24.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ බොහෝ සෙයින් ලාභදායී වූ ව්‍යාපාරය පිළිබඳව බාබාගෙන් ඉගෙන ගන්න. ලාභදායී වූ ව්‍යාපාරය යනු මන්මනභාව්. ඇල්ෆා යන්න සිහිපත් කොට අන් අයටත් එය සිහි කිරීම සඳහා උදව් කරන්න. අනෙක් සෑම දෙයක්ම ඔවුන් විකුණන්නේ සිල්ලරටයි.

ප්‍රශ්නය:
බාබා ඔහුගේ නිවහන වෙත පැමිණෙන ලෙස ආරාධනා කරන්නේ කුමන දරුවන් හටද?

පිළිතුර:
වෙන කිසිම කෙනෙක් සිහි කරමින් සිටින්නේ නැතිව බාබාගේ උපදෙස් හොඳින් පිළිපදින දරුවන්ටයි. තම ශරීරය පිළිබඳවත් ශරීරයට අයත් නොයෙකුත් නෑ සබඳතා සිහි නොකරන දරුවන්ටයි. බාබා පමණක් සිහි කරන දරුවන් පමණයි බාබාගේ නිවහනට පැමිණීම සඳහා ආරාධනා ලබන්නේ. දරුවනි, බාබා දැන් ඔබ සියලුම දෙනා සරසවනවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම ඉතා ඉක්මණින් ඔබ සියලු දෙනා ඔහුගේ නිවහන වෙත රැගෙන යනවා.

ඕම් ශාන්ති.
දරුවනි, ඔබ මෙහිදී ඔබගේ ඒ ආදරණීය පියාණන්ගේ මෙන්ම ඒ සාම දේශයෙත් සතුටු දේශයේත් ස්මරණයෙන් සිටිය යුතුයි. ඔබ සියළු දෙනාම මෙම දුක් ලෝකය අමතක කර දමා ඒ පියා පමණක් සිහිපත් කළ යුතුයි. මෙය පියාගේත් දරුවන්ගේත් ඉතාමත් සුමිහිරි වූ හමුවීමක් වෙන කිසිම පියවරයෙක් සමඟ ඔබට මෙවැනි සුමිහිරි වූ සම්බන්ධතාවයක් තබා ගන්නට බැහැ. ඔබගේ බුද්ධියෙහි නිරන්තරයෙන්ම,ඔබ ඒ අසීමිත වූ පියා හමු වී තිබෙනවා. ඔහු ඔබට ඉතාමත් පහසු වු මාර්ගයක් පෙන්වනවා.කියා තිබිය යුතුයි. එම නිසා ඔබගේ සතුටත් ඵ් ආකාරයෙන්ම තිබිය යුතුයි. බාබා සිහිපත් කරන්න. ඒ වගේම ඒ සාමයේ දේශයත් සතුටේ දේශයත් සිහිපත් කරන්න. මෙම දුක් සහිත ලෝකය සිහි කරන්න එපා. එය අමතක කර දමන්න. ඔබ යන ඕනෑම තැනකදී ඔබගේ බුද්ධියෙහි මෙම කරුණ තබා ගත යුතුයි. ඔබට මෙහිදී වෙන කිසිම ව්‍යාපාරයක් කිරීමට නැහැ: ඔබ මෙම නිවහනෙහි අසුන් ගෙන සිටීම පමණයි කරන්නේ. බාබා ඔබට එක් වචන තුනක් පමණක් සිහියේ තබා ගන්න කියා කියනවා. ඇත්තෙන්ම එය එක් කියමනක් පමණයි: පියා පමණක් සිහි කරන්න යනු එයයි. ඔබ ඒ පියා සිහිපත් කරන විට ඒ සාමයේ දේශයත් සතුටේ දේශයත් වන ඔබගේ උරුමයත් සිහිපත් කරනවා. බාබා තමයි ඔබට මේ උරුමය ලබාදෙන එකම එක තැනැත්තා. ඔබ මෙය සිහිපත් කරන විට ඔබගේ සතුට දෙගුණ තෙගුණ වනවා. ඔබගේ සන්තෝශය දරුවන්ගේ සන්තෝශය මෙහිදී බාබා හට සිහිපත් වනවා. දරුවනි. ඔබගේ බුද්ධිය දන්නවා, බාබා අනිවාර්යයෙන්ම අප ඔහුගේ නිවහන වෙත ආරාධනා කරනවා කියා: ඔහු එහිදී අපව ඉතා