23.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා මෙන් ඔබත් සැබෑ පණිවිඩ කරුවන් බවට පත් විය යුතුයි. නිවස වෙත ආපසු යාම
සඳහා සෑම කෙනෙක්ටම පණිවිඩය ලබා දෙන්න.
ප්‍රශ්නය:
මේ දිනවල
මිනිසුන්ගේ සිහිය වැඩියෙන්ම රස්තියාදු වන්නේ කුමන දිශාවන් ඔස්සේද?
පිළිතුර:
විලාසිතාවන් ඔස්සේ. මිනිස්සු අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ
විලාසිතාවන් අනුගමනය කරනවා. ඔවුන් මෙම විලාසිතාවන් ඉගෙන ගෙන තිබෙන්නේ පිළිම
වලිනුයි. පාර්වතීත් එවන් විලාසිතා අනුගමනය කළායි සිතා මිනිස්සුත් ඒ විදියට කොණ්ඩා
මෝස්තර දමන්න පටන් ගන්නවා. බාබා කියනවා: දරුවන් වන ඔබ මෙම අපිරිසිඳු ලෝකයේ විලාසිතා
අනුගමනය නොකළ යුතුයි. විලාසිතා කිසිවක් අවශ්‍ය නොවන ස්වභාවික ලස්සනකින් යුක්ත වුණු
ලෝකයක් වෙත මා ඔබව ගෙන යනවා.
ගීතය:
ඔබ මව හා
පියායි!
ඕම් ශාන්ති.
දරුවන් ගීතයට
ඇහුම්කන් දුන්නා. මෙම ප්‍රශංසාව ගායනා කළ විට ඔබගේ සිහිය ඉහළ ස්ථානයක් වෙත යොමු
වෙනවා. ජීව, පියාට කියනවා ඔබ බෝට්ටු කරුවායි, පාරිශුද්ධකරුයි, සැබෑ පණිවිඩකරුයි.
පරමාත්ම පියා පැමිණ ජීවාත්ම වන ඔබට පණිවිඩය ලබා දෙනවා. අන් අයව හඳුන්වන්නේ
පණිවිඩකරුවන් ලෙසිනුයි. ඇතැම් අය තරුණයි, ඇතැම් අය මහළුයි. ඇත්තෙන්ම කියනවානම්
ඔවුන් පණිවිඩය දෙන්නේ නැහැ. ඔවුන්ව ප්‍රශංසා කර තිබෙන්නේ වැරදි ආකාරයෙනුයි. එකම එක
කෙනා හැරෙන්න වෙන කිසිම කෙනෙකුගේ ප්‍රශංසාවක් මෙම මානව ලෝකයේ නොමැති බව දරුවන් වන
ඔබ දන්නවා. ලක්ෂ්මි හා නාරායන නව ලෝකයේ පාලකයින් වන නිසා වැඩියෙන්ම ප්‍රශංසාවට ලක්
වන්නේ ඔවුනුයි. මෙය දන්නේ භාරතයේ මිනිස්සු පමණයි. ලෝකයේ මිනිස්සු දන්නේ භාරතය
පෞරාණික දේශයක් කියා පමණකි. භාරතය තුළ දෙවි දේවතාවන්ගේ අධිරාජ්‍යයක් තිබුණා.
