24.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ජයග්‍රාහී මල් දාමයේ කොටසක් වීමට නිරන්තරයෙන්ම පියා ස්මරණය කරන්න. ඔබේ කාලය
අපතේ නොහරින්න. මෙම ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න.
ප්‍රශ්නය:
පියා තම
දරුවන්ගෙන් කුමක් ඉල්ලන්නේද?
පිළිතුර:
සුමිහිරි දරුවනි, නොකඩවා හොඳින් ඉගෙන ගන්න යැයි පියා කියයි. පියාගේ ගෞරවය රකින්න,
පියාගේ නමට අපහාස වන කිසිදු අපිරිසිදු ක්‍රියාවක් නොකරන්න. සත්‍ය පියාට, සත්‍ය
ගුරුවරයාට සහ සත්ගුරූට අපහාස නොකරන්න. ඔබ නොකඩවා ඉගෙන ගන්නා අතර පවිත්‍රව සිටින බවට
පොරොන්දු වන්න.
ගීතය:
ඔබ සොයා
ගැනීමෙන් අපට සියලු දේ ලැබී ඇත; පොළව, අහස සියලු දේම අප සතු වේ.
ඕම් ශාන්ති.
ඔබ ලැබීමෙන්
අපට රාජ්‍යය ද ලැබුණි. එනම්, මුලු ලෝක රාජ්‍යයම වේ. වර්තමානයේදී ඔබලා දරුවන් මෙන්ම
ශිෂ්‍යයන් ද වේ. අසීමිත පියා ඔබ දරුවන් පාලකයින් බවට පත් කරවීමට පැමිණ ඇති බව ඔබ
දනී. ඔබ ඔහු ඉදිරිපිට වාඩිවී රාජයෝගා ඉගෙන ගනියි. එහි තේරුම ඔබ මෙහි පැමිණ සිටින්නේ
ඉගෙන ගැනීමට බවයි. ඔබලා ලොව ඔටුනු හිමි කුමර කුමරියන් වීමට ඉගෙන ගනියි. භක්ති
මාර්ගයේ මෙම ගීතය ගායනා කරති. ඔබලා ලොව අධිරාජ්‍යයිනුත් අධිරැජිණියනුත් වන බව
ඔබලාගේ බුද්ධියේ ඇත. පියා දැනුමේ සාගරය වේ. උත්තරීතර අධ්‍යාත්මික ගුරුවරයා මෙතන
අසුන් ගෙන ඔබ ජීවාත්මයන්ට උගන්වයි. ඔබලා මෙම දැනුම දෙන තැන අසුන් ගෙන ඇත්තේ ලොව
ඔටුන්න හිමි කුමර කුමරියන් වීමට බව ශරීර ඉන්ද්‍රියන් මඟින් ඔබලා තේරුම් ගනිති. ඔබට
එතරම් කුල්මත්භාවයක් තිබිය යුතුය! අප ශිෂ්‍යයින්ට මෙවැනි කුල්මත්භාවයක් තිබේද යැයි
ඔබගේ හදවතින් අසන්න. මෙය අළුත් දෙයක් නොවේ. අපි සෑම චක්‍රයේම ලොව ඔටුන්න හිමි කුමර
කුමරියන් වීමට පියා වෙතට පැමිණ සිටියෙමු. ඔහු පියා මෙන්ම ගුරුවරයා ද වේ. ඔබ කවුරුන්
වේ දැයි පියා ඇසු විට ඔබ සියලුම දෙනා සුර්ය වංශයේ ඔටුන්න හිමි කුමර කුමරියන් හෝ
ලක්ෂ්මි සහ නාරායන වන බව කියති. එයට මම සෑහෙන පමණ උත්සාහයක් ගන්නවාද? යැයි ඔබගේ
හදවතින්ම අසන්න. අසීමිත පියා අපට දෙව්ලොව උරුමය ලබා දීමට පැමිණ ඇත. ඔහු අපගේ පියා,
ගුරුවරයා සහ මඟ පෙන්වන්නා ද වේ. එමනිසා, ඔහු අපට නිසැකවම උසස්ම උසස් උරුමය දෙනවා
ඇත. අද ඉගෙන ගෙන හෙට ඔටුන්න හිමි කුමර කුමරියන් වනවා යන සතුට ඔබට තිබේ දැයි බලන්න.
