23.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ පියා වෙතට පැමිණෙන්නේ නැවුම් වීම සඳහාය. ඔබට පියාව හමුවන විට, භක්ති
මාර්ගයේ සිට තිබුණු සියලු වෙහෙස නිවී යයි.
ප්රශ්නය:
ඔය දරුවන්ව
නැවුම් කිරීම සඳහා බාබා භාවිත කරන්නේ කුමන ක්‍රමවේදයන්ද?
පිළිතුර:
1. ඔබට අඛණ්ඩව මෙම දැනුම ලබා දීමෙන් බාබා ඔබව නැවුම් කරයි. 2. බාබාගේ සිහි කිරීමේ
සිටීමෙන්ද ඔබ නැවුම් වෙයි. සත් යුගය ඇත්ත වශයෙන්ම විවේකය ඇති සත්‍ය දේශයයි. එහිදි
ඔබට ඒ සඳහා උත්සාහ දැරීමට සිදුවන, කිසිම දෙයක අඩුවක් නැහැ. 3. ඔබ ශිව බාබාගේ ඇකයට
පැමිණි වහාම, ඔය දරුවන්ට විවේකය ලැබෙන අතර ඔබගේ සියලු වෙහෙස නිවී යයි.
ඕම් ශාන්ති.
පියාණන් මෙහි
අසුන්ගෙන විස්තර කරයි, එමෙන්ම පියා අසුන්ගෙන විස්තර කරන්නේ මෙම දාදාගේ මාර්ගයෙන්
නිසා, මෙම දාදාද ඒ වෙලාවේම ඔහුට සවන් දෙයි. ඔබ වගේම මෙම දාදාද වටහාගනී. දෙවියන් ලෙස
හැඳින්වෙන්නේ දාදා නොවෙයි. මේවා දෙවියන්ගේ වදන්ය. පියාණන් පවසන්නේ කුමක්ද? ඔබ
ජීවාත්ම අවධානයට පත්වේවා. මෙයට හේතුව, ඔබ තමන් ජීවාත්මයක් බව සලකන තුරු, ඔබට පරම
පියා, පරමාත්ම ජීවය සිහි කළ නොහැක. වර්තමානයේ සියලුම ජීවාත්ම අපවිත්‍රයි. අපවිත්‍ර
අය මනුෂ්‍යයන් ලෙස හැඳින්වෙන අතර පිවිතුරු අය දේවතාවන් ලෙස හැඳින්වෙයි. මේවා
වටහාගෙන වෙනත් අයට විස්තර කළ හැකි, ඉතා පහසු දේවල්ය. මෙසේ කන්නලව් කරන්නේ
මනුෂ්‍යයන්ය අහෝ, අපවිත්‍ර අය පිවිතුරු කරන පාරිශුද්ධකරුවාණෙනි, එන්න! දේවතාවන්
කිසිදු විටෙක මේ ආකාරයෙන් කන්නලව් කරන්නේ නැහැ. පාරිශුද්ධකරු පියාණන් පැමිණෙන්නේ
අපවිත්‍ර අයගේ කන්නලව්වටයි. ඔහු ජීවාත්ම පිවිතුරු කර, පිවිතුරු, නව ලෝකය ස්ථාපනයද
කරයි. පියාට කන්නලව් කරන්නේ ජීවාත්මයි කන්නලව් කරන්නේ ශරීර නොවෙයි. සෑම කෙනෙක්ම
පාරලෞකික පියාව, සදා පිවිතුරු ඒකායන කෙනාව සිහි කරයි. මෙම ලෝකය පැරණියි. පියා ලෝකය
අළුත් සහ පිවිතුරු කරවයි. සමහර මිනිසුන් කියන්නේ ඔවුන්ට මෙහි (පැරණි ලෝකයේ) අසීමිත
සතුට ඇති බවයි. ඔවුන්ට මෙහි බොහෝ ධනය සහ දේපළ තිබෙන නිසා ඔවුන් සිතන්නේ මෙය ඔවුන්ට
දිව්‍යලෝකය බවයි. ඔබ පවසන දේවල් ඔවුන් පිළිගන්නේ කෙසේද? මෙම කලි-යුග ලෝකය,
දිව්‍යලෝකය ලෙස සැලකීම අනුවණකමකි. මෙම ලෝකය සම්පූර්ණ දිරාපත් වුණු තත්ත්වයකට පත් වී
තිබේ. කෙසේවෙතත්, ඔවුන් ඒත් පවසන්නේ ඔවුන් දිව්‍යලෝකයේ අසුන්ගෙන සිටින බවයි. ඔය
දරුවන්ට මෙය විස්තර කළ නොහැකි නම්, ඔබගේ බුද්ධි සෑදි තිබෙන්නේ ගල් වලින්ද කියා,
පියා නිසැකවම විමසනු ඇත. ඔබට මෙය අන් අයට විස්තර කළ නොහැකිද? ඔබ දිව්‍යමය බුද්ධි
ඇති අය වූ විට පමණයි, ඔබට අන් අයව ඔබ හා සමාන බවට පත් කිරීමට හැකි වන්නේ. ඔබ ඉතා
හොඳින් උත්සාහ දැරිය යුතුයි. මේ ගැන ලැජ්ජා වීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. කෙසේවෙතත්,
කල්ප භාගයක්ම ඔවුන්ගේ බුද්ධිය පුරවා ඇති වැරදි අදහස්, විගසින් අමතක කිරීමට
මිනිසුන්ට නොහැක. ඔබට පියාගේ නිවැරදි හැඳින්වීම තිබෙන තුරු ඔබට එම බලය නොතිබෙයි.
