23.02.25    Avyakt Bapdada      Sinhala Murli     17.02.2004    Om Shanti    Madhuban


සියලු දෙනාට ඔබගේ සහයෝගය ලබා දී, ඔවුන්ට සහයෝගී වීමට මඟ පාදන්න.
ඔබගේ සම්පත් ගබඩාව සදාකාලිකව තබා ගන්න.


අද, බාප්දාදාම ඔහුගේ උපන් දිනය මෙන්ම දරුවන්ගේ දියමන්තියක් වැනි උපන් දිනය, ශිව රාත්‍රිය සැමරීමට ඇවිත්. ඔය සියලු දරුවන් ඔබගේ පාරලෞකික සහ අලෞකික පියවරුන්ගේ උපන් දිනය සැමරීමට පැමිණ ඇති අතර පියා ඇවිත් සිටින්නේ ඔබගේ උපන් දිනය සැමරීමටයි. ඔය දරුවන්ගේ භාග්‍යය දැකීමෙන් පියා සතුටු වනවා: අපූරුයි! උසස් භාග්‍යයක් ඇති මගේ දරුවන්, අපූරුයි, ලෝකයේ අන්ධකාරය අවසන් කිරීමට පරම පියා සමග එකම කාලයක ඔබත් අවතරණය වී ඇත. මුළු කල්පය පුරා වෙනත් කිසිම කෙනෙකුට, ඔය දරුවන්ට මෙන්, පියා, පරමාත්ම දෙවියන් සමග සමරන උපන් දිනයක් තිබිය නොහැක. බැතිමත් ජීවාත්මත් මෙම අලෞකික, උපරිම ලෙස ආදරණීය සහ අසහාය උපන් දිනය සමරන නමුත්, ඔය දරුවන් හමුවක් සමරන අතර බැතිමත් ජීවාත්ම කරන්නේ ප්‍රශංසා ගායනා කිරීම පමණයි. ඔවුන් ප්‍රශංසා ගායනා කරන අතරම නොකඩවා කන්නලව්ද කරයි. බැතිමතුන් ගායනා කරන ප්‍රශංසා ගීත වලට සවන් දෙන අතර බාප්දාදාට ඔවුන්ගේ කන්නලව්වද ඇසී, ඔවුන්ගේ අංකානුරූප විශ්වාසයේ හැගීම්වල ඵලය ඔවුන්ට ලබා දෙයි. කෙසේවෙතත්, එම බැතිමතුන් සහ ඔය දරුවන් අතර විශාල වෙනසක් තිබේ. ඔවුන් ඔබ සිදුකළ ශ්‍රේෂ්ඨ ක්‍රියා සහ ඔබගේ භාග්‍යයේ සිහිවටනය ඉතා හොදින් සමරයි, මේ නිසයි ඔවුන්ගේ භක්තියේ දිව්‍යමය ක්‍රියා දකින විට බාප්දාදා බැතිමතුන්ට සුබ පතන්නේ, මන්ද, ඔවුන් සියලු දෙනාම ඔබගේ සිහිවටන ඉතා හොදින් අනුකරණය කර ඇත. ඔවුන්ද මේ දිනයේ උපවාසයක යෙදෙයි. ඔවුන්ගේ ආහාර පාන වල තාවකාලික පිරිසිදුකමේ කෙටි කලක උපවාසයක පමණක් ඔවුන් යෙදෙයි. ඔබ සම්පූර්ණ පාරිශුද්ධත්වයේ භාරයක් මුළු උපතටම (ජීවිතයට) සිදු කරයි, එයට ඔබගේ ආහාර, අන්තර් සම්බන්ධතා, වචන සහ ක්‍රියාද ඇතුලත්ය. සංගම යුගයේ ඔබගේ ජීවිතය ගත කරන අතර ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින්ද ඔබ පිවිතුරුව රැදී සිටිය යුතුයි. ඔබ පිවිතුරු විය යුතු පමණක් නොවෙයි, ඔබ අන් අයවත් පිවිතුරු කළ යුතුයි. එබැවින් බැතිමතුන්ගේ බුද්ධියේද අඩුවක් නොමැත්තේ කෙසේද කියා බලන්න. ඔවුන් ඔබගේ සිහිවටනය ඉතා හොදින් අනුකරණය කර ඇත. ඔබ සියලු දෙනා සියලු නිෂ්ඵලත්වය කැප කර බලවත් වී ඇත, එනම්, ඔබගේ අපවිත්‍ර ජීවිත ඔබ කැප කර තිබේ. ඔබගේ කැප වීමේ සිහිවටනයක් ලෙස ඔවුන් බිල්ලක් දෙයි, නමුත් ඔවුන් තමන්ව බිල්ලක් ලෙස කැප කරන්නේ නැහැ. ඔවුන් එළුවෙක් බිලි දෙයි. බලන්න ඔවුන් කෙතරම් හොදින් ඔබව අනුකරණය කර තිබේද කියා. ඔවුන් එළුවෙක් බිලි දෙන්නේ ඇයි? ඔවුන් මෙයත් ඉතා හොදින් අනුකරණය කර ඇත. එළුවෙක් කරන්නේ කුමක්ද? එය නිරන්තරයෙන් “මෛ, මෛ, මෛ” (හින්දියෙන් “මම”) කියයි. එය ශරීර අවධානයේ “මම” යන්නෙහි අවධානයයි. ශරීරය පිළිබද අහංකාරකම තිබෙන්නේ මෙම “මම” නිසයි, එමෙන්ම ශරීරයේ මෙම අහංකාරකම සියලු අවගුණ වල බීජයයි.

