23.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ පැත්තේ සිට අනිත් පැත්තට ඔබව ගෙන යා හැකි තොටියා දැන් ඔබ සොයා ගෙන සිටියි. ඔබගේ දෙපා දැන් තවත් මෙම පැරණි ලෝකයේ නැහැ. නැංඟුරම ඔසවා ඇත.

ප්‍රශ්නය:
වෙන කිසිදු විජ්ජාකරුවෙකුට කළ නොහැකි විජ්ජාකාර පරමාත්ම පියා පමණක්ම කරනා විජ්ජාව කුමක්ද?

පිළිතුර:
සිප්පි කටුවක් තරම්වත් නොවටිනා ජීවාත්මයන් දියමන්ති වටිනා අය බවට පරිවර්ථනය කිරිමේ කාර්යය. ගෙවතු පාලකයා වී ඔහු කටු මල් බවට පත් කරවනවා. මෙය පුදුම විජ්ජාවක්.විජ්ජාකාර පරමාත්ම පියා පමණයි මෙම පුදුම විජ්ජාව කරන්නේ. වෙන කිසිම කෙනෙකුට මෙය කළ නොහැකියි. මිනිස්සු තම තමන්ට විජ්ජාකරුවන් යයි කියා ගන්නේ හුදෙක් මුදල් උපයා ගැනීමට පමණයි. නමුත් ඒ කිසිම කෙනෙකුට පරමාත්ම පියාට මෙන් විජ්ජාවන් කරන්න බැහැ.

ඕම් ශාන්ති.
ලෝක කල්පයට, නාටකයට පරමාත්ම පියා පැමිණෙන්නේ එකම එක වතාවයි. වෙන කිසිම සත්සන් පන්තියක කිසිම කෙනෙක් මේ විදියට සිතන්නේ නැහැ. ඒ තැන් වල ඒ ආගමික කතාන්දර කියා දෙන කෙනා ඒ අසන්නන්ගේ පියා වන්නේත් නැහැ ඔවුන් ඔහුගේ දරුවන් වන්නේත් නැහැ. ඇත්තටම කියනවා නම් ඔවුන් අනුගාමිකයින් වන්නේවත් නැහැ. මෙහි දී ඔබලා ශිෂ්‍යයින් සේම අනුගාමිකයිනුත් වෙනවා. පරමාත්ම පියා ඔබව ඔහු සමඟ ආපසු ගෙන යාවී. බාබා පිට වන විට ඔය දරුවනුත් මෙම කිළිටි ලෝකය අතහැර දමා ගොස් නව ලස්සන ලෝකයට පැමිණ එය පාලනය කරාවි. මෙය ඔය දරුවන්ගේ සිහියටපැමිණිය යුතුයි. ශරිරය තුළ වාසය කරනා ජීවාත්ම සත්තාව ඉතාමත් සතුටට පත් වෙනවා. ජීවයන් වන ඔබලා ඉතාමත් සතුටු විය යුතුයි. සියලු දෙනාගේ පියා වන අසීමිත පියා දැන් පැමිණ සිටිනවා. මෙය තේරුම් ගන්නේ ඔය දරුවන් පමණයි. ලෝකයේ සිටිනා අන් සෑම කෙනෙක්ම අඥානයි. පරමාත්ම පියා මෙහි සිට පහදා දෙනවා:රාවණ ඔබව ඉතාමත් අඥානයින් බවට පත්කරලා. පරමාත්ම පියා පැමිණ ඔබව ඥානවන්තයින් කරවනවා. මුළු ලෝකයම පාලනය කළහැකි තරමට ඔහු ඔබව ඥානවන්ත කරවනවා. පරමාත්මය පැමිණඔබට උගන්වනා විට පමණයි ඔබ මෙම ශිෂ්‍යජීවීතය ලබන්නේ. මෙය ඇතුළු විය හැක්කේ ඔබලාගේ සිහියට පමණයි. තමන්ට උගන්වන්නේ පරමාත්මයයි යන කරුණ තම තමන්ගේ ව්‍යාපාර වල පැටලි සිටින් අයගේ සිහියට කිසිසේත්ම ඇතුළු වන්නේ නැහැ. ඔවුන් සිහි කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාර ආදිය පමණයි. එමනිසා, පරමාත්මය තමන්ට උගන්වනවා කියා ඔය දරුවන් දන්නා නිසා ඔබ ඉතාමත් ප්‍රමෝදයෙන් සිටිය යුතුයි. අන් සැම කෙනෙක්ම පැන්ස කිහිපයක් වටිනා අයගේ දරුවන් පමණයි. මෙහි ඔබලා පරමාත්මයේ දරුවන් වී සිටිනා නිසා ඔබ තුළ අසීමිත සතුටක්තිබිය යුතුයි. ඔබෙන් ඇතැම් අය ඉතාමත් ප්‍රබෝධමත්ව සිටිනවා. අන් අය කියනවා:බාබා අපිට ඥානය ගැන කියන්න බැහැ; අරක වෙනවා, මේක වෙනවා. නමුත් ඥානය ගැන කතා කිරිම අපහසු දෙයක් නොවේ. භක්ති මාර්ගයේ දීමිනිස්සු සාධූ සන්යාසී වරුන් ළඟට ගොස් දෙවියන් දැක ගත හැක්කේ කෙසේ ද කියා ඇසුවත් කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. ඔවුන් කරන්නේ මතක් කරන්නැයි කියා ඉහළට ඇඟිල්ල එසවීම ම පමණයි. ඒ පිළිතුරෙන් ඔවුන් සෑහිමකට පත් වෙනවා. ඔහු කවුදැයි කියා ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් දන්නේ නැහැ. කිසිම කෙනෙක් තම පියා ගැන දන්නේ නැහැ. නාටකය නිර්මාණ වී ඇත්තේ මේ ලෙසිනුයි. පසුව ඔබට නැවතත්එය අමතක වී යාවී. ඔබ අතරිනුත් සෑම කෙනෙක්ම පරමාත්ම පියා ගැන හා නිර්මාණය ගැන දන්නවා විය නොහැකියි. ඇතැම් තැන් වල ඇතැම් දරුවන්ගේ හැසිරිම් රටාව...ඒ ගැන අහන්නවත් එපා. ඒ කූල්මත් බව අතුරුදහන් වී යනවා. එය හරියට ඔය දරුවන්ගේ දෙපා තව දුරටත් මෙම පැරණී ලෝකයේ නැතිවාක් වගේයි. ඔබගේ දෙපා දැන් කලි යුග ලෝකයෙන් ඉහළට එසවී ඇති බව ඔබලා දන්නවා. බෝට්ටුවේ නැංගුරමදැන් ඔසවාලයි ඇත්තේ.අපි දැන් පිට වීමටයි යන්නේ.පරමාත්ම පියා තමාව ගෙන යන්නේ කොහටදැයි යන්න ගැන ඔබට සිහිය තිබෙනවා.මන්ද තොටියාත් ගෙවතු පල්ලත් වන්නේ පරමාත්ම පියායි. ඔහු පැමිණ කටු මල් බවට පත් කරවනවා. ඔහු වන් කටු මල් බවට පත් කරවනා ගෙවතු පල්ලෙක් තවත් නැහැ.සිප්පි කටුවක් තරම්වත් නොවටිනා ජීවයන්ව ඔහු දියමන්ති වටිනා අය බවට පත් කරවනවා. මෙම විජ්ජාව පොඩි දෙයක් නොවෙයි.මෙ දිනවල විජ්ජාකරුවන් රැසක් සිටිනවා.මෙය රැවටිලි කරුවන්ගේ ලෝකයයි.පරමාත්ම පියා සත්ගුරුයි. සත්ගුරු, අමරණිය කෙනා ගැන ඔවුන් කතා කරනවා.ඔවුන් මෙය කියන්නේ මහත් කූල්මත් බවකින්. සත්ගුරු කියා සිටින්නේ එකම එක කෙනෙක් කියා කියනවා.