22.12.24 Avyakt Bapdada
Sinhala
Murli 17.03.2003 Om Shanti Madhuban
නිරතුරුව ඔබගේ
ආත්ම-අභිමානයේ රැදී සිට, සියලු දෙනාට ගෞරවය ලබා දී,
ඔවුන්ව බලවත් කිරීමට සහයෝගය ලබා දෙන්න.
අද භාග්‍යය
පිරිනමන්නා වන බාප්දාදා සෑම තැනකම සිටින ඔහුගේ සෑම දරුවෙකුගේම නළලේ භාග්‍යයේ රේඛා
තුන දකිනවා. එකක් දේවමය පෝෂණයේ භාග්‍ය රේඛාවයි. දෙවැන්න සත්‍ය ගුරුවරයාගේ ශ්‍රේෂ්ඨ
ඉගැන්වීම් වල භාග්‍ය රේඛාවයි. තුන්වැන්න, දීප්තිමත්ව බැබලෙන ශ්‍රීමත් රේඛාවයි. රේඛා
තුනම සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ නළල මධ්‍යයේ අලංකාරව දිදුලනවා. ඔබ සියලු
දෙනාමත් ඔබගේ තුන් ආකාරයේ භාග්‍ය රේඛා දකිනවා නේද? භාග්‍යය පිරිනමන්නා ඔය දරුවන්ගේ
පියා බැවින් මෙතරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක්, ඔබ හැර වෙනත් කිසිවෙකුට තිබිය හැකිද? ලෝකයේ
ජීවාත්ම මිලියන සංඛ්‍යාවක් සිටින බව බාප්දාදා දකිනවා, නමුත් එම මිලියන සංඛ්‍යාව
අතරින් මෙය 600,000ක පවුලකි. ඔබ ඉතා ස්වල්ප දෙනෙකි. එබැවින් ඔබ ප්‍රකෝටි ගණනකින්
අතලොස්සක් නේද? සාමාන්‍යයෙන් මේ දේවල් තුනම - පෝෂණය, ඉගෙනුම සහ ශ්‍රේෂ්ඨ උපදෙස් -
සෑම මනුෂ්‍යයෙකුටම ඔවුන්ගේ ජීවිතයට අවශ්‍යයි. කෙසේවෙතත්, මෙම දේවමය පෝෂණය සහ උපදෙස්
සහ දේවතා ජීවාත්ම සහ මනුෂ්‍ය ජීවාත්මයන්ගෙන් ලැබෙන පෝෂණය සහ ඉගැන්වීම් අතර දිවා
රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. එබැවින් ඔබගේ භාග්‍යය බොහෝ ශ්‍රේෂ්ඨයි; ඔබ ඒ ගැන
සිහිනෙන් පවා සිතුවේ නැහැ. කෙසේවෙතත්, දැන් ඔය සෑම කෙනෙකුගේම හදවත ගයන්නේ: “මට එය
ලැබී ඇත!” ඔබට එය ලැබී තිබෙනවාද, නැත්නම් ඔබට එය ලැබීමට තිබෙනවාද? ඔබ කුමක් කියයිද?
ඔබට එය ලැබී තිබෙනවා නේද? එවන් දරුවන්ගේ භාග්‍යය දැකීමෙන් පියාද සතුටු වනවා. දරුවන්
පවසන්නේ: “අපූරුයි බාබා! අපූරුයි!” (එය බාබාගේ ආශ්චර්යයි!) එවිට පියා පවසන්නේ:
“අපූරුයි දරුවනේ! අපූරුයි!” (එය ඔය දරුවන්ගේ ආශ්චර්යයි!) මෙම භාග්‍යය ඔබගේ අවධානයේ
තබාගෙන පමණක් නොසිටින්න, නමුත් එම අවධානයේ නිරන්තර ප්‍රතිමූර්ති බවට පත් වන්න. සමහර
දරුවන් ඉතා හොදින් සිතයි, නමුත් ඔබ සිතිවිලි වල ප්‍රතිමූර්තියක් (සෝච්නා ස්වරූප්)
නොවිය යුතුයි. සිහිපත් කිරීමේ ස්වරූපයක් වන්න (ස්මෘති ස්වරූප්). සිහිපත් කිරීමේ
ප්‍රතිරුවක්, බලයේ ප්‍රතිරුවකි (සමර්ත් ස්වරූප්). සිතිවිලි වල ප්‍රතිමූර්තියක්,
බලයේ ප්‍රතිරුවක් නොවෙයි.
