23.03.25 Avyakt Bapdada
Sinhala
Murli 02.11.2004 Om Shanti Madhuban
තමන්ව ඉහළ නංවා ඔබට
අපහාස කරන අයවත් ඉහළ නංවන්න.
සියලු බල සහ සියලු ගුණධර්ම වලින් පිරිපුන් වී, ගෞරවය පිරිනමන්නෙක් වන්න.
අද දින සෙනෙහස් සාගරය
සැම තැනකම සිටින ඔහුගේ ආදරණීය දරුවන් දැකීමට සතුටු වනවා. ඔබගේ භෞතික ස්වරූපයෙන් ඔබ
බාබා ඉදිරියේ පෞද්ගලිකව අසුන්ගෙන සිටියත්, භෞතිකව ඈත අසුන්ගෙන සිටියත්, සෙනෙහස, ඔබ
සියලු දෙනාට පරම පියාගේ සමීපව අසුන්ගෙන සිටීමේ අත්දැකීම ලබා දෙයි. සෑම දරුවෙකුගේම
සෙනෙහස, පියා, තම සමීපව සිටීමේ අත්දැකීම ලැබීමට ඔහුට මගපාදයි. ඔය සියලුම දරුවන්ද
පියා කෙරෙහි ඇති සෙනෙහසින් පෞද්ගලිකව මෙහි පැමිණ ඇත. සෑම දරුවෙකුගේම හදවත තුළ
බාප්දාදා කෙරෙහි සෙනෙහස මුසුවී ඇති බව බාප්දාදා දුටුවා. ඔය සෑම කෙනෙකුගේම හදවත තුළ
“මගේ බාබා” යන සෙනෙහසේ ගීතය වාදනය වෙමින් තිබේ. තම සිරුරට සහ ඔබගේ සිරුරේ සම්බන්ධතා
වලට නොබැදී සිටීමට ඔබට සලස්වන්නේ සෙනෙහසයි. මායා පරාජය කරන්නෙක් බවට ඔබව පත් කරන්නේ
සෙනෙහසයි. හදවතේ සෙනෙහස ඇති තැන, මායා දුරක සිටම දිව යයි. සෙනෙහස යන විෂයෙන් ඔය
සියලුම දරුවන් සමත් වී ඇත. එකක් සෙනෙහස වන අතර අනෙක සියලු බල ඇති ඒකායන කෙනා වන
සර්ව බලධාරි පියාගෙන් ලැබෙන සියලු බලයන්ගේ සම්පතයි.
එබැවින් අද, එක
පැත්තකින් බාප්දාදා සෙනෙහස දකින අතර අනෙක් අතට ඔහු ශක්ති සේනාවේ බලයන් දකිනවා. ඔබ
තුළ සෙනෙහස මුසු වී ඇති ප්‍රමාණයට අනුව සියලු බලයන්ද ඔබ තුළ මුසුවී තිබේ. බාප්දාදා
ඔය සියලු දරුවන්ට සමානව සියලු බල ලබා දී ඇත. ඔහු ඔබව මාස්ටර් සර්ව බලධාරීන්, සියලු
බල ඇති අය බවට පත් කර ඇත. ඔහු ඔබගෙන් ඇතමෙක්ව පමණක් සියලු බල ඇති අය බවට පත්කර
වෙනත් අයව බල සුළු ප්‍රමාණයක් පමණක් තිබෙන අය කළේ නැහැ. ඔබ සියලු දෙනාම පවසන්නේ
ඔබගේ ස්ව-අභිමානය වන්නේ මාස්ටර් සර්ව බලධාරියෙක්, සියලු බල ඇති කෙනෙක් වීම බවයි.