ඔබ සම්පූර්ණයෙන් තමන්ව කැප කිරීමේදි බාධාවක් වන්නේ, ශරීර අවධානයේ මෙම “මම” යන අවධානය බව, බාප්දාදා ඔබට මින් පෙරද පවසා ඇත. මම ශරීරයක්, එමෙන්ම ශරීරයේ නෑදෑයන් හෝ ශරීරයේ දේපළ අතින්, “මම” යන්නෙහි සාමාන්‍ය අවධානය කැප කිරීම පහසුයි. ඔබ දැනටමත් මෙය සිදු කර අවසන් නේද? නැත්නම් තවමත් නැද්ද? මෙය තවම සිදු කර නැද්ද? ඔබ වැඩියෙන් ප්‍රගතිය ලබත්ම, “මම” පිළිබද අවධානය වඩාත් උපරිම ලෙස සූක්ෂම සහ ගැඹුරු වෙයි. “මම” පිළිබද දළ අවධානය අවසන් කිරීම පහසුයි. කෙසේවෙතත්, “මම” යන්නෙහි ගැඹුරු අවධානය, එනම් - ඔබට දේවමය උපත් අයිතියක් ලෙස ලැබෙන විශේෂතා වලට, ඔබට තිබෙන බුද්ධියේ ආශිර්වාදයට හෝ මෙම දැනුමේ ප්‍රතිමූර්තියක් වීමේ ආශිර්වාදය පිළිබදව හෝ සේවය කිරීමට ලැබීමේ ආශිර්වාදය සහ විශේෂත්වය ගැන හෝ දේවමය තිලිණයකට - ඔබ “මම” යන අවධානය වර්ධනය කරගන්නේ නම්,´ඒවා හැදින්වෙන්නේ “මම” යන්නෙහි ගැඹුරු අවධානය ලෙසයි. “මා කුමක් කළත්, මා කුමක් පැවසුවත් එය නිවැරදි, සිදුවිය යුත්තේ එයයි.” මෙම “මම” යන රාජකීය අවධානය, බරක් වී, ඔබව පියාසර ස්ථිතියට යාමෙන් වලක්වයි. එබැවින් පරම පියා පවසන්නේ : මෙයින්ද “මම” යන අවධානය කැප කරන්න. දේවමය තිලිණයකට “මම” යන අවධානය නොතිබිය යුතුයි. “මම” හෝ “මගේ” නොතිබිය යුතුයි. එය දේවමය තිලිණයක්, පරමාත්ම දෙවියන්ගෙන් ආශිර්වාදයක්, පරමාත්ම දෙවියන්ගෙන් ලද විශේෂත්වයක්. එබැවින් ඔබ සියලු දෙනාගේ කැප වීම ඉතා ගැඹුරුයි. එනිසා සාමාන්‍ය දේවල් වල සහ රාජකීය ස්වරූපයේ, යන මේ දෙකේම “මම” යන අවධානය ඔබ කැප කර තිබේද කියා ඔබ පරීක්ෂා කළාද? ඔබ මෙය කළාද? නැත්නම් ඔබ තවමත් එය කරමින් සිටිනවාද? “මට කොහොමත් එය කැප කිරීමට සිදුවෙයි”. ඔබ සියලු දෙනාම විහිළුවෙන් පවසන්නේ “අපට කොහොමත් මිය යාමට (හිස නැමීමට) සිදුවෙයි”. කෙසේවෙතත්, මෙම මිය යාම පරමාත්ම දෙවියන්ගේ ඇකයේ ජීවත් වීමයි. මෙම මිය යාම, මිය යාමක් නොවෙයි. එය උපත් 21කට දේවතාවන්ගේ ඇකයේ උපත ලැබීමයි. මේ නිසයි ඔබ සතුටින් තමන්ව කැප කරන්නේ, එහෙම නේද? ඔබ හඩමින් තමන්ව කැප කරන්නේ නැහැ නේද? නැහැ. භක්තියේ පවා හඩන බිල්ලක් පිළිගන්නේ නැත. එබැවින් ඔවුන්ගේ සීමිත “මම” සහ “මගේ” තුළින් තමන්ව කැප කරන අයට උපතින් උපතට සතුටින් උරුමයකට හිමිකම් කිව හැක.

එබැවින් පරීක්ෂා කරන්න: නිෂ්ඵල සිතිවිලි, නිෂ්ඵල වදන් සහ නිෂ්ඵල ක්‍රියාකාරකම් පරිවර්ථනය කිරීමේදි, ඔබ එම පරිවර්ථනය ගෙන එන්නේ සතුටින්ද, බල කරන නිසාද? ඔබ තමන්ව පරිවර්ථනය කරගන්නේ සෙනෙහස නිසාද, උත්සාහය තුළින්ද? ඔය සියලු දරුවන් උපත ලද විට, ඔබ, ඔබගේ ජීවන රාජකාරිය බවට පත් කරගත්තේ, ලෝක පරිවර්ථනය සිදු කරන, ලෝක පරිවර්ථකයන් වීමයි. ඔබ සියලු දෙනාගේ බ්‍රහ්මින් උපතේ රාජකාරිය මෙය නේද? මෙය ස්ථිරයි නම්, ඔබගේ අත් වනන්න. ඔබ ඔබගේ කොඩි වනනවා. ඉතාම හොදයි. (සියලු දෙනා ශිව බාබාගේ ධජයක් වනමින් සිටියා) අද කොඩි සදහා දවසයි. ඉතා හොදයි. කෙසේවෙතත්, නිකම්ම ඒ ආකාරයට කොඩි වනන්න එපා. ඒ ආකාරයට කොඩි වැනීම පහසුයි, නමුත් ඔබ දැන් කළ යුත්තේ ඔබගේ මනස සෙලවීමයි; ඔබ ඔබගේ මනස පරිවර්ථනය කළ යුතුයි. ඔබ එඩිතරයි, එහෙම නේද? ඔබට එඩිතරකම තිබෙනවාද? ඔබට බොහෝ එඩිතරකම තිබේ. අච්චා.

