22.06.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා පැමිණ ඇත්තේ ඔබට සේවය කිරීමටයි. ඔබ පියාට සමාන විය යුතු අතර, සෑම කෙනෙකුටම සේවයද කළ යුතුයි.

ප්‍රශ්නය:
ශිව බාබා එයට මෙසේ පවසන, බ්‍රහ්ම බාබාට ඇති විශේෂිත වූ සිතිවිල්ල කුමක්ද: ඉඳලා බලන්න! කිසිම දෙයක් ගැන කණස්සලු නොවන්න.

පිළිතුර:
බාබාට මෙම සිතිවිල්ල තිබේ: කාලයන් බොහෝ සියුම් වීගෙන යනවා. දරුවන් නිසැකයෙන්ම අවිනාශී දැනුමේ මාණික්‍ය ලබා ගැනීමට, පියා වෙතට පැමිණිය යුතුයි. ඔවුන් පැමිණි විට, මෙතරම් දරුවන් සංඛ්‍යාවක් ඉන්නේ කොහිද? බොහෝ ගොඩනැගිලි තැනීමට සිදුවෙයි. ශිව බාබා පවසන්නේ: ඉඳලා බලන්න! ඔවුන් පෙර චක්‍රයේ කළ එම ආකාරයෙන්ම පැමිණ ඉඳීවි. ඒ ගැන සිත කලබල කර නොගන්න. අඛණ්ඩව ඉගෙනගන්න, එපමණයි. මන්මනභාව්! ඔබ කර්මතීට් වීමට උත්සාහ දැරිය යුතුයි.

ගීතය:
ඔබව හමුවීමෙන් අපට මුළු ලොවම ලැබී ඇත. අහස, පොළව, සෑම දෙයක්ම අපට අයත්.

ඕම් ශාන්ති.
පියා පවා පවසන්නේ දරුවනි, ඕම් ශාන්ති. ඔහු වෙන කුමක් පවසන්නද? ඔහු දරුවන්ට පවසන්නේ ඕම් ශාන්ති සහ තත්වම් (ඔබටද එයම බලපායි). අහෝ දරුවනි, ඔබත් ශාන්තියේ ප්‍රත්මූර්තීන්ය. ඔබත් අධිපති පාරිශුද්ධකරුවන්ය. වෙනත් කිසිවෙකුට මෙය පැවසිය නොහැක. මෙවැනි කියමනකි කපුටා කෙසේද, උගේ පැටවුන්ද එසේමයි. ඔබ පියාට සමාන බව, ඔය දරුවන් දන්නවා. පියා පවසන්නේ මා දැනුමේ මහා සාගරයයි. ඔබත් අධිපති දැනුමේ මහා සාගරයි, එනම්, ඔබ ගංඟාවන් බව, ඔබට වැටහෙයි. මහා සාගරයටද දරුවන් සිටියි විශාල ගංඟා, විශාල පොකුණු සහ විශාල වැව් තිබේ. ඒවා අජීවී වන අතර ඔබ ජීවමානයි. ඔබ සාගරයෙන් මතු වී ඇත. සමහර දියණියන්ට මෙම දේවල් වැටහෙන්නේ නැහැ, මන්ද, දියණියන් උගත් නැති බැවින්. බාබා වරක් මෙසේ විමසීය සීනි නිපදවන්නේ කෙසේද? හකුරු නිපදවන්නේ කෙසේද? ඔවුන් පැවසුවේ හකුරු සාදන්නේ රතු උක් ගස් වලින් මෙන්ම සීනි සාදන්නේ සුදු උක් ගස් වලින් බව. අසරණ අයට උගත්කමක් ලැබී නැත! බාබා බොහෝ ශ්‍රේෂ්ඨ දේවල් ඔබට විස්තර කර දෙනවා. ජලය ඇති ගංඟාවන් මතු වන්නේ ජලය ඇති සාගරයකින්. ජනගහණය වැඩිවන බැවින් ජලය විශාල වශයෙන් අවශ්‍ය වෙයි. ඔවුන් බොහෝ ඇලවල් ආදිය ගොඩනඟමින් සිටිනවා. ඔබ අසුන්ගෙන සිටින විට, ඇවිදින විට, එහෙ මෙහෙ යන එන අතර සහ සෑම දෙයක්ම කරන අතර, අපවිත්‍ර ලෝකය