24.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම මහා භාරත යුද්ධයේදී, පැරණි ගස විනාශ වීමටයි යන්නේ. එබැවින් යුද්ධය සිදු වීමට පෙර, පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කරගන්න

ප්‍රශ්නය:
බාබාට, මව්වරුන්ගේ එකතුවක් අවශ්‍යයි, නමුත් එම කණ්ඩායමට තිබිය යුතු විශේෂත්වය කුමක්ද?

පිළිතුර:
එය, ජීව අවධානයෙන් සිටීමට සම්පූර්ණ උත්සාහයක යෙදෙන කණ්ඩායමක් විය යුතුයි. ඔවුන් පිවිතුරු වී, ලෝකය පිවිතුරු කළ යුතුයි, යන ස්ථිර විශ්වාසය, ඔවුනට තිබිය යුතුයි. ඔවුන් අපවිත්‍ර නොවිය යුතුයි. කණ්ඩායම, බැඳීම් විනාශ කරන්නන් වන විට පමණයි, ඔවුන්ට විශ්මයන් පෙන්වීමට හැකි වන්නේ. කිසිම කෙනෙකුට බැඳීමක් නොතිබිය යුතුයි. බැඳීම් වල රැහැන්, බොහෝ පාඩු සිදු කරයි.

ඕම් ශාන්ති.
ඔබව දිව්‍යලෝකයේ නිවැසියන් බවට පත් කරවීම සඳහා, සුමිහිරි බාබා මෙහි පැමිණ ඇති බව, ඔය සුමිහිරි දරුවන් දන්නවා. මෙය, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ ඇත. සිහිපත් කිරීමේ වන්දනා ගමන තුළින් ජීවාත්ම වන අප පිවිතුරු වන බව, සෑම කෙනෙකුටම විස්තර කරන්න. සරළව පියාව සිහි කිරීම, බොහෝ පහසු ක්‍රමයකි! පියා ඔබට විමුක්තිය සහ ජීවන මුක්තියේ උරුමය, තත්පරයකදී ලබා දෙන බව, ඔය දරුවන් දන්නවා. දැන් සියලු දෙනාම බන්දන ජීවිත තුළයි සිටින්නේ. ඔවුන් රාවනගේ රාජධානියේ බන්දන වල සිටියි. පියා සහ දරුවන් වන ඔබ පමණයි මෙය දන්නේ වෙනත් කිසිවෙකු නොව. ඔබ, ඔබගේ අසීමිත පියාව සිහිපත් කරන බව, ඔය දරුවන්ට විශ්වාසයක් තිබේ. ඔබ චක්‍රයෙන් භාගයක් සිහිකරමින් සිටි පියාව, ඔබට දැන් හමුවීම ගැන, ඔය ජීවාත්මයන්ට බොහෝ සතුට තිබිය යුතුයි. ඔවුන් දුක් අත්විඳින විට, පියාව දිගටම සිහි කරයි. ඔබත් පියාව ඒ අන්දමින් සිහිකළ නමුත්, ඔබ දැන් තව දුරටත් පියාව දුක නිසා සිහි කරන්නේ නැත. මුළු ලෝකයම සිහි කරන පියා, දැන් පැමිණ ඇති බව, ඔබ දන්නවා. ඔබ මෙහි අසුන් ගන්නා විට, ඔබ තමන් ජීවාත්ම බව සලකා, බාබා, උත්තරීතර දේශයේ සිට පැමිණ ඇති බව, ඔබ වටහා ගත යුතු බව, බාබා නැවත නැවතත් විස්තර තර තිබේ. ඔහුගේ පොරොන්දුවට අනුව, ඔහු සෑම චක්‍රයකම පැමිණෙයි. ඔබ ඔහුට අඬ ගසන විට සහ චක්‍ර භාගයක් අවසන් වූ විට, ඔහුට පැමිණීමට සිදුවන බව, බාබා පොරොන්දු විය. කලි යුගයට