23.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
ජීවාත්ම, තම චරිත කොටස් රඟපාන අතර, වෙහෙසට පත් වීමට ප්‍රධානතම හේතුව කුමක්ද?

ප්‍රශ්නය:
ජීවාත්ම, තම චරිත කොටස් රඟපාන අතර, වෙහෙසට පත් වීමට ප්‍රධානතම හේතුව කුමක්ද?

පිළිතුර:
ඔවුන් බොහෝ සේ භක්තියේ යෙදී ඇත. ඔවුන් බොහෝ දේවාල තනා තිබේ. ඔවුන් විශාල වශයෙන් ධනය වියදම් කර තිබේ. දෙපා පැටලෙමින් එහෙ මෙහෙ සැරි සරමින්, ජීවාත්ම, සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වී තිබේ. ඔවුන් තමෝප්‍රධාන් වී ඇති නිසා ඔවුන් සිටින්නේ අසතුටිනි. මිනිසුන් එක් හෝ තව හේතුවක් නිසා අසහනයට පත් වූ විට ඔවුන් වෙහෙසට පත් වෙයි. පරමාත්ම පියා දැන් ඔබගේ සෑම වෙහෙසක්ම තුරන් කිරීමට පැමිණ සිටියි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කරයි. ඔහුගේ නම කුමක්ද? එය ශිවාය. ඔය දරුවන් මෙතැන අසුන් ගෙන සිටින නිසා, ඔය සෑම කෙනෙක්ම මෙය ඉතා හොඳින් සිහියේ තබා ගත යුතුයි. මෙම නාටකයේ සෑම කෙනෙකුගේම චරිත කොටස දැන් අවසන් වනවා. නාටකයක් අවසන් වීමට ආසන්න වන විට, ඔවුන්ගේ චරිත කොටස් අවසන් වන බවත්, ඉන්පසුව ඔවුන් නිවෙස් වලට යා යුතු බවත්, සියලුම නළුවන් දනී. පියා ඔය දරුවන්ට වැටහීමද ලබා දී තිබේ. මෙම වැටහීම වෙනත් කිසිම කෙනෙකුට නොමැත. පියා දැන් ඔබව නුවණැත්තන් බවට පත් කර තිබේ. දරුවනි, නාටකය දැන් අවසන් වීගෙනයි යන්නේ. දැන් නැවත වතාවක්, චක්‍රය, මුල සිට ආරම්භ විය යුතුයි. ස්වර්ණමය යුගය තිබුණේ නව ලෝකයේය. දැන්, පැරණි ලෝකයේ, එය කලි යුගයේ අවසානයයි. පියාව සොයාගෙන ඇති, ඔබ පමණයි මෙම දේවල් ගැන දන්නේ. නාටකය දැන් අවසන් වීමට යන බව පැමිණෙන අළුත් අයට ඔබ විස්තර කළ යුතුයි. කලි යුගයේ අවසානයෙන් පසුව, ස්වර්ණමය යුගය නැවත වතාවක් ඒ අන්දමින්ම සිදුවෙයි. මෙහි සිටින සෑම ජීවාත්මයක්ම ආපසු නිවසට යා යුතුයි. නාටකය දැන් අවසන් වනවා; එබැවින් මිනිසුන් විශ්වාස කරන්නේ, මිනිස් සංහතිය සම්පූර්ණයෙන්ම නැතිවන බවයි. පැරණි ලෝකය විනාශ වන අන්දම ඔබ දැන් දන්නවා. භාරත දේශය අවිනාශීය. පියා පැමිණෙන්නේද මෙහිය. අනෙත් සියලුම භූමි විනාශ වෙයි. මෙම සිතිවිලි වෙනත් කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. පියා ඔය දරුවන්ට විස්තර කරන්නේ නාටකය දැන් අවසන් වනවා. ඉන්පසුව එය නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි. පෙරකල, ‘නාටකය‘ යන වචනය ඔබගේ බුද්ධියේ නොතිබුණි. අප සියලු දෙනාම නළුවන් වන, ලෝක නාටකය මෙය බව, අපි නිකමට කියනවාට කීවේය. පෙරකල අප මෙසේ කියන විට, අප සැලකුවේ, අප ශරීර බවයි. පියා දැන් පවසන්නේ : තමන් ජීවාත්මයක් බව සලකා, පරමාත්ම පියාව සිහි කරන්න. අප දැන් ආපසු නිවසට යා යුතුයි. මෙය මිහිරිතම නිවහනයි. ජීවාත්ම වන අප, එම අශාරීරික ලෝකයේ වාසය කරන්නෙමු. කිසිම මනුෂ්‍යයෙකුට මෙම දැනුම නොමැත. ඔබ දැන් සිටින්නේ සංගමයේය. ඔබ දැන් ආපසු නිවසට යා යුතු බව ඔබ දන්නවා. පැරණි ලොව අවසන් වන විට, භක්තියද අවසානයකට පැමිණෙයි. පළමුවෙන්ම පැමිණෙන්නේ කවුරුන්ද, එමෙන්ම අංක පිළිවෙලට ආගම් පැමිණෙන අන්දම ගැන, ග්‍රන්ථ වල සඳහන් කර නැත. පියා ඔබට මෙම අළුත් දේවල් විස්තර කර දෙනවා. වෙනත් කිසිවෙකුට ඒවා විස්තර කළ නොහැක. විස්තර කිරීමට පියා පැමිණෙන්නේ එක් වතාවයි. දැනුමේ සාගරය වන පියා, පැරණි ලෝකය විනාශ වී, නව ලෝකය ස්ථාපනය කිරීමට ඇති විට, එක් වරක් පමණක් පැමිණෙයි. පියාගේ සිහිපත් කිරීම සමඟම ඔබ මෙම චක්‍රයද ඔබගේ බුද්ධියේ තබා ගත යුතුයි. නාටකය දැන් අවසන් වන අතර අපි දැන් නිවස බලා යෑමට නියමිතයි. අප අපගේ චරිත කොටස් රඟපාන අතර, වෙහෙසට පත් වී සිටියි. අප බොහෝ මුදල් වියදම් කළා. අපි භක්තියේ යෙදෙන අතර, සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වූහ. මුළු ලෝකයම පැරණි වී ඇත. නාටකය පැරණි බව ඔබ කියන්නේද? නැත! නාටකය කිසිම විටෙක පැරණි වන්නේ නැත. නාටකය සෑම දිනෙකම අළුත්ය. එය අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. කෙසේවෙතත්, ලෝකය පැරණි වන අතර, නළුවන් තමෝප්‍රධාන් මෙන්ම, දුකට සහ වෙහෙසට පත් වෙයි. ස්වර්ණමය යුගයේදී ඔබ වෙහෙසට පත් වන්නේ නැත. එහිදී, වෙහෙසට පත් වීම හෝ කිසි දෙයක් ගැන කම්පා වීම ගැන ප්‍රශ්නයක් නැත. මෙහිදී ඔබට බොහෝ විවිධ මාදිලියේ විපත් දැක ගැනීමට තිබේ. මෙම පැරණි ලොව විනාශ වීමට ඇති බව ඔබ දන්නවා. ඔබගේ නෑදෑයින් ආදී කිසි කෙනෙක් සිහි නොකරන්න. ඒකායන පියාව පමණක් සිහි කරන්න. මෙ මඟින් ඔබගේ පාපයන් දුරු වී යයි. පාපයන් දුරු කිරීමට වෙනත් මගක් නොමැත. ‘මන්මනභාව්’ යන වචනය, ගීතාවේ සඳහන් කර ඇති නමුත්, කිසි කෙනෙක් එහි අරුත නොදනී. පියා පවසන්නේ : මා සිහිපත් කරන්න, එමෙන්ම