22.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, බාබාගේ ශ්‍රීමත් අනුගමනය කරනවා යනු බාබාට ගෞරව කිරීමයි. තමන්ගේම මනසට නැගෙන
අණ අනුගමනය කරන අය බාබාට අගෞරව කරනවා.
ප්රශ්නය:
නිවෙස් වල
වාසය කරන්නන්ගෙන් බාබා අරමුණු නොකරන කරුණ කුමක්ද? ඔහු ඔවුන්ට දෙන එකම එක අණ කුමක්ද?
පිළිතුර:
බාබා කියනවා : දරුවනි, හැම කෙනෙකුම සමඟ සම්බන්ධය තබා ගන්න සහ ඕනෑම රැකියාවක
නිරතවන්න. මිනිසුන් සමඟ ආශ්‍රය කිරීම උදෙසා, ඔබට පාට ඇඳුම් ඇඳීමට අවශ්‍ය නම්
අඳින්න. බාබා මීට විරුද්ධ වන්නේ නැහැ. බාබා උපදෙස් දෙනවා පමණයි : දරුවනි, සියලුම
ශාරීරික නෑ සබඳකම් සහ ඔබේම ශරීරය ද කෙරෙහි ඇති සියලුම බැඳීම් අතහැර මා පමණක් සිහි
කරන්න.
ඕම් ශාන්ති.
ශිව බාබා
දරුවන් වත ඔබට පැහැදිලි කරනවා. ඔහුට සමාන වීම සඳහා උත්සාහ දැරීමට ඔබව ඔහු උනන්දු
කරවනවා. මම දැනුමේ සාගරයයි. එමනිසා දරුවනි ඔබත් ඒ තත්ත්වයටම පත්විය යුතුයි.
සුමිහිරි දරුවනි. ඔබ දන්නවා හැමකෙනෙකුටම එකම තත්ත්වයකට පත් වෙන්න බැහැ. ඔබ සෑම
කෙනෙක්ම ඔබටම ආවේනික වූ උත්සාහයක් තමයි දැරිය යුත්තේ පාසලේ ශිෂ්‍යයින් බොහෝ ගණනක්
ඉගෙනුම ලබනවා නමුත් හැමෝම සමානවම ගෞරවයෙන් සමත් වෙන්නේ නැහැ. තවම ගුරුවරයා උත්සාහ
දැරීමට හැම කෙනෙකුවම් දිරිමත් කරනවා. දරුවනි. ඔබත් උත්සාහ දැරිය යුතුයි. බාබා
ඔයගොල්ලො හැමෝගෙන්ම අහත විට ඔබ කවුරු වෙන්නද කැමති කියලා හැමදෙනාම උත්තර දෙනවා: අපි
මෙහෙට පැමිණියේ සාමාන්‍ය පිරිමියෙකු බවින් නාරායන් තත්ත්වයට පත් වීමටත් සාමාන්‍ය
කාන්තාවක බවින් ලක්ෂ්මි බවට පත් වීමටත් කියලා. ඒක සම්පුරණයෙන් නිවැරදියි නමුත්
තමන්ගේ ක්‍රියා කලාපය දෙසත් බැලිය යුතුයි. බාබා උසස්ම උසස් කෙනා. ඔහු ගුරුවරයා සහ
සත්ගුරු කිසි කෙනෙකු මේ පියාව දන්නේ නැහැ. දරුවන් වන ඔබ දන්නවා ශිව බාබා ඔබේ පියා
ගුරුවරයා සහ සත්ගුරු බව කෙසේ වෙතත් ඔහුගේ සත්‍ය ස්වරූපයෙන්ම ඔහු කෙබඳු දැයි අවබෝධ
කර ගන්න අපහසුයි ඔබ පියා ලෙස අවබෝධ කර ගත්තා නමුත් ඔහුගේ ගුරුවරයා සහ සත්ගුරු යන
චරිතයත් අමතක කළා. දරුවනි, ඔබ තුළ බාබා කෙරෙහි ගෞරවයක් තිබිය යුතුයි. ගෞරවයක් තිබීම
යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? බාබාට ගෞරව කිරීම යනු බාබා උගන්වන දෙය හොඳින් ඉගෙන
ගැනීමයි. බාබා ඉතා සුමිහිරියි. ඔබ තුළින් රසදිය කඳ නැමැති සතුට ඉහළ නගිනවා. හිස
පිපිරෙන තරමේ ඉහළ අංශකයේ සතුටක් ඔබ තුළ තිබිය යුතුයි. සෑම කෙනෙක්ම තමන්ගෙන් ඇසිය
යුතුයි. මට එවන් සතුටක් තියෙනවාද? හැමකෙනාම එක සමාන විය නොහැකියි. හැමකෙනාගෙම
ඉගෙනීම අතර විශාල වෙනසක් තියෙනවා. අනෙක් පාසල් වල පවා විශාල වෙනසක් තියෙනවා.