එබැවින් බාප්දාදා සෑම තැනක සිටින ඔය සියලුම දරුවන්ගෙන් විමසන්නේ : ඔය සෑම කෙනෙක්ම
තමන් තුළ සියලු බල ඇති බව අත්විදිනවාද? සියලු බලයන්ට ඔබට නිරන්තරයෙන් අයිතියක්
තිබෙනවාද? සියලු බල බාප්දාදාගෙන් ඔබට ලැබෙන උරුමයයි. එසේ නම් ඔබට ඔබගේ උරුමයට
අයිතියක් තිබෙනවාද? ඔබට අයිතියක් තිබෙනවාද? ගුරුවරු, කතා කරන්න! ඔබට අයිතියක්
තිබෙනවාද? ඒ ගැන ප්‍රවේසමින් සිතා බැලීමෙන් පසුව කතා කරන්න. පාණ්ඩවයන්, ඔබට
අයිතියක් තිබෙනවාද? ඔබට නිරන්තරයෙන් අයිතියක් තිබෙනවාද? නැත්නම් විටෙක පමණයිද? ඔබට
යම් විශේෂිත බලයක් අවශ්‍ය වෙලාවකදි, ඔබගේ නියෝගයට අනුව එම බලය, ශක්ති සේනාවේ, ඔබ
ඉදිරියේ පෙනී සිටිනවාද? “හොදයි, මගේ ස්වාමී, මා ඉන්නවා” (ජී හසූර්, හසීර්) කියා ඔබට
අවශ්‍ය ඕනෑම විටෙක එය පවසනවාද? ඒ ගැන සිතන්න! බලන්න, අයිතියක් ඇති කෙනෙක් නියෝගයක්
නිකුත් කළ විට, බලය මෙසේ කිව යුතුයි, “ඔව් මගේ ස්වාමී, මා ඉන්නවා”. කාලයට සහ
අවස්ථාවට අනුව, ඔබ එම බලය කැදවන ඕනෑම විටෙක, ඔබට එම බලය භාවිතා කිරීමට හැකි විය
යුතුයි. මේ ආකාරයට අයිතියක් ඇති ජීවාත්ම බවට ඔබ පත්ව සිටිනවාද? මෙයට හේතුව වන්නේ
පරම පියා ඔබට උරුමයක් ලබා දී ඇති අතර ඔබ එම උරුමය, ඔබගේ බවට පත් කර තිබීමයි. ඔබ එය,
ඔබගේ කරගෙන තිබෙනවා නේද? එබැවින් ඔබට අයත් ඕනෑම දේකට ඔබට අයිතියක් තිබේ. යම් කිසි
ආකාරයකට, බලයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් ඇති ඕනෑම විටෙක, ඔබට එය භාවිතා කිරීමට
හැකි විය යුතුයි. නිදසුනක් ලෙස, ඉඩ දීමේ බලයට ඔබට අවශ්‍යතාවයක් ඇති විට, එය ඔබගේ
අණට කීකරු වී මෙසේ කියනවාද, “හොදයි, මගේ ස්වාමි”? එය එසේ කරනවාද? අඩු තරමින්
එකගතාවයෙන් හිස වනන්න! එය එසේ කරන්නේ නම් ඔබගේ අත වැනිය හැක. එය විටෙක ඔබට කීකරු
වනවාද, සෑම විටම කීකරුද? ඉඩ දීමේ බලය පෙනී සිටින නමුත් යම් දෙයකට 10 වතාවක් ඉඩ දී,
11 වන වතාව වන විට, සුළු චංචලත්වයක් ඇති වනවාද? කාලය ගෙවී ගියාට පසුව නොවෙයි, එය
සෑම විටම සහ පහසුවෙන් ඉදිරිපත් විය යුතුයි. “මට මේ දේ කිරීමට අවශ්‍ය වූ නමුත් ඒ
වෙනුවට සිදුවුනේ මෙයයි.” එය එසේ නොවිය යුතුයි. මෙය හැදින්වෙන්නේ සියලු බලයන්ට
අයිතියක් තිබීම ලෙසයි. බාප්දාදා ඔබ සියලු දෙනාටම මෙම අයිතිය ලබා දී තිබෙනවා, නමුත්
මෙම අයිතිය නිරන්තරයෙන් තිබීම අතින් ඔබ අංකානුරූප වන බව දැක තිබෙනවා. එය
නිරන්තරයෙන් සහ පහසුවෙන් විය යුතුයි. එය ස්වාභාවික කරගන්න, එය ඔබගේ ස්වභාවය කරගන්න.
