22.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ආත්ම අවධානයට පත්වීමෙන් ඔබ සහනයට පත්වනවා මෙන්ම ඕනෑම නරක උපදෙසකින් ඇති වු නරකෙන් මිදිය හැක. ඔබ ඇතුලාන්තයට නැඹුරු වී මලක් බවට පත්වේ.

ප්‍රශ්නය:
කුමන වරදානයන් දෙකද බාප්දාදා ඔබ සියල්ලටම ලබා දෙනුයේ ? මේ වරදානයන් ක්‍රියාවට නැඟීමට භාවිත කළ යුත්තේ කුමන ක්‍රමයද ?

පිළිතුර:
බාබා ඔබ සැමට සාමයේ හා සතුටේ වරදාන ලබා දෙයි. බාබා දරුවන්ට කියන්නේ නිශ්ශබ්දතාවය රැකීමට පුහුණු වන්න කියලයි. යම් කෙනෙක් ඔබට කලබලකාරී යමක් පැවසුවහොත් ඊට පිළිතුරු දීමට නොයන්න. නිශ්ශබ්දව සිටින්න. ඕපාදූප හෝ අනවශ්‍ය දේවල් කතා නොකරන්න. කිසිවකුට හිත් රිදවීම් නොදෙන්න. නිශ්ශබ්දතාවය නැමැති ගුලිය කට තුළ රඳවා තබා ගැනීමෙන් ඔබ මෙම වරදානයන් දෙක ක්‍රියාවට නඟන්නකු වේ.

ඕම් ශාන්ති.
බාබාගේ සුමිහිරි දරුවන් සමහර වෙලාවට බාබා ඉදිරිපිටම ඉන්නවා. සමහර වෙලාවට දුරට යනවා. බාබා සිහිකරන්නන් තමයි බාබා ඉදිරිපිටම සිටින්නන්, මන්ද සියල්ල රැඳී ඇත්තේ සිහි කරිමේ වන්දනා ගමන තුළයි. ඉන් සිහි කරවන්නේ ජීවය ක්ෂණයකින් ඉහළට ගමන් කිරිමයි. ඔබ තුළ දැකීමක් තිබිය යුත්තේ උත්තරීතර පියා වෙතයි වෙනත් කිසිවකට ඔබ ඇළුම් නොකළ යුතුයි. ඔහු සිහි කිරීමෙන් ඔබේ පව් විනාශ වෙනවා. එමනිසා, ඔබ ඊට වඩාත් සැළකිලිමත් විය යුතුයි. ඔබ බාබාව සිහි නොකළ හොත් මායා හිතන්නේ ඔබගේ යෝගාව කැඩී ඇත කියාය. ඉතින් ඇයට පුළුවන් ඔබව ඇය වෙත ආකර්ශනය කරගෙන වැරදි එකක් හෝ කීහිපයක් ඔබ ලවා කරවා ගන්න. මෙහෙම වෙන එකෙන් බාබා තමයි අපහාසයට පත් වන්නේ. භක්ති මාර්ගයේ දී ඔබ ගායනා කළා ඔබ අයිති මටයි මට වෙන කිසි කෙනෙක් නැහැ. මේ නිසයි බාබා කියන්නේ දරුවනි, ඉරණම ඇත්තේ ඉතාම ඉහළයි. ඔබ වැඩ කටයුතු වල නිරත වී සිටින විටදී බාබාව සිහිකරන්න උසස්ම ඉරණම එයයි. ඔබ මෙය හොඳින් පුහුණු කළ යුතුයි. නැතිනම් ඔබ නරක ලෙස හැසිරුනොත් ඉන් ඔබ අපහාස ඇති කර ගන්නවා. ඔබ කවුරු හෝ තරහ ගත හොත් රන්ඩු කිරීම් ඇති කර ගත හොත් එය අපහාසයට කරුණක්. ඔබ මේ ගැන වඩාත් සැලකිළිමත් විය යුතුයි. ඔබ නිවසෙහි ජීවත් වෙමින් සිටින අතර ඔබේ සම්බන්ධය බාබා සමඟ තබා ගන්න. ඒ කියන්නේ කිසිවකු තවම පරිපුර්ණත්වයට පත් වී නොමැත. ඇත්තෙන්ම නැත. ඔබ ජීවාත්ම