ක්‍රිෂ්ණා දෙවියන් කියාත් ඔවුන් කියනවා. භාරතයේ මිනිස්සු ඔවුන්ට (ලක්ෂ්මි හා
නාරායන) කියන්නේ දේවී දේවතා කියලයි. කොහොමනමුත්, දේවතාවරුන් හා දේවතාවියන් සත්
යුගයේදී පාලනය ගෙන ගියා යන්න ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම දෙවියන්, දෙවි දේවතාවන්ගේ
අධිරාජ්‍යය ස්ථාපනය කළා. බුද්ධිය කියනවා අපි පරමාත්ම පියාගේ දරුවෝ වෙමු. එමනිසා,
අපි දෙවි දේවතාවන් වන්නෙමු. සෑම දෙනාම එකම එක කෙනාගේ දරුවන්ය. කොහොමනමුත්, දෙවි
දේවතා වශයෙන් ඔවුන්ව හඳුන්වන්න බැහැ. ඔවුන්ව හඳුන්වන්නේ දේවතාවන් වශයෙනි. පරම පියා
මෙහි සිට සෑම දෙයක්ම පැහැදිලි කර කියා දේ. භාරතයේ මිනිසුන් වන අප මුලින්ම සිටියේ නව
ලෝකයේ බව භාරතයේ මිනිස්සු කියනවා. සෑම කෙනෙක්ටම නව ලෝකයක් අවශ්‍යයි. බාබුජී
(ගාන්ධිජී) ට පවා නව ලෝකයක් හා රාමාගේ නව අධිරාජ්‍යයක් අවශ්‍ය වුණා. කොහොමනමුත්,
රාමාගේ රාජ්‍යයක් යනු කුමක්දැයි මිනිසුන්ට කොහෙත්ම වැටහෙන්නේ නැහැ. මේ දිනවල
මිනිස්සු සිටින්නේ මහත් උඩඟුකමිනුයි. ස්වර්ණමය යුගයේදී ඔවුන්ට දිව්‍යමය බුද්ධියක්
තිබෙනවා. නමුත් දැන් මෙම කලි යුගයේදී ඔවුන්ට ඇත්තේ ගල් බුද්ධීන්ය. මිනිස්සු මෙය
දිව්‍ය ලෝකය ලෙසින් සලකනවා. දිව්‍ය ලෝකයේ ගුවන් යානා හා විශාල මාළිගා තිබුණා යැයි
මිනිස්සු කියනවා. ඒ සියල්ල දැනුත් තිබෙනවා. විද්‍යාව ඉතාමත් ඉහළට වර්ධනය වී ඇති අතර
ලොකු සතුටක් තිබෙනවා. විලාසිතාවන් රාශියකුත් තිබෙනවා. ඔවුන්ගේ බුද්ධිය දවස පුරාම
නොයෙකුත් විලාසිතාවන් වල පටලැවිලා. කෘත්‍රිමව ලස්සන වීම සඳහා ඔවුන් යොදනා කොණ්ඩා
මෝස්තර දෙස බලන්න! ඒ සඳහා නොසෑහෙන සේ මුදල් වියදම් කරනවා! ඒ සෑම විලාසිතාවක්ම බිහි
වී තිබෙන්නේ පිළිම වලිනුයි. තමනුත් පාර්වතී මෙන් කොණ්ඩා මෝස්තරයක් දමා ගත යුතු යැයි
ඔවුන් සිතනවා. ඔවුන් ඒ සෑම දෙයක්ම කරන්නේ අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමටයි. අතීතයේදී
පාර්සි කාන්තාවන් තමාගේ මුහුණ වැසෙන ආකාරයෙන් වේල් එකක් පැළඳුවා. එවිට අනිත්
මිනිසුන් ඔවුන්ගේ මුහුණ දැක ඒවාට ආකර්ෂණය වන්නේ නැහැ. මෙම ලෝකය හඳුන්වන්නේ ගණිකා
මඩමක්, අපිරිසිඳු ලෝකයක් වශයෙනුයි. මිනිස්සු ’ඔබ තමයි මව හා පියා‘ කියමින් ගායනා
කරනවා. නමුත් ඔවුන් මෙය ගායනා කළ යුත්තේ කාටද? මව හා පියා වන්නේ කවුද කියා ඔවුන්
දන්නේ නැහැ. මව හා පියා අනිවාර්යෙන්ම ඔවුන්ට උරුමයක් දී ඇති. පියා දරුවන් වන ඔබට
සතුට නැමති උරුමය ලබා දුන්නා. දරුවන් කියනවා බාබා, අපි ඔබ හැරෙන්න වෙන කිසිම
කෙනෙක්ට ඇහුම්කන් නොදෙන්නෙමු. ප්‍රශංසාවක් ගායනා කෙරෙන්නේ ශිව බාබා වෙනුවෙන් බව ඔබ
දන්නවා. බ්‍රහ්මාගේ ජීවය පවා කියනවා මම පාරිශුද්ධව සිටියා. දැන් අපිරිසිඳු වෙලා.