බාප්දාදා බොහෝ සතුට ගෙනෙන එක දෙයක් දුටුවා. එය කුමක්ද? ඔබ එය දන්නවාද? මේ වසරට බාප්දාදා ඔබට විශේෂ තෑග්ගක් දී තිබේ: මේ වසරේ ඕනෑම කාර්යයක, ඔබට සුළු එඩිතරකමක් හෝ ඇත්නම් - එය ස්ව-පරිවර්ථනය වෙනුවෙන් හෝ ඕනෑම කාර්යයක් වෙනුවෙන් හෝ ලෝක සේවය වෙනුවෙන් වුනත් - ඔබ එය එඩිතරව කරන්නේ නම්, එවිට ඔබට අතිරික්ත උපකාර ලබා දීමේ ආශිර්වාදය මේ වසරට ලැබී තිබේ. එසේ නම් බාප්දාදා දුටු සතුටේ පුවත හෝ ජවනිකාව කුමක්ද? මේ වසරේ ශිව ජයන්තිය වෙනුවෙන් කරන සේවයේදි සියලු දෙනාම බොහෝ බොහෝ එඩිතරකමින්, උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කරන බව. (සියලු දෙනා අත් පොළසන් ගැසුවා). ඔව් ඔබට අත්පොළසන් ගැසිය හැක. ඔබ සෑම විටම මේ ආකාරයට අත්පොළසන් ගසනවාද, නැත්නම් ශිව රාත්‍රියට පමණක්ද? සෑම විටම නොකඩවා අත්පොළසන් ගසන්න. අච්චා. සෑම තැනකින්ම ඔබගේ පුවත් මධුබන් වලට ඔබ ලියා එවන අතර බාප්දාදා සූක්ෂම දේශයේ එය දකිනවා. ඔබට හොද උද්යෝගයක් තිබෙන අතර ඔබ හොද සැලසුම්ද සාදා තිබෙනවා. ඒ අන්දමින්ම, සේවය වෙනුවෙන් ඇති උනන්දුව සහ උද්යෝගය, ලෝකයේ සිටින ජීවාත්මයන්ගේ උනන්දුව සහ උද්යෝගය වැඩි කරයි. බලන්න, උපකරණයක් වන දාදිජී පැළ කළ අංකුරය, විශ්මයන් සිදුකර තිබෙනවා නේද? ප්‍රතිඵලය හොදයි. මේ නිසයි බාප්දාදා සෑම මධ්‍යස්ථානයකම නම දැන් සදහන් නොකරන්නේ, නමුත් සියලුම සේවය කළ හැකි දරුවන් සෑම තැනකම සිදු කර ඇති සේවයේ ප්‍රතිඵලය වෙනුවෙන්, ඔවුන්ගේ විශේෂතා සහ නම් සිහි කරමින් බාප්දාදා කෝටි-ගුණයක සුබ පැතුම් ලබා දෙන්නේ. ඔවුන් එහිද එය නරඹමින් සිටිනවා. තමන්ගේම ස්ථාන වල සිට මෙය නරඹන දරුවන් සතුටට පත් වනවා. විදෙස් රටවලද ඔවුන් සතුටු වනවා මන්ද, ඔබ සියලු දෙනාම ලෝකයේ විශේෂ ආදරණීය දේවතා ජීවාත්මයි. බාප්දාදා ඔය දරුවන්ගේ සමූහය දකින විට, ඔහු ස්වරූප තුනකින් ඔබව දකිනවා:

1) වත්මන් ස්ව-අධිපතියන්. ඔබ දැනුත් රජවරුන්. ලෝකයේ පවා පියෙක් ඔහුගේ දරුවන්ට මෙසේ කියයි: “මගේ රජ දරුවනේ, මගේ රජ දරුව”. ඔවුන් දුගී වුනත් ඔහු මෙසේ කියයි: “මගේ රජ දරුවා”. කෙසේවෙතත්, වර්ථමාන සංගම යුගයෙදි පවා පියා ඔය සියලුම දරුවන්ව දකින්නේ ස්ව-අධිපතියන් ලෙසයි. ඔබ රජවරු නේද? ඔබ ස්ව-අධිපතියන්, තමන්ගේ පාලකයන්.

2) ඉතිං, වර්ථමානයේ ස්ව-අධිපතියන් අනාගතයේ ලෝක පාලකයන්.

