22.06.25    Avyakt Bapdada      Sinhala Murli     15.12.2005    Om Shanti    Madhuban


නව වසරෙදී, සෙනෙහසේ සහ සහයෝගයේ ස්වරූපය වේදිකාවට ගෙන එන්න. සෑම කෙනෙකුටම ගුණධර්ම සහ බල වල ත්‍යාගය ලබා දෙන්න.


අද, පරමාත්ම දෙවියන්, පරමාත්ම පියා, දෙවියන්ගේ සෙනෙහසට අයිතියක් ඇති තම දරුවන් සෑම තැනකම දකිමින් සිටියි. ලෝකයේ සිටින කෝටි සංඛ්‍යාත ජනතාවගෙන් අතළොස්සක් පමණයි පරමාත්ම දෙවියන්ගෙන් මෙම සෙනහස ලබන්නේ. මෙම දේව සෙනෙහස පරාර්ථකාමී සෙනෙහසයි, මන්ද, පරමාත්ම දෙවියන් වන උත්තරීතර ජීවාත්මය පමණක් අශාරීරික සහ නිරහංකාර වේ. මිනිස් ආත්ම ශාරීරික ජීවීන් බැවින්, ඔවුන්ට නිසැකවම කුමන හෝ ආත්මාර්ථකාමී චේතනාවක් ඇත. පරමාත්ම දෙවියන්ට පමණයි තම දරුවන්ට එවැනි පරාර්ථකාමී සෙනහසක් දිය හැක්කේ. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස බ්‍රාහ්මණ ජීවිතයේ විශේෂ පදනමයි. එය මෙම බ්‍රාහ්මණ ජීවිතයේ ජීවිත දානයයි. බ්‍රාහ්මණ ජීවිතයේ පරමාත්ම දෙවියන්ගේ සෙනහසේ අත්දැකීම නොමැති නම්, එම ජීවිතය ප්‍රිය ජනක නොවේ; එය වියළි ජීවිතයක් බවට පත් වේ. දෙවියන්ගෙ සෙනහස පමණයි ඔබට නිරන්තරයෙන් සහයොගය ලබා දෙන්නේ සහ සැම විටම ඔබගෙ සහකරු ලෙස සිටින්නේ. ආදරය සහ ඇසූර ඇති තැන, සියල්ල ඉතා පහසු සහ සරල වේ; වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ අත්දැකීමක් නොමැත. ඔබට මෙම අත්දැකීම තිබෙනවා නේද? පරමාත්ම දෙවියනගේ සෙනහස ඇති අයව කිසිම පුද්ගලයෙකුට හෝ දෙයකට ආකර්ෂණය කර ගත නොහැක, මන්ද දෙවියනගේ ආකර්ෂණය සහ දෙවියන්ගේ සෙනෙහස සෙනහසෙ අත්දැකීමක් ලබා දෙන අතර ඔබ නිරන්තරයෙන් සෙනහසින් ඒකාබද්ධ වී සිටියි. මිනිසුන් මෙය දෙවියන් තුළට ඒකාබද්ධ වීමක් ලෙස තේරුම් ගෙන ඇත. කෙනෙකු දෙවියන් තුළට ඒකාබද්ධ නොවේ, නමුත් කෙනෙකු දෙවියන්ගේ සෙනෙහසට ඒකාබද්ධ වී සිටී.

