24.06.25    Avyakt Bapdada      Sinhala Murli      Om Shanti    Madhuban


(මා ජගදම්බා විසින් පවසන ලද මධුර ශ්‍රේෂ්ඨ වදන් - 2026 ජුනි මස 24 වන දින
සිහිවටන දිනයේ පංතියේ කියවීම සඳහා)
මෙම කර්ම ක්ෂේත්‍රයේ, කර්මය යනු සදාතනික දෙයක්.
ඔබ කර්මය අත්නොහළ යුතුයි, නමුත් ඔබ කර්ම යෝගීවරු විය යුතුයි.


සෑම මනුෂ්‍ය ජීවාත්මයක්, තමන්ගේම චරිත කොටස රඟපාන මෙම ලෝකය, කර්ම කේෂත්‍රයකි. පරමාත්ම ජීවයටත් මෙහි චරිත කොටසක් තිබෙන නමුත් ජීවාත්ම මෙන් ඔහු උපත් සහ මරණ චක්‍රය තුළට පැමිණෙන්නේ නැත. ජීවාත්ම මෙන්, ඔහුගේ ක්‍රියාවන්හි ගිණුම නරක් වන්නේ නැහැ. ඔහු පවසන්නේ: මා පැමිණෙන්නේ ඔය ජීවාත්ම නිදහස් කිරීමටයි, මේ නිසයි මා මුක්තිදායකයා, ඔබව බන්දන වලින් නිදහස් කොට මුක්තිය සහ විමුක්තිය ලබා දෙන්නා, ලෙස හඳුන්වන්නේ.

ඔහු, ජීවාත්මය බැඳ ඇති මායාගේ බන්දනය ගලවා, ජීවාත්මය පිවිතුරු කරවයි. ඔහු පවසන්නේ: මගේ යුතුකම වන්නේ ජීවාත්මයන්ව ඔවුන්ගේ සියලුම බන්දන වලින් නිදහස් කර ඔවුන්ව ආපසු නිවසට ගෙන යාමයි. ඔබ ලෝකයේ සදාතනික නීති සහ ආචාර ධර්මද වටහා ගත යුතුයි - මෙම මනුෂ්‍ය ලෝකය වර්ධනය වන්නේ (වැඩි වන්නේ) කෙසේද, එමෙන්ම එය අඩු වන කාලයක්ද තිබේ. එය වර්ධනය වන නිසා, එය අඛණ්ඩව වර්ධනය වනවා නොවෙයි; නැහැ. එය අඩුද වෙයි. මේ ලෝකයේ සෑම දෙයක්ම පාලනය වන්නේ නීතියකින්. ඔබගේ ශරීරයටද නීතියක් තිබේ, පළමුව එය ළදරුවෙක්, ඉන්පසුව එය දරුවෙක් වෙයි, පසුව තරුණයෙක් සහ මහළු වියට පත් වෙයි. එය විගසින් මහළු වන්නේ නැහැ; මහළු වන අතර සිරුර දිරාපත් වෙයි. එබැවින් සෑම දෙයක්ම වර්ධන වී, ඉන්පසුව එහි අවසානයට පැමිණෙයි - මෙය නීතියක්. මේ ආකාරයට, ලෝකයේ පරම්පරා වලට නීතියක් තිබෙනවා. ඔබගේ ජීවිතයේ අවධි තිබෙන අතර ඔබගේ උපත් වලද අවධි තිබේ, තවද නොකඩවා පැවතී ඇති පරම්පරා වලද අවධි තිබේ. මේ අන්දමට සියලුම ධර්මතාවයන්ට අවධි තිබේ. වඩාත්ම බලවත් ධර්මය වන්නේ ප්‍රථම ධර්මයයි, ඉන්පසුව ක්‍රම-ක්‍රමයෙන් පැමිණෙන ඒවාට ඇත්තේ අඩු බලයකි. බෙදීම සඳහා ධර්මය, පැවතීම සඳහා ධර්මය - සෑම දෙයක්ම නොකඩවා සිදුවන්නේ නීතියට අනුවයි. මේ සියලුම දේවල් වටහාගත යුතුයි.