මෙය දැන් සංගමය වේ. වර්තමානයේ ඔබලා මෙම පැත්තේ සිට දෙව්ලොව වන අනික් පැත්තට යාමට
ඉගෙන ගනී. ඔබ දිව්‍යමය කලා 16 සම්පූර්ණ වී, සියලු දිව්‍යමය ගුණ ධර්මයන්ගෙන් පිරුණ
විට ඔබ එහි යනවා ඇත. මම එපමණ වටිනා වී දැයි ඔබ තමන්ගෙන්ම අසා ගන්න. නාරද වන්ගේ එක්
බැතිමතකු නොව අප සියලු දෙනාම බැතිමතුන් විය. පියා දැන් ඔබව භක්තියෙන් නිදහස් කර ඇත.
පියාගෙන් උරුමය ලබා ගැනීමට ඔබලා පියාගේ දරුවන් වී ඇති බව ඔබ දනී. ඔබ මෙහි පැමිණ
ඇත්තේ ලොව ඔටුන්න හිමි කුමරුවන් වීමට නම් නොකඩවා ඔබගේ ගෙදර වාසය කරන්න. විශ්‍රාම
තත්ත්වයක සිටින අය ගෙදර වාසය කිරීමට නො උවමනා වේ යැයි පියා පවසයි. කුමාරයන්ට හා
කුමාරියන්ට ඇත්තේ ගෘහය නොව ශිෂ්‍ය ජීවිතයකි. ශිෂ්‍යයන් ඉගෙනුම ලබා ගන්නා කල
බ්‍රහ්මචාරීව සිටි. මෙම දැනුම ඉතාමත් උසස් නිසා ඉගෙන ගන්නා කල සැම විටම පවිත්‍රව
සිටිය යුතු වේ. බ්‍රහ්මචර්යා රකිමින් ඉගෙන ගන්නා අතර ඔවුන් පාපයට පෙළඹේ. මෙහිදී ඔබ
බ්‍රාහ්මචර්යාවෙන් සිට සම්පුර්ණයෙන්ම ඉගෙන ගනී. මම පාරිශුද්ධ සාගරය වේ. මම ඔබව ද
එසේ කරමි යැයි පියා පවසයි. ඔබ කල්පයෙන් අඩක්ම පවිත්‍රව සිටි බව ඔබ දනී. ඔබ පරම පියා
හට දැඩි පොරොන්දුවක් දුන්නා. බාබා, අප පවිත්‍ර ලොව පාලකයන් වීමට පවිත්‍ර නොවී
කොහොමද? ඔහු ගෙන ඇති ශරීරය සාමාන්‍ය වුවද ඔහු ඉතා උසස් පියෙකු වේ. ජීවාත්මයට
කුල්මත්භාවය ඇත. පියා පැමිණ ඇත්තේ අපව පාරිශුද්ධ කිරීමට වේ. ඔබ පව් කිරීමෙන් දැන්
ගණිකා මඩමක සිටි යැයි පියා පවසයි. ස්වර්ණමය යුගයේදී ඔබ පවිත්‍රය. රාධා සහ ක්‍රිෂ්ණා
පවිත්‍ර කුමරියක් සහ කුමරෙකු වේ. රුද්‍රාගේ මල් දාමයෙන් පසු විෂ්ණුගේ මල් දාමය වේ.