දරුවන්ගේ විවිධ
ක්‍රීඩා දැක බාප්දාදාගේ මුවගට නොකඩවා මද සිනහවක් නැගෙයි. සමහර දරුවන් සිතිවිලි
ප්‍රතිරූ ලෙස රැදී සිටියි; ඔවුන් නිරන්තර සිහි කිරීමේ ප්‍රතිරූ ලෙස රැදී නොසිටියි.
විටෙක ඔවුන් සිතිවිලි වල ප්‍රතිරූ වන අතර තවත් විටෙක සිහි කිරීමේ ප්රතිරූය.
සිහිකිරීමේ ප්‍රතිරූ ලෙස රැදී සිටින අය නිරතුරුව සිටින්නේ ඔවුන්ගේ ස්වාභාවික
ස්වරූපයේය. සිතිවිලි වල ස්වරූප ලෙස සිටින අයට උත්සාහ දැරීමට සිදුවෙයි. මෙම සංගම
යුගය උත්සාහ දැරීමට ඇති යුගයක් නොවෙයි. එය සියලු ලැබීම් අත්විදින යුගයකි. ඔබ උපත්
63ක් උත්සාහ දරමින් හිද ඇත, නමුත් දැන් එය එම උත්සාහයන්ගේ ඵලය ලබා ගන්නා යුගයයි,
එනම්, කාලයයි.
ශරීරය පිළිබද අවධානය
ඇති කිරීමට ඔබ උත්සාහ දැරුවාද කියා බාප්දාදා බලමින් සිටියා. “මම අහවල් කෙනා. මම
අහවල් කෙනා.” ඒ සදහා ඔබ කිසිදු උත්සාහයක් දැරුවාද? එය ස්වාභාවික විය, එහෙම නේද?
ශරීර අවධානය ඔබගේ ස්වභාවය විය, එහෙම නේද? එය කෙතරම් ශක්තිමත් ස්වභාවයක් වුනාද යත්,
දැන් පවා, ජීවාත්ම අවධානයට පත්වන කාලයේ පවා, සමහර දරුවන්ව ශරීර අවධානය ඇද ගනී. එවිට
ඔබ සිතන්නේ, “මා ජීවාත්මයක්. මා ජීවාත්මයක්.” කෙසේවෙතත්, ශරීර අවධානය කෙතරම්
ස්වාභාවික වී තිබේද යත්, ස්වකීය කැමැත්තට විරුද්ධව පවා හෝ ඔබ ඒ ගැන නොසිතන විට පවා,
ඔබ නැවත නැවතත් ශරීර අවධානයට පත් වෙයි. බාප්දාදා පවසන්නේ : දැන් ඔබ ජීවමානව මියැදෙන
උපතේදි, ඔබගේ ජීවාත්ම අවධාන ස්ථිතිය, ජීවාත්ම පිලිබද අවධානයද, ඔබගේ ස්වාභාවික
ස්වභාවය කරගෙන, එය ස්වාභාවික විය යුතුයි. “මම ජීවාත්මයක්, මා ජීවාත්මයක්” වැනි
උත්සාහයක් කිරීමට ඔබට අවශ්‍ය නොවිය යුතුයි. දරුවෙක් ඉපදි, වටහාගැනීමට පටන් ගන්නා
විට, ඔහු වැඩෙත්ම, ඔහු කවුරුන්ද සහ ඔහු අයත් වන්නේ කාටද යන හැදින්වීම ඔහුට ලබා
දෙයි. ඔබ උපත් ලද විට ඔය බ්‍රහ්මින් දරුවන්ට ලැබුණේ කුමන හැදින්වීමද? ඔබ කවුද?