මේ සදහා ක්‍රමවේදය වන්නේ: පියා හැදින්වෙන්නේද හසූර් (ස්වාමී) ලෙසයි, එමෙන්ම “හසුර්
හසීර්” (ස්වාමි සිටිනවා) යැයි කියයි. සියලු බලයන්ද, ස්වාමීගේ සියලුම ශ්‍රීමත්
අනුගමනය කරන, ස්වාමීන්, දරුවන් ඉදිරියේ පෙනී සිටියි; ඔවුන් පවසන්නේ, “ඔව් මගේ
ස්වාමී, මා සිටිනවා, මා පිළිගන්නවා.” ඔවුන් සෑම විටම, සෑම නියෝගයකටම “ජී හසීර්”
(ඔව්, මා සිටිනවා) කියයි. ඔවුන් සෑම පියවරකදීම “ජී හසීර්” කියයි. සියලුම ශ්‍රීමත්
අනුගමනය කිරීම වෙනුවෙන් ඔබ “ජී හසීර්” නොකියන්නේ නම්, එවිට සියලු බලයන්ට සෑම
මොහොතකම, ස්වාමී වන ඔබ ඉදිරියේ පෙනි සිටීමට නොහැකි වෙයි. ඔබ විටෙක පමණක් පරම පියාගේ
ශ්‍රීමත් හෝ නියෝග පිළිපදින්නේ නම්, එවිට බලයන්, ඔබ ඉදිරියේ පෙනී සිටීමේ ඔබගේ
නියෝගයට කීකරු වන්නේද ඇතැම් විට පමණයි. ඒ වෙලාවේ අයිතියක් ඇති කෙනෙක් වනවා වෙනුවට,
ඔබ යැපෙන්නෙක් වෙයි. එබැවින් බාප්දාදා මෙම ප්‍රතිඵලය පරීක්ෂා කර බැලුවා. බාබා
දුටුවේ කුමක්ද? ඔබ අංකානුරූපයි. ඔබ සියලු දෙනාම අංක එක නොවෙයි; ඔබ අංක පිළිවෙලයි.
එය සෑම විටම පහසු නැහැ. විටෙක එය පහසුවන අතර විටෙක බලයන් මතුවන්නේ යම් අපහසුතාවයක්
ඇතිවයි.
බාප්දාදාට අවශ්‍ය
වන්නේ සෑම දරුවෙක්ම පියාට සමාන වනවා දැකීමටයි. ඔබ අංකානුරූපී වනවා දැකීමට ඔහුට
අවශ්‍ය නැහැ. ඔබ සියලු දෙනාගේ අරමුණ වන්නේ පියාට සමාන වීමය. ඔබට තිබෙන්නේ, සමාන
වීමේ අරමුණද, අංකානුරූප වීමේ අරමුණද? ඔබගෙන් මෙය විමසන්නේ නම් ඔබ සියලු දෙනාම ඔබට
සමාන වීමට අවශ්‍ය බව කියයි. එබැවින් පරීක්ෂා කර බලන්න: 1) මට සියලු බල තිබෙනවාද?
“සියලු” යන වචනයට යටින් ඉරක් අදින්න. 2) මට සියලුම ගුණධර්ම තිබෙනවාද? 3) මගේ මනෝ
ස්ථිතිය පියාට සමානද? 4) මගේ මනෝ ස්ථිතියද ජය ගන්නේ, නැත්නම් විටෙක අහිතකර
සිදුවීමක් මාව පරාජය කරනවාද? අහිතකර සිදුවීම් ජය ගන්නේ නම්, ඔබ එයට හේතුව දන්නවා
නේද? අහිතකර සිදුවීම් වලට ඔබට පහර දීමට හැකි වන්නේ, ඔබගේ මනෝ ස්ථිතිය දුර්වල වූ
විටයි. ඔබගේ ආදිතම ස්ථිතියට නිරන්තරයෙන් ජය ගැනීම සදහා, ක්‍රමවේදය වන්නේ,
නිරන්තරයෙන් ඔබගේ ස්ව-අභිමානය සහ අන් අය කෙරෙහි ඔබ දක්වන ගෞරවයේ සමබරතාවයක්
නිරතුරුව තබා ගැනීමයි. ස්ව-අභිමානය ඇති ජීවාත්මයක්, ගෞරවය පිරිනමන, නිරන්තර
දානපතියෙකි. ඇත්ත වශයෙන්ම ඕනෑම කෙනෙක්ට ගෞරවය ලබා දීම යනු සැබවින්ම දීමක් නොවෙයි.