අවධානයට පත් වීමට උත්සාහ දැරිය යුතුයි. ඔබ ශරීර අවධානයට පත්ව වැරදි ක්‍රියා කළ හොත් ඉන් ඔබ අපහාසයට ලක් කරන්නේ බාබාවයි. බාබා කියනවා සත්ගුරුව අපහාසයට පත් කරන අයට ලක්ෂ්මී හෝ නරායන් යන අවසාන ඉරණමට ළඟා විය නොහැක. එමනිසා, නිරන්තරයෙන්ම නිවැරදි උත්සාහයක් දරන්න. මෙය කිරිමෙන් ඔබ බොහෝ සැහැල්ලු බවට පත්වෙන අතර නරක පහට අයත් සියලු දේ ඔබෙන් ගිලිහී යනු ඇත. ඔබ බාබාගෙන් විශාල බලයක් ලබනවා. ඔබ ඔබේ කටයුතු කරගෙන යා යුතුයි. බාබා කියන්නේ නැහැ ඔබ මොනවත් කරන්නේ නැහැ කියලා. සත් යුගයේදි ඔබ විසින් කරන ක්‍රියා උදාසීනයි (අකර්ම). කලි යුගයේදි ඔබ කරන්නේ පාප ක්‍රියාය. ඔබ මේවා මේ සංගම් යුගයේදි ඉගෙන ගත යුතුයි. සත් යුගයේදි මේවා ඉගෙන ගැනීම ගැන ගැටළුවක් ඇති වන්නේ නැහැ. ඔබ දැන් මෙහිදි ඉගෙන ගන්නා දෙයින් එහිදි ප්‍රතිඵල භුක්ති විඳිනවා. බාබා කියනවා සත්‍යයෙන් බැහැරට යොමුවීම හොඳ නැහැ. ඇතුලාන්තයට නැඹුරු වන්න. ඔබ ඇතුලාන්තයට නැඹුරු වු විට නියම කාලය උදා වෙයි. ඔබ බාබා හැර වෙන කිසිවකු සිහි නොකළ යුතුයි. ඔබ මෙහෙට ආවෙත් එහෙමයි ඒ වෙලාවේ ඔබ කිසිවක් කල්පනා කළේ නැහැ. දරුවෙක් ඉපදුනු විට ඔහු මේ තමයි මගේ අම්මා තාත්තා මේ තමයි අරයා මෙයා කියා හැමෝවම හදුනා ගන්නවා. ඉතින් ඔබත් මේ හා සමානම තත්ත්වයකින් නිවස වෙත යා යුතුයි. ඔබ අයිති එකම එක පියාටයි ඔබ ආශ්‍රය කළ යුත්තේ ඔහු මිස වෙන කවුරුවත් නොවෙයි. දැනටමත් කාලය ගිහින්. ඔබ නිවැරදි උත්සාහයක් දැරිය යුතුයි. ඔබට ඔබේ ශරිරය මත යැපෙන්න බැහැ. ඔබ නිරන්තරයෙන් උත්සාහ දැරිය යුතුයි. ඔබේ නිවසෙහි අතිවිශාල සාමයක් රැඳී තිබෙනවා එහි කලබල නැහැ. නැතිනම් හැමෝම කියනවා, එහි තියෙන්නේ අසාමයක් කියලා. දරුවනි, ඔබ මුළු මහත් නිහැඬියාව ආරක්ෂා කර ගත යුතුයි. ඔබ ඔබේ සාමය නැමැති උරුමය දිනා ගන්නවා. මේ කාලයේ ඔබ ජීවත් විය යුත්තේ කටු සමඟයි. ඔබ මල් වත්තක නොවෙයි ඉන්නේ. ඔබ කටු අතර ඉඳ මල් බවට පත්විය යුතුයි. ඔබ කටුවක් නොවිය යුතුයි. ඔබ කෙතරම් දුරට බාබාව සිහිකරයිද ඒ තරමට ඔබට සාමයක් එනවා. කවුරු හෝ ඔබට පැටලිලි සහගත යමක් කිව්වද සාමකාමි වන්න. ජිවයන් සාමකාමියි. ජීවයන්ගේ මුලික ස්වභාවය සාමයයි. ඔබ දැනගන්න, ඔබට යාමට ඇත්තේ ඒ නිවහනටයි. බාබා සාම සාගරයයි. ඔහු