ජීවාත්මය යන පාඩම ඔබට ස්ථිර කළා, එහෙම නේද? එබැවින් මෙම පළමු හැදින්වීම ඔබගේ
ස්වාභාවික ස්වභාවය කරගන්න. ස්වභාවයක්, ස්වාභාවික මෙන්ම නිරන්තරයි. එය සිහි කිරීමට
ඔබට උත්සාහ දැරීමට අවශ්‍ය නොවෙයි. ඒ අන්දමින්ම කාලයට අනුව, දැන් සෑම බ්‍රහ්මින්
දරුවෙකුගේම ජීවාත්ම අවධාන ස්ථිතිය ස්වාභාවික විය යුතුයි. සමහර දරුවන්ට මෙම මනෝ
ස්ථිතිය තිබෙනවා. ඔවුන්ට ඒ ගැන සිතීමට අවශ්‍ය නැති අතර ඔවුන් සිහි කිරීමේ
ප්රතිමූර්තීන්ය. ඔබ දැන් අනිවාර්යෙන් නිරතුරුව සහ ස්වාභාවිකව සිහි කිරීමේ
ප්‍රතිමූර්තියක් විය යුතුයි. සියලුම බ්‍රහ්මින්වරුන්ගේ අන්තිම, අවසන් ප්‍රශ්න
පත්‍රය වන්නේ බැදීම් ජයගන්නෙක් සහ සිහි කිරීමේ ප්‍රතිමූර්තියක් වන මෙම කුඩා ප්‍රශ්න
පත්රයයි.
එසේ නම් ඔබ මේ වසරේ
කරන්නේ කුමක්ද? සමහර දරුවන් මෙසේ විමසයි: “මේ වසරේ අපට තිබිය යුතු විශේෂ අරමුණ
කුමක්ද?” බාප්දාදා පවසන්නේ : ඔබ නිරන්තරයෙන් ජීවාත්ම අවධානයට පත් වී ස්මරණයේ
ප්‍රතිමූර්තියක් වේවා. ඔබට කොහොමත් ජීවන-මුක්තිය ලැබීමට තිබේ, නමුත් ඔබ
ජීවන-මුක්තිය ලබා ගැනීමට පෙර වෙහෙස වීමට සිදු වීමෙන් නිදහස් වන්න. ඔබගේ මෙම මනෝ
ස්ථිතිය, කාලය සමීපයට ගෙනැවිත් ලොවෙහි ඔබගේ සියලුම සහෝදර සහෝදරියන්ව දුකින් සහ
අසාමයෙන් මුදවයි. ඔබගේ මෙම ස්ථිතිය විමුක්ති දේශයට දොරටු විවෘත කරයි. එබැවින් ඔබගේ
සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබට අනුකම්පාවක් නැද්ද? සෑම තැනකම ජීවාත්ම අසරණ බවින් හඩා
වැටෙමින් සිටියි, එබැවින් ඔබගේ විමුක්තිය, සියලු දෙනාට විමුක්තිය ලබා ගැනීමට
මගපාදයි. එබැවින් ඔබට මෙම ස්වාභාවික අවධානය සහ ඒ අනුව බලවත් ස්වරූපයක් කෙතරම් දුරට
තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. බලයේ ප්‍රතිමූර්තියක් වීම යනු, සියලු නිෂ්ඵලත්වය
පහසුවෙන් අවසන් වීමයි. ඔබට එම උත්සාහය නැවත නැවතත් සිදු කිරීමට අවශ්‍ය නොවෙයි.
දැන් මේ වසරේ, දරුවන්
කෙරෙහි ඇති සෙනෙහස නිසා, කිසිම ගැටළුවක් නිසා ඔබගෙන් කිසිම දරුවෙක් වෙහෙස වනවා
දැකීමට බාප්දාදා අකමැතියි. ගැටළුව අවසන් කර විසදුම් වල බලවත් ප්‍රතිමූර්තියක් වන්න.
මෙය කළ හැකිද? මෙය කළ හැකිද? දාදීන්, කතා කරන්න! ගුරුවරු කතා කරන්න! මෙය කළ හැකිද?
පාණ්ඩවයන් මෙය කළ හැකිද? පසුව නිදහසට කාරණා නොකියන්න: “මේ නිසා, මේ දේ වුණු නිසා...
මෙය සිදු නොවුණා නම්, එවිට මෙසේ නොවෙයි.” බාප්දාදා දැනටත් බොහෝ ක්‍රීඩා දැක ඇත, ඉතා
මිහිරි ක්‍රීඩා. කුමක් සිදුවුණත්, ගැටළුවේ ස්වභාවය හිමාල කන්දට වඩා සිය ගුණයක්
විශාල වුණත්, ගැටළුව පැමිණෙන්නේ ඔබගේ සිරුර, මනස, වෙනත් පුද්ගලයෙක් හෝ සොබා දහමේ
පදාර්ථ වලින් වුවද, ඔබගේ ආදි ස්ථිතිය ඉදිරියේ බාහිර සිදුවීම් වන ගැටළු, සුළු දෙයකි.