පියා පවසන්නේ එම වේද සහ ග්රන්ථ පාඩම් කිරීමෙන් මිනිසුන්ට පරිවර්ථනය වීමට නොහැකි වී
ඇත. ඔවුන් දිනෙන් දින තවත් නරක් විය. ඔවුන් සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වී ඇත.
අප සතෝප්‍රධාන් දේවතාවන්ව සිට ඉන්පසුව පහළට පැමිණියේ කෙසේද යන්න ගැන, කිසිවෙකුගේ
බුද්ධියේ නොමැත. කිසිවෙක් කිසිම දෙයක් නොදනී. උපත් 84ක් වෙනුවට ඔවුන් උපත් මිලියන
8.4ක් ගැන පවසයි. එබැවින් ඔවුන් කිසිවක් ගැන දැන ගන්නේ කෙසේද? ඔබට ඥානයේ ආලෝකය ලබා
දිය හැක්කේ, වෙනත් කිසිවෙකුට නොව පියාට පමණයි. සෑම කෙනෙක්ම එකිනෙකා පසුපස නොකඩවා
දොරින් දොරට වැටි වැටි ගමන් කරයි. ඔවුන් අඛණ්ඩව පහළට පැමිණ දැන් පතුලට ළඟා වී තිබේ.
ඔවුන් තම සියලු ශක්තිය භාවිත කර අවසන් කර ඇත. පියාව නිවැරදිව හඳුනාගැනීමට ඔවුන්ගේ
බුද්ධියේ ශක්තියක් නොමැත. පියා පැමිණ සියලු දෙනාගේ බුද්ධියේ අගුල විවර කරයි. එවිට
ඔවුන් බොහෝ සේ නැවුම් වෙයි. ඔය දරුවන් පියා වෙතට පැමිණෙන්නේ නැවුම් වීම සඳහාය. ඔබගේ
නිවහනේ ඔබට විවේකය ලැබෙයි. ඔබට පියාව මුණගැසෙන විට, භක්ති මාර්ගයේ සිට තිබුණු ඔබගේ
සියලුම වෙහෙස නිවී යයි. සත් යුගය විවේකයේ දේශය ලෙසද හැඳින්වෙයි. ඔබට එහිදි බොහෝ
විවේකය ලැබෙයි! එහිදි ඔබට උත්සාහ දැරීමට සිදුවන කිසිම දෙයක අඩුවක් ඔබට නැත. මෙහි,
පියා මෙන්ම මෙම දාදාද ඔබව නැවුම් කරයි. ඔබ ශිව බාබාගේ ඇකයට පැමිණි සැනින් ඔබට බොහෝ
විවේකය ලැබෙයි. විවේකය යනු නිහැඬියාවයි. මිනිසුන් වෙහෙසට පත් වූ විට විවේක ගැනීමට
යයි. විවේක ගැනීම සඳහා සමහරු එක් තැනකටත් සමහරු තව තැනකටත් යයි. කෙසේවෙතත්, එම
විවේකයේ නැවුම් වීමක් වන්නේ නැත. මෙහි, පියා දැනුම තුළින් ඔබව බොහෝ සේ නැවුම්
කරවයි. පියාව සිහි කිරීමෙන්ද ඔබ නැවුම් වෙයි. තමෝප්රධාන්ව සිට ඔබ නොකඩවා
සතෝප්‍රධාන් වෙයි. ඔබ මෙහි, පියා වෙතට එන්නේ, සතෝප්‍රධාන් වීමටයි. පියා පවසන්නේ
මිහිරිතම දරුවනේ! පියාව සිහි කරන්න. ලෝක චක්‍රය භ්‍රමණය වන්නේ කෙසේද සහ සියලුම
ජීවාත්මයන්ට විවේකය ලැබෙන්නේ කොහේද කියා, පියා විස්තර කර දී ඇත. පියාගේ පණිවිඩය