ආදරයෙන් පිළිගන්නවා. කොහොම නමුත් මෙය අයත් වන්නේ බාබාගේ පිළිවෙත් අනූගමනය කරන අය හට පමණයි: වෙන කිසිම කෙනෙක් සිහි නොකරන අය පමණයි. ඔබගේ ශරීරයත් සමඟ තිබෙන සියළුම නැදෑකම් නැති කර දමා ඒ එකම පියා පමණක් සිහිපත් කරන්න. භක්ති මාර්ගයේදී ඔබ මේ සියළු දේ ගැන සොයමින් සිටියා. නමුත් ඔබ ඒ නිවහන කරා යන මාර්ගය දැනගෙන සිටියේ නැහැ. බාඛා දැන් ඔබට ඉතා පහසු වූ මාර්ගයක් පෙන්නුම් කර දෙනවා. බාබා ඔබගේ පියා මෙන්ම ගුරුවරයාත් වනවා. ඔහු මබට මේ නාටකයෙහි මුලත් මැදත් අගත් පිළිබඳව හොඳින් කියා දෙනවා. මෙය වෙන කිසිම කෙනෙක් විසින් විස්තර කළ නොහැකි දෙයක්.බාබා කියනවා: ඔබ ඒ ඔබගේ නිවසත් කරා ගොස් පසුව නැවතත් ඒ සත් යුගය කරා යා යුතුයි. ඔබ දැන් මේ පැරණි ලෝකය අත් හැර යාමට කාලය පැමිණ තිබෙනවා. ඔබ දැන් මෙහි අසුන්ගෙන සිටියා වූවත් ඔබ අනිවාර්යයෙන්ම මෙම ලෝකය අත් හැර දමා යා යුතුයි. ඔබ බොහෝ කාලයක් තිස්සේ බාබා හට කතා කරමින් සිට දැන් බාබා හමු වී තිබෙන නිසා බාබාත් ඉතා සතුටු වනවා. බාබා කියනවා: මා දැන් ඔබ බොහෝ අලංකාර කොට පසුව ඒ සාම දේශය කරා ගෙන යනවා. ඉන්පසු ඔබ අනුපිළිවෙලින් මෙහි පැමිණෙනවා. මෙය තේරුම් ගැනීම ඉතා පහසු දෙයක්. ඔබ කිසිම විටෙක මෙම පියා අමතක නොකළ යුතුයි. මෙය ඉතා සුමිහිරි වූ පැහැදිලි වූ කරුණක්. ඔබ අනිවාර්යයෙන්ම ඇල්ෆා යන්න සිහිපත් කළ යුතුයි. බාබා ඔබට සියළු දේ විස්තරාත්මකව කියා දෙන නමුත් ඔහු අවසානයේදී කියන්නේ: ඇල්ෆා හැර වෙන කිසිම දෙයක් සිහි නොකරන්න කියායි. ඔබ ඒ ආදරවන්තයාගේ ආදරවන්තියන් ලෙස උපත් ගණනාවක් තිස්සේ සිටියා. ඔබ බාබා සිහි කරමින් මෙසේ කියමින් සිටියා: ඔබ මෙහි පැමිණි විට අප සියළු දෙනා ඔබ හට වෙන් වනවා. ඉතින් දැන් බාබා මෙහි පැමිණ සිටින නිසා ඔබ වෙන්විය යුත්තේ ඔහු හට පමණයි. බුද්ධියෙහි විශ්වාසය තිබෙන අය පමණයි මෙම ජයග්‍රහණය ලබන්නේ. ඔබ රාවන් පරාජය කර පසුව රාමාගේ දේශය කරා යනවා. ඔබ කල්පයක් කල්පයක් පාසා රාවන් පරාජය කරමින් සිටිනවා. ඔබ බ්‍රහ්මින් දරුවන් බවට පත් වී පසුව රාවන් පරාජය කර දමනවා. ඒ රාමාගේ රාජ්‍යය කරා යාමට ඔබට අනිවාර්යයෙන්ම උරුමය තිබෙනවා. ඔබ බාබා හඳුනා ගන්නවාත් සමඟම ඒ රාමාගේ රාජ්‍යයට මබ උරුමක්කාරයන් බවට පත් වෙනවා.