ජයග්‍රහණයේ මල් දාමයට ඇතුළු වීමට පළමුවෙන්ම නොකඩවා පියා ස්මරණය කරන්න. ඔබගේ කාලය
අපතේ නොහරින්න. තවද පසු පස හඹා යන වඳුරන් නොවන්න. වඳුරන් කඩල කති. පියා දැන් ඔබට
ආභරණ දෙයි. නොකඩවා කඩල හෝ කඩල ඇට පසුපස හඹා යෑමෙන් ඔබේ තත්ත්වය කුමක් වේද? ඔබ
රාවණ්ගේ සිර කුටියට යනවා ඇත. පියා පැමිණ ඔබව රාවණ්ගේ සිර කුටියෙන් නිදහස් කරයි.
ඔබගේ ශරීරයත් සමඟ සියලුම ශාරීරික නෑදෑයන් බුද්ධියෙන් ඉවත් කළ යුතුය. ඔබ ජීවාත්මයක්
බව විශ්වාසය තබා ගන්න. “මම සෑම චක්‍රයේම භාරතයට ඇතුළු වෙමි” යැයි පියා පවසයි. මම
පැමිණ භාරතයේ ජනයා ඔටුන්න හිමි කුමර කුමරියන් බවට පත්කරවමි. ඔහු ඉතා පහසුවෙන්
උගන්වයි. ඔබ මෙහි පැමිණ පැය 4 ක් 8 ක් වාඩි වී සිටිය යුතු යැයි ඔහු නොකියයි, නැත.
ගෙදර පවුල සමඟ වාසය කරන අතර ඔබ ජීවාත්මයක් බව සලකා මා ස්මරණය කරන්න. එවිට ඔබ
අපවිත්‍ර භාවයෙන් පවිත්‍ර වනවා ඇත. පාපයේ ගැලෙන අයට අපවිත්‍ර යැයි කියති.
දේවතාවරුන්ගේ ප්‍රශංසාව ගායනා කරන්නේ ඔවුන් පවිත්‍ර නිසාය. පියා පැහැදිලි කරයි :
මෙහි ඇති සතුට තාවකාලික සහ ටික කාලයකට පමණි. සතුට කපුටෙකුගේ අසුචි පිඩක් වාගේ යැයි
සන්යාසීන් කියයි. කෙසේවෙතත්, දේවතාවරුන්ගේ සතුට කොතරම් දැයි ඔවුන් නොදනී. එහි නම ම
සතුටු දේශය වේ. මෙය දුක් දේශය වේ. මෙලොව වෙන කිසිවකු මේවා ගැන නොදනී. සෑම චක්‍රයේම
පියා පැමිණ අපට විස්තර කර දී අපව ජීවාත්ම අවධානයට පත් කරවයි. තමා ජීවාත්මයක් සේ
සලකන්න. ඔබ ජීවාත්මයකි. ශරීරයක් නොවේ. ඔබගේ ශරීරයේ පාලකයා ඔබ වේ. ශරීරය ඔබගේ පාලකයා
නොවේ. උපත් 84 ගෙන ඔබ දැන් අපවිත්‍ර වී ඇත. ඔබගේ ජීවාත්මය ද ශරීරය ද දෙකම දැන්
අපවිත්‍ර වී ඇත. ඔබ ශරීර අවධානයට පත්ව පව් කළේය. ඔබ දැන් ජීවාත්ම අවාධානයට පත් විය
යුතු වේ. ඔබ මා සමඟ ගෙදර යා යුතු වේ. ඔබගේ ජීවාත්මය සහ ශරීරය යන දෙකම පවිත්‍ර සහ
පිරිසිඳු කර ගැනීමට ‘මන්මනභාව්’ වන්න යැයි පියා පවසයි. පියා ඔබව චක්‍රයෙන් අඩක්
