23.06.24    Avyakt Bapdada      Sinhala Murli     19.03.20    Om Shanti    Madhuban


සංවර්ධනාත්මක වීම හා නිහතමානීව සිටීම අතර සමබරතාවය රැක ගනිමින් ඔබගේ වරම් ගිණුම හර කර ගන්න.


අද බාප්දාදා තම පූජනීය සතුටු හංස සමූහය මුණ ගැසීමට පැමිණ සිටිනවා. සෑම තැනකින්ම පූජනීය හංසයින් දකින්න සිටිනවා. පූජනීය හංසයින්ගේ සුවිශේෂී ගති ලක්ෂණ පිළිබඳව ඔබ සෑම කෙනෙක්ම ඉතාමත් හොඳින් දන්නවා. නිරන්තර පූජනීයත්වයෙන් හා සතුටින් සිටිනා හංසයෙක් වෙනවා යනු පිරිසිදු හා පැහැදිලි හදවතක් ඇත්තෙක් වීමයි. පූජනීය හංසයින්ට පිරිසිදු හා පැහැදිලි හදවතක් තිබෙනා නිසා, ඔවුන්ගේ සෑම පිරිසිදු ආශාවක්ම ඉතාමත් පහසුවෙන් සංසිඳෙනා අතර ඔවුන් සෑම විටම තෘප්තිමත්ව සිටීයි. උතුම් සිතිවිල්ලක් පහළ වුණු සැනෙකින්ම එය ඉටුවේවි. උත්සාහයක් දැරීමට අවශ්‍ය නැහැ. ඇයි? ඉතාමත් ඉහළින් ආදරයට ලක්වන බාප්දාදාට සමීපතම ජීවාත්මයන් වන්නේ පිරිසිදු හදවතක් ඇත්තනුයි. පිරිසිදු හදවත් ඇත්තන් නිරන්තරයෙන්ම බාප්දාදාගේ හද සිහසුනේ අසුන් ගන්නෝ වෙති. ඔවුන්ගේ සෑම උතුම් සිතිවිල්ලක්ම ඉටු වන නිසා. ඔවුන් ඉතාමත් සරළ, පිරිසිදු ගති ස්වභාවයක් ඇත්තන් වන අතර එය ඔවුන්ගේ ආකල්පයේත්, දැක්මේත්, වචනයේත්, ඇසුර හා සබැඳියාවේත් පවතී. ඔවුන්ගේ පහසු බවේ සලකුණ නම් ඔවුන්ගේ හදවත්, හිස් හා කතාව සියල්ලම එකම වීමයි. හිතේ එකක් තබාගෙත කතාවෙන් තවත් දෙයක් පැවසීම පහසු බවේ සලකුණක් නොවෙයි. සරළ පහසු ගති ස්වභාවයක් ඇත්තන් නිහතමානී බවින් යුක්ත වූවෝ වෙති; ඔවුන් නිරහංකාරි මෙන්ම පරාර්ථකාමීය. පූජනීය හංසයෙක් තුළ පහසු ගති ස්වභාවයක්, පහසු වචන. පහසු ආකල්ප හා පහසු දැක්මක් යන සුවිශේෂී ගති ලක්ෂණ ඇත.

මෙම වසරේ දී සෑම දරුවෙකුගේම ක්‍රියා කලාපයේත් මුහුණේත් දෙකින්ම සුවිශේෂී ගති ලක්ෂණ දෙකක් බාප්දාදා බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම කෙනෙක්ම අහනවා: අපි ඊලඟට මොකක්ද කරන්න යන්නේ? මෙම වාරයේ අවසන් මුණ ගැසීමට පසුව අපි මොනවා ද කරන්නේ? ඔබ සෑම කෙනෙක්ම සිතන්නේ ඊලඟට සිදු වන්නේ කුමක්ද, කරන්න යන්නේ කුමක්ද යන්න ගැනයි. ඔබගෙන් වැඩි පිරිසක්ම ඉතාමත් හොඳින් ඔබගේ බලයේ ප්‍රමාණයට අනුව සේවා ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිහින් සිටිනවා. මෙම වර්ධනයට බාප්දාදාත් ඔබට සුබ පතනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි. බොහෝම හොඳයි. ඒත් සමඟම බාප්දාදා තවත් දෙයක් ඔබලාගේ ප්‍රතිඵල වලින් දැක්කා. ඒ මොකක්ද කියා කියන්න ද? Teachers, කියන්න ද? ඩබල් විදේශිකයින්, බාබා ඒක කියන්න ද? පාන්දවයින්, කියන්න ද? ඔබ අත් එසවූවොත් පමණයි බාබා කියන්නේ. නැතිනම් කියන්නේ නැහැ. (සෑම කෙනෙක්ම අත් එසෙව්වා) බොහෝම හොඳයි. බාබා දුටු දේ කුමක්ද? අද බාපුයි. දාදායි. දෙන්නා සූක්ෂම ලෝකයේ ඉඳන් හදබැඳි කතාවකට වැටුණා. කොහොමද ඒ දෙන්නා හදබැඳි දේ කතා කර ගන්නේ? ඒ දෙදෙනා එකිනෙකා සමඟ කතා බහ කර ගන්නේ කොහොමද? මේ ලෝකයේ ඉන්නා ඔයාලා mono acting (ඒකල රංගන) කරන්නේ කොහොමද, අන්න ඒ විදියට. ඔබලා මෙය හොඳටම කරනවා. ඔබලාගේ භෞතික ලෝකයේ දී එක් ජීවාත්මක් චරිත දෙකක් රඟ දක්වනවා. නමුත් බාප්දාදා කියන්නේ එක ශරීරයක සිටිනා ජීවාත්ම දෙකක්. එතන වෙනසක් තිබෙනවා නේද? ඉතින් ඒක හරිම විනෝදජනකයි.