3) තඹ යුගයේ සිට කලි යුගයේ අවසානය දක්වා ඔබ පිදුම් ලබන්නට අයිතියක් ඇති වන්දනීය අයයි. බාප්දාදා ඔය සියලුම දරුවන්ව දකින්නේ මෙම ස්වරූප තුනෙන්ය. ඔහු ඔබව සාමාන්‍ය ලෙස දකින්නේ නැහැ. ඔබ කෙබදු ආකාරයේ කෙනෙක් වුනත්, බාප්දාදා ඔය සියලු දරුවන්ව දකින්නේ ස්ව-අධිපතියන්, රාජකීය දරුවන් ලෙසයි. ඔබ රාජ යෝගීන් නේද? මෙහි සිටින කවුරුන් හෝ ප්‍රජා යෝගියෙක්ද (පුරවැසියෙක්)? ප්‍රජා යෝගී කිසිවෙකු සිටිනවාද? නැහැ. ඔබ සියලු දෙනාම රාජ යෝගීවරු. එබැවින් රාජ යෝගීවරයෙක් යනු රජ කෙනෙකි. පරම පියාම එවන් ස්ව-අධිපතියන්, තමන්ගේ පාලකයන්ගේ උපන් දිනය සැමරීමට ඇවිත්. බලන්න, ඔය සියලුම ද්විත්ව විදේශිකයන් විදෙස් රටවල සිට ඔබගේ උපන් දිනය සැමරීමට ඇවිත්! ද්විත්ව විදේශිකයන්, ඔබගේ අත් ඔසවන්න! එසේ නම්, ඈතින්ම ඇති දේශය කුමක්ද? එය අමරිකාවද නැත්නම් ඊට වඩා ඈත දේශයක් තිබෙනවාද? කෙසේවෙතත්, බාප්දාදා පැමිණියේ කොහේ සිටද? බාප්දාදා පැමිණ ඇත්තේ පරම දනව්වේ සිටයි. එබැවින් ඔහු තුළ ඔය දරුවන් වෙනුවෙන් සෙනෙහස තිබේ. ඔබගේ උපන් දිනය කෙතරම් උසස්ද කියතොත්, පරමාත්ම දෙවියන් පවා පැමිණිය යුතුයි. (බොහෝ විවිධ භාෂා වලින් “බාබා අපි ඔබට ආදරෙයි!” කියා බැනරයක් සාදා තිබෙනවා). ඔව්, ඔබ හොද බැනරයක් සාදා තිබෙනවා. ඔබ සෑම භාෂාවකින්ම එය ලියා තිබෙනවා. ඔවුන්ගේ උපන් දිනය වෙනුවෙන් බාප්දාදා සෑම රටකම සිටින සියලු විවිධ භාෂාවල සියලුම දරුවන්ට සුබ පතනවා.

බලන්න, ඔබ පරම පියාගේ ශිව ජයන්තිය සමරනවා, නමුත් පියා කුමක්ද? තිතක්. ඔබ ජයන්තිය, තිතෙහි අවතරණය සමරනවා. වැඩියෙන්ම දියමන්තියක් වැනි උපන් දිනයක් තිබෙන්නේ කාටද? තිතට. තිතක්. එබැවින් තිතේ (බිංදුවේ) විශාල ප්‍රශංසාවක් ඇත. මේ නිසයි බාප්දාදා මෙසේ පවසන්නේ : නිරන්තරයෙන් තිත් තුන සිහි කරන්න. “7” සහ “8” යන අංක ලිවීම අපහසුයි, නමුත් තිතක් ලිවීම ඉතාම පහසුයි. නිරන්තරයෙන් තිත් තුන