පසුව, ස්වර්ණමය යුගය තිබිය යුතුයි, එබැවින් මා පැමිණිය යුතුයි. එය දැන් සංගම යුගය බැවින්, බාබා පැමිණ ඇති බව දන්නේ ඔය දරුවන් පමණයි. ඔය දරුවන්ද සේවය කරයි ඔබ දිනෙන් දින, පියාගේ හැඳින්වීම ලබා දෙයි. සෑම කෙනෙකුටම අඛණ්ඩව පියාගේ හැඳින්වීම ලැබෙයි. ඔබගේ අසීමිත උරුමය ලබා දීමට, අසීමිත බාබා වන ශිව බාබා, නැවතත් පැමිණ ඇති බව, මෙහි අසුන්ගෙන සිටින ඔය ජීවාත්මයන්ට වැටහෙයි. ඔබ ’බාබා, බාබා!‘ කියයි. අප ශිව බාබා වෙතට පැමිණ ඇත. ශිව බාබාද පවසන්නේ මා පෙර චක්‍රයේදී කළ එම ආකාරයෙන්ම, සාමාන්‍ය සිරුරක් තුළට ඇතුළු වී සිටිමි. ඔබ මෙය අමතක නොකළ යුතුයි. ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කරන බාබාව, මායා ඔබට අමතක කරවයි. සියල්ලන්ටම විමුක්තිය ලබා දෙන්නේ ඒකායන සත්ගුරු බව ඔබ දන්නවා. සීක්වරුන් පවසන්නේ සත් ශ්‍රී අකල්! (සත්‍යය ශ්‍රේෂ්ඨ අමරණීය). සත්ගුරු යැයි පවසන්නේ, පාරිශුද්ධකරුට පමණයි. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි! ජීවාත්ම අඬ ගසති. ඔබ පියාව පෞද්ගලිකවම මුණ ගැසීමට පැමිණ ඇති බව, ඔබ දැන් දන්නවා. වැදගත් මිනිසුන් එකිනෙකා මුණ ගැසෙන විට, ඔවුන්ගේ බොහෝ ප්‍රශංසා තිබේ! ඔවුන් එකිනෙකාව බොහෝ උත්සවාකාරයෙන් සහ සතුටින් මෙන්ම සංගීත කණ්ඩායම් වාදනය කරන අතර පිළිගනී. අප්‍රසිද්ධ වේශයකින් මෙහි පැමිණ ඇත්තේ කවුද? මෙය දන්නේ ඔබ පමණි. දුර ඈත දේශයේ නිවැසියා වන සංචාරකයා කියා, ඔහුට කියයි. ඔබ උත්තරීතර දේශයේ නිවැසියන් බව, ඔය ජීවාත්ම දන්නවා. ඔබ සංචාරකයන් ලෙසින් මෙහි පැමිණ ඇත්තේ ඔබගේ චරිත කොටස් රඟපෑමටයි. පියා විස්තර කරන කිසිම වදනක් ලෝකයේ කිසිවෙකු නොදනී. ඔබ පියාට සවන් දෙන බැවින්, ඔහු පවසන දේ ඔබ ඉතා හොඳින් ධාරණය කරගත යුතුයි. පියා විස්තර කරයි ඔබ සියලු දෙනා මෙම කර්ම ෙක‍ෂ්ත්‍රයේ සංචාරකයන්ය. අපි නිහඬ දේශයේ නිවැසියන්ය. ඉන්පසුව අපි මෙම ’කතා නාද‘ ලෝකයට පැමිණෙනවා. අපි, අපගේ උපත් 84හි චරිත කොටස් මෙහිදී රඟපාන, නිහඬ දේශයේ සිට පැමිණි සංචාරකයන්ය. අවසානයේදී, මෙය අන්තිම මොහොතයි. පැරණි ලෝකය අළුත් කිරීමට පියා පැමිණ ඇත. මෙය දන්නේ ඔබ පමණයි. පිංතූර ඉතා පැහැදිලිය ශිව බාබා, බ්‍රහ්මගේ මාර්ගයෙන්, නව ලෝකය ස්ථාපිත කරනවා. ඔහු ක්‍රිෂ්ණා හෝ විෂ්ණුගේ මාර්ගයෙන් ස්ථාපනය සිදු කරන්නේ නැත. පියා