බාප්දාදා සෑම තැනකම සිටින දරුවන් දකියි. සෑම කෙනෙක්ම දෙවියන්ට ආදරෙයි, නමුත් එක් වර්ගයක් ආදරණීය දරුවන් වන අතර අනෙක් වර්ගය ආදරයෙන් ඒකාබද්ධ වූ දරුවන්ය. එබැවින්, ඔබෙන්ම මෙසේ අසන්න: සියල්ලෝම ආදරණීයයි, නමුත් ඔබ කොතරම් දුරට ආදරයෙන් ඒකාබද්ධ වී සිටිනවාද? ආදරයෙන් ඒකාබද්ධ වූ දරුවන්ගේ ලකුණ නම් ඔවුන් නිරන්තරයෙන් සහ පහසුවෙන් පරමාත්ම දෙවියන්ගේ උපදෙස් අනුගමනය කිරීමයි. එම උපදෙස් අනුගමනය කිරීමේ දී ඔවුන් කීකරු වන අතර ඔවුන් තම ශරීර අවධානය භාර දී ඇත, මන්ද ආදරය ඇති තැන ඔබවම කැප කිරිම අපහසු නැත. පළමු අදියර නම්: ඔබ යෝගී වේවා, ඔබ පාරිශුද්ධ වේවා (පිරිසිදුවේවා). පියාට ඔබ දරුවන් කෙරෙහි ආදරයක් ඇති බැවින්, ඔබ දරුවන් වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය දැකීම ඔහුට දරාගත නොහැක. මන්ද ඔබ උපත් 63ක් තිස්සේ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කර ඇති බව ඔහු දනී. දැන්, මෙම ආලෝකික උපත ඔබට ලැබී ඇත්තේ ශ්‍රමයෙන් නිදහස් වී ප්‍රමොදයෙ සතුට භුක්ති විඳීමටයි. ඉතින්, ඔබ සතුටින් සමරනවා ද නැතහොත් ඔබට ශ්‍රමය වැය කිරීමට සිදුවේ ද? ආදරය ඇති විට, උපදෙස් අනුගමනය කිරීම මහන්සියක් ලෙස දැනෙන්නේ නැත. ඔබට ශ්‍රමය වැය කිරීමට සිදුවුවහොත්, එයින් අදහස් වන්නේ ආදරයේ යම් ප්‍රතිශතයක අඩුවක් බවයි. කොහේ හරි, කුමන හෝ ආකාරයක අපතෙ යෑමක් තිබේ. අපතෙ යෑමෙ හෙතු දෙකක් ඔබව වෙහෙසට පත් කරයි: 1. පැරණි ලෝකයට ඇති ආකර්ෂණය වන අතර මෙයට සබඳතා සහ ද්‍රව්‍යමය දේවල් ද ඇතුළත් වේ. 2. පැරණි සංස්කාර කෙරෙහි ආකර්ෂණය. මෙම පැරණි ලෝකය සහ පැරණි සංස්කාර ඔබව තමන් දෙසට ආකර්ෂණය කරයි. එවිට පරමාත්ම දෙවියන් කෙරෙහි සෙනහසෙ ප්‍රතිශතයක් ඇත. ඔබම පරීක්ෂා කර බලන්න: මම මෙම වර්ග දෙකේ අපතෙ යෑමි වලින් නිදහස්ද? මතක තබාගන්න: ජීවාත්මය වන ඔබේ සදාකාලික සහ මුල් සංස්කාර මොනවාද සහ අවසානයේ මෙම බ්‍රාහ්මණ ජීවිතයේ සංස්කාර මොනවාද? ඔබ ආරම්භයේ දී සහ දැන් අවසානයේ දී සදාකාලිකව සංස්කාර උසස් කර ඇත. එම පැරණි සංස්කාර මධ්‍යම කාලපරිච්ඡේදයේය, සදාකාලික නොවේ, ආරම්භයේ හෝ අවසානයේ නොවේ. කෙසේවෙතත්, ඔබ සැමගේ අරමුණ කුමක්ද? ඕනෑම දරුවෙකුගෙන් අසන්න, ඔබට ලැබෙන්නේ එකම පිළිතුරකි: “මගේ අරමුණ පියාට සමාන වීමයි.” ඒක මේක නේද? එහෙම නම්, ඔබේ අත ඔසවන්න! මේක ඔබේ අරමුණ කියලා ඔබට විශ්වාසද? නැත්නම්, අතර මැද වෙනස් වෙනවාද?

පියා දරුවන්ගෙන් මෙසේ අසයි: බාප් සහ දාදා යන දෙදෙනා තුළම සමාන වන සංස්කාර මොනවාද? පියා සැමවිටම සෑම දරුවෙකු කෙරෙහිම ත්‍යාගශීලී හදවතක් ඇති අයෙකි. ඔහු සෑම ජීවාත්මයක්ම ආදරය හා ගෞරවය ලබා දීමේ දී සහයෝගයෙන් කටයුතු කර ඇත. ඉතින්, ඔබ සෑම ජීවාත්මයකටම එකම ආකාරයකින් සහයෝගයෙන් කටයුතු කරන බව අත්විඳිනවාද? ඔවුන් සහයෝගයෙන් කටයුතු කරන විට ඔබ සහයෝගයෙන් කටයුතු කරන බව හෝ ඔවුන් ආදරය කරන විට ඔබ ආදරය ලබා දෙන බව නොවේ; නැත. බ්‍රහ්ම පියා සෑම දරුවෙකු සමඟම සහයෝගයෙන් හා සෙනෙහසින් කටයුතු කළාක් මෙන්, ඒ ආකාරයෙන්ම, සෑම කෙනෙකු සමඟම නිරන්තරයෙන් ආදරයෙන් හා සහයෝගයෙන් කටයුතු කරන්න. මෙය සමාන වීම ලෙස හැඳින් වේ. ඔබේ සංස්කාර පරිවර්තනය කිරීමේ දී ඔබේ දරුවන්ට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වුවහොත්, එයට හේතුව කුමක්ද? බ්‍රහ්ම පියා තමා කෙරෙහි අවධානය යොමු කළේය, නමුත් ඔහු වෙහෙස මහන්සි වූයේ නැත. සංස්කාර පරිවර්තනයේ දී ඔබ වෙහෙසීමට හේතුව නම්, ඔබ ආදරණීය වී ඇතත්, ඔබ ආදරයේ ඒකාබද්ධ වී නොසිටීමයි.