ඔබගේ උරුමය සිහිපත් කරන්න. ඔබ ලෝක උරුමකරුවන්, එනම්, පාලකයන් වී සිටියා. ඔබ දැන් එම ලෝක උරුමකරුවන් බවට පත්වෙමින් සිටිනවා. එබැවින් ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. ඔබ දැන් සිප්පි කටු වලින් දියමන්ති බවට පරිවර්ථනය වෙමින් සිටිනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ පියාගෙන් ඔබගේ උරුමය හිමිකරගැනීමටයි. ඔබගේ අංශක අඩු වන විට, මල් උයන මැලවීමට පටන් ගන්නා බව ඔබ දන්නවා. ඔබ දැන් මල් උයනක් වෙනවා. ස්වර්ණමය යුගය මල් උයනකි; එය බොහෝ සුන්දරයි. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් අංශක අඩුවනවා. අංශක දෙකක අඩුවීමකින් පසුව, උයනේ මල්, මැලවීමට පටන් ගනී. එය දැන් කටු කැලයක් බවට පත්ව තිබේ. ඔබ දැන් මෙය දනී. ලෝකයේ වෙනත් කිසිවෙකු කිසිම දෙයක් නොදනි. ඔබට දැන් ලැබෙන මෙම දැනුම, නව ලෝකයට, නව දැනුමයි. නව ලොව ස්ථාපනය වනවා. මෙය සිදු කරන්නේ පියාය. පියා ලෝකයේ නිර්මාපකයාය. ඔවුන් පියාව සිහිකර ඔහුට කන්නලව් කරති: පැමිණ දිව්‍යලෝකය නිර්මාණය කරන්න! සතුටේ දේශය නිර්මාණය කරන්න! එබැවින් දුක් දේශය නිසැකයෙන්ම විනාශ වෙයි. බාබා අඛණ්ඩව දිනපතාම විස්තර කර දෙයි. මෙම දේවල් ධාරණය කරගෙන, අන් අයට පහදා දෙන්න. පළමුවෙන්ම ප්‍රධානතම දෙය විස්තර කරන්න අපි, අපගේ උරුමය හිමිකරගත යුතු පියා, කවුරුන්ද කියා. භක්ති මාර්ගයේ මිනිසුන් දෙවි පියාණන් සිහි කරයි. ඔවුන් යාඥා කරන්නේ: අපගේ දුක තුරන් කර, අපට සතුට ලබා දෙන්න! එබැවින් ඔය දරුවන්ද මෙම අවධානය ඔබගේ බුද්ධියේ තබාගත යුතුයි. පාසැල් ශිෂ්‍යයින් ඔවුන්ගේ බුද්ධියේ තබා ගන්නේ, දැනුමයි, ගේදොර කාරණා නොවෙයි. ශිෂ්‍ය දිවියක, ව්‍යාපාරික කාරණා කිසිවක් නැත; සිහි කෙරෙන්නේ ඔවුනගේ ඉගෙනුම පමණයි. මෙහි, ක්‍රියා සිදුකරමින් ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, පියා ඔබට පවසන්නේ : මෙය ඉගෙනගන්න! සන්යාසීන් මෙන් ඔබ ඔබගේ නිවස සහ පවුල අත්හල යුතු බව ඔහු පවසන්නේ නැත. මෙය රාජයෝගාවයි, ගෘහස්ත මාවතයි. ඔවුන්ට ඇත්තේ හතයෝගාව බව, ඔබට සන්යාසීන්ට කිව හැක; ඔවුන් තම නිවෙස් අත්හරියි. මෙහි එසේ නොවේ. ලෝකය බොහෝ අපිරිසිඳුයි! බලන්න එහි තිබෙන දේ, දුප්පත් මිනිසුන් ජීවත් වන ආකාරය. එය දැකීම නීරසය. විදේශයන් සිට පැමිණෙන සියලු ආගන්තුකයන්ට