මේ අන්දමට, පරම පියාද පවසන්නේ: මටද මෙහි චරිත කොටසක් තිබෙනවා. මමද ජීවාත්මයක්. පරමාත්ම දෙවියන් වන මම වෙන දෙයක් නොවෙයි. මාද ජීවාත්මයක්, නමුත් මගේ වගකීම ඉතා ශ්‍රේෂ්ඨයි එමෙන්ම උසස්ම වෙයි, මේ නිසයි මාව පරමාත්ම දෙවියන් ලෙස හඳුන්වන්නේ. ඔබ ජීවාත්මයක් වන සේම, මාද ඒ වගේමයි. ඔබ මනුෂ්‍ය ජීවියෙක් වන අයුරින්, ඔබගේ දරුවාද මනුෂ්‍ය ජීවියෙකි. මෙහි කිසිදු වෙනසක් නැහැ නේද? එබැවින්, මමද ජීවාත්මයක්. ජීවාත්ම අතර වෙනසක් නොමැත, නමුත් අපගේ වගකීම් අතර විශාල වෙනසක් තිබේ. මේ නිසයි අනෙක් සියලුම අයගේ වගකීම් වලට වඩා මගේ වගකීම වෙනස් බව කියන්නේ. මම එක සීමිත ධර්මයක නිර්මාතෘවරයෙක් නොවෙයි. මම ලෝකයේ නිර්මාණකරුයි, නමුත් අනෙක් අය ඔවුන්ගේ ධර්මයේ නිර්මාණකරුවන්ය. එම ජීවාත්ම ඔවුන්ගේ කාලයේ ඔවුන්ගේ කාර්යය සිදු කරන ආකාරයටම මම, මගේ කාලයේ පැමිණෙනවා. මගේ වගකීම අසීමිතයි, පුළුල්ය, මගේ වගකීම අද්විතීයයි එමෙන්ම අසහායයි. මේ නිසයි මෙසේ කියන්නේ: ඔබගේ කාර්යය අද්විතීයයි. ඔහු සර්ව බලධාරියා ලෙසත් හඳුන්වනවා. වඩාත්ම බලවත් කාර්යය වන්නේ සියලුම ජීවාත්මයන්ව මායාගේ බන්දනයෙන් නිදහස් කර, නව ලෝකයේ අංකුරය පැළ කිරීමයි. මේ නිසයි ඉංග්‍රීසියෙන් ඔහුව හඳුන්වන්නේ Heavenly God-Father (දිව්‍යමය දෙවි-පියාණන්) ලෙසයි. ක්‍රිස්තු තුමාව හඳුන්වන්නේ ක්‍රිස්තියානි ආගමේ පියා ලෙසයි. ඔහු දිව්‍යමය දෙවි-පියාණන් ලෙස හඳුන්වන්නට නොහැක. පරමාත්ම දෙවියන්, උත්තරීතර ජීවාත්මය, දිව්‍යලෝකය ස්ථාපිත කරන කෙනාය. එබැවින් දෙව්ලොව යනු ලෝකයක් නේද? දිව්‍යලෝකය, ධර්මයක් නොවෙයි. එබැවින්, ලෝකය ස්ථාපිත කරන ඒකායන කෙනා ඔහු වන අතර එම ලෝකයේ තිබෙන්නේ එක ධර්මයක් සහ එක රාජධානියකි. සියලුම පදාර්ථ පරිවර්ථනය වී තිබෙන අතර මේ නිසයි ඔහු දිව්‍යමය දෙවි-පියාණන් ලෙස හඳුන්වන්නේ. දෙවනුව, මෙවන් කියමනකි: දෙවියන් සත්‍යයයි. එසේ නම් සත්‍යය යනු කුමක්ද? සත්‍යය තිබෙන්නේ කුමකද? මෙයත් වටහා ගත යුතු දෙයක්. සමහරු සිතන්නේ, සත්‍යය කතා කරන අය, දෙවියන් බවය. පරමාත්ම දෙවියන් යනු වෙන දෙයක් නොවෙයි, නමුත් කෙනෙක් සත්‍යය පමණක් කතා කළ යුතුයි. නමුත් නැහැ. “දෙවියන් සත්‍යයයි” යන්නෙහි අරුත වන්නේ, පරමාත්ම දෙවියන් පැමිණ, අපට සෑම දෙයක් ගැනම සත්‍යය පැවසූ බවයි. “දෙවියන් සත්‍යයයි” යනු, පරමාත්ම දෙවියන් අපට සත්‍යය පවසන බවයි. සත්‍යය තිබෙන්නේ ඔහුට පමණයි, මේ නිසයි ඔහු දැනුමින්-පිරිපුන් කෙනා ලෙස හඳුන්වන්නේ. දැනුමේ සාගරය, ආනන්දයේ සාගරය, දෙයියෝ දනී. එබැවින් ඔහු දන්නා යම් දෙයක් අනිවාර්යෙන් තිබෙනවා. එසේ නම් ඔහු දන්න එම තොරතුරු මොනවාද? “මේ කෙනා යමක් සොරකම් කළා”, දෙයියෝ දනී, නොවෙයි. ඔහු සියල්ල දන්නා නමුත්, ඔහුගේ ප්‍රශංසාව පදනම් වී ඇත්තේ, වැටී ඇති අපගේ ලෝකය, නැවතත් ඉහළ නංවන්නේ කෙසේද, මතයි. ඔහු මෙම චක්‍රය පිළිබඳ සෑම දෙයක්ම දන්නවා, මේ නිසයි, දෙයියෝ දනී, කියා කියන්නේ. ඉතිං, පරමාත්ම දෙවියන්ව ප්‍රශංසා කරන්නේ මේ ආකාරයට වන අතර එය මනුෂ්‍යයන්ගේ ප්‍රශංසාවෙන් වෙනස්ය, මන්ද, ඔහුගේ දැනුවත් බව සම්පූර්ණයෙන්ම වෙනස් නිසා. මනුෂ්‍යයන්ගේ දැනුවත් බව සීමිතයි. මනුෂ්‍යයන් දන්නා දේවල ආයුෂ-කෙටි