කොහොම නමුත් ඉන්පසු ඔබ උසස් තත්ත්වයක් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම උත්සාහ දැරිය යුතුයි. ඔබ අනිවාර්යයෙන්ම ඒ ජයග්‍රහණය නමැති මාලාවේ කොටස්කරුවෙක් බවට පත්විය යුතුයි. ඒ ජයග්‍රහණය නමැති මල්මාලාව ඉතා විශාලයි. ඔබ රජෙක් බවට පත් වුවවොත් ඔබට සියළුම දේ ලබා ගත හැකියි. සෑම සේවක සේවිකාවක්ම අනු පිළිවෙළකට තමයි පැමිනෙන්නේ. සෑම දෙනාටම තත්ත්වයත් ලැබීමට බැහැ. සමහර සේවකයන් ඔවුන්ගේ රජතුමා අනුභව කරන දේම අනුභව කිරීමට තරම් සමීපව වාසය කරනවා. කෑම සාදන ස්ථානයෙහි ඇති ඕනෑම දෙයක් අනුභව කිරීමට ඔවුන්ට අයිතිය තිබෙනවා: ඔවුන් හට එහිදී තිස් හය ආකාරයක කෑම තිබෙනවා. රජවරුන් ලක්ෂපතියත් ලෙස හැඳින්වූවත් ඔවුන්ගේ සේවකයන් එසේ හැඳින්වීමට බැහැ. එහිදී ධනය පිළිබඳව එතරම් සැළකීමක් නැති වුවත් ඒ දිව්‍යාංගනාවන් ඔවුන් අයත් වන කාණ්ඩවලට අනුව පෙන්වා තිබෙනවා. ඔබ මෙම ස්මරණයෙහි යෙදෙන තරමක් ඔබට පුළුවන් ඒ සුර්ය වංශයෙහි වෙසෙන්න. ඔබ අනිවාර්යයෙන්ම ඵ් නව ලෝකයට ගොස් ඒ අධිරාජ්‍යයන් බවට පත් විය යුතුයි. බාබා ඔබට සාමාන්‍ය මනුෂ්‍යයකුගෙන් නාරායන් බවට පත් වීමේ දැනුම දැන් ඔබට ලබා දෙනවා: මෙය අප හඳුන්වන්නේ රාජ යෝග දැනුම ලෙසයි. කොහොම නමුත් ඔබ තමයි මෙහිදී බොහෝ සෙයින් භක්ති කර ඇති දරුවන් වන්නේ, ඔබ තමයි බොහෝ සෙයින් වන්දනාමාන කර තිබෙන්නේ. නමුත් දැන් ඔබ බාබා හමු වී තිබෙනවා. එමනිසා ඔහු දැන් ඔබට ඒ ඉතාමත් පහසු වු මාර්ගය පෙන්වා දි තිබෙනවා. ඔබ කළ යුතු එකම දෙය තමයි බාබා සිහිපත් කිරීම, බාබා නිරන්තරයෙන්ම ඔබට දරුව දරුව. කියා කතා කරමින් සියළු දේ විස්තර කර දෙනවා. දරුවනි, බාබා මෙහිදී ඔහු විසින්ම ඔබටම වෙන් වෙනවා. ඔහු ඔහුගේ සමීපතමයන් වන්නන් වෙත අනිවාර්යයෙන්ම වෙන් වී කටයුතු කරනවා. බාබා ඔබ පැමිණි විට අප සියළු දෙනා ඔබටම වෙන් වෙනවා යනුවෙන් ඔබ කියමින් සිටියා. ඔබ ඔබගේ මනස, ශරීරය මෙන්ම සියළු ධනයත් බාබා වෙත පුද කරනවා. ඔබ බාබා හට වෙන් වන්නේ එක් අවස්ථාවකදී පමණයි නමුත් බාබා ඔබට විසිඑක් වතාවක් ඔබ වෙනුවෙන්ම වෙන්වනවා. දරුවනි, බාබා ඔබට විස්තර කරනවා මෙම වාසනාව වුවත් ඔබට ලබා ගත හැක්කේ ඔබ විසින් සිදු කරන උත්සාහය අනුව අනුපිළිවෙලකට බව. බාබා කියනවා: සුමිහිරි දරුවනි, ඔබගේ ඒ රාජ්‍යය තමයි ඔබ විසින් ලබන උරුමය වන්නේ. එමනිසා ඔබට හැකි තාක් දුරට මෙම උත්සාහය දැරිය යුතුයි.ඔබ කරන උත්සාහය අනුව තමයි ඔබ ඔබගේ තත්ත්වය ලබන්නේ.