24.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඒකායන පියාගේ උපදෙස් අඛණ්ඩව පිළිපදින්න, එවිට පියා ඔබට වග කියනු ඇත. පියාගේ
උපදෙස වන්නේ ඇවිදින අතර සහ එහෙ මෙහෙ සැරිසරන විට, මා සිහිපත් කරන්න.
ප්‍රශ්නය:
යහපත් සහ
ගුණධර්ම ඇති දරුවන්ගේ ප්‍රධාන ලක‍්ෂණ මොනවාද?
පිළිතුර:
ඔවුන් කටු, මල් බවට වෙනස් කිරීමේ ඉතා හොඳ සේවයේ යෙදෙයි. කටු කරන්නාක් මෙන්, ඔවුන්
කිසිවෙකුට අනින්නේ නැත. ඔවුන් කිසි විටෙක එකිනෙකා සමග දබර කරගන්නේ නැත. ඔවුන්
කිසිවෙකුට දුක දෙන්නේ නැත. දුක දීම යනු, ඔවුන්ට කටු මෙන් ඇනීමයි.
ගීතය:
කාලය ගෙවී
යයි.
ඕම් ශාන්ති.
ඔය සුමිහිරි,
බොහෝ කාලයක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට, ඔබ දරණ උත්සාහයට අනුව, අංක පිළිවෙලට,
මෙම ගීතයේ අරුත වැටහෙයි. ’අංක පිළිවෙලට‘ යැයි කියන්නේ, ඇතමෙකුට, පළමු පෙළේ
වැටහීමක්ද, ඇතමෙකුට දෙවෙනි පෙළේද, තවත් සමහරෙකුට තුන්වැනි පෙළේ වැටහීමක්ද තිබෙන
නිසයි. එක් එක් කෙනා, තමන්ටම ආවේනික අන්දමින් වටහා ගනී. ඔබ එක් එක් කෙනාගේ
බුද්ධියේ, තමන්ගේම කියනා විශ්වාසයක් තිබේ. පියා දිගින් දිගටම විස්තර කරයි. මෙම
කෙනාගේ මාර්ගයෙන් උපදෙස් ලබා දෙන්නේ ශිව බාබා බව සෑම විටෙකම සලකන්න. ඔබ චක්‍රයෙන්
භාගයක්ම රාක‍්ෂක උපදෙස් පිළිපදිමින් සිටියේය. දැන් පරමාත්ම දෙවියන්ගේ උපදෙස්
පිළිපැදීමෙන් ඔබගේ ඔරුවට එගොඩ විය හැක, යන විශ්වාසය තබා ගන්න. මෙම උපදෙස් දෙවියන්ගේ
නොව, මනුෂ්‍යයෙකුගේ බව ඔබ සලකන්නේ නම්, ඔබ ව්‍යාකූලත්වයට පත්වෙයි. පියා පවසන්නේ :
මගේ උපදෙස් පිළිපදින්න, එවිට මම ඔබට වග කියනවා. මෙම කෙනාගේ මාර්ගයෙන් සිදු කරන සෑම
ක්‍රියාවකටම මම වගකියනවා. මම එය නිවැරදි කරන්නෙමි. මගේ උපදෙස් අඛණ්ඩව පිළිපදින්න,
එපමණයි. මගේ උපදෙස් පිළිපදින අය වන්නේ, තම සිහිකිරීම නිවැරදිව සිදුකරන අයයි. මේවා
පරමාත්ම දෙවියන්ගේ උපදෙස් බව, ඔබ සෑම පියවරකදීම වටහාගෙන, ඒවා පිළිපදින්නේ නම්, ඔබට
කිසිම විටෙක පාඩුවක් අත්විඳීමට සිදු නොවෙයි. විශ්වාසය ඇති විට ජය ලැබෙයි. මෙම දේවල්
නොවැටහෙන බොහෝ දරුවන් සිටිති. දැනුම ටිකක් තිබීමෙන්, ඔවුන් ශරීර අවධානයට පත් වන අතර
