23.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ මිනිසුන්ට කිව යුතු පළමුවන කරුණු දෙක වන්නේ පියාව සිහිපත් කරන්න එමෙන්ම
උපත් 84හි චක්‍රය දැන ගන්න. එවිට ඔවුන්ගේ සියලුම ප්‍රශ්න අවසන් වෙයි.
ප්රශ්නය:
පියාගේ
ප්‍රශංසාවට භාවිත කරන කුමන වචනද, ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාවට භාවිත නොකරන්නේ?
පිළිතුර:
පියා, වෘක්ෂයේ අධිපතිය. ශ්‍රී ක්‍රිෂ්ණාට, වෘක්ෂයේ අධිපති යැයි නොකියයි. සියලුම
පියවරුන්ගේද පියා වන්නෙත්, සියලු සැමියන්ගේ සැමියා වන්නේද, එක් අශාරීරික පියා
පමණයි. ශ්‍රී ක්රීෂ්ණාට එසේ ආමන්ත්‍රණය නොකරයි. දෙදෙනාගේ වෙනස් වූ ප්රශංසාවන්
පැහැදිලි කර දෙන්න.
ප්රශ්නය:
ඔබ සෑම ගමකම
හැඬවිය යුත්තේ කුමන බෙර හඬද?
පිළිතුර:
සෑම ගමකම බෙර ගසා මෙසේ නිවේදනය කරන්න: අපායේ වැසියෙකුගෙන් දිව්‍යලෝකයේ වැසියෙක්
වන්නේ කෙසේද, මනුෂ්‍යයෙකුගෙන් දේවතාවක් වන්නේ කෙසේද කියා, පැමිණ වටහාගන්න. ස්ථාපනය
සහ විනාශය සිදුවන අන්දම පැමිණ වටහාගන්න.
ගීතය:
මවත් ඔබයි,
පියාත් ඔබයි!
ඕම් ශාන්ති.
මෙම ගීතයේ
අවසාන පදයෙන් කියැවෙන්නේ, ’ඔරුවත් ඔබයි ඔරුකරුවාත් ඔබයි.‘ මෙය වැරදියි. ඒ අන්දමින්ම
ඔහු වන්දනාකරුවෙක් මෙන්ම පිදුම් ලබන්නට සුදුස්සෙක් බවත් වැරදි ලෙසින් කියයි. දැනුමේ
දක්ෂ අය, සැනෙකින් මෙම ගීය නවතා දමනු ඇත, මන්ද, එයින් පියාට අපහාසයක් වන බැවින්.
ඔය දරුවන්ට දැන් මෙම දැනුම ලබා දී ඇති නමුත් අන් මිනිසුන්ට මෙය නොමැත. ඔබටද මෙකල
පමණයි මෙය දෙනු ලබන්නේ එය පසුව නොපවති. ගීතාවේ දැනුම ලබා දෙන්නේ මිනිසුන්ව වඩාත්ම
ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින් කරවීමටය. මිනිසුන්ට මෙය පමණක් වැටහෙන නමුත් එය ලැබුණේ කෙසේද
සහ කවදාද කියා ඔවුනට අමතක වී ඇත. ගීතාව, ආගමක් නිර්මාණය කෙරෙන ග්රන්ථයකි. වෙනත්
ග්රන්ථ, ආගමක් නිර්මාණය කිරීම සඳහා නොවෙයි. ’ග්‍රන්ථය‘ යන වචනය භාවිත කෙරෙන්නේ
භාරතය සඳහා පමණයි. සෑම ග්රන්ථයකම මාණික්‍යය වන්නේ ගීතාවයි. අන් සියලුම ආගම් මතු
වන්නේ ඉන් පසුවයි. ඉන් එකක්වත් සියලුම ග්‍රන්ථයන්ගේ මාණික්‍යය වන්නේ නැත. වෘක්ෂයේ
අධිපති වන්නේ ඒකායන පියා පමණක් බව ඔය දරුවන් දන්නවා. ඔහු අපගේ පියා මෙන්ම සැමියා ද
වෙයි. ඔහු අන් සියලුම දෙනාගේ පියා ද වෙයි. මේ නිසයි ඔහුට සියලුම පියවරුන්ගේ පියා
මෙන්ම, සියලුම සැමියන්ගේ සැමියා, යනුවෙන් ප්‍රශංසා කරන්නේ. මෙම ප්‍රශංසාව හිමිවන්නේ
අශාරීරික ඒකායන කෙනාට පමණයි. ශ්‍රී ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාව, පියාගේ ප්‍රශංසාව හා
සංසන්දනය කෙරෙයි. ශ්‍රී ක්‍රිෂ්ණා නව ලොවේ රාජකුමාරයෙකි. ඔහු පැරණි ලෝකයේ සංගම
යුගයෙදී රාජයෝගාව උගන්වන්නේ කෙසේද? ඔබට දෙවියන් උගන්වන බව ඔය දරුවන්ට දැන්
වැටහෙනවා. ඔබ මෙකල ඉගෙන ගැනීමෙන් අනතුරුව, එම දේවතාවන් බවට පත් වනවා. මෙම දැනුම එහි
පැවතෙන්නේ නැත එය අතුරුදහන් වනවා. ඉතිරි වන්නේ පිටි ගෝනියක ඇති ලුණු ස්වල්පයක් වැනි
තරමකි. පිංතූර ටිකක් පමණක් ඉතිරි වෙයි. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ එකදු පිංතූරයක් වත්
නිවැරදි නැත. ඔබ ඔවුන්ට පියාගේ හැඳින්වීම ලබා දුන් පසු, මෙය විස්තර කරන්නේ පරමාත්ම
දෙවියන් බව ඔවුන්ට කිව යුතුයි. ඔහු සෑම දෙයක්ම ඉබේටම විස්තර කරදෙයි. ඉතිං ඔබ
ඔහුගෙන් කුමන ප්‍රශ්නද අසන්නට යන්නේ? පළමුවෙන්ම පියාව හඳුනාගන්න! පියා ජීවාත්මයන්ට
පවසන්නේ : මා සිහිපත් කරන්න! කරුණු දෙකක් පමණක් සිහිපත් කරන්න. පියා පවසන්නේ : මා
සිහිපත් කරන්න, එමෙන්ම උපත් 84හි චක්‍රය සිහි කරන්න. එපමණයි! ඔබ විස්තර කළ යුතු
ප්‍රධාන කරුණු දෙක මේවාය. පියා පවසන්නේ : ඔබ ඔබගේම උපත් ගැන නොදනී. ඔහු මෙය පවසන්නේ
ඔය බ්‍රහ්මිණ් දරුවන්ට පමණයි; අන් කිසිවෙකුට මෙය වටහා ගැනීමට නොහැකි වනු ඇත. බලන්න,
ප්‍රදර්ශන වලට කෙතරම් විශාල සෙනගක් පැමිණෙනවාද කියා! බොහෝ සෙනග යන බව මිනිසුන් දකින
විට, බැලීමට යම් වටිනා දෙයක් ඇතැයි සිතා, ඔවුන්ද ඇතුලට තල්ලු වී පැමිණීමට උත්සාහ
ගනී. එක් එක් අයට වෙන වෙනම විස්තර කර දීමට ඔබ උත්සාහ දරන්නේ නම් ඔබගේ උගුර වෙහෙසට
පත් වෙයි. එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද? ප්‍රදර්ශනය මාසයක් පවතිනවා නම්, ඔවුන්ට
මෙසේ කිව හැක: අද විශාල සෙනඟක් සිටින නිසා හෙට හෝ අනිද්දාට ආපසු පැමිණෙන්න. මෙය
ඉගෙනීමට අවශ්‍ය අයට ඔබ මෙය විස්තර කළ යුතුයි, එනම්, මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට
පරිවර්ථනය වීමට අවශ්‍ය අයට. ඔබ ඔවුන්ට ලක්ෂ්මි සහ නාරායන ගේ පිංතූරය හෝ බැජ් එක
පෙන්වා මෙසේ කිව යුතුයි: ඔබටත් පියාගේ මාර්ගයෙන් විෂ්ණුගේ දේශයේ පාලකයන් විය හැක.
දැන් මෙහි විශාල සෙනඟක් සිටින නිසා මධ්‍යස්ථානයට එන්න. ලිපිනය පුවරුවේ ලියා තිබේ.