ඒ පළවනම නොම්මරය ලබා ගත් තැනැත්තා අවසානම තැනැත්තා වන අතර ඔහු අනිවාර්යෙන්ම නැවතත් එම ස්ථානය ලබා ගන්නවා. සෑම දෙයකම සිදුවන්නේ ඔබ විසින් කරන උත්සාහය අනුවයි. දරුවනි, බාබා දැන් මෙහි පැමිණ සිටින්නේ ඔබ සියඵම දෙනා ඔහුගේ නිවහන කරා ගෙන යාමටයි. දැන් ඔබ ජිවාත්මයක් ලෙස සිතා බාබා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ සියළුම පාපයන් විනාශ වී යයි. එය රාගයෙහි ගින්න වන අතර මෙය තමයි යෝගා ගින්න වන්නේ. ඒ රාගය නමැති ගින්නෙහි ඔබ වෙලුණු නිසා ඔබ සියළු දෙනාම දැන් අවලස්සන වී තිබෙනවා: ඔබ සියළු දෙනාම දැන් අළු බවට පත් වී තිබෙනවා. මා දැන් ඔබ සියළු දෙනා අවධි කර ලීමට මෙහි පැමිණ සිටිනවා. මා දැන් ඔබ පත් වී තිබෙන මේ තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත් කරනවා.එය සම්පූර්ණයෙන්ම සරල වූ දෙයක්: මම ජිවාත්මයක් පමණයි. ඔබ බොහෝ කාලයක් තිස්සේ ශරීර අවධානයෙන් සිටි නිසා නොයෙකුත් කෙනාගේ එල්ලෙමින් සිටියා. දැන් ආත්ම අවධානයට පත් වී බාබා පමණක් සිහිපත් කරන්න. ඔබ දැන් අනිවාර්යයෙන්ම ඔබගේ නිවහන කරා යා යුතුයි. එම නිසා බාබා දැන් ඔබ සියළු දෙනා එහි රැගෙන යාම සඳහා මෙහි පැමිණ සිටිනවා. ඔබ විසින් බාබා හට ආරාධනා කළ හෙයින් දැන් බාබා මෙහි පැමිණ සිටිනවා. ඔහු සියළුම අපිරිසිඳු තත්ත්වයට පත් වුවත් පිරිසිඳු කර ඒ සියළුම දෙනා හට නිවහන කරා යාමට මග පෙන්වන්නා බවට පත් වනවා. ඔබගේ ජීවාත්මය තමයි මෙම ස්මරණය නමැති වන්දනා ගමන යා යුත්තේ. ඔබ තමයි මෙම පාණ්ඩව සමාජය වන්නේ, පාණ්ඩවයන් හට කිසිම අවස්ථාවක රාජ්‍යයක් තිබුනේ නැහැ. කෞරවයත් හට නම් රාජ්‍යයක් තිබුණා. ඔවුන්ගේ රාජ්‍යය පසුව බිඳී ගියා. භාරතය දැන් ඉතා නරක තත්ත්වයකට පත් වී තිබෙනවා. ඔබ වන්දනා ලැබීමට ශක්තිමත් අය ලෙස සිටියා: ඔබ තමයි මෙම ලෝකයේ පාලකයන්“ව සිටියේ. නමුත් ඔබ වන්දනාකරුවත් බවට පත් වූ දින සිට ඔබ මෙම ලෝකයේ පාලකයන් වූවේ නැහැ. ඒ දිව්‍යාංගනාවන් පමණයි මෙම ලෝකයේ පාලකයන් බවට පත් වන්නේ මිනිසුන් කියනවා මෙම ලෝකයේ අනිවාර්යයෙන්ම සාමය තිබිය යුතුයි කියා. ඔවුන්ගෙන් අසන්න: ලෝක සාමය යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියා. මෙම ලෝකයේ මීට ප්‍රථම සාමය තිබුණාද? මෙම ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවත නැවතත් සිදුවනවා: මෙම චක්‍රය නැවත නැවතත් කැරකෙනවා. ඔවුන්ගෙන් අසන්න: මෙම ලෝකයේ සාමය තිබුනේ කවදාද කියා.ඔබට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ සාමයක්ද? කිසිම කෙනෙක් හට ඔබට පිළිතුරු දිය නොහැකියි.