දිව්‍ය ලෝකය ස්ථාපිත කිරීමට පැමිණෙන්නේ බ්‍රහ්මගේ මාර්ගයෙනි. පියා සාමාන්‍ය සිරුරකට ඇතුළු වී සිටියි. මෙය අපවිත්‍ර ලෝකයයි. අංක එකට සිටි ලක‍්ෂ්මි සහ නාරායන අපවිත්‍ර වී ඇති බැවින්, මෙම ලෝකයේ එකදු පිවිතුරු ජීවයක්වත් නොමැත. පිවිතුරුව සිටි අය, අපවිත්‍ර වී ඇත. මෙයට මුළු රජ පෙළපතම අයත්ය. දේවතා පෙළපතට අයත්ව සිටි ඔබ, ශුද්‍ර පෙළපතට අයත් වූ බව, ඔබ දන්නවා. බොහෝ ධනවත් මිනිසුන් අමරිකාවේ ජීවත් වන නමුත්, ස්වර්ණමය යුගය හා සසඳන විට, අමරිකාවට කිසිවක් නොමැති සේය. ඒ සියල්ල නර්මාණය කරනු ලැබුවේ පසුවයි එය තාවකාලික ආටෝපයයි. විනාශය සිදුවිය යුතුයි. ඔය දරුවන්ට ඉතා හොඳ කුල්මත්භාවයක් තිබිය යුතුයි. ඔබව දෙව්ලොව අධිපතියන් බවට පත් කරවන පියාව ඔය දරුවන්ට මතක් නොවීම විශ්මයකි. මායා ඔබට ඔහුව සිහි කිරීමට ඉඩ නොදෙයි. ඔය දරුවන් දැන් පවසන්නේ බාබා, මායා අපට ඔබව සිහි කිරීමට ඉඩ නොදෙයි. අහෝ! ඔබව උපත් 21කට දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරන බාබාව ඔබට සිහි කිරීමට නොහැකිද? පුරවැසියන් පවා දිව්‍ය ලෝකයේ අධිපතියන් වෙයි. සෑම කෙනෙක්ම සතුටින් සිටියි. දැන් සැවොම සිටින්නේ දුකිනි. අගමැති, ජනාධිපති ආදීන් දිවා රාත්‍රියේ කණස්සල්ලෙන් පසුවෙයි. බොහෝ දෙනෙක් යුද්ධ ආදියේ මිය යති. මහා භාරත යුද්ධය, ඉතා ප්‍රසිද්ධ බව ඔබ දන්නවා. කෙසේවෙතත්, එම යුද්ධයේදී සිදුවූයේ කුමක්ද කියා, කිසිවෙකුගේ බුද්ධියේ නොමැත. මහා භාරත යුද්ධයේදී සෑම කෙනෙක්ම මිය ගිය බව, පියා ඔබගේ බුද්ධිය තුළ සනිටුහන් කර තිබේ. ලෝක මනුෂ්‍ය ජනගහණය ඉතා විශාලයි! ජීවාත්මයන්ගේ ගසක්ද තිබේ. මුලදි, ගසක් අළුත් වන විට එය ඉතා කුඩාය ඉන්පසුව එය දිගටම වැෙඩයි. මුලින් එය දේවතා ධර්මය වූ කල්හි, ගස ඉතා කුඩා බව, ඔබ දන්නවා. ආදි සනාතන දෙවි දේවතා ධර්මය පැවතුනි. දැන් විවිධ ආගම් තිබේ. ඒ සියල්ල මහා භාරත යුද්ධයේදී විනාශ වීමට තිබේ. කෙසේවෙතත්, කිසි කෙනෙකුට මෙම දැනුම නොමැත. එය එම යුද්ධයම බව කියැවෙන නමුත්, එය තුළින් සිදුවීමට යන්නේ කුමක්ද කියා, කිසිවෙකු නොදනී. ඔබට දැන් ආලෝකය ලැබී තිබේ. විනාශය සිදුවිය යුතු බවත්, මහා භාරත යුද්ධය සිදුවීමට පෙර, ඔබ ඔබගේ උරුමය දිනා ගත යුත්තේ මේ නිසා බවත්, ඔබ දන්නවා. මෙය ඉතා පහසු කාරණාවක්. පිවිතුරු වී, පියාව