25.01.25 Avyakt Bapdada
Sinhala
Murli 02.04.2008 Om Shanti Madhuban
මේ වසරේ විෂයයන්
සතරින්ම බලධාරියෙක් වන්න.
ඔබගේ අරමුණ සහ එයට අවශ්‍ය සුදුසුකම් සමාන කරගන්න.
අද බාප්දාදා
තෘප්තිමත්ව රැදී සිටින, සෑම තැනකම සිටින ඔහුගේ තෘප්තිමත් මැණික් දෙස බලනවා. සෑම
කෙනෙකුගේම මුහුණේ තෘප්තියේ දීප්තිය දිස් වනවා. ඔය සෑම කෙනෙක්මත් තෘප්තියේ මැණික්
වලට සෙනෙහස දක්වයි, බාප්දාදා ඔවුන්ට සෙනෙහස දක්වයි, එමෙන්ම පවුලේ අයත් ඔවුන්ට
සෙනෙහස දක්වයි, මන්ද, තෘප්තිය විශාල බලයකි. තෘප්තිය ධාරණය කරගත හැක්කේ ඔබට සියලු
ලැබීම් අත් වූ විට පමණයි. ලැබීම් ඇත්තේ සුළු වශයෙන් නම්, තෘප්තිය තිබෙන්නේ
සුළුවෙනි. තෘප්තිය, වෙනත් බලයන්ද කැඳවයි. තෘප්තියේ වාතාවරණය, වෙනත් අයටත් ඔවුන්ගේ
ධාරිතාවයට අනුව, තෘප්තියේ චිත්ත තරංග ලබා දෙයි. කෙනෙක් තෘප්තිමත්ව සිටින බවට ලක්ෂණය
වන්නේ, එම කෙනා සෑම විටම සතුටු හදවතක් ඇති අයෙක් ලෙස දිස් වීමයි. එම කෙනාගේ මුහුණ
ස්වභාවිකවම නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව තිබෙයි. තෘප්තිමත් ජීවාත්මයක් ඉදිරියට කුමන
අහිතකර සිදුවීමක් පැමිණියත්, ඔහුගේ ආදිතම ස්ථිතියෙන් එම කෙනා සැලෙන්නේ නැත. සිදුවීම
කෙතරම් විශාල වුවද, තෘප්තිමත් ජීවාත්මයක් එය දකින්නේ කාටූන් චිත්‍රපටියක් වැනි
විනෝදාත්මක ස්වරූපයකිනි. මේ නිසයි එම ජීවාත්මය, සිදුවීම් නිසා අසහනයට පත් නොවන්නේ.
සිදුවීම් වලට එම ජීවාත්මයට පහර දිය නොහැක; සිදුවීම් පරාජය වෙයි. මේ නිසයි එම
ජීවාත්මය තමන්ගේ ජීවිතය අතීන්ද්‍රීය සතුටින් පිරි විනෝදජනක එකක් ලෙස අත්විදින්නේ.
ඔහුට වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවෙයි, නමුත් එය විනෝදයක් ලෙස අත්දකියි. එබැවින් ඔය
සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. පරීක්ෂා කරන අන්දම ඔබ දන්නවා නේද?
දන්නවාද? අන් අයව නොවෙයි, තමන්ව පරීක්ෂා කිරීමට දන්නා අය අත් ඔසවන්න. ඔබ තමන්ව
පරීක්ෂා කිරීමට දන්නවාද? අච්චා. සුබ පැතුම්.
දිනපතාම අම්රිත්
වේලාවේ විවිධ ස්වරූප වලින් සෑම දරුවෙකුටම බාප්දාදාගෙන් ලැබෙන ආශිර්වාදය වන්නේ:
සතුටින් ඉන්න, සමෘද්ධිමත්ව ඉන්න. සෑම කෙනෙකුටම දිනපතාම ආශිර්වාදයක් ලැබෙයි.
බාප්දාදා සෑම කෙනෙකුටම දිනපතා, එකවර, එකම වරදානය ලබා දෙයි, නමුත් එහි ඇති වෙනස
කුමක්ද? ඔබ අංකානුරූපී වන්නේ ඇයි? පිරිනමන්නා එක්කෙනෙක් වන අතර ඔහු ලබා දෙන තිලිණත්
සමානයි. ඔහු සමහරුන්ට ටිකක් සහ වෙනත් අයට වැඩියෙන් දෙන්නේ නැහැ. ඔහු පරිත්‍යාගශීලීව
ලබා දෙයි, නමුත් වෙනස නිර්මාණය වන්නේ කෙසේද? ඔබ සියලු දෙනා මෙය අත්විඳ තිබෙනවා,
මන්ද, මේ වන තෙක්, එහි හඬ බාප්දාදා වෙතට ළඟා වෙනවා. කුමන හඬද කියා ඔබ දන්නවාද?
