24.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම දැනුම ඔබව සිසිල් කරවයි. මෙම දැනුම රාග ගින්න සහ කෝපය නිමා කරයි. භක්ති කිරීමෙන් එවැනි ගිනි අවසන් කළ නොහැක.

ප්‍රශ්නය:
ස්මරණයේ සිටීම සඳහා ඔබ කළ යුතු ප්‍රධාන උත්සාහය කුමක්ද?

පිළිතුර:
පියා සිහිකිරීමට අසුන්ගත් විට ඔබගේ ශරීරයවත් සිහි නොකළ යුතුය. ජීවාත්ම අවධානයට පත් වී පියා සිහි කළ යුතුය. ඔබගේ උත්සාහය මෙයට වේ. ඔබ කල්ප භාගයක් ශරීර අවධානව සිටි නිසා, ඔබට බාධා ඇත්තේ මෙහිය. භක්ති නම් ශරීර සිහි කිරීම වේ.

ඕම් ශාන්ති.
ස්මරණය සඳහා හුදෙකලාව සම්පූර්ණයෙන්ම අවශ්‍ය බව ඔබ දරුවන් දනී. නිශ්ශබ්දතාවයේ සහ හුදෙකලාවේ පියා ස්මරණය කිරීමට හැකි තරම්, සෙනඟක් අතර කළ නොහැක. දරුවන් පාසැලක පාඩම් කරන විට හුදෙකලාවේ පාඩම් කරයි. මෙහිදී ද හුදෙකලාව ඔබට අවශ්‍ය වේ. ඔබලා සංචාරය කරන විටද ප්‍රධාන කරුණ නම්, ස්මරණ වන්දනාව වේ. ඉගෙනීම ඉතා පහසුය. කල්පයෙන් අඩක් මායාගේ රාජධානිය ආරම්භ වූ දා සිට ඔබ ශරීර අවධානයෙන් සිටියහ. පළමු සතුරා ශරීර අවධානයයි. ඔබ පියා සිහි කරනවා වෙනුවට ශරීරය සිහි කරයි. ඊට කියන්නේ ශරීර අහංකාරය කියාය. මෙහිදී ඔබ දරුවන්ට කියන්නේ ජීවාත්ම අවධානයට පත්වන්න කියාය. උත්සාහය අවශ්‍ය වන්නේ මෙයට පමණයි. ඔබලා දැන් භක්තියෙන් නිදහස් වී ඇත. භක්ති කරන්නේ ශරීරය තුළින්ය. ඔබගේ ශරීරය වන්දනා ස්ථාන ආදියට රැගෙන යා යුතු වේ. ඔබ යන්නේ ක්‍ෂණික දර්ශනයක් ලැබීමට හෝ යම් දෙයක් හෝ තවෙකක් කිරීමට වේ. ශරීරයම එහි යා යුතු වේ. මෙහිදී ඔබගේ එකම සිතිවිල්ල ඔබ ජීවාත්මයක් බවත්, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය ඔබ ස්මරණය කළ යුතු බවත් වේ. ඔබ බාබා ස්මරණය කරන තරමට ඔබගේ පව් කැපී යනවා ඇත. භක්ති මාර්ගයේදී කිසි විටෙක ඔබගේ පව් කැපී නොයයි. වයස්ගත කෙනෙකුට, භක්ති නොකළේ නම් ඔහුට බොහෝ අලාභයක් වේය යන බිය ඇති අතර ඔහු අදේවවාදියෙකු බවට පත්වෙයි. එය හරියටම භක්තියේ ගින්න ඇත සහ දැනුමේ සිසිල ඇත ලෙස වේ. රාගයේ සහ කෝපයේ ගිනි මෙයින් අවසන් වේ. භක්ති මාර්ගයේ ජනයාට ඇති භක්ති හැඟීම් නිසා ඔවුන් නොකඩවා උත්සාහ ගනිති. උදාහරණයක් වශයෙන් ඔවුන් බද්රිනාත් වලට ගොස් දර්ශනයක් දුටුවේ නම්, ඉන්පසු කුමක් වේද? ඔවුන්ට පවිත්‍ර හැඟීමක් ඇති වී බද්රිනාථ (පරිවර්ථනය