සිහි කරන්න. ඔබ තුනම ඉතා හොදින් දන්නවා නේද? ඔබ තිතකි, පරම පියා තිතකි. ඔබ තිත්ය, තිතේ දරුවන්ය, එමෙන්ම ඔබට රඟපෑමට තිබෙන විට, ඔබ රඟපෑම සදහා මෙම ලෝක වේදිකාව මතට පැමිණෙයි. මෙම නාටකය රඟ දැක්වෙන්නේ ලෝක වේදිකාව මතයි. එබැවින් නාටකයේ ඔබ කුමන රඟපෑමක් සිදු කළත්, ඒවා අතීතය බවට පත් වී ඇත, එබැවින් නැවතීමේ තිතක් තබන්න. එසේ නම් නැවතීමේ තිතක් යනු කුමක්ද? තිතක්. එබැවින් නිරන්තරයෙන් තිත් තුන මතකයේ තබා ගන්න. විශ්මයන් සියල්ල දෙස බලන්න. වත්මන් ලෝකයේ වැඩිම වැදගත්කමක් තිබෙන්නේ කුමටද? මුදල් වලට. මුදල් වලට වටිනාකමක් තිබෙනවා නේද? මුදල් ඉදිරියේ දෙමාපියන් පවා ශුන්‍ය වෙයි. සියල්ල මුදල්ය. එහිදීද ඔබ “1”ට පසුව බිංදුවක් දමන්නේ නම් එය කුමක් වෙයිද? එය 10 වෙයි. තව බිංදුවක් දමන්න, එය 100 වෙයි. තුන්වන බිංදුවක් දමන්න, එවිට එය 1000 වෙයි. එබැවින් එය බිංදුවේ විශ්මයයි. මුදල් වලදි, එය බිංදුවක විශ්මය වන අතර ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වීමේදි එය තිතක විශ්මයයි. කරන්කරවන්හාර්ද තිතකි. එබැවින් සෑම දෙයක් අතින් වැදගත්කමක් තිබෙන්නේ කුමටද? තිතකට නේද? සරළව තිත සිහි කර විස්තාරණයට නොයන්න. ඔබට තිතක් සිහි කළ හැක. තිතක් වන්න. තිත සිහි කර නැවතීමේ තිතක් තබන්න. එපමණයි. උත්සාහය මෙයයි. එය අපහසුද? නැත්නම් එය පහසුද? එය පහසු බව සිතන අය, අත් ඔසවන්න! පහසුයි. එසේ නම් ඔබට නැවතීමේ තිතක් තබන්න වෙයි. යම් ගැටළුවක් පැමිණි විට, ඔබ තබන්නේ නැවතීමේ තිතක්ද, ප්‍රශ්නාර්ථ ලකුණක්ද? ප්‍රශ්නාර්ථ ලකුණක් නොතබන්න, නැවතීමේ තිතක් තබන්න. ප්‍රශ්නාර්ථ ලකුණක් බොහෝ සේ ඇදයි. බලන්න, ප්‍රශ්නාර්ථ ලකුණක් ලියන්න. එය බොහෝ සේ ඇදයි, නමුත් නැවතීමේ තිතක් තැබීම ඉතාම පහසුයි. එබැවින් තිතක් වන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? ඔබ එය දන්නවාද? ඔබ සියලු දෙනාම දක්ෂයි.