බොහෝ හොඳ ස්ථාන පෙන්වයි. දුප්පත් මිනිසුන් එම කුණු කසල ඇති ස්ථාන වල ජීවත් වන ආකාරය ඔවුන්ට නොපෙන්වයි. මෙය අපායයි. කෙසේවෙතත්, ධනවත් අය වාසය කරන ස්ථාන සහ දුප්පත් අය වාසය කරන ස්ථාන අතර විශාල වෙනසක් තිබේ. ඒ සෑම දෙයක්ම ඔවුන්ගේ කර්මය නිසාය. ස්වර්ණමය යුගයේ එවන් කුණු කසල තිබිය නොහැක. එහිද වෙනස්කම් තිබේ. ඇතමෙක් රත්තරං වලින් මාලිගා තනන අතර, ඇතමෙක් රිදියෙන්ද, තවත් සමහරෙක් ගඩොලින් ද ඒවා තනයි. මෙහි, බොහෝ දේශයන් තිබේ; යුරෝපය වුවද බොහෝ සේ විශාලයි. එහි අප පමණක් සිටියි. මෙපමණක් ඔබගේ බුද්ධියේ තබා ගැනීමෙන් පවා, ඔබගේ ස්ථීතිය බොහෝ ප්‍රබෝදමත්ව රැඳී තිබෙයි. ඔය ශිෂ්‍යයින් මෙම ඉගෙනුම පමණක් ඔබගේ බුද්ධියේ තබා ගනී: පියා සහ උරුමය. ඉතිරි ව ඇත්තේ ඉතාමත් ම කෙටි කාලයක් පමණක් බව ඔබට විස්තර කර දී තිබේ. ඒ මිනිසුන් වසර සිය දහස් ගණනක් ගැන කතා කරයි. මෙහිදී එය වසර 5000ක කාරණාවකි. ඔබගේ රාජධානිය දැන් ස්ථාපනය වන බවත් ඉතිරි ලෝකයම විනාශ වන බවත් ඔය දරුවන්ට වැටහෙනවා. මෙය ඉගෙනුමකි, එහෙම නේද? ඔබ ශිෂ්‍යයින් බවත්, පරමාත්ම දෙවියන් ඔබට උගන්වන බවත් ඔබගේ බුද්ධියෙන් සිහිකරන්නේ නම්, ඔබට බොහෝ සේ සතුටද ඇතිවෙයි. ඔබට මෙය අමතක වන්නේ ඇයි? මායා ඉතා බලවත්ය. ඇය ඔබට මෙය පවා අමතක කරවයි. ඔබ සෑම කෙනෙක්ම මෙම පාසැලේ ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ය. පරමාත්ම දෙවියන් ඔබට උගන්වන බව ඔබ සැවොම දන්නවා. වෙනත් පාසැල් වල ඔබට බොහෝ විවිධ මාදිලියේ දැනුම කියා දෙන අතර, බොහෝ ගුරුවරුන්ද සිටියි, නමුත් මෙහි ඇත්තේ එක් ගුරුවරයා සහ එක් ඉගෙනුම පමණයි. කෙසේවෙතත්, සහකාර ගුරුවරුන් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඇත්තේ එක් පාසැල පමණයි. අන් සෑම එකක්ම එහි ශාඛාවන්ය. අපට උගන්වන්නේ එක් පියා පමණයි. පියා මෙහි පැමිණ සියලුම දෙනාට සතුට ලබා දෙයි. ඔබ චක්‍රයෙන් භාගයක් සතුටින් සිටින බව ඔබ දන්නවා. එබැවින් ශිව බාබා අපට උගන්වන බවත් ඔහු දිව්‍යලෝකයේ නිමැවුම, නිර්මාණය කරනවා, යන සතුට ඔබට තිබිය යුතුයි. අප දිව්‍යලෝකයේ පාලකයන් වීමට ඉගෙනගන්නවා. ඔබගේ ඇතුලාන්තයේ බොහෝ සතුට තිබිය යුතුයි. බාහිර ශිෂ්‍යයින් ඔවුන්ගේ ආහාර පාන පිළියෙල කළ යුතු අතර, සියලුම නිවසේ කාර්යයන්ද කළ යුතුයි. ඔව්, ඇතමෙක් ඔවුන්ගේ ඉගෙනුමට වැඩි අවධානයක් යොමු