ගෞරවය ලබා දීම යනු, ගෞරවය ලැබීමයි. ගෞරවය ලබා දෙන කෙනෙක්, සියලු දෙනාගේ හදවත් තුළ
ඉබේටම ගෞරවය ලැබීමට සුදුස්සෙක් වෙයි. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා. ඔහු ආදි දේව් වන
නමුත්, නාටකයේ ප්‍රථම ජීවාත්මය ඔහු වන නමුත් ඔහු නිරන්තරයෙන් දරුවන්ට ගෞරවය ලබා
දුන්නා. ඔහුට ලැබුණ ගෞරවයටත් වඩා වැඩි ගෞරවයක් දරුවන්ට ජීවාත්මයන්ගෙන් ලැබීමට ඔහු
මග පෑදුවා. සෑම දරුවෙකුගේම හදවතේ ගෞරවය ලැබීමට බ්‍රහ්ම පියා සුදුසු වුයේ මේ නිසයි.
එබැවින් ඔහු ගෞරවය ලබා දුන්නද, නැත්නම් ඔහුට ගෞරවය ලැබුණද? ගෞරවය ලබා දීම යනු,
හදවතින්, අන් අයගේ හදවත් තුළ සෙනෙහසේ බීජයක් පැළ කිරීමයි. ලෝකයා ඉදිරියේද, ඔබ ලොවට
සෙත සළසන ජීවාත්මයි. ඔබ ජීවාත්මයන්ට සෙනෙහසින් ගෞරවය ලබා දුන් විට පමණයි ඔබ මෙය
අත්දකින්නේ.
එබැවින් වත්මන්
කාලයේ, එකිනෙකාට ගෞරවය ලබා දීමේ අවශ්‍යතාවයක් ඇති බව බාප්දාදා දකිනවා. දානපතියෙක්
වන ජීවාත්මයක් ලෙස දිස්වන්නේ, ගෞරවය ලබා දෙන කෙනෙක් පමණයි. ගෞරවය ලබා දෙන අය පමණයි,
සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබීමේ බාප්දාදාගේ ශ්‍රීමත් වලට කීකරු වන දරුවන්
වන්නේ. ගෞරවය ලබා දීම යනු පරමාත්ම දෙවියන්ගේ පවුලේ අය වෙනුවෙන් හදවතේ සෙනෙහස
තිබීමයි. අන් අයට ගෞරවය ලබා දෙන අයට පහසුවෙන් තමන්ගේ ආත්ම-ගෞරව ස්ථිතියේ ස්ථාවර
වීමට හැකිය. මන්ද? ඔබ ගෞරවය ලබා දෙන අයගෙන් ඔබට ලැබෙන ආශිර්වාද සම්පත, පහසුවෙන් සහ
ඉබේටම ඔබගේ ආත්ම-ගෞරවය ගැන ඔබට මතක් කර දෙයි. එබැවින් බාප්දාදා සෑම තැනක සිටින
සියලුම දරුවන් සදහා මෙය විශේෂයෙන් වැදගත් බව කියයි: ගෞරවය පිරිනමන්නෙක් වන්න.
බාබා වෙතට පැමිණි
ඕනෑම දරුවෙක්, ඔහු දුර්වල දරුවෙක් වුනත්, තම සංස්කාර වල බලපෑම යටතේ සිටි කෙනෙක්
වුණත්, පාපයන්ගේ බරක් ඇතිව පැමිණි කෙනෙක් හෝ තද සංස්කාර ඇතිව පැමිණි කෙනෙක් වුවද -
බාප්දාදා සෑම දරුවෙක් දෙසම බැලුවේ කුමන ද්‍රිෂ්ඨියකින්ද? මගේ වඩාත් ආදරණීය, බොහෝ
කලක් නැතිව සිට දැන් හමුවූ දරුවා. ඔහු පරමාත්ම දෙවියන්ගේ පවුලේ දරුවෙක්. එබැවින්
ඔහු ඔවුන්ට ගරු කළ අතර ඔවුන් ආත්ම-ගරුත්වයක් ඇති අය බවට පත් විය. ඔබ පියාව අනුගමනය
කළ යුතුයි. ඔබට පහසුවෙන් සියලු ගුණධර්ම වලින් පිරිපුන් වීමට අවශ්‍ය නම්, ගෞරවය
පිරිනමන්නෙක් වන්න. ඔබට වැටහෙනවාද? මෙය පහසුයි නේද? එය පහසුද අපහසුයිද? ගුරුවරු
මොනවද සිතන්නේ? එය පහසුද? සමහරුන්ට ගෞරවය ලබා දීම පහසු වන අතර සමහරුන්ට අපහසුද? එසේ
නැත්නම් සියලු දෙනාටම ගෞරවය ලබා දීම පහසුද? ඔබගේ නම්බු නාමය වන්නේ: සියලු දෙනාව ඉහළ
නංවන අය. ඔබට අපහාස කරන අයව පවා ඔබ ඉහළ නංවයි. එබැවින් පරීක්ෂා කරන්න! සියලු දෙනාව
ඉහළ නංවන කෙනෙකුගේ දැක්ම, ආකල්පය සහ අවධානය මට තිබෙනවාද? අන් අයව ඉහළ නැංවීම යනු,
තමන්ව ඉහළ නැංවීමයි. එසේ නම් ඔබ කිරීමට යන්නේ කුමක්ද? ඔබ ගෞරවය ලබා දිය යුතුයි නේද?