නම් විමුක්තිය දානය කරන්නේ එකම එක කෙනෙක් කියා කියනවා නම් ඇයි ඔවුන් තමන් ගුරුන් යයි හඳුන්වා ගන්නේ? ඔවුන්ට කිසිවක් තේරෙන්නේත් නැහැ.ඔවුන්ව විශ්වාස කරනා අයට කිසිවක් තේරෙන්නේත් නැහැ. මෙම පැරණි ලෝකයේ මොනවාද තිබෙන්නේ? බාබා ඔබලාට නව නිවහනක් සාදනවා කියා දන්නවා නම් අලුත් නිවහනට අකමැති වී තවත් පරණ ගෙදරටම ආදරය කරන්නේ කවුද? කෙනෙකුගේ සිහියට එන්නේ නව නිවහන පමණයි. ඔබලා අසීමිත පියාගේ දරුවන් බවට පත්ව සිටිනවා. ඒ නිසා පරමාත්ම පියා නව ලෝකයක් තනනවා. එම නව ලෝකය පාලනය කරන්න යන්නේ තමන් ය කියා ඔබ දැනගෙන සිටිය යුතුයි. ඒ නව ලෝකයට, නම් රෑසක් තිබෙනව: ස්වර්ණම යුගය, දිව්‍ය ලෝකය, පාරාදීසය, වයිකුන්තය ආදි නම් රැසක්. දුකම හැරෙන්න වෙන කිසිම දෙයක් මෙම පැරණී ලෝකයේ නොමැති නිසා ඔබගේ සිහිය දැන් එයින් ඉවතට මිදී ගිහින්.එහි නම කුමක්ද? එහි නම අපාය, කටු කැලය, අපායේ අගාධය, යක්ෂ දේශය.කිසිම කෙනෙක්ට එහි අර්ථය වැටහෙන්නේ නැහැ. සැමට ඇත්තේ ගල් බුද්ධියක්.භාරතයේ තත්ත්වය දෙස මදක් බලන්න.පරමාත්ම පියා කියනවා:මේ කාලය වන විට සෑම කෙනෙක්ටම ඇත්තේ ගල් බුද්ධියකි.ස්වර්ණම යුගයේ දී සෑම කෙනෙකුගේම බුද්ධිය දිව්‍යමයයි.පාලකයින් හැටියට පුරවැසියන්. මෙහි ඇත්තේ මිනිසුන් මත පැටවුණු මිනිසුන්ගේ පාලනයක්.මෙන්න මේ නිසා තමයි සෑම කෙනෙක් වෙනුවෙන්ම මුද්දරයක් මුද්‍රණය වන්නේ.එම නිසා,ඉහළම ඉහළ කෙනා වන්නේ පරමාත්මය බව ඔය දරුවන්ගේ සිහියට ඇතුළු විය යුතුයි.දෙවෙනියට ඉහළ වන්නේ කවුරුන් ද? බ්‍රහ්මා, විශ්නුහා ශංකර් ව ඒ තත්ත්වයට ගන්න බැහැ. ශංකර්ව පෙන්වා තිබෙන ඇඳුම දිහා මදක් බලන්න. මත් වන බීමක් පානය කර ඔහු තිත්ත මල් කෑවායි කියා මිනිස්සු කියනවා. ඒ සියල්ල ඔහුට කරනා අපහාසයි. එවන් දෙයක් එහි නැහැ.ඒ සෑම කෙනෙක්ම තමන්ගේම ධර්මය අමතක කර දමලා. තමන්ගේම දේවතාවරුන් ගැන ඔවුන් මොනවාද කියන්නේ කියා මදක් බලන්න. ඔවුන් තම දේවතාවරුන්ට කිසිදු ගෞරවයක් දෙන්නේ නැහැ. එම නිසා, පරමාත්ම පියා කියනවා:ඔවුන් මාව අපහාසයට ලක් කර තිබෙනවා. ශංකර් හා විශ්ණුවත් අපහාසයට ලක් කර තිබෙනවා. විශ්ණුව අපහාසයට ලක් වී නැහැ.ඒත් ඔවුන් අදෘශ්‍යමාන ලෙසින් විශ්ණුට අපහාස කරනවා මන්ද රාධේ හා ක්‍රිෂ්ණාත් විශ්ණුමයි. ක්‍රිෂ්ණා කුඩා දරුවෙක් වන නිසා උතුම් මහාත්මාවරයෙකුටත් වඩා ඔහු උතුම් කියා සලකනවා.