ඉතාමත්ම අඩුවෙන් යෝගාවේ සිටියි. දැනුම යනු ඉතිහාසය සහ භූගෝලය දැනගැනීමයි. මෙය
ඉතාමත්ම පහසුයි. මෙහි මිනිසුන් බොහෝ සේ විද්‍යාව හදාරති. මෙම ඉගෙනුම ඉතාමත්ම
පහසුයි; උත්සාහය අවශ්‍ය වන්නේ යෝගාව සඳහාය. ඔහු යෝගාවේ බොහෝ සේ කුල්මත්ව සිටින බව
කෙනෙක් බාබාට කියන්නේ නම්, බාබා ඔහුව විශ්වාස කරන්නේ නැත. බාබා සෑම කෙනෙකුගේම
ක්‍රියාවන් දකිනවා. වඩාත්ම ආදරණීය අය, පියාව සිහිපත් කරන අයයි. කෙසේවෙතත්, ඔබ
සිහිපත් කිරීමේ නොසිටින විටයි, ඔබ වැරදි ක්‍රියා සිදු කරන්නේ; රැයත් දහවලත් අතර
වෙනසක් තිබේ. ඔබට දැන් ඉනිමගේ පිංතූරය ඉතා හොඳින් විස්තර කළ හැක. වර්තමානයේ මෙය කටු
කැලයකි; එය උයනක් නොවෙයි. භාරතය මල් උයනක්ව පැවති බව, ඔබ ඉතා හොඳින් විස්තර කළ
යුතුයි. කැලෑ සතුන් උයනක ජීවත් වනවාද? එහි ජීවත් වන්නේ දේවතාවන් පමණයි. උසස්ම
බලධාරියා පියා වන අතර ඉන්පසුව, මනුෂ්‍ය වර්ගයාගේ පියා වන බ්‍රහ්මාද උසස්ම
බලධාරියාය. මෙම දාදා ද උසස්ම බලධාරියාය. ශිවා සිටින අතර මනුෂ්‍ය වර්ගයාගේ පියා වන
බ්‍රහ්මාද සිටියි. ජීවාත්ම වන ඔබලා, ශිව බාබාගේ දරුවන් වන අතර, ඔබගේ ශාරීරික
ස්වරූපයෙන් ඔබ සහෝදර සහෝදරියන්ය, මනුෂ්‍ය වර්ගයේ පියා වන බ්‍රහ්මාගේ දරුවන්ය. ඔහු
සියලුම දෙනාගේ මී මුත්තාය. එවන් උසස්ම බලධාරියෙකුට ගොඩනැඟිල්ලක් අවශ්‍යයි. මෙය
ලියා, කාගේ හෝ බුද්ධියේ පතිත වනවාද කියා බලන්න. ශිව බාබා මෙන්ම මනුෂ්‍ය වර්ගයේ පියා
වන බ්‍රහ්මාද සිටියි; සියලුම ජීවාත්මයන්ගේ පියා සහ සියලුම මනුෂ්‍යයින්ගේ පියා. මෙය
වෙනත් අයට විස්තර කිරීම සඳහා ඉතා හොඳ කරුණකි. කෙසේවෙතත්, ඔය දරුවන් එය සම්පූර්ණයෙන්
විස්තර කරන්නේ නැත. ඔබට දැනුම තිබීමේ අහංකාරකම ඇති වන නිසා, ඔබට එය අමතක වෙයි. ඔබ
බාප්දාදාවත් පරාජය කිරීමට උත්සාහ දරන්නාක් මෙනි. මෙම දාදා පවසන්නේ : හොඳයි, ඔබ මට
සවන් නොදෙන්නේ නම්, සෑම විටෙකම විස්තර කරන්නේ ශිව බාබා බවත් ඔබ ඔහුගේ උපදෙස්
පිළිපැදිය යුතු බවත් සිතන්න. ඔබට මේ මේ දේ කරන ලෙසට ඍජුවම උපදෙස් දෙන්නේ පරමාත්ම
දෙවියන්ය. වගකීම ඔහුගේය. දෙවියන් දෙන උපදෙස් පිළිපදින්න. මෙම කෙනා දෙවියන් නොවෙයි.