ඔබ නිකම්ම මිනිසුන්ට, මෙය අපාය බවත්, එය දිව්‍යලෝකය බවත් කියන්නේ නම්, ඔවුන්ට කුමක්
වැටහෙයිද? ඔබ ඔබගේ කාලය අපතේ හරිනු ඇත. මෙකල මිනිසුන් පළඳින ඇඳුම් වලින්, ඔවුන්
වැදගත් මිනිසුන්ද, ධනවත්ද, දුප්පත්ද කියා කීමට නොහැක. පළමුවෙන්ම ඔබ සෑම කෙනෙකුටම
පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. දිව්‍යලෝකය ස්ථාපනය කරන ඒකායන කෙනා පරමාත්ම
පියාය. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ තිබේ. ඔබ දැන් මෙය බවට පත් විය යුතුයි.
පියා පවසන්නේ : මම උසස්ම උසස් කෙනාය. මා සිහිපත් කරන්න! මනසට විනයක් ගෙනෙන මන්ත්‍රය
මෙයයි. පියා පවසන්නේ: නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී,
ඔබ විෂ්ණුගේ දේශයට යනු ඇත. ඔබ අනිවාර්යෙන්ම මෙය විස්තර කළ යුතුයි. ඔබ දින 8ක් හෝ
10ක් ඔබගේ ප්‍රදර්ශන පැවැත්විය යුතුයි. ඔබ සෑම ගමකම බෙර ගසා, මිනිසුන්ගෙන්
දේවතාවන්, අපායේ වැසියන් ගෙන්, දිව්‍යලෝකයේ වැසියන් විය හැක්කේ කෙසේද කියා, ඔවුන්
පැමිණ වටහා ගත යුතු බව නිවේදනය කළ යුතුයි. ස්ථාපනය සහ විනාශය සිදුවන්නේ කෙසේද කියා
ඔවුන්ට පැමිණ වටහාගන්න, කියා කියන්න. ඔබට විස්තර කළ හැකි බොහෝ ක්‍රම තිබේ. ස්වර්ණමය
යුගය සහ කලි යුගය අතර, දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබෙන බව ඔය දරුවන් දන්නවා.
බ්‍රහ්මාගේ දහවල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය තිබෙන බව කියැවෙයි. බ්‍රහ්මාගේ දහවල යනු
විෂ්ණුගේ ද දහවල වන අතර විෂ්ණුගේ දහවල යනු බ්‍රහ්මාගේ ද දහවලයි ඒ දෙකම එකයි,
සමානයි. බ්‍රහ්මාගේ උපත් 84ක් තිබෙන අතර විෂ්ණුගේ උපත් 84ක් තිබේ. මෙම අධික උපතේ
වෙනස පමණයි ඇත්තේ. මෙම දේවල් ඔබගේ බුද්ධියේ පතිත වීමට සැලැස්විය යුතුයි. ඔබ කිසි
දෙයක් ධාරණය කර නොගන්නේ නම්, ඔබ අන් අයට විස්තර කර දෙන්නේ කෙසේද? මෙම දැනුම විස්තර
කර දීම පහසුයි. ඔවුන්ව ලක්ෂ්මි සහ නාරායනගේ පිංතූරය ඉදිරියට ගෙන ගොස් මෙසේ කියන්න:
ඔබ එම තත්ත්වය පියාගෙන් හිමි කරගත යුතුයි. අපායේ විනාශය අප ඉදිරියේ ඇත. අන් අය ඔබට
කියන්නේ මනුෂ්‍යයින්ගේ උපදෙස් පමණයි. මෙහි අපට ඇත්තේ දෙවියන්ගේ උපදෙස්ය, ජීවාත්ම වන
අපට දෙවියන්ගෙන් ඍජුවම ලැබෙන උපදෙස්. අශාරීරික ජීවාත්මයන්ට, අශාරීරික උත්තරීතර
ජීවාත්මයෙන් උපදෙස් ලැබෙයි. අන් සෑම උපදෙසක්ම මනුෂ්‍ය උපදෙස්ය. එහි වෙනස දිවා
රාත්‍රියේ වෙනස මෙනි. සන්යාසීන්ට උපදෙස් දිය නොහැක. අපට දෙවියන්ගේ උපදෙස් ලැබෙන්නේ
එක් වරක් පමණයි. පරමාත්ම දෙවියන් පැමිණි විට පමණයි, ඔහුගේ උපදෙස් පිළිපැද, අප ඔවුන්
මෙන් වන්නේ. ඔහු පැමිණෙන්නේ දේවතා ධර්මය ස්ථාපිත කිරීමට පමණයි. ඔබත් මෙම කරුණු
ධාරණය කර ගත යුතුයි, එවිට ඔබට අවශ්‍ය විටෙක ඒවා භාවිත කිරීමට හැකි වෙයි. ප්‍රධාන
දේවල් සාරංශයෙන් විස්තර කරන්න, එය සෑහෙයි. ලක්ෂ්මි සහ නාරායනගේ කරුණු විස්තර කිරීම
සෑහෙයි; මෙය අපගේ අරමුණ සහ ඉලක්කයේ පිංතූරයයි. මෙම නව ලෝකය නිර්මාණය කළේ දෙවියන්ය.
