23.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ නියම වේලාව තුළදී ඔබගේ නිවහන කරා යා යුතුයි. එමනිසා, ඔබගේ ස්මරණයෙහි වේගය තවත් වැඩි කරන්න. මේ දුක් ලෝකය අමතක කර ඒ සාම දේශය හා සතුටේ දේශය සිහිපත් කරන්න.

ප්‍රශ්නය:
මිනිසාගේ බුද්ධියෙහි ඇති කරන ප්‍රධානම බාධකය කෙරෙහි බලපාන ප්‍රධානම ගැඹුරුම වූ රහස කුමක්ද?

පිළිතුර:
ජීවාත්මය ඉතා කුඩා වීමත් ආලෝකමත් වූ ජීවාත්මයන් වීමත් ඔවුන්ගේ චරිත කොටස නොනවත්වා සිදුවන එකත් තමයි මෙහි තිබෙන ප්‍රධානම රහස. ඔවුන් නිරන්තරයෙන්ම ඔවුන්ගේ චරිත කොටස රඟපෑ යුතු වන අතර කිසිම විටෙක වෙහෙස නොවිය යුතුයි. කිසිම කෙනෙක් හට සදාකාලික වූ විමුක්තිය ලැබිය නොහැකියි. මිනිසුන් දුක් වන විට ඔවුන් සිතනවා සදාකාලික විමුක්තිය ලැබුණා නම් කෙතරම් හොඳද කියා. කොහොමනමුත්, ජීවාත්මය සදාකාලිකයි. ඔවුන් හට ඔවුන්ගේ චරිත කොටස් රඟපෑම කිසිසේත් නැවැත්විය නොහැකියි. මිනිසුන් මෙයට සවන් දෙන විට එය මහත් බාධකයක් ලෙස සිතනවා.

ඕම් ශාන්ති.
බාබා කතා කරන්නේ ඔහුගේ සුමිහිරි වූ දරුවන් හටයි. මෙහිදී ඔබ ආධ්‍යාත්මික දරුවන් බවට පත් වනවා. බාබා ඔබට දිනපතාම කියනවා, මේ ලෝකයේ සිටින සෑම දුප්පත් මනුෂ්‍යයෙක්ම බොහෝ සෙයින් දුක් විඳිනවා කියා. ගං වතුර ආදිය පැමිණි විටත් වඩාත්ම දුක් විඳින්නේ දිළිඳු ජනතාවයි. ඔවුන් හට හිමි සියලුම දේ ඔවුන්ට නැති වී යන නිසා ඔවුන් දුක් විඳිනවා. දැන් තිබෙන්නේ අසීමිත වූ දුකක්. ධනවත් අය සන්තෝෂයෙන් සිටිනවා මෙන් පෙනුනා වුවත් එයත් තාවකාලිකවයි. ධනවත් අය පවා අසනීප වී මිය යනවා. අදත් අහවල් අහවල් තැනැත්තා මිය ගියා. නොයෙකුත් දේ අද දවස තුළ සිදු වනවා. කෙනෙක් අද ජනාධිපති වීමට පුළුවන්, නමුත් හෙට වන විට ඔහු එයින් ඉවත් කර තිබීමට ඉඩ තිබෙනවා. මිනිසුන් ඔහුට පහර දෙනවා. මෙයත් දුක් දීමක් තමයි. බාබා ඔබට කියා තිබෙනවා නොයෙකුත් ආකාරයේ දුක් ලියා තබන්න කියා. මේ දුක් ලෝකයේ තිබෙන නොයෙකුත් ආකාරයේ දුක් මොනවාද? දරුවන් ඒ සතුටු දේශය පිළිබඳවත් දන්නවා. නමුත් ලෝකයේ මිනිසුන් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන්ට, ඔබගේ ඒ සතුටේ දේශය මේ දුක් දේශය හා සංසන්දනය