ඔබ ඉගෙන ගත යුත්තේ පරමාත්ම දෙවියන් සමගයි. ඔබට උපදෙස් ලබා දෙන්නේ පරමාත්ම දෙවියන්
බව සෑම විටෙකම සිතන්න. ලක‍්ෂ්මි සහ නාරායන ද භාරතයේ විසූ මනුෂ්‍යයන් විය. සියල්ලන්ම
මනුෂ්‍යයින්ය, නමුත් ඔවුන් සියල්ලම ශිවාලයේ වැසියන් විය, ඒ නිසයි සෑම කෙනෙක්ම
ඔවුන්ට නමස්තේ කියන්නේ. කෙසේවෙතත්, සමහර දරුවන් සම්පූර්ණයෙන් විස්තර කරන්නේ නැත.
බොහෝ දෙනෙක් ඔවුන්ගේ දැනුම ගැන අහංකාරකමක් ඇති කර ගනී. බොහෝ දෙනෙකුට දුර්වලතාවයන්
තිබේ. ඔබ සම්පූර්ණ යෝගාවේ සිටින විටයි ඔබගේ පාපයන් දුරු වන්නේ. ලෝක අධිපතියෙක් වීම,
තම නැන්දම්මාගේ නිවසට යනවා වාගේ නොවෙයි. මායා, සමහර දරුවන්ගේ නාසයෙන් අල්ලා, ඔවුන්ව
කාණුවට ඇද දමන සැටි බාබා දකිනවා. ඔබ සතුටින් සහ සම්පූර්ණයෙන්ම පිබිදී, පියාගේ
සිහිපත් කිරීමේ සිටිය යුතුයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ ඇත. ඔබ ලක‍්ෂ්මි සහ
නාරායන මෙන් විය යුතුයි. මෙය අමතක කිරීමෙන් ඔබගේ සතුටේ අංශක ඉහළ නඟින්නේ නැත. සමහරු
පවසන්නේ ඔවුන්ට මෙහෙයවන ලද භාවනාවේ සිටීමට අවශ්‍ය බවයි, මන්ද, ඔවුන් පිටත සිටින විට
ඔවුන්ට ඔහු සිහිපත් කිරීමට නොහැකි නිසා. ඔබ සිහිපත් කිරීමේ නොසිටින නිසා, බාබා
විටෙක ඔබට පිළිපැදීමට වැඩසටහනක් එවයි, එසේ වුවද ඔබ සිහිපත් කිරීමේ අසුන් නොගනී.
ඔවුන්ගේ බුද්ධි නොකඩවා එහෙ මෙහෙ සැරිසරයි. බාබා ඔහුගේම නිදසුන දෙයි. ඔහු නාරායන ගේ
දැඩි බැතිමතෙක් වූ නිසා, ඔහු කොහේ ගියත් නාරායනගේ පිංතූරයක් සෑම විටෙකම ඔහු ළඟ තබා
ගත්තේය. කෙසේවෙතත්, වන්දනා කරන වෙලේ ඔහුගේ බුද්ධිය එහෙ මෙහෙ සැරි සරනු ඇත. මෙහිදීද
එයම වෙයි. පියා පවසන්නේ : ඇවිදින විට සහ සැරි සරන විට, ඔබ අඛණ්ඩව පියා සිහිපත් කළ
යුතු බවයි, නමුත් ඔබගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ, සහෝදරියක් ඔබ වෙනුවෙන්
විශේෂයෙන් භාවනාව මෙහෙයවීමටයි. විශේෂයෙන් මෙහෙයවන ලද භාවනාවක් තිබීමට හේතුවක් නැත.