කියනවා ඔබත් සාම සාගරයක් විය යුතුයි කියලා. ඔබ අනවශ්‍ය ඕපාදුප වලින් කාලය ගත කළ හොත් ඉන් ඔබ විශාල හානියක් සිදුකර ගන්නවා. බාබා උපදෙස් දෙන්නේ, එවැනි දේ කතා නොකරන්න. ඔබ එවන් දේ කතා කළහොත් බාබාව අපහාසයට ලක් වෙනවා. සත් යුගයේ ඕපාදුප හෝ පාප ක්‍රියා නොකෙරී නිහැඬියාව රැකෙනවා. නිරන්තරයෙන්ම බාබා සිහිකිරිමෙන් ඔබගේ පව් විනාශ වී යනවා. ඔබත් අසාමයට පත් නොවිය යුතුයි. අන්‍යයන් අසාමයට පත් නොකළ යුතුයි. ඔබ යම් කෙනෙක් දුකට පත් කළ හොත් ඔහු ඉන් හිත් වේදනාවට පත්ව බාබාට දන්වනවා බාබා මේ තැනැත්තා ගෙදරදී හරියට දුක දෙනවා. බාබා කියනවා ඔබ නිශ්ශබ්දව ඉන්න. කථාවක් තියෙනවා මේ සම්බන්ධව හතාම්තායි කියලා. එහි කියැවෙන්නේ දෙවියන් කියනවා යම් කෙනෙක්ගේ කටෙහි ගුලියක් දාන්න කියලා. එවිට ඔහු කතා කරන්නේ මොනවාද කියා කියන්නවත් බැහැ. දරුවනි, ඔබ සාමකාමි වන්න. පිටත මිනිස්සු සාමය සොයමින් ඉබාගාතේ ඇවිදිනවා. ඔබ තේරුම් ගන්න, ඔබේ සුමිහිරි බාබා තමයි සාම සාගරය. සාමය නිර්මාණය කිරිමෙන් ඔහු ලෝක සාමය ගොඩනඟනවා. ඔබත් ඔබගේ අනාගත තත්ත්වය සිහි කළ යුතුයි. සත් යුගයේ එක ආගමයි, වෙන ආගම් නැහැ. එයට තමයි ලෝක සාමය ඇති කාලය කියන්නේ. ඉන් පසු අනෙක් ආගම් පැමිණි පසු විශාල හානියක් සිදුවෙනවා. දැන් ඔබටත් හොඳ සාමයක් තියෙනවා. ඔබගේ නිවහන සාම දනව්වයි. ඔබගේ මුලික ආගම සාමයයි. ඔබ කියන්නේ නැහැ ඔබගේ ශරීරයෙහි මුලික ආගම සාමයයි කියලා. ශරිරය තාවකාලිකයි. ජීවාත්මය සදාකාලිකයි. ජීවාත්මයන් සාමයෙන් ඉන්නවා ඔවුන් එහි සිටින තාක් කල්. මේ මුළු ලෝකයේම ඇත්තේ අසාමයයි. ඒ නිසයි මිනිස්සු සාමය ඉල්ලන්නේ. මෙහෙ කාටවත් නිරන්තර සාමයෙන් ඉන්න බැහැ. සමහර විට උපත් එකක් හෝ දෙකක් අරගෙන සතුට දුක අතර කොටස රඟපා නිවස වෙත යනවා. නාටකය ගැන හොඳ පැහැදිලි බවක් ඔබට තිබිය යුතුයි. දරුවනි, ඔබ හිතන්න බාබා ඔබට සාමය හා සතුට කියන වරදාන ලබා දීලයි තියෙන්නේ. බ්‍රහ්මාගේ ජීවයයි මේ සියල්ලම අහන්නේ. ඔහුගේ කන් වැහිලා. තොල් වලින් කතා කරන විට කන් වැහිලා. ඔබගේ කන් තවමත් ටිකක් තියෙන්නේ වෙන තැනක. බ්‍රහ්මා ක්ෂණයකින් අහගන්නවා. ඔහු සියල්ල අවබෝධ කර ගන්නවා. බාබා කියනවා සුමිහිරි දරුවනි! ඔහු සැමටම කතා කරන්නේ සුමිහිරි කියලයි මොකද ඔබ සැවොම ඔහුගේ දරුවනුයි. සියලු මනුෂ්‍ය දරුවන් බාබාගේ සදාකාලික දරුවෝ. ශරිර තාවකාලිකයි බාබා සදාකාලිකයි. ඔහුගේ දරුවෝ ඔබ වන ජීවාත්මයනුත් සදාකාලිකයි. බාබා ඔහුගේ දරුවන් සමඟ සුහදව කතා බහ කරනවා. මෙයයි ආධ්‍යාත්මික ඥානය කියන්නේ. උත්තරිතර ජීවාත්මය මෙහි සිට ඔබ ජීවාත්මයන්ට විස්තර කර දෙනවා. ඒ ජීවාත්ම අපිරිසිදු වුවත් බාබා සියලු ජීවාත්මයන්ට ආදරෙයි. ඔහු දන්නවා ඔවුන් තමන් සමඟ නිවසෙහි සිටින හැමෝම පිරිසිඳුයි කියලා. මම චක්‍රයෙන් චක්‍රයට පැමිණ සැමට සාම මාවත පෙන්වනවා. සත් යුගයේදි මේ වගේ වරදාන බාබාගෙන් ලැබීම ගැන ගැටළුවක් නැහැ ඔබ ධනවතෙක් වේවා! ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා! නැත, ඔබ නිරායාසයෙන්ම ස්වර්ණම යුගයේදි එහෙම වෙනවා. කොහොම වෙතත් බාබා ඔබට එවන් වරදාන දෙන්නේ නැහැ. එහිදි බාබාගෙන් එහෙම වරදාන හෝ අනුකම්පාව ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඔබ ඒ බාබාව සිහි කරන්න. ඔබේ පියා සහ ඔහු ඔබේ ගුරුවරයාත් වෙනවා. ඔහෝ! ශිව බාබා තමයි පියා. ඔහු තමයි ගුරුවරයා, ඥාන සාගරය. බාබා මෙහි සිට ඔහු පිළිබඳ ඥානය සහ ඔහුගේ නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ ඥානය දෙනවා. මින් ඔබ අධිරාජ්‍යයින් ලෝක පාලකයින් වෙනවා. එයයි මුළු ලෝක චක්‍රය. බාබා කියලා දෙනවා මේ කාලයේ රාවණ් රාජ්‍යය ලෝකය වටකරලයි තියෙන්නේ. රාවණ් රාජ්‍යය කියන්නේ ලංකාව විතරක් නොවෙයි. මේ ජලයෙන් යටවුණු මුළු ලෝකයම තමයි ලංකා කියන්නේ. මුළු ලංකාවම දැන් රාවණ්ට යටත් වෙලා තියෙන්නේ නමුත් නැවතත් එය රාමාට අයත් වෙනවා. ලංකාව රත්රන් වගෙයි තිබුණේ. එහි ගොඩක් රත්රන් තිබුණා. සත් යුගය ගැන කතාවක් තියෙනවා එක් කෙනෙක් මනසින් එහි ගොස් රත්රන් ගඩොල් කැට දැක්කා කියලා. මෙහේ ඕගොල්ලන්ට තියෙන්නේ මැටි බෝල. ඉතින්, එහේ රත්රන් බෝල. ඉතින් ඔහු හිතුවා ඒ රත්රන් බෝල අරගෙන එන්න. ඔවුන් එක් එක් ආකාරයේ කතා හදනවා. භාරතය බොහෝ ප්‍රසිද්ධයි එහේ වෙනත් රටවල වගේ ගොඩක් දියමන්ති සහ ආභරණ නැහැ. බාබා කියනවා මම මඟ පෙන්වන්නා වී සියලු දෙනාම නිවසට ගෙන යනවා. දරුවනි, එන්න ඔබට දැන් ගෙදර යන්න තියෙනවා. ජීවාත්ම අපිරිසිඳු වෙලා ඔවුන්ට පිරිසිඳු නොවී ගෙදර යන්න බැහැ. මේ බාබාට විතරයි පුළුවන් අපිරිසිඳු බව