සියලු දෙනාටම ලබාදීම ඔය දරුවන්ගේ වගකීමයි. පියා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබ මෙම
උරුමයේ පාලකයන් වෙයි. සංගම යුගයේ, පියා දිව්‍යලෝකයේ නව ලෝකය නිර්මාණය කරයි. ඔබ ගොස්
එහි පාලකයන් වෙයි. පසුව තඹ යුගයෙදී, මායා, රාවන ඔබට සාප කර, ඔබගේ සියලුම
පාරිශුද්ධත්වය, සාමය, සතුට, ධනය ආදිය නැති වෙයි. ඔබ ඒවා ක්‍රම-ක්‍රමයෙන් නැති
කරගන්නේ කෙසේද කියා, පියා පහදා දී තිබේ. දුක් දේශයේ කිසිදු විවේකයක් තිබිය නොහැකි
වන අතර සතුටු ලෝකයේ තිබෙන්නේ විවේකයම පමණයි. භක්තියේ යෙදීමෙන් මිනිසුන් බොහෝ වෙහෙසට
පත් වෙයි. උපතින් උපතට භක්තියේ යෙදීමෙන් ඔවුන් වෙහෙසට පත් වී තිබේ. ඔබ
සම්පූර්ණයෙන්ම දුප්පත් වූයේ කෙසේද යන රහස, පියා මෙහි අසුන්ගෙන විස්තර කරයි. අළුත්
අය මෙහි එන විට, ඔබ ඔවුන්ට බොහෝ විස්තර කළ යුතුයි. ඔවුන් සෑම දෙයක් ගැනම බොහෝ
සිතයි. ඔවුන්ට හූනියමක් කරයි කියා ඔවුන් බිය වෙයි. කෙසේවෙතත්, දෙවියන් විජ්ජාකරු බව
පවසන අය ඔබලාය. එබැවින් පියා පවසන්නේ ඔව්, මා සැබවින්ම විජ්ජාකරුයි, නමුත් මා
මනුෂ්‍යයන්ව බැටළුවන් හෝ එළුවන් බවට පරිවර්ථනය කිරීමට විජ්ජා සිදු කරන්නේ නැහැ.
එළුවන් මෙන් සිටින්නේ කවුරුන්ද කියා, ඔබගේ බුද්ධියට වටහාගත හැක. මෙසේ පවසන ගීතයක්
තිබේ දෙව්ලොව දිව්‍යමය නාද ගැන, එළුවෙක් දන්නේ මොනවාද? වර්තමානයේ මිනිසුන්,
බැටළුවන් සහ එළුවන් වැනිය. ඒ සියලුම කතාපුවත් වලින් හැඳින්වෙන්නේ මේ ස්ථානය ගැනයි ඒ
ගීත වලින් හැඳින්වෙන්නේ මේ කාලය ගැනයි. කල්පය අවසානයේ වුවත් මිනිසුන්ට වටහාගත
නොහැක. ඔවුන් චන්දිකා (ආදාහන සිදුකරන දේවතාවිය) වෙනුවෙන් ඉතා විශාල මේලාවක්
පවත්වයි. ඇය කවුරුන්ද? ඔවුන් පවසන්නේ ඇය දේවතාවියක් බවයි. සත් යුගයේ ඔවුන්ට එවන්
නම් නැත. සත් යුගයේ ඔවුන්ට තිබෙන්නේ ලස්සණ නම්ය. සත් යුගී සමාජයේ අය ශ්‍රේෂ්ඨ ලෙස
හැඳින්වෙන අතර කලි-යුගී සමාජයේ අයට අපිරිසිදු නම්බු නාම ලබා දී තිබේ. වර්තමාන
මිනිසුන් ශ්‍රේෂ්ඨ බව, කිසිවෙක් නොකියයි. ශ්‍රේෂ්ඨ ලෙස හඳුන්වන්නේ දේවතාවන්වයි.