බ්‍රහ්මාගේ දරුවන් පවා කියනවා බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන් වන අපි දේවතාවන් බවට
පත් වෙමු. දැන් උපත් 84 අවසානයේදී අපි අපිරිසිඳු වි සිටින්නෙමු. ඉහළම
පාරිශුද්ධත්වයක් තිබුණු කෙනා දැන් ඉහළම අපිරිසිඳුතාවක් ඇති කෙනා බවට පත්වී ඇත. පියා
කොයි ආකාරයේද දරුවන් ද එසේමයි. මෙසේ කියන්නේ මොහුයි. ශිව බාබාත් කියනවා වන්දනාවට
සුදුසු ලක්ෂ්මී නාරායනගේ වංශයේ පළවෙනිම කෙනා වන මොහුගේ උපත් ගණනාවක අවසානයේදී මම
පැමිණෙමි. දැන් මෙය සංගම යුගයයි. ඔබ කලි යුගයේ සිටි අතර දැන් සංගම යුගයට පැමිණ ඇත.
පරම පියා පැමිණෙන්නේ සංගම යුගයට පමණයි. නාටකයට අනුව දරුවන්ගේ වර්ධනයක් සිදු වී
තිබෙනවා. දරුවන් වන ඔබ දැන් දැනුම ලබා තිබෙනවා. අපි දේවතාවන්ව සිට පසුව ක්ෂත්‍රිය,
වෙළඳ හා ශුද්‍රයින් බවට පත්වුණා. ඔබ මුළු චක්‍රය ගැනම හොඳින් දන්නවා. මෙය ඉතාමත්
පහසුයි. අපි උපත් 84ක් ලබාගෙන සිටින්නෙමු. ඇතැම් අයගේ බුද්ධියේ මෙපමණ දෙයක්වත්
රැඳෙන්නේ නැහැ. ශිෂ්‍යයින් අතර එය අඩු වැඩි වෙනවා. පළමු පන්තිය, දෙවන පන්තිය, තෙවන
පන්තිය දක්වා එය විහිදෙනවා. ඇතැම් දරුවන් කියනවා මගේ බුද්ධිය තෙවැනි පන්තියේ එකක්.
තව කෙනෙකුට පහදා දීමේ හැකියාවක් මට නැහැ. අන් අයට පැහැදිලි කර කියා දීමේ අවශ්‍යතාවය
ඔවුන් තුළ තිබෙනවා. නමුත් ඔවුන්ට එය කරන්න බැහැ. ඉතින් බාබා මොනවා කරන්නද? මෙය
ඔවුන් විසින් කළ ක්‍රියාවක කර්ම ගිණුමකි. පරම පියා කියනවා මම ඔබට කර්ම, අකර්ම හා
විකර්ම වල කර්ම න්‍යාය සම්බන්ධයෙන් වූ දැනුම කියා දෙනවා. තමන් රඟ පෑ යුතුයි කියා
දරුවන් වන ඔබ දන්නවා. තෙවෙනි පන්තියේ බුද්ධියක් ඇති අයට මේ දේවල් තේරුම් ගන්න බැහැ.
මෙය රාවණ්ගේ අධිරාජ්‍යයයි. නමුත් කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. රාවණ්ගේ රාජ්‍යය
තුළදී මිනිස්සු කරන්නේ විකර්ම පමණක් වන අතර එමනිසා, සිදුවන්නේ පරිහාණියක්ම පමණයි.