බාප්දාදා සෑම දරුවෙකුම ආදරණීය දරුවෙකු ලෙස සලකයි; ඔහු සෑම දරුවෙකු ගැනම දනී. ඔහු සෑම දරුවෙකුගේම කේන්දරය දනී, නමුත් ඔහු පවසන්නේ කුමක්ද? දරුවා ආදරණීයයි. බාප්දාදා සෑම විටම සෑම දරුවෙකුටම එකම අධ්‍යයනය, එකම පෝෂණය සහ එකම ආශිර්වාදය ලබා දෙයි. එම දරුවා අවසාන සංඛ්‍යාව සිටින බව බාප්දාදා දැන සිටියද, ඔහු කිසිදු දරුවෙකුගේ දෝෂයක් හෝ දුර්වලතාවයක් ඔහුගේ සිතුවිලි වල පවා තබා නොගනී. බාප්දාදා නිරන්තරයෙන් ඔවුන්ව දකින්නේ ආදරණීය, බොහෝ කලකට පෙර නැති වූ සහ දැන් හමු වූ, ආදරණීය දරුවන්, ඉතා මිහිරි දරුවන් යන දැක්මෙන් සහ ආකල්පයෙනි, මන්ද දුර්වලයන් මහාවීරයන් බවට පත්වන්නේ මෙම ආකල්පයෙන් සහ උසස් දැක්මෙන් පමණක් බව ඔහු දනී. එලෙසම, ඔබේ උසස් ආකල්පය, සුභ පැතුම් සහ පිරිසිදු හැඟීම් තුළින්, ඔබට ඕනෑම කෙනෙකු පරිවර්තනය කළ හැකිය. ඔබ සොබාදහමේ මූලද්‍රව්‍ය නිසැකවම පරිවර්තනය කරන බවට අභියෝගයක් නිකුත් කර ඇති බැවින්, ඔබට ජීවාත්මයන් පරිවර්තනය කිරීමට නොහැකිද? ඔබ පදාර්ථයේ ජයග්‍රාහකයින් බවට පත්වේ, එබැවින් ජීවාත්ම අවධානයෙ උසස් හැඟීමෙන් සහ ප්‍රතිලාභ ලබා දීමේ ආශාවෙන්, ඔබට ජීවාත්මයන් පරිවර්තනය කිරීමට නොහැකිද?

දැන්, අලුත් අවුරුද්ද ආරම්භ වීමට ආසන්නයි, නේද? ඉතින්, අලුත් අවුරුද්දේදී, අසීමිත බ්‍රහ්මණ පවුලේ ඔබ සියලු දෙනා අතර, ඔබේ සුභ පැතුම් සහ උසස් හැඟීම් සමඟ, ඔබ සියලු දෙනාම එකිනෙකාට ඔබව පරිවර්තනය කර ගැනීමට උදව් කළ යුතුයි. යමෙකු දුර්වල වුවත්, එම පුද්ගලයාගේ සංස්කාර වල විශේෂ දුර්වලතාවයක් ඇති බව ඔබ දැන සිටියත්, ඔබේ සෙනහසෙ සහ සහයෝගීතාවයේ බලයෙන් ඔහුට උදව් කරන්න. එකිනෙකාට සහයෝගීතාවයේ අත දෙන්න. සහයෝගීතාවයෙන් අතට අත දීමේ දර්ශනය ඔබ ඔබේ අත අනෙකාගේ අතේ තබනවාක් මෙන්, ඔබ සහයෝගීතාවයෙන් එකට එකතු වන අතර, එවිට ජපමාලයක් සූදානම් වනු ඇත. ඉගැන්වීම් දෙන්න එපා, නමුත් සෙනහසෙ සහයෝගීතාවය දෙන්න. වෙන් නොවන්න, ඉවත් නොවන්න, නමුත් ආධාරකයක් වන්න, මන්ද ඔබේ අනුස්මරණය ජයග්‍රහණයේ ජපමාලයයි. සෑම පබළුවක්ම අනෙක් පබළු වල සහයෝගී සහකාරියකි, මන්ද ජපමාලයේ ප්‍රතිරූපය නිර්මාණය වී ඇත්තේ එබැවිනි.