බාබා සෑම විටෙකම පවසන්නේ : සිහිපත් කිරීමේ සිටින්න! සිහිපත් කිරීමේ අසුන්ගෙන සිටින
විට, සමහර දරුවන් ධ්‍යානයකට සම වැදෙයි. ඔවුන්ට දැනුම සිහි කිරීමට හෝ යෝගාවේ සිටීමට
නොහැකි අතර ඔවුන් නිදි කිරන්නට පටන් ගනී. බොහෝ දෙනෙකුට එසේ කිරීමේ පුරුද්ද තිබේ. එම
සාමය තාවකාලික වන අතර, එයින් කියැවෙන්නේ ඔවුන් දවස පුරාම අසාමයෙන් සිටින බවයි. ඔබ
ඇවිදින විට සහ එහෙ මෙහෙ සැරි සරන විට පියා සිහි නොකරන්නේ නම්, ඔබගේ පාපයන්ගේ බර
ඉවත් වන්නේ කෙසේද? මෙය චක්‍රයෙන් භාගයක බරයි. තමන් ජීවාත්මයක් බව සලකා, පියා සිහි
කිරීමටයි විශාල උත්සාහයක් අවශ්‍ය වන්නේ. බොහෝ දරුවන් ඔවුන් මෙපමණ වේලාවක් සිහිපත්
කිරීමේ සිටි බවට පියාට ලිපි මඟින් දන්වන නමුත්, ඇත්ත වශයෙන්ම ඔවුන්ට එතරම් වේලාවක්
සිහිපත් කිරීමේ සිටීමට නොහැකිය; ඔවුන්ට වාර්ථාව හරිහැටි වැටහී නොමැත. බාබා අසීමිත
පියාය. ඔහු පාරිශුද්ධකරුවාය, එබැවින් ඔබ සතුටින් සිටිය යුතුයි. ඔබ කොහොමත් ශිව
බාබාට අයත් බව ඔබ නොසිතිය යුතුයි. මේ අන්දමින්, ඔවුන් කොහොමත් ශිව බාබාට අයත් බව
සිතා, ඔහුව සුළුවෙන් හෝ සිහිපත් නොකරන දරුවන් බොහෝ දෙනෙක් සිටිති. ඔවුන් ඔහුව
සිහිපත් කළේ නම්, ඔවුන් අංක එකට පැමිණෙනු ඇත. අන් අයට විස්තර කර දීම සඳහා, ඔබට ඉතා
හොඳ බුද්ධියක් අවශ්‍ය වෙයි. අපි භාරතයට ප්‍රශංසා කරන්නෙමු. නව ලෝකයේ දේවතාවන්ගේ
රාජධානිය වීය. එය දැන් පැරණි ලෝකය, කලි යුගයයි. එය සතුටෙහි දේශය වන අතර මෙය දුක්
දේශයයි. භාරතය, ස්වර්ණමය යුගය වූ කල්හි, එය දේවතාවන් ගේ රාජධානිය විය. මිනිසුන්
ඔබගෙන් මෙසේ අසති: එය ඔවුන්ගේ රාජධානියව පැවතුණු බව, අප විශ්වාස කරන්නේ කෙසේද? මෙම
දැනුම ඉතාමත්ම ආශ්චර්යමත්ය. එක් එක් අයගේ භාග්‍යය මෙන්ම, එක් එක් කෙනා දරණ උත්සාහය,
පැහැදිලිවම පෙනෙයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් එය කිව හැක. කොහොමවුණත්, ස්වර්ණමය
යුගයේ මෙන්ම කලි යුගයේ වුවද, ඔබ මනුෂ්‍යයන්ය. එබැවින්, එම පිළිරූ ඉදිරියේ මිනිසුන්
ගොස් හිස නමන්නේ ඇයි? ඔවුන්ට දිව්‍යලෝකයේ පාලකයන් යැයි කියයි. කෙනෙක් මිය ගිය විට,
ඔවුන් පවසන්නේ, මේ මේ කෙනා, දිව්‍යලෝකයේ වැසියෙක් වී ඇති බවයි. ඔවුන්ට එතරම්වත්
වැටහෙන්නේ නැත. සැබවින්ම සෑම කෙනෙක්ම නැවත උපතක් ලබන්නේ මෙහිදීය. බාබා දිගින් දිගටම
සියල්ලන්ගේම හැසිරීම නිරීක‍්ෂණය කරනවා. ඔබගෙන් ඇතමෙකුට, බොහෝ සාමාන්‍ය විලසකින් කතා
කිරීමට බාබාට සිදුවෙයි. ඔහු ඔබව රැක බලා ගත යුතුයි. පියා සෑම දෙයක්ම ඉතා පැහැදිලිව
විස්තර කරයි. මෙය නිවැරදි බව ඔබට වැටහෙයි, ඒ තිබියදී ඔබ විශාල කටු වන්නේ ඇයි?
එකිනෙකාට දුක් දීමෙන් ඔබ කටු වෙයි. ඔබ එම පුරුද්ද අත් නොහරියි. පියා, උයන්පල්ලා,
දැන් මල් උයනක් පැළ කරමින් සිටියි. ඔහු දිගටම ඔය කටු, මල් බවට පරිවර්ථනය කරයි.