බවත්, පරමාත්ම දෙවියන් ගැන ඔවුන් පවසන්නේ, ඔහු සියල්ල-දත් බවයි. ඉංග්‍රීසියෙන් එයට මෙසේ කියයි “knowledge-full”, එනම්, ඔහු සියල්ල ගැන දන්නා කෙනාය, එනම්, සෑම දෙයක් ගැන දන්නා ඒකායන කෙනාය. සත්‍යය ගැන දැනුවත් විය හැක්කේ, සියල්ල-දත් ඒකායන කෙනාට පමණයි. සෑම දෙයක් පිළිබඳව නිවැරදි දැනුම තිබෙන කෙනාට පමණයි, එය සියලු දෙනාට ලබා දිය හැක්කේ. ඔහුට දැනුම තිබෙන නමුත් ඔහු එය කිසිවෙකුට ලබා නොදෙන්නේ නම්, අපට ඉන් ඇති ප්‍රයෝජනය කුමක්ද? එවිට, ඔහු දැනගෙන සිටියාදෙන්. නමුත් නැහැ. ඔහු සියල්ල දැන සිටීමෙන්, අපට යම් ප්‍රයෝජනයක් ලැබී ඇත, මේ නිසයි අපි ඔහුගේ සුදුසුකම් ගැන ප්‍රශංසා ගයන්නේ. අපි ඔහු පසුපස හඹා යනවා. යමක් සිදුවුනු ඕනෑම විටෙක, අප කියන්නේ, “අහෝ දෙවියනි! දැන් ඔබ මෙය කරන්න!” කාරුණික වන්න. අනුකම්පා කරන්න. මගේ දුක ඉවත් කරන්න. ඉතිං අපි ඔහුගෙන් මෙය ඉල්ලනවා නේද? අපට ඔහු සමග යම් සම්බන්ධතාවයක් තිබෙන නිසයි අපි ඔහුව ඒ ආකාරයට සිහි කරන්නේ, ඔහු අපට යම් උපකාරයක් සිදු කර ඇති සේ. ඔහු අප වෙනුවෙන් කිසිවක් සිදුකර නොමැති නම්, අපි ඔහු වෙනුවෙන් වෙහෙස වන්නේ ඇයි? අපහසු අවස්ථාවකදි යම් කෙනෙක් ඔබට පිහිට වූ විට, ඔබගේ හදවතින් මෙම හැඟීම ඇති වෙයි: අපහසු අවස්ථාවක මෙම කෙනා මට බොහෝ උපකාර කළා. අවශ්‍ය වෙලාවකදි ඔහු මාව ආරක්ෂා කළා. එබැවින් ඔබගේ හදවත තුළ ඔහු කෙරෙහි සෙනෙහස තිබේ. ඒ අන්දමින්ම, පරමාත්ම දෙවියන් කෙරෙහිද, අවශ්‍ය වෙලාවකදි ඔහු ඔබට උපකාර කිරීමේ එම සෙනෙහස ඔබ තුළ තිබේ. කෙසේවෙතත්, යම් පුද්ගලයෙකුට කිසියම් යහපතක් සිදු වූ විට, එය දෙවියන් සිදු කළ බව, පරමාත්ම දෙවියන් ක්‍රියා කරන්නේ ඒ අන්දමින් කියා ඔබ නොකියයි. ඔහුගේ කාර්යය ශ්‍රේෂ්ඨයි, ඔහුගේ කාර්යය ලෝකය උදෙසාය. එය මුළු ලෝකය හා බැඳී තිබේ. යම් කෙනෙකුට මුදල් ටිකක් ලැබුණු විට, එය පරමාත්ම දෙවියන් සිදු කළා නොවෙයි. එය අපගේ හොඳ ක්‍රියාය, එබැවින් එම හොඳ ක්‍රියාවන්හි ඵලය අපට ලැබෙයි. හොඳ සහ නරක ක්‍රියාවල ගිණුම තිබේ. අපට එය අඛණ්ඩව ලැබෙයි, නමුත් පරමාත්ම දෙවියන් පැමිණ, අපට උගන්වා ඇති ක්‍රියාවල ඵලය, වෙනම එකකි. ඔබගේ බුද්ධියේ පදනමට අනුවත් තාවකාලික සතුට ලැබෙයි. ඔහු අපට ලබා දී ඇති දැනුම, අපට සෑම කලටම සතුට ලබා දෙයි. එබැවින්, පරමාත්ම දෙවියන්ගේ කාර්යය වෙනම එකකි. මේ නිසයි මෙවන් කියමනක් තිබෙන්නේ: මා පැමිණ ඔබට ක්‍රියා පිළිබඳ සැබෑ දැනුම උගන්වනවා, එය හඳුන්වනු ලබන්නේ: කර්ම යෝගාව ශ්‍රේෂ්ඨයි, කියාය. මෙහිදි ක්‍රියා අත්හැරීම හෝ ඔබගේ නිවස අත්හැරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. මා සරළව ඔබට ලබා දෙන්නේ, ඔබගේ ක්‍රියා ඔබට පිවිතුරු කරගත හැකි අන්දම පිළිබඳ දැනුමයි. එබැවින් ඔබ, ඔබගේ ක්‍රියා පිවිතුරු කරගත යුතුයි, ඔබ ඒවා අත්හල යුතු නැහැ. ක්‍රියා සදාතනිකයි. මෙම කර්ම කේෂ්ත්‍රයත් සදාතනිකයි. මනුෂ්‍යයන් සිටින්නේ කොතැනකද, එතැන ක්‍රියාද තිබෙයි, නමුත් ඔබගේ ක්‍රියා ගිණුම උදාසීන වන ආකාරයට, ඔබට එම ක්‍රියා ශ්‍රේෂ්ඨ කරගත හැකි වන්නේ කෙසේද කියා, මා පැමිණ ඔබට උගන්වනවා. උදාසීන ක්‍රියා (අකර්ම) යනු, ඔබ කිසිම නරකක් රැස් කර නොගැනීමයි.