කිරීමට නොහැකියි. බාබා කියනවා ඔබ සියලුම දේ දන්නවා ඔබ දන්නවා මොන වගේ දුක් වලටද ලෝකයා මුහුණ පාන්නේ කියා. එමනිසා, ඒ නොයෙකුත් ආකාරයේ දුක් ගැන ඔබ ලැයිස්තුවක් සකස් කළ යුතුයි. එවිට මිනිසුන් ඔව් මෙය සත්‍යයි කියා එය පිළිගනීවි. මෙහිදී විශාල ගොඩනැගිලි ආදිය තනන අය සිතනවා, මෙම ලෝකය තවත් බොහෝ කාලයකට පවතිනවා සත් යුගය දැන්මම එන්නේ නැහැ කියා. ඔවුන් ඉන්නේ සම්පූර්ණ අඳුරේ. ඔබ දැන් ඔවුන් ඔබගේ සමීපයට ගෙන ආ යුතුයි. දැන් ඉතිරි වී තිබෙන්නේ බොහොම කෙටි කාලයයි. ඔවුන් කියනවා මෙම චක්‍රය තුළ තවත් අවුරුදු සිය දහස් ගණනක් තිබෙනවා කියා. එමනිසා, ඔබට පුළුවන් මේ අවුරුදු 5000 කොහොමද නැවත නැවතත් කැරකෙන්නේ කියා ඔවුන් හට කියා දෙන්න. මෙම නාටකය කිසි සේත් අවුරුදු දස දහස් වීමට බැහැ. ඔබ දන්නවා සිදුවන ඕනෑම දෙයක් සිදුවන්නේ මෙම අවුරුදු 5000 තුළ පමණයි කියා. එමනිසා, මෙම දුක් ලෝකයේ නොයෙකුත් ආකාරයේ දුක් දක්නට ලැබෙනවා. ඔබ විසින් අළුත් කරුණු සියල්ලක්ම ලියා තැබිය යුතුයි. සත් යුගයේ කිසිම ආකාරයක දුකක් දක්නට ලැබෙන්නේ නැහැ. බාබා විස්තර කරනවා මරණය දැන් ඔබ ඉදිරියේයි. මෙය තමයි ගීතාවේ තිබෙන කතා වස්තුව වන්නේත්. සත් යුගය නිර්මාණය වීමට පටන් ගන්නේ මෙම සංගම් යුගයේදීමයි. බාබා කියනවා මා ඔබ රජවරුන්ගේත් රජවරුන් බවට පත් කරවනවා. එමනිසා, එය අනිවාර්යෙන්ම සත් යුගය උදෙසායි. බාබා මේ සියලුම දේ ඉතා පැහැදිලිව කියා දෙනවා. අප දැන් ඒ සතුටු ලෝකයට යාමටයි සැරසෙන්නේ. බාබා අනිවාර්යෙන්ම අප එහි රැගෙන යා යුතුයි. බාබාගේ ස්මරණයෙහි නිරන්තරයෙන් යෙදෙන අය උසස් තත්ත්වයක් ලබා ගන්නවා. බාබා ඔබට මේ ස්මරණයෙහි බලය වැඩි කර ගන්නා නව ආකාරයන් පෙන්නුම් කර දෙනවා. මිනිසුන් කුම්භමේලා ආදී උත්සව වලට දිනපතා යනවා. ඔබත් ඔබට අවශ්‍ය නිවැරදි වේලාවේදී ඔබගේ නිවහන කරා යා යුතුයි. ඔබට ඉක්මනින් එහි ගොස් ඒ කරා ළඟා වීමට බැහැ. ඉතා ඉක්මනින් යාම ඔබගේ අතේ තිබෙන දෙයක් නොවේ. මෙයත් මෙම නාටකයේ අඩංගු වන දෙයක්. සෑම දෙයක්ම යන්නේ මෙම නාටකය වෙතටයි. මෙහි නොයෙකුත් ආකාරයේ ලෙඩ බෝ කරන නොයෙකුත් ආකාරයේ කෘමීන් සිටිනවා. එවැනි දේ සත් යුගයෙහි දී සිදුවන්නේ නැහැ. එහිදි සිදු වීමට යන දේ ගැන මඳක් සිතා බලන්න. ඔබ විසින් සිහිපත් කළ යුත්තේ සත් යුගයයි. බාබා තමයි ඒ සත් යුගය මෙහි ස්ථාපිත කරන්නේ. අවසානයේදී ඔබට තිබෙන මේ සියලුම දැනුම බෙලි කටුවක තත්ත්වයට පත් වෙනවා. උදාහරණයක් ලෙස බීජය කොතරම් කුඩා වුවත් එයින් නැඟෙන ගස ඉතා විශාලයි. එම බීජයන් ජීවයකින් තොර වුවත් මෙය ජීවයකින් යුතු වූ බීජයක්. වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ඔවුන් මෙම චක්‍රයෙහි කාලපරිච්ඡේදය වැඩිකර තිබෙනවා. භාරතයේ මිනිසුන් විශාල සතුටක් අත් දකිනවා. ඒ වගේම භාරතයේ මිනිසුන් තමයි දුක අත් දකින්නේත්. මෙහි වෙසෙන මිනිසුන් හරියට මදුරුවන් වගෙයි ඔවුන්ගේ ආයු කාලය ඉතා කෙටියි. මෙහි කසළ ශෝධකයන්ගේත් පිට රටක කසළ ශෝධකයන්ගේත් අතර විශාල වෙනසක් තිබෙනවා. පිට රටවල කර ඇති සොයා ගැනීම් පසුව මෙහි ගෙන එනවා. සත් යුගයෙහි මුල්ම නම තමයි පාරාදීසය. එහි සියලුම දේ සතෝප්‍රධාන් තත්ත්වයක තිබුණා. ඔබට ඒ සියලුම දේ ගැන දර්ශන දක්නට ලැබෙනවා. මෙය තමයි බාබා මෙහි හිඳගෙන ඔබට සියලුම දේ විස්තර කර දෙන සංගම් යුගය. ඔහු ඔබට තවත් අළුත් දේවල් ගැන කියා දෙනවා. බාබා කියනවා දවසින් දවස මා ඔබට ගැඹුරු වූ කරුණු වටහා දෙනවා. මුලදී ඔබ, බාබා ඉතා කුඩා ජීවයක් බව හෝ ඔහුගේ කොටස සැමදා තිබෙනවා කියා හෝ කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. ඔබත් ඔබගේ කොටස නොකඩවා රඟ පෑ යුතුයි. ඔබ අන් අයටත් මෙය පවසන විට ඔවුන්ගේ බුද්ධිය තුළ විශාල ප්‍රශ්නයක් මතු වී ඔබ කියන්නේ කුමක්ද කියා සිතනවා. කොහොමද එවැනි පුංචි ජීවයක් කිසිම මහන්සියකින් තොරව එවැනි කොටසක් දිගින් දිගටම රඟපාන්නේ ? වෙන කිසිම කෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. දරුවනි, ඔබ දැන් ටිකෙන් ටික හඳුනා ගන්නවා කොහොමද කල්ප භාගයකදී ඔබ සතුටින් සිටින්නේ හා කල්ප භාගයකදී කොහොමද දුකින් සිටින්නේ කියා. මිනිසුන් දුකට පත්වන විට ඔවුන් සිතනවා, සදාකාලික විමුක්තිය ලැබුණා නම් කෙතරම් හොඳද කියා. ඔවුන් සතුටේ සිටින විට හෝ සාමයේ සිටින විට ඔවුන් මෙවැනි දේ පවසන්නේ නැහැ. මේ සියලුම ඥානය දැන් ඔබගේ බුද්ධිය තුළ තිබෙනවා. බාබා