23.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ විශාල වශයෙන් භාග්‍යවන්තයි, මන්ද ඍෂිවරු සහ මුනිවරු පවා ඉගෙන නොගත්
අධ්‍යාපනයක්, පරමාත්ම දෙවියන් ඔබට දැන් ලබා දෙන බැවින්.
ප්‍රශ්නය:
ඔය දරුවන්
දන්නා, නමුත් ලෝකයේ මිනිසුන් නොදන්නා, නාටකයේ ඉරණම කුමක්ද?
පිළිතුර:
රුද්‍රාගේ දැනුමේ මෙම යාග ගින්නෙන්, විනාශයේ ගිණි දැල් මතුවීමට යන බව ඔබ දන්නවා.
මුළු පැරණි ලෝකයම දැන් එය තුළට බිලි වීමටයි යන්නේ. කිසිම කෙනෙකුට මෙම ඉරණම
නැවැත්විය නොහැක. අශ්වයා මෙන්ම සියලුම මෙවලම්ද බිලි වන යාග ගින්නකි මෙය. අප මෙම
අපවිත්‍ර ලෝකයට ආපසු නොඑයි. මෙය පරමාත්ම දෙවියන් නිර්මාණය කළ ඉරණම යැයි
හැඳින්වෙන්නේ නැත, නමුත් එය නාටකයේ නිර්මාණය වී ඇති ඉරණමයි.
ගීතය:
ඔබගේ හදවත්
කැඩපතේ තම මුහුණ දෙස බලන්න.
ඕම් ශාන්ති.
ඔය දරුවන්
මනුෂ්‍යයන්ය. මෙය මනුෂ්‍යයන්ගේ ලෝකයයි. මෙකල ඔබලා බ්‍රහ්මණ ධර්මයට අයත්
මනුෂ්‍යයන්ය. පරමාත්ම පියා ඉගැන්වීම් ලබා දෙන්නේ ජීවාත්මයන්ටයි. ඔබගේ ආදිතම ධර්මය
ගැන ඔය ජීවාත්මයන්ගේ අවධානයේ දැන් තිබේ ජීවාත්මය වන මා, මෙම ශරීරය ක්‍රියාත්මක
කරවනවා. මෙය ජීවාත්මයේ රථයයි. පියා මෙම රථය පදින ආකාරයෙන්ම ඔය ජීවාත්මයන්ද රථ
(සිරුරු) පදවයි. සිදු වී ඇත්තේ, ජීවාත්මයන්ට ඔවුන් සාමයේ ප්‍රතිමූර්තින් යන දැනුම
මෙන්ම ඔවුන්ගේ වාසස්ථානය අශාරීරික ලෝකය බව, අමතක වීම පමණයි. අපට මෙම සිරුරු
ලැබෙන්නේ මෙහිදීය. මේ අන්දමින් තමා සමඟම කතා කරන්න. පියා පවසන්නේ ඔය ජීවාත්ම,
ශාන්තියේ ප්‍රතිමූර්තීන්ය. ඔබට සාමයෙන් අසුන් ගැනීමට අවශ්‍ය නම්, තමන් සාම දේශයේ
නිවැසියෙක් වන ජීවාත්මයක් බව සලකන්න. ඔබට ටික වෙලාවක් සාමයෙන් අසුන් ගත හැක.
මිනිසුන් සාමය අයදියි. ජීවාත්මය පවසන්නේ මනසට සාමය අවශ්‍යයි. කෙසේවෙතත්, ඔවුන්
ජීවාත්ම බව, මිනිසුන් නොදනී ඔවුන්ට මෙය අමතක වී ඇත. ඇගේ ගෙල වටා තිබුණු මාලය, සෑම
තැනකම සෙවූ රැජිනකගේ කතා පුවතක් තිබේ. පියා පහදා දෙන්නේ සාමය, ඔබගේ ආදිතම ධර්මයයි.