ඔබගේ ආදි ස්ථිතිය නිර්මාණය කරන අන්දම වන්නේ, ස්ව-අභිමානය තිබීමය. ස්වභාවික අන්දමකට
ආත්ම-අභිමානය තිබිය යුතුයි. ඔබට එය මතක් කර ගැනීමට අවශ්‍ය නොවිය යුතුයි; ඔබට එම
උත්සාහය නැවත නැවතත් දැරීමට අවශ්‍ය නොවිය යුතුයි. “නැහැ, මා සැබවින්ම ස්ව-දර්ශන
චක්රධාරියෙක්මි, මා දෑසේ ආලෝකයයි, මා හදවත් සිහසුනේ අසුන්ගෙන සිටිනවා. මා මෙයයි.”
වෙන කිසිවෙක් මෙය වීමට යනවාද? පෙර චක්‍රයේ මෙය බවට පත් වුනේ කවුද? මෙය බවට පත්වුනේ
වෙන කෙනෙක්ද, නැත්නම් මෙය වුනේ ඔබද? එය වුනේ ඔබයි, එය ඔබයි, එමෙන්ම සෑම කල්පයකදීම
ඔබ මෙය වෙයි. මෙය නියම වී ඇත. බාප්දාදා සියලු මුහුණු දකිනවා. ඔබ සියලු දෙනාම පෙර
කල්පයේ එම අයමයි. ඔබ මෙම චක්‍රයේද? නැත්නම් මින් පෙර බොහෝ චක්‍ර වල සිටි, එම අයමද?
ඔබ බොහෝ කල්ප වල සිටි එම අයමයි නේද? ඔබ එම අයද? සෑම කල්පයකදීම සිටි එම අයම වන අය,
අත් ඔසවන්න! එසේ නම් එය නියම වී තිබෙනවා නේද? ඔබට සමත් වීමේ සහතිකය ලැබී තිබෙනවා
නේද? නැත්නම් ඔබ එය හිමි කර ගත යුතුද? ඔබට එය ලැබී තිබෙනවා නේද? ඔබට එය ලැබී
තිබෙනවාද, එසේ නැත්නම් ඔබ එය හිමි කරගත යුතුද? ඔබට පෙර කල්පයේදි එය හිමි විය, එසේ
නම් ඔබට එය දැන් හිමි නොවන්නේ ඇයි? මෙම සිහියේ ප්‍රතිරූ වන්න. ඔය සෑම කෙනෙකුටම
සහතිකයක් ලැබී තිබෙනවා. සම්මාන ඇතිව සමත් වන අය සහ නිකම්ම සමත් වන අය අතර වෙනසක්
තිබෙයි, නමුත් ඔබ එම අයමයි. ඔබට මේ ගැන සැකයක් නැහැ නේද? එසේ නැත්නම් දුම්රියේ ගමන්
කරන විට ඔබට මෙය අමතක වෙයිද? ඔබ ගුවන්යානාවේ යන විට, එය ඉවතට පියාසර කර යයිද? නැහැ.
නිදසුනක් ලෙස, මේ
වසරේ සෑම තැනකම බොහෝ උනන්දුවෙන් සහ උද්යෝගයකින් ශිව රාත්‍රිය සැමරීමට ඔබ අධිෂ්ඨාන
කර ගත් බැවින් ඔබ එය සැමරුවා නේද? ඔබ අධිෂ්ඨානයෙන් කුමන සිතිවිල්ලක් ඇති කළත් ඔබ එය
නිම කළා, එහෙම නේද? එබැවින් මෙය කුමක විශ්මයක්ද? එකමුතුකම සහ අධිෂ්ඨානයේ. වැඩසටහන්
67ක් කිරීමට ඔබ සිතූ නමුත් එම සංඛ්‍යාවට වැඩි වැඩසටහන් ගණනක් බොහෝ දරුවන් සිදු කළ
බව බාප්දාදා දුටුවා. මෙය බලවත් ස්වරූපයක ලක්ෂණයක්. එය උනන්දුව සහ උද්යෝගයේ
ප්‍රායෝගික සාක්ෂියයි. ඔබ සෑම තැනකම මෙය ඉබේටම සිදු කළා නේද? ඒ අන්දමින්ම ඔබ සියලු
දෙනාම එකතුව එකිනෙකාව දිරිගන්වා මෙම සිතිවිල්ල ඇති කරයි: “අප දැන් අනිවාර්යෙන් කාලය
සමීපයට ගෙන ආ යුතුයි. ජීවාත්මයන්ට මුක්තිය ලබා ගැනීමට අප මගපෑදිය යුතුයි.”