ඉතින් අද බාප් දාදා දෙදෙනා සූක්ෂම ලෝකයේ ඉඳන් ලෙන්ගතු කතා බහක නිරත වුණා. කුමක් ගැන ද? බ්‍රහ්ම බාබා බොහෝම ආසාවෙන් සිටියේ කුමක් ගැනදැයි කියා ඔබලා දන්නවා ද? ඔබලා මෙය හොඳින්ම දන්නවා. නේද? සෑම දෙයක්ම ඉතාමත් ඉක්මනින් සිදු විය යුතුයි යන ආසාව බ්‍රහ්ම බාබාට තිබුණා. එමනිසා, ශිව බාබා බ්‍රහ්මාට කිව්වා: විනාශය හා පරිවර්ථනය සඳහා එක් අත්පුඩියක තරම්වත් කාලයක් ගත වන්නේ නැහැ. එය අසුරු සැණීන් සිදු වන්නක්. කෙසේවෙතත්, පළමුවෙන්ම රෝසරිය සාදා ගන්න. 108 නොවෙයි. අඩුම තරමින් ඉන් බාගයක්වත්, ඉතින් බ්‍රහ්ම බාබා දුන් පිළිතුර කුමක් විය හැකිද? දුන් පිළිතුර කුමක්ද? බාබාට කියන්න. (සෑදෙමින් පවතිනවා) අච්චා. රෝසරියෙන් බාගයක්වත් තවම සූදානම් නැහැ. මුලු රෝසරියම පසෙකින් තබමු. බාගයක්වත් සූදානම් ද? (සෑම කෙනෙක්ම සිනහ වුණා) ඔබලා සිනහ වෙනවා යනු එහි යම් අරුතක් තිබීය යුතුයි. රෝසරියෙන් බාගයක් සූදානම් කියා සිතනා අය අත ඔසවන්න. සූදානම් ද? හරිම ටිකයිනේ. තවමත් රෝසරිය සූදානම් වෙමින් පවතිනවා කියා කියනා අය අත ඔසවන්ත. වැඩි පිරිසක්ම කියන්නේ එය සූදානම් වෙමින් පවතින බවයි. සූදානම් කියා කියන්නේ ටික දෙනයි. රෝසරිය සූදානම් කියා කියූ අයට බාප්දාදා කියන්නේ එහෙනම් එහි සිටිනා අයගේ නම් ලැයිස්තුව බාප්දාදාට දෙන්න. එහෙම හොඳයි නේද? බාප්දාදා පමණයි එය බලන්නේ. වෙන කිසිම කෙනෙක් දකින්නේ නැහැ. මන්ද ඒ ලැයිස්තුව සීල් කරලයි තියෙන්නේ. එවන් බලාපොරොත්තු පිරි මැණීක් කවුද කියා බාප්දාදා බලන්නම්. බාප්දාදාත් හිතන්නේ කවුරු හෝ සිටිය යුතුයි. ඉතින් ඒ අයගේ නම් ගන්න. ජායාරූපයකුත් ගන්න.