ජීවාත්ම වන ඔබ, සාමයේ ප්‍රතිමූර්තීන් බවත්, ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා ඔබ මෙහි
පැමිණ ඇති බවත්, ඔය දරුවන්ට වැටහෙයි. එම ඉන්ද්‍රියන්ගෙන් ඔබ වෙන් වූ විට, ජීවාත්මය
සාමකාමීය. ජීවාත්මයකට ඔහුට අවශ්‍ය තරම් කාලයක් ඔහුගේ ශාන්ති ධර්මයේ රැඳී සිටිය හැක.
ඔබගේ සිරුර තුළින් ක්‍රියා කිරීමට ඔබට අවශ්‍ය නැති නම්, සාමයෙන් අසුන්ගෙන සිටින්න.
සැබෑ සාමය මෙයයි. ඔබ එය සෙවිය යුතු නැහැ. ඔබගේ ආදිතම ධර්මය සාමයයි. ඔබ දැන් මෙහි,
ඔබගේ චරිත කොටස් රඟපානවා. ඔබගේ උපත් 84හි චරිත කොටස් ඔබ රඟපා ඇති බව, ඔබ පියාගෙන්
දැනගත්තා. උපත් 84හි චක්‍රය ගැන කිසිවෙකු නොදනී. මෙය වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි.
මුලදී අපි සූර්ය-පෙළපතේ රජවරුන් සහ පුරවැසියන් විය, ඉන්පසුව අපි චන්ද්‍ර පෙළපතටත්,
වෛශ්‍ය පෙළපතටත් පසුව ශුද්‍ර පෙළපතටත් ගියහ. දැන් අපි නැවතත් සූර්ය පෙළපතේ කොටසක්
බවට පත් විය යුතුයි. ලෝකයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳව ඔබ දරුවන් දැන් දන්නවා.
ඔබ මහත් සේ භාග්‍යවන්තයි. පියා ඔබට සෑම දෙයක්ම නිවැරදිව විස්තර කරයි. මෙය
විමුක්තියේ මාවතයි. සියල්ලන්ට විමුක්තිය පිරිනමන්නා එක්කෙනෙක් බව, සෑම කෙනෙකුටම
විස්තර කරන්න. බාබා ඔබට උපත් 21කට විමුක්තිය ලබාගැනීමට මඟ පාදන බව, ඔබ දැන් දන්නවා.
පිටත මිනිසුන් මේවා කිසිසේත් නොදනී. මෙය දන්නේ, ඔය බ්‍රහ්ම කුමර කුමරියන් පමණයි. ඔබ
දන්නේ මොනවාද කියා සමහරු ඔය බීකේවරුන්ගෙන් විමසයි. කෙනෙක් බ්‍රහ්මිණ් කෙනෙක්ද නැතිද
කියා සොයා බැලීමට පරීක‍්ෂණයක් තිබිය යුතුයි. ඔබ බ්‍රහ්මගේ දරුවන් නම්, ඔබ
අනිවාර්යෙන්ම ලෝක චක්‍රය ගැන දැන සිටිය යුතුයි. ඔබ නිර්මාණකරු වන පියාව හඳුනනවාද?
ඍෂිවරයන් සහ මුනිවරයන්, නිර්මාණකරු හෝ නිර්මාණය ගැන කිසිසේත් නොදනී. එබැවින් ඔවුන්
අදේවවාදීන්ය. ඔබද අදේවවාදීන්ව සිටියා ඔබද නිර්මාණකරු වන පියාව හෝ නිර්මාණයේ මුල,
මැද සහ අවසානය පිළිබඳව දැන සිටියේ නැත. පාසැලට යන්නේ නූගත් අයයි. එවිට ඔවුන් අහවල්
දේ පාසැලේදී ඉගෙන ගත් බව පවසයි. ඔබ දැන් දේවමය ඉගෙනුම ඉගෙන ගනිමින් සිටිනවා. පරම
පියා, පරමාත්ම ජීවය, ඔබට උගන්වනවා. ඔබගේ බුද්ධිය මෙය වටහාගත යුතුයි. නිර්මාණකරු
වන්නේ ඒකායන ශිව බාබා පමණයි. දැනුමේ යාග ගින්න නිර්මාණය කළේ රුද්‍රා බව, ග්‍රන්ථ වල
සඳහන් කර ඇත. කෙසේවෙතත්, රුද්‍රා සහ පරම ජීවාත්මය වන ශිවා අතර වෙනසක් නැත. දැනුමේ
යාග ගින්න තුළින් විනාශයේ ගිණිදැල් මතු වූ බවත් එහි සඳහන් වී තිබේ. සිදු වී ඇත්තේ
ඔවුන් රුද්‍රා, ශිවාගේ නම වෙනුවට, ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කිරීම පමණයි. එය එකම
ගීතාවයි. විනාශයේ ගිණිදැල්, මෙම දැනුමේ යාග ගින්නෙන් මතු වූ බව, ඔවුන් පවසයි.