කෙසේවෙතත්, ඔබ ස්මරණයේ ප්‍රතිමූර්ති වී, ඔබගේ සිතිවිලි ප්‍රායෝගික ස්වරූපයකට දැමූ
විටයි මෙය සිදුවන්නේ.
විදෙස් රටවල අය විශේෂ
ස්නේහ මිලන් හෝ රැස්වීමක් පැවැත්වීමට යන බව බාප්දාදාට අසන්නට ලැබුණු අතර භාරතයේ
ජනතාවත් රැස්වීමක් පවත්වයි, එබැවින් රැස්වීමේදි සේවය සදහා සැලසුම් පමණක් නොසාදන්න.
සැලසුම් සාදන්න, නමුත් සමබරතාවයක් තිබිය යුතුයි: ඔබ සියලු දෙනාම මාස්ටර් සර්ව
බලධාරීන් වී නොකඩවා ඉදිරියට පියාසර කරන අන්දමට එකිනෙකාට සහයෝගය ලබා දෙන්න.
දානපතියෙක් වී, සහයෝගය ලබා දෙන්න. ඔබගේ ආත්ම-අභිමානයේ රැදී සිට ගෞරවය ලබා දීමෙන්
සහයෝගී වන්න, මන්ද, ඔබගේ හදවතින්ම ඔබ ඕනෑම ජීවාත්මයකට ගෞරවය ලබා දුන් විට එය මහා
පුණ්යකර්ම ක්‍රියාවකි. ඔබ දුර්වල ජීවාත්මයකට උනන්දුව සහ උද්යෝගය ලබා දුන්නා,
එබැවින් එය මහා පුණ්‍යකර්මයකි. දැනටමත් වැටී ඇති අයව ඔබ පහළට තල්ලු නොකළ යුතුයි, ඒ
වෙනුවට ඔවුන්ව වැළද ගත යුතුයි - බාහිරව නොවෙයි. ඔවුන්ව වැළද ගන්නවා යනු ඔවුන්ව පියා
හා සමාන බවට පත් කිරීමයි. ඔවුන්ට සහයෝගය ලබා දෙන්න.
මේ වසරේ ඔබ කළ යුත්තේ
කුමක්ද කියා ඔබ ඇසුවා නේද? සරළව ගෞරවය ලබා දී, ඔබගේ ආත්ම-අභිමානය පවත්වා ගන්න.
බලවත් වී අන් අයවත් බලවත් කරන්න. නිෂ්ඵල සිදුවීම්වල නියැලෙන්න එපා. දුර්වල ජීවාත්ම,
කොහොමත් දුර්වලයි, එමෙන්ම ඔබ ඔවුන්ගේ දුර්වලතා දෙස නොකඩවා බලන්නේ නම්, ඔබ සහයෝගී
වන්නේ කෙසේද? සහයෝගය ලබා දෙන්න, එවිට ඔබට ආශිර්වාද ලැබෙයි. ඔබට වෙන කිසිවක් කළ
නොහැකි විට පහසුම උත්සාහය වන්නේ ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගැනීමයි. ගෞරවය ලබා දී
ප්‍රශංසා ලැබීමට සුදුසු වන්න. සියලු දෙනාගේ ගෞරවය ලැබීමට සුදුසු වන්නේ ගෞරවය ලබා
දෙන අය පමණයි. ඔබ දැන් ගෞරවය ලැබීමට සුදුසු වන තරමට, ඔබට ඒ ප්‍රමාණයෙන් රාජධානියට
අයිතියක් ලැබී, වන්දනීය ජීවාත්මයක් වෙයි. ලබා ගැනීම ගැන නොසිතා අඛණ්ඩව දෙන්න. ඔබට
ලැබුණු විට දීම, ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාවකි. ඔබ දානපතිගේ දරුවන්.
සෑම තැනකම දරුවන්ගේ
සේවය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔබ සියලු දෙනා ඉතා හොදින් සේවය කර ඇත.