මෙම බ්‍රහ්මා මහළු වියට පත් වුණු පසු සියල්ල අත්හැරියා. නමුත් ළදරුවෙක් කොහොමත් පිරිසිදුයි, අහිංසකයි, පාපයක් කියා දෙයක් ගැන ඔහු දන්නේවත් නැහැ.ඉහළම ඉහළම කෙනා ශීව් බාබායි.ඒ වුණත් ප්‍රජාපිතා බ්‍රහ්මා සිටිය යුත්තේ කොහිදැයි කියා ඒ අසරණයින් දන්නේ නැහැ.ප්‍රජාපිතා බ්‍රහ්මා ශාරිරික කෙනෙක් ලෙස පෙන්වා තිබෙනවා.අජ්මීර්හී ඔහු වෙනුවෙන් දේවාලයක් සාදා තිබෙනවා.එහි බ්‍රහ්මාව පෙන්වා ඇත්තේ උඩු රැවුලක් හා යටි රැවුලක් සහිතවයි.ශංකර් හෝ විශ්ණුව එසේ පෙන්වා නැහැ. එම නිසා, එය අවබෝධයට ගතයුතු කරුණක්. මනුෂ්‍යත්වයේ පියා වන බ්‍රහ්මා සූක්ෂ්ම කලාපයේ සිටිය හැක්කේ කෙසේද? ඔහු සිටිය යුත්තේ මෙහි. මේ කාලය වන විට බ්‍රහ්මාගේ දරුවන් රැසක් සිටිනවා. ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරයන් සහ කුමාරීන් රැසක් සිටිනා බව සඳහන් වී තිබෙනවා.එම නිසා අනිවාර්යෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මා කෙනෙක් සිටිය යුතුයි.ඔහු ජීවමානව සිටින්නා නිසා අනිවාර්යෙන්ම යමක් කරනවා විය යුතුයි.ප්‍රජාපිතා බ්‍රහ්මා නිකම්ම දරුවන් සාද සාද සිටිනවාද නැතිනම් වෙනත් යමක් කරනවාද? ආදිදේව් බ්‍රහ්මා හා ආදිදේව් සරස්වති ගැන සඳහන් කර තිබුණත් ඔවුන්ගේ චරිත කොටස කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ.ඔවුන් නිර්මාණකරුවන් වන නිසා අනිවාර්යෙන්ම මෙහි සිටින්න ඇති.ශිව් බාබා අනිවාර්යයෙන්ම බ්‍රහ්මින්වරුන්ව සාදා ගන්න ඇති.වෙන කොහෙන් ද බ්‍රහ්මා කෙනෙක් පැමිණෙන්නේ? මෙය අලුත්ම කාරණයක්. පරමාත්ම පියාම පැමිණ පැහැදිලි කරන තෙක් වෙන කිසිම කෙනෙක් මෙය තේරුම් ගන්නේ නැහැ.කෙනෙකුගේ චරිත කොටස කුමක් වුවත් එය රඟ පෑ හැක්කේ ඔහුට ම පමණයි. බුදුන් වහන්සේ විසින් රඟ පෑ චරිතය කුමක්ද? පැමිණියේ කවදාද? පැමිණ කළේ මොනවාද? කිසිම කෙනෙක් දන්නේ නැහැ.ඔහු ගුරු කෙනෙක්ද, ආචාර්යවරයෙක්ද නැතිනම් පියෙක්ද? නැහැ:කාටවත් විමුක්තිය ලබා දෙන්න ඔහුට බැහැ.ඔහු ඔහුගේම ධර්මය නිර්මාණය කළ කෙනා පමණයි.ඔහු ගුරු කෙනෙක් නොවෙයි.පරමාත්ම පියා දරුවන් සාදා පසුව ඔවුනට උගන්වනවා.ඔහු පරමාත්ම පියායි, පරම ගුරුවරයායි, පරම ගුරුයි:චරිත තුනම.ඔබට උගන්වන්නැයි කියා ඔහු වෙන කෙනෙකුට කියන්නේ නැහැ. වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය නැහැ. ඥාන සාගරය වන්නේ අසීමිත පියායි. ඔහු අනිවාර්යෙන්ම අපට මෙම ඥානය දී, දිව්‍ය ලෝක අධිරාජ්‍යයේ වාසනාව අපට දුන්නේ පරමාත්ම පියා පමණයි.එමෙන්ම දැන් ඔහු නැවතත් වතාවක් එය අපට දෙනවා. පරමාත්ම පියා කියනවා:වසර 5000 කට නැවතත් වතාවක් ඔබ පැමිණ මා මුණ ගැසුණා. ලෝකයේ සිටිනා අන් සෑම කෙනෙක්ම තවමත් සොයනා කෙනාව තමන් සොයා ගෙන සිටිනවාය කියන අභ්‍යන්තර සතුට ඔය දරුවන් තුළ තිබිය යුතුයි. බාබා කියනවා:දරුවෙනි, ඔබ දැන් පැමිණ වසර 5000 කට පසුව නැවත මා මුණ ගැසුණා.ඔය දරුවන් කියනවා:ඔව් බාබා, අපි මීට පෙර වාර ගණනාවකදීම ඔබව මුණ ගැසි තිබෙනවා. කෙනෙක් ඔබට කෙතරම් පහර දුන්නත් මෙම සතුට ඔබ තුළ තිබිය යුතුයි. අඩුම තරමින් ශිව් බාබා මුණ ගැසි තිබෙනවායි කියා ඔබට මතක ඇති. ඔහුව සිහි කිරිමෙන් පමණයි ඔබගේ පාප දුරු කළ හැකි වන්නේ. අහිංසක අයගේ බන්ධන වල සිටිනා අයගේ පාප තවත් හොඳින් කැපි යනවා.ඔවුන් වඩාත් හොඳින් බාබාව සිහි කරනා නිසා. පහරකෑම් වලට ලක් වෙන විට ඔවුන්ගේ සිහිය ශිව් බාබා ළඟට යනවා. ශිව් බාබා මා බේරා ගන්න.එම නිසා ඔහු සිහි කළහොත් හොඳයි.ඔබ සෑම දිනකම පහර කෑම් වලට ලක් වෙනවා නම්, අඩුම තරමින් ඔබට ශිව් බාබා සිහි වෙනවා. මෙය ඉමහත් ඵල ගෙන දෙන ක්‍රියාවක්. ඉතින් එම නිසා එවන් පහර දීම් වලට ඔබ ස්තූතිවන්ත විය යුතුයි. පහර කන නිසාවත් ඔබ බාබාව සිහි කරනවා.මැරෙන මොහොතේ දී කෙනෙක් ගංගා නදිය අසබඩට වී ගංගා දිය පොදක් දෙතොලේ ඇතිව සිටිය යුතුයි කියා කියනවා.එම නිසා පහරකෑම් වලට ලක් වෙන මොහොතේ දී ඇල්ෆා හා බීටා සිහියට නගා ගන්න.එපමණයි. බාබා කියා කීමෙන් ඔබ අනිවාර්යෙන්ම උරුමය සිහි කරනවා. බාබා කියා කියන විට තම උරුමය සිහි නොකර සිටිනා කෙනෙක් නැහැ. කෙනෙක් තම පියාව සිහි කරනා ගමන් අනිවාර්යෙන්ම එම පියාගෙන් උරුම විය යුතු උරුමය ද සිහි කරනවා. ශිව් බාබාත් සමඟ ඔබ උරුමයත් සිහි කරනවා. පාපය සඳහා ඔවුන් ඔබට පහර දුන්නත් ඔබ ශිව් බාබාව සිහි කරනවා. එම නිසා, පියාගේ උරුමයේ ඔබගේ කොටස ඔබ ලබනවා. ඒ වගේම පාපයනුත් කැපී යනවා. මෙය නාටකයේ ඔබට හිමි අදෘශ්‍යමාන යහපතයි. යුද්ධයකත් යහපතක් තිබෙනවා කියා කියන්නාක් සේ මෙම පහර දීම් වලත් යහපතක් තිබෙනවා. ඔය දරුවන් දැන් ප්‍රදර්ශනහා මේලාවන්හි සේවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවා. නව ලෝකයේ නිර්මාණය පුදර්ශනයත් සමඟින් දෙව්ලොවට දොරටුව කියාත් ලියන්න.