ගුරූන් ලඟට යන්නේ දුක් ලෝකයේදී පමණයි. ඔවුන්ව මුක්තිය වෙත ගෙන යාමට ඔහුට හැකියැයි
කියා, ගැලවීම ලබා ගැනීම සඳහා ඔවුන් ගුරූන් ලඟට යනවා. එය නිර්වාණ දේශයයි, ශබ්දයෙන්
තොර වූ ස්ථානයයි. තමන් දැන් සිටින්නේ විශ්‍රාමික කාලයේ බව මිනිස්සු කියනවා.
විශ්‍රාමික වයසේ සිටිනා අයගේ කණ්ඩායමක් තිබෙනවා. ඔවුන් තමා සතු සෑම දේපළක්ම තම
දරුවන්ට බෙදා දී ගුරූ කෙනෙක් ලඟට යනවා. අනිවාර්යෙන්ම ඔවුන්ගේ දරුවන් ඔවුන්ට අවශ්‍ය
කෑම බීම හා අනෙකුත් අවශ්‍යතාවන් සෑම දෙයක්ම ලබා දෙනවා ඇත. කොහොමනමුත්, ’විශ්‍රාමය‘
යන්නෙහි අර්ථය කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. තමන් නිර්වාණ දේශය වෙත යා යුතුයි,
තමන්ගේ නිවස වෙත යා යුතුයි යන්න කිසිම කෙනෙක්ගේ සිහියට ඇතුල් වන්නේ නැහැ. එය
ඔවුන්ගේ නිවහන බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. ආලෝකය, ආලෝකය සමඟ මුසු වෙනවා කියා ඔවුන්
විශ්වාස කරනවා. නිර්වාණ දේශය නේවාසික ස්ථානයකි. ඒ දිනවල, මිනිස්සු අවු 60 දී
විශ්‍රාම යනවා. නීතිය එයයි. දැනුත් එසේම කරනවා. කිසිම කෙනෙක්ට ශබ්දය අභිබවා යා
නොහැකි බව ඔබට දැන් තේරුම් කර කියා දිය හැකියි. ඔවුන් මේ සඳහා පියාට ආරාධනා කරනවා
ඔහෝ, පාරිශුද්ධකරු වන පියාණනි, පැමිණෙන්න! අපව පාරිශුද්ධ කරවා නිවස වෙත ආපසු ගෙන
යන්න! ජීවාත්මයන්ගේ නිවස මුක්ති දේශයයි. ස්වර්ණමය යුගයේ සිටින්නේ කවුද, එහි ජනගහනය
වර්ධනය වන්නේ කෙසේද කියා දරුවන් වන ඔබට කියා දී තිබෙනවා. එම ජනගහනය ගැනවත් කිසිම
කෙනෙක් දන්නේ නැහැ. රාමාගේ රාජ්‍යයේ කොපමණ ජනගහනයක් සිටිනවාද? එහිදී දරුවන්
උපදින්නේ කෙසේද? ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මෙම නාටකයේ චක්‍රය ගැන කියා දිය
හැකි කිසිම පණ්ඩිතයෙක්වත්, ගුරුවරයෙක්වත් නැහැ. උපත් මිලියන 8.4ක චක්‍රයක් තිබිය
හැක්කේ කෙසේද? ඒවා වැරදි දේවලුයි! ඔවුන් සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කර දමලා!