ඒවායෙහි උගන්වන්නේ සාමාන්‍ය ගුරුවරයෙක්. මෙහෙ මේ කෙනා අසාමාත්යයි. මොහු වගේ වෙනත්
ගුරුවරයෙක් ඉන්න බැහැ. අශරීරික පියාත් ගුරුවරයෙකු වන බව කවුරුත් දන්නේ නැහැ. ඔවුන්
ශ්‍රී ක්‍රිෂ්ණාගේ නාමය භාවිතා කළා: ඔවුන් දන්නේ නැහැ ඔහුට පියා වියනොහැකි බව
ක්‍රිෂ්ණා දේවතාවක්. "ක්‍රිෂ්ණා" යන තම ගොඩක් අයට තියෙනවා. ඔබ " ක්‍රිෂ්ණා " යැයි
කියන විටම මේ දේව ප්‍රතිමාව එනම් මනුෂ්‍යයෙක් තමයි ඔබ ඉදිරිපිට දෘෂ්‍යමාන වෙන්නේ.
මේ ශරීරය මොහුට අයිති නැහැ. ඔහු කියනවා; මා එය ණයකට ලබාගත්තා. මෙයා, මීට
මනුෂ්‍යයෙක් තවමත් මනුෂ්‍යයෙක් ඔහු දෙවියන් නොවෙයි. අශරීරික කෙනා පමණයි දෙවියන්
වෙන්නේ දරුවන් වන ඔබට බොහෝ රහස් විස්තර කර දෙනවා. තවමත් ඔබ අවසානයට තේරුම් ගන්නේ
පියා සහ ගුරුවරයා නමුත් තවම මෙය සිදුවිය නොහැකියි: ඔබ නැවත නැවතත් අමතක කරනවා. ඔබේ
බුද්ධිය මනුෂ්‍යයින් කෙරෙහි ඇදී යනවා. මේ අවසානම පියා ගුරුවරයා සහ සත්ගුරු යන බවට
බුද්ධියේ තවම විශ්වාසය නැහැ. ඔබ තවමත් අමතක කරනවා. ශිෂ්‍යයයෝ ඔවුන්ගේ ගුරුවරයාව
අමතක කරනවාද? නේවාසිකාගාර වල වාසය කරන අයට අමතක කළ නොහැකියි. තේවාසිකාගාර වල ඉන්න
ශිෂ්‍යයයෝ අනිවාරයයෙන් දැඩිව සිහිකරනවා. මෙහෙ දරුවන්ට ඒ දැඩි විශ්වාසයවත් නැහැ. සෑම
කෙනෙක්ම තමන්ගේ උත්සාහයට අනුව නේවාසිකාගාර වල අනුපිළිවෙලට හිඳ සිටිනවා. එම නිසා ඔබ
සියලුම දෙනා ශිෂ්‍යයින් වුවත් ඔබට තවම දැඩි විශ්වාසයක් නැහැ. බාබා තේරුම්ගෙන
තිබෙනවා සෑම කෙනෙක්ම ඉගෙනගන්නේ ඔවුන්ගේම උත්සාහයට අනුකූලවයි. ඒ ඉගෙනීමෙන් සමහරු
නීතිපතිවරු ඉංජිනේරුවන් සහ වෛද්‍යවරු බිහිවෙනවා. මෙහෙ. ඔබ ලෝක පාලකයින් වෙනවා.