මෙම වැකි දෙකම තිබිය යුතුයි.නවලෝකය ස්ථාපනය වන්නේ කෙසේදැයි කියා පෙන්වන ප්‍රදර්ශනයක්. තිබෙන බව අහන්න ලැබුණහොත් මිනිස්සු බොහෝ සතුටට පත් වේවි.මෙම පින්තූරයත් සාදා ඇත්තේ නව ලෝකය ස්ථාපනය වන්නේ කෙසේදැයි කියා පෙන්වා දීමටයි. පැමිණ දැක ගන්න. නව ලොවට දොරටුව කියා කීමත් බොහොම හොඳයි. ඒ දොරටු විවර වන්නේ සිදු වීමට යන යුද්ධයෙනුයි. ගීතාවේ සඳහන් කර තිබෙනවා දෙවියන් පැමිණ රාජයෝගාව ඉගැන්වූවා කියලා. ඔහු මනුෂ්‍යයින්ව දේවතාවරුන් කළා. එම නිසා, නව ලෝකය අනිවාර්යේන්ම ඔහු මඟින් ස්ථාපනය වෙන්න ඇති. මිනිස්සු සඳට යාමට දැඩි වෙහෙසක් දරනවා. එහි පස් හැරෙන්න වෙන කිසිවක් නොමැති බව, කිසිම මිනිස් වාසයක් නොමැති බව ඔවුන්ට පෙනෙනවා. ඔවුන්ට කිව හැක්කේ එපමණයි. එහි ඇති ඵලය කුමක්ද? ඔබ දැන් සැබෑම නිහඬතාවයට යනවා. ඔබ අශාරීරික වෙනවා. එය නිහඬ දේශයයි. ඔබට මිය යාමට අවශ්‍යයි. ශරීරිය අතහැර යාමට අවශ්‍යයි. ඔබ මරණය සඳහා පියා අමතනවා. මුක්තිය හා ජීවන මුක්තිය වෙත ඔබව ගෙන යාමට ඔබ ඔහුට කතා කළා. කෙසේවෙතත්, පාරිශුද්ධකරුට ආරාධනා කරන විට එය හරියට මාරයාට ආරාධනා කිරීමක් වැනියි කියා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. බාබා දැන් පැමිණසිටිනා බව ඔබට තේරෙනවා. ඔහු කියනවා:එන්න අපි දැන් ගෙදර යමු. දැන් ඉතින් අපි ගෙදර යනවා. බුද්ධිය දිගටම වැඩ කරනවා.තම ව්‍යපාරික කටයුතු හෝ අහවල් කෙනාට සනීප නැහැ, නැතිනම් ඔහුට කුමක් වෙයි ද යන දේ වෙතට බුද්ධිය දුවන ඇතම් දරුවන් මෙහි සිටිනවා. විවිධාකාරයේ සිතුවිලි ගණනාවක් ඇති වෙනවා. පරමාත්ම පියා කියනවා:ඔබ මෙහි සිටිනා අතර, ජීවයේ සිහියපරමාත්ම පියා වෙතටත් උරුමය වෙතටත් යාමට ඉඩ හරින්න.සිහි කරන්නේ ජීවාත්ම සත්තාවයි. උදාහරණයක් ලෙස කියනවානම් ලන්ඩන් වල ජීවත් වන තම පුතා අසනීපයෙන් කියා පියෙකුට දැන ගැනිමට ලැබුණහොත් ඔහුගේ සිහිය ඉක්මනින්ම එහාට යනවා. මෙම ඥානය එවිට ඔහුගේ සිහියට යන්නේ නැහැ. මෙහි සිටියත් ඒ අතර ඔහුගේ සිහිය නිතරම තම දරුවාව සිහි කරාවී. බිරිඳකගේ සැමියෙක් රෝගාතුර වුණු විට ඇය බොහෝ සෙයින් කලබල වෙයි.