පියා පැහැදිලි කර කියා දෙනවා සුකර්ම, විකර්ම හා අකර්ම ගැන පියා ඔබට කියා දී තිබෙන
බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගයේදී ඔබගේ ක්‍රියා අකර්මයි. එහිදී කිසිම වැරදි
ක්‍රියාවක් සිදුවන්නේ නැහැ. එමනිසා, ඒවා අකර්ම වෙනවා. මෙහිදී මිනිස්සු කරනා සෑම
ක්‍රියාවක්ම විකර්මයකි. දැන් ලෝකයේ සිටිනා තරුණ, මහළු ඔබ සෑම කෙනෙක්ටම ඇත්තේ
විශ්‍රාමික අවධිය බව දරුවන් වන ඔබ දන්නවා. ඔබ සෑම කෙනෙක්ම ශබ්දයෙන් එපිටට යාමටයි
සිටින්නේ. ඔබ සෑම කෙනෙක්ම කියනවා ඔහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! පැමිණ අපව
අපිරිසිඳුතාවයෙන් පාරිශුද්ධත්වයට පත් කරවන්න! කොහොමනමුත්, පාරිශුද්ධ නව ලෝකය බිහිවන
තෙක්, මෙම අපිරිසිඳු ලෝකය තුළ කිසිම පාරිශුද්ධ ජීවයක් සිටිය නොහැකියි. මෙම සම්පූර්ණ
අපිරිසිඳු ලෝකයම ඇත්තේ විනාශ වීමටයි. පසුව ඔබ නව ලෝකය වෙත යා යුතු බව ඔබ දන්නවා. ඔබ
එහි යන්නේ කෙසේද? මෙම සෑම දැනුමක්ම ඔබට තිබෙනවා. මෙය නව ලෝකය, අමරණීයත්වයේ දේශය හා
පාරිශුද්ධ ලෝකය වෙනුවෙන් ඇති නව දැනුමයි. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේයි.
බ්‍රහමිණ්වරුන් නොවන, අනෙකුත් සෑම මනුෂ්‍ය ජීවයක්ම සිටින්නේ කලි යුගයේ බවත් ඔබ
දන්නවා. අපි ස්වර්ණමය යුගය වෙත යමු. මෙය ඇත්තෙන්ම සංගම යුගයයි. එය දිව්‍ය ලෝකයයි.
එය සංගම යුගය කියා හඳුන්වන්න බැහැ. සංගම යුගය පවතින්නේ මෙම කාලයේදීයි. සියල්ලෙන්ම
කුඩාම වූ යුගය වන්නේ මෙම සංගම යුගයයි. මිනිසුන්ට පව්කාර ජීවයක සිට නිවැරදි ජීවයක්
(ධර්මාත්මා) බවට පත්වීමට ඇති එම යුගය අධි යුගයක් වශයෙන් හඳුන්වනවා. අන්න ඒ නිසා
තමයි මෙය නිවැරදිතාවයේ යුගය වශයෙන් හඳුන්වන්නේ. කලි යුගයේදී සෑම මනුෂ්‍ය ජීවයක්ම
අධර්මිෂ්ඨයි. එහිදි (ස්වර්ණමය යුගය) සෑම ජීවයක්ම ධර්මිෂ්ඨයි. භක්ති මාර්ගයේ ඉතාමත්
විශාල බලපෑමක් තිබෙනවා. මිනිසුන්ගේ හදවත සතුටට පත් වෙන තරමේ පිළිම ඔවුන් ගල් වලින්
නිර්මාණය කරනවා. ඒ ගල් වන්දනාවකි. ඔවුන් ශිවාව වන්දනා කිරීම සඳහා ඉතාමත් දුර බැහැර
ඇති ශිව දේවාල වලට පවා යනවා. කොහොමනමුත්, තම තමන්ගේම නිවෙස්වලම ඔවුන්ට ශිවාගේ
පිංතූරයක් තබා ගෙන වුණත් සිටිය හැකියි. ඇයි ඔවුන් එපමණ දුර ගමන් කරන්නේ? ඔබගේ