එබැවින් මෙම යාග ගින්න, ස්ව-ආධිපත්‍යය ලබා ගැනීම සඳහාය. ඔවුන්ගේ සියලුම පූජා භාණ්ඩ
ඔවුන් යාග ගින්නකට දමයි ඔවුන් සියලු දේම බිලි දෙයි. එබැවින් මුළු පැරණි ලෝකයම
රුද්‍රාගේ දැනුමේ මෙම යාග ගින්නට බිලි වෙයි. ඔබ දැන් රාජ යෝගාව ඉගෙන ගන්නවා. ඔබ
ආපසු මෙම අපවිත්‍ර ලෝකයට නොපැමිණෙයි. ලෝකය විනාශ වීමටයි යන්නේ. ස්වභාවික ව්‍යසනද
තිබෙන බව ඔබ දන්නවා. මේ සියලුම දැනුම ඔබගේ බුද්ධිය තුළ සනිටුහන් විය යුතුයි. ශිව
බාබා පවසන්නේ බුද්ධිය තුළ සියලුම දැනුම තිබෙන්නේ මාහට පමණයි. පරමාත්ම පියා, සත්‍යය,
ජීවමාන ජීවය මෙන්ම දැනුමේ මහා සාගරයයි. ඔහු ලෝකයේ මුල, මැද සහ අවසානය දනී. ඍෂිවරු
සහ මුනිවරු පවසන්නේ, ඔවුන් නිර්මාණකරු හෝ නිර්මාණය නොදන්නා බවයි. ඔබට මෙහිදි
ලැබෙන්නේ කුමක්ද කියා මිනිසුන් ඔබගෙන් විමසූ විට, ඔවුන්ට කියන්න මහා ඍෂිවරු සහ
මුනිවරු පැවසුවේ ඔවුන් නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද හෝ අවසානය නොදන්නා බවයි.
ඔවුන් නොදත් දේ අපි දැන් දන්නවා. පරම පියා හැර වෙනත් කිසිවෙකුට නිර්මාණයේ මුල, මැද
හෝ අවසානය පිළිබඳ රහස් විස්තර කළ නොහැක. එය විස්තර කළ හැක්කේ නිර්මාණකරුට පමණයි.
