25.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඉහළ ලකුණු වලින් හොඳින් සමත් වීමට නම් ඔය ශිෂ්‍යයින් වඩාත් ක්‍රියාකාරී වී කිසියම් උත්සාහයක් දැරිය යුතුයි. ශීෂ්‍යයින් වන ඔබලා කිසිම විටෙක අලස නොවිය යුතුයි. අලස අය වන්නේ මුළු දවස පුරාම තම ඥාති හිතමිතුරන් සිහි කරමින් සිටිනා අයයි.

ප්‍රශ්නය:
සංගම යුගයේ ඉතාමත් වාසනාවන්ත අය ලෙස සැලකෙන්නේ කවුරුන්ද ?

පිළිතුර:
තම ශරිරය, මනස හා ධනය සියල්ල දානය කර තම සෑම කටයුත්තක්ම සාර්ථක කර ගත් අයත් තවමත් එසේ කරමින් සිටිනා අයත් ඉතාමත් වාසනාවන්ත අය ලෙස සැලකේ. තණ්හාධිකව සිටින්නන්ට මෙම වාසනාව උරුම නොවන බව පැහැදිලියි. විනාශය තමා ඉදිරියේම ඇති නිසා කිසියම් හෝ යහපත් දෙයක් කළ යුතුයි යන්න ඔවුන්ට තේරෙන්නේ නැහැ. පරමාත්ම පියාම දැන් තමන් ඉදිරියට පැමිණ සිටිනා බව වාසනාවන්ත දරුවන් තේරුම් ගන්නවා. එමනිසා, ඔවුන් තමා සතු සියල්ල යහපත් ලෙස යොදවනවා. මෙලෙස ධෛර්යවන්ත වීමෙන් ඔවුන් තවත් බොහෝ පිරිසකට වාසනාව නිර්මාණය කර දීමට උපකරණ වෙනවා.

ගීතය:
මගේ වාසනාව අවධි කරගනිමින් මම පැමිණ සිටිමි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් දැන් ඔබගේ වාසනාව නිර්මාණය කර ගනිමින් සිටිනවා. ගීතාවේ ක්‍රිෂ්ණාගේ නම සඳහන් වී තිබෙනා නිසා තමයි, මම රාජයෝගාව උගන්වනවා, කියා ක්‍රිෂ්ණා දෙවිඳුන් කියනා බව එම වැකි වල සඳහන් වී තිබෙන්නේ. කෙසේවෙතත්, ක්‍රිෂ්ණා විසින් කියු දෙයක් කියා දෙයක් තිබිය නොහැකියි. අරමුණ හා ඉලක්කය ශ්‍රී ක්‍රිෂ්ණායි. මම ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවමි, කියා කිව්වේ ශිව දෙවියනුයි. ක්‍රිෂ්ණාව රාජ කුමාරයෙක් බවට පත් කරවා ඇති නිසා -ක්‍රිෂ්ණා දෙවියන් - කියා කෙනෙක් සිටිය නොහැකියි. ඔය දරුවන්ගේ අරමුණ හා ඉලක්කය වන්නේ ක්‍රිෂ්ණායි. මෙය පාසලක්. පරමාත්ම දෙවියන් ඔබට උගන්වයි. ඔබලා රාජ කුමාරයින් හා කුමාරිකාවන් බවට පත්වෙමින් සිටිනවා. පරමාත්ම පියා කියනවා : මම උපත් ගණනාවක අවසානයේ දී නැවතත් වතාවක් ඔබට ක්‍රිෂ්ණා බවට පත් වීම සඳහා මෙම දැනුම ඔබට ලබා දෙනවා. මෙම පාසලේ ගුරුවරයා වන්නේ ශිව බාබා මිසක් ශ්‍රී ක්‍රිෂ්ණා නොවෙයි. දේවතා ධර්මය ස්ථාපනය කරන්නේ ශිව බාබායි. තමන් මෙහි පැමිණෙන්නේ තම වාසනාව දිනා ගැනීමටයි කියා ඔබලා කියාවි. තම තමන්ගේ වාසනාව