බීජය වන අතර ඔහු හට මේ සම්පූර්ණ වෘක්ෂයේම ඥානය තිබෙනවා. මෙම ගස ඉතා විශාල ලෙස පෙන්විය නොහැකියි. දරුවනි, මේ සෑම දැනුමක්ම දැන් ඔබගේ බුද්ධිය තුළට ඇතුල් විය යුතුයි. දරුවනි, ඔබගේ බුද්ධිය දැන් හොඳ ගැඹුරු තත්ත්වයක තිබිය යුතුයි. පරිණත විය යුතුයි. මෙම කාලයෙන් පසු කෙනෙක් නැවතත් එම කොටසම රඟපෑම සඳහා මෙහි පැමිණෙන්නේ කෙසේද ආදී බොහෝ දේ දැන් ඔබ විසින් විස්තර විය යුතුයි. මෙය එතරම් විශාල වූ නාටකයක්. මේ සම්පූර්ණ නාටකයම කෙනෙක්ට දැක ගැනීම අපහසු දෙයක්. හොඳ දේ පමණක් දිව්‍යමය දර්ශනයක් මඟින් දැකගත හැකියි. ගනේෂ් හා හනුමාන් යන දෙදෙනා අයත් වන්නේ භක්ති මාර්ගයටයි. කොහොමනමුත්, මිනිසුන් භක්තියට එතරම් ඇලුම් කරන නිසා ඔවුන් හට ඒවා අමතක කර සිටීමට නොහැකියි. දරුවනි, දැන් ඔබ හොඳින් උත්සාහ කර උසස් තත්ත්වයක් ලබා ගත යුතුයි. එය ඔබ විසින් මීට ඉහත කල්පයේදීත් සිදුකර තිබෙනවා. ඔබ දන්නවා සියලුම දෙනා නැවත උපත් ලබා ගන්නවා කියා. ඔබ දන්නවා ඔබ කොහොමද මෙම ඉනිමඟෙහි පහළට බැසගෙන පැමිණියේ කියා. මෙය තේරුම් ගන්නා අය අනිවාර්යෙන්ම අන් අය හටත් එය විස්තර කර දිය යුතුයි. ඔවුන් මීට ඉහත කල්පයේදීත් කර තිබෙන්නේ මේ දෙයමයි. මීට කල්පයකට ඉහතදීත් මේ ආකාරයේම කෞතුකාගාරයක් ඔබ විසින් තනා තිබෙනවා. ඒ වගේම මේ ආකාරයෙන්ම ඔබ ඉගෙනගෙනත් තිබෙනවා. ඔබ නොනවත්වාම උත්සාහ කළා. ඒ වගේම තවදුරටත් ඔබ විසින් උත්සාහ දරණවා මෙය මෙම නාටකයේ ඒ ආකාරයෙන්ම නිර්මාණය වී තිබෙන දෙයක්. මේ ආකාරයෙන් බොහෝ දෙනා ඔබ සොයා එනවා. සෑම වීදියකම මෙම පාසලක් ආරම්භ වෙනවා සෑම ගෙදරකමත් මෙම ඥානය දෙනවා. මෙම ඥානය ධාරණය කර ගැනීමෙහි තමයි සියලුම දේ අන්තර් ගත වන්නේ. ඔවුන්ට කියන්න ඔබ හට පියවරු දෙදෙනෙක් සිටිනවා. උසස්ම පියා කවුද? ඔවුන් ඔහු හට කතා කරනවා. ඔවුන් කියනවා අප හට අනුකම්පා කරන්න! අපට ආශීර්වාද කරන්න! කියා. බාබා කියනවා එසේ හිඟා කෑමෙන් ඔබ කිසිම දෙයක් ලබන්නේ නැහැ. මා ඔබට මේ සඳහා මාර්ගය පෙන්වා දෙනවා. මා මෙහි පැමිණ තිබෙන්නේ ඔබට මෙම මාර්ගය පෙන්වීම සඳහායි. මේ සම්පූර්ණ වෘක්ෂයේම ඥානය දැන් ඔබ හට තිබෙනවා. බාබා දිගින් දිගටම මෙම උත්සාහය කරනවා. දැන් ඔබට