පරමාත්ම දෙවියන් ඔවුන්ට මෙම වඩාත් ශුභ සංගම යුගයෙදී ඉගැන්නුවේය. මෙම සංගම යුගය ගැන
වෙන කිසිවෙක් නොදනී. එබැවින් ඔය දරුවන් මෙම දේවල් ඇසීම ගැන බොහෝ සතුටු විය යුතුයි.
ඔබ අසා ඇති දේ වෙනත් අයට කියන විට, ඔබගේ සතුට තවත් වැඩි වෙයි. සේවය කරන අයට පමණයි
බ්‍රහ්මිණ්වරුන් යැයි කියන්නේ. සත්‍ය ගීතාව, ඔබගේ අත යට තිබේ. එම භෞතික
බ්රහ්මිණ්වරුන්ද අංකානුරූපිතයි. සමහර බ්‍රහ්මිණ්වරුන් ඉතා ප්‍රසිද්ධ වන අතර, බොහෝ
මුදල් උපයයි, නමුත් තවත් සමහරෙක් කෑම වේලකට මුදල් උපයාගන්නෙත් ඉතා අපහසුවෙනි. ඇතැම්
බ්‍රහ්මිණ්වරුන් කෝටිපතියන් වන අතර ඉතා හොඳින් දිවි ගෙවයි. ඔවුන් බ්‍රහ්මිණ් වංශයට
අයත් බව, කුල්මත්භාවයකින් කියයි. මෙම සත්‍ය බ්‍රහ්මිණ් වංශය ගැන ඔවුන් නොදනි.
වඩාත්ම ශ්‍රේෂ්ඨ වංශය වන්නේ බ්‍රහ්මිණ් වංශය යැයි සලකන බැවිනුයි සමහරුන් ඔවුන්ට
ආහාර පූජා කරන්නේ. ඔවුන් දේවතාවන්ට, ක්ෂත්රියන්ට, වෛශ්‍යයන්ට හෝ ශුද්‍රයින්ට ආහාර
පූජා කරන්නේ නැත, බ්රහ්මිණ්වරුන්ට පමණයි. එබැවින් බාබා පවසන්නේ : ඔබ ඉතා හොඳින්
බ්රහ්මිණ්වරුන්වත් ඉහළ නැංවිය යුතුයි. බ්රහ්මිණ්වරුන්ගේ බොහෝ රැස්වීම් තිබෙයි. එම
රැස්වීම් සිදුවන්නේ කවදාද සහ කොහේද කියා සොයාගෙන, එහි යන්න. ඔබලා ඔහුගේ දරුවන් වන
ආකාරයෙන්ම, බ්රහ්මිණ්වරුන්වද ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් බවට පත් කළ යුතුයි.