කෙසේවෙතත්, ඔබ දැන් ඉදිරියට ගමන් කළ යුතුයි නේද? ඔබ සියලු දෙනාම වචන වලින් ඉතා
හොදින් සේවය කර තිබේ. පහසුකම් වලින් සේවය කිරීමෙන්ද ඔබට ඉතා හොද ප්‍රතිඵල ලැබී
තිබේ. ඔබ බොහෝ ජීවාත්මයන්ගේ පැමිණිලි අවසන් කර ඇත. එයට අමතරව කාලයේ සීඝ්‍ර වේගය
දැක, බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ ජීවාත්ම සුළු පිරිසකට සේවය කිරීම නොවෙයි, මන්ද, ඔබ
පරම පියාගේ සහකරුවන් බැවින් ලෝකයේ සියලුම ජීවාත්මයන්ට මුක්තිය පිරිනැමීමේ උපකරණ
ඔබලාය. එබැවින් කාලයේ වේගයට අනුව, ඔබ දැන් එකවර තුන් ආකාරයක සේවය සිදු කළ යුතුයි.
එකක් ඔබගේ වචන වලින්, ඉන්පසුව ඔබගේ බලවත් මනෝ ස්ථිතියෙන් වන අතර තුන්වැන්න ඔබගේ
ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික චිත්ත තරංගයි. ඔබ කොහේ සේවය කළත්, සියලු දෙනාම එම සිතිවිලි
තරංග වල බලපෑමෙන්, පහසුවෙන් ආකර්ෂණය වන ආකාරයට එවන් ආධ්‍යාත්මික සිතිවිලි තරංග
විහිදුවන්න. බලන්න, ඔබගේ අවසන් උපතේදි වුවද, ඔබගේ අජීව ප්‍රතිමා සේවය කරන්නේ කෙසේද
කියා. ඔවුන් වචන වලින් කිසිවක් කියනවාද? ඔවුන්ගෙන් නිකුත් වන කම්පන තරංග කෙබදු
වන්නේද යත්, බැතිමතුන්ට ඔවුන්ගේ භක්තියේ ඵලය පහසුවෙන් ලැබෙයි. මේ අන්දමින් චිත්ත
තරංග බලවත් කරගන්න. ඒවායෙන් වාතාවරණය පරිවර්ථනය වන අන්දමට, සියලු බලයන්ගේ කිරණ,
චිත්ත තරංග මගින් විහිදුවා හරින්න. තරංග කෙබදු වන්නේද යත්, ඒවා ඔබගේ හදවතේ මුද්‍රිත
වෙයි. ඔබගේ හදවත මත, යම් කෙනෙකුගේ යහපත් හෝ අයහපත් කම්පන තරංග සටහන් වූ විට, එහි
බලපෑම කෙතරම් කාලයක් පවතින්නේද යන අත්දැකීම ඔබ සියලු දෙනාටම තිබේ. එය බොහෝ කාලයක්
පවතිනවා නේද? ඔබට එය ඉවත් කිරීමට අවශ්‍ය වුවද, එය ඉවත් කළ නොහැක. යම් කෙනෙකුගේ
අයහපත් තරංග, ඔබගේ හදවතේ සටහන් වූ විට, ඔබට ඒවා පහසුවෙන් ඉවත් කළ හැකිද? එබැවින්
සියලු බලයන්ගේ කිරණවල ඔබගේ චිත්ත තරංග, මුද්‍රණයක් මෙන් ක්‍රියා කරයි. වචන අමතක විය
හැක, නමුත් චිත්ත තරංග මගින් නිමවුනු සටහනක්, එතරම් පහසුවෙන් ඉවත් කළ නොහැක. ඔබ මෙය
අත්දැක තිබෙනවා නේද?
ඔවුන් පෙන්වා ඇති
උනන්දුව සහ උද්යෝගයට බාප්දාදා කෝටි ගුණයක සුබ පැතුම්, ගුජරාත් සහ බොම්බායට ලබා
දෙනවා. ඇයි? ඔබගේ විශේෂත්වය වුනේ කුමක්ද? බාබා ඔබට සුබ පතන්නේ ඇයි? ඔබ නොකඩවා විශාල
උත්සව පවත්වයි, නමුත් බාබා ඔබට විශේෂයෙන් සුබ පතන්නේ ඇයි? මේ දෙකෙහිම විශේෂත්වය
වුනේ එකමුතුකම සහ අධිෂ්ඨානයයි. එකමුතුකම සහ අධිෂ්ඨානය ඇති තැන, එක වසරක් වෙනුවට, එක
වසරක කාර්යයන්, එක් මසකදි නිමා කළ හැක. ගුජරාත් සහ බෝම්බායේ අයට මෙය ඇසුණාද?