දිනා ගැනීමට පරමාත්ම පියා වන පරමාත්ම ජීවය ළඟට තමන් පැමිණ සිටිනා බව ඔය ජීවාත්මයන් දැන් දන්නවා. මෙම වාසනාව රාජ කුමාරයින් හා කුමාරිකාවන් වීමට ඇති වාසනාවකුයි. මෙය රාජයෝගාවයි. පළමුවෙන්ම, දිව්‍යලෝකයේ මුල් පත්‍ර දෙක වන රාධේ හා ක්‍රිෂ්ණාව ශිව බාබා විසින් එළිදරව් කරවනවා. මෙම පින්තූරය ඉතාමත් නිවැරදිව සාදා ඇත්තක්. අන් අයට පැහැදිලි කර දීම සඳහා එය ඉතාමත් හොඳ පින්තූරයක්. ගීතාවේ ඥානය හදාරා ඔබලා තම වාසනාව සාදාගෙන තිබෙනවා. මීට පෙර ඔබලා විසින් අවදි කරගෙන තිබුණු වාසනාව දැන් අවසන් වී තිබෙනවා. තම උපත් ගණනාවක අවසාන කාලයට පැමිණ සිටිනා ඔබලා දැන් මුළුමණින්ම තමෝප්‍රධාන් යාචකයින් වී සිටිනවා. එමනිසා, දැන් ඔබලා නැවතත් වතාවක් කුමාරයින් විය යුතුයි. පළමුවෙන්ම මෙම තත්ත්වයට පත් වන්නේ රාධේ හා ක්‍රිෂ්ණායි. පසුව ඔවුන් වංශයේ ඉදිරියට ගමන් කරනවා; එය එක් රාජ්‍යයක් පමණක් විය නොහැකියි. රාධේ හා ක්‍රිෂ්ණා විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව හැඳින්වෙන්නේ ලක්ෂ්මි හා නාරායන ලෙසිනුයි. රාජ කුමාරයෙක් වීමත් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට නාරායන වීමත් දෙකම එකයි. ලක්ෂ්මී හා නාරායන දිව්‍යලෝකයේ පාලකවරුන්ව සිටි බව ඔබලා දන්නවා. දිව්‍යලෝකය අනිවාර්යෙන්ම ස්ථාපනය කරන්නට ඇත්තේ සංගම යුගයේදීයි. මෙන්න මේ නිසා තමයි මේ කාලපරිව්ඡේදය සුබම සුබ වු සංගම යුගය ලෙසින් හැඳින්වෙන්නේ. ආදී සනාතන දේවී දේවතා ධර්මය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. ඉන් අනතුරුව අන් සෑම ධර්මයක්ම විනාශ වී යා යුතුයි. ස්වර්ණමය යුගයේ තිබුණේ එකම එක ධර්මයක් පමණයි. එහි ඉතිහාසය හා භූගෝලය නැවතත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. පරිස්ථානය ලෙසත් හඳුන්වන දිව්‍යලෝකය, ලක්ෂ්මී හා නාරායන පාලනය කළ ප්‍රදේශය දැන් නැවතත් වතාවක් නිර්මාණය වෙමින් පවතිනවා. දැනට මෙය සොහොන් බිමක්. රාග ගින්නේ අසුන් ගෙන සිටිනා සෑම කෙනෙක්ම ඉන් දැවී අළු වී යනවා. ස්වර්ණමය යුගයේ දී ඔබ මාළිගා ආදිය තනාවි. රත්‍රං නගරයක්- ද්වාරකයක් හෝ ලංකාවක් පොළොව යටින් මතු වෙනවා කියා දෙයක් සිදු වන්නේ නැහැ. රත්‍රං නගරයක් මතු වේවි, නමුත් ලංකාවක් මතු විය නොහැකියි. රාම රාජ්‍යයත් ස්වර්ණමය යුගයක් ලෙසින් හඳුන්වනවා. භාරතයේ තිබුණු සියලුම සැබෑ රත්‍රං දැන් මංකොල්ල කා තිබෙනවා. භාරතය කෙතරම් ධනවත්ව තිබුණාද කියා ඔබ අන් අයට කියනවා. දැන් එය දරිද්‍රතාවයෙන් පෙළෙනවා. දරිද්‍රතාවය කියන වචනයත් එතරම් හොඳ මදි. ස්වර්ණමය යුගයේ තිබුණේ එකම එක ධර්මයක් බව ඔබට පහදා දිය හැකියි. එහි වෙන කිසිම ධර්මයක් තිබෙන්න බැහැ. එසේ විය හැක්කේ කෙසේද, එහි සිටියේ දේවතාවරුන් පමණක්මද කියා බොහෝ දෙනා අසනවා. විවිධ මත රාශියක් තිබෙනවා. දෙදෙනෙකුගේ අදහස් දෙකක් එක හා සමාන නොවීම පුදුමයට කරුණක් නොවෙයි. නළුවන් කී දෙනෙක් නම් සිටිනවාද ? දැන් දිව්‍යලෝකය ස්ථාපනය වෙමින් පවතිනවා. තමන් දැන් දිව්‍යලෝක වාසීන් බවට පත් වෙමින් සිටිනවාය යන්න සිහිපත් කිරීමෙන් ඔබට නිරන්තරයෙන්ම උද්යෝගිමත්ව සිටිය හැකි වේවි. ඔබ දරුවන්ට විශාල සතුටක් දැනිය යුතුයි. ඔබලාට ඉතාමත් ඉහළ අරමුණක් හා ඉලක්කයක් තිබෙනවා. ඔබලා සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දිව්‍යලෝක වාසී දේවතාවරුන් වෙනවා. දිව්‍යලෝකය දැන් ස්ථාපනය වෙමින් පවතින බව දන්නේ ඔය බ්‍රහමිණ්වරුන් පමණයි. ඔබලා මේ සියල්ල හොඳින් මතක තබා ගත යුතුයි. නමුත් මායා නැවත නැවතත් ඔබට එය අමතක කරවනවා. තම වාසනාවේ නොමැති නම් ඔබලා තුළ නවතාවයක් ඇති වන්නේ නැහැ. ඇතැම් අයට කල්ප භාගයක් පුරා තිබුණු බොරු කීමේ පුරුද්ද නැති කර ගන්නම බැහැ. ඔවුන් මිත්‍යාව මහා වටිනා ධන වස්තුවක් කියා සලකා එය තමා ලඟින්ම තබාගෙන සිටිනවා. ඉතින් ඔවුන්ගේ වාසනාව එපමණක්ම පමණක් බවයි ඉන් අදහස් වන්නේ. ඔවුන් පියාව සිහි කරන්නේවත් නැහැ. තම බැඳිම් සියල්ලම ඉවත් කළ විට පමණයි ඔබලාට ඔහුව සිහි කළ හැකි වන්නේ. පසුව මුළු ලෝකය ගැනම ඔබ තුළ නිරාශාවක් ඇති වේවි. ඔබ තම ඥාති හිතමිතුරන් ආදිය පවා දුටුවත් ඔවුන්වත් ඒ ලෙසින්ම නොපෙනෙනවා සේ විය හැකියි. ඒ සෑම කෙනෙක්ම අපායේ, සොහොන් බිමේ වාසය කරනා අය බව ඔබ දන්නවා. මේ සියල්ල විනාශ වී යා යුතුයි. අප දැන් නිවහන බලා යා යුතු නිසා තමයි අපි සතුටේ දේශයත් සාම දේශයත් සිහි කරන්නේ. ඊයේ අපි දිව්‍යලෝකයේ වාසය කරමින් එය පාලනය කළා. පසුව අපිට එම රාජ්‍යය අහිමි වුණා. දැන් නැවතත් එය ස්ථාපනය කරමින් සිටිනවා. භක්ති මාර්ගයේ දී තමන් කී වතාවක් නම් හිස නම නමා මුදල් පවා අපතේ හැරියාද කියා ඔය දරුවන්ට දැන් තේරෙනවා. මිනිස්සු නොනවත්වා අඬා