කිරීම සඳහා නේවාසිකාගාර වලද සිටියි. ඇතැම් දියණියන් සේවය කිරීම සඳහා පිටත ජීවත් වෙයි. විවිධ මාදිලියේ මිනිසුන් එහි යයි. මෙහි, ඔබ ඉතා ආරක‍්ෂාකාරීව අසුන් ගෙන සිටිනවා; කිසි කෙනෙකුට බලහත්කාරයෙන් ඇතුළු විය නොහැක. මෙහි ඔබට වෙනත් කිසිවෙකුගේ ආශ්‍රයක් නැත. ඔබට අපවිත්‍ර අය හා කතාබහ කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔබට කිසිවෙකුගේ මුහුණ බැලීමට අවශ්‍ය නොවෙයි. කෙසේවෙතත්, පිටත ජීවත් වන අයට, වඩා වේගයෙන් ඉදිරියට යා හැක. පිටත ජීවත් වන අය, තව බොහෝ දෙනෙකුට උගන්වා, තමන්ට සමාන කරවා, ඔවුන්ව මෙහි කැඳවා ගෙන ඒම ආශ්චර්යයකි. ඔවුන්ට කුමන පුවත් තිබේද කියා බාබා විමසයි. ඔබ කුමන අන්දමේ රෝගීන් ගෙන ආවාද? ඇතමෙක් කෙතරම් අසනීප රෝගීන්ද කිවතොත්, ඔවුන් දින හතක බත්තියක තැබිය යුතු වනවා. ඔබ මෙහි කිසිම ශුද්‍රයෙක් නොගෙන ආ යුතුයි. මෙම මධුබාන් ඔය බ්‍රහ්මණයින්ගේ ගමක් වැනිය. පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඔහු ඔබව ලෝකයේ පාලකයන් බවට පත් කරවයි. මෙහි ශුද්‍රයින් රැගෙන එන්නේ නම් ඔවුන් වාතාවරණය අපවිත්‍ර කරනු ඇත. ඔය දරුවන්ගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම බොහෝ සේ රාජකීය විය යුතුයි. ඔබ තවත් ඉදිරියට යන විට, එහි සිදුවන දේවල් ගැන, එහි සිටින සතුන් පවා ඉතා හොඳ වන අන්දම ගැන, ඔබට බොහෝ දර්ශන ලැබෙයි. සෑම දෙයක්ම ඉතාම යහපත් වෙයි. ස්වර්ණමය යුගයේ කිසිවක් මෙහි නොපවතින අතර, මෙහි කිසිවක් එහි නොපවති. ඔබ දිව්‍යලෝකයට යෑමට විභාග සමත් වන බව ඔබගේ බුද්ධියේ තිබේ. ඔබ ඉගෙන ගෙන අන් අයට උගන්වන තරමට, ඒ අනුව ඔබ ගුරුවරයෙක් වී අන් අයට මාර්ගය පෙන්වයි. ඔබ සෑම කෙනෙක්ම ගුරුවරයෙකි. ඔබ සෑම කෙනෙකුටම ඉගැන්විය යුතුයි. පළමුවෙන්ම ඔබ ඔවුන්ට පියාගේ හැඳින්වීම ලබා දී, පියාගෙන් ඔබට ලැබෙන මෙම උරුමය ගැන ඔවුන්ට කිව යුතුයි. පියා ගීතාව පැවසුවා. පියා එය පවසන විට, ක්‍රිෂ්ණා එයට සවන් දී, එම තත්ත්වය හිමි කරගත්තා. ප්‍රජාපිතා බ්‍රහ්මා සිටින බැවින් මෙහි බ්‍රහ්මණයින්ද සිටිය යුතුයි. බ්‍රහ්මාද, දිගටම ශිව බාබාගෙන් ඉගෙනගනී. ඔබ දැන් විෂ්ණුගේ දේශයට යෑම සඳහා ඉගෙනගන්නවා. එය ඔබගේ අලෞකික නිවසයි. ලෞකික, පාරලෞකික මෙන්ම අලෞකික තිබේ. මේවා අළුත් දේවල්, නොවේද? භක්ති මාර්ගයේ මිනිසුන් බ්‍රහ්මාව සිහි