රාවණ්ගෙන් නිදහස් කළ අතර ඔබට දැන් එම නිදහස නැවතත් ලැබෙනවා ඇත. ඔබට චක්‍රයේ අඩක්
නිදහසේ පාලනය කළ හැකි වේ. එහි පස් පව් වල නමක්වත් නැත. දැන් ශ්‍රීමත් අනුගමනය කර
උසස් වන්න. කොපමණ පාපයන් මට ඇද්දැයි ඔබගෙන්ම අසා ගන්න. මා පමණක් නොකඩවා ස්මරණය
කරන්න යැයි පියා පවසයි. රණ්ඩු නොවන්න, වාද නොකරන්න, නැතිනම් ඔබ පවිත්‍ර වන්නේ
කෙසේද? ඔබ මෙහි පැමිණ ඇත්තේ මල් දාමයේ ඇමිණීමට උත්සාහ දැරීමට වේ. ඔබ අසමත් වූයේ නම්
ඔබට මල් දාමයේ ඇමිණිය නොහැකි වේ. සැම චක්‍රයකම ඔබට රාජධානිය අහිමි වනවා ඇත. අවසානයේ
බොහෝ දුක් වන්නටත් වේ. අන් ඉගෙනීම් වලද නාම ලේඛනයක් තබනවා ඇත. චරිතය ද පරීක්ෂණයට
ලක් වේ. මෙයද ඉගෙනීමකි. උදේ පාන්දරින්ම අවදි වී ඉගෙන ගන්න. ඔබට දහවල වැඩට යාමට
තිබෙන නිසා කාලය නොමැත. උදේ පාන්දරින්ම මිනිස්සු භක්තියෙහි යෙදෙයි. මෙය ඥාන මාර්ගය
වේ. භක්තියේ වැඳුම් පිදුම් කරද්දී ඔවුන්ගේ බුද්ධි එක් හෝ තවත් ශාරීරික කෙනෙකු සිහි
කරනවා ඇත. මෙහිදී ඔබ පියා ස්මරණය කර පසුව ඔබේ ව්‍යාපාර අදිය මතක් කරයි. ඔබ පියා
ස්මරණය කරන තරමට ඔබගේ පව් කැපී යනවා ඇත. ඔබ ඔබගේ උත්සාහයෙන් සම්පූර්ණ තත්ත්වයෙන්
පවිත්‍ර වූ විට මල් දාමය නිර්මාණය වනවා ඇත. ඔබ සම්පුර්ණ උත්සාහයක් නොගන්නේ නම්
පුරවැසියන්ගෙන් කොටසක් වනවා ඇත. ඔබගේ යෝගා හොඳ නම්, ඔබ හොඳින් ඉගෙන ගන්නේ නම්, ඔබගේ
කදමලු අනාගතයට දමන්නේ නම් එහි ප්‍රතිඵලය අනාගතයේ දී ලබනවා ඇත. යම් කෙනෙකු පියාගේ
නාමයෙන් යමක් පිරිනමන්නේ නම් එහි ඵලය ඔහු ඊළඟ උපතේදී ලබනවා ඇත. මම දැන් ඔබ ළඟට
කෙලින්ම පැමිණ ඇතැයි පියා පවසයි. ඔබ දැන් කරන සෑම දෙයක්ම ඔබ සඳහාමයි. මිනිසුන් දන්
දීම සහ පුණ්‍යකර්ම කරන්නේ කෙලින්ම නොවේ. ඔවුන් පියාට උදව් කරන්නේ එසේය. මෙම කාලයේ
පියාට බොහෝම උදව් වන්නේ ඔබලාය. ඔබගේ සියලුම මුදල් විනාශ වන බව ඔබ දන්නවා. එමනිසා,
පියාට උදව් කිරීමට එය භාවිත කළ හැකිය. එසේ නොවෙන්නේ නම්, පියා රාජධානිය ස්ථාපනය
කරන්නේ කෙසේද? අපට යුද්ධ හමුදාවක් හෝ අවි ආයුධ හෝ නැත. මෙහි සෑම දෙයක්ම අදෘෂ්‍යමාන