වැලපුනත් ඔවුන්ට ලැබෙන කිසිවක් නැහැ. පැමිණ තමාව සතුටු දේශය වෙත ගෙන යන්න කියා ජීවාත්ම සත්තාවන් බාබාට කන්නලව් කරනවා. අවසන් කාලයේ දී දුක් විඳිනා විට තමයි ඔවුන්ට පරම පියාව සිහි වන්නේ. මෙම පැරණි ලෝකය දැන් විනාශ වීමට තිබෙනා බව ඔබට පෙනෙනවා. දැන් අපගේ මෙම අවසන් උපතේ දී අප මේ සියලුම ඥාන සම්භාරයන් ලබා ගනිමින් සිටිනා බව අපි දැන් දන්නවා. ඔබ මෙම දැනුම මුළුමනින්ම ග්‍රහණය කර ගත යුතුයි. භුමිකම්පා ආදිය සිදු වන්නේ හදිස්සියෙන්මයි. පාකිස්තානය වෙන්වන කාලයේ දී මිනිසුන් විශාල පිරිසක් ඝාතනය වුණා. ආරම්භයේ සිට වර්තමානය දක්වා සියලුම කරුණු ඔය දරුවන් දන්නවා. ඉදිරියට සිදු වීමට නියමිත දේවල් පවා ඔබට දැන ගැනීමට ලැබේවි. රන්දේවාල ඉදිවුණේ තනි සෝමනාථට පමණක්ම නොවෙයි. තවත් රන්දේවාල ගණනාවක් තවත් බොහෝ දෙනා වෙනුවෙන් ඉදි වුණා. ඒවාට සිදුවුයේ කුමක්ද ? ඒ සියල්ල අතුරුදහන් වුයේ කොහේටද ? භූමිකම්පා සිදු වන විට ඒ සියල්ල මහපොළොවට යට වුණා ද? ඒවා නැවතත් මතු වන්නේ නැතිද ? ඒවා පොළොව යටම දිරාපත් වී යාවි ද ? කුමක් සිදුවේවි ද ? තවත් ඉදිරියට යන විට සිදුවන සියල්ල ඔබට අවබෝධ කර ගත හැකි වේවි. රත්‍රං නගරය පොළොවට යට වුණා කියා කියනවා. දැන් නාටකයට අනුව එසේ යට ගිය එය කල්පය කරකැවෙනවාත් සමඟ නැවතත් මතු වේවි කියා ඔබ දැන් කියාවි. එය නැවතත් ගොඩනැඟීමට සිදු වේවි. තම මනසේ මෙම කල්පය කරකැවීම තුළින් ඔබ ලොකු සතුටක් විඳිය යුතුයි. මෙම පින්තූරය ඔබ ලඟ තබා ගන්න. මෙම බැජ් එක සේවය කිරීමට ඉතාමත්ම හොඳයි. නමුත් ඔබලාගෙන් කිසිම කෙනෙක් එයින් එතරම් සේවයක් කරන්නේ නැහැ. දුම්රියක පවා ඔය දරුවන්ට ඉතාමත් හොඳ සේවයක් කළ හැකියි. නමුත් ඔබලාගෙන් කිසිම කෙනෙක් තමන් දුම්රිය ගමන් වලදී කී දෙනෙකුට සේවය කළාදැයි කියා බාබාට ලියන්නේ නැහැ. තුන්වෙනි පන්තියේ දුම්රිය මැදිරි වල පවා ඔබට සේවය කළ හැකියි. මීට කල්පයකට පෙර මෙම දැනුම තේරුම් ගත් අය, සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවතා තත්ත්වයට පත්වුණු අය නැවතත් වතාවක් මෙය තේරුම් ගනීවි. මනුෂ්‍යයින්ව දේවතාවරුන් බවට පත් කෙරෙව්වා කියා සඳහන් වී තිබෙනවා. මිනිසුන්ව ක්‍රිස්තියානුවරුන් හෝ සීක්වරුන් බවට පත් කෙරෙව්වා කියා කියන්නේ නැහැ. ඔබලා දේවතාවරුන් වුයේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිටයි. එනම්, ආදී