බුද්ධිය දැන් මෙම දැනුම ලබා තිබෙනවා. ඔබගේ ඇස් දැන් විවෘත වෙලා. ඔබගේ බුද්ධිය දැන්
විවෘත වෙලා. පියා ඔබට දැනුම ලබා දී ඇත. උත්තරීතර පියා වන උත්තරීතර ජීවය මෙම මානව
ලෝක ගසෙහි බීජයයි. ඔහු දැනුමේ සාගරය හා දැනුමෙන් පිරි කෙනා වේ. ජිවයන් ද එම දැනුම
ලබා ගන්නවා. ජනාධිපති කෙනෙක් බවට පත්වන්නේ එම ජීවයයි. ශරීර අවධානයට පත් වීම නිසා
මිනිස්සු දිගින් දිගටම ශරීර වන්දනා කරමින් සිටිනවා. සෑම දෙයක්ම කරන්නේ ජිවාත්මය බව
ඔබට දැන් තේරෙනවා. ජිවාත්ම වන ඔබ උපත් 84ක චක්‍රයක් වටා ගොස් දැන් සම්පූර්ණ
විනාශයක් වෙතට පැමිණ ඇත. ජිවාත්ම වන අපි දැන් පරමාත්ම පියාව හඳුනාගෙන සිටිමු. අපි
පියාගෙන් අපේ උරුමය දිනා ගනිමු. ජිවාත්මය අනිවාර්යෙන්ම ශරීරයක් ලබා ගත යුතුයි.
ශරීරයක් නැතිව ජිවාත්මයක් කතා කරන්නේ කෙසේද? අහන්නේ කෙසේද? පරම පියා කියනවා මම
අශාරීරිකයි. මමත් ශරීරයක ආධාරයක් ලබා ගන්නවා. ශිව බාබා බ්‍රහ්මාගේ මෙම ශරීරය මඟින්
කතා කරනා බව ඔබ දන්නවා. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන් වන ඔබට පමණයි මේ දේවල්
පැහැදිලි කර කියා දිය හැක්කේ. ඔබ දැන් දැනුම ලබා තිබෙනවා. ආදී සනාතන දෙවි දේවතා
ධර්මය බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය වුණා. පියා ඔබට රාජයෝගා උගන්වනවා. මේ සම්බන්ධයෙන්
කිසිම පටලැවිල්ලක් ඇති කර ගත යුතු වන්නේ නැහැ. ශිව බාබා අපට පැහැදිලි කර කියා
දෙනවා. පසුව අප අනිත් අයට පැහැදිලි කර දෙනවා. අපට සෑම දෙයක්ම කියන්නේ ශිව බාබායි.
තමන් දැන් අපිරිසිඳුතාවයේ සිට පාරිශුද්ධත්වයට පත්වන බව ඔබ කියනවා. පියා පැහැදිලි කර
දෙනවා මේ අපිරිසිඳු ලෝකයයි. එය රාවණ්ගේ රාජ්‍යයයි. රාවණ් ඔබව පාපකාරී ජීව බවට පත්
කරවා ඇත. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. මිනිස්සු රාවණ්ගේ පඹයෙක් සාදා
පිළිස්සුවා වුණත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. රාවණ් සීතාව පැහැර ගෙන අරක
කළා, මේක කළා ආදී වශයෙන් ඔවුන් නොයෙකුත් කතාන්දර සාදා තිබෙනවා. මෙම කතා වලට
ඇහුම්කන් දී ඔවුන් කඳුළු වගුරවනවා. ඒ සෑම දෙයක්ම මිත්‍යා කතාන්දරයි. විකර්ම ජයගත්
ජීවාත්ම සත්තාවන් බවට අපව පත් කරවීම සඳහා බාබා අපට කරුණු පැහැදිලි කර කියා දෙනවා.