සිහිපත් කරන්න! බොහෝ දරුවන් පහර කෑමට ලක් වෙයි. එකිනෙකාව ආරක‍්ෂා කර ගැනීමට ඔය මව්වරුන්ගේ කණ්ඩායමක් සිටිය යුතුයි. කෙසේවෙතත්, ඔබ නියත වශයෙන්ම ජීව අවධානයට පත් විය යුතුයි. අපි අනිවාර්යයෙන්ම පිවිතුරු විය යුතුයි - මෙම ඉතා ස්ථිර කුල්මත්භාවය තිබිය යුතුයි. මෙම කුල්මත්භාවයේ සිටින අයට පමණයි විස්තර කිරීමට හැකි වන්නේ අපි පියා සිහිකර, පිවිතුරු විය යුතුයි. අපි ස්ව දර්ශන චක්‍රධාරීන්ය, යන කුල්මත්භාවය තිබිය යුතුයි. අපි නිර්මාණකරු වන පියාව මෙන්ම නිර්මාණයේ චක්‍රය ද දන්නවා. අපි දැන් ස්වර්ණමය යුග නව ලෝකයේ අපගේ උරුමය, පියාගෙන් හිමි කර ගත යුතුයි. ඔබ උපත් 84ක් ගන්නා අන්දම දිගින් දිගටම විස්තර කරන්න. පියා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි! ඔබ අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි. පාරිශුද්ධත්වය යනු, පාරිශුද්ධත්වයයි! විශාලතම සතුරා වන්නේ රාගයයි. අපි දැන් උපත් 84හි චක්‍රය සම්පූර්ණ කර ඇත. අපි දැන් පියාගෙන් අපගේ උරුමය හිමි කර ගත යුතුයි. පියා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි! ඔබ මෙහි පැමිණෙන්නේ නැවුම් වීමටයි. ඔබගේ පියා වන මා සිහි කර, උපත් 21කට ඔබගේ උරුමය හිමි කරගන්න. කිසිවෙකුට කිසිම බැඳීමක රැහැන් නොතිබිය යුතුයි. බැඳීම් විනාශ කරන්නන් වන්න. ඔබගේ සිරුරට කිසිම බැඳීමක් නොතිබිය යුතුයි. මෙය පරණ සමකි, නමුත් ඔබට ඉගෙන ගැනීමට හැකි වන පරිදි, ඔබ එය රැක බලා ගත යුතුයි. අපහසුතාවයන් තිබෙන විට, (සිරුරෙහි) එයට අණ්ඩ දැමිය යුතු වනවා. එය පැරණි, දිරාපත් වුණු සිරුරක් බව ඔබ දන්නවා. දිගින් දිගටම එයට එක් හෝ තව දෙයක් සිදුවෙමින් පවතිනවා. වේදනාව දැනෙන්නේ, ජීවාත්මයටයි. ඔබ ඔබගේ සිරුර අත්හල යුතු බව ඔබ දන්නවා. ඔබ දැන් යෝගා බලයෙන් එයට පිහිට විය යුතුයි. දිගින් දිගටම පියාව සිහි කරන්න. තමන් ජීවාත්මයක් බව සලකා, පියා සිහි කරන්න, එපමණයි! ඔබගේ කිසිම ලෞකික නෑදෑයෙක් සිහි නොවිය යුතුයි. මා සිරුරක් නොවෙයි, ජීවාත්මයකි. පරමාත්ම පියා පවසන්නේ මා පැමිණ සිටින්නේ ඔය ජීවාත්මයන්හට උරුමයක් දීමටයි. ජීව පිවිතුරු වන විට, ඒවාට හොඳ සිරුරු ලැබෙයි. ඔබ දැන් පිවිතුරු විය යුතු බව, ඔය ජීවාත්ම දන්නවා. අප පිවිතුරුව සිටි කල්හි, අප ලක‍්ෂ්මි සහ නාරායන මෙන් විය. ලක‍්ෂ්මි