හැමෝම බාප්දාදාගෙන් අහනවා අලුත් අවුරුද්දේ මොනවද කරන්න ඕනේ කියලා. ඔබ පණිවිඩය ලබා දීමේ බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා; ඔබ එය කරනවා, ඉදිරියටත් එය කරනවා. දැන්, පණිවිඩ ගෙන යන අයගේ ආදරය සහ සහයෝගය වේදිකාවට ගෙන එන්න. ශ්‍රේෂ්ඨ පරිත්‍යාගශීලියෙක් වෙන්න. ඔබේ ගුණධර්ම සමඟ සහයෝගයෙන් කටයුතු කර අන් අයවත් ඒ ආකාරයෙන්ම කරන්න. ඔබේ ගුණධර්ම සමඟ - ඇත්ත වශයෙන්ම ඒවා දෙව ගුණධර්ම වන නමුත් ඔබ ඒවා ඔබේ කර ගෙන තිබෙනවා, ඒ ගුණධර්ම වල බලය භාවිත කර ඒවායේ දුර්වලතා ඉවත් කරන්න. ඔබට මෙය කළ හැකිද? ඔබට එය කළ හැකිද ? නැත්නම් එය දුෂ්කරද? ගුරුවරුනි, කතා කරන්න! ඔබට මෙය කළ හැකිද? ඔබට එය කළ හැකිද? නැතහොත්, ඔබට එය අනිවාර්යයෙන්ම කළ යුතුද? ඔබ අනිවාර්යයෙන්ම එය කළ යුතුයි. කිසිවෙකු දුර්වල වීමට ඉඩ නොදෙන්න (දුර්වලතා සහිතව), මන්ද ඔබ සියල්ලන්ම මිලියන ගණනක වාසනාවන්ත අතලොස්සක්, නේද? එය අවසාන පබළු වුවද, එය මිලියන ගණනක අතලොස්සකි. ඔබේ මාතෘකාව මාස්ටර් සර්වබලධාරී බලධාරීන් ය. ඉතින්, සර්වබලධාරී බලධාරීන්ගේ යුතුකම කුමක්ද? බලය ලබා දීම සහ ගැනීම. පියාගෙන් ඔබට ලැබුණු ගුණධර්ම ඔබ අතරේ දෙන්න සහ ගන්න. සහයෝගීතාවයේ මෙම ත්‍යාගය එකිනෙකාට දෙන්න. අලුත් අවුරුද්දේ, මිනිසුන් එකිනෙකාට තෑගි දෙනවා නේද? ඉතින්, මේ වසරේ, එකිනෙකාට ගුණධර්ම වල ත්‍යාගය දෙන්න. සෑම කෙනෙකුටම කරුණාවන්ත හැඟීම් තබා ගන්න, ඉන්පසු, ඔබ දේශන සහ වචන සමඟ පණිවිඩයක් ලබා දෙන ආකාරයටම, ඔබේ කරුණාවන්ත හැඟීම්, කරුණාවන්ත ආකල්පය සහ කරුණාවන්ත වාතාවරණය සමඟ, මෙම ගුණධර්ම වල ත්‍යාගය සහ බලතල වල ත්‍යාගය ලබා දෙන්න. දුර්වල අයට සහයෝගය දීම යනු නියම වේලාවට තෑග්ගක් දීමයි. වැටුණු අයව තවත් වැටෙන්න ඉඩ නොදෙන්න. ඔවුන්ව ඉහළට ඔසවන්න, ඔවුන්ව ඉහළට ඔසවන්න. “මේ කෙනා මෙහෙමයි ඒ කෙනා එහෙමයි.”කියලා කියන්නේ නැතිව. ඔවුන් දෙවියන්ගේ ආදරයට සුදුසුයි, ඔවුන් කෝටි ගණනක අතලොස්සක්, ඔවුන් විශේෂ ජීවාත්මයන්, ඔවුන් ජයග්‍රාහී ජීවාත්මයන්. මෙම දර්ශනය ලබා ගන්න. දැන් ඔබේ ආකල්පය, දැක්ම සහ වාතාවරණය වෙනස් කරන්න. යම් අලුත් බවක් ඇති වේවා. දුර්වලතාවයක් දකින අතරතුර, එය නොපෙනේ. උද්යෝගය සහ සහයෝගය ලබා දෙන්න. එවැනි බ්‍රාහ්මණ රැස්වීමක් සූදානම් කරන්න, එවිට බාප්දාදා එම ජයග්‍රහණය සඳහා ඔබට අත්පොළසන් දෙනු ඇත. ඔබත් නැවත නැවතත් අත්පොළසන් දෙයි නේද? එවිට බාප්දාදා ඔබට අත්පොළසන් දෙනු ඇත: සුභ පැතුම්, සුභ පැතුම්! ඔබත් බාප්දාදා සමඟ අත්පොළසන් දෙනු ඇත, නේද? ඔබ අත්පුඩි ගැසුවා, ඒක හොඳයි, නමුත් දැන් ලෝකයෙන් අත්පොළසන් නාදය ඇති වේවා. සෑම කෙනෙකුගේම තොල් වලින් ශබ්දය මතු වේවා: “අපගේ විශේෂ ආදරණීය දේවතාවිය පැමිණ ඇත!”“අපගේ නමස්කාර කිරීමට සුදුසු ජීවාත්ම පැමිණ ඇත!” මෙම ඉලක්කය ස්ථිරයි, නේද? ඔබ එය කරන ඉලක්කය ස්ථිරද? නැත්නම්, ඔබ ඒ ගැන සිතා සැලසුම් සකස් කරනවාද? ඔබ එය කළ යුතුයි. සැලසුම් පසෙකට දමන්න. ඔබ එය කළ යුතුයි. දැන් හැමෝම බලා සිටිනවා. දැන් ඔවුන්ගේ බලා සිටීම අවසන් කරන්න. දැන් හෙළිදරව් වීමට සූදානම් වන්න. බලන්න, පදාර්ථය පවා දැන් මහත් කැළඹීමකට ලක්ව ඇත. එබැවින්, පදාර්ථය සන්සුන් කරන්න. ඔබ හෙළිදරව් වූ විට, ස්වයංක්‍රීයව ලෝක සාමය ඇති වේවි. අච්චා.

අද කාලයේ ලෝකයේ මිනිසුන් විශේෂයෙන් දේවල් දෙකක් කරනවා. ව්‍යායාම කිරීම සහ ඔවුන්ගේ ආහාර වේලට අවධානය යොමු කිරීම. ඉතින්, ඔබත් මේ දේවල් දෙකම කරනවාද? ඔබේ ව්‍යායාමය කුමක්ද? සෑම කෙනෙකුම ශාරීරික ව්‍යායාම කරනවා, නමුත් මනසෙහි ව්‍යායාමය නම්: බ්‍රාහ්මණයෙකු වීමට මිනිත්තුවක්, පසුව දේවදූතයෙකු වීමට සහ පසුව දේවතාවරයෙකු වීමට. මනසෙහි මෙම අභ්‍යාසය නිරන්තරයෙන් කිරීම දිගටම කරගෙන යන්න. එවිට, මනසට පිරිසිදු ආහාර යනු පිරිසිදු සිතුවිලි ය. ඔබට නිෂ්ළුල හෝ නිෂේධාත්මක සිතුවිලි තිබේ නම්, එය මනසට අපිරිසිදු ආහාරයකි. ඉතින්, ඔබේ මනසෙහි සෑම විටම පිරිසිදු ආහාර තිබිය යුතුයි. ඔබ දෙකම කරන්නේ කෙසේදැයි දන්නවා නේද? ඔබට අවශ්‍ය තාක් කල්, පිරිසිදු සිතුවිලි වල ප්‍රතිමූර්තියක් වන්න. අච්චා.