පිවිතුරු කරන ආකාරය ගැන ඔය දරුවන් සිතිය යුතුයි. ගීතයේ මෙසේ කියැවෙයි බාබා, මා ලෝක රාජධානියේ උරුමය ඔබගෙන් හිමි කරගන්නවා. කිසි කෙනෙකුට අපගෙන් එය උදුරාගැනීමට නොහැකි වෙයි. එම රාජධානිය උපත් 21කට ස්ථීරව පවතීවි. අසීමිත පියා පැමිණෙන්නේ අපට අසීමිත රාජධානියේ අපගේ උරුමය ලබා දීමටයි. ඔහු රාජධානිය පාලනය කිරීමට අපව සුදුසු කරවන අතර අපව පිවිතුරුද කරවයි. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු මැනව! ඔවුන් අඬ ගසන්නේ ක්‍රිෂ්ණාට නොවෙයි ඔවුන් අඬ ගසන්නේ අශාරීරික දෙවියන්ටයි. ඔවුන් ’අහෝ පාරිශුද්ධකරුවාණෙනි වඩිනු මැනව’ යැයි පවසන විට, ඔවුන්ගේ බුද්ධියේ තිබෙන්නේ ක්‍රිෂ්ණා නොවෙයි, නමුත් උත්තරීතර ජීවයයි. පියා පැමිණ සෑම දෙයක්ම විස්තර කරදෙයි. ඔය දරුවන් දැන් පියා ඉදිරියේ පෞද්ගලිකවම අසුන් ගෙන සිටිනවා. එම කෙනා පූජකයෙක් හෝ තාපසයෙක් නොවෙයි. අශාරීරික ශිව බාබා බ්‍රහ්මගේ මෙම සිරුර තුළට ඇතුළු වී, අපට උගන්වන බව ඔබ දන්නවා. මෙසේ සිහි කර තිබේ පරම පියා, පරමාත්ම ජීවය, බ්‍රහ්මගේ මාර්ගයෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කළේය. ස්ථාපනයට පසුව විනාශය සිදු විය. ඔහු පැමිණෙන්නේ පැරණි ලෝකයේ බව, මින් ඔප්පු වෙයි. බ්‍රහ්මගේ මාර්ගයෙන් නව ලෝකය ස්ථාපනය වන අතර ශංකර්ගේ මාර්ගයෙන් අසංඛේය ආගම් වල විනාශය සිදුවෙයි. ස්වර්ණමය යුගයේ එක් ධර්මය පමණක් තිබුණු අතර දැන් අසංඛේය ආගම් තිබේ. චක්‍රය ආදිය, එක් ධර්මයක් තිබුණු කල පැවති දේවතාවන්ගේ සලකුණුය. ලක‍්ෂ්මි සහ නාරායන, ලෝකයේ අධිපතියන් බව කියැවෙයි. දිව්‍ය ලෝකයේ අධිපතියන්, ලෝකයේ අධිපතියන්ය. මෙම දේවල් දැන් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. පියා පවසන්නේ දරුවනි, මන්මනාභව! ඔය දරුවන්ට නැවත නැවතත් අවධාරණය කරන්නේ පියාව සහ ඔබගේ උරුමය සිහිපත් කරන ලෙසයි. ඔබ අනෙක් සියලුම කරුණු අමතක කරන අන්දමින්, මෙය අමතක නොකරන්න. ප්‍රධානතම කරුණ මෙයයි. පාරිශුද්ධකරු වන්නේ පියා පමණයි. ඔහු ඔබට පිවිතුරු වන අන්දම කියයි. පියා පවසන්නේ ඔබ සතෝප්‍රධාන්ව සිටියා. ඔබ දැන් තමෝප්‍රධාන් සහ අපවිත්‍ර වී සිටියි. ඔබ සම්පූර්ණ උපත් 84 ගෙන තිබේ. දැන් නැවත වරක් ඔබ සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ සතෝප්‍රධාන් වූ විට පමණයි ඔබට