සහ නාරායන උපත් 84ක් ගෙන තිබේ. මුළු සූර්ය වංශයම උපත් 84ක් ගන්නවා. චන්ද්‍ර වංශය, උපත් 84ක් ගන්නා බව, ඔබට කිව නොහැක. ඔව්, ආරම්භයේදී, සූර්ය වංශයේ දැසි දාසයන් වන අය, රිදී යුගයෙදී යම් තත්ත්වයක් ලබයි. ඔවුන් උපත් 84ක් ගන්නා බව ඔබ කියනු ඇත. සූර්ය වංශයේ, රජවරුන්, රැජිනියන්, පුරවැසියන්, සහ දැසි දස්සන් උපත් 84ක් ගනී. ඔබ උපත් 84ක් ගන්නා ආකාරය ගැන, තමන්ට මේ අන්දමින් කතාබස් කරන්න. ඔබ දැනුමේ මහා සාගරය මත ගෑ යුතුයි. හැකි උපරිම පමණින් පියාව සහ ඔබගේ උරුමය සිහිපත් කරන්න. එහෙ මෙහෙ ඇවිදින විට සහ සැරිසරන විට, ඔබ බාබාගේ දරුවන් බව සලකන්න. ඔබට මුණ ගැසෙන ඕනෑම කෙනෙකුට බාබාගේ හැඳින්වීම ලබා දෙන්න. සියලුම දැනුම මෙම පිංතූර වල තිබේ. සෑම දෙයක්ම විස්තර කරන්න බාබා, බ්‍රහ්මගේ සිරුර තුළ පැමිණ සිටියි. අප සියලු දෙනාම බ්‍රහ්ම කුමර කුමරියන්ය. බාබා, අප බීකේවරුන්ව දෙව්ලොව අධිපතියන් බවට පත් කිරීමට පැමිණිලා. සියලුම ජීවාත්මයන්ගේ පියා, එක්කෙනෙකි. අප, බ්‍රහ්ම කුමර කුමරියන්ය. ඔබට ඔබගේම කාඩ්පත් පෙන්විය හැක. ඔබ කාර්යාලයේදී, ඔබගේ ව්‍යාපාරික කාඩ්පත දෙන විට, බීකේවරුන් යනු කවුරුන්ද කියා, ඔවුන්ට වටහාගැනීමට නුපුළුවන. බොහෝ විවිධ ආකාරයේ බාධක තිබේ. මෙය අපගේ පවුල බව, රජයටද විස්තර කර දී තිබේ. දාදා සහ බාබා සිටියි. අප දාදාගේ මාර්ගයෙන් අපගේ උරුමය හිමි කරගනිමින් සිටිනවා. මෙය සිහි කිරීමෙන්, එම සතුට තිබිය යුතුයි. දේපළ අයත් වන්නේ සීයාට වන අතර, මුනුපුරන්ට එයට අයිතිවාසිකමක් තිබේ. ඔවුන් සෑම දෙයක්ම ඔවුනොවුන් අතරේ බෙදා ගනී. ඔබ බ්‍රහ්ම බාබාගේ මාර්ගයෙන්, ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නා බව, ඔබටද වැටහෙයි. ඔබ මෙය සිහියේ තබා ගත යුතුයි. ඔබ ඉගෙනගෙන, ඉන්පසුව අන් අයට ඉගැන්විය යුතුයි. දරුවන්ව පෝෂණය කිරීම, පියාගේ වගකීමයි. කුමාරීන් සහ කුමාරවරුන් තවමත් ඔවුන්ගේ නව යොවුන් වියේ පසුවන විට, ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව රැක බලා ගත යුතුයි. දරුවන්ගේ වගකීම වන්නේ ඉගෙනගැනීමය. ඔබ ඉගෙන ගන්නේ ඔබගේම දෙපයින් සිට ගැනීමට හැකි වන පරිද්දෙනි. බාබා අපට උපත් 21කට උගන්වන බව, ඔබ දන්නවා එවිට අපට අපගේම දෙපයින් සිට ගැනීමට හැකි වෙයි. අප වැඩියෙන් ඉගෙන ගන්නා තරමට, අප