දැන් තත්පරයකදි ඥාන
සූර්යයාගේ ස්ථිතියේ ස්ථාවර වී, බියෙන් සහ කම්පාවෙන් සිටින සියලු ජීවාත්මයන්ට සියලු
බලයන්ගේ කිරණ විහිදුවා හරින්න. ඔවුන් සිටින්නේ බොහෝ බියෙන්. ඔවුන්ට බලය ලබා දෙන්න.
තරංග විහිදුවා හරින්න. අච්චා. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය.)
සෑම තැනකම සිටින
සියලු දරුවන්ගෙන් බාප්දාදාට බොහෝ ලිපි සහ ඊමේල් ලැබී තිබෙනවා. සෑම කෙනෙක්ම පවසන්නේ:
බාබාට මගේ සිහි කිරීම දෙන්න. බාබාව මා මතක් කළා කියන්න. බාප්දාදා පවසන්නේ : සෑම
ආදරණීය දරුවෙකුගේම සෙනෙහස සහ සිහිකිරීම බාප්දාදා වෙතට ළගා වී ඇත. දුර අසුන්ගෙන
සිටින අතරත් ඔබ අසුන්ගෙන සිටින්නේ බාප්දාදාගේ හදවතේය. එබැවින් මෙසේ පවසා ඇති ඔබ
සියලු දෙනා: “මා මතක් කළා කියන්න. මගේ සිහි කිරීම ලබා දෙන්න!.” එය බාබා වෙතට ළගා වී
ඇත. දරුවන්ගේ මෙම සෙනෙහස සහ පරම පියාගේ සෙනෙහස ඔය දරුවන්ව පියාසර කරවනවා. අච්චා.
සෑම තැනකම සිටින
උපරිම ලෙස භාග්‍යවන්ත දරුවන්ට, කෝටි ගණනකින් විශේෂ ජීවාත්ම අතලොස්සට, ඔවුන්ගේ
ආත්ම-අභිමානයේ නිරතුරුව රැදී සිටිමින් අන් අයට ගෞරවය ලබා දෙන සේවය කරන දරුවන්ට,
නිරන්තර ස්මරණයේ ප්‍රතිරූ සහ එබැවින් බලයේ ප්‍රතිරූ වන ජීවාත්මයන්ට, සියලු බලයන්ගේ
ප්‍රතිමූර්ති වන සහ නිරන්තරයෙන් ඔවුන්ගේ නොසැලෙන, අචල අසුනේ අසුන්ගෙන සිටින
දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.
දාදිජීට:
බාප්දාදා ඔබ ගැන
විශේෂයෙන් සතුටු වනවා. ඔහු සතුටු වන්නේ ඇයි? ඔහු සතුටු වන්නේ, බ්‍රහ්ම පියා සියලු
දෙනාට නියෝග කරන ආකාරයෙන්ම, “ඔබ මේ දේ කළ යුතුයි, එමෙන්ම ඔබ එය දැන්ම කළ යුතුයි,”
ඔබ එයින් බ්‍රහ්ම පියාව අනුගමනය කර ඇත. (ඔබ සිටින්නේද මා සමගයි). එය ඇත්ත, නමුත් ඔබ
උපකරණයක් වුණා නේද? ඔබට බොහෝ අධිෂ්ඨානය තිබුණු නිසා සෑම තැනකම සාර්ථකත්වය ඇති විය.
මේ නිසයි ඔබ බොහෝ ආධ්‍යාත්මික අදෘෂ්‍යමාන බලයෙන් පිරී සිටින්නේ. ඔබගේ සෞඛ්‍යය ඉතා
හොදයි. ඔබ කෙතරම් ආධ්‍යාත්මික බලයෙන් පිරි සිටින්නේද යත් එයට සාපේක්ෂව ඔබගේ සෞඛ්‍යය
සුළු දෙයක්. එය විශ්මයක්, එහෙම නේද?