එමනිසා ශිෂ්‍යයන් වන ඔබේ බුද්ධියත් ඊට අනුකූලව තිබිය යුතුයි. ඔබේ හැසිරීම සහ අදහස්
හුවමාරු කර ගැනීම් ඉතාමත් හොඳ විය යුතුයි. බාබා පැහැදිලි කරනවා දරුවනි ඔබ හැඩිය
යුතු නැහැ ඔබ ලෝක පාලකයින් වෙනවා. එක් එක් හේතුන් අරභයා නොහඩන්න. ශෝකාත්මක ලෙස
හැඩීම හැඩීමේ නරක ලක්ෂණයක්. බාබා කියනවා; හඩන අය තමයි පාඩු සිදුකර ගන්නේ ඔවුන්
ඉතාමත් දිව්‍යමය ලෝක රාජ්‍යයය අහිමිකර ගන්නවා. දරුවන් වන ඔබ කියනවා අප පැමිණියේ
සාමාත්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවත්වයට පත්වීමට කියලා නමුත් ඔබ ඊට ගැළපෙන අයුරින්
හැසිරෙන්නේ නැහැ. සෑම කෙනෙක්ම අනුපිළිවෙලට උත්සාහ දරනවා. සමහරු හොඳින් සමත් වී
ශිෂ්‍යත්ව ලබනවා. එහෙත් අන්‍යයන් අසමත් වෙනවා: සෑම කෙනෙක්ම අනුපිළිවෙලක් සහිතයි.
සමහරු ඉගෙනගන්නවා සමහරු කිසිවක්ම ඉගෙන ගත්තේ නැහැ. ගම්වල ඉන්න මිනිස්සු ඉගෙන ගන්න
කැමැත්තක් නැහැ. කෙසේවෙතත් ඔබ ඔවුන්ට තණකොළ කපන්න කිව්වත් ඔවුන් සතුටින් ඒක කරනවා.
නිදහස් වෙලාවක් තිබෙන අවස්ථාවන් වලදී ඔවුන් ඒවා කරනවා. ඔවුන් හිතනවා ඉගෙනීම බැඳීමක්
කියලා. ගොඩක් අය ඒවගේ. ධනවතුන් වතු අයිතිකාරයින් ද වෙනස් නැහැ ඔවුන් හිතනවා තමන්
ඉතා සතුටින් නිදසේ ඉන්නවා කියලා.ඔවුන් කරන නීත්‍යානුකූල රැකියා නොවේ ඔබව ලෝක
පාලකයින් කරවීමට බාබා දැන් දරුවන් වන රැකියාවක් ලබාගැනීමට හැකිවෙන්න කියල ඔහු ඔබට
උගන්වන්නේ නැහැ. මේ දැනුම රුකියාවන් පවා ඔබට උගන්වතවා. හැදෑරිමෙන් ලෝක පාලකයින් බවට
පත් වෙනවා. මෙය ඉතා දිව්‍යමය වූ ඉගැන්වීමක් මුළුමනින්ම ස්වාධින ලෝක පාලකයින් බවට ඔබ
පත් වෙනවා. මෙය ඉතා සරල කරුණක්. එවන් දිව්‍යමය සහ පිරිසිඳු රජවරු රැජිතන් බවට පත්
කරවන එකම ඉගැන්වීම මෙ යයි. ඔබ කියනවා: ඕනෑම ආගමක කෙනෙකුට පැමිණ මෙහි ඉගෙන ගත
හැකියි. ඔවුන් අවබෝධ කර ගන්නවා මෙය ඉතා දිව්‍යමය ඉගැන්වීමක් කියලා. ඔබව ලෝක
පාලකයින් කරවීමට බාබා උගන්වනවා. ඔබේ බුද්ධිය දැන් වඩාත් පුළුල් සහ සූක්ෂම වෙනවා. ඔබ
දරණ උත්සාහයට අනුකූලව බාබා අනුපිළිවෙලින් ඔබව සීමිත බවින් අසිමිත භාවය කරාගෙන යනවා.