හිමි කරගන්නා තත්ත්වය වඩා උසස් වනු ඇත. ඔබම පවසන්නේ, ඔබ මෙහි පැමිණෙන්නේ, ශ්‍රී ලක‍්ෂ්මි සහ ශ්‍රී නාරායන බවට පත් විමට කියාය. මෙය සත්‍ය නාරායනගේ කතාපුවතයි. ලක‍්ෂ්මි සහ නාරායන උපත් 84ක් ගන්නා අන්දම ගැන කිසිවෙකු නොදනී. රාධේගේ බැතිමතුන් පවසන්නේ, රාධේ සෑම තැනකම සිටින බවයි, ක්‍රිෂ්ණාගේ බැතිමතුන් පවසන්නේ ක්‍රිෂ්ණා සෑම තැනකම සිටින බවයි එමෙන්ම ශිවාගේ බැතිමතුන් පවසන්නේ, ශිවා, සෑම තැනකම සිටින බවයි. ඔවුන් සෑම දෙයක්ම මුළුමනින්ම එකට මිශ්‍ර කරගෙන තිබේ. ඔවුන් පවසන්නේ, දෙවියන්, රාධේ, ක්‍රිෂ්ණා ආදීන් සියල්ල, සෑම තැනකම සිටින බවත්, ඔවුන් සියල්ල දෙවියන්ගේ ස්වරූප බවත්, දෙවියන් ඒ සියලු වෙස් ගෙන ඇති බවත්ය. ඔවුන් පවසන්නේ ’මා කොහේ බැලුවත් දකින්නේ ඔබව පමණයි.‘ ඔවුන් සම්පූර්ණයෙන්ම නුවණ නොමැත්තන් බවට පත්ව ඇත! මෙය දූෂිත, අපවිත්‍ර ලෝකයයි. ස්වර්ණමය යුගය, දුර්ගුණ නොමැති පිවිතුරු ලෝකයයි. ’දුර්ගුණ නොමැති ලෝකයෙහි‘ අරුත වන්නේ, දෙව්ලොවයි. මිනිසුන් පවසන්නේ එහිද දරුවන් සිටියි, එබැවින් ඔවුන් උපදින්නේ කෙසේද? ඔවුන් නිකමට මෙම ප්‍රශ්නය අසයි. ඔවුන් අසන්නේ දරුවන් උපදින්නේ නැතිනම්, ලෝකය පැවතෙන්නේ කෙසේද? ජනගහණය කෙතරම් වැඩි වී තිබේද කියා බැලීමට ඔවුන් සෑම වසරකදීම ජනගහණ සංගණනයක් පවත්වයි. කොපමණ මිය ගොස් ඇතිද කියා ඔවුන් පෙන්වන්නේ නැත. එබැවින් ඔය දරුවන් පළමුවෙන්ම තමන්ට යහපතක් සිදුකළ යුතුයි. මම ජීවාත්මයක්මි. මුලින්ම මෙම විශ්වාසය තබාගන්න. බාබා සිහිපත් කරන්න! මෙසේ කියැවෙයි ’ඔබගේ අවසන් මොහොතෙදී, ඔබ නාරායන සිහි කළොත්...‘ ’ඔබගේ අවසන් මොහොතේ ඔබ නාරායන සිහි කළොත්‘ යැයි කීම වැරදියි. එය විය යුත්තේ ’අවසන් මොහොතේ ශිව බාබා සිහිපත් කරන අය.‘ මෙම සැලකිලිමත් බව ඇතිව මියැදෙන අය, දිව්‍ය ලෝකයේ නාරායන වෙයි. ඔවුන්ගේ අවසන් මොහොතේ, නාරායනව සිහි කිරීම ගැන ඔවුන් කතා කරන්නේ ඇයි? ඔවුන් සිතන්නේ දැනුම ලබා දුන්නේ, ක්‍රිෂ්ණා කියාය. එබැවින් ඔවුන්ගේ අවසන් මොහොතේ ඔවුන් සිහි කළ යුත්තේ ක්‍රිෂ්ණාවයි. ඔවුන් ක්‍රිෂ්ණාව සිහි කරනවා, නමුත් කිසිම කෙනෙක් නාරායන ගැන නොදනී. ඔවුන් ක්‍රිෂ්ණාගේ උපන් දිනය සමරයි, නමුත් රාධේගේ උපන් දිනය සමරයිද? ඔවුන් ක්‍රිෂ්ණාගේ උපත සමරන නමුත් නාරායන ගැන කුමක් කිව හැකිද? කිසිම කෙනෙක් ලෝකයේ රජ සහ රැජින, ලක‍්ෂ්මි සහ නාරායන පිළිබඳව නොදනී. ඔවුන් ප්‍රජාපිතා බ්‍රහ්මගේ මුඛයෙන් උපන් නිර්මාණය වනු ඇත. ඔවුන් ගියේ කොහිද? ඔවුන් පවසන්නේ දේවතාවන් වන්නට සිටින බ්‍රහ්මණයන්ට නමස්කාර වේවා. ඔවුන් බ්‍රහ්මගේ මුඛයෙන් උපන් නිර්මාණය විය. ශිව බාබා, බ්‍රහ්මගේ මාර්ගයෙන් බ්‍රහ්මණ ධර්මය ස්ථාපිත කරන බව, ඔය දරුවන්ට වැටහෙයි. බ්‍රහ්මණ ධර්මය නිර්මාණය කළේ බ්‍රහ්ම නොවෙයි, ශිව බාබාය. මෙම කෙනා බ්‍රහ්ම වී ඇත්තේ දැන් පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. එම පැරණි සිරුර තුළ සිටියදී, ඉගෙනගෙන උපත් 21කට ආදායමක් උපයාගන්න. එය රැක බලාගන්න, නමුත් එය කෙරෙහි කිසිම බැඳීමක රැහැන් ඇතිකර නොගන්න.

2. අවසානයේදී ඔබට ශිව බාබා පමණක් සිහිපත් වන අන්දමට පුහුණුවේ යෙදෙන්න. වෙනත් කිසිම දෙයක් ගැන සීතිමේ සිරගත නොවන්න. තමන්ට යහපතක් සිදුකරගන්න.

වරදානය:
ඔබ ඥාන සාගරයේ මාස්ටර් වීමෙන්, මෙම ඥානයේ යෝග්යුක්ත ප්‍රතිමූර්තියක් වී නොදැනුවත්කමට ආයාචනා කිරීම නවත්වන්න.

පූර්ණ ඥානයෙන් මාස්ටර් වූ අයට කිසිදු ආකාරයක නොදැනුවත්කමක් නොමැත. ඔවුන්ට යමක් ගැන නොදැන සිටි බව පැවසිය නොහැකි අතර ඔවුන් ඒ ගැන නොදැන සිටි බව පවසමින් තමන්ව සාධාරණීකරණය කිරීමට උත්සාහ නොකරයි. මෙම ඥානයේ ප්‍රතිමූර්ති වන දරුවන් කිසිවක් ගැන නොදැන නොසිටිති. යෝග්යුක්ත අය සියල්ල කලින් දැන ගැනීම අත්විඳිති. මායාගේ දීප්තිය සහ චමත්කාරය අඩු නොවන බව ඔවුන් දනී. මායා ඉතා චමත්කාරජනක වන අතර ඒ නිසා ඔබ ඇයගෙන් ඔබව ආරක්ෂා කර ගත යුතුය. මායා පිළිබඳ දැනුම සෑම ආකාරයකින්ම තේරුම් ගත් අයව පරාජය කළ නොහැක.

පාඨය:
සැමවිටම හදවතින්ම සතුටෙන් සිටින අයට කිසිදු ප්‍රශ්නයක් තිබිය නොහැක.

අව්‍යක්ත සංඥාව: ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.

ඔබේ යෝගාවේ ආලෝකය සහ බලය සහිත නිවසක (ප්‍රදීපාගාරය හා බලාගාරය) අවධිය නිරන්තරයෙන් අත්විඳින්න. මෙම ඥානය ආලෝකය වන අතර යෝගාව බලයයි. මෙම ඥානය සහ යෝගාව යන බල දෙක ආලෝකය සහ බලයෙන් පිරී ඉතිරී යෑමට ඉඩ හරින්න. එවිට ඔබව මාස්ටර් සර්වබලධාරී ලෙස හැඳින්විය හැකිය. එවැනි බලවත් ජීවාත්මයකට තත්පරයකින් ඕනෑම ආකාරයක තත්ත්වයක් ජය ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා කිසිදු කාලයක් ගත නොවනු ඇත.