සනාතන දේවී දේවතා ධර්මය ස්ථාපනය වුණා. අන් සෑම ධර්මයක්ම තම තමන්ගේ කොටස් වලට ගොස් එහි විවේක ගත්තා. සෑම ධර්මයක්ම ස්ථාපනය වුයේ කවදාද කියා කල්ප වෘක්ෂය පෙන්වන පින්තූරයේ පැහැදිලි කර පෙන්වා තිබෙනවා. දේවතාවරුන් හින්දුවරුන් වුණු අතර ඇතැම් අය හින්දු ධර්මයෙන් අනෙකුත් ධර්ම වලට මාරු වුණා. තම උතුම් ධර්මය හා කර්මය අතහැර දැමු බොහෝ දෙනා අනෙකුත් ආගම් වලට යන්න ගියා. ඔවුන් නැවතත් පසු කලෙක මතු වී යමක් අවබෝධ කරගෙන පුරවැසියන් බවට පත් වේවි. සෑම කෙනෙක්ම දේවතා ධර්මයට යන්නේ නැහැ. ඔවුන් සෑම කෙනෙක්ම තම තමන්ගේ කොටස් වලට ගිහින් ඒ ඒ තැන් වල නතර වේවි. මේ සියල්ලම ඔබගේ සිහියේ තිබෙනවා - ලෝකයේ මිනිස්සු දිගටම කරන්නේ මොනවාද. ඔවුන් ආහාර පාන සඳහා විවිධාකාර සැලසුම් සාදනවා. විශාල යන්ත්‍ර සුත්‍ර ආදියත් සවි කරනවා. නමුත් කිසිවක් සිදු වන්නේ නැහැ. ලෝකය තමෝප්‍රධාන් වී ඔබත් ඉණිමඟේ පහළට පැමිණිය යුතුයි. නාටකයේ සිදු වීමට නියමිතව ඇති දේ දිගටම සිදු වේවි. නව ලෝකය ස්ථාපනය විය යුතුයි. මේ දිනවල විද්‍යාඥයින් සියල්ල ඉගෙන ගනිමින් සිටිනවා. තව වසර කිහිපයකින් ඔවුන් වාඩාත් දක්ෂ අය බවට පත් වේවි; එහිත් ඉතාමත් හොඳ දේවල් නිර්මාණය කරාවි. මෙම විද්‍යාව ඔබට මහත් සතුටක් ගෙන දේවි. මෙහි ඇත්තේ පුංචි සතුටකුත් විශාල දුකකුත් පමණයි. විද්‍යාඥයින් මේ දේවල් නිර්මාණය කර දැන් කොපමණ කාලයක් වෙනවාද ? මීට පෙර විදුලි බලය හෝ ගෑස් තිබුණේ නැහැ. දැන් මොනවාද වෙලා තිබෙන්නේ කියා මඳක් බලන්න. එහි ඇති සෑම දෙයක්ම සාදා නිමකළ ඒවායි. ඉතාමත් ඉක්මනින් සෑම දෙයක්ම ගොඩනැඟේවි. මෙහිදීත් කොපමණ ඉක්මනින් ගොඩනැඟිලි සෑදෙනවාද කියා බලන්න. සෑම දෙයක්ම සුදානම්. මහල් ගණනාවක් සාදනවා. එහි මේ වගේ වෙන එකක් නැහැ. එහි සෑම කෙනෙකුටම ඇති පමණට ඉඩකඩම් තිබෙනවා. විශාල ධනස්කන්ධයකුත් විශාල ඉඩ ප්‍රමාණයකුත් එහිදී ඔවුන්ට තිබෙනවා. ගංගාවල් ගණනාවක් තිබෙනවා, නමුත් ඇළමාර්ග නැහැ; ඒවා සෑදුවේ පසු කලෙකයි. ඔය දරුවන් තුළ මහත් වූ සතුටක් තිබිය යුතුයි. ඔබලාට එන්ජින් දෙකක් ලැබී තිබෙනවා. දුම්රියකට කන්දක් නැඟීමට සිදුවුණු විට එයට එන්ජින් දෙකක් දමනවා. ඔය දරුවනුත් ඔබගේ සහයෝගයේ ඇඟිල්ල දෙනවා. එහි ඔබලා ඉතාමත් ටික දෙනයි. ඔබලා පරමාත්ම පියාගේ උදව්කරුවන් ලෙසින් වර්ණනාවට ලක්ව