බඹර රැජිනක් සිටින බවත්, අන් සියලුම බඹරුන් ඇය පසුපස යන බවත් ඔබ දන්නවා. ඔවුන්ට
රැජින, මව, සමඟ එතරම් ගැඹුරු සම්බන්ධතාවයක් තිබේ. අසීමිත පියා පැමිණි විට, ඔහු
සියලුම දරුවන් ඔහුත් සමඟ ආපසු රැගෙන යයි. බාබා පැමිණ ඇති බවත්, සියලුම ජීවාත්ම වන
අපව ඔහුත් සමඟ ආපසු සාම දේශයට ඔහු රැගෙන යන බවත් ඔබ දන්නවා. ඉන්පසු අපගේ චරිත කොටස්
නැවතත් ස්වර්ණමය යුගයෙදී ආරම්භ වෙයි. අපි දැන් මෙම දේවතා තත්ත්වය හිමි කරගන්නේ එම
චරිත කොටස් රඟපෑම සඳහාය. ඔය මුනෂ්‍යයන් මෙහි පැමිණෙන්නේ, දේවතා තත්ත්වය හිමි
කරගැනීමටයි. සියලුම ගුණධර්ම ධාරණය කරගත යුත්තේ මෙහිදීය. ඔබ ලක‍්ෂ්මි සහ නාරායන මෙන්
විය යුතුයි. දිව්‍යමය දර්ශනයකින් හැර කිසිම කෙනෙකුට ඔවුන්ව දැකිය නොහැක. ඔබ දැන්
සූර්ය-පෙළපත් දේවතාවන් වන බව ඔබ දන්නවා. දිව්‍ය ලෝකයේ රාජධානිය ස්ථාපිත වන අන්දම
ගැන ඔබගේ බුද්ධියේ අවධානයේ තිබේ. ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ රාජධානිය තිබුණු නමුත්
මිනිසුන් දේවතාවන්ගේ රාජධානියේ පවා අසුරයන් ආදිය පෙන්වා තිබේ. භාරතය කෙතරම්
පිවිතුරුව තිබුණේද කියා කිසිවෙකු නොදනී. මිනිසුන් වර්ණනා ගයති ඔබ සියලුම ගුණදම්
වලින් සපිරිව ඇත... ඔවුන් තම හිස පවා ඔවුන්ගේ ප්‍රතිමා ඉදිරියේ නමයි. ඔවුන්
වෙනුවෙන් බොහෝ දේවාල තනා ඇති නමුත්, ස්වර්ණමය යුගයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය,
ස්ථාපිත කළේ කෙසේද හෝ කවදාද කියා ඔවුන් නොදනී. මෙතරම් ශ්‍රේෂඨව පැවති භාරතය, මෙතරම්
පහත් වූයේ කෙසේද? කිසි කෙනෙක් මෙය නොදනී. ඉරණම දැනටමත් නිර්මාණය වී අවසන් බව ඔවුන්
පවසයි. කුමක ඉරණමද? ඔවුන්ට, මෙයවත් නොවැටහෙයි. ඔවුන් නාටකයේ ඉරණම වටහා ගත්තේ නම්,
නාටකයේ නිර්මාණකරු සහ අධ්‍යක‍්ෂක කවුරුන්ද කියා ඔවුන් වටහා ගනු ඇත. ඔවුන් නිකම්ම
පවසන්නේ එය දෙවියන්ගේ ඉරණම කියාය. කෙනෙක් නාටකයක් ගැන කතා කරන විට, එම නාටකයේ මුල,
මැද සහ අවසානය පිළිබඳවද දැන සිටිය යුතුයි. ඔබට පොතක් කියවීමෙන් පමණක් නාටකයක් දැන
ගත නොහැක ඔබ ගොස් එම නාටකය නැරඹිය යුතුයි. ක්‍රිෂ්ණාගේ දිව්‍යමය ක්‍රියාකාරකම් ගැන
නාට්‍යයක් නිර්මාණය වී ඇති බව, පුවත්පත් වල පලවිය. කෙසේවෙතත්, එය නරඹන්නේ නැතිව
කිසි කෙනෙකුට කිසිම දෙයක් වටහා ගත නොහැක. ඔවුන් එය දුටු විට, නාටකයේ සිදුවන සෑම
දෙයක්ම ඔවුන්ට වටහා ගැනීමට පුළුවන. ඔය දරුවන්ට දැන් නාටකය වැටහෙයි. ලෝකයේ ඉතිහාසය
සහ භූගෝලයේ මෙම චක්‍රය, නොනවත්වා බ්‍රමණය වන බව, මිනිසුන්ද පවසන නමුත්, එය බ්‍රමණය