ඇයගේ සිහිය යොමු වන්නේ එතැනටමයි. ඔබ මෙහි සිටිනා විට හෝ ඕනෑම දෙයක් කරනා අතරතුර නිරන්තරයෙන් ශිව් බාබාව සිහි කළ යුතුයි. මෙයත් ඔබගේ මහා භාග්‍යයකි.ඔවුන් තම සැමියා හෝ ගුරුව සිහි කරන්නාක් සේ ඔබ පරමාත්ම පියාව සිහි කළ යුතුයි. එක් මිනිත්තුවක්වත් අපතේ හරින්න එපා.වැඩි වැඩියෙන් පියාව සිහි කළ තරමට වැඩි වැඩියෙන් සේවයේ නිරතව සිටිනා අතරත් ඔහුව සිහි කළ හැකි වේවි.පරමාත්ම පියා කියා තිබෙනවා:මගේ බැතිමතුන්ට පහදා දෙන්න.කවුද මෙය කිව්වේ? ශිව් බාබා. ක්‍රිෂ්ණා බැතිමතුන්ට ඔබ මොනවාද කියන්නේ? ක්‍රිෂ්ණා නව ලෝකයක් ස්ථාපනය කරනවායි කියා ඔබ කිවහොත් ඔවුන් විශ්වාස කරාවි ද? නිර්මාණකරු වන්නේ දෙවි පියාණනුයි ක්‍රිෂ්ණා නොවෙයි. පැරණි ලෝකය අලුත් කර වන්නේ පරමාත්ම ජීවය වන පරමාත්ම පියායි කියා ඔබ කියු විට ඔවුන් එය පිළි ගනිවි. නව ලෝකය පැරණි වෙනවා පැරණි ලෝකය අලුත් වෙනවා.කෙසේවෙතත්, එයට දීර්ඝ කාල පරාසයක් දී තිබෙන නිසා, මිනිස්සු සිටින්නේ ඝණ අන්ධකාරයකයි. ඔබත් ඒ තත්ත්වයට පත් වෙනවා ද? අපුරුයි. ඇයි අපි එහෙම නොවෙන්නේ? අච්චා, මා සිහි කරන්න. පාරිශුද්ධ වන්න. මෙම ස්මරණය පවත්වා ගැනීම තුළින් පමණයි ඔබට පාප පුළුස්සා ගත හැකි වන්නේ.ඔබගේ පාප බර ඇත්තේ ශරීරය මත නොව ජීවාත්ම සත්තාව මතයි කියා ඔය දරුවන් දන්නවා. ශරිරය මත බර පැටවී තිබුණා නම්, ශරීරය පිළිස්සුණු විට පාපයනුත් පිළිස්සි යාවී.ජීවය අවිනාශියි.කහට බැඳි ඇති එක පමණයි වෙලා තිබෙන්නේ.ඒ කහට ඉවත් කිරිමේ එකම ක්‍රමය පරමාත්ම පියා පෙන්වා දෙනව: මා සිහි කරන්න.අපිරිසිදු තත්ත්වයෙන් පිරිසිදු වීමේ මඟ ඉතාමත් හොඳයි. දේවාල සාදා ශිව වන්දනයේ නිරතව සිටින්නන් බැතිමතුන්. වන්දනාකරුවෙකුට කිසිම විටෙක වන්දනීය කෙනෙක් කියා කියන්න බැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මුළු ලොවම තවමත් සොයනා ඒ බාබා අප දැන් සොයා ගෙන සිටිමු.මෙම සතුටින් සිටින්න.මෙම සිහිය ඇති විට පමණයි ඔබගේ පාප කැපි යන්නේ. එම නිසා,කුමනාකාරයේ සිදුවීමක් සිදුවුණද පරමාත්ම පියාවත් උරුමයත් සිහි කරන්න. ඔබගේ කාලයෙන් එක් තත්පරයක්වත් අපතේ හරින්න එපා.