ඔහුගේ රාජකාරිය මෙයයි. කටුවක් වන කෙනෙක්, අන් අයව මල් බවට පරිවර්ථනය කරන්නේ කෙසේද?
ඔබ ප්‍රදර්ශන වලට යවන අය ගැන බොහෝ ප්‍රවේශම් විය යුතුයි. යහපත් සහ ගුණගරුක දරුවන්
වන්නේ, කටු, මල් බවට පරිවර්ථනය කිරීමේ සේවය කරන දරුවන්ය. කටු කරන්නාක් මෙන්, ඔවුන්
කිසිවෙකුට අනින්නේ නැත, එනම්, ඔවුන් කිසිවෙකුට දුක් දෙන්නේ නැත. ඔවුන් එකිනෙකා සමග
දබර කරගන්නේ නැත. ඔය දරුවන් ඉතා නිවැරදිව විස්තර කළ යුතුයි. මෙහිදී කිසිවෙකුට අපහාස
කිරීමේ ප්‍රශ්නයක් නැත. ශිව ජයන්තිය දැන් පැමිණෙන බැවින්, ඔබ බොහෝ ප්‍රදර්ශන
පැවැත්විය යුතුයි. ඔබට කුඩා ප්‍රදර්ශනද පවත්වා මෙසේ විස්තර කළ හැක: තත්පරයකදී
දෙව්ලොව වැසියන් වන්න, එනම්, අපවිත්‍ර, දූෂිත අයගෙන්, පිවිතුරු සහ ශ්‍රේෂ්ඨ වන්න.
තත්පරයකදී ජීවන මුක්තිය ලබා ගන්න. ඔවුන්ට ජීවන-මුක්තියෙහි අරුතවත් වැටහෙන්නේ නැත.
ඔබටත් මෙය වැටහෙන්නේ දැනුයි. සියල්ලන්ටම විමුක්තිය සහ ජීවන මුක්තිය ලැබෙන්නේ,
පියාගෙනි. කෙසේවෙතත්, ඔබ නාටකයද වටහා ගත යුතුයි. වෙනත් ආගම් වල අය, දිව්‍යලෝකයට
පැමිණෙන්නේ නැත. සෑම කෙනෙක්ම ඔවුන්ගේම කොටසට ආපසු යයි. ඉන්පසුව ඔවුන්ගේම කාලවලදී,
ඔවුන්ගේ ආගම් ස්ථාපනය කිරීමට ඔවුන් පැමිණෙයි. වෘක‍්ෂයේ පිංතූරයේ මෙය පැහැදිලිව
පෙන්වා තිබේ. ඒකායන සත්ගුරු හැර, අන් කිසිවෙකුට, සියල්ලන්ටම විමුක්තිය ලබා දිය
නොහැක. කෙසේවෙතත්, ඔබට භක්තිය ඉගැන්විය හැකි ගුරුන් බොහෝ දෙනෙක් සිටිති. කිසිම
මනුෂ්‍ය ගුරු කෙනෙකුට විමුක්තිය පිරිනැමිය නොහැක. විස්තර කිරීම සඳහා ඔබට අවශ්‍ය
වන්නේ නුවණ පමණයි. මෙයට ඔබගේ බුද්ධිය භාවිත කළ යුතුයි. මෙම නාටකය ඉතාමත්ම
ආශ්චර්යමත් අන්දමකට රඟ දැක්වෙයි. මෙයින් කුල්මත්ව රැඳී සිටින්නේ ඔබගෙන් ඉතාම ටික
දෙනෙක් පමණයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
රාත්‍රී පංතිය -
1968-03-18
ඇත්ත වශයෙන්ම ඔබට
ආගමික ග්‍රන්ථ ගැන තර්ක කිරීමට අවශ්‍ය නැහැ. ප්‍රධාන කාරණය වන්නේ සිහිපත් කිරීම සහ
ලෝකයේ මුල, මැද සහ අවසානය ගැන වටහා ගැනීමයි. ඔබ ලෝකයේ පාලකයෙක් විය යුතුයි. ඔබට
තිබෙන්නේ මෙම චක්‍රය වටහා ගැනීම පමණයි. මේ ගැන සිහිකර ඇත්තේ, ඔබට තත්පරයකදී
ජීවන-මුක්තිය හිමි වූ බවයි. භක්තිය චක්‍රයෙන් භාගයක් පැවතීම සහ දැනුමේ අල්පයක්වත්
නොතිබීම, ඔය දරුවන්ට විශ්මයක් වනු ඇති. දැනුම තිබෙන්නේ පරමාත්ම පියාට පමණයි. ඔබ එය
දැනගත යුතු වන්නේ පියාගෙන්ය. පියා බොහෝ අසාමාන්‍යයි, මේ නිසයි කෝටි ගණනකින්
අතලොස්සක් පමණක් මතුවන්නේ. ඒ ගුරුවරු මෙසේ නොකියයි. මෙම ඒකායන කෙනා පවසන්නේ : මා
පියා, ගුරුවරයා සහ ගුරූය. එබැවින් මෙය ඇසුණු විට මිනිසුන් මේ කුමක්ද කියා සිතයි.