කරන්නේම නැත. ‘බ්‍රහ්ම බාබා’ කියා කීමටවත් කිසි කෙනෙක් නොදනී. ඔවුන් ශිව බාබාව සිහි කර මෙසේ වන්දනා කරයි: අපව දුකින් මුදවාගන්න! ඔහු පාරලෞකික පියා වන අතර, මේ කෙනා අලෞකික පියාය. ඔබ මෙම කෙනාව සූක‍්ෂම දේශයේ මෙන්ම මෙහිද දකිනවා. ලෞකික පියෙක් පෙනෙන්නේ මෙම ලෝකයේ පමණක් වන අතර, පාරලෞකික පියාව පෙනෙන්නේ එපිට ලෝකයේදී පමණයි. එසේනම් මේ, අලෞකික, ආශ්චර්යමත් පියායි. මෙම අලෞකික පියා ගැන වටහා ගැනීමට උත්සාහ දරන විට, මිනිසුන් අවුලට පත්වනවා. ශිව බාබාට අශාරීරික කෙනා යැයි කියයි. ඔහු ආලෝකමත් තිතක් බව ඔබ කියයි. මිනිසුන් කියන්නේ ඔහු සදාතනික ආලෝකය හෝ බ්‍රහම් පදාර්ථය බවයි. ඔවුන්ට බොහෝ විවිධ අදහස් තිබෙන අතර, ඔබට තිබෙන්නේ එක් උපදෙසක් පමණයි. පරමාත්ම පියා මෙම කෙනාගේ මාර්ගයෙන් උපදෙස් දීම ආරම්භ කළා. ඉන්පසුව බොහෝ ව්‍යාප්තිය සිදුවිය. එබැවින් ශිව බාබා ඔබට උගන්වන බව ඔය දරුවන්ගේ බුද්ධියේ තිබිය යුතුයි. ඔහු ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කරනවා. රාවණගේ රාජධානියේ ඔබ නිසැකයෙන්ම අපවිත්‍ර සහ තමෝප්‍රධාන් වීමට තිබුණි. එහි නාමයම වන්නේ අපවිත්‍ර ලෝකයයි. සෑම කෙනෙක්ම දුකින් සිටින නිසා ඔවුන් පියාව සිහිකර මෙසේ යාඥා කරයි: බාබා, අපගේ දුක නැති කර අපට සතුට ලබා දෙන්න! සියලුම දරුවන්ගේ ඒකායන පියා සිටියි. ඔහු සෑම කෙනෙකුටම ලබා දෙන්නේ සතුටම පමණයි, එසේ නොවේද? නව ලෝකයේ ඔබට තිබෙන්නේ සතුටම පමණයි. අන් සෑම කෙනෙක්ම සාම දේශයේ සිටියි. ඔබ දැන් සාම දේශයට යාමට ආසන්න බව ඔබගේ බුද්ධියේ රැඳී තිබිය යුතුයි. කාලය ලං වෙත්ම, අද ලෝකය කුමක්ද, එමෙන්ම හෙට ලෝකය කුමක් වෙයිද කියා ඔබට දැක ගැනීමට හැකි වෙයි; ඔබට සෑම දෙයක්ම පෙනෙයි. දිව්‍යලෝකයේ රාජධානිය ළඟට පැමිණෙනවා ඔබට පෙනෙයි. එබැවින් ඔය දරුවන්ට විස්තර කර දෙන ප්‍රධානතම දෙය වන්නේ ඔබ පාසැලක අසුන් ගෙන සිටින බව ඔබගේ බුද්ධියේ සිහි තබා ගන්න. පැමිණ, මෙම රථය පදින අතර, ශිව බාබා අපට උගන්වනවා. මෙම කෙනා භාග්‍ය රථයයි. පියාද නිසැකයෙන්ම පැමිණෙන්නේ එක් වරක් පමණයි. ‘භාග්‍යවන්ත රථය’ යන නමෙහි අරුත කිසි කෙනෙක් නොදනී. ඔය දරුවන් මෙහි පියා ඉදිරියේ පෞද්ගලිකවම අසුන් ගන්නා විට, බාබා පැමිණ ඇති බව ඔබගේ බුද්ධිය සිහි කළ යුතුයි. ඔහු අපට ලෝක චක්‍රයේ රහස් කියා දෙනවා. නාටකය දැන් අවසන් වන