ඉතින් බ්‍රහ්ම බාබා දුන් පිළිතුර කුමක්ද? ඔබ සෑම කෙනෙක්ම ඉතාමත් හොඳ පිළිතුරු දුන්නා. බ්‍රහ්ම බාබා කිව්වා: ප්‍රමාදය තිබෙන්නේ ඔබගේ ඇඟිලි වලයි. ඔබ අසුරු හඬ ගැසූ සැනකින් ඔවුන් සූදානම් වේවි. හා හොඳයි. එහෙම හොඳයි තේද? එවිට ශිව බාබා අහනවා: අච්චා. මූලු රෝසරියම සූදානම් ද? රෝසරියෙන් බාගයකට පිළිතුර ආවා දැන් ඔහු අහන්නේ මුලු රෝසරියම ගැනයි. ඒ සඳහා ඔහු කීවේ තව ටික කලක් අවශ්‍ය බවයි. මේක තමයි ඔවුන් අතර වුණු කුළුපඟ කතා බහ. ඇයි ටික කාලයක් අවශ්‍ය? ඔවුන්ගේ ලෙන්ගතු කතා බහේ දී අනිවාර්යෙන්ම නොයෙකුත් ප්‍රශ්න පිළිතුරු පැන නඟින්න ඇති නේද? ඇයි තවත් කාලය අවශ්‍ය? රෝසරියෙන් බාගයක්වත් සූදානම් නොවී පැවතීමට බලපාන ප්‍රධාන දුබලතාවය කුමක්ද? බ්‍රහ්ම බාබා කිව්වා: සෑම ප්‍රදේශයකින්ම සෑම දරුවෙක්ම මතු වීමට පටන් ගත්තා. ඔබගේ ප්‍රදේශය වගේම. සෑම ප්‍රදේශයකින්ම නොවෙයි. මන්ද, ඒ ප්‍රදේශ හරිම විශාලයි. ඒ නිසා ඔහු සෑම විශේෂ නගරයක්ම මතු කරවා ඒ අයගේ මුහුණු දෙස බැලුවා. ඔවුන්ගේ මුහුණු දෙස බැලු බ්‍රහ්ම බාබා කීවේ: සෑම දරුවෙක්ම එක් සුවිශේෂී ගතිගුණයක් තමා තුළ හොඳින් ධාරණය කර ගත්තා නම්, රෝසරිය සූදානම් වේවි. කුමන විශේෂත්වය ද? ඉතින් ඔහු කීවේ: ඔබ සේවා කටයුතු වලදී ඉතාමත් හොඳින් වර්ධනය වී සිටිනවා. සේවය කරනා ගමන් ඔබ ඉදිරියට ගිහින් තිබෙනවා. ඉතාමත් හොඳින් ඉදිරියට ගිහින් තිබෙනවා. කෙසේවෙතත්, එක් විශේෂ කරුණක දී සමබරතාවය අඩු වී තිබෙනවා. ඔබලා හොඳින්ම වර්ධනය වී සිටින්නේ සංවර්ධනයේ (නිර්මාණයේ) කාර්යයෙනුයි. ඒ වුණත් නිර්මාණය වගේම නිහතමානීත්වයත් තිබීය යුතුයි. එකක් නිර්මාණශීලී වීම අනෙක නිහතමානී වීම. (නිර්මාන් හා නිර්මන්) එක් වචනයක වෙනසක් පමණයි. කෙසේවෙතත්, නිර්මාණශීලී වීමේ හා නිහතමානී වීමේ අතර පැවතිය යුතු සමබරතාවයේ වෙනසක් තිබෙනවා. සේවයෙන් වර්ධනය වෙනවාත් සමඟම. නිහතමානී වෙනවා වෙනුවට ඇතැම් අවස්ථා වලදී ඔබගේම අහංකාරයත් එයට එකතු වෙනවා. සේවයෙන් වර්ධනය වෙන තරමට, ඔබගේ ආකල්පයේ දැක්මේ, වචනයේ හා හැසිරීමේ වැඩි නිහතමානීත්වයක් තිබීය යුතුයි. එමනිසා, මෙම සමබරතාවය තිබීය යුතුයි. මෙන්න මේ නිසා තමයි ඔබගේ ඥාති හිත මිතුරු ඇසුරේ දී ඔබට ලැබීය යුතු ආශිර්වාද ඔබට නොලැබෙන්නේ. අනිත් උත්සාහයන් කෙතරම් යෙදුවත්, ඒවා කෙතරම් යහපත් වූවත්, උත්සාහයත් සමඟින් ඔබ ආශිර්වාද ගිණුම හර කර ගත්තේ නැතිනම්, ඔබට දානපතියෙකුගේ තත්ත්වය හෝ කරුණාවන්ත වීමේ තත්ත්වය අත්දැකිය හැකි වන්නේ නැහැ. තමා සම්බන්ධයෙන් උත්සාහ දැරීම අනිවාර්යයි. ඒ වගේම. බාප්දාදාගෙනුත් පවුලේ ජ්‍යෙෂ්ඨ, කණීෂ්ඨ සියලු දෙනාගෙනුත් ඔබ ආශිර්වාද ලද යුතුයි. ඔබට ඕනෑ තරම් සේවය කරන්න. කරනා සේවයේ නිරත වෙමින් ඉදිරියටම වර්ධනය වන්න. ඒ වුණත්, සේවය කරනා ගමන් නිහතමානීව එකමුතුව සිටිනවා දකින්න ලැබීමත් බාප්දාදා බලාපොරොත්තු වෙනවා. ඔබගේ පුණ්‍ය ගිණුමට මෙය එකතු කර ගැනීම ඉතාමත් වටිනවා. තමන් මෙතරම් සේවයක් කළා. අරක කළා. මේක කළා ඒත් ඇයි මගේ අංකය මෙතරම් පසුපසින් තිබෙන්නේ කියා ඔබ නොඇසිය යුතුයි. මෙන්න මේ නිසා තමයි බාප්දාදා ඔබට කල්තබාම අනතුරු ඇඟවීම කරන්නේ. දැන් මේ කාලයේ දී ඔබ ඔබගේ පින් ගිණුම එක්රැස් කර ගත යුතුයි. "මෙයා නම් කොහොමත් මෙහෙම ම තමයි. කවදාවත් නම් වෙනස් වන්නේ නැහැ" කියා සිතන්න එපා. ඔබට ස්වභාවධර්මය වෙනස් කළ හැකියි. හැඩ ගසා ගත හැකියි. නේද? ඉතින් එහෙනම් බ්‍රහමින් ජීවාත්ම සමඟ හැඩගැසෙන්න ඔබට බැරි ද? ඔබට විරුද්ධ වන අයට හැඩ ගැහෙන්න. නිර්මාණාත්මක වීමත්, නිහතමානී වීමත් අතර සමබරතාවය පවත්වා ගන්නවා යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. මෙයට ඇහුම් කන් දුන්නාද?