වන්නේ කෙසේද කියා කිසිවෙක් නොදනී. යුගයන්හි නම් ලියා ඇත ස්වර්ණමය, රිදී, තඹ, කලි
යුග සහ ඉන්පසුව සංගම යුගය. කෙසේවෙතත්, මිනිසුන් මින් වටහාගෙන තිබෙන්නේ දෙවියන් සෑම
යුගයකම පැමිණෙන බවයි. ස්වර්ණමය සහ රිදී යුග අතරද සංගම යුගයක් තිබෙන නමුත් එම සංගමයේ
කිසිදු වැදගත්කමක් නැත. එකල එහි කිසිවක් සිදුවන්නේ නැත. ස්වර්ණමය යුගයේ සූර්ය
පෙළපත, චන්ද්‍ර පෙළපතට රාජධානිය භාර දුන් අයුරු දන්නේ ඔබ පමණයි. චන්ද්‍ර පෙළපත,
සූර්ය පෙළපත පරාජය කළා නොවෙයි, නැත. සූර්ය පෙළපත් රජ සහ රැජින, රාජධානියේ භාග්‍යයේ
තිලකය, චන්ද්‍ර පෙළපත් රජ සහ රැජින මත තවරා, ඔවුන්ව සිහසුන මත ඉන්දවයි. එවිට ඔවුන්
රාම රජු සහ සීතා රැජින යන නම්බු නාම ලබයි. ඔවුන්ට එය ලබා දුන්නේ කවුද? සූර්ය පෙළපත
මෙසේ කියමින්, එය භාරදුන් බව කියැවෙයි ඔබ දැන් රාජධානිය පාලනය කරන්න. ඔය දරුවන් මෙම
ජවනිකාව දිව්‍යමය දර්ශන වල දැක තිබේ. සටනක් සිදුවනවා නොවෙයි. ඔවුන්ට රාජධානිය ලබා
දෙන්නේ රාජධානියක් භාරදෙන ආකාරයෙනි. සූර්ය පෙළපත, චන්ද්‍ර පෙළපතේ දෙපා දොවා, ඔවුන්
මත ආධිපත්‍යයේ තිලකයක් තවරයි. එහි ගුරූන් ආදිය නොමැත. ඔබ දිව්‍යමය ස්වභාවයන් ඇති අය
බවට පත්වන බව, ඔය දරුවන්ගේ බුද්ධියේ තිබේ. අපි සූර්ය සහ චන්ද පෙළපත් රාජධානිවල බොහෝ
සේ සතුටින් සිටියි. බාබා අපව දුකින් මුදවා, සතුට වෙතට රැගෙන යනවා. වෙනත් කිසිවෙකුට
අපට සතුට ලබා දිය නොහැක. තවුසන්ට පවා සාම දේශයට යාමට උවමනාය. පරම පියා පවසන්නේ මා
එම තවුසන්වද ඉහළ නංවා, ඔවුන් සියලු දෙනාව සාම දේශයට රැගෙන යමි. සන්යාසීන්
පැමිණෙන්නේ තඹ යුගයේ පමණයි. දිව්‍ය ලෝකයේ සිටින්නේ දේවතාවන් වන අප පමණයි. එහි වෙනස්
කොටස් තිබේ. සූර්ය පෙළපතේ කොටස, චන්ද්‍ර පෙළපතේ කොටසින් වෙනස්ය. තවද දිගින් දිගටම
පැමිණෙන ඉස්ලාම්, බෞද්ධ, සන්යාසීන් ආදීන්ගේ කොටස්ද තිබේ. ඔවුන් සියලු දෙනාටම
ඔවුන්ගේම වෙන්වූ කොටස් තිබේ. අපි පාලනය කළ විට, එහි වෙනත් කිසිවෙකු නොසිටියේය.
අශාරීරික ලෝකයේද එවන් අංකානුරූප මාලාවක් නිර්මාණය වෙයි. පළමු සමාජය වන්නේ ආදි සනාතන
දෙවි දේවතා ධර්මයට අයත් අයගේය. ඉතිරි සමාජ සියල්ලම මතු වන්නේ පසුවයි. අන් සියල්ලට
වඩා ශ්‍රේෂ්ඨතම සමාජය මෙයයි. පැමිණෙන අන් සියලුම ආගම් නිර්මාතෘවරුන් මතු වන්නේ
මෙයින්ය. පළමු සමාජය අප වන අතර, පසුව සීමිත කුඩා සමාජ සිය දහස් ගණනක් ඇත. මෙහි
ප්‍රධාන සමාජ සතරක් තිබේ. අපි පළමුව පැමිණෙන අතර ඉන්පසුව ඉස්ලාම් අය පැමිණෙයි.
ඉන්පසුව බෞද්ධයින්ද, පසුව ක්‍රිස්තියානුවන්ද පැමිණෙයි. අප දැන් බිමට වැටී ඇත. අප
අපගේ උපත් 84හි චරිත කොටස් රඟ පෑ යුතුයි. දැන් අවසන් අංකය වන අය එවිට පළමු අංකය බවට
පත් වෙයි. දේවතාවන් දැන් අපවිත්‍ර බැවින්, ඔවුන්ට දේවතාවන් කියා තමන්ව ඇමතිය නොහැක.
දේවතාවන් වන්දනාවට පාත්‍ර වන බැවින්, ඔවුන් එම සමාජයට අයත් බව මින් ඔප්පු වෙයි.
සීක්වරුන් විශ්වාස කරන්නේ ගුරු නානක්වය ඔවුන් අයත් වන්නේ ඔහුගේ පාරම්පරික
වෘක‍්ෂයටයි. ස්වර්ණමය යුගයේ අපගේ පාරම්පරික වෘක‍්ෂය, පළමුවැන්නයි. මෙයට වඩා උසස්
පාරම්පරික වෘක‍්ෂයක් නැත. අපි අයත් වන්නේ උසස්ම-උසස් සමාජයටයි. උපරිම සතුට
අත්විඳින්නේ අපයි. ඉන්පසුව දුප්පත් වන්නේ එම අපිමයි. වඩාත්ම දුක් අත්විඳින්නේ අපයි.
දිගින් දිගටම ණය වන්නේද අපයි. අපි බොහෝ ධනවත්ව සිටි නමුත් දැන් බොහෝ දුගී වී ඇත අපට
සෑම දෙයක්ම අහිමි වී ඇත. මෙය දුක් දේශයයි. පියා දැන් ඔබව සතුටු දේශයේ අධිපතියන් බවට
නැවත වරක් පත්කරවනවා. ඉතිරි සියලු දෙනා සාම දේශයට යයි. ඔබ චක්‍රයෙන් භාගයක් සතුට
අත්විඳියි. අන් සියලු දෙනා සාමයෙන් සිටියි. ඔවුන්ට අවශ්‍ය විමුක්තියට යාමටයි. ඔවුන්
සතුට, කපුටෙකුගේ අසූචි මෙන් බව, සලකයි. ඔවුන්ට සතුටු දේශයේ කිසිම අත්දැකීමක් ලැබී
නැත. ඔබට එම අත්දැකීම තිබේ. ඔවුන් එහි වර්ණනාවද ගයන නමුත්, අපවිත්‍ර වීම නිසා,
ඔවුන්ට එය අමතකව ගොසින්ය. පියා දැන් ඔබට මතක් කර දෙයි අහෝ භාරත වැසියනි, ඔබ අයත්
වන්නේ දේවතා ධර්මයටයි. ඔබ තඹ යුගයෙදි ඔබගේ නම වෙනස් කළා. දේවතා ධර්මයට අයත්ව සිටි
අය, අපවිත්‍ර වෙලා. ඔවුන් නොනවත්වා මෙසේ ගායනා කරයි අහෝ පැරිශුද්ධකරුවාණෙනි, වඩිනු
මැනවි! ඔබ කෙතරම් උපත් සංඛ්‍යාවක් පිවිතුරු ලෝකයේ සිටියාද, කෙතරම් උපත් සංඛ්‍යාවක්
අපවිත්‍ර ලෝකයේ සිටියාද කියා, පියා ඔබට පවසා තිබේ. ඔබ දැන් නැවතත් පිවිතුරු ලෝකයට
යා යුතුයි. මෙය සියලු පාඨශාලාවල, පාඨශාලාවයි. එය සියලු යාගහෝමවල යාගහෝමයයි. මුළු
පැරණි ලෝකයම මෙහි විනාශ වීමටයි යන්නේ. ඔවුන් තවමත් හෝලිකා (හෝලි උත්සවයේදී පුළුස්සා