ඉතිරි වී තිබෙන්නේ ඉතාමත් සුළු කාලයක් පමණයි. බාබා නැවත නැවතත් කියන්නේ සේවයෙහි යෙදෙන්න කියායි. සෑම නිවසකම ගීතා පාඨශාලාවක් තිබිය යුතුයි. ඔබට මොනම පින්තූරයක්වත් නැතිනම්, දැන්වීම් පුවරුවක යමක් ලියා එය පිටතට පෙනෙන සේ දැමිය හැකියි. ඔබට පින්තූර නැති වුණත් ඔබගේ බැජය පවා හොඳටම ඇති. අවසානයේදී මෙම බැජය පමණක් ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. එය යම්කිසි සංඥාවක් දිය හැකි දෙයක්. මිනිසුන් අනිවාර්යෙන්ම දැන ගන්නවා ඒ අසීමිත පියා විසින් ඒ ලෝකය නිර්මාණය කරනවා කියා. ඒ වගේම පියා සිහි කිරීමෙන් පමණයි කෙනෙක් හට සත් යුගය කරා යා හැක්කේ කියාත් ඔවුන් තේරුම් ගනීවි. ඔබ දන්නවා ඔබ දැන් අපිරිසිඳු තත්ත්වයක ඉන්නේ, ඒ වගේම ඒ උත්තරීතර පියාගේ සිහියෙන් සිටියහොත් ඔබට පිරිසිඳු විය හැකි බවත් ඔබ දන්නවා. වෙන කිසිම ක්‍රමයක් ඔබට නැහැ. සත් යුගය තමයි ඒ පිරිසිඳු වූ ලෝකය. ඔබ එම ලෝකයේ පාලකයන් බවට පත් වීමට යන නිසා ඔබ අනිවාර්යෙන්ම ඒ සඳහා මෙහිදී පිරිසිඳු තත්ත්වයට පත් විය යුතුයි. සත් යුගයට යන්නට සිටින අය මෙම නිරයෙහි බොරු කරමින් සිටිය හැකිද? මේ නිසා තමයි ඔබ මන්මනභව් තත්ත්වයට පත් විය යුත්තේ! ඒ අසීමිත වූ පියා සිහිපත් කරන්න. එය ඔබගේ අවසාන ඉලක්කය සඳහා බලපානු ඇත. සත් යුගය කරා යාමට සිටින අය කිසිසේත් පාපයෙහි ගැලිය නොයුතුයි. දේවී දේවතාවන් පාපයෙහි ගැලෙන්නේ නැහැ. සන්යාසීන් ඔවුන් හට කියන්නේ නැහැ පාරිශුද්ධත්වයට පත් වෙන්න කියා. මන්ද, ඔවුන්මත් විවාහ වන අවස්ථා තිබෙන නිසයි. ඔවුන් ගෘහ ජීවිතයේ සිටින අයට කියනවා එක් මාසයකට පමණක් පාපයෙහි ගැලුණාට කම් නැත කියා. උපතේ පටන් පිරිසිඳුව සිටි අයට පවා විවාහ වෙන්න එපා කියා කියන්නේ නැහැ. සමහරු පිරිසිඳු විවාහ වීම් කරනවා නමුත් දින කිහිපයක් ගත වන විට ඔවුන්ගේ සෙල්ලම නැවතෙනවා! මායා බොහෝසෙයින් ආකර්ෂණීයයි. මේ අවස්ථාවේදී ඔබ පාරිශුද්ධත්වය ලැබීම සඳහා උත්සාහ කරනවා පසුව අනාගතයේදී එහි තිළිණය ලබා ගන්නවා. එහිදී රාවණ්ගේ රාජ්‍යයක් ස්ථාපිත වන්නේ නැහැ එහිදී ඔබට කිසිම ආකාරයක පාපකාරී අදහසක් පහළ වන්නේ නැහැ. රාවණ් තමයි ඔබ පාපකාරී තත්ත්වයට පත් කරවන්නේ. ශිව