මේ අවසන් වාරය නිසා බාබා ගෙදර වැඩ දිය යුතුයි නේද? (එය භාරතවාසීන් සඳහා වුණු අවසන් හමුවයි) ඔබලාට යම් ක්‍රියාකාරකමක් ලැබේවි නේද? ඉතින් බාප්දාදා ලබන වාරයේ දීත් පැමිණෙනවා. නමුත්... (බාබා පොඩි කොන්දේසියක් දමනවා... නමුත්... බලන්න, සකාර් බාබාගේ චරිත කොටස කෙරී ගෙන ගියා. අව්යක්ත් බාබාගේ චරිත කොටසක් ඉදිරියටම යනවා. මෙම අව්යක්ත් ජවනිකාව මෙතරම් කාලයක් පුරා දිව යයි කියා කිසිම කෙනෙක් සිහිනයකින්වත් සිතුවේ නැහැ. ඉතින් මෙම ජවනිකා දෙකම නාටකයට අනුව රඟ දැක්වෙමින් පැවතියා. දැන් ඉතින් කොන්දේසියක් තිබීය යුතු ද නැත් ද? ඔබගේ යෝජනාව කුමක්ද? මේක මේ විදියටම දිගටම යා යුතු ද? ඇයි? අද සූක්ෂම කලාපයේ දී බාබාගෙන් වැඩසටහන් විස්තරය ගැන ඇහුවා. ඉතින් එමනිසා, බාප් හා දාදා දෙදෙනාත් කතා බහ කරමින් සිටිනා විට මේ ආකාරයෙන් මෙය තවත් කෙතරම් කාලයක් යා යුතු ද කියා සාකච්ඡා කළා. මේ සඳහා දිනයක් තිබෙනවා ද? (දෙහර්ටූන් සිට පැමිණී ප්‍රේම් සහෝදරියගෙන් බාබා ඒ ගැන ඇසුවා) බාබාට හඳහන කියන්න. තව කොපමණ කාලයක් මෙය යාවි ද? දැන් මෙවන් ප්‍රශ්නයක් පැන නැඟී තිබෙනවා. තව කොපමණ කාලයක් මෙය යා යුතු ද? ඉතින් ... ඔබට මාස හයක් තිබෙනවා නේද? ඊලඟ වාරය ඇරඹෙන්නේ හය මාසයකිනුයි. එමනිසා, බාප්දාදා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. පිරිසිදු හදවතක්. කිසිම පැරණී සංස්කාරයක, කිසිම අහංකාරයක හෝ අපහාසාත්මක හැඟීමක කහටක්වත් ඔබගේ හිතේ තබා ගන්න එපා.

ඔබගේ හදවත ඡායාරූපයකට ගත හැකි ආකාරයේ යන්ත්‍රයක් බාප්දාදා ලඟ තිබෙනවා. මෙහිදී X-ray එකකින් ඔබලා ශරීරයේ හදවත බලනවා. හිතේ පින්තුරය සූක්ෂම කලාපයට ඉතාමත් පැහැදිලිව පෙනෙනවා. එක් එක් ආකාරයේ ලොකු කුඩා කහට පැල්ලම් රැසක්ම තිබෙනවා. ඇතැම් පැල්ලම් ලාවට තිබෙනා අතර අනිත් ඒවා ඉතාමත් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.

ඔබලා අද මෙහි පැමිණ සිටින්නේ හෝලි සැමරීමට නේද? මෙය අවසන් හමුව නිසා පළමුවෙන්ම ඔබලාට homework දුන්නා. කෙසේවෙතත්. හෝලි උත්සවයේ අරුත ගැන ඔබලාත් අන් අයට කියා දෙනවා. හෝලි සමරණවා යනු අතීතය අතීතයටම යවා දැමීමයි. හෝලි සමරණවා යනු කිසිම ආකාරයක ලොකු හෝ කුඩා කහට පැල්ලමක් තම හදවතේ තබා නොගැනීමයි. මුලුමනින්ම පිරිසිදු හදවතකින් සෑම ලැබීමකින්ම පිරී සිටීම හෝලි වේ. බාප්දාදාත් ඔබට මීට පෙර කියා තිබුණා. ඔහු අකමැති එක් දෙයක් තිබෙනවා. ඒ තමයි ඔබලා බොහෝ සෙයින් වෙහෙස වෙනවා. ඔබලාගේ හිත් පිරිසිදු නම් ඔය තරම් වෙහෙස වීමට සිදු වන්නේ නැහැ. හදවත් සනසවන්නා ඔබගේ හිතේම ලැඟුම් ගනීවි. ඔබත් හද සනසන්නාගේ හදවතේම ලැඟුම් ගෙන සිටීවි. පරමාත්ම පියා හදවතට ඇතුලු වුණු විට මායාට කිසිම සියුම් ස්වරූපයකින්වත් රළු ස්වරූපයකින්වත් රාජකීය ස්වරූපයකින්වත් ඔබගේ හදවතට ඇතුලු විය හැකි වන්නේ නැහැ. ඔබගේ සිතිවිලි හෝ සිහිනයකටවත් මායාට ඇතුලු විය හැකි වන්නේ නැහැ. එමනිසා. වෙහෙස වීමෙන් ඔබ මිදේවි. තේද? බාප්දාදාත් බලාපොරොත්තු වන්නේ ඔබ මනසින්වත් වෙහෙස නොවන කෙනෙක් වෙනවා දකින්නයි. වෙහෙසින් මිදුණු අයට පමණයි ජීවන මුක්ති තත්ත්වය අත්විඳිය හැකි වන්නේ. හෝලි සමරණවා යනු වෙහෙසින් මිදී ජීවනමුක්ති තත්ත්වය අත්විඳීමයි. බාප්දාදා දැන් ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මනසේ බලයෙන් සේවය බලවත් කර කරවීමයි. වචනයෙන් කරනා සේවය කෙරි ගෙන ආවා. ඉදිරියටත් ඒ අයුරින්ම එය සිදු වේවි. නමුත් එයට කාලයක් ගත වෙනවා. කාලය කෙටියි. කිරීමට සේවා කටයුතු රැසක්ම තිබෙනවා. ඔබ සෑම කෙනෙක්ම ප්‍රතිඵල දුන්නා. මේ වන තෙක් තවමත් ඔබට 108 මාලයවත් සාදා ගත නොහැකි වී තිබෙනවා. එමනිසා, 16,000 හා 900,000 මාලාව කොහොමත් තව බොහෝ කාලයක් ගනීවි. මේ සඳහා ඔබට වේගවත් ක්‍රමවේදයක් අවශ්‍යයි. පළමුවෙන්ම ඔබගේ මනස උසස් මෙන්ම පිරිසිදු කර ගන්න. එක් තත්පරයක්වත් අපතේ යවන්න එපා. දැනටත්, ඔබලාගෙන් වැඩි පිරිසක් තුළම යම් ප්‍රතිශතයක නිශ්ඵල සිතිවිලි තිබෙනවා. ඒවා අපිරිසිදු සිතිවිලි නොවෙයි, නිශ්ඵල සිතිවිලියි. මෙන්න මේ නිසා තමයි ඔබගේ මනසින් කරනා සේවය වේගවත්ව සිදු නොවන්නේ. හෝලි සමරණවා යනු ඔබගේ මනස නිශ්ඵල සිතිවිලි වලිනුත් නිදහස් කර ගැනීමයි. මෙන්ම ශුද්ධවන්ත කර ගැනීමයි.

හෝලී සැමරුවා ද? සමරණවා යනු ඒ තත්ත්වයට පත් වීමයි. ලෝවැසියන් නොයෙකුත් පාට වර්ග ගෙන හෝලිය සමරණවා. ඒ වුණත්, බාප්දාදා කරන්නේ ඔය දරුවන් සෑම කෙනෙක් මතම දිව්‍යමය ගුණධර්ම,දිව්‍ය බල වර්ණත් ඥාන රෝස මලුත් ඔබලා මත ඉසීමයි.