කරන ස්වාමියා) හැර වෙන කිසිවෙකු බුද්ධියේ තබා නොගනී. පෙර ඔවුන් ගියේ පයින්ය. පියා පවසන්නේ : මම ඔවුන්ගේ ආශාවන් තාවකාලිකව ඉටු කරමි. මම ඔවුනට දර්ශනයක් දෙන නමුත්, මම එමඟින් ඔවුන්ව හමු නොවෙමි. ඔවුන්ට මම නොමැතිව මෙම උරුමය ලබාගත නොහැක. ඔබ මෙම උරුමය ලබා ගන්නේ මාගෙන් පමණි. ඒ සියලු දෙනාම ශරීර ඇත්තන්ය. නිර්මාණකරු වන පියාගෙන් මෙම උරුමය ලබන්නේ ඔබලා පමණි. සජීව හෝ අජීව වන අන් සියලු දෙනාම නිර්මාණයයි. නිර්මාණයෙන් ඔබට උරුමය ලබාගත නොහැක. පාරිශුද්ධකරු වන්නේ පියාම පමණයි. නරක ආශ්‍රයේ බලපෑම් ගැන කුමාරීන් බොහෝ ප්‍රවේසම් විය යුතුය. පියා පවසන්නේ: අපවිත්‍ර වීමෙන් ඔබ මුල, මැද සහ අවසානය දක්වාම දුක ලබයි. වර්තමානයේ සියලු දෙනාම අපවිත්‍රය. ඔබ දැන් පාරිශුද්ධ විය යුතුය. අශරීරික පියා පැමිණ ඔබට උගන්වයි. බ්‍රහ්මා ඔබට උගන්වනවා යැයි කියා කිසි විටෙක නොසිතිය යුතුය. සියලු දෙනාගේම බුද්ධිය ශිව බාබා වෙතට යා යුතුය. මොහු තුළින් ශිව බාබා අපට උගන්වයි. ඔබ දාදීලාට ද උගන්වන්නේ ශිව බාබාය. ඔබ ඔහුට පුද කරන ආගන්තුක සත්කාරය කුමක්ද? ඔබ ශිව බාබාට මිදි සහ අඹ රැගෙන එයි. එහෙත් මම අත්විඳීමෙන් තොර කෙනා වෙමි යැයි බාබා පවසයි. මේ සියලු දේම ඔබ දරුවන්ට වේ. බැතිමතුන්ද භෝග් පූජා කර ඉන්පසු ඒවා ඔවුන් අතර බෙදාගෙන කති. මම පැමිණෙන්නේ ඔබ දරුවන්ට උගන්වා ඔබලා පාරිශුද්ධ කිරීමට යැයි පියා පවසයි. ඔබලා පාරිශුද්ධ වූවායින් පසු උසස් ස්ථිතියක් උරුම කර ගනී. මෙය මගේ කාර්යය වේ. ඔවුන් ශිව දෙවියන්ගේ ප්‍රකාශයන් ගැන කතා කරයි. ඔවුන් බ්‍රහ්මා දෙවියන්ගේ ප්‍රකාශයන් ගැන කතා නොකරයි. බ්‍රහ්මා කතා කරයි යැයි ඔවුන් නොකියයි. මොහු මුරලිය කියෙව්වත්, මුරලිය කියවන්නේ ශිව බාබා යැයි සැම විට සැළකිය යුතුය. යම් කෙනෙකුට හොඳින් ඊතලය වදී යැයි බාබාට තේරුම් ගිය විට, බාබා කතා කරන කෙනා තුළට ඇතුලු වේ. දැනුමේ හීය ඉතා තියුණු යැයි කියයි. විද්‍යාවේ බොහෝ බලය ඇත. බොහෝ බෝම්බ පුපුරයි. ඔබ බොහෝ නිශ්ශබ්දව සිටියි. ඔබ නිශ්ශබ්දතාවය මඟින් විද්‍යාව පරදවා ජය ලබයි. ඔබ ලොව පාරිශුද්ධ කරයි එහෙත් පළමුව ඔබ පාරිශුද්ධ විය යුතුය. නාටකයට අනුව ඔබ පාරිශුද්ධ විය යුතුය. විනාශය තීරණය වී ඇත්තේ මේ අනුවය. ඔබ නාටකය තේරුම් ගෙන බොහෝ සතුටින් සිටිය යුතුය. අපි