දමන දර සහ වියළි පත්‍ර ගොඩක්) පුළුස්සා දමයි. සමහර දේවල් ගීතාවේ සඳහන් කර ඇති නමුත්
එය පිටි ගෝනියක ඇති ලුනු පිංචක් වැනිය. දැනුම අතුරුදහන් වනවා. ශිව බාබා පවසන්නේ
ඔබගේ ශරීරය, මනස සහ ධනය බිලි දෙන මෙම යාග ගින්න, නිර්මාණය කළේ මමයි. ඔබ ජීවමානව
මියැදෙයි. ඔබට මෙම දැනුම ලැබෙන්නේ මෙකල පමණයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සතුටේ
දේශයට යාම සඳහා, ඔබගේ ස්වභාවය දිව්‍යමය කරගන්න. ඔබගේ බුද්ධිය තුළ, නාටකයේ මුල, මැද
සහ අවසානය පිළිබඳ රහස් තබා ගැනීමෙන්, ප්‍රබෝදමත්ව සිටින්න. සියලු දෙනාට මෙම රහස්
පහදා දෙන්න.
2. ස්ව-ආධිපත්‍යය ලබා
ගැනීමට, ඔබ ජීවමානව සිටියදී, ඔබගේ සිරුර, මනස සහ ධනය මෙම අසීමිත යාග ගින්නට බිලි
දෙන්න. සෑම දෙයක්ම නව ලෝකයට මාරු කර හරින්න.
වරදානය:
ඔබ සැබෑ
යෝගීවරයෙකු වී නළල් තලයෙහි තෙවැනි ඇසක් ඇතිව දිස්වේවා.
ස්මාරක වල, යෝගීන්ගේ
නළලෙහි තුන්වන ඇසක් පෙන්වයි. සැබෑ යෝගී දරුවන් වන ඔබ, ඔබගේ බුද්ධිය භාවිත කර
නිරන්තරයෙන් එකම පරම පියා සමඟ ඇසුරෙහි සිටින විට ඔබගේ නළල මාධ්‍යයේ ඇති තෙවැනි ඇස
දර්ශනය වෙයි. එක් පසෙක පරම පියා, අනෙක් පස මම වන අතර තුන්වන පුද්ගලයෙකු නොමැත. ඔබට
එවැනි අවධියක් ඇති විට, අනෙක් අය ඔබේ තුන්වන ඇස දකිනු ඇත. තුන්වන පුද්ගලයෙකු ඔබේ
බුද්ධියට ඇතුළු වුවහොත්, ඔබේ තුන්වන ඇස වැසෙනු ඇත. එබැවින්, ඔබේ තුන්වන ඇස
නිරන්තරයෙන් විවෘතව පවතින බව සහතික කර ගැනීමට, තුන්වන පුද්ගලයෙකු නොසිටිය යුතු බව
ඔබ මතක තබා ගත යුතුය.
පාඨය:
ප්‍රශ්න වලින්
පිරී සිටීම යනු දුකට පත්වීම සහ අන් අයව දුකට පත් කිරීමයි.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
පුද්ගලයෙකුට ඔහු කරන
ක්‍රියා අනුව නාමයක් ලබා දෙනු ලැබේ. ඔබේ ක්‍රියා උසස් නම්, ඔබට උසස් මැණිකක නාමයක්
ලබා දෙනු ඇත. උසස් මැණිකක් වීමට නම්, ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළ සරළ බව සහ
ඉවසීම යන ගුණාංග දෙකම අවශ්‍ය වේ. සරළ බව තිබුණත් ඉවසීම නොමැති නම්, ඔබ උසස් යැයි
කිව නොහැක. එබැවින්, සරළ බව තිබීම මෙන්ම, ඉවසිලිවන්ත වන්න.