දෙවියන්ට මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට වැඩි කලක් ගත වුයේ නැති බවට,
කියමනක් තිබේ. දේවතාවන් මනුෂ්‍යයන් බවට පරිවර්ථනය වන්නේ කෙසේද සහ මනුෂ්‍යයන්
දේවතාවන් බවට පරිවර්ථනය වන්නේ කෙසේද යන රහස, පියා ඔබට විස්තර කර දී තිබේ. එය දේවතා
ලෝකය වන අතර මෙය මනුෂ්‍ය ලෝකයයි. දහවල, ආලෝකය වන අතර රාත්‍රිය, අන්ධකාරයයි. දැනුම,
ආලෝකය වන අතර භක්තිය, අන්ධකාරයයි. එය අවිද්‍යාවේ නින්ද ලෙස හැඳින්වෙයි. ඔබ පෙර මේ
ගැන කිසිම දෙයක් දැන නොසිටි බව, ඔබට වැටහෙයි. ඔබ කියුවේ ’නැති, නැති‘ කියාය, එහි
අරුත වන්නේ ඔබ නොදැන සිටි බවය. ඔබ පෙර අදේවවාදීන් වූ බව, ඔබට දැන් වැටහෙනවා ඔබ
අසීමිත පියාව දැන සිටියේ නැහැ. ඔහු ඔබගේ සත්‍ය සදාතනික බාබාය. ඔහු සියලුම
ජීවාත්මයන්ගේ පියා ලෙස හැඳින්වෙනවා. ඔබ දැන් ඒ අසීමිත පියාට අයත් බව, ඔය දරුවන්
දන්නවා. පියා ඔය දරුවන්ට අදෘෂ්‍යමාන දැනුම ලබා දෙනවා. ඔබට මනුෂ්‍යයන්ගෙන් මෙම දැනුම
ලබා ගත නොහැක. ඔය ජීවාත්ම අදෘෂ්‍යමාන වන අතර ඔය ජීවාත්ම ධාරණය කරගන්නා දැනුමද
අදෘෂ්‍යමානයි. ඔය ජීවාත්ම, මෙම දැනුම පවසන්නේ ඔබගේ මුවින්ය. ඔය ජීවාත්ම, අදෘෂ්‍යමාන
පියාගේ අදෘෂ්‍යමාන සිහිපත් කිරීමේ සිටියි. පියා පවසන්නේ දරුවනේ, ශරීර අවධානයට පත්
නොවන්න. ඔය ජීවාත්ම, ශරීර අවධානයට පත් වන විට, ඔබගේ බලය නැති වෙයි. ජීව අවධානයට පත්
වීමෙන් ඔය ජීවාත්ම, තමන් තුළ බලය රැස්කර ගනී. පියා පවසන්නේ ඔබ නොකඩවා ගමන් කළ
යුත්තේ, නාටකයේ රහස් ගැන ඉතා පැහැදිලිව වටහා ගනිමින්ය. අවිනාශී නාටකයේ රහස් ගැන
පැහැදිලිව වටහාගන්නා අය, සෑම විටම ප්‍රබෝදමත්ව සිටියි. මෙකල, මිනිසුන් ඉහළට යාමට
බොහෝ සේ උත්සාහ දරන්නේ ඉහළ ලෝකයක් ඇති බව ඔවුන් සිතන නිසාය. ඔවුන් ග්රන්ථ වල අසා
තිබෙන්නේ එහි ඉහළ ලෝකයක් ඇති බවයි, එබැවින් ඔවුන්ට එහි ගොස් එය දැක ගැනීමට
අවශ්‍යයි. මේ ලෝකයේ ජනගහණය බොහෝ වර්ධනය වී ඇති නිසා, ඔවුන් එහි උඩ ලෝකයක් ස්ථාපිත
කිරීමට උත්සාහ දරයි. භාරතයේ තිබුණේ එක් ආදි සනාතන දෙවි දේවතා ධර්මය පමණයි වෙනත් දේශ
ආදිය තිබුණේ නැත. පසුව ජනගහණය බොහෝ වැඩි විය! ඒ ගැන ටිකක් සිතන්න දේවතාවන් වාසය
කරන්නට ඇත්තේ භාරතයේ ඉතා කුඩා භූමි ප්‍රමාණයක් තුලයි! පරිස්ථානය පැවතියේ, ලක්ෂ්මි
සහ නාරායන් පාලනය කළ, යමුනා ගං තෙරේය. ලෝකය එවිට ඉතා අලංකාර සහ සතෝප්‍රධාන් විය
ස්වභාවික සුන්දරත්වය තිබුණි. මුළු දීප්තියම තිබෙන්නේ ජීවාත්මය තුළයි. ශ්‍රී
ක්‍රිෂ්ණා උපත ලබන්නේ කෙසේද යන්න ගැන, ඔබගෙන් සමහර දරුවන්ට දර්ශන ලැබී ඇත. මුළු
කාමරය පුරාම ආලෝකය තිබෙන්නා සේය. පියා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට පහදා දෙනවා. ඔබ
දැන් පරිස්ථානයට යාමට උත්සාහ දරනවා. ඔබ එම විලේ ගිලීමෙන් සුරංගනාවන් වන්නේ නැහැ.