දැන් සාම දේශයට යා යුතු වේ. එය ඔබගේ නිවස වේ; ඔබ බොහෝ සතුටින් එහි යා යුතු යැයි පියා පවසයි. මෙහිදී ජීවාත්ම අවධානයට පත් වීමට ඔබ බොහෝ උත්සාහ කළ යුතුය. බාබා මෙම ස්මරණ වන්දනාව අවධාරණය කරයි. උත්සාහය ඇත්තේ මෙහි පමණයි. ස්මරණය කිරීමට පහසු, ඇවිදින විට, එහාට මෙහාට යන විට ද හෝ එක් තැනක අසුන්ගෙන සිටීමෙන් දැයි පියා අසයි. භක්ති මාවතේ ජනයා ජප මාලයේ පබලු බොහෝ කරකවයි. ඔවුන් ’රාමා, රාමා‘ යැයි ද නොකඩවා මතුරයි. එහෙත් එයින් කිසිම ඵලයක් නොමැත. පියා ඔබ දරුවන්ට ඉතා පහසු ක්‍රම කියයි. ඔබ ආහාර සූදානම් කරනා විට හෝ ඔබ කරන ඕනෑම ක්‍රියාවකදී පියාගේ ස්මරණයේ සිටින්න. භක්ති මාර්ගයේදී ශ්‍රීනාත් වලදී භෝග් සූදානම් කරන විට කිසිම ශබ්දයක් නොමැති වීමට ඔවුන්ගේ මුඛය වටා රෙදි කඩක් ගැට ගසයි. එය භක්ති මාර්ගයේය. ඔබ පියා ස්මරණය කළ යුතුය. එහි ජනයා ද භෝග් පිළියෙල කළත් කිසිවෙකු ඒවා නොකති. මඟ පෙන්වූ කෙනාගේ පවුල පමණක් එය කති. මෙහිදී ශිව බාබා ඔබට උගන්වන බව ඔබ දනී. භක්ති මාර්ගයේදී ශිව බාබා ඔවුන්ට උගන්වනවා යැයි නොසිතයි. ඔවුන් ශිව පුරාණය (ආගමික ග්‍රන්ථය) නිර්මාණය කර ඇතත් ඔවුන් ශිවා සහ පාර්වතී ද, ශිවා සහ ශන්කර් ද එහි අඩංගු කර ඇත. එය ඉගෙන ගැනීමෙන් කිසි ප්‍රයෝජනයක් නොමැත. සෑම කෙනෙකුම ඔහුගේම ග්‍රන්ථය ඉගෙන ගත යුතු වේ. භාරතයේ ජනතාවට ගීතාව ඇත. ක්‍රිස්තියානි අයට ඇත්තේ එකම බයිබලය වේ. දේවතාවරුන්ගේ ග්‍රන්ථය ගීතාව වේ. එහි දැනුම ඇත. ඉගෙන ගන්නේ දැනුම පමණි. ඔබ දැනුම ඉගෙන ගත යුතුය. යුද්ධ ගැන කියැවෙන ග්‍රන්ථ සමඟ ඔබට කිසිවක් කිරීමට නොමැත. යෝගා බලය ලත් අය අප වේ. එමනිසා, බාහිර බලය ඇති අය ගැන අප සවන් දෙන්නේ මන්ද? ඇත්තෙන්ම ඔබට සටනක් පවා තිබිය නොහැක; ඔබ යෝගා බලයෙන් පස් පව් ජය ගනී. ඔබගේ යුද්ධය පස් පව් සමඟයි. එහිදී, මනුෂ්‍යයන් මනුෂ්‍යයන් සමඟ සටන් කරයි. කෙසේවෙතත්, ඔබ ඔබගේම පාපයන් සමඟ සටන් කරයි. සන්යාසීන්ට මේ දේවල් විස්තර කළ නොහැක. ඔබලාට සරඹ ආදිය උගන්වන්නේ නැත. ඔබට ඇත්තේ එකම සරඹයයි. ඔබලාගේ බලය යෝගා බලයයි. ඔබ යෝගා බලයෙන් පස් පව් ජය ගනී. එම පස් පව් ඔබගේ සතුරන්ය. ඒවා අතුරින් පළමුවැන්න ශරීර අවධානයයි. ඔබ ජීවාත්මයකි යැයි පරමාත්ම පියා පවසයි. ජීවාත්මය වන ඔබ පහළට පැමිණ කුසයකට ඇතුලු වන අතර මම මෙම ශරීරයට