බාබා ඔබව ශිෂ්ට අයෙක් බවට පත් කරවනවා. ඔබ අනිවාර්යෙන්ම එය මතක තබා ගත යුතුයි. ඔබ සෑම නිවසකටම මෙම ඥානය දුනහොත් සියලුම දෙනා හට විස්තර කිරීමේ හැකියාව එනවා. ඔබ සියලුම දෙනා ඔබගේ නිවස තුළ ගීතා පාඨශාලාවක් ආරම්භ කොට ඔබගේ පවුලේ සිටින සියලුම දෙනා නිවැරදි තත්ත්වයට පත් කළ යුතුයි. මේ ආකාරයෙන් තමයි ඔබගේ පවුල වැඩී යන්නේ. සාමාන්‍ය මිනිසුන් හා දුප්පත් මිනිසුන් සැම විටම එක හා සමානයි. කොහොමනමුත්, වැදගත් මිනිසුන් සාමාන්‍ය මිනිසුන් හට සවන් දෙන්නේ නැහැ. ඔවුන් සත්සන් වලට යාමට කැමති නැහැ. ඔවුන් හිතනවා ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනා සහෝදර සහෝදරියන් බවට පත් කිරීමේ මැජික් එකක් මෙතන තිබෙනවා කියා. අහා, නමුත් එය හොඳ දෙයක්! ගෙවල් වල බොහෝසෙයින් වැරදි තිබෙන නිසා ඒවා ඔබට බොහෝ සෙයින් දුක ගෙන එනවා. මෙය තමයි දුක් ලෝකය. මෙහි අප්‍රමාණ සෙයින් දුක තිබෙන නමුත්, එහි අප්‍රමාණ වූ සතුටක් තිබෙනවා. දුක් 25ක හෝ 30ක ලැයිස්තුවක් නිර්මාණය කරන්න. ඒ අසීමිත වූ පියාගෙන් ඔබගේ උරුමය ලබා ගැනීමට නම්, ඔබ අනිවාර්යෙන්ම උත්සාහ දැරිය යුතුයි. බාබා ඔබට මේවා විස්තර කර දෙන්නේ මෙම වාහනය තුළට ඇතුල් වීමෙනුයි. මේ දාදාත් ශිෂ්‍යයෙක් පමණයි. සෑම මනුෂ්‍යයෙක්ම ශිෂ්‍යයන් පමණයි. ඔබට උගන්වන මේ ගුරුතුමා අශරීරිකයි. ඒ වගේම ඔහු ඔබවත් අශරීරික තත්ත්වයට පත් කරවනවා. මේ නිසා තමයි බාබා කියන්නේ ඔබගේ ශරීරයට තිබෙන සියලුම අවධානය නැති කරන්න. මේ ගොඩනැගිලි කිසිවක් තවත් ඉතිරි වන්නේ නැහැ. අවසානයේදී ඔබ නොයෙකුත් දර්ශන ලබනවා. අවසානයේදී විනාශය සිදුවන ආකාරය ඔබට දැකගත හැකියි. ලේ ගංගා පවා ඔබට දැකගත හැකියි. පරමාණු බෝම්බ සෑම තැනකම පුපුරන්නට පටන් ගන්නවා. මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. මෙහිදී සිදුවන මරණය ඉතා භයානකයි. මෙය තමයි අවිනාශී දේශය. සිතියම් වල ඔබට දැකගත හැකියි හින්දුස්ථාන් හී තරම කොතරම් කුඩා ද කියා. මෙම නාටකයට අනුව එහිදී සිදුවන කිසිම දෙයක් මෙයට බලපාන්නේ නැහැ. ලේ ගංගාවන් ගලා යාවි. ඔවුන් දැන් සූදානම් කිරීම් කරනවා. අනාගතයේදී මෙම ස්ථානයටත් ණයට බෝම්බ ගෙන