“ඇතැම් විට” (කබී කබී) “ටිකක්...” (තෝඩා තෝඩා). දැන් වුවද මේ හඬ බාප්දාදා වෙතට ළඟා
වනවා. බාප්දාදා මෙසේ පවසා තිබෙනවා: බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ ජීවිතයේ ශබ්දකෝෂයෙන්
මෙම වචන දෙකම ඉවත් විය යුතුයි. පරම පියා අවිනාශීය, සම්පත් අවිනාශීය, එමෙන්ම ඔබ
සියලු දෙනාම අවිනාශී, ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. එසේ නම් ඔබ භාවිතා කළ යුත්තේ කුමන වචනයද?
“ඇතැම් විට” ද, “නිරන්තරයෙන්” ද? (සදා)? සියලු සම්පත් ඉදිරියේ පරීක්ෂා කර බලන්න: මට
සියලුම බල නිරන්තරයෙන් තිබෙනවාද? මට සියලුම ගුණධර්ම නිරන්තරයෙන් තිබෙනවාද? ඔබ සියලු
දෙනාගේ බැතිමතුන් ඔබගේ ප්‍රශංසා ගායනා කරන විට, ඔවුන් පවසන්නේ කුමක්ද? “ඇතැම් විට
ගුණදම් පිරිනමන්නන්” ද? ඔවුන් ගායනා කරන්නේ එහෙමද? සෑම ආශිර්වාදයකම බාප්දාදා “සදා”
(නිරන්තර) කියන වචනය පවසා ඇත. නිරන්තරයෙන් සියලු බල ඇති පාලකයෙක්, විටෙක ඔබට සමහර
බල තිබෙන අතර තවත් විටෙක ඔබට සියලු බල තිබීම නොවෙයි. සෑම මොහොතකම ඔබ මෙම වදන් පවසන
අතර බාප්දාදා ද එය පවසයි. “සමාන වන්න”. සුළු ප්‍රමාණයකින් සමාන වන්න, කියා ඔහු
කියන්නේ නැහැ. ඔහු පවසන්නේ : උපරිම ප්‍රමාණයෙන් පරිසමාප්ත සහ අංග සම්පූර්ණ. එසේ නම්
දරුවන් ඇතැම් විට කරන්නේ කුමක්ද? බාප්දාදා ද ඔබගේ ක්‍රීඩා නරඹනවා එහෙම නේද? ඔහු
නොකඩවා ඔය දරුවන්ගේ ක්‍රීඩා නරඹනවා. ඔබගෙන් ඇතැම් දරුවන් කරන්නේ කුමක්ද? ඔබගෙන්
සමහරු, සියලු දෙනාම නොවෙයි, ඔබට ලැබී ඇති වරදානය ගැන සිතයි; ඔබ ඒ ගැන කතා කරයි,
ඔබගේ සටහන් පොතේ ඔබ එය සටහන් කරගනී, ඔබ එය මතකයේද තබා ගන්නවා, නමුත් ඔබ ආශිර්වාදයේ
බීජයට ඵල දැරීමට ඉඩ නොදෙයි. ඔබට බීජයෙන් ඵලය ලබා ගැනීමට නොහැක. ඒ ගැන කතා කිරීමෙන්
පමණක් ඔබ බොහෝ සතුටු වනවා: “එය ඉතා හොඳ ආශිර්වාදයක්”. ආශිර්වාදය, බීජය වන අතර ඔබ
බීජය, ඵල දැරීමට සලස්වන ප්‍රමාණයට අනුව එය වැඩි වෙයි. එම බීජය ඵල දැරීමට සලස්වන
ක්‍රමය කුමක්ද? එය නිසි වෙලාවට භාවිතා කිරීම. එම වෙලාවට එය භාවිතා කිරීමට ඔබට අමතක
වෙයි. ඔබගේ සටහන් පොතේ ඔබ එය දැක, ඒ ගැන කතා කිරීම පමණක් සිදු කරයි: ‘එය ගොඩක්
හොදයි, එය ගොඩක් හොදයි. බාබා ඉතා හොද ආශිර්වාදයක් දී තිබෙනවා.’ කෙසේවෙතත්, ඔහු එය
ලබා දී තිබෙන්නේ ඇයි? ඔහු එය ලබා දී තිබෙන්නේ ඔබට එය ඵලවත් කිරීමටයි. පලතුරක්
සෑදෙන්නේ බීජයකින්. ඔබට ආශිර්වාදය මතකයි, නමුත් එම ආශිර්වාදයේ ප්‍රතිමූර්තියක්
වීමේදි ඔබ අංකානුරූපී වෙයි. සෑම කෙනෙකුගේම භාග්‍යය දැක බාප්දාදා සතුටු වනවා.