මෙය සත් යුගයක්ව තිබුණු කළ මෙහි සාමය පවා තිබුණා. එය අප හැඳින්වුවේ පාරාදීසය ලෙසයි. ක්‍රිස්තියානි මිනිසුන් කියනවා. ජිසස් පැමිණීමට අවුරුදු තුන් දහසකට ප්‍රථම මෙම පාරාදීසය මෙහි තිබුණා කියා. ඔවුන්ගේ බුද්ධිය ගල් බුද්ධියක් බවට පත් වන්නේත් නැහැ දිව්‍යමය වූ බුද්ධියක් බවට පත් වන්නේත් නැහැ. භාරතයේ මිනිසුන්ගේ තමයි බුද්ධිය එක් අවස්ථාවක ගල් බුද්ධියක් බවට පත් වනවා තවත් අවස්ථාවක දිව්‍යමය බුද්ධියක් බවට පත් වනවා. ඒ නව ලෝකය හඳුන්වන්නේ සත් යුගය ලෙසයි. නමුත් මේ පැරණි ලෝකය සත් යුගය ලෙස හැඳින්වීමට බැහැ. දරුවනි, බාබා ඔබට සත් යුගය ගැනත් නිරය ගැනත් හොඳිත් කියා දී තිබෙනවා. ඒ සියළුම විස්තර දැන් කොටස් බවට පත් වෙලා. මෙම ව්‍යාපාරයේදී ඔහු යොදා ගත්තේ මෙම කියමත පමණයි: මා පමණක් සිහිපත් කරන්න.ඔබ බාබාගෙන් ලබන්නේ අසීමිත වු උරුමයක්.මෙයත් ඉතා පැරණී වූ කරුණක්. අවුරුදු පන්දහසකට ප්‍රථම භාරතයේ මෙම සත් යුගය ස්ථාපිත වූවා. දරුවනි, බාබා විසින් ඔබට කියන සෑම කරුණක්ම සැබෑ වූ කරුණක්. නියම නාරායන් කෙනෙක් බවට පත් වීමේ කතාන්තරය. ඒ වගේම තෙවෙනි ඇසෙහි කතන්දරයත් අමරණීයත්වයේ කතන්දරයත් ඉතා ප්‍රසිද්ධ වූ දෙයක්.දැන් මගේ දරුවන් හට ඒ තෙවැනි ඇසෙහි දැනුම ලැබී තිබෙනවා. එය තමයි තෙවැනි ඇසෙහි කතාන්තරය ලෙස හඳුන්වන්නේ. භක්ති මාර්ගයෙහි ඔවුන් මේ පිළිබඳව විශාල පොතක් ලියා තිබෙනවා. දැන් මේ සියළුම දේ බාබා ඔබට විස්තර සහිතව කියා දෙනවා. ව්‍යාපාරයකදී තොග වශයෙන් මෙන්ම සිල්ලර වශයෙනුත් විකුණනවා. ඔබ කෙතරම් විශාල දැනුමකට සවන් දෙනවාද කියතොත් මේ මුළු සාගරයම තීන්ත බවට පත් කර එම දැනුම ලිවීමට ගත්තා වුවත් එය අවසන් කිරීමට නොහැකි වනවා. සියළුම විස්තර දැන් කොටස් බවට පත් වනවා. මන්මනාභව යන වචනය ඇත්තෙන්ම තොග වශයෙන් සිදුවන ව්‍යාපාරයක් වැනියි. එය එක් වචනයක් පමණයි. ඔබ මෙහි තේරුම තේරුම් ගන්නවා. වෙන කිසිම කෙනෙක් හට මෙය විස්තර කර දිය නොහැකියි.බාබා හට සංස්කෘත භාෂාවෙන් මෙම දැනුම දිය නොහැකියි. රජවරුන් කතා කරන භාෂාවක් තමයි බාබා මෙහිදී යොදා ගත්තේ, ඔබ දැනගත යුත්තේ හින්දි පමණයි එසේනම් ඔබ සංස්කෘත භාෂාව ඉගෙන ගන්නේ ඇයි? මිනිසුන් බොහෝ සෙයින් වියදම් කරනවා. ඕනෑම කෙනෙක් මෙහි පැමිණි කළ ඔවුන් හට කියන්න. බාබා කියන්නේ: මා සිහි කරන්න එවිට ඔවුන්ගේ සතුටේ හා සාමයේ දේශයන්හි උරුමය ඔබට ලැබ ගත හැකියි කියා. ඔබට මෙය තේරුම් ගැනීමට අවශ්‍ය නම් මෙහි අසුන් ගෙන මෙයට සවන් දෙන්න. එවිට ඔබට මෙය තේරුම් ගත හැකියි. ඔබට වෙන කිසිම දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. බාබා. ඇල්ෆා තමයි ඔබට මෙය කියා දෙන්නේ, ඔබ ඔබගේ උරුමය ලබා ගත්තේ ඒ ඇල්ෆා, බාබාගෙනුයි. බාබා සිහිපත් කරන්න එවිට ඔබගේ සියළුම පාපයන් විනාශ වී යයි. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වී ඒ සාමයේ දේශය වෙත යාමට ඔබට හැකි වනවා. ඒ වගේම ඔවුන් තවත් කියනවා: අහෝ, සාමය ලබාදෙන පියාණනි,පැමිනෙන්න කියා. බාබා සාමයේ සාගරය ලෙස හඳුන්වනවා. එමනිසා සත් යුගය නිර්මාණය කරන්නේත් ඔහුමයි. එම සත් යුගය ස්ථාපිත වන්නේත් මෙහිදීමයි. සූක්ෂම ලෝකයේ මේ කිසිම දෙයක් නැහැ. එය තමයි ඔබ විසින් නොයෙකුත් දර්ශන ලබනා දේශය වන්නේ, ඔබ අනිවාර්යයෙත්ම එම සුක්ෂම දේවතාවන් බවට පත් වනවා. නමුත් මෙහිදීම ඔබ එම තත්ත්වයට පත් විය යුතුයි. ඔබ එවැනි සූක්ෂම දේවතාවන් බවට පත් වී පසුව ඔබගේ නිවහන කරා යනවා. ඔබ එම රාජ්‍යයේ උරුමය බාබාගෙන් ලැබ ගන්නවා. ඒ සාමයේ හා සතුටේ උරුමයත් දෙකම ඔබ බාබාගෙන් ලැබ ගන්නවා. බාබා හැර වෙන කිසිම කෙනෙක් හට එවැනි සාගරයක් බවට පත් විය නොහැකියි. බාබා. ඒ දැනුමේ සාගරය තමයි ඔබට විමුක්තිය ලබා දෙන්නේ. බාබා කියනවා: මම ඔබගේ පියා ගුරුවරයා, ඒ වගේම සත් ගුරුවරයා, ඔබට විමුක්තිය ලබා දෙන්නෙත් ඔහුයි. එසේ නම් ඔබ විනාශය කරා ගෙන යන්නේ කවුද? ඔබ විනාශය කරා ගෙන යන්නේ රාවන් මෙය තමයි විනාශයෙත් විමුක්තියේත් ක්‍රීඩාව.ප්‍රශ්නයක් තිබෙන ඕනෑම කෙනෙක්ට එය පිළිතුර ලබා ගත හැකියි. භක්ති මාර්ගයෙහිදී මේ ආකාරයේ ප්‍රශ්න බොහොමයක් මතු වනවා. දැනුම් මාර්ගයෙහිදී මේ ආකාරයේ කිසිදු ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. දිව්‍යාංගනාවන් පිළිබඳවත් ශිව බාබා පිළිබඳවත් බොහෝ වැරදි වූ කරුණු නොයෙකුත් ග්‍රන්ථයන්හි ඇතුලත් කර තිබෙනවා. ඔවුන් කිසිම කෙනෙක් අත් හැර නැහැ. මෙයත් නාටකයේ ඇතුලත් වී තිබෙන දෙයක් ඔවුන් නැවතත් එම දෙයම සිදු කරනවා. බාබා කියනවා: ඒ දිව්‍ය ආගම තමයි ඔබට විශාල සතුටක් ලබා දෙන්නේ. ඒ කාලයේදී මේ කිසිම දුක්බර ආකාරයේ අවස්ථා ඔබ ඉදිරියට පැමිනෙන්නේ නැහැ. බාබා කියනවා මම දැන් ඔබ සියළු දෙනා හොඳ සිහි බුද්ධියෙන් යුතු වූ දරුවන් බවට පත් කරනවා. ලක්ෂ්මි හා නාරායන් එසේ සිහි බුද්ධිමත් වූ දෙදෙනෙක්. මේ නිසා තමයි ඒ දෙදෙනා මෙම ලෝකයේ පාලකයන් බවට පත් වූවේ. සිහි බුද්ධියෙන් තොර වූ අයට කිසිසේත් ලෝක පාලකයන් බවට පත් විය නොහැකියි. මුලදි ඔබ කටු මෙන් සිටියා නමුත් දැන් ඔබ මල් වැනි තත්ත්වයට