වේ. සමහරු ඔවුන්ගේ දියණියන්ට අදෘෂ්‍යමාන දෑවැද්දක් දෙති. සමහරු බොහෝ බාහිර පෙනුම
ඇති දෑවැද්දක් දෙන අතර සමහරු රහසිගතව දෙයි. පියා පවසයි : ඔබලා මනාළියන් වේ. මා
පැමිණ ඇත්තේ ඔබලා ලොව පාලකයන් බවට පත්කර වීමටය. ඔබ අදෘෂ්‍යමානව උදව් වේ. බාහිර
අලංකාරයන්ගේ කිසිම වටිනාකමක් නැති බව ඔබ ජීවාත්මයන් දනිති. මෙම ලොව දූෂිත හා
අපවිත්‍ර ලෝකයකි. ලොව ජනගහනය වර්ධනය විය යුතු වේ. නිසැකවම ජීවාත්මයන් පහළට පැමිණිය
යුතුය. උපත් වැඩිවන බැවින් ආහාර හිඟ වේ යැයි ඔවුන් බලාපොරොත්තු වේ. ඔවුන්ට ඇත්තේ
නපුරු බුද්ධි වේ. ඔබ දරුවන්ගේ දේව බුද්ධි වේ. පියා ඔබට උගන්වන නිසා ඔහුට බොහෝ
සැලකිය යුතුය. ඔබ හොඳින් ඉගෙන ගත යුතු වේ. ඔබ දරුවන්ගෙන් බොහෝමයක් ඉගෙනීම ගැන
සැලකීම් නොදක්වයි. බාබා ඔබ ලොව ඔටුන්නට හිමිකම් කියන කුමාරයන් සහ කුමාරීන් කරවන බව
ඔබගේ බුද්ධියේ තබා ගත යුතු වේ. පියා පවසයි : දැන් මාගේ උපදෙස් අනුගමනය කරන්න! පියා
ස්මරණය කරන්න! ඔබට අමතක වන බව ඔබ නැවත නැවතත් කියයි. ශිෂ්‍යයෙකු තම පාඩම අමතක වෙනවා
යැයි නැවත නැවත කියන්නේ නම් ගුරුවරයා කුමක් කරන්නේද? ඔබ පියාව ස්මරණය නොකරන්නේ නම්
ඔබගේ පාප දුරු නොවේ. ගුරුවරයෙකු ඔහුගේ සියලු ශිෂ්‍යයින් සමත් වීමට අනුකම්පා කරයිද
හෝ ආශිර්වාද දෙයිද? මෙහිදී ආශිර්වාද හෝ අනුකම්පාව නැත. පරම පියා පවසයි : ඉගෙන ගන්න!
ඔබගේ ව්‍යාපාර ආදිය කරන්න, නමුත් ඉගෙන ගැනීමද අවශ්‍ය වේ. තමෝප්‍රධාන් වලින්
සතෝප්‍රධාන් වන්න. අන් අයටද මෙම මාර්ගය පෙන්වන්න. ඔබගේ හදවතින් අසන්න: මම පියා හට
කොපමණ උදව් කරයිද? මා කොපමණ ප්‍රමාණයක් එසේ කර ඇද්ද? ත්‍රිමුර්ති පින්තූරය ඔබ
ඉදිරිපිට ඇත. මේ ශිව බාබා වේ. මේ බ්‍රහ්ම බාබා වේ. ඉගෙන ගැනීමෙන් ඔබ වෙනස් වේ. ඔබ
උපත් 84 කට පසු නැවත වෙනස් වේ. ශිව බාබා බ්‍රහ්ම බාබාගේ ශරීරයට ඇතුල් වී බ්‍රහ්මාගේ
මාර්ගයෙන් බ්‍රහමිණ්වරුන්, මේ දේවී දේවතාවන් කරවයි. ඔබ දැන් බ්‍රාහ්මණයන් වී ඇත.