පරමාත්ම පියා පවසන්නේ : මා මෙම කෙටි සංගම යුගයෙදි, මෙම භෞතික ලෝකයට පැමිණියේ ඔබ වෙනුවෙන්ම පමණයි. එබැවින් අඩුම තරමින්, කෙතරම් වෙලාවක් තිබෙනවාද, ඔබට ඇති කෙටි කාලයේදි මා ගැන සිතන්න. ඔබ දැන් බාබාට අයත් බැවින්, අඩු තරමින් එම කාලයේදිවත් පිවිතුරුව රැඳී සිටින්න. එවිට, ඔබ කෙතරම් ප්‍රතිලාභයක් හිමි කරගෙන තිබේද යත්, ඔබට වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවෙයි. දැන් ටිකක් උත්සාහ දැරිය යුතුයි. හැකි කුමන හෝ ආකාරයකින්, ඔබට මිය යාමට සිදු වුනත්, පිවිතුරුව රැඳී සිටීමට පොරොන්දු වන්න. අධිෂ්ඨානය ඇති කරගන්න. ඔබගේ ධාරණාව පවත්වා ගැනීමට පූර්ණ උත්සාහයේ යෙදෙන්න. පරම පියා ඔබට බොහෝ පැහැදිලිව පවසන්නේ: මෙම කෙටි කාලයේදි සරළව උත්සාහ දරන්න. වෙනත් කිසිදේකට මා ඔබ ලවා උත්සාහ දැරීම සිදු කරන්නේ නැත. ඔබට ලැබෙන දේ සමග සසඳන විට, උත්සාහය සුළු දෙයකි. නොකඩවා මෙසේ පමණක් නොකියන්න: “මා මේක කරන්නම්, මා අරක කරන්නම්. ලෝකයා කුමක් කියයිද? අර කෙනා කුමක් කියයිද? අහෝ, ලෝකයා කුමක් කියයිද?” එය නිකම්ම පසෙකට දමන්න. දැන්, මේ ලෝකය අවසන් වීමටයි යන්නේ. දැන් මරණය තිබෙන්නේ ඔබගේ අත ළඟයි. මෙහිදි ඔබ නිර්මාණය කර ඇති කුමන හෝ විශාල සහ සංකූල දේවල් සියල්ලක්ම නිෂ්ඵලයි. පරම පියා දැන් පවසන්නේ : දැන්, එම නිෂ්ඵලත්වය අත්හරින්න. ඔබගේ ශරීරයේ ජීවිකාව වෙනුවෙන් ඔබට අවශ්‍ය දේ, ඔබට කළ හැක. ඔබගේ නිර්මාණය සමග ඔබට ඇති ගිණුම් කුමක් වුනත්, ඔබ එය පමණක් කළ යුතුයි. මා ඔවුන් රැක බලා ගන්නේ නැහැ. ඔබ ඔවුන්ව රැක බලා ගත යුතුයි. අවශ්‍යතාවය වන්නේ කුමක්ද, මා ඔබව ඉන් නිදහස් කරනවා, නමුත් ඔබ දැන් නිර්මාණය කරගන්නා අතිරික්තය ගැන, එය නොකරන ලෙස මා ඔබට කියනවා, මන්ද, දැන් සියල්ල කඩා වැටීමට යනවා, එබැවින් ඔබ අනවශ්‍ය ලෙස ඔබගේ කාලය අපතේ හරින්නේ කුමටද? මේ සියලුම ඵලක් නැති සංකූලතා නිසා ඔබ දුක් විඳිනවා. ඒ සියලුම සංකූලතා වලින් ඔබ නිදහස් වන්නේ කෙසේද? මා ඔබට පවසන්නේ මෙයයි! නමුත් ඒ තිබියදී, ඉඳගෙන බොහෝ නිදහසට කාරණා ලබා දීම, ඔබ මෙසේ කරන්නේ කෙසේද? එවිට පරම පියාද මෙසේ පවසනු ඇත: බලන්න, ඔබ සෘජුවම ඔබගේ අතැඟිල්ල මට නොදෙන්නේ නම්, ඔබ මට ඔබගේ අත නොදෙන්නේ නම්, එවිට මා ඔබව නාසයෙන් අල්ලාගෙන මාත් සමග රැගෙන යන්නෙමි. ඔබව නාසයෙන් අල්ලා ගන්නේ නම්, ඔබගේ හුස්ම හිර වෙයි, එවිට ඔබට දුක දැනී, ඔබට දඬුවම් විඳීමට සිදුවෙයි. මේ නිසයි ඔබට මෙසේ පවසන්නේ : ඔබගේ අත, ඔහුගේ අතට දී, සෘජුවම ඔහු සමග යාමට කාලය දැන් පැමිණ තිබේ. ඔබ මා සමග සෘජුවම (කෙලින්ම) නොයන්නේ නම්, එවිට ඔබගේ නාසය මගේ අතට එයි, එවිට සිදුවන දේ බලන්න! එවිට ඒ වෙලාවේ කිසි දෙයක් කළ නොහැක. ඔබට කිසි දෙයක් කිරීමට නොහැකි වනු ඇත, මේ නිසයි, පියා මෙසේ පවසන්නේ : දරුවනේ, දැන් මට අයත් වන්න, මා වෙතට එන්න, මට සවන් දෙන්න, ඒ තිබියදි ඔබ කිසිවක් නොකරන්නේ නම්, එයට විශාල ලෙස දඬුවම් ලැබෙයි. කිසි දෙයක් නොදන්නා අයට, එය වෙනම කාරණාවකි. නමුත් දන්නා අයට, මෙහි අසුන්ගෙන සිටින අයට, මෙයට සවන් දී, ඒ තිබියදී නොසැලකිලිමත් වන අයට, ඔවුන් වෙනුවෙන් කිසිවක් කළ නොහැක. දහ ගුණයක ලාභයක් තිබෙන සේම, දස ගුණයක පාඩුවක්ද තිබෙයි. මේ නිසයි මෙසේ කියන්නේ: “ඔබගේ පාඩුව හොඳින් අවබෝධ කරගන්න. ඔබගේ බුද්ධිය හොඳින් විවර කරගන්න.” ඔබගේ බුද්ධියේ යෝගාව, ඔබ පරම පියා සමග සම්බන්ධ කරගන්නේ නම්, ඔබට බලය ලැබෙයි. එබැවින් මේ සියලු දේවල් වටහා ගන්න. අමතක නොකරන්න.