අන්‍යයන්වත් ලෝක පාලකයින් කරවතාවා යන අති විශාල සතුටක් ඔබ අත්දැකිය යුතුයි. එහෙ
රැකියාවනුත් තියෙනවා. එහාට සේවක සේවිකාවනුත් අවශ්‍ය වෙනවා. ඉගෙනීමක් නොකරන අය ඉගෙන
ගන්නා අයගේ බරත් අරගෙන යනවා. මේ තිසයි බාබා කියන්නේ; හොඳින් ඉගෙන ගත්තොත් මේ වගේ
තත්ත්වයකට ඔබ පත් වෙනවා කියලා. දරුවන් වන ඔබ කියනවා මේ වගේ තත්ත්වයකට තමයි අපි පත්
වෙතේ. නමුත් ඔබ ඉගෙන ගත්තේ නැත්නම් ඔබ පත්වෙන තත්ත්වය කුමක්ද? ඉගෙන ගත්තේ නැත්නම්
ඔබට දැඩි ගෞරවයකින් බාබා සිහිකරන්න බැහැ. බාබා කියනවා වැඩියෙන් සිහිකරන තරමට
වැඩියෙන් පාපයන් විනාශ වී යනවා. දරුවන් වන ඔබ කියනවා: බාබා ඔබ කියත ඕනෑම දෙයක් අපි
කරනවා. මොහු මාරගයෙන් බාබා ඔබට අණ කරනවා නමුත් සමහරු මොහුගේ අණ පිළිගන්නේ නැහැ. ඔබ
තවම නිරන්තරයෙන් අනුගමනය කරන්නේ මනුෂ්‍යයින්ගේ පැරණි පල්වෙච්ච අණයි. මේ වාහනය
මාරගයෙන් ශිව බාබා අණ දෙන බව දැන සිටියද තවමත් ඔබ අනුගමනය කරන්නේ තමන්ගේම අණ පමණයි.
සතයක් හෝ බෙලිකටුවක් තරම් වටිනා අණ පමණයි ඔබ අනුගමනය කරන්නේ දැන් රාවන්ගේ අණ
අනුගමනය කිරිමෙන් . හැමකෙනෙකුම බෙලිකටු තරමටම නොවටිනා තත්ත්වයට පත්වෙලා රාමා ශිව
බාබා ඔබට උපදෙස් ලබාදෙනවා. විශ්වාසය ඇති විට එතැන ජයග්‍රහණයත් තිබෙනවා. මේ තුළ
කිසිම අහිමි වීමක් සිදුවෙන්නේ නැහැ. බාබාත් පාඩුව ලාභයක් බවට පත් කරනවා. නමුත් තම
බුද්ධියේ විශ්වාසය තබාගෙන සිටින අයට පමණයි බාබා මෙලෙස කරන්නේ. තම බුද්ධියේ සැක
තබාගෙන සිටින අය ඇතුලාන්තයෙන් හිර වෙනවා. බුද්ධියෙහි විශ්වාසය අන්තරගත වන අය හිර
වෙන්නේ නැහැ. ඔවුන් පාඩුවක් අත්විඳින්නේ නැහැ. බාබා පොරොන්දුව දෙනවා. ශ්‍රීමත්
අනූගමනය කරන විට ඔබට කිසිම පාඩුවක් අත්දැකීමට සිදු වෙන්නේ නැහැ. මනුෂ්‍ය අණ ශාරීරික
සජීවයන්ගේ අණයි. මෙහෙ තියෙන්නේ මනුෂ්‍ය අණ පමණයි. මනුෂ්‍ය අණ දෙවියන් වහන්සේගේ අණ
සහ දේවතාවන්ගේ අණ පමණයි තියෙනේ ඔබ දැන් මනුෂ්‍යත්වයෙන් දේවත්වයට පත්වීම උදෙසා දේව
අණ ලබනවා. දිව්‍ය ලෝකයේදී ඔබ අත්දකිනුයේ සතුට පමණයි. එහෙ දුකක් නැහැ තිරන්තර සතුට
එහෙ පවතිනවා. මේ කාලයේ ඔබට මේ හැඟීම ඇති විය යුතුයි. අනාගතය පිළිබඳ හැඟීමක් ඔබට
තියෙනවා. ඔබේ අනාගතය පිළිබඳ හැඟීමක් ඔබට තියෙනවා. මේ ශ්‍රීමත් ලබන්නා වූ ඉතා
මංගල්‍ය වූ සංගම යුගයයි. බාබා කියනවා: මම කල්පයෙන් කල්පය සංගම යුගයේදී පැමිණෙනවා.
ඔබ මොහුව දන්නවා ඔහුගේ අණ අනුගමනය කරන්න. බාබා කියනවා; නිවෙස් වල වාසය කරන්න. ඇඳුම්
පවා වෙනස් කළ යුතුයි කියලා කවුද කිව්වේ? ඔබට ඕනෑ දෙයක් අඳින්න. ඉතින් එවිට ඔබට
ගොඩක් මිනිසුන් ආශ්‍රය කරන්න පුළුවන් පාට ඇඳුම් අඳින්න තහනමක් නැහැ. ඔබට ඕන ඇඳුමක්
අඳින්න; ඒකත් එක්ක කරන්න කිසිම වැඩක් නැහැ. කෙසේ වෙතත් බාබා කියනවා: සියලුම ශාරීරික
නෑසබඳකම් ඔබේම ශරීරය සමඟ ඇති සම්බන්ඳකම් සමඟම ඇති අවධානයන් දුරු කර ඔබට අවශ්‍ය ඕන
ඇඳුමක් අඳින්න සරල ලෙස තමන් ජීවයක් බව අවධාරණය කරගෙන බාබා සිහිකරන්න. මේ දැඩි
විශ්වාසය ධාරණය කර ගන්න. ඔබත් දන්නවා ඒ ජීවයන් වන ඔබයි නැවතත් අපිරිසිඳු සහ
පිරිසිඳු වෙන්නේ කියලා. මහාත්මා කෙනෙකුට උසස් ජිවයක් කියනවා; උසස් උත්තරීතර ජීවය
කියා කියන්නේ නැහැ. එලෙස කීම නිවැරදි නැහැ. මේවා තේරුම්ගත යුතු ඉතාමත් ලස්සන කරුණු
හැමටම ජීවත මුක්තිය සළසන සත්ගුරු තමයි එකම පියා. එහෙ අකල් මරණ සිදු වෙන්නේ නැහැ.
දරුවන් වන ඔබ අවබෝධ කර ගන්නවා දැන් බාබා ඔබව නැවතත් දේවත්වයට පත්කරන බව. ඉස්සර එය
ඔබේ බුද්ධියෙහි තිබුණේ නැහැ. කල්පයක කාල වකවානුව කුමක්ද කියලාවත් ඔබ දැන ගෙන සිටියේ
නැහැ. හැමදේම දැන් ඔබට සිහිවෙනවා. ජීවය තමයි පාපකාරී ජිවය හෝ පිරිසිඳු චරිතවත් ජීවය
ලෙස හැඳින් වෙන්නේ. පාපකාරි උත්තරීතර ජිවය යැයි කියන්නේ නැහැ. එම නිසා දෙවියන්
හැමතැනම ඉන්නවා යැයි කීම් ඒ තරම්ම අසංවේදී භාවයක්. බාබා පමණයි මෙතැන හිඳ මෙය
පැහැදිලි කරන්නේ, අවුරුදු 5000 කට පසුව බාබා පැමිණ පාපකාරි ජීවයත් චරිතවත් ජීවයන්
බවට පත් කරනවා. ඔහු එක්කෙනෙකු පමණක් වෙනස් කරන්නේ නැහැ . ඔහු තමන්ගේ සියලුම දරුවන්
පරිවර්තනයකට ලක්කරනවා. බාබා කියනවා; මා දරුවන් වන ඔබව පරිවතනය කරන අසීමිත පියායි.
