ශ්‍රී යන නම්බු නාමය ලැබෙයි. මෙකල සෑම කෙනෙකුටම
‘ශ්‍රී’ යන නම්බු නාමය ලබා දෙයි. එම අවගුණ වලින් තොර අය සහ මෙම දූෂිත මිනිසුන් අතර
ඉතා විශාල වෙනසක් තිබේ; එය රැයත් දහවලත් මෙන් වෙනසකි. පියා අඛණ්ඩව දිනපතාම විස්තර
කරයි. පළමුව ජීවාත්ම අවධානයට පත් වන්න, ඉන්පසුව සෑම කෙනෙකුටම පණිවිඩය ලබා දෙන්න.
තවද, ඔබ පණිවිඩකරුගේ දරුවන්ය. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා වන්නේ ඒකායන ඔහු
පමණයි. ආගම් ස්ථාපනය කරන අයට, ගුරුන් යැයි නොකියයි. විමුක්තිය පිරිනමන්නේ ඒකායන ඔහු
පමණයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම
කෙනෙකුට නොරිස්සුමක් හෝ වෛරයක් තබා නොගන්න. සානුකම්පිත වී දුකෙන් සිටින ජීවාත්ම
සතුටට පත් කරවීමේ සේවයේ යෙදෙන්න. පියා මෙන් අධිපති සෙනෙහසේ සාගර වන්න.
2. ඔබ දෙවියන්ගේ
දරුවන්ය, යන කුල්මත් බවින් සහ සතුටින් සිටින්න. මායාගේ නරක ආශ්‍රයට කිසි විටෙකත්
නොයන්න. ජීවාත්ම අවධානයට පත් වී මෙම දැනුම ධාරණය කරගන්න.
වරදානය:
ඔබ මාස්ටර් හද
සනසන්නෙකු වී පරමාත්ම පියා මෙන් ආශිර්වාද කරන්නෙකු ලෙස සෑම කෙනෙකුගේම හදවතට
සැනසීමක් ලබා දේවා.
පරමාත්ම පියා මෙන්
ආශිර්වාදයේ ප්‍රතිමූර්ති වූ, ආශිර්වාද කරන්නා වූ දරුවෝ කිසිවිටෙක කිසිවකුගේ
දුර්වලකම් දෙස නොබලති. ඔවුන් සෑම කෙනෙකුටම කරුණාවන්ත වේ. පරමාත්ම පියා කිසිවිටෙක
කිසිවකුගේ දුර්වලකම් තම හදවතේ තබා නොගන්නා සේම, ආශිර්වාද කරන දරුවන් කිසිවකුගේ
දුර්වලකම් කිසිවිටක උකහා ගන්නේ නැත. ඔවුන් සෑම කෙනෙකුටම, මාස්ටර් හද සනසන්නන් වේ.
එබැවින් ඔවුන් සගයන් හෝ යටත්වැසියන් වේවා සියල්ලෝම ඔවුන් ගැන ප්‍රශංසා ගයති. සෑම
කෙනෙකුගෙන්ම ඔවුන්ට මතුවන ආශිර්වාදය නම්: "ඔබ නිරන්තරයෙන් ආදරය සහ සහයෝගයෙන් කටයුතු
කරයි." යන්නයි.
පාඨය:
සංගම යුගයේ
උසස් ජීවාත්ම යනු කරදර වලින් නිදහස් අධිරාජ්‍යයන් වන අයයි.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
ඔබගේ ආචාරශීලිත්වය
අතහැර කිසිම විටෙක සත්‍යය ඔප්පු කිරීමට තැත් නොකරන්න. යහපත් ආචාරශීලී බවේ සලකුණ
වන්නේ නිහතමානිකමයි. මෙම නිහතමානිකම ඔබට පහසුවෙන් මෙම අළුත්වැඩියාව සිදු කිරීමට
මගපාදයි. ඔබ නිහතමානි වන තුරු ඔබට අළුත්වැඩියාව සිදු කළ නොහැක. මෙම දැනුමේ බලය,
සාමය සහ සෙනෙහසයි. ඔබ අවිද්‍යාවේ බලය වන කෝපය, ඉතා හොදින් ඔබගේ සංස්කාරය බවට පත්කර
ඇති අතර ඔබ නොකඩවා එය භාවිතා කර ඉන්පසුව නොකඩවා සමාව ඉල්ලා සිටියි. ඒ අන්දමින්ම,
දැන් සෑම ගුණධර්මයක් සහ මෙම දැනුමේ සෑම කාරණාවක්ම ඔබගේ සංස්කාරය බවට පත්කරගන්න,
එවිට ඔබ අඛණ්ඩව යහපත් ආචාරශීලී බවක් වර්ධනය කරගනි.
මාතේශ්වරීගේ අමිල
ශ්‍රේෂ්ඨ වදන්.
1) දැනුමැති දරුවන්
වැරදි සිදු කිරීමෙන් සිය-ගුණයක දඬුවම් ලබයි.