විල් වලට එම අසත්‍ය නම් දී තිබේ. වසර සිය දහස් ගණනක් ගැන පැවසීමෙන්, ඔවුන්ට සියල්ල
සම්පූර්ණයෙන් අමතක වී තිබේ. ඔබ දරණ උත්සාහයන්ට අනුව, අංක පිළිවෙලට, ඔබට දැන් සෑම
දෙයක්ම සිහි වෙයි. තම සිරුරු තුළින්, මෙතරම් කුඩා ජීවාත්ම, මෙතරම් විශාල චරිත
කොටසක් රඟපාන අන්දම ගැන ඔබ සිතා බැලිය යුතුයි. ජීවාත්මය එය අතහැර ගිය පසුව,
කෙනෙකුගේ සිරුරේ තත්ත්වය දෙස බලන්න. චරිත කොටස් රඟපාන්නේ ජීවාත්මයි. මෙය ගැඹුරින්
සිතිය යුතු කාරණාවකි. මුළු ලෝකයේ සිටින සියලුම නළුවන්, තම තමන්ගේ චරිත කොටස් රඟ පෑ
යුතුයි. තමන්ගේ චරිත කොටසේ සුළු වෙනසක්වත් විය නොහැක. සියලුම රංගනයන්, ඒ ආකාරයෙන්ම,
කිසිදු වෙනසක් නොමැතිව නැවත නැවතත් සිදුවනවා. මේ ගැන සැකයක් ඇති විය නොහැක. මනස සහ
බුද්ධිය, ජීවාත්මය තුළ එකට තිබෙන නිසා, සියලු දෙනාගේ බුද්ධි අතර වෙනස්කම් තිබිය
හැක. ඔවුන්ට ශිෂ්‍යත්වයක් ලැබීමට යන බව දරුවන් දැන ගන්නා විට, ඔවුන්ගේ හදවතේ සතුට
ඇති වෙයි. මෙහිදීද, ඔබ ඇතුලට පැමිණ, ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ දුටු විගසින්
ඔබ අනිවාර්යෙන් සතුටු වෙයි. ඔබ දැන් මෙහිදි ඉගෙන ගන්නේ ඔවුන් (ලක්ෂ්මි සහ නාරායන්)
මෙන් වන්නට කියා ඔබ දැන් දන්නවා. මතු උපත වෙනුවෙන් ඔබගේ අරමුණ සහ ඉලක්කය දැකගත හැකි
වෙනත් පාසැලක් නැත. ඔබ ලක්ෂ්මි සහ නාරායන් මෙන් වන්නේ කෙසේද කියා ඔබට දැකගත හැක.