එවිට වෙන් වෙන් වශයෙන් දේවල් ධාරණය කිරීමට දැරිය යුතු උත්සාහයෙන් ඔබ නිදහස් වෙයි.
මෙයට හේතුව, කාලය සීඝ්‍රයෙන් ගමන් කරන බව, බාප්දාදා දකින නිසයි. කාලය බලා සිටිනවා.
එබැවින් ඔබ සියලු දෙනාම සූදානම් විය යුතුයි. කාලයට තවත් බලා සිටීමට ඔබ ඉඩ නොතැබිය
යුතුයි. ඔබ සිදු කළ යුත්තේ කුමන සූදානම්ද? ඔබ අංග සම්පූර්ණ සහ සමාන වීමේ වේගය වැඩි
කරන්න. ඔබ එය කරන බව නොකියන්න. ඔබගේ වේගය කෙතරම් සීඝ්‍රද කියා පරීක්ෂා කර බලන්න.
ඔබගේ වේගය වැඩිද?
අළුත් දරුවන්ද
සෙනෙහසින් මෙහි පැමිණ සිටිනවා. ඔය අළුත් දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා. ප්‍රථම
වතාවට පැමිණි අය අත් ඔසවන්න! බොහෝ සිටිනවා. පියාගේ නිවසට, ඔබගේ නිවසට සාදරයෙන්
පිළිගන්නවා. සුබ පැතුම්! අච්චා.
මේ වාරයේ සේවය කලේ
කර්නාටකයි:
කර්නාටකයේ අය සිට ගන්න! සේවය කිරීමේ ස්වර්ණමය අවස්ථාවට සුබ පැතුම්. බලන්න, ඔබ
පළමුවන අංකය ගෙන තිබෙනවා. එබැවින් ඔබට පළමුවන අංකය ලෙස රැදී සිටීමට අවශ්‍යයි නේද?
ඔබගේ උත්සාහ වලදි, සෑම දේකින්ම ජය ගැනීමේදි අංක එක ගන්න අය ඔබයි. දෙවන අංකය නොගන්න,
ප්‍රථම අංකය ලබා ගන්න. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? ඔබගේ එඩිතරකමට පරම පියාගෙන් ඔබට
දහස් ගුණයක උදව් ලැබෙයි. ඔබට ඉතා හොද අවස්ථාවක් ලැබී තිබේ. ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ
ඔබ බොහෝ රැස් කරගෙන තිබෙනවා. අච්චා, කර්නාටක වලදි ඔබට විශාල වැඩසටහනක් තිබුණාද?
නැද්ද? ඇයි? ඔබ විශාල වැඩසටහනක් පවත්වන්නේ නැද්ද? කර්නාටක සෑම දේකින්ම ප්‍රථම අංකය
ලබා ගත යුතුයි. (ඔවුන් එම වැඩසටහන බැංගලෝර් වල පවත්වනවා). අච්චා. විශාල වැඩසටහන්
පැවැත්වූ අය සිටගන්න! මේ දක්වා මෙගා වැඩසටහන් කීයක් පවත්වා තිබෙනවාද? (8ක් හෝ 10ක්
වන අතර තව එකක් පැවැත්වීමට නියමිතයි). එබැවින් බාප්දාදා මෙගා වැඩසටහන් වෙනුවෙන්
විශාල සුබ පැතුම් ලබා දෙනවා. කලාප කීයක් තිබෙනවාද? සෑම කලාපයක්ම මෙගා වැඩසටහන්
පැවැත්විය යුතුයි, මන්ද, එවිට ඔබගේ නගර වල සිටින පැමිණිලි කරන අය පැමිණිලි නොකරයි.