දැන් ඔබගේ හදවතින් අසන්න ඔබ පවිත්‍ර වී ඇද්ද? මම දිව්‍යමය ගුණධර්ම උකහා ගන්නේද? පරණ
ශරීරය මට අමතක වී ඇද්ද? මෙය පරණ සපත්තුවකි. ඔබ ජීවාත්මයන් පවිත්‍ර වූ විට ඔබට
නොම්මර එකේ සපත්තුවක් ලැබෙනවා ඇත. ඔබ ඔබගේ පරණ ඇඳුම අතහැර අළුත් එකක් දමා ගනී. මෙම
චක්‍රය නොකඩවා භ්‍රමණය වේ. අද ඔහු සිටින්නේ පරණ සපත්තුවක වේ, හෙට දේවතාවක් වීම
ඔහුගේ පැතුම වේ. ඔබ පියා තුළින් අනාගතයේ ලොව කල්පයේ අඩකට ඔටුන්න හිමි කුමරු වේ.
කිසිවෙකුට අපගේ මෙම රාජධානිය පැහැර ගත නොහැක. එමනිසා, පියාගේ ශ්‍රීමත් අනුගමනය
කරන්න. ඔබ කොපමණ බාබා ස්මරණය කරනවාද? කොපමණ වේලා ස්වදර්ශන චක්‍රය කරකවනවාද? අන් අයද
එසේ කරනවාද, එසේ අසා දැන ගන්න. යම් දෙයක් කළ කෙනෙකුට එහි ප්‍රතිඵලය ලැබෙනවා ඇත. සෑම
දිනම පියා ඔබට උගන්වයි. සියලු දෙනාටම මුරලි ලැබෙයි. අච්චා, ඔබට එය නොලැබුණත් ඔබට
දින හත පාඩම් මාලාව දී ඇත. මෙම දැනුම ඔබගේ බුද්ධියට ඇතුල් වී ඇත. ආරම්භයේදී භතියක්
නිර්මාණය වුණි. සමහරු ශක්තිමත්ය, එහෙත් අන් අය දුර්වලව මායාගේ කුණාටු නිසා යන්න
ගියේය. සමහරු මාස හයක්, අටක් දක්වා පාරිශුද්ධව සිට ඉන්පසු ශරීර අවධානයට පත්ව තමන්වම
විනාශ කර ගනිති. මායා ඉතා බලවත් වේ. චක්‍රයෙන් අඩක්ම මායා ඔබව පරාජය කළා. ඔබ පරාජය
වුවහොත් ඔබගේ තත්ත්වය නැති වේ. අනුපිළිවෙලට මට්ටම් බොහෝ ඇත. සමහරු රජවරු හෝ
රැජිණියන් වේ. සමහරු උපදේශකයන්, සමහරු පුරවැසියන් වේ. සමහරුන්ට දියමන්ති මිණිමුතු
මාළිගා ඇත. සමහර පුරුවැසියන් ද බොහෝ ධනවත් වේ. ඔවුන්ට දියමන්ති, මිණිමුතු මාළිගා
ඇත. මෙහිදී ආණ්ඩුව ජනයාට ණය වී ඇත. එමනිසා, ජනයා ද, ආණ්ඩුව ද ධනවත්? එමනිසා, ‘අඳුරු
දේශයේ පාලකයන් අන්ධයි’ යන කියමන මේ කාලයට සුදුසු වේ. ඔබ දරුවන් දැන් ඉගෙන ගන්නේ ලොව
ඔටුනු හිමි කුමරුවන් වීමට බව විශ්වාසය තිබිය යුතුය. කෙනෙකුට තමන් නීතීඥයකු හෝ
ඉංජිනේරුවෙකු වනවා යැයි අමතක වනවාද? සමහරු නොකඩවා සෙලවෙන විට මායාගේ කුණාටු ඇතිවී
ඉගෙනුම අවසන් කරයි. පියා දරුවන්ගෙන් එක් ආයාචනයක් කරයි: සුමිහිරි දරුවනි, ඔබ හොඳින්
ඉගෙන ගන්නේ නම් ඔබට හොඳ තත්ත්වයක් උදා කරගත හැකි වේ. පියාගේ රැවුලේ ගෞරවය තබා ගන්න.