දැන් ගෙවී යන කාලය හඳුනාගන්න. ඔබගේ දෑස් විවර කරන්න, ඔබගේ බුද්ධිය විවර කරගෙන මෙම කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ඔබගේ භාග්‍යය සම්පූර්ණයෙන් විවර කරගන්න. මෙවන් කියමනකි: “ ඇසුර කෙබඳුද, ඔබ වර්ණවත් වන පාටත් එබඳුය.” එබැවින් කෙනෙකුට සම්පූර්ණ ධාරණාව නොමැති විට, එවිට ඔබ මායාගේ ඇසුරේ වර්ණයෙන් පැහැ ගැන්වෙයි. මේ නිසයි මෙසේ කියන්නේ : නරක දේට සවන් නොදෙන්න, නරක දේ නොදකින්න, නරක දේ කතා නොකරන්න. කිසිවෙකුට පාඩුවේ ඉන්නට නොදෙන ඇතැම් දුෂ්ඨ අය, මෙහි පවා සිටිනවා, එවිට ඔවුන් එකිනෙකාගේ බලපෑමට හසුවෙයි. මේ නිසයි ඇසුරේ බලපෑමෙන් තමන්ව ආරක්ෂා කරගැනීමට කියා ඔබට කියන්නේ. ඇසුරේ බලපෑම තිබෙන්නේ මෙහි නොවෙයි, පිටත පමණක් කියා නොසිතන්න. නැහැ. මෙහි පවා, ඔවුන් දිගටම වටේ සැරිසරයි, මන්ද, එය ඔවුන්ගේ රාජධානිය නොවේද? මේ නිසයි පියා පවසන්නේ : ඔබගේ ආරක්ෂාවේ පළිහ හොඳින් පැළඳ සිටින්න. ඔබගේ ආරක්ෂක පළිහ පැළඳ සිටින්නේ නම්, මූනිස්සම ඔබට නොවැදෙයි. යෝගාව, ආරක්ෂක පළිහ වන අතර අසිපත වන්නේ දැනුමය. මෙම ආයුධ දෙක ඉතා හොඳින් ආරක්ෂිතව ඔබ සමග තබා ගන්න.