පරමාත්ම දෙවියනගේ සෙනහසට අයිතියක් ඇති සෑම තැනකම සිටින ඔබ සැමට, පරමාත්ම පියාට ආදරය කරන සහ සහයෝගයෙන් කටයුතු කරන සහ සැමවිටම එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ජීවාත්මයන්ට, “අපි ජයග්‍රාහීයි, අපි ලෝකයේ ජයග්‍රාහී ධජය ඔසවන්නෙමු” යන අරමුණ ප්‍රායෝගික ස්වරූපයකට ගෙන ආ ජයග්‍රාහී දරුවන්ට, පියාට සමාන වන සහ මෙම පැරණි ලෝකයේ සහ එහි සංස්කාර වල ඕනෑම ආකර්ෂණයකින් නිරන්තරයෙන් ඔබ්බට සිටින දරුවන්ට, හද සනසවන පියාගේ හදවතින් ලැබෙන සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

දාදීජිට: ඔයා හරිම හොඳ චරිතයක් රඟපානවා. ඔයාව දැක්කම හැමෝටම දේවදූත ජීවිතය මතක් වෙනවා. ලබැඳිව හා නොබැඳිව ඉන්න.

ගුජරාටයේ සිටින ප්‍රධාන ගුරුවරුන් 13 දෙනාට: ඔබ හොඳ මහාවීර්වරු. මහාවීර්වරුන්ගේ යුතුකම වන්නේ ජයග්‍රාහී වී අන් අයව ජයග්‍රාහී කරවන්න. ඔබ සැම යහපත් සේවයක් කරන අතර අනාගතයේදීත් සේවය දිගටම සිදුවනු ඇත. ඔබේ දරුවන්ගේ උනන්දුව සහ උද්යෝගය දැකීමෙන් බාප්දාදා සතුටු වේ. ඔබ ගුජරාටය පුරා ශබ්දය ඉතා හොඳින් පතුරුවමින් සිටී. ඔබ එය තව තවත් පතුරුවනු ඇත. බාප්දාදා සියලු දරුවන් බලාපොරොත්තුවේ පහන් ලෙස දකී. එය හොඳයි. රැස්වීම හොඳයි. ඔබ එක් එක් කෙනාට විශේෂත්වයක් ඇත. හරිද? සතුටුයි? සතුට බෙදා දෙන අය. (සර්ලා දිදි බාප්දාදාගෙන් ඇසුවේ: දාදීජි ජපමාලයේ තබා ඇත්තේ කාවද?) ඔබ සිතන්නේ කුමක්ද? “මම නිසැකවම එහි සිටිමි” කියා ඔබ සිතනවාද? තවමත් ඉතිරිව ඇති ඕනෑම කුඩා දෙයක්, සහයෝගය ලබා දීමෙන් එකිනෙකාට උදව් කර එය අවසන් කරන්න. ඔබ සැම නියත වශයෙන්ම පියාට සමාන වන අයයි. (අපි කුමන අලුත් දෙයක් ගෙන ආ යුතුද?) සෑම මධ්‍යස්ථානයක්ම අවම වශයෙන් එක් උරුමක්කාරයෙකු හෝ සූදානම් කළ යුතු බව ඔබට කියන ලදී. එබැවින්, ලබන වසරේ, ඔවුන් මෙහි ගෙන එන්න. අවම වශයෙන් උරුමක්කාරයන් 21 දෙනෙකු සමඟ ආපසු එන්න. මෙය කිරීමට පටන් ගන්න. පළමු අංකය ලබා ගන්න. සෑම කෙනෙකුම “ඔව්” යැයි පවසති. උරුමක්කාරයෙකුගේ සුදුසුකම් ඔබලා දන්නවා නේද? ඔබ ඒ ඔක්කොම බාබාට අයිති කරවනවා නේද? ඔබ ඔවුන්ව තමන්ට අයිති කරගන්නේ නෑ නේද? අච්චා.