පත් වනවා. බාබා එහිදී ඔබ සියළු දෙනාම මල් බවට පත් විය යුතු බව පෙන්වීම සඳහා එම ස්ථානයට මලක් ගෙනැවිත් තිබුණා. බාබා ඔහු විසින්ම මෙහි පැමිණ මල් වත්තක් නිර්මාණය කරනවා. ඉන්පසු රාවන් මෙහි පැමිණ කටු වලින් පිරි කැළයක් තනනවා. එය ඉතා පැහැදිලි දෙයක්. ඔබ මේ සියළුම දේ හොඳින් මතක තබා ගත යුතුයි. මේ සෑම දෙයක්ම අඩංගු වන්නේ ඔබගේ ස්මරණ ශක්තිය අනුවයි. ඔබ බාබාගෙන් ඔබගේ උරුමය ලබා ගන්නවා. මෙය ඉතා විශාල වූ ඉඩමක්. ඒ වගේ ම ඔහු සාමයේ සාගරය වන නිසා ඔබට සාමයේ උරුමය ලබා දිමටත් ඔහු අමතක කරන්නේ නැහැ. ඔබගේ ශාරීරික පියා පිළිබඳව ඔබ කිසිසේත් මෙසේ ගුණ ගායනා කරන්නේ නැහැ. බාබා හැර අන් සියළුම දෙනා මෙම උපත් අසූ හතරෙහි චක්‍රයට ඇතුලත් විය යුතුයි. ක්‍රිෂ්ණා පවා උපත් අසූ හතරක් ගන්නවා කියා ඔබ කයු විට මිනිසුන් අසනවා: ‘ඇයි ඔබ දෙවියනුත් උපත් අසු හතරක් ගන්නවා කියා කියන්නේ?‘ කියලා. ක්‍රිෂ්ණා තමයි සියළුම දෙනාගේ ගෞර්වාදරයට පත් වූ කෙනා. මන්ද ප්‍රථමයෙන්ම උපත ලබන්නේ ඔහු නිසා සියළුම දෙනා ඔහුට ආදරය කරනවා. දරුවනි, බාබා ඔබට ඔබගේ නිවසයෙහි යම් පූර්ණ විස්තර කියා දෙනවා. බාබා තමයි දක්ෂතම ව්‍යාපාරිකයා. ඔහු මෙන් ව්‍යාපාර කළ හැකි බොහොම සුළු කොටසයි සිටින්නේ ඒ වගේම එසේ තොග වශයෙන් වෙළඳාම් කිරීමටත් සැමටම පුළුවන් දෙයක් නොවේ. ඔබ තමයි නියම වෙළෙන්දන් බවට පත් වන්නේ. ඔබ නිරන්තරයෙන් බාබා සිහිපත් කරනවා. සමහරුන්ගේ වෙළඳාම සිල්ලර වෙළඳාමක් නිසා ඔවුන් සමහර අවස්ථා වලදී මෙය අමතක කර දමනවා. බාබා කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. ඔබ, ඔබගේ උරුමය ලැබ ගත් පසු නැවතත් මා සිහි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ නම් සමහර දරුවන් තම පියා වයසට යන තෙක්ම ඔහුට හොඳින් සළකනවා. තවත් සමහර දරුවන් ඔවුන්ගේ උරුමය ලබා ගත් පසු පමණ ඉක්මවා ඒ සියල්ලම වියදම් කර දමනවා. බ්‍රහ්ම බාබා මේ සියළුම දේ අත්දැක තිබෙන නිසා තමයි බාබා මෙම වාහනය ඒ සඳහා යොදා ගත්තේ, ඔහු දිළිදු කමත් සමෘද්ධිමත් භාවයත් දෙකම අත් දැක තිබෙනවා. නාටකයට අනුව මෙය තමයි එකම වාහනය වන්නේ එය කිසිම විටෙක වෙනස් වන්නේ නැහැ. මෙම නාටකය මෙසේ නිර්මාණය වුවක්. එය කිසිම විටෙක වෙනස් විය නොහැකියි. බාබා සියළුම දේ තොග ලෙසත් සිල්ලර ලෙසත් දෙයාකාර්යෙන්ම විස්තර කර දෙනවා. ඉන්පසු අවසානයේදී ඔහු කියනවා: මන්මනාභව් හා මද්යජිබව් බව්. මන්මනාභව් යන්නෙහි සියළුම දේ අඩංගු වනවා. මෙම