අම්බා (මව් දෙවඟන) යන නම බොහෝ සුප්‍රසිද්ධ නිසා, භාරතය මව් රට ලෙස හැඳින්වෙයි.
අම්බා වෙනුවෙන් ඔවුන් බොහෝ මේලා පවත්වයි. ’අම්බා‘ යන වචනය මිහිරිය. කුඩා දරුවන්
ඔවුන්ගේ මවට බොහෝ ආදරය කරන්නේ, ඇය ඔවුන්ව කවා, පොවා, රැක බලා ගන්නා නිසාය.
කෙසේවෙතත්, අම්බාගේ පියෙක්ද සිටිය යුතුයි. මෙම දරුවා, දරුකමට හදාගෙන තිබේ. ඇයට
සැමියෙක් නැත. මෙය අළුත් දෙයකි. ප්‍රජාපිතා බ්‍රහ්මා නිසැකවම දරුවන් දරුකමට හදාගනු
ඇත. පියා පමණක් පැමිණ, මේ සියලු දේවල් ඔබට පහදා දෙයි. අම්බා වෙනුවෙන් බොහෝ මේලා
පැවැත්වෙන අතර එම දරුවා (මමා) බොහෝ සේවය කර ඇති බැවින් ඇය වන්දනාවට ලක් වනවා. මමා
උගන්වා ඇති බොහෝ දරුවන් සංඛ්‍යාව තරම් මිනිසුන් ගණනාවකට වෙනත් කිසිවෙකුට ඉගැන්විය
නොහැක. මමා බොහෝ සුප්‍රසිද්ධ වන අතර විශාල මේලා පැවැත්වෙයි. පැමිණ ඔය දරුවන්ට මුල,
මැද සහ අවසානය පිළිබඳ රහස් පැහැදිලි කර දී ඇත්තේ පියා බව ඔය දරුවන් දන්නවා. පියාගේ
නිවහන ගැනත් ඔය දරුවන් දන්නවා. ඔබ තුළ පියා කෙරෙහි සෙනෙහස තිබෙන අතර ඔබ නිවහනටද
ආදරය කරයි. ඔබට මෙකල මෙම දැනුම ලැබෙයි. මෙම ඉගෙනුම තුළින් බොහෝ ආදායමක් උපයාගනී.
එබැවින් සතුට තිබිය යුතුයි. ඔබ මුළුමනින්ම සාමාන්‍යයි. පරම පියා පැමිණ මෙම දැනුම
පවසන බව ලෝකය නොදනී. පියා පමණක් පැමිණ ඔය දරුවන්ට මේ සියලු අළුත් දේවල් පවසයි. නව
ලෝකය නිර්මාණය වන්නේ අසීමිත ඉගෙනුම තුළිනි. පැරණි ලෝකය වෙනුවෙන් නිරාශාව තිබේ. ඔය
දරුවන්ගේ ඇතුලාන්තයේ දැනුමේ සතුට තිබේ. ඔබ පියාව සහ නිවහන සිහි කළ යුතුයි. සියලු
දෙනාම ආපසු නිවසට යා යුතුයි. පියා සියලු දෙනාටම මෙසේ කියනු ඇති, ’දරුවනේ මා ඔබට
මුක්තිය සහ ජීවන-මුක්තියේ උරුමය ලබා දීමට පැමිණ සිටිනවා.‘ එසේ නම් ඔබට අමතක වන්නේ
ඇයි? මා ඔබගේ අසීමිත පියාය. මා පැමිණ සිටින්නේ ඔබට රාජයෝගාව ඉගැන්වීමටයි. එබැවින්
ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේද? එසේ නොවන්නේ නම් විශාල පාඩුවක් සිදුවෙයි. මෙය
අසීමිත පාඩුවකි. ඔබ පියාගේ හස්තය අත්හරින්නේ නම්, ඔබගේ ආදායමට පාඩුවක් සිදුවෙයි.