දාදීන් බාබාව
මුණගැසීම දැක, සියලු දෙනාට දැනෙන්නේ: මමත් දාදී කෙනෙක් වුණා නම්, මමත් ඒ අන්දමින්ම
බාබාව මුණගැසෙයි. ඔබත් දාදී කෙනෙක් වෙයි. බාප්දාදා ඔහුගේ හදවතේ සැලසුමක් සාදා
තිබෙනවා. ඔහු තවම එය ඔබට ලබා දී නැහැ. ඉතිං, බ්‍රහ්ම බාබාගේ සකාර් දිනවල සිට සේවයේ
යෙදුණු, ආදිතම මැණික් වන අයගේ සමූහය, ශක්තිමත් කළ යුතුයි. (ඔබ මෙය කරන්නේ කවදාද?)
ඔබ එය කරන විට. ඔබගේ යුතුකම මෙයයි. (දාදී ජන්කිට) ඔබගේ හදවතේද මෙම සිතිවිල්ල
තිබෙනවා නේද? ඔය දාදීන්ගේ එකමුතුකමේ සහ අධිෂ්ඨානයේ සමූහය ශක්තිමත් වන සේම, සේවයේ
ආදිතම මැණික් වල සමූහයත් එතරමටම ශක්තිමත් විය යුතුයි. සේවය වැඩි විය යුතු බැවින්
මෙයට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතිං සමූහයේ බලයට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක.
සමූහයේ සිහිවටනය සංඛේතවත් කරන්නේ පාණ්ඩවයන් පස් දෙනාය. ඔවුන් පස් දෙනෙක් සිටින
නමුත් ඔවුන් සමූහයේ සංඛේතයයි. අච්චා. සකාර් බ්රහ්මගේ දවස් වල සිටම මධ්‍යස්ථාන වල
සේවයේ නියැලී සිටි අය නැගිටින්න. මධ්‍යස්ථාන වල සිටින අය. මෙම කණ්ඩායමේ සහෝදරයන්ද
සිටිනවා. පාණ්ඩවයන් නොමැතිව විමුක්තිය තිබිය නොහැක. මෙහි ටික දෙනෙක් සිටින නමුත් තව
බොහෝ දෙනෙක් සිටිනවා. සමූහය එකට එකතු කිරීම මෙම කෙනාගේ (දාදි ජන්කි) වගකීමයි. මේ
කෙනා (දාදිජී) කොදුනාරටියයි. ඔවුන් ඉතා හොද මාණික්යයි. අච්චා. සෑම දෙයක්ම හොදයි.
ඔබ නොකඩවා කුමක් සිදුකළත් ඔබගේ සමූහයේ ශ්‍රේෂ්ඨත්වය තිබේ. ඔබගේ බලකොටුව ශක්තිමත්ය.
වරදානය:
ඔබගේ ආත්ම
අභිමන් අසුනේ අසුන්ගෙන සිටීමෙන් ඔබ සියලු අහිතකර අවස්ථාවන්හි නිරන්තර ජයග්‍රහණය
ලබත්වා.
ඔබගේ ආත්ම අභිමන්
ආසනයේ නිරතුරුවම අසුන්ගෙන සිටින්න: මා ජයග්රාහි මැණිකක්, මා මාස්ටර් සර්ව
බලධාරියෙක්. ඔබගේ අසුන කෙබදු වන්නේද, ඔබ එම අසුනට සුදුසුකම් වර්ධනය කරගනී. ඔබ
ඉදිරියට ඕනෑම අහිතකර සිදුවීමක් පැමිණි විට, තත්පරයකදි ඔබව මෙම අසුන මත තැන්පත්
කරවන්න. තම අසුනේ අසුන්ගෙන සිටින අයගේ (ඔවුන්ගේ තනතුරේ) නියෝග පමණයි පිළිපදින්නේ.
ඔබගේ අසුනේ රැදී සිටින්න එවිට ඔබ ජයගනියි. සංගම යුගය, නිරන්තරයෙන් ජය ගැනීමට ඇති
යුගයයි. මෙම යුගය, ආශිර්වාද ලත් යුගයකි, එබැවින් ආශිර්වාද ලැබ ජයගන්න.
පාඨය:
තම සියලු
දුර්වලතා ජයගන්නා අය, ශිව ශක්ති පාණ්ඩව සේනාවයි.