අද සූක්ෂම කලාපයේ තවත් තොරතුරු කිහිපයක් තිබුණා. පළමු තොරතුර, හදවතේ කතා බහ ගැන ඔබලාට පැවසුවා. දෙවැන්ත නම්, ඇඩ්වාන්ස් සමූහය හා එක් වී ඇති ඔබගේ සේවා සහකරුවන් සමඟ සූක්ෂම ලෝකයේ හෝලිය සැමරීමේ දිනයයි. එවන් අවස්ථාවක් ලැබුණු සෑම විටෙකම ඔබ ඒ සෑම කෙනෙක්වම සිහි කරනවා තේද? ඔබට ඔබගේ දාදීලාත්, යහළුවනුත්, පාන්දවයිනුත් මතකයි තේද? ඇඩ්වාන්ස් සමූහය විශාල වී තිබෙනවා. ඔවුන්ගේ නම් ගත්තා නම් බොහෝමයක් වේවි. ඉතින් සූක්ෂම කලාපයේ හෝලිය සැමරීමට සෑම ආකාරයකම ජීවාත්මයත් පැමිණියා. සෑම කෙනෙක්ම තම තමන්ගේ චරිත කොටස් තම තමන්ගේ උත්සාහයන්ගේ ප්‍රතිඵල වලට අනුව රඟ දක්වනවා. ඇඩ්වාන්ස් සමූහයේ අයගේ චරිත තවමත් අදෘෂ්‍යමානයි. ඔවුන් මොනවාද කරන්නේ කියා ඔබ බලාවි.නේද? ඔවුන් ඔබලාවත් කැඳවනවා. ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔබලාත් පරිපූර්ණ වී දිව්‍යමය උපතක් ගෙන තව ලෝකය ස්ථාපනය කිරීමට උපකරණයක් වීමයි. ඔවුන් එහි ගියේ සංගම් යුගයේ සිටයි කියා ඔවුන් දන්නේ නැහැ. දිව්‍යත්වය, පාරිශුද්ධත්වය හා දෙවියන් කෙරෙහි සෙනෙහස තිබුණත් මෙම ඥානය ඔවුන් තුළ පැහැදිලිව නැහැ. ඔවුන් අසහායයි. නමුත් මෙම ඥානය ඔවුන් තුළ මතු වුණී නම් ඔවුන් මධුබතය වෙත දුවගෙන ඒවි. නැද්ද? ඒත් එය ඔවුන්ගේ චරිතය නොවෙයි. ඥාන බලය ඔවුනට තිබෙනවා: බලය අඩු වී නැහැ. ඔවුන්ගේ නිවෙස් වාතාවරණය මුලුමනින්ම ආර්ය සිරිතට විරිතට අනුකුලයි. ඔවුන්ගේ දෙමාපියන් ඔවුන් සම්බන්ධයෙන් තෘප්තිමත්. සෑම භෞතික පහසුකමක්මත් ඔවුනට තිබෙනවා. ඔවුන් ඉතාමත් හොඳින් ආර්ය පිළිවෙත් රකිනවා. තම පෙර උපත ඉතාමත් ඉහළ උපතක් බවත් මීලඟ උපතත් ඉහළ උපතක් බවත් ඔවුනට දැනෙනවා. ඔවුන් වැඩි පිරිසකගේ හැඩරුව පවා උසස් රාජකීය පවුලක තෘප්තිමත් ජීවාත්මයකගේ හැඩරුව පෙන්වනවා. පරිපූර්ණ ප්‍රමෝදමත් හා සියලුම දිව්‍යමය ගුණදර්ම වලින් පිරිපුන් බවක් ඒ ජීවාත්මයන්ගෙන් පෙනෙන්න තිබෙනවා. ඒ ඔවුනගේ ඉතිහාසයයි. ඒ වුණත් සූක්ෂම කලාපයේ සිදු වූයේ කුමක්ද? ඔවුන් හෝලිය සැමරුවේ කෙසේද? බාහිර ලෝකයේ අය විවිධ පාට කුඩු වර්ග බන්දේසි පිටින් අත තබා ගෙන සිටිනවා ඔබලා දැක ඇති. එමනිසා, මෙහි ඒ කුඩු වර්ග මෙන්ම සූක්ෂම කලාපයේත් සූක්ෂම දියමන්ති රැසක් බැබලෙමින් තිබුණා. කෙසේවෙතත් ඒ දියමන්ති බරින් අඩුයි. පාට කුඩු දැමූ බන්දේසි අතේ තබා ගෙන සිටිනා විට ඒවා බර නැහැ නේද? ඒ වගේ තමයි එක් එක් වර්ණයේ දියමන්ති බන්දේසි රෑසක් එහි තිබුණා. සෑම කෙනෙක්ම සූක්ෂම කලාපයට පැමිණී විට ඉන්නේ කුමන ස්වරූපයෙන් ද කියා ඔබලා දන්නවා ද? එය අලෝක ස්වරූපයක් නේද? ඔබලා දැක තිබෙනවා ද? ආලෝක ශරීරය කොහොමත් දිදුලනවා. එමනිසා, බාප්දාදා සෑම කෙනෙක්වම තම තමන්ගේ සංගම් යුග ශරීරයෙන් කැඳවූවා. තම සංගම් යුග ශරීර වලින් මතු වුණු විට, ඒ සෑම කෙනෙක්ම එකිනෙකාව සතුටින් මුණ ගැසෙන්න පටන් ගත්තා. තම ඇඩ්ඩිවාන්ස් සමුහයේ උපත ගැන සියල්ල අමතක වී ඔවුන් සංගම යුගයට මතු වුණා. ඉතින් ඒ ආකාරයෙන් සංගම