පිරිසිඳු කරන්න. එමනිසයි හැමෝම යන්න බැරුව මෙහෙට වෙලා ඉන්නේ. නීතිය මෙයට එකඟ නැහැ. බාබා කියනවා මායා ඔබව දැඩි ලෙස ශරිර අවධානයට ගේනවා ඇය ඔබට බාබා සිහිකරන්න දෙන්නේ නැහැ. ඔබ බොහෝ සැලකිළිමත් විය යුතුයි. මේ සඳහා තමයි ඔබගේ යුද්ධය තියෙන්නේ. ඔබගේ දෙඇස් ඔබවම බොහෝ සෙයින් රවටනවා. ඔබ ඔබගේ ඇස් ඔබගේ පාලනයට නතු කළ යුතුයි. ඔබ සහෝදර සහෝරියන් කියන අවධානයට ආවමත් ඒ දැකීම නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසයි බාබා කියන්නේ ඔබත් සහෝදරාත්මක හැඟිමෙන් හිතන්න කියලා. මිනිස්සු කියනවා තමන් සහෝදරයින් කියලා. නමුත් එහි නියම අර්ථය ඔවුන් දන්නේ නැහැ. ඒක හරියට ගෙම්බෝ කෑ ගැසීමක් වගෙයි. ඔබ එවන් කිසිවක අර්ථය දන්නේ නැහැ. දැන් ඔබ නිවැරදිවම එක එක කරුණු වල අර්ථය වටහා ගත යුතුයි. බාබා පැහැදිලි කර දෙනවා ඔය සුමිහිරි දරුවන් භක්ති මාර්ගයේ ඉන්නා විට මගේ ආදරවන්තයෝ පසුව ඔබව ඔබගේ ප්‍රේම වන්තයාව සිහි කරනවා. මිනිස්සු දුකේදි ඉක්මණින්ම දෙවියෝ සිහි කරනවා. ඔවුන් කියනවා අනේ රාමා, අනේ දෙවියනි, අපට අනුකම්පා කරන්න! ඔබ දිව්‍යලෝකයේදී මෙසේ කියන්නේ නැහැ. එහි රාවණ් රාජ්‍යය නැහැ. බාබා ඔබව රාම රාජ්‍යයට යවනවා. එමනිසා, ඔබ ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔබ දැන් බාබාගෙන් උපදෙස් ලබනවා. පසුව ඔබ දිව්‍යමය උපදෙස් ලබනවා. කවුරුත් දන්නේ නැහැ මෙම මංගල්‍ය සංගම යුගය. මන්ද, හැමෝම කියන්නේ කලි යුගය තවම ඉන්නේ එහි ළදරු අවධියේ කියලා. දැන් සිය දහස් වසරක් ගෙවි ගිහින්. බාබා කියන්නේ එය භක්තියේ අඳුර කියලයි. ඥානයේ තිබෙන්නේ සම්පුර්ණ ආලෝකයක්. නාටකයට අනුව භක්තියත් තියෙනවා එය නැවතත් සිදු වෙනවා. දැන් ඔබට බාබා හමුවි තිබෙන නිසා දෙවියන් සොයමින් ඉබාගාතේ යාමට අවශ්‍ය නැහැ. ඔබ කියනවා ඔබ යන්නේ බාබා ලඟට කියලා. ඒ කියන්නේ ඔබ යන්නේ බාප්දාදා ළඟට. අනෙක් මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. සම්පුර්ණ විශ්වාසයක් නැති අයව මායා ගිල දමනවා. කිඹුලා මහාරාතීන්ලා ගිලිනවා. ඥානයට ඇහුම්කන් දෙන විට ඔවුන් විශ්මයට පත් වෙනවා. වැඩිහිටි අයත් දාල යනවා ඉන් කියැවෙන්නේ හොඳ මහාරාතීන් පවා මායාට අහුවෙන්න පුළුවන්. දරුවෝ බාබාට ලියනවා බාබා ඔබේ මායාව එවන්න එපා. ඔහෝ! ඇය