ඔබ අපවිත්‍ර ක්‍රියා කළේ නම්, පියාගේ නමට අපහස කරනවා ඇත. සත්‍යයේ පියා, සත්‍යයේ
ගුරුවරයා, සත්ගුරූට අපහාස කරන අයට කිසි විටෙක උසස් තත්ත්වයක් ලබාගත නොහැක.
වර්තමානයේ දී ඔබ දියමන්ති බවට පත්වෙමින් සිටී. එමනිසා, ඔබ සිප්පි කටු පස්සේ එලවන්න
එපා. බාබා දර්ශනයක් දුටු විට ඉක්මණින්ම සියලුම සිප්පි කටු අත්හැරියේය. මම උපත් 21
කට රාජධානියක් ලබන්නේ නම් මේවා සමඟ මම කුමක් කරන්ද? යැයි ඔහු සිතුවේය. එමනිසා, ඔහු
ඒවා දුන්නේය. මම ලොව රාජධානිය උරුම කර ගනිමි. ලොව විනාශ වන බව ඔබ ද දනී. ඔබ දැන්
ඉගෙන නොගන්නේ නම්, ප්‍රමාද වී පසුතැවිලි වන්නට සිදුවනවා ඇත. ඔබ දරුවන්ට සෑම දෙයකම
දර්ශන ලැබෙනවා ඇත. අහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! ඔබ අඬගැසී යැයි පියා පවසයි.
මම දැන් ඔබ සඳහා පැරණි ලොවට පැමිණ ඇත, පාරිශුද්ධ වන්න යැයි මම ඔබට කියමි. ඔබ නැවත
නැවත අපවිත්‍ර වේ. මම සියලු මරණයන්ගෙන් උසස්ම මරණය වේ. මම ඔබ සියලු දෙනාම මා සමඟ
ආපසු ගෙන යමි. පියා පැමිණ ඔබට දෙව්ලොවට මඟ පෙන්වයි. ඔහු මෙම ලෝක චක්‍රය කරකැවෙන්නේ
කෙසේද යැයි දැනුම ඔබට දෙයි. පසු ගිය චක්‍රයේ ඉගෙන ගත් අය පැමිණ නැවත ඉගෙන ගන්නවා
ඇත. ඔබලාට ද එම දර්ශන ලැබේ. අප බොහෝ සේ වැඳුම් පිදුම් කළ, හමුවීමට දැඩි ආශාවක්
දැක්වු අසීමිත පියා දැන් පැමිණ අපට උගන්වනවා යන විශ්වාසය ඔබට තිබිය යුතුය. අපි අවම
වශයෙන් අපේ පියා හමුවිය යුතුය. ඔබට මෙම දැඩි විශ්වාසය ඇත්නම් ඔබ බොහෝ සතුටින් සහ
විශ්වාසයෙන් ඔහුව හමුවීමට දුවගෙන එනවා ඇත. මෙය වංචාවක් නොවේ. පාරිශුද්ධ නොවන හා
ඉගෙන නොගන්නා අය බොහෝ වේ. නිකම් බාබා ළඟට යෑමට පමණක් ඔවුන් පැමිණේ. ඔවුන් මෙහි
පැමිණ ඇත්තේ වටපිටාව බැලීමට පමණි. ඔබ දරුවන් ඔබගේ රාජධානිය අදෘශ්‍යමානව ස්ථාපනය කළ
යුතු යැයි පියා විස්තර කරයි. පාරිශුද්ධ වන්න, ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන්
වනවා ඇත. රාජයෝගා උගන්වන්නේ පියා පමණි; අන් සියලු දෙනාම හතයෝගීන් වේ. ඔබ ජීවාත්මයක්
යැයි සලකා ඔබගේ පියා වන මා ස්මරණය කරන්න. ලොව ඔටුන්න හිමි කුමරුන් වීමට ඔබ අසීමිත
පියා ළඟට පැමිණ ඇත යන කුල්මත්භාවය තබා ගන්න. එමනිසා, ශ්‍රීමත් අනුගමනය කරන්න. මායා
ඔබගේ බුද්ධියේ යෝගා කඩා දමයි. පියා බලවත්ය. එසේම මායා ද බලවත් වේ. සෑම චක්‍රයකින්ම
අඩක් රාමාගේ රාජධානිය වන අතර අනෙක් භාගය රාවණගේ රාජ්‍යය වේ. මෙයද කිසිවකු නොදනී.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ අද ඉගෙන
ගන්නා අතර හෙට ඔටුනු හිමි කුමර කුමරියන් බවට පත්වේ යන කුල්මත්භාවය සෑම විටම තබා
ගන්න. ඔබගේ හදවතින් අසන්න: මම සෑහෙන උත්සාහයක් ගන්නේද? මම පියාට එවැනි සැලකිල්ලක්
දක්වනවාද? ඉගෙන ගැනීමට ඇල්මක් තිබේද?