යුගයේ දේ ගැන එකිනෙකා සමඟ කතා බහ කරනා විට ඔවුන් කෙතරම් සතුටු වන්නට ඇත්දැයි කියා ඔබට සිතා ගත හැකියි. ඔවුන් ලොකු සතුටකින් සෑම කෙතා සමඟම එය බෙදා ගත්තා. ඔවුන් ඉතාමත් ඉහළින් සතුටු වෙනවා දුටු බාප්දාදා "හැමෝම මුණ ගැහුණදෙන්" කියා බලාගෙන සිටියා. තම තමන්ගේ ජීවිත කතා ඔවුන් කියන්න පටන් ගත්තා: "බාබා මෙහෙම කිව්වා. බාබා මට මේ තරම් ආදරය කළා, බාබා මේ දේවල් ඉගැන්වූවා, බාබා මෙහෙම කිව්වා" ඔවුන් නිතරම බාබා, බාබා, බාබා ගැනමයි කතා කළේ. වෙන මුකුත්ම නැහැ. ටික වෙලාවකට පසුව ... සෑම කෙනෙකුගේම සංස්කාර ගැන ඔබලා දන්නවා. මෙම සමූහයෙන් හරිම විනෝදකාමී අය කවුද? (දිදීත් දාදී චන්ද්‍රමණීත්) පළමුවෙන්ම දිදී නැඟිට්ටා. ඇය දාදී චන්ද්‍රමණීගේ අත අල්ලාගෙන රාස් නටන්න (රවුමට ගිහින් නැටීම) පටන් ගත්තා. දිදී මෙහිදීත් ධ්‍යාත සමවැදී සතුටු වෙනවා වගේ නර්තනය කළා. මමාව මැදින් තබා ඇය වටේට ඔවුන් සිට ගත්තා. ඒ අය හැංඟිමුත්තම් සෙල්ලම් කළා. ඔවුන් හොඳටම සෙල්ලම් කළ අතර බාප්දාදා සිනහ වෙවී සියල්ල බලාගෙන හිටියා. ඔවුන් එහි ගියේ හෝලි සැමරීමටයි. ඉතින් ඒ නිසා සෙල්ලම් කළා. ටික වෙලාවකට පසු, ඒ සෑම කෙනෙක්ම බාබාගේ දෑතේ දැවටී සෙනෙහසේ ගිලුණා. පසුව බාප්දාදා සෑම කෙනෙක් මතම එක් එක් වර්ණයෙන් යුත් හරිම සියුම් දියමන්ති ඉස්සා. මෙහි ඔබලාට හරිම සියුම් කුඩු ජාති තිබෙනවා වගේ ඒ දියමන්තිත් ඒ වගේමයි, ඒවා දීප්තියෙන් බැබලුනා. බාප්දාදා ඒවා සෑම කෙනෙක් මතම ඉස්සා. ඔවුන්ගේ ශරීර කොහොමත් දිදුලමින් තමයි තිබුණේ, එක් එක් පාට දියමන්ති ඉසූ විට තවත් ලස්සනට පෙනුනා. රතු, කොළ, කහ, පාට වර්ග හතක් ගැන කියනවා නේද? ඒ පාට හතම තිබුණා. ඒ සියල්ල ඉතාමත් හොඳින් බැබලෙන්න ගත්තා. ස්වර්ණමය යුගයේවත් එවන් ලස්සන ඇඳුම් නැතිව ඇති. සෑම කෙනෙක්ම හරිම හොඳට විනෝද වුණා. එකිනෙකා මත වතුර ඉස ගත්තා. හරිම සෙල්ලක්කාර, විනෝදකාමී සහෝදරියන් සිටියා. ඔවුන් ඉතාමත් හොඳින් විනෝද වුණා. ඔබලා විනෝද වුණාට පසුව කරන්නේ මොනවා ද? ඔබලා හෙට භෝග් පිළිගන්වාවි. නමුත් බාප්දාදා සංගම යුගයේ මධුබන් භෝග් වර්ග රෑසක් සෑම කෙනෙකුටම දුන්නා. හෝලිය වෙනුවෙන් වූ විශේෂ භොග් මොනවාද? (පැණීපූරි හා ජිලේබී) ඔබලා රෝස පෙති බඳිනවා නේද? ඔවුන්ටත් සංගම යුගයේ භෝග් වර්ග රැසක් දුන්නා. ඔබ සෑම කෙනෙකුටම ප්‍රථම ඔවුන් භෝග් ගත්තා. ඔබලාට හෙට ලැබේවි. අච්චා. ඔවුන් සෑම කෙනෙක්ම හොඳින් සමරා නටා ගයා විනෝද වුණා. වාහ් බාබා, මගේ බාබා, මීතේ බාබා ගීතයත් ගැයූවා. ඔවුන් නැටුවා ගැයුවා. පසුව අවසානයේ දී සිදු වූයේ කුමක්ද? සෑම කෙනෙකුටම සුබ පතා ඔබලා සමු ගන්නවා. එමනිසා, ඔබලාත් මෙය සැමරුවාද නැතිනම් නිකම් අහගෙන සිටියා ද? පළමුවෙන්ම ඔබලා ආලෝක ශරීර ඇති සුරදේවතාවරුන් විය යුතුයි. ඔබලාට ඒ තත්ත්වයට පත් විය හැකි ද? ඔබලාගේ ශරීර ඉතාමත් ගොරෝසුද? නැහැ. එක් තත්පරයකින් double- light දීප්තිමත් ස්වරූපයක් වන්න. පුලුවනිද? පරිපූර්ණ සුර දේවතාවරුන් වන්න.