අතර අප දැන් ආපසු නිවසට යා යුතුයි. මෙය බුද්ධියේ තබා ගැනීම ඉතාමත්ම පහසුයි, කෙසේවෙතත්, ඔබගෙන් සමහරෙකුට මෙයවත් මතක නැත. චක්‍රය දැන් අවසන් වනවා; අපි දැන් ආපසු ගෙදර යා යුතුයි. ඉන්පසුව අපි නව ලෝකයට ගොස් අපගේ චරිත කොටස් රඟපානු ඇත. ඉන්පසුව අපට පසුව මේ-මේ අය පැමිණෙයි. මුළු චක්‍රයම බ්‍රමණය වන ආකාරය සහ ලෝක ජනගහණය වැඩිවන ආකාරය ඔබ දන්නවා. එය අළුත් බවින් පැරණි වී ඉන්පසුව පැරණි බවින් අළුත් බවට පරිවර්ථනය වනවා. විනාශය සඳහා සූදානම් වීම්ද ඔබට දැක ගත හැක. ස්වභාවික ව්‍යසනද තිබෙයි. සාදා ඇති විශාල බෝම්බ ප්‍රමාණය, අනිවාර්යෙන්ම භාවිත වෙයි. බෝම්බ මඟින් කෙතරම් දේ සිදුවන්නේද යත්, මිනිසුන්ට සටන් කිරීමට අවශ්‍යතාවයක් නොතිබෙයි. හමුදාවෙන් යුධ බටයන් නිදහස් කරන අතර අඛණ්ඩව බෝම්බ හෙලනු ඇත. එබැවින් රැකියාවෙන් අස්කළ ඒ සියලුම මිනිසුන් හාමතේ මිය යයි. ඒ සියලු දේ සිදුවීමට තිබේ. එවිට සොල්දාදුවන් කුමක් කරයිද? භූමිකම්පා ඇතිවෙයි. බෝම්බ අඛණ්ඩව හෙලනු ලබයි. මිනිසුන් දිගටම එකිනෙකාව මරාගනියි. හේතුවක් නැති ලේ වැගිරීම් තිබිය යුතුයි. එබැවින් ඔබ පැමිණ මෙහි අසුන් ගන්නා විට ඔබ මේ සියලු කාරණා ගැන සිතිය යුතුයි. දිගටම සාම දේශය සහ සතුටු දේශය සිහි කරන්න. ඔබගේ හදවතින් විමසන්න: මා සිහි කරන්නේ මොනවාද? ඔබ පියාව සිහිපත් නොකරන්නේ නම්, ඔබගේ බුද්ධිය නිසැකයෙන් ම වෙනත් තැනක සැරි සරනවා ඇති. එසේ කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වන්නේ නැත. ඔබගේ තත්ත්වයත් පහත් වනු ඇත. අච්චා, ඔබට පියා සිහි කිරීමට නොහැකි නම් චක්‍රය ගැන සිහිපත් කරන්න. එවිට සතුටද ඇතිවෙයි. කෙසේවෙතත්, ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ නම්, ඔබ සේවය නොකරන්නේ නම්, ඔබට බාප්දාදාගේ හදවතේ අසුන් ගැනීමට නොහැක. ඔබ සේවය නොකරන්නේ නම්, ඔබ බොහෝ දෙනෙකුට පීඩා ගෙන දෙනවා ඇති. ඇතමෙක් අන් අයව තමන්ට සමාන කර, ඔවුන්ව පියා වෙතට ගෙන එයි. එබැවින් බාබා ඔවුන්ව දැකීමෙන් බොහෝ සතුටට පත් වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිරතුරුවම ප්‍රබෝදමත්ව රැඳී සිටීමට, මෙම ඉගෙනුම සහ ඔබට උගන්වන පියාව, ඔබගේ බුද්ධියේ තබා ගන්න. කන බොන අතර මෙන්ම, ඕනෑම ක්‍රියාවක් සිදුකරන විටදී, මෙම ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න.

