22.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මෙහි පැමිණියේ පරිවර්ථනය වීමටයි. ඔබ ඔබේ නපුරු ගති ලක්‍ෂණ පරිවර්ථනය කර දිව්‍යමය ගුණධර්ම උකහාගත යුතුයි. මෙම අධ්‍යයනය දේවතාවරු බවට පත්වීමටයි.

ප්‍රශ්නය:
ඔය දරුවන් පරම පියාගෙන් පමණක් ඉගෙන ගන්නා. අන් කිසිම කෙනෙකුට උගැන්විය නොහැකි අධ්‍යයනය කුමක්ද?

පිළිතුර:
ඔබ ඉගෙන ගන්නේ මනුෂ්‍ය බවෙන් දේවතා බවට පත් වීමටයි. නව ලොව කරා යාම සඳහා අපවිත්‍ර බවෙන් පවිත්‍රත්වයට වෙනස් වීමේ මෙම අධ්‍යාපනය ඔබට ඒකායන පියා විනා අන් කිසිවකුට උගැන්විය නොහැක. පාරිශුද්ධ ගෘහස්ත මාර්ගයක් මෙම පහසු ඥානය සහ රාජයෝගාව තුළින් ස්ථාපනය කරන්නේ ඒකායන පියාම පමණයි.

ඕම් ශාන්ති.
පරම පියා මෙහි ඉඳිමින් ඔය දරුවන්ට පැහැදිලි කරනවා. ඇත්තෙන්ම දෙදෙනාම පියවරුන්; එක්කෙනෙක් සීමිතයි එවිට අනෙක් කෙනා අසීමිතයි. ඔහු තමයි ඔබේ පියා, එසේම මොහුත් ඔබේ පියා වෙයි. අසීමිත පියා පැමිණ ඔබට උගන්වයි. ඔබ ස්වර්ණම යුගය වූ. තව ලොව සඳහා ඉගෙන ගනිමින් සිටිනවා යන්න වටහාගෙන ඇත. වෙන කොහේවත් එවන් වූ අධ්‍යයනයක් ඔබට ලබාගත නොහැකියි. ඔය දරුවන් අනේක සසංග් වලට ගොස් ඇති. භක්තිවන්තයින් වී සිටි ඔබ බොහෝ ගුරුන් පිළිගෙන ඇති. එසේම ආගමීක පොත්පත් කියවන්න ඇති. ඒ කෙසේවෙතත්, පරම පියා දැන් ඇවිත් ඔබව අවදි කර ඇත. පරම පියා කියයි: මේ පරණ ලෝකය දැන් වෙනස් වෙන්න යන්නේ. දැන් නව ලොව සඳහායි මා ඔබට උගන්වමින් සිටින්නේ. මා ඔබේ ගුරුවරයායි. ගුරු කෙනෙකුට ගුරුවරයා ම කියා කිව නොහැක. සිසුන් උසස් තත්ත්වයක් මුදුන්පත් කරගන්නේ පාසල් වල සිටින ගුරුවරුන් ගෙනි. එහෙත් ඔවුන් මේ ලොව සඳහා පමණයි උගන්වන්නේ. ඔබ දැන් ඉගෙන ගනිමින් සිටින්නේ නවලොව සඳහා බව ඔබ දනී. එයට කියන්නේ ස්වර්ණම යුග ලෝකය කියායි. ඔබ දන්නවා. මේ කාලයේ දී, ඔබේ නපුරු ගති ලක්‍ෂණ ප්‍රතිසංස්කරණය කර දිව්‍යමය ගුණධර්ම උකහා ගැනීම කරන්න ඕන බව. ඔබ පරිවර්ථනය වීමට මෙහි ආ යුතුයි. මිනිස්සු දේව පිළිම ඉදිරියට ගොස් කියන්නේ: ඔබ එලෙසයි. අප මෙලෙසයි කියාය. ඒ ඔවුන්ගේ චරිතයයි වර්ණනා කෙරෙන්නේ. ඔබට ඔබේ අරමුණ සහ ඉලක්කය ලැබී ඇත. පරම පියා අනාගතය උදෙසා නව ලොව ස්ථාපනය කරන අතර ඔහු ඔබට උගන්වයි. එහි පාපයේ ගැටළුවක් නැත. ඔබ දැන් රාවණව ජයගෙන ඇත. රාවණ රජදහනේ සිටින සියල්ලන්ම පාපතරයි. රජ රැජිණ කෙසේද පුරවැසියනුත් එසේම වේ. දැන් ඇත්තේ ජනතාවම ජනතාව පාලනය කරන ක්‍රමයකි. මීට පෙර තිබුණේ රජු සහ රැජිණීයන්ගේ රාජධානියයි. කෙසේ වෙතත්, ඔවුනුත් අපවිත්‍ර වූවා. එම අපවිත්‍ර රජවරුන්ටත් පිවිතුරු දෙවි දේවතාවන් වැඳීම පිණීස දෙවොල් තිබුණි. එම දෙවි දේවතාවන් සිටියේ අතීතයේ බව ඔබ දනී. දැන් ඔවුන්ගේ රාජධානිය නොතිබේ. පරම පියා ඔබ ජීවාත්මයන් පාරිශුද්ධ කරයි. එවිට, ඔබලායි එම දේවතා ශරීර ගෙන සිටියේ. ඔබ ජීවාත්ම සහ ඔබේ ශරීර යන දෙකම පාරිශුද්ධ විය. පරම පියා දැන් නැවතත් ඇවිත් ඔබව පාරිශුද්ධ කරයි. ඔබ මෙහි පැමිණීය යුත්තේ අන්න ඒ නිසාවෙනී. පරම පියා ඔ නියෝගයක් නිකුත් කරයි: දරුවනි . කාම රාගය ලොකුම සතුරා වේ. එහි ආරම්භයේ සිට මැද සහ අග දක්වාම ඔබට එයින් දුකමයි ඇති කරන්නේ. ඔබ දැන් නිවසේ පවුලේ අයත් සමඟ ජීවත් වෙමින් පාරිශුද්ධ වන්න ඕන. එනම්, දේවතාවරු එකිනෙකාට සෙනෙහස නොදක්වා සිටිනවා කියන එක නොවෙයි. හුදෙක් අපවිත්‍ර බැල්මක් එහි නොතිබේ: ඔවුන් පාපයෙන් තොරව සිටී. පරම පියා කියයි: ඔබේ පවුලේ අය සමඟ නිවසේ ජීවත්වෙමින් නෙළුම් මලක් සේ පිවිතුරුව සිටින්න. එවන් වූ පිවිතුරු යුවලක් මෙන් ඔබේ අනාගතය සාදාගන්න. සෑම ජීවාත්මයක්ම නොකඩවා විවිධ නාම රූප වලින් බොහෝ චරිත කොටස් රඟපාමින් සිටිනවා. දැන් මේ ඔබේ අවසන් කොටස්ය. බොහෝ මිනිස්සු පාරිශුද්ධ විෂය පිළිබඳව සහ ඔවුන් සහකරුවන් වශයෙන් ජීවත් විය හැක්කේ කෙසේද කියාත් ව්‍යාකූල වෙති. "සහකරුවන් සේ ඉඳීම" යන්නෙහි තේරුම කුමක් ද? විදේශ රටවල් වල මිනිස්සු වැඩිවියට පත්වන විට ඔවුන් විවාහ වන්නේ සහායකයෙක් හෝ තමන්ව රැකබලා ගැනීමට කෙනෙකු අවශ්‍ය හෙයිනි. බ්‍රහ්මචර්යාවට කැමැති අය බොහෝ සිටී. සන්යාසීන්ගේ පැත්ත සපුරා වෙනස් වූවකි. ගෘහස්ත ජීවිතය ගත කළත් විවාහ වීමට අකමැති අය බොහෝ වේ. ඔවුන් සිතන්නේ: "ඇයි මෙසේ විවාහ වී දරුවන් රැකබලා