තිබෙනවා. ඔබලා සේවය කරන්නේ ශ්‍රීමත් වලට අනුකූලවයි. බාබාත් මෙහි පැමිණ සිටින්නේ ඔබලාට සේවය කිරීමටයි. ඔහු එකම එක ධර්මය ස්ථාපනය කර අන් සියලු ආගම් විනාශ කර දමනවා. තවත් ටිකක් ඔබලා ඉදිරියට යන විට විශාල කලබල ඇති වේවි. දැනටත්, යුද්ධයක් ආරම්භ වේවි, බෝම්බ ගසාවි කියා බියක් තිබෙනවා. ඊට පෙරත් පොඩි පොඩි පිපිරීම් සිදු වේවි. ඔවුන් දිගටම එකිනෙකා හා දබර කර ගනීවි. මෙම පැරණි ලෝකය විනාශ විය යුතු බව ඔය දරුවන් දන්නවා. පසුව අප අපගේ නිවහන බලා යමු. අපගේ උපත් 84 කල්පය දැන් අවසාන වෙමින් පවතිනවා. අපි නැවතත් එකටම නිවස බලා යමු. පියාව සිහි කරනා අය සිටින්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි. නාටකයට අනුව ශිෂ්‍යයින් වර්ග දෙකක් සිටිනවා. ක්‍රියාකාරී සිසුන් සහ අලස සිසුන්. ක්‍රියාකාරී සිසුන් හොඳ ලකුණු වලින් සමත් වෙනවා. නමුත් අලස සිසුන් මුළු දවස පුරාම දබර කර කර සිටීවි. ඔවුන් පියාවවත් සිහි කරන්නේ නැහැ. ඔවුන් මුළු දවස පුරාවටම ඥාති හිතමිතුරන්ව සිහි කරමින් සිටිනවා. මෙහිදී ඔබ සියල්ලම අමතක කර දැමිය යුතුයි. මම ජීවාත්ම සත්තාවක්මි. මෙම වලිගය, මෙම ශරීරය මා පසුපස එල්ලී තිබේ. අප අපගේ කර්මාතීත් තත්ත්වයට ලඟා වු විට මෙම වලිගය හලා දමමි. අපගේ එකම එක සැලකිල්ල කර්මාතීත් තත්ත්වයට පත් වී මෙම ශරීරය අතහැර දැමීම පමණයි. අවලස්සන අප ලස්සන විය යුතුයි. එමනිසා, අප උත්සාහ දැරිය යුතුයි. ප්‍රදර්ශනයක් සඳහා කෙතරම් උත්සාහයක් දැරිය යුතු ද කියා මඳක් සිතා බලන්න. බෝපාලයේ මහේන්ද්‍ර තම ධෛර්යය පෙන්නුවා. ඔහු ධෛර්යවන්තව ප්‍රදර්ශන වැඩසටහන් රාශියක්ම සංවිධානය කළා. ඒ දැරූ උත්සාහයට ඔහු අනිවාර්යෙන්ම ප්‍රතිඵල ලබාවි. එවන් අරුමයක් එක් අයෙක් කර පෙන්නුවා. ඔහු විශාල පිරිසකට යහපත සැලසුවා ! තම ඥාති හිතමිතුරන් සමඟ ඔහු විශාල වැඩ කොටසක් කළා එය හරිම පුදුම දෙයක්. ඔහු තම ඥාති හිතමිතුරන්ටත් ඔවුන් සතු ධනය මෙම කාර්යය සඳහා යොදවන්නැයි කියා කියමින්, නිකම් මුදල් ළඟ තබාගෙන සිට මොනවා කරන්න ද කියලත් ඇසුවා. මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ ධෛර්යය ඔහුට තිබුණා. විශාල පිරිසක් තම වාසනාව නිර්මාණය කර ගත්තා. මෙවන් පුද්ගලයින් පස් හය දෙනෙක් මතු වුවහොත් විශාල සේවා කාර්යයක් ඉටුකර ගත හැකි වෙනවා. තණ්හාධික අයත් සිටිනවා. ඉන් අදහස් වන්නේ මෙය ඔවුන්ගේ වාසනාවේ නොමැති බවයි. විනාශය තමා ඉදිරියේ ඇති බවත් තමුන් අනිවාර්යෙන්ම යමක් කළ යුතු බවත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. දැන් දෙවියන්ගේ නාමයෙන් දෙන, කිසිම දානයකින් මිනිසුන් කිසිම දෙයක් ලබන්නේ නැහැ. පරමාත්ම දෙවියන් දැන් පැමිණ සිටින්නේ දෙව්ලොව ස්වාධිපත්‍යය ඔබට ලබා දීමටයි. නිකම්ම මුදල් දානය කරනා අයට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තම ශරීරය, මනස හා ධනය සියල්ල මෙම සංගම යුගයේ දී කිසියම් හෝ යහපත් දෙයකට යොදවපු අයත් තවමත් එය කරමින් සිටිනා අයත් තමයි වාසනාවන්තයින් වන්නේ. නමුත් මෙය ඔවුන්ගේ වාසනාවේ නොමැති නම්, ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඒ බ්‍රහමිණ්වරුන් ගැන ඔබලා දන්නවා. ඔබලාත් බ්‍රහමිණ්වරුනුයි. ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීනුයි. ඒ බ්‍රහමිණ්වරුන් ගණනාවක් සිටිනවා. ඔවුන් මව් කුසකින් ඉපදෙන අය වන අතර ඔබලා ඉපදුනේ මුඛයෙනුයි. ශිවාගේ උපත සිදුවන්නේ සංගම යුගයේදීයි. දෙව්ලොව නිර්මාණය කිරීමේ මන්ත්‍රය පරමාත්ම පියා දැන් ඔබට දී තිබෙනවා මන්මනභව ! දිගින් දිගටම මා සිහි කරන්න ඔබ පාරිශුද්ධත්වයට පත් වී පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් වේවි. දක්ෂ ලෙස එවන් කාඩ්පත් මුද්‍රණය කරන්න. ලෝකයේ බොහෝ අය මරණයට පත් වෙනවා. කෙනෙක් මිය ගිය විට, ඔබලාට මෙම කාඩ්පත් බෙදාදිය හැකියි. පරමාත්ම පියා පැමිණි විට මෙම පැරණි ලෝකය විනාශ වී යා යුතුයි. එවිට දෙව්ලොව දොරටු විවර වේවි. සතුටු දේශයට යාමේ ආසාව ඇති ඕනෑම කෙනෙකුට ’මන්මනභව‘ මන්ත්‍රය තිබෙනවා. එවන් ආකර්ෂණීය කාඩ්පත් ඔබලා සෑම කෙනෙක් ලඟම තිබිය යුතුයි. සොහොන් බිම් වල පවා ඒවා බෙදා දිය හැකියි. සේවය කිරීමට ඔය දරුවන් ඉතාමත් කැමති විය යුතුයි. සේවය කිරීමේ මාර්ග ගණනාවක් තිබෙනවා. මෙය පැහැදිලිව ලියා ගන්න. ඔබගේ අරමුණ හා ඉලක්කය ඉතාමත් පැහැදිලියි, නමුත් අන් අයට පැහැදිලි කිරීමට ඔබ ළඟ ක්‍රම සහ විධි තිබිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ කර්මතීත් තත්ත්වයට පත් වීමට නම් වලිගයක් ලෙසින් ඇති ශරිරය සම්පුර්ණයෙන්ම අමතක කර දමන්න. ඔබගේ ඥාති හිතමිතුරන් කිසිම කෙනෙක් සිහි නොකරන්න. එකම එක පියාව පමණක් සිහි කිරීමට උත්සාහ දරන්න.