අච්චා. සුබ රාත්‍රියක්. ඕම් ශාන්ති.
ධාරණය සඳහා සාරාංශය:
1. ඒකායන
පියාව සිහි කිරීමෙන් ඉතාමත්ම ආදරණීය කෙනෙක් වන්න. ඇවිදින විට, එහෙ මෙහෙ සැරි සරන
විට මෙන්ම ක්‍රියා සිදුකරන විට, සිහිපත් කිරීමේ සිටීමට පුහුණු වන්න. පියාගේ සිහිපත්
කිරීමේ සිටීමෙන්, සතුටින් මෙන්ම පූර්ණ ලෙසින් පිබිදී සිටින්න.
2. ඕනෑම ක්‍රියාවක්
සිදුකරන විට, සෑම පියවරකදීම පරමාත්ම දෙවියන්ගේ උපදෙස් පිළිපදින්න. අහංකාර (ශරීර
අවධානයේ කුල්මත්) නොවන්න. කිසිම නරක ක්‍රියාවක් සිදු නොකරන්න. ව්‍යාකූලත්වයට පත්
නොවන්න.
වරදානය:
ඔබ සාමාන්‍ය
ක්‍රියාවන් කරන අතරතුර නිරන්තරව ද්විත්ව ආලෝකමත් වී ඉහළ අවධියක ස්ථාවරව සිටින්න.
පරමාත්ම පියා
සාමාන්‍ය ශරීරයක් ගෙන ඔබ කරන ආකාරයටම කතා කිරීම සහ ගමන් කිරීම සිදු කරයි. ඉතින්,
ක්‍රියාවන් සාමාන්‍ය වුවද, ඔහුගේ ස්ථිතිය ඉහළ රැදී තිබේ. එලෙසම දරුවන්ගේ ස්ථිතිය ද
ඉහළ මට්ටමක පැවතිය යුතුය. ද්විත්ව ආලෝකමත් බවට පත් වන්න, සාමාන්‍ය ක්‍රියාවන් කරන
අතරතුර උසස් ස්ථිතියක ස්ථාවරව සිටින්න. “මම උසස් ක්‍රියා සිදු කිරීම සඳහා අවතරණය වූ
අවතරණයක්මි” යන මෙම දැනුවත්භාවය නිරන්තරව තබා ගන්න. සාමාන්‍ය ක්‍රියාවන් එවිට
අලෞකීක ක්‍රියාවන් බවට වෙනස් වනවා ඇත.
පාඨය:
පාරිශුද්ධත්වය
පහසුවෙන් උකහා ගත හැක්කේ තම දැක්ම සහ ආකල්පය ආත්ම අවධානයෙන් යුතු වූ අයට පමණි.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
ඔබගේ මනසින් සේවය
කිරීමේ, තමන්ව වැඩියෙන් කාර්යබහුලව තබා ගන්න තරමට, එපමණින් ඔබ වඩාත් පහසුවෙන් මායා
පරාජය කරන්නෙක් වෙයි. තමන් වෙනුවෙන් පමණක් මේ පිළිබදව උද්යෝගිමත් නොවන්න, නමුත්
ඔබගේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වලින් අන් අයවත් පරිවර්ථනය කිරීමේ සේවය සිදු
කරන්න. මෙම දැනුම, සෙනෙහස සහ යෝගාව සමග එම පිවිතුරු හැගීම් වල සමබරතාවයක් තිබිය
යුතුයි. ඔබ යහපත සලසන්නන් වී ඇත; දැන් අසීමිත ලොවට සෙත සලසන්නන් වන්න.