ගැනීමේ ජාලය පැතිරී ඇත්තේ සහ එහි ඔවුන් පැටළී සිටින්නේ, "එවැනි අය ද මෙහි පැමිණෙයි. ඔවුන් වසර 40ක් බ්‍රහ්මචර්යාව රැකීමෙන් පසු විවාහ වන එකේ තේරුමක් කුමක් දැයි අසනවා. ඔවුන් කැමැති නිදහසේ ජීවත් වන්නටයි. ඉතින්, පරම පියා ඔවුන් දැක සතුටු වෙයි. මේ කෙනා බන්ධනයෙන් නිදහස්ය. ඇති එකම බන්ධනය මේ ශරීරයයි. එබැවින්, ඔබට ඔබේම ශරීරය ඔ ඇතුළු සියල්ලක්ම අමතක කර දමන්න වෙයි. එසේම එක් පරම පියාව සරලව සිහිපත් කරන්න. ඔබ ක්‍රිස්තු වැනි ශරීරදාරින් ආදීන් සිහිපත් නොකළ යුතුයි. නිරාකාරී ශිවා ශරීරදාරියකු නොවේ. ඔහුගේ නම ශිවා යි. එහි ශිව දෙවොල් ද තිබෙනවා. මේ ජීවාත්මය උපත් 84ක කොටස ලබා ඇත. මෙම නාටකය අවිනාශී සහ එහි කිසිවක් වෙනස් කළ නොහැකියි. ආරම්භයේදී ඔබේ ක්‍රියා සහ ධර්මය ඉතා උසස් වී තිබුණු බවත් එය දැන් පහත වැටී තිබෙන බවත් ඔබට වැටහෙයි. එනම්, දේවතා ධර්මය නිමා වූවා යන අදහස නොවෙයි. එයින් වී සිහිපත් කෙරෙන්නේ දේවතාවන් සියලු ගුණධර්ම වලින් සම්පූර්ණ වී සිටියා යන්නයි. ලක්ෂ්මි සහ නාරායන් දෙදෙනාම පාරිශුද්ධව සිටියා. එය ගෘහස්ත මාර්ගයයි. එහෙත් දැන් ගෘහස්ත මාර්ගය අපවිත්‍රයි. ඔබේ නාම සහ රූප උපත් 84දී නොකඩවා වෙනස් වේ. පරම පියා පැහැදිලි කර තිබෙනවා: සුමිහිරි දරුවනි, ඔබේම උපත් සංඛ්‍යාව ඔබ නොදැනයි සිටියේ. ඔබේ උපත් 84 කතාව මා ඔබට කියන්නම්, එමනිසා, මා හට නිසැකවම ඔබේ පළමු උපතේ සිටම පැහැදිලි කරන්න වෙයි. පිවිතුරුව සිටි ඔබ දැන් නපුරු වී සිටින නිසා, ඔබ දේවතා පිළිම ඉදිරියට ගොස් ඔබේ හිස තමයි. ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ හිස නමනවා. බෞද්ධයන් බුදුන්වහන්සේ ඉදිරියේ හිස නමනවා. එවිට සීබ්වරු ගොස් ගුරු නානක් ගේ (ගුරුද්වාරා) මන්දිරයට ගොස් හිස නමනවා. මේ මගින් කෙනෙක් කොයි ආගමට අයිති ද කියා සිතිය හැකියි. ඔවුන් කියයි ඔබලා හින්දූවරු කියා. ආදී සනාතන දේවතා ධර්මය කොහේ ගිහින්ද කියා කිසිම ලා කෙනෙක් දන්නේ නැහැ. එය අතුරුදහන් වුණා. භාරතයෙහි අප්‍රමාණ ප්‍රතිමා සාදා තිබෙනවා, මිනිසුන්ට බොහෝ විකල්ප දී තිබෙනවා. ශිවාට ද බොහෝ නාමයන් දී තිබෙනවා. ඇත්තෙන්ම ඔහුට තිබෙන්නේ. ශිවා යන එක් නමයි. ඔහු යළි යළි උපදිනවා නොවෙයි ඔහුගේ නාම වෙනස් කරන්නට; නැහැ. මිනිස්සුන්ට බොහෝ මත තිබෙන නිසායි ඔහුට බොහෝ නම් තබා ඇත්තේ. ශ්‍රීනාත් ද්වාරේ කෝවිලේ ලක්ෂ්මි සහ නාරායන් ගේ ප්‍රතිමාව තිබෙනවා. එම ප්‍රතිමාවමයි ජගන්නාත් කෝවිලේත් දකින්න තිබෙන්නේ. කොහොම වෙතත් වෙනස් වූ ම් දී තිබෙනවා. ඔබ සූර්ය වංශයට අයිත්ව සිටි කල ඔබ කිසිම කෙනෙක්ට වැඳුම් පිදුම් කළේ නැහැ. ඔබ සමස්ත ලොවම පාලනය කරමින් සතුටින් සිටියා. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීම මගින් ඔබේ උසස් රාජධානිය ස්ථාපිත කළා. සතුටු දේශය කීවේ එයටයි. අන් කිසිම කෙනෙක් කියන්නේ නැහැ පරම පියාම ඔවුන්ට උගන්වනවා සහ ඔහු ඔවුන්ව මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට වෙනස් කරනවා කියා. එම සලකුණු තිබෙන නිසා ඔවුන්ගේ රාජධානිය නිසැකවම තිබෙන්න ඕන. එහි විශාල බලකොටු ආදීය නොතිබුණී. බලකොටුවක් සාදන්නේ ආරක්‍ෂාව සඳහායි. දේවතාවරුන්ගේ රාජධානියේ බලකොටු ආදී නොතිබුණී. දෙවනුව, එහි කිසිම කෙනෙක් යුද්ධ කළේද නැත. දැන් ඔබ දන්නවා එම දේවතා ධර්මයටයි ඔබට මාරු වීමට ඇත්තේ කියා. ඔබ රාජයෝග ඉගෙන ගන්නේ ඒ වෙනුවෙනි. එම ඒ රාජධානිය ඔබ අත්කර ගන්න ඕන. දෙවියන් කතා කරයි: මා ඔබව රජවරුන්ගෙත් රජවරු බවට පත්කරවනවා. මෙකල, රජවරු හෝ ඔ රැජිණීයන් නොසිටී. රණ්ඩු සරුවල්, කලකෝලාහල ආදිය නොකඩවා සිදුවෙයි. මෙය යකඩ යුග ලෝකයයි. ඔබ ස්වර්ණම යුගයෙහි සිටියා. ඔබ දැන් අති උසස් සංගම යුගයේ සිටිනවා. ඔබව ශ්‍රේෂ්ඨතම කරවීමට පරම පියා ඇවිත් සිටියි. ඔහු සැමටම යහපත ඇතිකරයි. ඔබ දන්නවා ඔබටත් යහපතක් තිබෙනවා කියා. ඔබ ස්වර්ණම යුගයට මුලින්ම යනවා, එහෙත් අනෙක් ආගම් වල අය යන්නේ සාම දේශයටයි. පරම පියා කියයි: සියල්ලෝම පාරිශුද්ධ වෙන්න ඕන. ඔබ නිර්වාණ දනව්ව නම් වූ පාරිශුද්ධ ලොවේ වැසියන් වේ. ශබ්දය අභිබවා ගොස් සිටිය හැක්කේ ජීව සත්තාවන්ට පමණයි. පරම පියා දැන් ඔබව ශබ්දය අභිබවා ගෙනයයි. සාම දනව්වට, ශබ්දය අභිබැවූ දේශයට ඔබව අරගෙන