අප දැන් සංගම යුගයේ සිටින අතර මෙම අධ්‍යයනය හදාරන්නේ, අනාගතයේ ලක්ෂ්මි සහ නාරායන්
මෙන් වීමටයි. මෙය බොහෝ අදෘෂ්‍යමාන ඉගෙනුමකි! ඔබගේ අරමුණ සහ ඉලක්කය දකින විට බොහෝ
සතුට ඇති විය යුතුයි. ඔබගේ සතුටට සීමාවක් නොතිබිය යුතුයි. මෙහෙමයි, පාසැලක් තිබිය
යුත්තේ. මෙම පාසැල අදෘෂ්‍යමානයි, නමුත් බොහෝ බලසම්පන්නයි. සාමාන්‍යයෙන් ඉගෙනුමක්
කෙතරම් වැදගත් වන්නේද, එයට අනුව එපමණකින් පහසුකම් තිබෙයි. කෙසේවෙතත් මෙහිදි ඔබ
ඉගෙනගන්නේ බිම ඉඳගෙනයි. ඉගෙන ගත යුත්තේ ඔය ජීවාත්මයි, එබැවින් ඔබ බිම අසුන්ගත්තත්,
ගදියක අසුන්ගත්තත්, ඒ වෙනුවෙන් ඉගෙන ගෙන විභාග සමත් වීමෙන් පසුව, ඔවුන් මෙන් වීම
ගැන ඔබ බොහෝ සතුටින් පිම්මක් පැනිය යුතුයි. පියා දැන් පැමිණ ඔය දරුවන්ට ඔහුගේ
හැඳින්වීම ලබා දී ඔහු මෙම කෙනා තුළට ඇතූළු වී ඔබට උගන්වන්නේ කෙසේද කියා ඔබට පවසා
තිබේ. පියාණන්, දේවතාවන්ට උගන්වන්නේ නැහැ. දේවතාවන්ට මෙම දැනුම තිබෙන්නේ කෙසේද?
මිනිසුන් අවුලට පත් වී මෙසේ විමසයි දේවතාවන්ට මෙම දැනුම නැද්ද? ඔවුන් දේවතාවන්
වූයේ, මෙම දැනුම හැදෑරීමෙන්ය. දේවතාවන් වූ පසුව, ඔවුන්ට මෙම දැනුමට ඇති අවශ්‍යතාවය
කුමක්ද? ඔබ නීතිඥයෙක් වී ආදායමක් උපයාගනිමින් සිටින අතර, ඔබ නොකඩවා නීතිඥයෙක් වීමට
ඉගෙන ගනීද? අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අවිනාශී
නාටකයේ රහස් නිවැරදිව වටහාගැනීමෙන්, ප්‍රබෝදමත්ව සිටින්න. මේ නාටකයේ සෑම නළුවෙක්ම
තමන්ගේම චරිත කොටස රඟපෑ යුතු අතර, ඔහු සෑම කල්පයකදීම එය කිසිදු වෙනසකින් තොරව ඒ
ආකාරයෙන්ම රඟදක්වයි.
2. ඔබගේ අරමුණ සහ
ඉලක්කය ඔබ ඉදිරියේ තබාගෙන, ඔබ ඔවුන් මෙන් වීම ගැන, බොහෝ සතුටට පත් විය යුතුයි. ඔබ
ලක්ෂ්මි සහ නාරායන මෙන් වන්නේ, මෙම ඉගෙනුම තුළින් බව, ඔබගේ බුද්ධියේ තබාගන්න.
වරදානය:
සිහිකිරීමේ සහ
සේවයේ බලවත් ආධාරය ගෙන ඔබ සීඝ්‍ර වේගයකින් ගමන් කර මායා ජය ගත්තෙකු වේවා.
බ්‍රහ්මින් ජීවිතයේ
පදනම වන්නේ සිහි කිරීම සහ සේවයයි. මෙම ආධාරක දෙකම බලවත් වූ විට, ඔබ දිගටම සීඝ්‍ර
වේගයකින් ඉදිරියට ගමන් කරනු ඇත. සේවය ඕනෑවටත් වඩා වැඩි වී සිහිකිරීම දුර්වල වූයේ
නම් හෝ සිහිකිරීම හොඳින් සිදු වී සේවය දුර්වල වූයේ නම් ඔබට සීඝ්‍ර වේගයකින් ගමන් කළ
නොහැක. සිහිකිරීම සහ සේවය යන දෙකෙහිම සීඝ්‍ර වේගයක් තිබිය යුතුය. සිහිකිරීම සහ
පරාර්ථකාමී සේවය එකවර සිදු වේවා, එවිට මායා ජය ගත්තෙකු වීම පහසු වනවා ඇත. සියලු
ක්රියාවන්හිදී එම ක්‍රියාව නිමා කිරීමටත් පෙර ජයග්‍රහණය දිස්වනවා ඇත.
පාඨය:
මේ ලෝකය
ආධ්‍යාත්මික ක්‍රීඩාවක් ලෙසත් අහිතකර අවස්ථාවන් ආධ්‍යාත්මික සෙල්ලම් බඩු ලෙසත්
සලකමින් දිගටම ගමන් කරන්න.