ඔබ මෙගා වැඩසටහන් පවත්වන විට, මාධ්‍යය තුළින්, පෝස්ටර් මගින් බැනර් හෝ වෙනත් විවිධ
ක්‍රමවේද තුළින් පවා ඔබ විශාල ප්‍රචාරණයක් සිදු කරයි. එවිට පැමිණිලි අඩු වෙයි.
බාප්දාදා මෙම සේවයට කැමති, නමුත්... නමුත් තිබේ. ඔබ විශාල වැඩසටහන් පවත්වා ඇති අතර
ඒ වෙනුවෙන් ඔබට සුබ පැතුම් ද ලැබුණා, නමුත් සෑම වැඩසටහනකින්ම අඩුතරමින් සූදානම් කළ
108ක මාලාවක් වත් සිටිය යුතුයි. තවමත් එය සිදු වී නැහැ. අඩු තරමින් 108ක් සහ උපරිම
ලෙස 16,000 ක් සූදානම් විය යුතුයි. ඔබ බොහෝ මුදල් සහ ශක්තිය වැය කර ඇති බැවින්,
අඩුම තරමින් 108ක් සූදානම් වීම, බාප්දාදාට දැකීමට අවශ්‍යයි. පැමිණි සියලු දෙනාගේ
ලිපිනය ඔබ තබාගත යුතුයි. විශාල වැඩසටහන් වලට වෙනත් අයව රැගෙන පැමිණි අයගේ හැදින්වීම
ඔබට තිබෙනවා. එබැවින් ඔවුන්ව නැවතත් සමීපයට ගෙන එන්න. “අපි අපේ කොටස කළා” කියා
නොසිතන්න. සිදුකළ ඕනෑම කාර්යයක් ඵල දැරිය යුතුයි. එබැවින් විශාල වැඩසටහනකට සහභාගී
වූ සියලු දෙනා, එහි ප්‍රතිඵලය බාප්දාදාට ලබා දිය යුතුයි. ඔවුන් විවිධ මධ්‍යස්ථාන
වලින් වුනත්, වෙනත් නගර වලින් වුනත්, ප්‍රතිඵලයක් තිබිය යුතුයි. මෙය හොදද? මෙය කළ
හැකියි නේද? ඔබ ටිකක් අවධානය යොමු කළොත් ඔවුන් මතු වෙයි; 108 ක් සුළු දෙයක්.
කෙසේවෙතත්, බාප්දාදාට ප්‍රතිඵලයක් දැකීමට අවශ්‍යයි. ඔවුන් අඩු තරමින් ශිෂ්‍යයන් විය
යුතුයි. සහයෝගය ලබා දීමට ඔවුන් ඉදිරියට පැමිණිය යුතුයි. ඔබ එක් එක් කෙනා, කී දෙනෙක්
මතු කළාද යන ප්‍රතිඵලය, බාප්දාදාට මෙම වාරයේ දැකීමට අවශ්‍යයි. මෙය හොදද? පාණ්ඩවයන්
මෙය හොදද? එසේ නම් අංක එක වන්නේ කවුරුන්ද කියා අපි බලමු. ඔබ කී දෙනෙක් මතු කළත්
කමක් නැහැ, අනිවාර්යෙන් ඔවුන්ව මතු කළ යුතුයි. සිදු වන්නේ, වැඩසටහන් අවසන් වූ විට,
ඔවුන් සමග අනාගතයේ සම්බන්ධතාවයක් පැවැත්වීමට යොමු කරන උත්සාහය අඩු විමයි. ඔවුන්ව
මතු කරගැනීම අපහසු නැහැ. දරුවන්ගේ එඩිතරකම දැක බාප්දාදා සතුටු වනවා. ඔබට වැටහෙනවාද?
අච්චා.