එමි. මම කුසයකට ඇතුලු නොවෙමි. ස්වර්ණමය යුගයේදී ඔබ මාළිගාවක් වන් කුසයක සිටී. පසුව රාවන් රාජ්‍යයේදී ඔබ සිර කුටියක් වන් කුසයකට ඇතුලු වේ. මම සරළව මනුෂ්‍යයෙකුට ඇතුලු වෙමි. මීට දිව්‍යමය උපතක් යැයි කියති. නාට්‍යයට අනුව මම මොහු තුළට ඇතුලු වී, ඔහුට බ්‍රහ්මා යන නම දෙමි. ඔහු මට අයිති නිසා මම ඔහුට බ්‍රහ්මා යන නම දෙමි. දරුවන් හදාගත් විට ඔවුනට ඉතා ලස්සන නම් දෙයි. ඔබලාට ද ඉතාමත් හොඳ නම් දුනි. ධ්‍යානගත වූ පණිවුඩකරු තුළින් ඉතාමත් විශ්මයජනක නම් ලැයිස්තුවක් ලැබුණි. බාබාට සියලුම නම් මතක නැත. නම් සමඟ සම්බන්ධකමක් නොමැත. නම් දෙන්නේ ශරීර වලට පමණි. පියා දැන් පවසන්නේ : ඔබලා ජීවාත්මයන් යැයි සලකා පරමාත්ම පියා ස්මරණය කරන්න. එපමණයි. ඔබලා දැන් වැඳීමට සුදුසු දේවතාවන් වන බවත් ඉන්පසු රාජ්‍යය කරන බවත් ඔබ දනී. ඉන්පසු භක්ති මාර්ගයේ ඔබගේ ප්‍රතිමා පමණක් ඇත. දේවතාවරුන්ගේ බොහෝ ප්‍රතිමා නිර්මාණය කරයි. ජීවාත්මයන්ට ද වඳී; මැටි වලින් සැලිග්‍රම් නිර්මාණය කර, ඉන්පසු රාත්‍රියේදී ඒවා කඩා දමයි. ඔවුන් දේවතාවන්ගේ ප්‍රතිමා අලංකාර කර, ඒවාට වැඳ, ඉන්පසු මුහුදේ ගිල්වයි. පියා පවසන්නේ : ඔවුන් මගේ ප්‍රතිමාව නිර්මාණය කර ඊට කවා, ඉන්පසු මම ගල්වල සහ ගල් කැටවල සිටී යැයි කියයි. ඔවුන් මා බොහෝ අපහාසයට ලක්කර ඇත. ඔබලා බොහෝ දුගී වී ඇත. උසස් තත්ත්වයක් ලබා ගන්නේ දුගී අය පමණි. ධනවත් අයට මෙම දැනුම ගැනීමට අපහසු වේ. ධනවත් අයගෙන් බොහෝ ධනය ගෙන බාබා කුමක් කරන්නද? දරුවන්ගේ සෑම බිඳුවකින්ම මෙහි සෑම දෙයක්ම නිර්මාණය කර ඇත. ඔවුනට රන් හා රිදී මාළිගා ලැබේ යැයි සිතමින්, ’බාබා, මගේ නමින් එක් ගඩොල් කැටයක් දමන්න‘ යැයි කියති. එහි බොහෝ රත්‍රන් ඇත; රන් ගඩොල් කැට ඇත. එමනිසා, රත්රන් ගොඩනැඟිලි සෑදේ. එනිසයි පියා බොහෝ සෙනෙහසින් පවසන්නේ : සුමිහිරි, සුමිහිරි දරුවනි, ඔබ දැන් මා ස්මරණය කළ යුතුය; දැන් නාටකය අවසාන වේ. දුප්පත් දරුවන් ධනවත් කරවීම සඳහා පියා ක්‍රම ගෙනහැරපායි : සුමිහිරි දරුවනි, ඔබ සතු සියලු දේ පවරන්න. මෙහි කිසිවක් ඉතිරි නොවේ. ඔබ මෙහි පවරන සියලු දේ නව ලොව දී එකට සිය වරක් ලැබෙනවා ඇත. බාබා ඔබගෙන් කිසිවක් නොඉල්ලයි. පිරිනමන්නා ඔහු වේ. ඔහු සරළව ක්‍රමයක් කියයි. මෙහි සියලුම දේ දුහුවිලි බවට පත් වේ. ඔබ යම් දෙයක් පවරන්නේනම් ඔබට එය නව ලොවදී ලැබෙනවා ඇත. මෙම පැරණි ලොව විනාශ වීමට දැන් කාලයයි. මෙහි කිසිම දෙයක් ප්‍රයෝජනවත් නැත. මේ නිසා බාබා පවසන්නේ : සෑම නිවසකම විශ්ව විද්‍යාලයක් සහ ආරෝග්‍ය ශාලාවක් විවෘත කරන්න. ඒ තුළින් ඔබට නිරෝගීභාවය සහ ධනය ලැබෙනවා ඇත. ප්‍රධානම කරුණ මෙය වේ. අච්චා.

රාත්‍රී පංතිය - 1969/01/12

උසස් තත්ත්වයක් ලබා ගැනීමට ඔබ දුගී සහ සාමාන්‍ය මව්වරු මේ කාලයේදී උත්සාහ ගනී. යාගයේ බොහෝ උදව් කරන්නේ මව්වරුය, පිරිමි ස්වල්ප දෙනෙක් පමණක් උදව්කරුවෝ වෙති. මව්වරුන්ට උරුමකරුවන් වීමේ කුල්මත් බවක් නොමැත. ඔවුන් (වනිතාවන්) නොකඩවා බීජ වපුරා, නොකඩවා ඔවුන්ගේ ජීවිත නිර්මාණය කරගනී. ඔබගේ දැනුම නියම වන අතර ඉන්පසු භක්තිය වේ. ආධ්‍යාත්මික පියා තනිවම පැමිණ ඔබට මෙම දැනුම දේ. ඔබ පියා ඔබගේම පියා ලෙස සැලකුවේනම්, ඔබ නිසැකවම ඔහුගෙන් ඔබගේ උරුමය ලබා ගනී. පියා නොකඩවාම ඔබට උත්සාහ ගැනීමට උනන්දු කරවන අතර නොකඩවාම විස්තර කරයි. ඔබගේ කාලය අපතේ නොයවන්න. සමහරු ඉතා හොඳ උත්සාහවන්තයින් බවත්, සමහරු මධ්‍යස්ථ සහ අන් අය තුන්වැනි තත්ත්වයේ බවත් පියා දනී. ඔබ බාබාගෙන් ඇසුවේනම්, බාබා සැණෙකින් ඔබ පළමුවැනියා ද, දෙවැනි ද, තුන්වැනි ද යැයි කියනවා ඇත. ඔබ කිසිවෙකුට දැනුම නොදෙන්නේනම් ඔබ තුන්වැනි වේ. ඔබ ඔප්පු නොකළේනම්, බාබා නිසැකවම ඔබට කියනවා ඇත. පරමාත්ම දෙවියන් පැමිණ ඔබට උගන්වන දැනුම නැති වී යයි. කිසිවකු මෙය නොදනී. නාටකයේ සැළැස්ම අනුව එය භක්ති මාර්ගය වේ. ඒ තුළින් කිසිවකු මා හමු නොවන අතර ස්වර්ණම යුගයට ද යා නොහැකිය. ඔබ දරුවන් දැන් උත්සාහ ගනිති. පෙර චක්‍රයට අනුව ඔබ දැරූ උත්සාහය එලෙසම ගන්නවා ඇත. තමන්ට යහපතක් කර ගන්නේ කුමන දරුවන්ද යන්න පියාට වැටහේ. සෑම දිනම පැමිණ ලක්ෂ්මී හා නාරායන පින්තූරය ඉදිරිපිට අසුන් ගන්න යැයි පියා පවසයි. බාබා, අපි ඔබගේ ශ්‍රීමත් අනුගමනය කර නිසැකවම මෙම උරුමය ලබා ගනිමු. ඔබට නිසැකවම අන් අයව ඔබ හා සමාන කරවීමට දැඩි උනන්දුවක් තිබිය යුතුය. මම මධ්‍යස්ථාන වල අයට වුවද මෙසේ ලියමි : ඔබ මෙපමණ වර්ෂ ගණනක් ඉගෙනගෙන ඇත, ඔබට අන් අයට ඉගැන්වීමට නොහැකිනම්, ඔබ ඉගෙනගෙන ඇත්තේ කුමක්ද? ඔබ වර්ධනය විය යුතුය. දවස මුලුල්ලේම ඔබගේ බුද්ධියේ සේවය කිරීම සඳහා සිතිවිලි තිබිය යුතුය.