ඔබ ඉතා හොදින් සිදු කරන විශේෂ සේවයට බාප්දාදා විශේෂ සුබ පැතුම් ලබා දුන්නා. ඔබ එය නොකඩවා සිදු කරයි, නමුත්, අනාගතයේ සෑම දිනකදී ඔබ ලෝක සේවකයන්ය. බ්‍රහ්ම බාබා අත්සන් කළේ කෙසේද කියා ඔබට මතකද? ලෝක සේවක. එබැවින් ඔබ ලෝක සේවකයන්. එබැවින් ඔබ ශිව රාත්‍රී දිනයේ පමණක් සේවය කිරීමෙන් ලෝකයේ සේවය සම්පූර්ණ නොවෙයි. එබැවින් මෙම අරමුණ තබාගන්න: “මම ලෝක සේවාධාරියෙක්මි.” ඔබ සෑම හුස්මකින්ම සහ සෑම තත්පරයකදී ලොවට සේවය කළ යුතුයි. කවුරු පැමිණියත්, එමෙන්ම ඔබ කවුරු සමග සම්බන්ධ වුනත්, ඔබ දානපතියෙක් වී, එම කෙනාට එක් හෝ තව දෙයක් ලබා දිය යුතුයි. කිසිම කෙනෙක් හිස් අතින් නොයා යුතුයි. ඔබගේ අනන්ත සම්පත් ගබඩාව සෑම විටම විවෘතව තබන්න. අඩුම තරමින් සෑම කෙනෙක් කෙරෙහි සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඇති කර ගන්න. සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වලින් ඔවුන්ව දකින්න, ඔවුන්ට සවන් දෙන්න සහ ඔවුන් සමග සම්බන්ධ වී එම ජීවාත්මයන්ට ඔබගේ සහයෝගය ලබා දෙන්න. දැන් සියලු ජීවාත්මයන්ට ඔබගේ සහයෝගයේ විශාල අවශ්‍යතාවයක් තිබේ. එබැවින් ඔවුන්ට ඔබගේ සහයෝගය ලබා දී, ඔවුන්ට සහයෝගී වීමට මඟ පාදන්න. ඔවුන්ට ඕනෑම ආකාරයක සහයෝගය ලබා දෙන්න, ඔබගේ මනසින්, ඔබගේ වදන් වලින් හෝ ඔබගේ නෑ සම්බන්ධතා තුළින්. එබැවින් මෙම ශිව රාත්‍රි උපන් දින උත්සවයේ විශේෂ පාඨය මතකයේ තබා ගන්න: “ඔබගේ සහයෝගය ලබා දී, ඔවුන්ට සහයෝගී වීමට මඟ පාදන්න.” අඩු තරමින් ඔබ සමග සම්බන්ධ වන හෝ නෑකමක් ඇති ඕනෑම කෙනෙක්ට, ඕනෑම සම්බන්ධතාවයක් විය හැක, එමෙන්ම නොයෙක් අය පැමිණෙනවා, ඔවුන්ට වෙනත් සත්කාරයක් පුද නොකරන්න, නමුත් සෑම කෙනෙකුටම අනිවාර්යෙන් දිල්කුෂ් තෝලි ලබා දෙන්න. මෙහි මුළුතැන්ගේහි සාදන දිල්කුෂ් තෝලි නොවෙයි. ඔවුන්ගේ හදවත් සතුටු කරන්න. ඔවුන්ගේ හදවත් සතුටු කිරීම යනු, ඔවුන්ට දිල්කුෂ් තෝලි ලබා දීමයි. ඔබ ඔවුන්ට මෙය ලබා දෙනවාද? මෙයට දැරීමට උත්සාහයක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට අතිරික්ත කාලයක් හෝ උත්සාහයක් අවශ්‍ය වන්නේ නැහැ. පිවිතුරු හැගීම් වලින් ඔවුන්ට දිල්-කුෂ් තෝලි පුද කරන්න, එපමණයි. ඔවුන් සතුටට පත් වන අතර ඔබද සතුටු වෙයි. ඔබට තව අවශ්‍ය මොනවාද? එබැවින් ඔබ සතුටින් රැදී සිට අන් අයට සතුට ලබා දෙයි. ඔබ සියලු දෙනාගේ මුහුණු කිසිම විටෙක වැඩිය ගාම්භීර (serious) නොවිය යුතුයි. වැඩිය ගාම්භීර වීමත් හොද නැහැ. සිනහවක් තිබිය යුතුයි. ගාම්භීර වීම හොදයි, නමුත් ඔබ වැඩියෙන් ගාම්භීර වු විට ඔබ වෙනත් තැනක අතරමංවී ඇති සේය. ඔබ සෑම දෙයක්ම දකින නමුත් ඔබ අතරමං වී සිටියි. ඔබ කතා කරයි, නමුත් ඔබ කතා කරන්නේ, යම් දෙයක් තුළ අතරමං වී ඇති සේ. එබැවින් එවැනී අන්දමේ මුහුණක් හොද නැහැ. ඔබගේ මුහුණු සෑම විටම සිනහමුසුව තිබිය යුතුයි. ඔබගේ මුහුණු වලට ගාම්භීර වීමට ඉඩ නොදෙන්න. “මා කුමක් කරන්නද? මා එය කරන්නේ කෙසේද?” කියා ඔබ කියන විට, ඔබ ගාම්භීර වෙයි. කෙසේවෙතත්, ඔබගේ කාර්යයන් වැඩි වන තරමට, ඔබ වැඩියෙන් සිනහමුසුව සිටිය යුතුයි. ඔබ සිනහසීමට දන්නවා නේද? ඔබ දන්නවා. ඔබගේ අජීවී ප්‍රතිමා දෙස බලන්න. ඒවා කිසිම විටෙක ගාම්භීර මුහුණු සමග පෙන්වා තිබෙනවාද? ඒවා ගාම්භීර මුහුණු සමග පෙන්වා ඇත්නම්, කලාකරුවා හොද නැති බව ඔබ කියනු ඇත. එබැවින් ඔබත් වැඩි ගාම්භීරත්වයකින් සිටින්නේ නම්, ඔබ ජීවත් වීමේ කලාව නොදන්නා බව කියයි. එසේ නම් ඔබ කුමක්ද කරන්නේ? ඔය ගුරුවරු කුමක්ද කරන්නේ? අච්චා. බොහෝ ගුරුවරු සිටිනවා. සුබ පැතුම්. සේවය වෙනුවෙන් සුබ පැතුම්. අච්චා.