මෙවන් කියමනක් තිබේ: යමක් කරන අයට, එහි ප්‍රතිලාභය ලැබෙයි. මෙයත් ඔබගේ අනාගත ප්‍රතිලාභය නිර්මාණය කරගැනීමේ කාරණාවකි. ඔබ මෙහිදි ඔබගේ ප්‍රතිලාභය අත්විඳින්නේ නැත. නැහැ. ඔබ මෙහිදි යම්කිසි ගුරූ කෙනෙක් ලෙස අසුන්ගෙන සිටින්නේ නැත. මේ සියලුම දේවල් ඔබට පහදා දෙන්නේ වැරදි වැටහීමක් ඇති නොවන ලෙසයි. එබැවින් මේ සියලුම දේවල් ඔබගේ අවධානයේ තබාගෙන තමන්ව ආරක්ෂිතව තබා ගන්න. ඔබ මෙහිදි කිසිම වියදමක් ගැන කතා නොකල යුතුයි. මේ සියලුම වියදම් අන් අයගේ යහපත වෙනුවෙන් භාවිතා කළ යුතුයි. සෑම සියලු සතයක්ම මෙම කාර්යය වෙනුවෙන් භාවිතා කළ යුතුයි. අච්චා.

ප්‍රවේසමින් රැඳී සිටින, මිහිරිතම, ඉතා හොඳ දරුවන්ට, බාප්දාදා සහ අපගේ මම්මාගේ සෙනෙහස, ස්මරණය සහ සුබ උදෑසනක්. අච්චා.