ඔබ මෙම ඥානයේ අවිනාශී
යාග හෝමයට පැමිණ, පරමාත්ම ජීවයගේ හස්තය පෞද්ගලිකවම අල්ලා ගෙන තිබේ. එබැවින් ඔබ එක්
හෝ තව හේතුවක් නිසා, පාපයක් සිදු කරන්නේ නම්, එයට ලැබෙන දඬුවම ඉතා බරපතලයි. දැනුම
ලබා ගැනීමෙන් ඔබට 100% ක යහපතක් තිබෙන සේම දැනුම ලබා ගැනීමෙන් පසුව, වරදක් සිදු
කළොත්, එවිට 100-ගුණයක දඬුවම්ද ලැබෙයි. එබැවින් ඔබ ඉතා ප්‍රවේසම් විය යුතුයි. ඔබ
අඛණ්ඩව වැරදීම් සිදුකරන්නේ නම් ඔබ දුර්වල වෙයි. එබැවින් ඔබගේ සුළු සහ විශාල වැරදි
නොකඩවා සෝදිසි කර, අනාගතය වෙනුවෙන් ආරක‍්ෂක පියවර ගෙන ඉදිරියට ගමන් කරන්න. බලන්න,
නුවණැති, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් යම් නරක දෙයක් සිදු කළ විට, ඔහුට එයට විශාල දඬුවම්
ලැබෙයි, නමුත් දැනටමත් වැටී ඇති පුද්ගලයෙක් යම් නරක දෙයක් කළ විට, ඔහුට එතරම්ම
දඬුවමක් නොදෙයි. ඔබ දැන් හැඳින්වෙන්නේ පරමාත්ම දෙවියන්ගේ දරුවන් ලෙසයි, එබැවින් ඔබ
එතරම්ම දිව්‍යමය ගුණදම් ධාරණය කරගත යුතුයි. ඔබ පැමිණ තිබෙන්නේ සත්‍ය පියා වෙතටයි,
එබැවින් ඔබ අවංක සහ සත්‍යවන්තව රැඳී සිටිය යුතුයි.
2) පරමාත්ම දෙවියන්
ජනීජනන්හාර් (සියල්ල දත් කෙනා) වන්නේ කෙසේද?
මිනිසුන් පවසන්නේ
දෙවියන් සියල්ල දන්නා බවයි, නමුත් මින් අදහස් වන්නේ ජනීජනන්හාර් සියලු දෙනාගේ හදවත්
තුළ ඇති දේ දන්නා බව නොවෙයි, නමුත් ඔහු ලෝක නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන
දන්නවා. පරමාත්ම දෙවියන් වන නිර්මාණකරු, ලෝකය පවත්වනවා මෙන්ම එය විනාශ කරනවා
නොවෙයි. එවිට ඉන් අදහස් වන්නේ පරමාත්ම දෙවියන් ලෝකය නිර්මාණය කර, එය පෝෂණය කර,
ඉන්පසුව එය මරා දමන බවයි, නමුත් එය එසේ නොවෙයි. මනුෂ්‍යයන් උපත් ගන්නේ ඔවුන්ගේ කර්ම
ගිණුම් වලට අනුවයි. එබැවින් මින් අදහස් වන්නේ, පරමාත්ම දෙවියන් අසුන්ගෙන ඔවුන්ගේ
හොඳ සහ නරක සිතිවිලි ගැන දැන සිටින බව නොවෙයි. දැනුම නොමැති අයගේ හදවත් තුළ
පවතින්නේ කුමක්ද කියා ඔහු දන්නවා. ඔවුන් දවස පුරාම මායා ගැන සිතිවිලි ඇති කරමින්
සිටින අතර දැනුමැති දරුවන් තුළ පිවිතුරු සිතිවිලි තිබෙයි. කෙසේවෙතත්, ඔහු අසුන්ගෙන
සෑම සිතිවිල්ලක්ම කියවන්නේ නැහැ, නමුත් සියලුම ජීවාත්ම දැන් පහත් තත්ත්වයකට ළඟා වී
ඇති බව පරමාත්ම දෙවියන් දන්නවා. එබැවින් ඔවුන්ට විමුක්තිය ලබා දෙන්නේ කෙසේද පිළිබඳ
සියලු දැනුම ජනීජනන්හාර් (පරමාත්ම දෙවියන්) දන්නවා. තම ක්‍රියාවන්හි දූෂිත වී ඇති
මිනිසුන්ට, ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදුකරන්නේ කෙසේද සහ ඔවුන්ගේ කර්ම ගිණුම් වලින් නිදහස
ලබන අන්දම කියා දිය යුතුයි. පරමාත්ම දෙවියන් මෙය දන්නවා. පරමාත්ම දෙවියන් පවසන්නේ :
නිර්මාණකරු වන මා පිළිබඳ දැනුම සහ මගේ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම
මා දන්නා අතර, ඔබ සියලු දෙනාටම මා එම අවධානය ලබා දෙනවා. දැන්, ඔය දරුවන් එම පරම
පියාගේ නිරන්තර සිහි කිරීමේ සිටිය යුතුයි, මන්ද, ඔබ සියලු පාපයන්ගෙන් නිදහස ලබන්නේ
එවිට පමණයි, එනම්, ඔබ අමරණීය දේශයට යන්නේ එවිට පමණයි. මේ සියල්ල ගැන දැන සිටීම,
ජනීජනන්හාර් වීම ලෙස හැඳින්වෙයි. අච්චා. ඕම් ශාන්ති.