දැන් ඔබ සියලු දෙනා
එක තත්පරයකදි, එක විනාඩියකදි වත් නොවෙයි, නමුත් එක තත්පරයකදි මනසේ අභ්‍යාසය
අත්විදින්න, “මම සුරදූතයෙක් එමෙන්ම මම දේවතාවක් බවට පත් වෙමින් සිටිනවා.” දවස පුරාම
මනසේ මෙම තත්පරයක අභ්‍යාසය නැවත නැවතත් සිදු කරන්න. භෞතික අභ්‍යාසයක් ඔබගේ සිරුර
ශක්තිමත් කරන සේම, මනසේ අභ්‍යාසය ඔබගේ මනස ශක්තිමත් කරයි. “ මම සුරදූතයෙක්මි, මා
මෙම පැරණි ලෝකයට, මෙම පැරණි සිරුරට සහ මෙම පැරණි සිරුරේ සංස්කාර වලට නොබැදී සිටින
සුරදූත ජීවාත්මයක්.” අච්චා.
සෑම තැනකම සිටින
උපරිම ලෙස ආදරණීය දරුවන්ට, සෙනෙහස් සාගරය සමග නිරන්තරයෙන් මුසු වී සිටින
ජීවාත්මයන්ට, සියලු බලයන්ට නිරන්තර අයිතියක් ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, පියාගේ
සෙනෙහස ලබන සහ පියාට සමාන වන ජීවාත්මයන්ට, නිරන්තරයෙන් ස්ව-අභිමානයේ රැදී සිටිමින්
සෑම ජීවාත්මයකටම ගෞරවය ලබා දෙන සියලුම ජීවාත්මයන්ට, සියලු දෙනාගෙන් ගෞරවය හිමි
කරගැනීමට සුදුසු වන ජීවාත්මයන්ට, සෑම විටම සියලු දෙනාව ඉහළ නංවන ජීවාත්මයන්ට,
බාප්දාදාගේ හදවතින් සෙනෙහස, ස්මරණය සහ ආශිර්වාද කාරුණිකව පිළිගන්න. එයත් සමගම ලෝක
පාලකයන් වන ජීවාත්මයන්ට නමස්කාර.
දාදිජීට:
ගෞරවය ලබා දීමේදි ඔබ
අංක එක ලෙස සමත් වී ඇත. එය හොදයි. මධුබන් වල සුන්දරත්වය තිබෙන්නේ සියලුම දාදීන්
නිසයි. (සමූහයට). ඔබ සියලු දෙනාම දාදීන්ලාගේ සුන්දරත්වයට සහ දීප්තියට ප්‍රිය කරයි.
දාදීන් නිසා මධුබන් වල සුන්දරත්වය සහ දීප්තිය තිබෙන අයුරින්ම ඔබ සියලු දෙනා දාදීන්
නොවන නමුත් ඔබ දිදීන් සහ දාදාවරුන්ය. එබැවින් ඔය සියලුම දීදීන් සහ දාදාවරු මේ ගැන
සිතා මෙය කළ යුතුයි - ඔබ කොහේ වාසය කළත්, එතැන සුන්දරත්වයක් සහ දීප්තියක් තිබිය
යුතුයි, මන්ද, දාදීන් පිටුපස සිටින්නේ දීදීන්ය. ඔබ ඊට අඩු නැහැ. දාදාවරු සහ දීදීන්
සිටියි. එබැවින් කිසිම මධ්‍යස්ථානයක වියළි බවක් නොතිබිය යුතුයි. සුන්දරත්වය සහ
දීප්තිය තිබිය යුතුයි. ඔය සෑම ජීවාත්මයක්ම ලෝකයට සුන්දරත්වය සහ දීප්තියක් ගෙන එන
කෙනෙකි. එබැවින් ඔබ කුමන ස්ථානයක සිටියත් එම ස්ථානය සුන්දර සහ දීප්තිමත් ස්ථානයක්
ලෙස දිස්විය යුතුයි. මෙය හොදද? ලෝකයේ සීමිත සුන්දරත්වයක් සහ දීප්තියක් තිබෙන අතර ඔබ
සියලු දෙනා තුළින් අසීමිත සුන්දරත්වයක් සහ දීප්තියක් තිබේ. ඔබ තුළ සුන්දරත්වයේ,
සතුටේ, සාමයේ සහ අතීන්ද්‍රීය සුඛයේ දීප්තිය ඇත්නම් එවිට එම ස්ථානයම සුන්දරත්වයෙන්
සහ දීප්තියෙන් පිරෙයි, මන්ද, ඔබගේ මනෝ ස්ථිතිය තුළින් වාතාවරණය සෑම තැනකටම විහිදී
යන බැවින්. එබැවින් ඔබ වාසය කරන ස්ථානයේ සුන්දරත්වය සහ දීප්තිය තිබෙන්නේද, එමෙන්ම
කිසිම දුකක් නොමැතිද කියා ඔබ සෑම කෙනෙක්ම පරීක්ෂා කළ යුතුයි. සියලු දෙනාම සතුටින්
නර්ථනය කරනවාද? එය එහෙමයි නේද? මෙය, ඔය සියලුම දාදීන්ගේ කාර්යය නේද? දීදීන් සහ
දාදීන්ව අනුගමනය කරන්න. අච්චා.