2. බාප්දාදාගේ හදවතේ අසුන් ගැනීම පිණිස, ශ්‍රීමත් අනුගමනය කර, අන් අයව ඔබට සමාන කිරීමේ සේවයේ යෙදෙන්න. කිසිම කෙනෙකුට පීඩාවක් නොදෙන්න.

වරදානය:
ඔබේ මනස පාලනය කර ගැනීමට සහ අශාරීරික එන්නතකින් අවධානය යොමු කිරීමට ඔබට හැකි වේවා.

වර්තමානයේ, යමෙකු පාලනයෙන් මිදුනහොත්, ඔහු බොහෝ කරදර ඇති කළහොත්, එහා මෙහා පැන ගියහොත් හෝ පිස්සු වැටුණහොත්, ඔහුව සන්සුන් කිරීමට ඔහුට එන්නතක් දෙනු ලැබේ. එලෙසම, ඔබේ චින්තන බලය ඔබේ පාලනය යටතේ නොමැති නම්, ඔබටම අශාරීරික එන්නතක් ලබා දෙන්න. එවිට ඔබේ චින්තන බලය එහා මෙහා පනින්නේ නැත. ඔබට පහසුවෙන් අවධානය යොමු කිරීමට හැකි වනු ඇත. කෙසේවෙතත්, ඔබ ඔබේ බුද්ධියේ පාලනය පරමාත්ම පියාට ලබා දී, පසුව ඒවා ආපසු ලබා ගන්නේ නම්, ඔබේ මනස අනවශ්‍ය, දැඩි වැඩ නිර්මාණය කරයි. දැන්, අනවශ්‍ය, දැඩි වැඩවලින් නිදහස් වන්න.

පාඨය:
ඔබගේ මුතුන් මිත්තන්ගේ ස්වරූපය ඔබගේ සිහියේ තබාගෙන සියලු ජීවාත්මයන්ට කරුණාව දක්වන්න.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ජීවාත්මය සහ සිරුර ඒකාබද්ධව තිබියදි ක්‍රියා සිදුකරන සේම, කර්ම සහ යෝගාව යන දෙක ඒකාබද්ධයි. ක්‍රියා සිදුකරන අතර සිහි කිරීම අමතක නොකරන්න, එමෙන්ම සිහි කිරීමේ සිටින අතර කර්ම අමතක නොකරන්න, මන්ද ඔබගේ නම්බු නාමය වන්නේ කර්මයෝගීවරුය. ක්‍රියා සිදු කරන අතර සිහි කිරීමේ රැදී සිටින අය නිරන්තරයෙන් නොබැදීව සහ ආදරණීයව රැදී සිටියි; ඔවුන් සැහැල්ලුවෙන් සිටියි. දැනුමින් පිරිපුන් වීමත් සමගම බලවත් මනෝ ස්ථිතියක ද රැදී සිටින්න. දැනුමින් පිරිපුන් වීමේ ස්ථිතිය සහ බලයෙන් පිරිපුන් වීම යන ස්ථිති දෙක ඒකාබද්ධව තිබිය යුතුයි, එවිට ස්ථාපන කාර්යය සීග්‍ර වේගයකින් සිදු වෙයි.