ඔබට තත්පරයකදි ඔබගේ මුතුන්මිත්තන් (පූර්වජ - ancestor) සහ වන්දනීය ස්වරූප මතු කරගත හැකිද? එම දේවතාවන්ගේ අවධානයෙන්ම ඔය සෑම කෙනෙකුට තමන්ව දැකගත හැකිද? “මා පූර්වජ දේවතාවක්, සංගම යුගයේ පූර්වජයෙක් සහ තඹ යුගයේ සිට වන්දනීයයි.” ස්වර්ණමය සහ රිදී යුගයන්හිදි ඔබට රාජධානියට අයිතියක් තිබේ. එබැවින් තත්පරයකදි අනෙක් සියලු සිතිවිලි අවසන් කර, ඔබගේ පූර්වජ සහ වන්දනීය ස්වරූපයේ ස්ථාවර වන්න. අච්චා.

අව්‍යක්ත සහ දිව්‍යමය අවතරණයක් ගෙන ඇති ඔය සියලුම දරුවන්ට, පරම පියාගේ සහ ඔය දරුවන්ගේ ඔය දකුණත් වන සේවාධාරී, නිරන්තරයෙන් දිලාරාම් පියාගේ හදවතේ මුසු වී සිටින දරුවන්ගේ උපන් දිනය වෙනුවෙන් ආශිර්වාද, සෙනෙහස සහ ස්මරණය. හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින එවන් ශ්‍රේෂ්ඨ දරුවන්ට, තිතේ වැදගත්කම දැන, නිරන්තරයෙන් තිතේ ශ්‍රේෂ්ඨ ස්වරූපය බවට පත්වන සියලු දරුවන්ට, තම ස්ව-අභිමානයේ නිරන්තරයෙන් රැදී සිටිමින් අන් අයට ආධ්‍යාත්මික ගෞරවය ලබා දෙන, ගෞරවයට සුදුසු දරුවන්ට, මාස්ටර් දානපතියන්, දානපතිගේ දරුවන් ලෙසින් ඔවුන්ගේ අනන්ත සම්පත් ගබඩාවෙන් සෑම කෙනෙකුටම එක හෝ තව දෙයක් ලබා දෙන මාස්ටර් දානපති දරුවන්ට, බාප්දාදාගේ කෝටි-ගුණයක සෙනෙහස සහ ස්මරණය, ප්‍රභූ-නූර් දරුවන්ට (පියාගේ ආලෝකය), කෝහිනූර් දියමන්තියටත් වඩා වැඩි සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ මාස්ටර් නිර්මාණකරුවෙක් වී, අවශ්‍යතාවයට අනුව ඔබගේ සෑම බලයකටම නියෝග කරත්වා.

ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට පෙර එම ක්‍රියාවට අදාල වන බලය කැදවන්න. මේ සියලු බලයන් ඔබගේ බාහු වැනිය, එබැවින් ඒවායේ පාලක ලෙස ඒවාට අණ කරන්න. ඔබගේ නියෝග නොමැතිව ඔබගේ බාහු වලට කිසිවක් කළ නොහැක. කාර්යයක් සාර්ථකව නිම කිරීමට, දරා ගැනීමේ බලයට නියෝග කර, සාර්ථකත්වය සහතික වන්නේ කෙසේද කියා බලන්න. කෙසේවෙතත්, එම නියෝගය ලබා දෙනවා වෙනුවට ඔබ බියට පත්වී, ඔබට යමක් කිරීමට හැකි වෙයිද, නැද්ද කියා ඔබ සිතන්නේ නම්, ඔබට මෙවන් බියක් ඇත්නම්, එම නියෝගය ක්‍රියා නොකරයි. එබැවින් නිර්භීත මාස්ටර් නිර්මාණකරුවෙක් වී, ඔබගේ අණට අනුව සෑම බලයක්ම ක්‍රියා කරවන්න.

පාඨය:
ආධාරක පිරිනමන්නා වන පරම පියාව හෙළිදරව් කිරීමෙන් සියලු දෙනාව වෙරළට රැගෙන යන්න.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

නිර්මාණකරුවෙක්, නිර්මාණයක් බිහි කරන විට, හුදකලාවේ සිටින සේම මෙහිදීද, හුදකලාවේ සිටීම යනු ඒකායන කෙනාගේ ගැඹුර තුළ ගිලී සිටීමයි. ඔබ බාහිර ආකර්ෂණ වලින් මිදී හුදකලාවේ සිටිය යුතුයි. එය, ඔබගේ කාමරය තුළ තනිවී හුදකලාවේ සිටීම පිළිබද ප්‍රශ්නයක් නොවෙයි, නමුත් ඔබගේ මනස හුදකලාවේ තිබිය යුතුයි. මනසේ ඒකාග්‍රතාවය යනු, ඒකායන කෙනාගේ සිහි කිරීමේ සිටීමයි. සැබෑ හුදකලාව යනු ඒකාග්‍රතාවයයි.