ප්‍රශ්නය: මම්මා, ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතර, අපි යෝගාවේ ඉහළ ස්ථිතියක ස්ථාවරව රැඳී සිටින්නේ කෙසේද?

පිළිතුර: ඇත්ත වශයෙන්, අපගේ ජීවිතය ස්වාභාවික යෝගාවේ එකක් විය යුතුයි, මන්ද, යෝගාව යනු විශ්වාසයයි. එබැවින්, විශ්වාසය ස්ථිරව තබාගෙන ප්‍රායෝගික අන්දමකින් එහි ප්‍රතිමූර්තියක් වන්න. එම විශ්වාසයේ ස්වරූපයක් වී, ඔබගේ භෞතික ඉන්ද්‍රියයන් මගින් ක්‍රියා සිදු කරන්න. ඔබගේ භෞතික ඉන්ද්‍රියයන් ලවා නොකඩවා ඕනෑම ක්‍රියාවක් සිදු කරන නමුත් ඔබ සතුටේ ප්‍රතිමූර්තියක් වීමේ එම ස්ථිතියේ මුසු වී රැඳී සිටිය යුතුයි. ඔබගේ මුහුණ සතුටේ ප්‍රතිමූර්තියක් සහ විනෝදාත්මක ලෙස සෑම විටම දිස් විය යුතුයි. කිසිදු අපවිත්‍ර හෝ පාපකාරී සිතිවිලි නොතිබිය යුතුයි. අභ්‍යන්තර සෙනෙහස් ස්ථිතියේ, පරමාත්ම දෙවියන්ගේ අතීන්ද්‍රීය සතුටේ රැඳී සිටින්න, එවිට ඔබට කිසිදු අපවිත්‍ර හෝ පාපකාරී සිතිවිලි ඇති නොවෙයි. පිවිතුරු භූමියක කුමන සිතිවිලි පැන නැඟුනත් ඒවා මිනිසුන්ගේ යහපත සහ තමන්ගේම ප්‍රගතිය වෙනුවෙන් වෙයි. මෙය ඔබට අවශ්‍ය වෙලාවකදි බොහෝ සේ උපකාරී වන මිහිරි මනෝ ස්ථිතියකි. මිහිරි සහ පිවිතුරු ජීවිතයක් නිර්මාණය කර ගැනීමට ඔබට මෙම ස්වර්ණමය අවස්ථාව තිබෙන්නේ මෙකල පමණයි. එබැවින් එවන් ස්ථිතියක් නිර්මාණය කර ගැනීමට ටිකක් උත්සාහ දරන්න.