එනවා. නමුත් එම බෝම්බ ඔවුන් ලෝකය විනාශ කිරීමට යොදා ගන්නේ නැහැ. කිසිම ශක්තියක් නොමැති බෝම්බ තමයි ඔවුන් විසින් ලබන්නේ. කොහොමනමුත්, ඔවුන් විසින් පාවිච්චි කිරීමට යන බෝම්බ ඔවුන් අනෙක් අය හට දෙන්නේ නැහැ! මීට ප්‍රථම කල්පයේ දී සිදු වූ ආකාරයටම මෙම විනාශය සිදු වනවා එය අළුත් දෙයක් නොවේ. එකම වූ පිරිසිඳු ආගමක් ඉතිරි වී අනෙක් සියලුම ආගම් විනාශ වී යනවා. භාරත දේශය කිසිම විටෙක විනාශ වන්නේ නැහැ. මිනිසුන් කිහිප දෙනෙක් අනිවාර්යෙන්ම ඉතිරි වනවා. සියලුම දෙනා මැරුණ හොත් එය සමූලඝාතනයක් බවට පත් වනවා. දවසින් දවස ඔබගේ බුද්ධිය තව තවත් නිශ්චලත්වයට පත් වනවා. එවිට අනෙක් අය තව දුරටත් ඔබට ගෞරව කරන්නට පටන් ගන්නවා. දැන් ඔබට එතරම් ගෞරවයක් ලැබෙන්නේ නැහැ. මේ නිසා තමයි බොහොම සුළු ප්‍රමාණයක් මෙයින් සමත් වන්නේ. ඔවුන් විසින් දඬුවම් ලැබිය යුතු බව ඔවුන්ගේ බුද්ධියට එන්නේ නැහැ. එමනිසා, ඔවුන් බොහෝ පසු වී මෙහි එනවා. ඔවුන් එසේ අසමත් වන විට ඔවුන් විසින් ලබා ගත් සියලුම දේ නැතිව යනවා. ඒ වගේම ඔවුන් තව තවත් අවලස්සන වනවා ඉන්පසු නැවතත් ඔවුන් හට නැඟී සිටීමට නොහැකි වනවා. එමනිසා, බොහෝ දෙනා මෙය අත්හැර ගොස් තිබෙනවා මෙන්ම තවත් බොහෝ දෙනා අත්හැර යාමටත් බලාගෙන සිටිනවා. එම තත්ත්වයෙන් ඔබගේ ශරීරය අත්හළ හොත් ඔබගේ ඉලක්කය කොහොම වේවිද කියා ඔබ දන්නවා. එය ඔබ විසින් තේරුම් ගත යුතු දෙයක්. බාබා කියනවා මගේ දරුවන් විසින් තමයි මෙම ලෝකයේ සාමය පතුරවාලිය යුත්තේ. ඔබ අසමගියෙන් සිටියහොත් ඔබගේ සියලුම තත්ත්වය පහත වැටෙනවා. ඔබ විසින් කිසිම කෙනෙක් අසතුටට ලක් නොකළ යුතුයි. බාබා සියලුම දෙනා හට විශාල සෙනෙහසක් දක්වනවා. ඒ වගේම සියලුම දෙනා හට කතා කරනවා ’දරුව, දරුව‘ කියා. බාබා තමයි ඔබගේ අසීමිත වූ පියා වන්නේ. ඔහුට මේ මුළු ලෝකයේම ඥානය තිබෙනවා. මේ නිසා තමයි ඔහු ඔබට එය විස්තර කර දෙන්නේ. මෙම ලෝකයේ විවිධාකාර වු දුක දක්නට ලැබෙනවා. ඔබට නොයෙකුත් ආකාරයේ දුක් පිළිබඳ ලැයිස්තුවක් නිර්මාණය කළ හැකියි. ඔබ මෙය ඔවුන් හට පෙන්වා දෙන විට ඔවුන් මේ සියලුම දේ නිවැරදියි කියා පිළිගන්නවා. බාබා හැර වෙන කිසිම කෙනෙක් හට මේ අසීමිත දුක නැති