(බාබා අභ්‍යාසයක් කළා)

දැන්, ඔබගේ සූක්ෂම දීප්තිමත් ශරීරය මත දියමන්ති ඉස දිව්‍යමය ගුණධර්ම. බල හා ඥානයෙන් නිරතුරුව වර්ණවත් වී සිටින්න. වර්ණවත් විය හැකි හොඳම වර්ණය නම් බාප්දාදාගේ ඇසුරේ වර්ණයයි. එමනිසා, නිරන්තරයෙන් මෙම වර්ණයෙන් වර්ණවත් වී සිටින්න. ඔබ සදහටම එසේ වේවා. අච්චා. දෙස් විදෙස් සුර දේවතා දරුවන්ව, පිරිසිදු හදවතකින් නිරන්තරයෙන් සෑම ලැබීමකින්ම පිරී සිටිනා දරුවන්ව, සැබෑ හෝලිය සමරණා එනම්, ප්‍රායෝගික කරන්නන්ව, සංවර්ධනාත්මක වීම හා නිහතමානී වීම අතර සමබරතාව තබා ගෙන සිටිනා දරුවන්ව. තම ගිණුමේ වරම් එක්රැස් කර ගන්නා දරුවන්ව බාප්දාදා සිය දහස් වාරයක් සෙනෙහසින් සිහිපත් කර ඔවුනට නමස්කාර කරයි.

වරදානය:
ඔබගේ මිහිරියාවෙන් පරමාත්ම පියාගේ සමීපත්වය විදහා පෙන්වන ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් බවට ඔබ පත් වේවා.

තම සිතිවිලි මිහිරියාව. වචන වල මිහිරියාව, ක්‍රියා වල මිහිරියාව ඇති දරුවන් පරමාත්ම පියාට සමීප වුවන් වේ. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා ඔවුන්ට දිනපතා සුමිහිරි දරුවනි කියා කියන්නේ. දරුවනුත් එවිට සුමිහිරි බාබා කියා ප්‍රතිචාර දක්වයි. දිනපතා ඇසෙන මෙම මිහිරි වදන් ඔබව සම්පුර්ණයෙන් මිහිරියාවෙන් පුර්ණ කරවයි. මිහිරියාව හෙළිදරව් කරන උතුම් ජීවාත්ම ශ්‍රේෂ්ඨයින් වේ. මිහිර ශ්‍රේෂ්ඨයි. මිහිරක් නොමැති තැන ශ්‍රේෂ්ඨත්වයක් ද අත්විඳිය නොහැක.

පාඨය:
ඩබල් ලයිට් වී සෑම ක්‍රියාවක්ම කරන්න. ඉන් ඔබ විනෝද වේවි.