2. බුද්ධියේ නැංගුරම මෙම පැරණි ලෝකයෙන් ඉහළට ගන්න. බාබා දැන් අපට නව නිවසක් තනනවා. මෙම ලෝකය අපායේ ගැඹුරු අගාධයයි,යක්ෂයින්ගේ දේශයයි යන්න නිතරම සිහියේ තබා ගනිමින් අප දැන් පාරාදීස දේශයට යන බවත් සිහි තබා ගන්න.

වරදානය:
ඔබ සැබෑ සේවාදායකයෙකු වී, වේගවත් වේගයකින් සේවය කිරීමෙන් ලෝක පරිවර්තනයේ කාර්යය ඉටු කරත්වා.

වේගවත් වේගයකින් සේවය කිරීමට නම්, ඔබට "රුප්" සහ "බසන්ත්" යන දෙකෙහිම සමතුලිතතාවයක් තිබිය යුතුය. "බසන්ත්" ස්වරූපය සමඟ, ඔබට එකවර බොහෝ ආත්මයන්ට පණිවිඩය ලබා දීමේ කාර්යය ඉටු කිරීමට හැකි වේ. ඒ හා සමානව, "රුප්" ලෙස, එනම්, ඔබේ ස්මරණයේ බලයෙන් සහ උසස් සිතිවිලි වල බලයෙන්, වේගයෙන් සේවය කළ යුතුය. මේ සඳහා නව නිපැයුමක් නිර්මාණය කරන්න. මේ සමඟ එක්ව, ඔබේ පැරණි සංස්කාර නම් තල ඇට සහ බාර්ලි ඇට, ඔබේ පැරණි ස්වභාවය සහ පැරණි ක්‍රියාකාරකම් අධිෂ්ඨානයෙන් සාමූහිකව පූජා කරන්න, එවිට ලෝක පරිවර්තනයේ කාර්යය ඉටු වන අතර යාග ගින්න සම්පූර්ණ වනු ඇත.

පාඨය:
අධිපතියෙකු සහ දරුවෙකු ලෙස සමබරතාවයක් පවත්වා ගැනීමෙන් ඔබට ඔබේ සැලසුම් ප්‍රායෝගික ස්වරූපයකට ගෙන ඒමට හැකි වේ.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

මෙම දේවමය සේවයේ, ශ්‍රෙෂ්ඨතම පුණ්‍යකර්මය වන්නේ, පාරිශුද්ධත්වයේ දානය දීමයි. පිවිතුරු වී, අන් අයටත් පිවිතුරු වීමට මගපෑදීම යනු, පුණ්‍යාත්මයක් වීමයි, මන්ද, ආත්මය සිය දිවි හානි කරගැනීමේ මහා පාපයෙන් ඔබ ජීවාත්මයන්ව මුදවා ගන්නා බැවින්. අපවිත්‍රතාවය යනු, ආත්මයේ දිවි නසා ගැනීම වන අතර පාරිශුද්ධත්වය යනු, ජීවිත දානය ලබා දීමය. මහාම පුණ්‍යකර්මය වන්නේ කෙනෙකුගේ දුක ඉවත් කර ඔහුට සතුට ලබා දීමයි. එවන් පුණ්‍යකර්ම සිදු කිරීමෙන් ඔබ පුණ්‍යාත්මයක් වෙයි.