යනවා කියා කිසිම කෙනෙක් නොකියනු ඇත. ඔවුන් සරලව. බ්‍රෂ්මාණ්ඩය තුළ ගිලී යනවා කියා කියනවා. ඔය දරුවන් දන්නවා මේ ලෝකය තමෝප්‍රධාන්, එසේම මෙහි කිසිම රස වින්දනයේ හැඟීමක් වත් ඔබට නොතිබෙයි. මේ නිසායි, දෙවියන්ට මේ පරණ ලෝකය විනාශ කර නව ලොව ස්ථාපනය කිරීමට මෙහි පැමිණීමට සිදුව ඇත්තේ. ශිවාගේ සැමරුවේත් මෙහිය. එබැවින්, ඔහු මෙහි කුමක් කළේ ද? යම් කෙනෙකුට මෙය කිව හැකි විය යුතුයි. ඔහුගේ උපත සමරනවා නම්, සැබැවින්ම ඔහු මෙහි එන්නට ඇති. ඔහු විද්‍යාමාන වන්නේ මේ රථය තුළයි. ඔවුන් මෙය අශ්ව රථයක් වශයෙන් සිතුවම් කර ඇත. පරම පියා මෙහි ඔහු පදින රථය තුළ ඉඳිමින් පැහැදිලි කරයි. මේ දේ ඔය දරුවන්ට කියන්නේ මමයි. මේ දැනුම පසුව අතුරුදහන් වී යයි දේ මේ වී මොහුගේ උපත් 84 අවසානයේ දී බාබා පැමිණෙනවා. මේ දැනුම අන් කිසිවකුටත් දිය නොහැකියි. දැනුම දහවල සහ භක්තිය රාත්‍රිය වේ. මිනිස්සු නොකඩවා පහළට එයි. භක්ති මාර්ගයේ බාහිර ආටෝප බොහෝ සේ ඇත. බොහෝ කුම්භමේලා ආදිය නොකඩවා පැවැත්වේ. එහිදී, පාරිශුද්ධ වීමෙන් ඔබ නව ලොවට යනවා කියා කිසිවකුත් නොකියයි. මේ දැන් සංගම යුගය යනුවෙන් කියන්නේ පරම පියා පමණයි. චක්‍රයකට පෙරත් ඔබ මනුෂ්‍යයන්ගෙන් දේවතාවරුන් බවට වෙනස් වන විට මෙම අධ්‍යාපනයම ඔබට ලැබුණා. මේ මනුෂ්‍යයන් දේවතාවන් බවට වෙනස් වෙයි කියා සිහිපත් කර ඇත. ඇත්තෙන්ම. ඔවුන්ව එසේ කරවූයේ පරම පියායි. ඔබ දන්නවා. අපවිත්‍ර ගෘහස්ත මාර්ගයට ඔබ අයිතිව සිටි බව, පරම පියා නැවත පැමිණ ඔබව පිවිතුරු ගෘහස්ත මාර්ගයට අයත් කරවනවා. ඔබ ඔ ලබාගත්තේ ඉතාමත් උසස් තත්ත්වයකි. අති උසස් පරම පියා ඔබව ඉතා උසස් අය කරවතවා. පරම පියාගේ මගපෙන්වීම් සියල්ලට වඩා උසස් වේ. ඔබ උසස් අය බවට පත්වෙමින් සිටින්නේ. ශ්‍රී ශ්‍රී යන්නෙහි අරුත කිසිවකු නොදනී. පරම පියාට පමණක් මේ විරුදාවළිය මේ උපත යෙදූවා වුවත් බොහෝ දෙනෙක් ශ්‍රී ශ්‍රී තමන්ටම කියා ගනී. ඔවුන් ජපමාල කරකවනවා. රෝසරි මාලය 108ක් වුවත්, ඔවුන් 16,108ක රෝසරිය සාදා ඇත. අනිවාර්යෙන්ම 108 රෝසරිය එහි කොටසක් වේ. එහි යුගල් හතරක් සහ එක් පියාත් සිටී. මිණීමුතු අටක් සහ මා නව වෙනියා වේ. ඔවුන්ට රත්නයන් කියති. ඔවුන්ව එසේ සෑදුවේ පරම පියායි. පරම පියා විසින් ඔබව දිව්‍යමය බුද්ධි ඇත්තන් බවට සාදන ලදී. රැන්ගූර් අසබඩ විලක් තිබෙනවා. එහි ස්නානය කළොත් ඔබ සුරඟනක් බවට පත්වෙනවා කියා ඇත. ඇත්ත වශයෙන්ම, මෙම ඥානයෙන් ස්නානය කිරීම මගින් තමයි ඔබ දේවතාවරුන් වන්නේ. කොහොම වෙතත්, ඉතිරි සියල්ලක්ම භක්ති මාර්ගයට අදාල විෂයන්ය. ඔවුන් විවිධ අයුරින් කතාන්දර සාදා ඇත; ඔවුන්ට කිසිවක් තොවැටහේ. එම ගුරුශිඛර් සහ දිල්වාලා මන්දිර ආදිය ඔබේ සිහිවටනයන් බව දැන් ඔබට වැටහෙයි. පරම පියා වසන්නේ ඉතාමත් ඉහළ තැනකයි. එම පරම්දාමය යන ස්ථානයේ පරම පියාත් ඔබ ජීවාත්මයනුත් සිටි බව ඔබ දන්නවා. සූක්ෂම කලාපය තිබෙන්නේ දර්ශන දීම සඳහායි. එය ලොවක් නොවෙයි. ජීව ලෝකයේ හෝ සූක්ෂම කලාපයේ ලෝක ඉතිහාසය යළි සිදුවේ කියා නොකියනු ඇත. තිබෙන්නේ එකම එක ලොවකි. මේ ලොව ගැනයි "ලෝක ඉතිහාසය යළි සිදුවේ" කියා කීවේ. මිනිසුන් ලොවෙහි සාමය තිබිය යුතු බව කියනවා. නමුත් ජීවයේ මුල්ම ධර්මය සාමය බව ඔවුන් නොදනී. සාමය කැලෑවල් තුළ ලබාගත නොහැකියි. ඔය දරුවන්ට සතුට ලැබෙද්දී අන් සියල්ලන් සාමය ලබති. මෙහි පැමිණෙන සැවොම මුලින්ම යන්නේ සාම දේශයටයි. ඉන්පසු සතුටු දේශයට යනවා. සමහරු. තමන් දැනුම නොගන්නා බවත් ප්‍රමාද වී එන බවත් කියති. එබැවින් ඔවුන් අවසානය දක්වාම මුක්ති දාමයෙහි ඉඳීවි. එසේ දීර්ඝ කාලයක් මුක්ති දාමයෙහි ඉඳීමත් හොඳයි. පසුව ඔවුන් උපත් එකක් හෝ දෙකක් සඳහා තත්ත්වයක් ලබා ගනීවි. එහි ඇති වටිනාකම කුමක් ද? මදුරුවෝ වාගේ ඇවිත් මිය යති. හුදෙක් එක් උපතකින් මෙහි මොන වර්ගයේ සතුටක්ද ලැබෙන්නේ ? ඔවුන් වැඩකට නැති අය මෙනී: ඔවුන්ට කිරීමට චරිත කොටස් නැතිවාක් සේය. ඔබේ චරිත කොටස් ඉතා උසස් ය. ඔබ අත්විඳින තරම් සතුට අන් කිසිවකුටත් අත්විඳිය නොහැක. අන්න ඒ නිසායි ඔබ උත්සාහ කළ යුතුව ඇත්තේ. නොකඩවා මෙය ඔබ කරයි. පෙර චක්‍රයේදීත් ඔබ උත්සාහ කළා. ඔබ කළ උත්සාහයට අනුව ඔබේ ප්‍රතිලාභය ලැබුවා. උත්සාහ නොකර ප්‍රතිලාභ ලබාගත නොහැකියි. අනිවාර්යෙන් ඔබට