මට දරුවන්ට අසීමිත සතුටක් දිය හැකියි. ස්වරණමය යුගයේ ඉන්නේ පාරිශුද්ධ ජීවයන් රාවණ්
පරාජය කිරීමෙන් ඔබ චරිතවත් ජීවයන් වෙනවා. මායා බොහෝ බාධක එල්ල කරන බව ඔබට හැඟෙනවා.
ඇය ඔබේ තහයෙන් අල්ලගෙන හුස්ම නවත්වනවා. මායා සමඟ යුද්ධ හටගන්නේ කොහොමද කියලා ඔබට
අවබෝධ වෙනවා. කෙසේ වෙතත් ඔවුන් කවුරවයින් පාණ්ඩවරුන් සහ හමුදාව අතර යුද්ධය
පෙන්වනවා. කිසි කෙනෙකු මේ යුද්ධය ගැන දන්නේ නැහැ. එය අදෘෂ්‍යමානයි. ඔබ පමණයි මෙය
තේරුම් ගන්නේ. ජිවයන් වන ඔබ මායා සමඟ යුද්ධ කළ යුතුයි. බාබා කියනවා රාගය තමයි ඔබේ
දරුණුතම හතුරා, යෝගා බලයෙන් ඔබ එය පරදවනවා. යෝගා බලයේ අථය කිසි කෙනෙකු අවබෝධ කරගෙන
නැහැ. සස්තෝප්රධාන අය තමයි දැන් තමෝ ප්‍රධාන් වෙන්නේ බාබා කියනවා: මා මොහුගේ උපත්
ගණනාවකින් අවසාන උපතේ දී ඔහුට ඇතුළු වෙනවා. ඔහු තමයි තමෝ ප්‍රධාන් භාවයට පත් වූයේ
ඔබටත් එය අදාල වෙනවා (තත් - තවම්). බාබා මේක එක් කෙනෙකුට පමණක් කියන්නේ නැහැ ඔහු
හැමෝටම අනුපිළිවෙලින් මෙහෙම කියනවා. අනුපිළිවෙලට කවුරු හරි ලබන නොම්බරය ඔබ දන්නවා
ගැඹුරට යන විට මීටත් වඩා කරුණු දැනගැනීමට ලැබෙයි. ඔබට මඤ්ඤාමයේ දර්ශණයක් ලබා දුන්නා
පාසලක දරුවෝ උසස් වෙත කොට හැමෝම ප්‍රතිඵල හොයනවා. බාබා දරුවෙක් ගෙන් අහනවා:ඔබේ.
විභාග ප්‍රශ්ණ පත්‍රය එන්නේ කොහෙන්ද? එවිට ඇය පිළිතුරු දෙනවා: ලන්ඩන් වලින් දැන්
ඔබේ ප්‍රශ්ණ පත්‍ර එන්නේ කොහෙන්ද? ඒව එන්නේ ඉහළ ඉඳන් ප්‍රශ්ණ පත්‍ර එන්නේ ඉහළ ඉඳන්
හැමදේකම දරශණ ඔබට ලැබෙනවා. මෙය එවන් පුදුම සහගත ඉගෙනීමක්. කිසි කෙනෙකු දන්නේ නැහැ
කවුද උගන්වන්නේ කියලා. ඔවුන් කියනවා ක්‍රිෂ්ණා දෙවියන් කථා කරනවා. හැමකෙනෙකුම
අනුපිළිවෙලට ඉගෙන ගන්නවා ඔවුන්ගේ සතුටත් අනු පිළිවෙලකින් යුක්තයි. මේ නිසා තමයි
කියන්නේ ඔබට අතින්ද්‍රිය සතුට අත්දැකිය යුතු නම් ගෝප් සහ ගෝපීන්ගෙන් අහන්න කියලා.