ඔවුන්ගේ හදවත් වලින්
බාප්දාදාව සිහි කරන සෑම තැනකම සිටින සියලුම ආදරණීය දරුවන්ට, එමෙන්ම ලිපි සහ ඊමේල්
මගින් ඔවුන්ගේ සිහි කිරීම එවා ඇති අයට, බාප්දාදා ඔවුන් සියලු දෙනාව දකින්නේ දුර
සිටින දරුවන් ලෙස නොවෙයි, නමුත් ඔහුගේ හදවත් සිහසුන මත සිටින ලෙසින්. සමීපම වන්නේ
හදවතයි. ඔවුන්ගේ හදවතින් සිහි කිරීම එවා ඇති අයට සහ සිහි කිරීම එවා නැති නමුත් සිහි
කිරීමේ සිටින අයට, ඔවුන් සියලු දෙනාවම බාප්දාදා දකින්නේ ඔහුගේ හදවත් සිහසුන මත
සිටින ලෙසටයි. ඔහු ඔබට ප්‍රතිචාර දක්වනවා. දුර අසුන්ගෙන සිටින අතර ඔබ අංක එකේ
උත්සාහ දරන්නෙක් වේවා.
වරදානය:
ඔබ
නොසැලකිලිමත්කමේ නින්ද අතහැර දමා, නින්ද ජයගන්න සහ ඒ අනුව ලෝකයේ පාලකයෙක් බවට පත්
වේවා.
දර්ශන ලබා දෙන
පිළිරුවක් වී, බැතිමතුන්ට දර්ශන ලබා දී ඒ අනුව ලෝකයේ පාලකයෙක් වීම සදහා නින්ද
ජයගන්නා කෙනෙක් වන්න. මෙය විනාශ කාලය බව ඔබට අමතක වූ විට, ඔබ නොසැලකිල්ලේ නින්දට
වැටෙයි. ඔබට බැතිමතුන්ගේ හඩ, දුකින් සිටින ජීවාත්මයන්ගේ දුක් හඩ සහ පිපාසිත
ජීවාත්මයන්ගේ කන්නලව් හඩ, ඇසෙන විට, ඔබ නොසැලකිල්ලේ නින්දේ කිසි විටෙක නොනිදනු ඇත.
දැන් නිරන්තරයෙන් අවදියෙන් සිටින ආලෝකයක් වන්න, නොසැලකිල්ලේ සෑම නින්දක්ම අතහැර,
දර්ශන ලබා දෙන පිළිරුවක් වන්න.
පාඨය:
ඔබට හැකි ඕනෑම
අන්දමකින්, ඔබගේ සිරුරින්, මනසින්, ධනයෙන් සහ ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා මගින්
සහයෝගී වන්න, එවිට ඔබ පහසු යෝගීවරයෙක් වෙයි.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.
පරම පියා ගැන
පැවසෙන්නේ, “දෙවියන් සත්‍යයයි” එමෙන්ම පියා සත්‍යයට ඇලුම් කරයි. ස්වාමී අවංක හදවත්
සමග සතුටු වනවා. හදවත් සිහසුන මත අසුන්ගෙන සිටින සේවාධාරී දරුවන් තුළ, ඔවුන්ගේ සෑම
නෑ සම්බන්ධතාවයකදි, ඔවුන්ගේ සෑම සිතිවිල්ලක් සහ වචනයකම, අවංකකම සහ පිරිසිදුකම
දිස්වෙයි. ඔවුන්ගේ සෑම සිතිවිල්ලක් සහ සෑම වචනයක්ම සත්‍යය වෙයි.