2. පියාගේ කාර්යයට
අදෘශ්‍යමාන උදව්කරුවකු වන්න. ඔබගේ කදමලු අනාගතයට පවරන්න. සිප්පි කටු පස්සේ යමින්
කාලය අපතේ නොහරින්න, එහෙත්, දියමන්තියක් මෙන් වීමට උත්සාහ ගන්න.
වරදානය:
ඔබ ද්විත්ව
ආලෝකයක් බවට පත් වී, ඔබේ මනස සහ බුද්ධිය ඔබේම නියෝග වලින් නිදහස්ව තබා ගැනීමෙන්
සූක්ෂම කලාපය අත්විඳිත්වා.
ඔබේ චින්තන බලය,
එනම්, ඔබේ මනස සහ බුද්ධිය නිරන්තරයෙන් ඔබේම නියෝග වලින් නිදහස්ව තබා ගන්න. එවිට, ඔබ
මෙහි සිටියත්, ඔබ මේ ලෝකයේ දරශන දකින ආකාරයටම සූක්ෂම කලාපයේ දරශන සහ දරශන පැහැදිලිව
අත්විඳිනු ඇත. මෙය අත්විඳීමට ඔබටම බරක් නොවන්න. ඔබේ සියලු බර පරමාත්ම පියාට ලබා දී
ද්විත්ව ආලෝකයක් වන්න. ඔබේ මනස සහ බුද්ධිය සැමවිටම පිරිසිදු සිතිවිලි වල ආහාර අනුභව
කළ යුතු අතර කිසිදු නාස්තිකාර හෝ පාපකාරී සිතිවිලි වල අපිරිසිදු ආහාර කිසි විටෙකත්
අනුභව නොකළ යුතුය. එවිට ඔබ ඕනෑම බරකින් සැහැල්ලුවෙන් සිටින අතර උසස් තත්වයක්
අත්විඳීමට හැකි වනු ඇත.
පාඨය:
නාස්තියට
නැවතුමක් තබා ඔබේ සුබ පැතුම් තොගය පුරවන්න.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
ගමන් කරන අතර ඔබ
අසමත් වන්නේ හෝ යම් අපහසුතාවයක් අත්දකින්නේ නම්, එයට හේතුව වන්නේ ඔබ උදව්කරුවෙක්
පමණක් වී, තමන් පරමාත්ම දෙවියන්ගේ උදව්කරුවෙක් බව නොසැලකීමයි. කුදා (දෙවියන්)
කිද්මත් (සේවය) වලින් වෙන් නොකරන්න. නාමයම වන්නේ කුදායි කිද්මත්ගාර් (දෙවියන්ගේ
උදව්කරු) බැවින් එසේ නම් ඔබ ඒකාබද්ධ දෙය වෙන් කරන්නේ ඇයි? ඔබගේ මෙම නාමය
නිරන්තරයෙන් සිහියේ තබාගන්න, එවිට සේවය ඉබේටම දෙවියන්ගේ විජ්ජාවෙන් පිරී යනු ඇත.