ඔබලා විශ්‍රාම අවධියේ නොවේද? විශ්‍රාම අවධියේ සිටින අයට ආශ්‍රම ඇත. ඔබ විශ්‍රාම ගත් අය වෙත යා යුතුය. ඔවුන් මරණයට පත් වන්නට ප්‍රථම, ඉලක්කය කියා දෙන්න. ඔබගේ ජීවය ශබ්දය ඉක්මවා යන්නේ කෙසේද? අපවිත්‍ර ජීවාත්මයන්ට එහි ගිය නොහැක. දෙවියන් කතා කරයි : නොකඩවා මා පමණක් සිහි කරන්න. එවිට ශබ්දය අභිබවා ඇති දේශයට, ඔබගේ විශ්‍රාමයට ඔබ යනවා ඇත. බරණැස් නුවරද බොහෝ ලෙස සේවය කළ හැක. කාෂී වල වාසය කිරීම සඳහා බොහෝ මුණිවරු එහි වෙසෙති. දවස පුරාම ඔවුන් කියන්නේ ශිවකාෂී විශ්වනාථ ගංගා (ගංගා නම් ගඟ, ලොව පාලකයා වන ශිවා තුළින් කාෂී සිට පැමිණියේය). ඔබ තුළ නිරන්තරයෙන් සතුටේ අත්පොළසන් තිබිය යුතුය. ඔබලා ශිෂ්‍යයින් නොවේද? ඔබලා සේවය කරයි, එසේම ඉගෙනගනියි. ඔබ පියා ස්මරණය කර ඔබගේ උරුමය ලබාගත යුතුය. අපි ශිව බාබා වෙතට යමු. මෙය ’මන්මනභව්‘ වේ. කෙසේවෙතත්, බොහෝ අයට ස්මරණයේ සිටිය නොහැක ඔවුන් නොකඩවා ඕපාදූප කතා කරයි. ප්‍රධානම කරුණ ස්මරණය වේ. ඔබව සතුටට පත් කරවන්නේ ස්මරණයයි. ඔබ සියලු දෙනාම ලොවෙහි සාමය අපේක්ෂා කරයි. දැන් ලොව සාමය ස්ථාපනය වන බව ඔවුනට පහදා දෙන්න යැයි බාබා පවසයි. ලක්ෂ්මී හා නාරායනගේ පිංතූරයට බාබා බොහෝ වැදගත් ලෙස සලකන්නේ මේ නිසාය. සතුට, සාමය, පාරිශුද්ධත්වය තිබුණු එම ලොව දැන් ස්ථාපනය වන බව ඔවුනට කියන්න. ලොවෙහි සාමය තිබිය යුතුය යැයි සියල්ලෝම පවසති. බොහෝ අය නොකඩවා තෑගි ලබති. ලොව සාමය ස්ථාපනය කරන්නේ අධිපතියාය. ඔවුන්ගේ රාජධානියේදී, ලොව සාමය තිබුණි, එක් භාෂාවක්, එක් රාජධානියක් සහ එක් ආගමක් විය. අන් සියලුම ජීව සත්ථාවන් අශරීරික ලොව වූයේය. එවැනි ලොවක් ස්ථාපනය කළේ කවුරුන්ද? සාමය ස්ථාපනය කළේ කවුරුන්ද? එය පාරාදීසය බවත්, එය ඔවුන්ගේ (ලක්ෂ්මී සහ නාරායනගේ) රාජධානිය වූ බවත් විදේශිකයන්ද වටහා ගනිති. ලොව සාමය දැන් ස්ථාපනය වෙමින් පවතී. උදයවරුවේ ඔබ සැම තැන යන විට ලක්ෂ්මී සහ නාරායනගේ පිංතූරය භාවිත කරන්න. එවිට, රාජධානිය ස්ථාපනය වෙමින් පවතින බවත් අපායේ විනාශය ඉතා ළඟ බවත් සියලු දෙනාගේ කන් වලට ඇතුලුවනවා ඇත යැයි බාබා පහදා දී ඇත. නාටකයට අනුව තවමත් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ඔබ දනී. එය සුප්‍රකට ජනතාවගේ වාසනාවේ නොමැත. එහෙත් බාබා නොකඩවා ඔබලාට උත්සාහ කිරීමට උනන්දු කරවයි. නාටකයට අනුව සේවය දිගටම සිදුවෙමින් පවතී. අච්චා. සුබ රාත්‍රියක්.