ඔහු කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න! ඔබගේ සිහිය වෙන කිසිම දෙයක් වෙත
යොදවන්න එපා! ශිව බාබා ඔහුගේ හැඳින්වීම අපට ලබා දී තිබෙනවා. පාරිශුද්ධකරු වන පියා
පැමිණ ඔහුගේ හැඳින්වීම අපට ලබා දෙනවා. බාබා ඉතාමත් මිහිරි කෙනෙක් බවත්, ඔහු අපව
දිව්‍යලෝකයේ පාලකයින් බවට පත් කරවනා බවත් ඔබ දැන් තේරුම් ගෙන තිබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සුකර්ම,
විකර්ම සහ අකර්ම වල න්‍යාය තේරුම් ගෙන උසස් ක්‍රියාම පමණක් කරන්න. දැනුම දානය කර
ධර්මිෂ්ඨ ජීවයක් (ධර්මාත්මා) බවට පත් වන්න.
2. දැන් මේ ඇත්තේ
විශ්‍රාමික අවධියයි. මෙම අවසන් මොහොතවල් හිදී පාරිශුද්ධත්වයට පත් වී පාරිශුද්ධ ලෝකය
වෙතට යන්න. පාරිශුද්ධත්වයට පත් වීමේ පණිවිඩය සැමටම ලබා දෙන්න.
වරදානය:
ඔබ තෘප්ති
මාණික්‍යයක් ලෙස ගෞරවාන්විතව සමත් වීමෙන් ඔබට සෑම කෙනෙකුගෙන්ම තෘප්තියේ ගමන්
බලපත්‍රය හිමි වේවා.
තම උත්සාහයන්, සේවය
සහ බ්‍රහ්මින් පවුල සමඟ ඇති සම්බන්ධතා වලින් නිරන්තරයෙන් තමන් ගැනම තෘප්තිමත් වන
දරුවන් තෘප්ති මාණික්‍යයන් ලෙස හැඳින්වේ. සියලු ජීවාත්ම සමඟ සම්බන්ධව තමන් සහ අන්
අයව තෘප්තිමත්ව තබා ගැනීමෙන් ජයග්‍රාහී වන අය ජයග්‍රහණයේ ජපමාලයේ කොටසක් බවට පත්
වෙති. ගෞරව සහිතව සමත් වීමට නම්, ඔබට සෑම කෙනෙකුගේම තෘප්තියේ ගමන් බලපත්‍රයක් තිබිය
යුතුය. මෙම ගමන් බලපත්‍රය හිමිකර ගැනීම සඳහා සරළව, දරා ගැනීමේ සහ ඉඩ දෙමින්
හැඩගැසීමේ බල උකහා ගන්න.
පාඨය:
දයානුකම්පිත
වී අධෛර්යයට සහ තෙහෙට්ටුවට පත් ජීවාත්මයන්ට ආධාරක වීමෙන් සේවය කරන්න.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.
බලවත් ස්මරණයක්
තිබීමට නම්, අවංක හදවතකින් ඔබගේ සෙනහස තිබිය යුතුයි. අවංක හදවත් ඇති අයට තත්පරයකින්
ලක්ෂ්‍යයක් බවට පත්විය හැකි අතර බාබා, ලක්ෂ්‍යය සිහිපත් කළ හැකිය. තම අවංක හදවත්
වලින් දෙවියන්ව සතුටු කිරීම නිසා, එවැනි ජීවාත්ම පරමාත්ම පියාගෙන් විශේෂ ආශිර්වාද
ලබන අතර එමඟින් ඔවුන්ට පහසුවෙන් ඒකායන තැනැත්තා ගැන සිතීමේදී ස්ථාවර විය හැකිය.
ඔවුන් ගින්නක ස්වරූපයෙන් ස්මරණය අත්විඳින අතර සෑම තැනකම බලවත් කම්පන පතුරුවනු ඇත.
ඔවුන්ගේ අවංකභාවයේ බලය නිසා, ඔවුන්ගේ බුද්ධිය නිවැරදි වේලාවට ප්‍රඥාවන්තව හා දක්ෂ
ලෙස ක්‍රියා කරනු ඇත. වැරදි කිසිවක් සිදු නොවනු ඇත.