දියමන්ති සියල්ලකම ඔබගේ ඇඳුම සරසා ගත හැකි ලස්සන දියමන්ති වනවා. මේ දැනුමේ සෑම කරුණක්ම සදාකාලික වු සිය දහස් ගණනක් වටිනා වූ කරුණු වනවා. ඔබ සියළු දෙනාම සිය දහස් වතාවක් වූ වාසනාවන්තයින් බාබා ඒ සතුටිනුත් අසතුටිනුත් දෙකෙන්ම වෙන්වුණු කෙනෙක් ඔබ ඔබගේ නාටකය රඟපාන විට ඒ කිසිම දෙයකට කිසි ලෙසකින් නොබැඳී ඒ දෙස බලා සිටිනවා. මා මගේ කොටස රඟපානා විටත් මා එයින් ඉවත් වී බලා සිටිනවා. මා මෙම උපතත් මරණයත් යන දෙකට අයත් වන්නේ නැහැ. කිසිම කෙනෙක් හට මෙයින් නිදහස් වීමට බැහැ කිසිම කෙනෙක් හට මේ සදාකාලික විමුක්තිය ලබන්න බැහැ. මෙම නාටකය සදාකාලික වූ දෙයක්. මෙය ඇත්තෙන්ම පුදුමයක්. එතරම් වූ පුංචි ජිවාත්මයක මේ ආකාරයේ කොටසක් ඇතුලත් වි තිබෙනවා. මෙම නොනැසී පවතින නාටකය කිසිදා විනාහ කල නොහැක. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ, සේවාධාරී දරුවන්, අංක පිළිවෙලට, ඔබ දරණ උත්සාහය අනුව, ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන්නේ හද පත්ලෙන්ම බොහෝ සෙනෙහසිනි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබා දරුවන් වෙනුවෙන් වෙන්වන්නා සේම, ඔබත් මේ එකම උපතෙහිදී ඔබගේ මනසින් ශරීරයෙන් මෙන්ම ඔබගේ ධනයෙන්ද බාබා හට සම්පූර්ණයෙන් වෙන් විය යුතුයි. එලෙසින් ඔබට ඔබගේ ඉදිරියෙහි ඇති උපත් 21ක උරුමය ලබා ගත හැකියි.

2. බාබා ඔබට සදාකාලික වූ වටිනාකම මැනිය නොහැකි සම්පත් රාශියක් ලබා දෙනවා. මෙම මිණිමුතු වලින් ඔබ පරිපූර්ණත්වයට පත් වී ඒවායින් පිරී ඉතිරී යා යුතුයි. නිරන්තරයෙන්ම ඔබ සිය දහස් වතාවක් වාසනාවන්තයින් යන කියමන බුද්ධියෙහි තබා ගන්න.

වරදානය:
ඔබ බ්‍රහ්මින් දිවියේ දේපළ සහ පෞරුෂත්වය අත්විද, අන් අයටත් එය අත්විදීමට සලස්වා, ඒ අනුව විශේෂ ජීවාත්මයක් වේවා.

ඔබ බ්‍රහ්මින්වරු වීම, ඔබගේ මහා භාග්‍යයක් බව බාප්දාදා ඔය සියලුම බ්‍රහ්මින් දරුවන්ට මතක් කර දෙයි. කෙසේවෙතත්, බ්‍රහ්මින් දිවියේ උරුමය සහ දේපළ, තෘප්තිය වන අතර බ්‍රහ්මින් දිවියේ පෞරුෂත්වය වන්නේ සතුටය. ඔබට අයිතියක් ඇති මෙම අත්දැකීම කිසිම විටෙක අහිමි කර නොගන්න. විවෘත හදවතකින් පිරිනමන්නා සහ ආශිර්වාද පිරිනමන්නා ඔබට මෙම ලැබීම් වල සම්පත් ලබා දෙන බැවින්, ඔබ ඒවා අත්විදිය යුතු අතර අන් අයටත් එය අත්විදීමට මගපෑදිය යුතුයි, එවිට ඔබ විශේෂ ජීවාත්මයක් ලෙස හැදින්වෙයි.

පාඨය:
අවසන් නිමේශයන් ගැන සිතනවා වෙනුවට ඔබගේ අවසන් මනෝ ස්ථිතිය ගැන සිතන්න.