මෙය අවසාන වේදිකාවයි. බාබා පැහැදිලි කරනවා කාට කාටහරි ඔහු කිව්වොත් මෙයා නම් කිසි
විටෙක පහතට වැටෙන්නේ නැහැ කියලා ඒ කෙතා සිදුවෙන්න යන්නේ කුමක්ද කියා කියන්නේ නැහැ.
ඔවුන් ඉගෙන ගත්තේ නැහැ. එය ඔවුන්ගේ වාසනාවේ නැහැ. ඔවුන්ට ගෙවල් වලට යන්න කියල
කිව්වොත් ඉක්මනින්ම ඒ ලෝකෙට යා හැකියි. ඔවුන් එවන් උසස් තත්ත්වයක් අතහැර විනාශයට
පත් වෙනවා. ඔවුන්ගේ හැසිරිම කථා කරන ස්වරූපය හැමදේම වෙනස් වෙනවා. ඔවුන් හිතනවා
ඔවුන්ට එවන් අවස්ථාවක් උදාවුව හොත් වෙවී තතියම වාසය කරනවා කියලා. ඔවුන්ගේ
හැසිරිමෙන් මෙය අවබෝධ වෙනවා. ඉන් අදහස් වෙන්නේ ඔවුන්ට විශ්වාසයක් නොමැති බව සහ
මෙතැන නිකම් ඔහේ බලාපොරොත්තු රහිත බවකින් සිටින බවයි. දැනුම ගැන පළවෙනි අකුරවත්
නොදන්න අය ගොඩක් ඉන්නවා. සමහරු ඉගෙන ගන්න ඉඳගන්නෙවත් නැහැ. මායා ඔවුන්ට ඉගෙන ගන්න
ඉඩතියන්නේ නැහැ. ඒ වගේ ජීවයන් හැම මධ්‍යස්ථානයකම ඉන්නවා; ඔවුන් ඉගෙන ගන්න එන්නේ
නැහැ එය පුදුමයක්. මෙය එවන් දිව්‍යමය ඉගෙනිමක්. දෙවියන් ඔබට උගන්වනවා. බාබා ඔවුන්ට
යමක් කරන්න එපා කිව්වහම ඔවුන් ඊට සවන් නොදී තවමත් වැරදි ක්‍රියා කරනවා. රාජ්‍යයයක්
ගොඩනැඟෙනවා ඉතින් සෑම ආකාරයකම අත්‍යාවශ්‍ය දේවල් ඉහළින් පහළට අවශ්‍ය වෙනවා.
තත්ත්වයේ විවිධත්වයක් තියෙනවා. මෙහෙත් තත්ත්වයන් අනු පිළිවෙලකින් යුක්තයි. එහෙනම්
තියෙන වෙනස කුමක්ද? එහෙ ආයු කාලය දිගයි සහ සතුට තියෙනවා. මෙහෙ . ආයු කාලය කෙටියි සහ
දුක තියෙනවා. මේව තමයි දරුවන් වන ඔබේ බුද්ධියෙහි ඇති පුදුම සහගත කරුණු නාටකය
නිරමාණය වෙනවා ඉතින් ඔබ චක්‍රයෙන් චක්‍රය එකම කොටස රඟපානවා. එය නොකඩවා කල්පයෙන්
කල්පය රඟපාතවා එවන් කුඩා ජීවයක් තුළ එතරම් අති විශාල කොටසක් අන්තරගත වෙනවා. එය එකම
ලක්ෂණ සහ එකම ක්‍රියාවන් හදාගන්නවා. ලෝක චක්‍රය නොනවත්වා කැරකැවෙනවා. සිදුවීමට
තීරණය වූ දෙය එයයි. මේ චක්‍රය නොනවත්වා නැවත ක්‍රියාත්මක වෙනවා. ඔබ සන්තෝ ප්‍රධාන්
සතො රජෝ සහ තමෝ යන තත්ත්වයන් කරා යනවා. මේ ගැන කලබල වෙන්න කිසිවක් නැහැ. තමන්