මෙවර, ගුජරාටයට සේවය කිරීමට වාරය පැමිණ ඇති අතර, බාප්දාදා සමඟ රැස්වීමක් සැමරීමට ඔවුන් පැමිණ ඇත. ගුජරාටයෙන් පැමිණි සියලු දෙනා, ඔබ රැස්වීමකට පැමිණිය ද නැතහොත් සේවය කිරීමට පැමිණිය ද, ඔබේ දෑත් ඔසවන්න! බොහෝ දෙනෙක් සිටිති. ඉතා හොඳයි. ඔබ හොඳ අවස්ථාවක් ලබාගෙන ඇත. ගුජරාටයෙන් පැමිණි අය ගැන බාප්දාදා පවසන්නේ, සින්දි කියමනක් මෙන්: “ගිනි උදුනෙහි සිටින අය හදවතේ සිටිති.” ඉතින්, ගුජරාටය සියල්ලන්ටම වඩා සමීපයි. සමීප අය ඇමතුම් දුරින් (ඉතා සමීපව) සිටින බව කියනු ලැබේ. ඔවුන්ට කතා කරන්න, ඔවුන් එයි. ඉතින්, ගුජරාටය සෑම විටම මේ ආකාරයෙන් සූදානම්, නේද? ඕනෑම වේලාවක ඔබට කතා කරන්න, ඔබ එයි, නේද? එහෙමද? ඔබේ පවුල ගැන සිතීමටවත් ඔබ නතර වන්නේ නෑනේද? ඔබ නිකම්ම එනවද? ඔබ සැමවිටම සූදානම්. එය හොඳයි. ගුජරාටය ස්ථාපිත කරන ලද්දේ සකාර් බ්‍රහ්මයාගේ ආනුභාවයෙනි. ගුජරාටයට ආරාධනා කළේ ගුජරාටයෙන් පැමිණි අය නොවේ. ගුජරාට් මධ්‍යස්ථානයක් විවෘත කළේ බ්‍රහ්ම පියායි. ඉතින්, බ්‍රහ්ම පියාගේ විශේෂ දැක්ම ගුජරාටය කෙරෙහි වැටුණු අතර, ගුජරාටය උත්සාහ කර හොඳ මධ්‍යස්ථාන සංඛ්‍යාවක් විවෘත කර ඇත. මධ්‍යස්ථාන කීයක් තිබේද? මධ්‍යස්ථාන සහ උප මධ්‍යස්ථාන තුන්සියයක් සහ ගීතා පාඨශාලා 3000 ක්. උපරිම මධ්‍යස්ථාන සංඛ්‍යාව ඇත්තේ කුමන කලාපයේද? (බොම්බේ, මහාරාෂ්ට්‍ර). අච්චා. මහාරාෂ්ට්‍රයෙන් එන අය ඇවිත් තියෙනවද? (මේ පාර ආවේ නැහැ.) ගුජරාටයෙන් එන අය හොඳ සේවයක් කරනවා. ගුජරාටයේ ඉතා හොඳ වර්ධනයක් තියෙනවා. දැන් ඔබ මොකද කරන්න යන්නේ? ව්‍යාප්තියක් තියෙනවා; ඔබ හොඳ ව්‍යාප්තියක් ඇති කරලා තියෙනවා. දැන්, ගුජරාටයෙන් එන අයට අංක එකේ උරුමක්කාරයන් සූදානම් කරන්න ඉඩ දෙන්න; අවම වශයෙන්, පැරණි උරුමක්කාරයන් සිටින විශාල මධ්‍යස්ථාන කෙසේ හෝ එහි ඇත, නමුත් දැන්, නව උරුමක්කාරයන් මතු කරවන්න. සෑම මධ්‍යස්ථානයක්ම එක් උරුමක්කාරයෙකු මතු කරවන්න ඉඩ දෙන්න, මන්ද උරුමක්කාර ගුණාත්මක ජීවාත්මයන් පමණක් ජපමාලයේ පබළු බවට පත් වනු ඇත. ඉතින්, ඔබ ජපමාලය සකස් කළ යුතුයි නේද? 16,108 ක ජපමාලය ද සූදානම් කළ යුතුයි. බාප්දාදා ඔබට 108 ජපමාලයක් සකස් කරන ලෙස ඉල්ලා සිටියහොත්, ඔබට එය සෑදිය හැකිද? එය සෑදිය හැකිද? 108 ජපමාලය සෑදිය හැකිද යන්න දාඩිට කියන්න. (දාඩිජි, “ඔව්, එය නිර්මාණය කළ හැකිය” යැයි පැවසීය). එය සූදානම්ද? 108 ජපමාලය සාදා තිබේද? (“ඔව්, බාබා, එය සූදානම්.”) හරි, එය ලියා බාබාට පෙන්වන්න! එය සූදානම් නම්, එය ඉතා හොඳයි. සුභ පැතුම්! හරි, 16,000 ක ජපමාලය අඩක් සූදානම්ද? (“අඩක් පමණක් නොවේ, අඩකට වඩා සූදානම්.”) ඒක හොඳයි. බලන්න, ඒක අප්‍රකට ආකාරයකින් නිර්මාණය කර ඇති අතර ඔබේ දාඩි එය දැක ඇත. ඒක හොඳයි. දැන්, හැමෝම ඔබෙන් අසනු ඇත: “මගේ නම ජපමාලයේ තිබේද?” ඒක හොඳයි. එවැනි සුභ පැතුම් සහ පිරිසිදු බලාපොරොත්තු නිසැකවම එය සූදානම් කරනු ඇත. දැන් ඔබ සියල්ලන්ම මෙය අසා ඇති බැවින්, ඔබම පරීක්ෂා කර බලන්න: “මම ඒ ජපමාලයට කවදා හෝ සූදානම්ද?” අච්චා. අපි වෙන කුමක් කරන්නද යන්නේ?

හදවත් රෝග (CAD) කණ්ඩායම: එය හොඳයි. ශබ්දය පැතිරවීමේ මෙම ක්‍රමය ද ඉතා හොඳයි, මන්ද මිනිසුන් ප්‍රායෝගික සාක්ෂි දකින අතර, ඔවුන් කිසිදු වියදමක් නොමැතිව භාවනාව තුළින් සුවපත් වේ. සෑම කෙනෙකුම එයට බෙහෙවින් කැමතියි. දැන්, මෙය ක්‍රමයෙන් වැඩි කරන්න. ඔවුන් ඒ ගැන අසා ඇත, ඔබ එය කරමින් සිටින අතර ඔබට සාර්ථකත්වය ද ලැබෙමින් පවතී, එය දිගටම ලැබෙනු ඇත. ඉතින්, බාප්දාදා මෙම කාර්යය සඳහා උපකරණ වන අයට සුබ පතයි. ප්‍රතිඵලය රජයට නිල වශයෙන් ළඟා වෙමින් පවතී. ඔබ එය තවදුරටත් ප්‍රචාරය කිරීම දිගටම කරගෙන ගියහොත්, භාවනාවේ වැදගත්කම දිගටම වැඩි වනු ඇත. බාප්දාදා මෙම ක්‍රමයට කැමතියි. අච්චා.

වරදානය:
මනසෙහි නිහඬතාවයෙන් සේවය කිරීමෙන් ඔබ නව නිපැයුමක් නිර්මාණය කර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ආරම්භයේදී, ඔබ සැම නිහඬතාවය නිරීක්ෂණය කරන විට, ඔබ සැම නිදහස් වී කාලය ඉතිරි කර ගන්නා ලදී. ඒ හා සමානව, දැන් ඔබට කිසිදු නාස්තිකාර සිතිවිලි ඇති නොවන පරිදි මනසෙහි නිහඬතාවය නිරීක්ෂණය කරන්න. ඔබේ තොල් වලින් කිසිදු ශබ්දයක් මතු නොවන ආකාරයටම, ඒ ආකාරයෙන්ම, නාස්තිකාර සිතිවිලි ඇති වීමට ඉඩ නොදෙන්න. මෙය මනසෙහි නිහඬතාවය වන අතර එය ඔබේ කාලය ඉතිරි කරයි. මනසෙහි මෙම නිහඬතාවය සමඟ, ඔබට අඩු උත්සාහයක් දැරීමට සහ වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට සිදුවන පරිදි නව සොයාගැනීමක් මතු වනු ඇත. විද්‍යාවේ පහසුකම් ඔබට තත්පරයකින් පිළිතුරක් සොයා ගැනීමට හැකියාව ලබා දෙනවා සේම, මෙම නිහඬතාවයේ පහසුකම් සමඟ, ඔබට තත්පරයකින් පිළිතුරක් සොයාගත හැකිය.

පාඨය:
සෑම කෙනෙකුගේම සහයෝගය කැපවී රැඳී සිටින අයට හිමි වේ.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

බොහෝ ආකාරයේ පුද්ගලයින් ද්‍රව්‍යමය සැප සම්පත් ඇති සහ විවිධ තනතුරු දරන අය සමඟ සම්බන්ධ වන විට , ජීවාත්ම අවධානයෙන් හා හැඟීමෙන් සිටීමෙන් සියලු ආකර්ෂණයෙන් නිදහස් වේ. ඒ සියලු ද්‍රව්‍යමය සැප සම්පත් සහ දේපළ ආකර්ෂණයෙන් තොර අය ඉදිරියේ ඔවුන් සේවකයින් මෙන් වන අතර, ඒ සඳහා ආකර්ෂණය වන අය චුම්භකයක් මෙන් ඇදගෙන කොටු වනු ඇත.