තවද, බ්රහ්මා, කාගේ දරුවාද කියා ඔවුන්ට විස්තර කර දෙන්න. ඔවුන්ගේ හමුවීම්
සිදුකරන්නේ කොහේද කියා සොයාගන්න. ඔබට එහිදී බොහෝ දෙනෙකුට යහපතක් සිදු කළ හැක. මහළු
මව්වරුන්ගේ හමුවීම් ද තිබේ. ඔබ ගිය තැන් ගැන ඔබගෙන් කිසිවෙකු බාබාට පුවත් ලබා
දෙන්නේ නැත. මුළු කැලයම පිරි තිබේ. ඔබ කොහේ ගියත් ඔබ කිසියම් දඩයමක් හෝ පුරවැසියන්
සමඟ ආපසු පැමිණෙයි. ඔබට රජවරුන් වුවද නිර්මාණය කළ හැක. කිරීමට බොහෝ සේවය තිබේ! සවස
5න් පසුව ඔබ නිදහස්ය. එබැවින් සෑම දිනකම ඔබ යන ස්ථාන වල ලැයිස්තුවක් සාදන්න. පියා
ඔබට සේවය කිරීමට බොහෝ ක්‍රම පෙන්වා දෙයි. පියා කතාකරන්නේ ඔහුගේ දරුවන්ට පමණයි. ඔබ
සෑම කෙනෙක්ම තමන් ජීවාත්මයක්ය, යන ස්ථීර විශ්වාසය තබා ගත යුතුයි. බාබා (උත්තරීතර
ජීවාත්මය) අපට දැනුම ලබා දෙනවා, නමුත් අප එය ධාරණය කරගත යුතුයි. ආගමික ග්රන්ථ ඉගෙන
ගන්නා මිනිසුන් මිය යන විට, එම සංස්කාර ඔවුන් සමග රැගෙන යයි, ඉන්පසුව, මතු උපතේදී
එම සංස්කාර නැවතත් මතු වෙයි. එවිට එම ජීවාත්මය ඔහුත් සමග එම සංස්කාර ගෙන ආ බව
කියැවෙයි. බොහෝ ග්රන්ථ ඉගෙන ගන්නා අය, ග්‍රන්ථයන්ගේ අධිකාරීන් බව කියැවෙයි. ඔවුන්
තමන් සර්ව බලධාරීන් යැයි නොසලකයි. මෙම නාටකය රඟ දැක්වෙන්නේ කෙසේද කියා විස්තර කර
දෙන්නේ පරමාත්ම පියා පමණයි. මෙය අළුත් දෙයක් නොවෙයි. මෙම නාටකය පෙර නියම වූ එකක් බව
ඔබ වටහා ගත යුතුයි. මෙය පැරණි ලෝකය බව මිනිසුන්ට වැටහෙන්නේ නැත. පියා පවසන්නේ : මා
දැන් පැමිණ ඇත. මහා භාරත යුද්ධය ඇත්තේ ඉදිරියේ. මිනිසුන් තවමත් අවිදු නින්දේ
සැතපෙයි. භක්තියට අවිද්‍යාව යැයි කියැවෙයි. දැනුමේ සයුර වන්නේ පරම පියා පමණයි. බොහෝ
භක්තියේ යෙදෙන අයට, භක්තියේ සාගර යැයි කියයි. බැතිමතුන්ගේ මාලාවද තිබේ. බැතිමතුන්ගේ
මාලාව, තඹ යුගයේ ආරම්භ වී, කලි යුගයේ අවසානය දක්වා පැවතෙයි. ඔය දරුවන් බොහෝ සතුටින්
සිටිය යුතුයි. දවස පුරා සේවයේ නියැලී සිටින අය පමණයි සතුටින් සිටින්නේ. ඉතාම දිග
මාලාව ගැන බාබා ඔබට කියා තිබේ එහි පබුළු දහස් ගණනක් තිබේ. ඇතමෙක් එය එක් ස්ථානයකින්
අදින අතර, තව සමහරු එය වෙනත් ස්ථානයකින් අදියි. මෙතරම් විශාල මාලාවක් සෑදීමට
හේතුවක් තිබෙන්නට ඇති. ඔවුන් ’රාමා, රාමා‘ යන නම පමණක් ජප කරමින් සිටිති. ඔවුන්ගෙන්
අසන්න ඔබ ’රාමා රාමා‘ කියමින් ජප කරන විට, ඔබ සිහි කරන්නේ කාවද? හනුමාන්ගේ නිදසුන
මෙන්, ඔබටත් ඕනෑම ආධ්‍යාත්මික හමුවකට ගොස් ඔවුන් සමග මුසු විය හැක. ඔහු ආධ්‍යාත්මික
රැස්වීම් වලට ගොස්, සපත්තු අසලින් අසුන් ගත්තේය. ඔබත් මෙම අවස්ථාව ගත යුතුයි. ඔබට
බොහෝ සේවය කිරීමට හැකි වෙයි. කෙසේවෙතත්, දැනුමේ කරුණු ඔබගේ බුද්ධියේ රැඳී තිබී, ඔබ
මෙම දැනුමින් බුද්ධිමත් වූ විට පමණයි, සේවයේ සාර්ථකත්වයක් ලැබෙන්නේ. මෙම සේවය
කිරීමට බොහෝ ක්‍රම තිබේ. රාමායනයේ සහ භගවතයේ, ඔවුන්ට පැහැදිලි කළ හැකි කරුණු බොහෝ
තිබේ. ඔබ නිකම්ම ආධ්‍යාත්මික රැස්වීමක අසුන් ගෙන, අන්ධ විශ්වාසයෙන් වන්දනා නොකළ
යුතුයි. ඔවුන්ට කියන්න අපට අවශ්‍ය ඔබලාට යහපතක් සිදු කිරීමටයි. ඔවුන්ගේ භක්තිය,
අපගේ දැනුමට වඩා සම්පූර්ණයෙන් වෙනස්ය. ඒකායන පියා, දැනුමේ දෙවියන් පමණයි මෙම දැනුම
ලබා දෙන්නේ. කිරීමට බොහෝ සේවය තිබේ. උසස්ම උසස් කෙනා කවුද කියා ඔවුන්ට සරළව කියන්න.
උසස්ම උසස් කෙනා වන්නේ පරමාත්ම දෙවියන්ම පමණයි. ඔබට මෙම උරුමය ලබා ගත හැක්කේ
ඔහුගෙන් පමණයි. අන් සෑම කෙනෙක්ම ඔහුගේ නිර්මාණයකි. ඔය දරුවන් තුළ සේවය කිරීමට බොහෝ
ලැදියාවක් තිබිය යුතුයි. ඔබට රාජධානියක් අවශ්‍ය නම්, ඔබ පුරවැසියන් බිහි කළ යුතුයි.
’පියා සිහි කරන්න, එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තයට රැගෙන යනු ඇත‘. මෙම
මහා මන්ත්‍රය සුළු දෙයක් නොවෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියා ඔබට
ලබා දී ඇති මන්ත්‍රය, මනසෙහි විනය ඇති කරන මන්ත්‍රය, සෑම කෙනෙකුටම සිහි කරවන්න.
සේවය කිරීමට විවිධ ක්‍රම නිර්මාණය කර ගන්න. විශාල පිරිස් සිටින විට, ඔබගේ කාලය අපතේ
නොහරින්න.
2. දැනුමේ කරුණු ඔබගේ
බුද්ධියේ තබා ගෙන, කුල්මත්ව රැඳී සිටින්න. හනුමාන් මෙන් රැස්වීම් වලට ගොස්
අසුන්ගෙන, ඔවුන්ට සේවය කරන්න. දවස පුරාම සේවයේ නියැලී, සතුටින් රැඳී සිටින්න.
වරදානය:
ඔබ "මම" සහ
"මගේ" බිලි දීමෙන් සම්පූර්ණයෙන් "මහාබලි" (මහා කැපකිරීමක් බවට පත්වන කෙනෙකු) බවට
පත් වේවා.
පුද්ගලයෙකුට හෝ
වස්තුවකට යම් සීමිත බැඳීමක් ඇති කර ගැනීම යනු "මගේ" යන සිහියයි. “මගේ” හෝ “මම එය
කරමි” හෝ “මම මෙය කළෙමි” යන සවිඥානකත්වය සම්පූර්ණයෙන් බිලි දෙන අය “මහාබලි” වෙති.
ඔබගේ සීමිත "මම, මම" කැප වූ විට, ඔබ පරිපූර්ණ හා පියාට සමාන වනු ඇත. එය: "මම මෙය
කරමි."නොව. එය: “බාබා එය මා ලවා කරවනවා. බාබා මාව ගමන් කරවනවා." ඕනෑම අවස්ථාවක,
"මම" වෙනුවට, ස්වභාවිකවම ඔබේ භාෂාවේ තිබිය යුත්තේ "බාබා" යන වචනය වන අතර "මම" යන
වචනය නොවේ.
පාඨය:
ඔබේ සිතිවිල්ල
සහ ක්‍රියාව සමාන වන තරමට ඔබේ සිතිවිලි තුළ අධිෂ්ඨානශීලී වන්න.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
කාලයට අනුව දැන් ඔබගේ
මනසින් සහ වදන් වලින් එකවර සේවය කරන්න. වචන වලින් සේවය කිරීම පහසු වන නමුත් ඔබගේ
මනසින් සේවය කිරීම යනු අවධානය යොමු කිරීමේ කාරණාවකි. එබැවින් ඔබගේ සිතිවිලි, සියලු
ජීවාත්ම කෙරෙහි සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වලින් පිරී තිබිය යුතුයි. ඔබගේ වචන
වල මිහිරියාව, තෘප්තිය සහ සරළ බවේ නවතාවය තිබිය යුතුයි, එවිට ඔබ අඛණ්ඩව පහසුවෙන්
සාර්ථකත්වය හිමි කර ගනිවි.