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නරක ආශ්‍රයේ බලපෑම් ගැන බොහෝ ප්‍රවේසම් වන්න. අපිරිසිඳු අයගේ ආශ්‍රයට කිසි විටෙක නොයන්න. නිශ්ශබ්දතාවයේ බලයෙන් මෙම ලොව පාරිශුද්ධ කිරීමේ සේවය කරන්න.

2. නාට්‍යය ඉතා පැහැදිලිව වටහාගෙන ප්‍රීතියෙන් සිටින්න. ඔබගේ සෑම දෙයක්ම නව ලොවට මරු කරන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් කීකරු වී, හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින අතර පරම පියාගෙන් සාර්ථකත්වයේ තිලකයක් හිමි කරගනිත්වා.

දිනපතා අම්රිත් වේලාවේ, භාග්‍යය පිරිනමන්නා වන පියා, ඔහුගේ සෑම කීකරු දරුවෙකුටම සාර්ථකත්වයේ තිලකයක් ලබා දෙයි. ඔය කීකරු බ්‍රහ්මින් දරුවන්ට ‘අමාරු වැඩ’ හෝ ‘අපහසුයි’ යන වචන ඔබගේ කතාවේ හෝ සිතිවිලි වල වත් භාවිතා කළ නොහැක. ඔබ පහසු යෝගීවරු වී ඇත, එබැවින් ඔබ කිසි විටෙක අධෛර්යමත් නොවන අතර නිරන්තරයෙන් හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින අතර දයාවෙන් පිරිපුන්ය. ඔබ ‘මම’ යන සියලු අවධාන හෝ සැකයේ හැගීම් අවසන් කරයි.

පාඨය:
ලෝක පරිවර්ථනයේ දිනය ගැන නොසිතන්න, නමුත් තමන්ගේ පරිවර්ථනයට කාලය නියම කරගන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.

පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය ඇති රාජකීය ජීවාත්ම, ආචාරශීලි බවේ දෙවගනන් ලෙස හැදින්වෙයි. ඔවුන්ට කෝපය නමැති අවගුණයේ සුළු අපවිත්‍රතාවයක් වත් තිබිය නොහැක. ඊර්ෂ්‍යාව, ගැටුම්කාරි බව හෝ නොරිස්සුම යන ස්වරූපයෙන් සුළු සියුම් කෝප වීමක් පවා ඇත්නම්, එයත් ඔබ තුළ දැවෙන ගින්නකි. බාහිරව ඔබ රතු හෝ කහ පැහැ නොවන නමුත් ඔබ අදුරු සහ කිලිටි වෙයි. එබැවින් එම අවලස්සණ අවසන් කර අවංක සහ පිරිසිදු වන්න.