අප යෝගාවේ අසුන් ගන්න විට, අපට කිසිම මන්ත්‍රයක්, වන්දනා කිරීමක් හෝ අභ්‍යන්තර මැතිරීල්ලක් නැත. භක්ති මාර්ගයේ සමහරු ඇතුලාන්තයෙන් යාඥා කරයි, ඔවුන් මාලාවේ පබුළු භ්‍රමණය කරයි, ඔවුන් තමන් ඉදිරියේ ප්‍රතිමාවක් තබා එය මත මල් තබයි. ඔවුන් මේ සියල්ල සිදු කරන්නේ තම ඇතුලාන්තයෙන් වන අතර මෙය හැඳින්වෙන්නේ මනසින් වන්දනා කිරීම ලෙසයි. කෙසේවෙතත්, අපගේ යෝගාවේ, අප සරළව අපගේ ආදිතම ස්වරූපයේ ස්ථාවර වී, සතුටේ ප්‍රතිමූර්තියක් වෙයි. අපගේ මනස ඇතුළුව, සියලුම භෞතික ඉන්ද්‍රියයන් අපි පාලනය කරගන්නා අතර ඒකාග්‍රතාවයට පත් වී, දේවමය සතුටේ ප්‍රතිමූර්තියක් බවට පත් වනවා. මේ සඳහා, යෝගාව වෙනුවෙන් අපගේ කාලය පෞද්ගලිකව අපි නියම කරගන්නවා. අප අසුන්ගෙන එකම වේලාවේ එය පුහුණු කරනවා. අප සරළව සියලු දළ දේවලින් අපගේ සම්බන්ධතා බිඳ දමා, අව්‍යක්තය සමග සබැඳියාවක් ගොඩ නඟන අතර එවිට සිහි කිරීම පහසු වෙයි. අච්චා.

වරදානය:
ඔබ බාප්දාදාගේ ඇසුරේ සිටීමෙන්, දුර සිටම මායාව සිහිසුන් කොට, මායා පරාජය කරන සහ ලෝකය ජයගන්නා කෙනෙක් වේවා.

ඔබ පරම පියාට ආදරණීය වන ආකාරයෙන්ම, පියාව ඔබගේ සහකරු බවටත් පත් කරගන්න, එවිට මායා දුර සිටම සිහිසුන් වෙයි. ආරම්භයේ ඔබ සිදු කළ මෙම පොරොන්දුව “මා ඔබ සමග ආහාර ගන්නම්, මා ඔබ සමග අසුන් ගන්නම්, මා ඔබ සමගින් මගේ ජීවාත්මය සනසන්නම්...” මෙම පොරොන්දුවට අනුව ඔබගේ දවසේ සියලුම ක්‍රියාකාරකම් පියා සමග සිදු කරන්න, එවිට මායාට ඔබට බාධා කිරීමට නොහැකි වෙයි; ඇගේ විනාශය සිදු වෙයි. එබැවින් සෑම විටම ඔබගේ සහකරු ඔබ සමග තබා ගන්න. ඔහුගේ ඇසුරේ බලයෙන් සහ ඔහුගේ හමුවීම තුළ ගිලී යාමෙන් ඔබ මායා පරාජය කරන්නෙක් සහ ලෝකය ජය ගන්නෙක් වෙයි.

පාඨය:
ඔබගේ උසස්ම ආකල්පයෙන් ඔබගේ ගෘහයේ තත්ත්වය වෙනස් කරගන්න.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

ඔබගේ අව්‍යක්ත ස්ථිතියේ කැඩපත, පිරිසිදුව සහ පැහැදිලිව තබා ගැනීම සඳහා, කාරණා තුනකට අවධානය යොමු කරන්න: පහසු බව, ශ්‍රේෂ්ඨත්වය සහ දරාගැනීම. තුනෙන් එකක් හෝ නොමැති නම්, එවිට එම අඩුවේ පැල්ලමක් කැඩපතේ දිස්වෙයි. එබැවින් ඔබ කුමන කාර්යයක් සිදු කළත්, එහි සාමාන්‍ය බව දිස් නොවිය යුතුයි. සාමාන්‍ය බව, ශ්‍රේෂ්ඨත්වයට පරිවර්ථනය කරන්න, සෑම කාර්යයකම දරාගැනීම තිබිය යුතු අතර ඔබගේ වදන් වල පහසු බව ධාරණය කරගන්න, එවිට ඔබගේ සේවය තුළ සාර්ථකත්වය දිස්වෙයි.