2. ශ්‍රීමත් වලට අනුව පරමාත්ම පියාගේ සාහායකයින් වී තම ශරීරය, මනස හා ධනය සාර්ථකව යොදවා උතුම් වාසනාවක් නිර්මාණය කර ගන්න.

වරදානය:
ඔබ යම් යම් කර්ම විඳීම් ආකාරයේ අවස්ථාවන්ගෙන් වන ඇදීම් අවසන් කර ඇලීම සම්පූර්ණයෙන්ම විනාශ කරන්නෙකු බවට පත් වේවා.

දැන් පවා, පදාර්ථය විසින් නිර්මාණය කරන ලද සිද්ධීන් තවමත් ඔබේ ස්ථිතිය යම් දුරකට ඔවුන් වෙතට ඇද ගනී. විශාලතම ඇදීම ඔබේ ශරීරයේ යම් කර්ම ගිණුම් සහ ඔබේ ඉතිරි වී ඇති කර්ම විදීම් ලෙස පැමිණෙන අවස්ථාවන්ය; මෙය ඔබව ඇද ගනී. මෙම ඇදීම අවසන් වූ විට, සම්පූර්ණයෙන්ම ඇලීම විනාශ කරන්නෙකු ලෙසින් ඔබව හදුන්වනවා ඇත. ඔබේ ශරීරයේ හෝ භෞතික ලෝකයේ කිසිම සිදුවීමකට ඔබේ මනෝ ස්ථිතිය සොලවන්නට නොහැකි වනවා ඇත. මෙය පරිසමාප්තියේ ස්ථිතියයි. ඔබ එවන් ස්ථිතියකට ළඟා වූ විට, ඔබට තත්පරයකින් ඔබේ මාස්ටර් සර්වබලධාරි ස්වරූපයෙහි ඔබව පහසුවෙන් ස්ථාවර කර ගැනීමට හැකි වනවා ඇත.

පාඨය:
පාරිශුද්ධත්වයේ භාරය යනු උතුම් සත්‍ය නාරායනගේ භාරයයි. අතීන්ද්‍රිය සුඛය මෙතුළ මුසු වී තිබේ.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබගේ මනසින් සේවය කිරීම යනු අසීමිත සේවය සිදු කිරීමයි. ඔබගේ මනසින් සහ වදන් වලින් සේවය කිරීමෙන් ඔබ ආදර්ශයක් වන තරමට, ආදර්ශය දැක අන් අයත් ඉබේටම ආකර්ෂණය වෙයි. ඕනෑම භෞතික ක්‍රියාකාරකමක් සිදු කරන අතර, චිත්ත තරංග විහිදුවා හැරීමේ සේවය මනසින් සිදු කරන්න. නිදසුනක් ලෙස, ව්‍යාපාරිකයෙක් සිහිනෙන් පවා ඔහුගේ ව්‍යාපාරය රැක බලා ගනියි; ලෝකයට යහපත සැලසීමේ ඔබගේ කාර්යයත් එවැනිය. මෙය ඔබගේ රාජකාරියයි. මෙම රාජකාරිය ඔබගේ අවධානයේ තබාගෙන මෙම සේවයේ නිරන්තරයෙන් කාර්යබහුල වන්න.