පිවිතුරු ලෝකයට යාමට හැකි වන්නේ. අශාරීරික ලෝකය පිවිතුරු වන අතර එම ශාරීරික ලෝකයද පිවිතුරුය. මෙය අපවිත්‍ර ලෝකයයි. ජීවාත්මය දැන් තමෝප්‍රධාන් වන අතර ශරීරයද තමෝප්‍රධාන්ය. මෙය ලෝක නාටකයයි. බ්‍රහ්මාන්ද් සහ සූක‍්ෂම කලාපයද එයට ඇතුලත්ය. ලෝක චක්‍රය බ්‍රමණය වන්නේ මෙහිදීය. ස්වර්ණමය සහ රිදී යුග තිබෙන්නේ මෙහිය. ඒවා සූක‍්ෂම කලාපයේ හෝ අශාරීරික ලෝකයේ නොපවති ඒවා පවතින්නේ මෙහි පමණි. මෙයට මනුෂ්‍ය ලෝකය යැයි කියන අතර, එය ජීවාත්මයන්ගේ අශාරීරික ලෝකයයි. අනෙක, බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ගේ සූක‍්ෂම ලෝකයයි. මෙම ශාරීරික ලෝක ජනගහණය ඉතා විශාලයි. ස්වර්ණමය යුගයේ ලෝක ජනගහණය ඉතා කුඩාය එහි තිබෙන්නේ එක් ධර්මයක් පමණයි. එහිද අසුරයන් සිටි බව, මිනිසුන් පවසන විට, ඒවා මුසාවන් පමණයි. නව ලෝකයේ ස්ථාපනය සහ පැරණි ලෝකයේ විනාශය සිහිකර ඇති බව ඔබට වැටහෙයි. ස්වර්ණමය යුගී දිව්‍ය ලෝකය ස්ථාපනය වන අතර අන් සියලු දේම විනාශ වෙයි. ඔබත් පියා සමඟ සේවය කරයි. පියා පැමිණෙන්නේ ඔය දරුවන්ට සේවය කිරීමට පමණයි. එම කෙනා අසීමිත පියාය. ඔහුගේ දරුවන් බොහෝ දුකින් සිටින බව ඔහු දකින බැවින්, ඔහුට නිසැකයෙන්ම ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති වෙයි. ඔහු දයාවන්ත පියාය. දැන් මුළු ලෝකය පුරාම අසාමය තිබේ. ඒකායන පියා හැර වෙනත් කිසිවෙකුට සාමය ගෙන ආ නොහැක. හත යෝගීන් බොහොමයක් සිටිනවා. ජීවාත්ම, ක්‍රියා වල ඵලයේ බලපෑමට හසු නොවන බව, ඔවුන් පවසයි. ඔවුන් මිනිසුන්ට වැරදි දේවල් කියයි. ඇත්ත වශයෙන්ම ජීවාත්මය තුළ පිරිසිඳු බව තිබිය යුතුයි. ජීවාත්ම තුළට ලෝහ මිශ්‍ර වී ඇති අතර, කිසිවෙකු මෙය නොදනී. මෙසේ කියයි මොහු ගොඩක් පාපයන් සිදු කරන බැවින් මේ පාපී ආත්මයකි. මේ කෙනා ශ්‍රේෂ්ඨ ජීවාත්මයකි හෝ පුණ්‍යවන්ත ආත්මයකි. ඔවුන් කිසිම විටෙක ’ශ්‍රේෂ්ඨ පරම ජීවාත්මය’ යැයි නොකියයි. සියලු දේ අත්හැර ඇති නිසා, ඔවුන් පවසන්නේ සන්යාසීන් පිවිතුරු ජීවාත්ම බවයි. පියා දැන් ඔබට විස්තර කරයි පියා, උත්තරීතර ජීවාත්මය හැර, අපවිත්‍ර ජීවාත්ම පිවිතුරු කරන වෙනත් කිසිවෙක් සිටිය නොහැක. අපවිත්‍ර ලෝකයේ කිසිම පිවිතුරු ජීවයක් සිටිය නොහැක. අංකුරය දැන් පැළ කෙරෙනවා. ක්‍රම-ක්‍රමයෙන් වර්ධනය සිදුවෙයි. මෙම කුඩා නිකායන් සහ කාණ්ඩ, අතු රිකිලි පමණයි. ඒවා සඳහා උත්සාහයන් අවශ්‍ය නැත. ඔවුන් විවිධ මන්ත්‍ර ගණනක් ලබා දෙයි. මෙයත් මනස පාලනය කරන සහ ඔබ පාපයන් ජය ගන්නා මන්ත්‍රයකි. මිනිසුන් ’රාමා, රාමා’ යන මන්ත්‍රය ජප කරන නමුත් ඉන් කිසිම සෙතක් සිදු වන්නේ නැත. මෙහි, පරමාත්ම පියා පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී ඔබ පිවිතුරු ජීවාත්ම වෙයි. සිහිපත් කිරීමට යෝගාව යැයිද කියයි. භාරතයේ පෞරාණික යෝගාව ඉතා සුප්‍රසිද්ධයි. ඔබ ලෝකය ජයගන්නේ මෙම යෝගාව මගිනි. භාරතයේ රාජ යෝගාව ඉතා සුප්‍රසිද්ධයි. පියා හැර වෙනත් කිසිවෙකුට ඔබට මෙය කියා දිය නොහැක. ඔබ බ්‍රහ්ම කුමර කුමරියන්ය. බීකේවරුන් සිටිය යුත්තේ මෙහිය. ප්‍රජාපිතා බ්‍රහ්මගේ දරුවන් අනිවාර්යෙන්ම සිටිය යුත්තේ බ්‍රහ්ම සමඟයි. බ්‍රහ්මිණ් වංශය නිසැකයෙන්ම අවශ්‍යයි. වඩාත්ම උසස් බ්‍රහ්මිණ් වංශය ලෙස මෙය හැඳින්වෙයි. ඔබ දැන් බ්‍රහ්මින්වරුන් වන අතර ඉන්පසුව ඔබ වෙනස් වෙයි ඔබ කරණමක් ගසයි. ඔබ ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මින්වරුන් වී ඇති අතර ඔබ දැන් දේවතාවන්ද, පසුව ක‍්ෂත්‍රියයන් ආදියද වෙයි. පියා දැන් විස්තර කරන්නේ සුමිහිරි දරුවනි, මෙය ඉතා සුළු දෙයක්. පියාගේ සිහි කිරීමේ සිටින්න. බාබා ඔබට උපත් 84හි වැදගත්කම පවසන බව, ඔබගේ බුද්ධිය තුළ තිබේ. උපත් 84ක ගිණුමක් තිබිය යුතුයි, උපත් මිලියන 8.4ක නොවෙයි. කිසි කෙනෙක් මෙය නොදනී. උපත් මිලියන 8.4ක ගණනයක්, කිසි කෙනෙකුට ඔබට දිය නොහැක. මනුෂ්‍යයන් උපත් 84හි චක්‍රය වටා යයි. ජීව, ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමට උඩ ඉහළ සිට පැමිණෙයි. ස්වර්ණමය යුගයේ සිට, කලි යුගයේ අවසානය දක්වා, ඔවුන් අඛණ්ඩව පැමිණෙයි. සෑම ජීවාත්මයක්ම, ඔහුගේම චරිත කොටස රඟපායි. මනුෂ්‍යයන් මෙම දේවල් නොදනී. ඒකායන පියා පමණයි මෙම දේවල් ගැන දන්නේ. මනුෂ්‍යයන්ට කිසිම විටෙක පරම ජීවාත්මය හෝ දෙවි පියාණන් යැයි කිව නොහැක. ඔබ ’දෙවි පියාණන්’ යැයි කී විට, බුද්ධිය යන්නේ අශාරීරික ශිවා වෙතටයි. සෑම ජීවමාන ජීවියෙකුටම පියෙක් සිටිනවා නොවේද? ජීවාත්මයක්, එක් සිරුරක් හලා දමා, තව එකක් ගනී. අශාරීරික පියාගේ නම, ශිවාය. ඔබටද තිබෙන්නේ එක් නමක් පමණයි ජීවාත්මය. කෙසේවෙතත්, ශරීර වලට බොහෝ විවිධ නම් තිබේ. පරම පියා, පරමාත්ම