උත්සාහ කරන්නම වෙනවා. පරම පියා කියයි: ඔබ උත්සාහ කරන්න පටන් ගත්තේ කවදාද යන්නත් නාටකයේ නියම වී ඇත. ඔබට නිකම්ම (උත්සාහ කිරීමෙන් තොරව) යා නොහැකියි. ඔබ අනිවාර්යෙන්ම උත්සාහ වී කරන්න ඕන. පරම පියා කියයි: උත්සාහ කිරීමෙන් තොරව කිසිවක් සිදු නොවේ. කැස්සක් වුණත් ඒ විසින්ම නවතින්නේ කොහොම ද? ඔබ බෙහෙත් ගැනීමට උත්සාහ කරන්න වෙනවා. සමහරු නාටකයේ දැනුම ඇසූ විට ඔවුන් සියල්ලක්ම නාටකයට භාර දෙනවා: "නාටකයේ ඇත්තේ කුමක්ද එසේ සිදු වේවි" නාටකයෙහි ඇති මෙම දැනුම ඔබේ බුද්ධියෙහි වැරැදි අයුරින් පතිත නොකරන්න. මෙයත් මායා සිදු කරන බාධකයන්ය. සමහර දරුවන් ඉගෙනුම නතර කරති. එයට කියන්නේ මායාට පැරදී යාම කියායි. මෙය දැවැන්ත යුද්ධයකි. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාල්දාදා සෙනෙහසින් ඔ සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ ශ්‍රේෂ්ඨ රාජධානිය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රීමත් අනුගමනය කරමින් පරම පියාට උදව් කරුවන් වන්න. පාපයෙන් තොර වූ දේවතාවරු මෙන්, නිවසේ ජීවත් වන ගමන් එලෙසම පාපයෙන් තොර වන්න.

2. නාටකය වැරැදි අන්දමින් භාවිත නොකරන්න. "Drama!" කියා. සියල්ල නාටකයට භාරදීම නොකරන්න. ඉගෙනුමෙහි සම්පූර්ණ අවධානය දෙන්න. උත්සාහ කිරීම මගින් උසස් ප්‍රතිලාභයක් නිර්මාණය කරන්න.

වරදානය:
ඔබ ලබැඳි හා නොබැඳි අයෙක් වී නෙළුම් මලක සංකේතය ඔබගේ සිහියේ තබා ගෙන තමා සාම්පලයක් බව සලකන්න.

ගෘහ ජීවිත ගත කරන අයගේ සංකේතය නෙළුම් මලයි. ඉතින් එමනිසා, නෙළුම් මලක් වී මෙය ක්‍රියාවට නගන්න. ඔබ මෙය ක්‍රියාත්මක කළේ නැතිනම්, ඔබට නෙළුමක් විය නොහැකි වේවි. එමනිසා, නෙළුමක සංකේතය සිහියේ තබා ගෙන තමා ආදර්ෂමත් අයෙක් බව සලකමින් ඉදිරියට යන්න. සේවය කරන ගමන්, නොබැඳි සේම ලබැඳි ද වන්න. ලබැඳි ම පමණක් නොවන්න. පළමුවෙන්ම, නොබැඳි වන්න. පසුව ලබැඳි වන්න. මන්ද, එම ලබැඳියාව ඇතැම් විට බන්ධනයක් විය හැකියි. ඉතින් ඕනෑම සේවාවක් කරන අතරතුර, නොබැඳි වි ළබැඳි වන්න.

පාඨය:
සෙනෙහසේ වියන යටට මායාට ඇතුළු විය නොහැක.