මට අයිති නැහැ. රාවණ්ට ඔහුටම වු රාජ්‍යයක් තියෙනවා. මම මගේ රාජ්‍යය පිහිටුවනවා. ආරම්භයේදි මෙය නිතරම සිදු වෙනවා. රාවණ් තමයි ඔබගේ නරකම හතුරා. මිනිසුන් රාවණ් තමන්ගේ හතුරා නිසා තමයි සෑම වසරකම ඔහුව පුළුස්සන්නේ. ඔවුන් දශේරා කියන උත්සවය උත්කර්ශවත් ලෙස සැමරුවාට එහි නියම අර්ථය දන්නේ නැහැ. ඔබේ නම ශිවශක්ති හමුදාව යන්නයි. පසුව ඔවුන් වඳුරන් පාවිච්චි කළා. ඔබ දන්නවා ඔබත් වඳුරෝ වගෙයි හිටියේ. දැන් බාබාගෙන් බලය අරගෙන රාවණ්ව විනාශ කරනවා. බාබා තමයි එන්නේ රාජයෝගා උගන්වන්න. ඒ ගැන හුඟක් කතා හදල තියෙනවා. අමරණීයත්වයේ කතාන්දරයත් ඒ වගෙයි. බාබා මෙහේ අමරණීයත්වයේ කතාව කියලා දෙනවා. ඔහු මේවා කඳු උඩ ඉඳන් ඔහේ කට පාඩමින් කියන්නේ නැහැ. ඔවුන් කියන්නේ මේ අමරණීයත්වයේ කතාව කියන්නේ ශංකර් විසින් පාර්වතීට කියලයි. ඔවුන් ඒ ශිවා සහ ශංකර් ලෙස ගෙන ඇති සළකුණු දෙකම එකක්. ඒ සේරම අයිති භක්ති මාර්ගයටයි. දවසින් දවස හැමෝම ජරාවට, දුකට පත් වෙනවා. ඔබ සතෝප්‍රධාන් තත්ත්වයේ සිට සතෝ වෙනකොට ඔබෙන් කලා දෙකක් නැති වෙනවා. රිදී යුගයට දිව්‍යලෝකය කියන්න බැහැ. දරුවනි, බාබා ඇවිල්ලා ඉන්නවා ඔබව දිව්‍යලෝකවාසීන් කරවන්න. බාබා දන්නවා බ්‍රහ්මන වංශය මෙන් සුර්ය වංශය, චන්ද්‍ර වංශය යන දෙකම දැන් බීහිවෙලා තියෙන බව. රාමචන්ද්‍රා සංකේතවත් කරන්නේ යුධ භටයකු ලෙසයි. ඔබ සැවොම මායාව විනාශ කරන යුධ භටයන්. අඩු ලකුණු වලින් පාස්වෙන අය හඳුන්වන්නේ චන්ද්‍ර වංශයට අයත් අය ලෙසයි. මේ නිසයි රාමාට දුන්නක් සහ ඊතලයක් දී තියෙන්නේ. රිදි යුගයේදිත් ප්‍රචණ්ඩකම් නැහැ. ඉන් කියැවෙන්නේ රාම රාජ්‍යයේ රජවරු සහ යටත් වැසියොත් උසස්. තාම රාමාව අඹන්නේ යුධකරුවෙක් ලෙසයි. මේ නිසයි මිනිස්සු නොසන්සුන්. එහි ආයුධ නැහැ. ශක්තීන් කඩු සහිතව අඳිනවා නමුත් ඒ අඳින අයවත් එහි නියම තේරුම දන්නේ නැහැ. ඔබත් අවබෝධ කර ගත යුතුයි බාබා තමයි ඥාන සාගරය කියලා. මේ නිසා තමයි බාබා එකම එක්කෙනා ලෝකයේ මුල, මැද සහ අග සියලු රහස් පැහැදිලි කර දෙන්නේ. අසීමිත පියාට ඔබ කෙරෙහි ඇති සෙනෙහස වන් සෙනෙහසක් ඔබේ සීමිත පියාටවත් නැහැ. ඒ අසීමිත පියා ඔබට උපත් 21කට සතුට ලබා දෙනවා. ඔහු එතරම් සෙනෙහෙබර පියෙක්. බාබා ඉතාම සෙනෙහෙවන්තයි. ඔහු ඔබේ සියලු දුක් බැහැර