ජීවය, ශරීරයක් තුළට ඇතුළු වී, දැනුම පවසයි. ඔහුට සිරුරක් නොමැතිව එය පැවසිය නොහැක. පියා විස්තර කරන්නේ මෙම කෙනාට ඔහුගේම නම තිබේ. මට ශාරීරික නමක් නැත. මම පුනරුත්පති ගන්නේ නැත. මම මෙම කෙනා තුළට ඇතුළු වන අතර, ඔහුද ඒ ගැන නොදනී නියමිත දිනයක් හෝ වේලාවක් නැත. ඔව්, මම චක්‍රයේ අවසානයේ පැමිණෙන්නෙමි, එනම්, රාත්‍රී කාලයේදී. එය දැන් රාත්‍රියයි. මෙය අපවිත්‍ර අයගේ ලෝකයයි. මා පැමිණෙන්නේ ලෝකය පිවිතුරු කිරීමටයි, එනම්, දිවාකල ගෙන ඒමටයි. බාබා මොහු තුළට ඇතුළු වුණේ කවදාද කියා මෙම කෙනාවත් දැන සිටියේ නැත. ඔව්, ඔහුට විනාශයේ දර්ශන පෙණුනිි. බොහෝ දෙනෙක් ධ්‍යාන වලට සම වැදුණා. ඔවුන්ට දිනයක්, වෙලාවක් හෝ මොහොතක් නිවැරදිව කිව නොහැක. මිනිසුන් ක්‍රිෂ්ණාට වන්දනා කර, ඔහුගේ උපත සිදුවූයේ රාත්‍රියේ බව පෙන්වයි. ඔවුන් නියමිත වෙලාවක් හරියටම විනාඩියටම පෙන්වයි. පරම පියා පවසන්නේ මම අශාරීරිකයි. මගේ උපත අන් සෑම කෙනෙකුගේ මෙන් නොවෙයි. මගේ උපත දිව්‍යමය මෙන්ම අසහායයි. මම, මෙම කෙනා තුළට ඇතුළු වී, ඉන්පසුව ආපසු යමි. කිසිකෙනෙක් මුළු දවස පුරාම ගවයෙක් පිට නොයයි. ඔය දරුවන් මා සිහිකරන ඕනෑම විටෙක මා පෙනී සිටින්නෙමි. මිනිසුන් එකිනෙකා මුණ ගැසෙන විට, ඔවුන් ’රාමා, රාමා’ හෝ ’නමස්තේ’ කියන ආකාරයෙන්ම, පියා පැමිණ ඔය දරුවන්ව මුණගැසී මෙසේද කියයි, ’සුබ උදෑසනක්’. ඔබට විස්තර කරන්නේ ආධ්‍යාත්මික අසීමිත පියාය. මම, ඔය සියලුම දරුවන්ගේ පරමාත්ම පියාය. ඔබ සියලු දෙනාම සහෝදරයන්, ශිව බාබාගේ දරුවන්ය. ඔය දරුවන් තුළ සතුටේ රසදිය කඳ ඉහළ නැඟිය යුතුයි. අසීමිත පියා පැමිණ, අපට අපගේ අසීමිත උරුමය ලබා දෙනවා. ඔය දරුවන් දුටු විට, පියාට බොහෝ සතුට දැනෙනවා. බොහෝ දරුවන් සිටිනවා! බාබා ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවා, ඔබට රාජධානිය ලබා දෙන බව, ඔය දරුවන් දන්නවා. පුරවැසියන්ද මෙසේ කියනු ඇත ’මෙය අපගේ රාජධානියයි.’ භාරතයේ ජනතාව, ’භාරතය, අපගේ රටයි’ කියන ආකාරයෙන්, රජු මෙන්ම පුරවැසියන් යන සියලු දෙනාම පවසන්නේ එය ඔවුන්ගේ රට බවයි. ඔය දරුවන් දැන් අපායේ වැසියන් වන අතර, පසුව දිව්‍ය ලෝකයේ වැසියන් වෙයි. පියාව සහ උරුමය සිහිපත් කරන්න! පියා ඔබට වෙනත් කිසිම අපහසුතාවයක් නොදෙයි. ඔබගේ පවුලේ උදවිය සමඟ ඔබ, ඔබගේ නිවසේ ජීවත් විය යුතුයි. ඔබට පැමිණ, මෙහි සිටිය නොහැක. සෑම කෙනෙක්ම මෙහි දුවගෙන ආවේ නම්, බාබා ඔබ සෑම කෙනෙක්ම තබන්නේ කොහිද? ඔය බොහෝ දරුවන් සියලු දෙනාම මෙහි එකවර පැමිණෙන්නේ කෙසේද? සියලුම මධ්‍යස්ථාන වල, සියලුම දරුවන්, පැමිණ එකවර පියාව මුණගැසෙන්නේ කෙසේද? ඔවුන් නවතින්නේ කොහිද? එය අපහසුයි. දිනෙන් දින, දරුවන් සංඛ්‍යාව වැඩි වනවා. මේ සඳහා යම් උපාය මාර්ගයක් නිර්මාණය කළ යුතුයි. මෙහි අවට ඇති සියලුම ගොඩනැගිලි පවරා ගැනීමට සිදුවෙයි. නිවෙස් හිමියන්ගෙන් ඔවුන්ට කොපමණ අවශ්‍ය දැයි විමසනු ඇත. කාලය පැමිණි විට, ඒවා මිල දී ගැනෙයි. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැත. කාලයන්, බොහෝ සියුම් වෙමින් පවතිනවා. පියා සහ දරුවන් යන දෙපිරිසම අවිනාශීය. ඔහු ඔය දරුවන්ට අවිනාශී සම්පත් ලබා දෙයි. බොහෝ දරුවන්ට මෙහි පැමිණීමට අවශ්‍ය වෙයි. මෙතරම් සංඛ්‍යාවක් සිටිය හැක්කේ කොහිද කියා බාබා සිතනවා. ශිව බාබා පවසන්නේ ඒ ගැන ඔබ සිත කණස්සලු කරගන්නේ ඇයි? ටිකක් ඉඳලා බලන්න! දිගටම ඉගෙනගන්න, එපමණයි. මන්මනාභව! ඔබ දැන් ඔබගේ කර්මතීට් තත්ත්වයට පත් වී, සතෝප්‍රධාන් විය යුතු බව, ඔය දරුවන්ගේ අවධානයේ තිබිය යුතුයි. සිහිපත් කිරීම තුළින් පමණයි ඔබ පිවිතුරු වන්නේ. බාබා ඔබට පවසන සෑම දෙයක්ම හරිම පහසුයි. එය ඉතාමත්ම පහසුයි බාබාව සිහි කරන්න, එපමණයි. වසු පැටියෙකුට උගේ මව සිහිවෙන විට, ඌ හඬ නඟා අඬයි. ඒ සතෙකි. ඔය දරුවන්ද පෙර හඬ නඟා ඇඬුවේය. ඔබ තව දුරටත් ප්‍රගතිය ලබන විට, සෑම කෙනෙක්ම තව බොහෝ සේ අඬනු ඇත ඔවුන් බොහෝ සේ ඔහුව සිහි කරයි. බාබා දැන් පැමිණ ඇති බව, ඔය දරුවන් දන්නවා. විනාශය සිදු විය යුතුයි. ස්වභාවික ව්‍යසනද තිබෙයි. සෑම කෙනෙක්ම එකිනෙකා සමඟ දිගින් දිගටම ගැටුම් ඇති කරගෙන සටන් කරයි. ඔවුන් බෝම්බ ආදිය නිපදවීමට බොහෝ මුදල් වැය කරයි. බොහෝ වියදම් දරන්නට සිදු වී ඇත. ඒ සියලු වියදම් පියවන්නේ කෙසේද? මිනිසුන් මරණයට බිය වන නමුත්, ඔවුන් බෝම්බ නිපදවීම නතර නොකරයි. බෝම්බ සහිත යුද්ධ ඇතිවෙයි. ඒවා හෙලු සැනින් මිනිසුන් මිය යන ආකාරයේ බෝම්බ ඔවුන් දැන් නිපදවයි. ආරම්භයේදී, යමක් නිපදවීමට කාලය ගත වූ නමුත් දැන් එය ’විනාඩියකදී මෝටර් රථයක්’ වැනිය. ඔවුන් සෑම දෙයක්ම ඉතා වේගයෙන් නිපදවයි! ඔවුන් බෝම්බ සුළු ප්‍රමාණයක් පමණක් නිපදවන්නේ නැත! මෙම පැරණි ලෝකය, විනාශ වීමට යන බව ඔය දරුවන් දන්නවා. ඔබ දැන් ඔබගේ අසීමිත උරුමය, පියාගෙන් හිමි කර ගත යුතුයි. ගීතාව, ඔය භාරත ජනතාව වෙනුවෙනි එය දේවතා ධර්මයේ ග්‍රන්ථයයි. අන් සෑම එකකටම තිබෙන්නේ ඊට වඩා අඩු වැදගත්කමකි ඒවා සිහි කෙරෙන්නේ නැත. වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ බ්‍රහ්මිණ් ධර්මයයි. බ්‍රහ්මණ පූජකයන්ගේ වගකීම වන්නේ ආගමික කතාපුවත් පැවසීමය. ඔබ බ්‍රහ්මගේ දරුවන්, බ්‍රහ්ම කුමර කුමරියන් බවත්, ඔබගේ සීයාගේ උරුමය ඔබට හිමි වන බවත්, ඔබට පැවසිය හැක. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නාටකයේ සෑම රහසක්ම වටහාගෙන, කිසිම දෙයක් ගැන කණස්සලු නොවන්න. දිගටම ඉගෙන ගන්න. ’මන්මනභාව්’හි රැඳී සිට, කර්මතීට් වීම ගැන සැලකිලිමත් වන්න. ඔබව සතෝප්‍රධාන් කරගන්න.

2. ජීවාත්ම වන අපි සහෝදරයන්ය, ශිව බාබාගේ දරුවන්ය. ඔබ ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නා සතුට පවත්වා ගන්න.

වරදානය:
ඔබ සැබැවින්ම සෙනහවන්ත වී, ඔබගේ අභ්‍යන්තර ස්වරූපයෙන් ස්ථාවරව සිටීමෙන් පරම පියාගේ සහ ඔබගේම අප්‍රකට ස්වරූපය හෙළි කරත්වා.

තම අභ්‍යන්තර අවධියේ ස්ථාවරව සිටින දරුවන්ට, තම අභ්‍යන්තර ස්වරූපයෙන් ස්ථාවරව සිටීමෙන් අභ්‍යන්තරිකව සිටින අයට, වෙනත් කිසිම දෙයක ගැලී සිටිය නොහැක. තාවකාලික හා දර්ශනීය වූ මෙම පැරණි ලෝකය, සබඳතා, ධනය හෝ භෞතික දේපළ මගින් ඔවුන් රැවටිය නොහැක. ඔබගේ අභ්‍යන්තර ස්වරූපයෙන් ස්ථාවරව සිටීමෙන්, ඔබගේ අප්‍රකට බලයේ ස්වරූපය හෙළිදරව් වන අතර, මෙම ස්වරූපය හරහා, පරම පියා හෙළිදරව් වනු ඇත. එවැනි උසස් කාර්යයක් ඉටු කරන අය සැබැවින්ම සෙනෙහෙවන්තයි.

පාඨය:
ඔබේ විශ්වාසයේ සහ දේව ජන්ම අයිතියේ ආඩම්බරය සහ ගෞරවය තබා ගන්න, එවිට ඔබ දුක් විඳින්නේ නැත.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

පිරිසිදුකම පහසු බවේ ලකුණකි. ඔබ පහසු වන තරමට, ඒ අනුව, පිරිසිදුකම පවතිනු ඇති අතර සියලු දෙනා ඔබ වෙත ආකර්ෂණය වනු ඇත. ඔබ ඔබේ ස්වභාවය පහසු සහ සරළ කරන විට අවංකභාවය සහ පිරිසිදුකම පවතිනු ඇත. පහසු ස්වභාවයන් ඇති අයට බහුකාර්ය විය හැකිය (බොහෝ ස්වරූප අනුගමනය කළ හැකිය). පහසු ස්වභාවයක් ඇති අය නිරන්තරයෙන් ප්‍රබෝධමත් වන අතර සියල්ලන් ආකර්ෂණය කර ගනු ඇත.