කරන්නට බැහැ. ඔබ මේ ආකාරයේ දුක් පිළිබඳ ලැයිස්තුවක් නිර්මාණය කරන විට ඔවුන්ගේ බුද්ධියට කුමන හෝ දෙයක් ඇතුල් වනවා. එසේ නැතිනම්, ඔවුන් ඔබ විසින් කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. බැටළුවකු සත් යුග නාදය කෙසේ අසාවිද? කියා කතාවක් තිබෙනවා. බාබා විස්තර කරනවා දරුවනි, ඔබ අනිවාර්යෙන්ම ලස්සන විය යුතුයි. කිසිම අසමගියක් හෝ කිසිම කිලිටි වූ සිතිවිල්ලක් ඔබ තුළ නොතිබිය යුතුයි. අසමගියේ කම්පන පතුරුවාලන අය ශරීර අවධානයෙන් සිටින්නේ. ඔබ ඔවුන්ගෙන් ඈත් වී සිටිය යුතු අතර ඔවුන්ට අත තියන්නටවත් යන්න එපා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට උගන්වන ගුරුවරයා අශාරීරික වන අතර කිසිම ශරීරයකට අවධානයක් නොමැත්තා වන සේම ඔබත් එසේ අශාරීරික තත්ත්වයට පත්විය යුතුයි. නිරන්තරයෙන් ඔබ තුළ ඇති ශරීර අවධානය නැති කරන්න. ඔබගේ පාපකාරී ඇස ශිෂ්ට වූ ඇසක් බවට පරිවර්ථනය කර ගන්න.

2. ඔබගේ බුද්ධිය සූක්ෂම වූ පරිණත බුද්ධියක් බවට පත් කර ගන්න. දඬුවම් ලබා නොසිටීමට නම්, පියා කෙරෙහි හා අධ්‍යාපනය කෙරෙහි සැලකිලිමත්ව සිටින්න. කිසිම කෙනෙකුට දුක් දෙන්න එපා. කිසිම ආකාරයකින් අසමගියේ කම්පන පතුරවා හරින්න එපා.

වරදානය:
ඔබගේ බ්‍රහ්මින් දිවියේ ස්වාභාවික ස්වභාවයෙන්, ඔබ ගල් ජලය බවට පරිවර්ථනය කරන මාස්ටර් සෙනෙහස් සාගරයක් වේවා.

ලෝකයේ මිනිසුන් පවසන්නේ සෙනෙහස, ගල් ජලය බවට වෙනස් කරන බවයි. ඒ අන්දමින්ම, ඔය බ්‍රහ්මින්වරුන්ගේ ස්වාභාවික ස්වභාවය වන්නේ මාස්ටර් සෙනෙහස් සාගර වීමය. ඔබට කෙතරම් ජීව අවධාන සෙනෙහස සහ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස තිබෙන්නේද යත්, ඔබට විවිධ ස්වභාවයන් වෙනස් කළ හැක. සෙනෙහස් ප්‍රතිමූර්තියක් වීමේ ඔහුගේ සදාතනික ස්වභාවයෙන්, සෙනෙහස් සාගරය, ඔය දරුවන්ව ඔහු සතු කර ගත්තේය. ඒ අන්දමින්ම, ඔබ මාස්ටර් සෙනෙහස් සාගර වී, ලෝකයේ ජීවාත්මයන්ට ඔවුන්ගේ ස්වභාවය පරිවර්ථනය කිරීම සදහා, ඔබ සත්‍ය, පරාර්ථකාමී, ආධ්‍යාත්මික සෙනෙහස ලබා දිය යුතුයි.

පාඨය:
ඔබගේ විශේෂතා අවධානයේ තබාගෙන, සේවය සදහා ඒවා භාවිතා කරන්න, එවිට ඔබ පියාසර ස්ථිතියේ නොකඩවා පියාසර කරයි.