ජීවයක් ලෙස අවධාරණය කර ගත්තාද? ජීවයන්ගේ පියා ශිව බාබා: අඩුම තරමින් මෙයවත් අවබෝධ
කර ගන්න . එහෙම නේද? එමනිසා සතෝප්‍රධාන්ව සිටි අය තමයි නැවත වරක් තමෝප්‍රධාන්
වෙන්නේ බාබා සිහිකිරීමෙන් ඔබ නැවත වතාවක් සතේ ප්‍රධාන් වෙනවා. මෙය හොඳයි. මේ
කරුණෙන් ඔවුන්ව නැවැත්විය යුතුයි. ඔවුන්ට කියන්න අසීමිත පියා දිව්‍ය ලෝක උරුමය දෙන
බව ඔහු පාරිශුද්ධත්වයට පත්කරන්නායි: ඔහු දැනුම දෙනවා. මේ සම්බන්ධව ග්රන්ථ එහෙම
නැහැ. ආරම්භයේදී ග්රන්ථ ආවේ කොහෙන්ද? පැතිරිම ඇති වන විටයි ග්රන්ථ නිරමාණය
වෙන්නේ. ස්වරණමය යුගයේ ග්රන්ථ නැහැ; කිසිම දෙයක් මුළු කාලය පුරාම පවතින්නේ නැහැ.
හැමදේකම නමත් ස්වරූපයත් වෙනස් වෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශෝකාකූලව
නොහඬන්න. ලෝක පාලකයින් වෙන්නේ අපයි යන්න බුද්ධියෙහි රැඳීමට ඉඩ හරින්න. ඉතින් ඊට අපේ
ක්‍රියා කලාපයන් සහ අදහස් හුවමාරු කර ගැනීම් ඉතා හොඳ විය යුතුයි. ඔබ නොහැඬිය
යුතුයි.
2. බුද්ධියෙහි
විශ්වාසය රැඳි කෙනෙකු වී නිරන්තරයෙන් බාබාගේ අණ අනුගමනය කරන්න. කලබලයට පත් වන්න හෝ
බෙල්ල හිර කර ගන්න එපා. විශ්වාසය මඟින් ජයග්‍රහණය ඇති වේ. ඒ නිසා, සතයක් තරම් වටිනා
තමාගේම වූ මතිමතාන්තර අනුගමනය නොකරන්න.
වරදානය:
සියලු
දෙනාගෙන් ආශිර්වාද ලබා ගැනීමට ඔබ සුදුසු වී, සියලු සිදුවීම් වලට නැවතීමේ තිතක්
තැබීමෙන් තමන්ව පරිවර්ථනය කර ගනිත්වා.
තිතක ස්වරූපය වන පරම
පියා සහ ජීවාත්මයන්ගේ තිතක ස්වරූපය ඔබගේ අවධානයේ තිබෙන විට, ඔබට පාලන බලයෙන් ඕනෑම
සිදුවීමකට නැවතීමේ තිතක් තැබිය හැක. සියලු අවස්ථාවන්හි තමන්ව පරිවර්ථනය කර නැවතීමේ
තිතක් තැබීමට යොමු වන දරුවන්, ආශිර්වාද ලැබීමට සුදුසු වෙයි. ඔවුන්ට තමන්ගෙන්
ආශිර්වාද ලැබෙයි, එනම්, ඔවුන්ට සතුට ලැබෙයි, එමෙන්ම ඔවුන්ට පියාගෙන් සහ බ්‍රහ්මින්
පවුලෙන්ද ආශිර්වාද ලැබෙයි.
පාඨය:
ඔබ නිර්මාණය
කරන සිතිවිලි වලට විටින් විට අධිෂ්ඨානයේ මුද්‍රාවක් තබන්න, එවිට ඔබ ජය ලබයි.