කර සතුටෙහි උරුමය ලබා දෙනවා. සත් යුගයේ දුක් සළකුනක්වත් නැහැ. මෙය ඔබේ බුද්ධියෙහි තබා ගන්න. ඔබ එය අමතක නොකළ යුතුයි. එය ඉතා පහසුයි. සියල්ලෙන්ම ඔබට කරන්න ඇති දෙය ඉගෙන ගැනීම හා අන්‍යයන්ට මුරලි කියවීමයි. නමුත් සමහරු තවම ගුරුවරයාගෙන් අහනවා. ඔවුන් කියනවා ඔවුන්ට තවම ගුරුවරයාගෙන් උදව් අවශ්‍යයි ඥානය ග්‍රහණය කර ගැනීමට කියලා. ඇත්තටම පොඩි දරුවන්ටත් පුළුවන් නියම නාරායන් බවට පත්වීමේ කතාන්දරය මතක තියාගෙන අන් අයට කියලා දෙන්න. මම හැමදාම ඔබට පැහැදිලිව කියනවා ඔබ ඇල්ෆා පමණක් සිහි කළ යුතුයි කියලා. කොහොමනමුත්, සමහර බුදුස්ලා (මෝඩයින්) කියනවා ඔවුන්ට මතක් කර දීමට ගුරුවරයා ඕනැයි කියලා. නැත්නම් ඔවුන් අමතක කර දමනවා. ඇත්තටම දින හතට පසුවත් මෙය ඔබගේ බුද්ධියේ රැඳිය යුතුයි. දැනටමත් ඔබ අමතක කරලා! බාබා පුදුමයට පත් වෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබාගෙන් වරදාන හෝ අනුකම්පාව යැදීමට නොයන්න. පියාව, ගුරුවරයාව සහ සත්ගුරු සිහිකරන්න. ඔබ ඔබටම අනුකම්පා සහගත වන්න. මායා ගැන අවධානයෙන් සිටින්න. ඔබේ ඇස් ඔබව රැවටිය හැක. එමනිසා, ඒවා ඔබේ පාලනය යටතේ තබා ගන්න.

2. අනවශ්‍ය ඕපාදූප විශාල උපද්‍රව ඇති කරයි. මේ නිසා හැකි සෑම අවස්ථාවකම නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්න. එම ගුලිය ඔබේ මුවෙහි රඳවා ගන්න. කලබලකාරී කිසිවක් නොකියන්න. ඔබ තුළ අසාමයක් ඇතිකර නොගත යුතුවා මෙන්ම අන්‍යයන්ද අසාමයට පත් නොකරන්න.

වරදානය:
ඔබ නිරතුරු සැහැල්ලු භාරකරුවෙක්ව රැදී සිට පරම පියාගේ උපකාරයෙන්, කුරුසයක් කටුවක් බවට පරිවර්ථනය කරත්වා.

ඔබගේ අතීත ගිණුම් කුරුසයක් වැනිය, නමුත් පියාගේ උපකාරයෙන් ඒවා කටුවක් මෙන් වෙයි. සෑම දෙයක්ම පියවිය යුත්තේ මෙහි බැවින් අහිතකර සිදුවීම් අනිවාර්යෙන් පැමිණෙයි, නමුත් ඒවා කටුවක් බවට පරිවර්ථනය කිරීමට පරම පියා උපකාර කරයි. ශ්‍රේෂ්ඨ පියා ඔබ සමග සිටින නිසා විශාල දේවල් කුඩා වෙයි. මෙම විශ්වාසය තබාගෙන නිරන්තරයෙන් සැහැල්ලුවෙන් සිටින්න. භාරකරුවෙක් ලෙසින් “මගේ”, “ඔබගේ” බවට වෙනස් කර සැහැල්ලු වන්න, එවිට ඔබගේ සියලු බර තත්පරයකදි අවසන් වෙයි.

පාඨය:
සුබ පැතුම් තොගයක් සමගින් ඍණාත්මක සියල්ල, ධනාත්මක බවට පරිවර්ථනය කරන්න.