කෙසේවෙතත්, ඔහුගේ හදවතේ බලාපොරොත්තු ගැන බාප්දාදා ඔබට මින් පෙර කියා තිබේ. ඔබ සියලු
දෙනාම ඔබගේ අත් එසවූවා. ඔබ සියලුම හේතු සහ නිදහසට කාරණා අවසන් කර, විසඳුම් වල
ප්‍රතිමූර්ති වීමට යන බව, ඔබට මතකද? එම ගෙදරවැඩ ඔබට මතකද? සමහර දරුවන් ඔවුන්ගේ
හදවතට සමීප කතාබස් වල, බාබාට එවන ලිපි සහ ඊමේල් වල, ඔවුන්ගේ ප්‍රතිඵලය ලියා තිබේ.
ඔබගේ අවධානය එයට යොමු කිරීම හොදයි. කෙසේවෙතත්, බාබා ප්‍රිය කරන වචනය මෙන් ඔබ වී
තිබේද: නිරන්තරයෙන්? පැමිණ සිටින ඔබ සියලු දෙනා, ඔබ එය ඇසුවත්, කියෙව්වත්, එක මාසයක
ගෙදරවැඩේදි - එය මාසයක් පමණයි, ඊට වැඩි නැහැ, ඔබට එම අරමුණ තිබී ඇත. ඔබ ඒ ගැන
එකිනෙකා සමග කතාබස් කර තිබේ. කෙසේවෙතත්, ඔවුන්ගේ එක මාසයක ගෙදරවැඩ අතින් හොද ලකුණු
ලබා ඇති අය, අත් ඔසවන්න. සමත් වී ඇති අය, සම්මාන ඇතිව සමත් වී ඇති අය, සිටගන්න.
සම්මාන ඇතිව සමත් වී ඇති අය! සම්මාන ඇතිව සමත් වී ඇති අයගේ දර්ශනයක් සියලු දෙනාටම
ලැබිය යුතුයි. මව්වරු නොවෙයි. සහෝදරියන් අතරින්, ගුරුවරු අත් ඔසවා නැහැ. කිසිවෙක්
නැද්ද? මධුබන් වල අය? මෙම ප්‍රතිඵලය බොහෝ අඩුයි. (සිට ගත්තේ බොහෝ සුළු පිරිසක්
පමණයි). මධ්‍යස්ථාන වලත් එවන් අය ඇති. සුබ පැතුම්. ඔබට අත්පොළසන් ගැසිය හැක.
බාප්දාදා මඳ සිනහවක් නඟයි, මන්ද, ‘බාප්දාදා කෙරෙහි සෙනෙහස තිබෙන්නේ කාටද සහ ඔබ තුළ
කෙතරම් සෙනෙහස තිබෙනවාද?’ කියා බාප්දාදා විමසන විට, ඔබ පිලිතුරු දෙන්නේ කෙසේද?
‘බාබා අප තුළ ඔබ කෙරෙහි බොහෝ සෙනෙහස තිබෙනවා, අපට ඒ ගැන කියන්නට වත් බැහැ!’ ඔබ ඉතා
හොඳ පිළිතුරක් දෙන අතර බාප්දාදා පවා සතුටු වනවා, නමුත් සෙනෙහස ඔප්පු කරන්නේ කෙසේද?
ඔබ ආදරය කරන්නේ කාටද - ලෝකයේ වර්ථමානයේ ඔවුන් තුළ ශරීර-අවධානයේ ආදරය තිබෙන අතර තම
ජීවිත කැප කිරීමට ඔවුන් සූදානම්ය. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස වෙනුවෙන්, පියා යමක්
කියන විට, එය කිරීමට අපහසු බව දරුවන්ට දැනෙන්නේ ඇයි? ඔබ ඉතා හොද ගීත ගයයි: ‘බාබා,
අප ඔබ වෙනුවෙන් කැප වන සලබයන්. දැල්ලට බිලි වන අය අපයි.’ එසේ නම් ඔබට මෙම ‘හේතු’ යන
එක වචනය කැප කළ නොහැකිද?
දැන් මේ ඍතුවේ අවසන්
වාරය ඇවිත්. ඔබ සහ පරම පියා, දකින අතර ලබන ඍතුවේ (වසරේ) සිදුවන්නේ කුමක්ද කියා
දකියි. ඔබ කාලය දකින අතර ඔබ සියලු දෙනාම ඒ ගැන කතා කරයි: කාලයේ ඇමතුම, බැතිමතුන්ගේ
ඇමතුම, දුක් විඳින ජීවාත්මයන්ගේ කන්නලව්ව, ඔබ සමග ආදරණීය සහ සහයෝගී ජීවාත්මයන්ගේ
හඬ. ඔබ එය ඉටු කරනවා නේද? ඔබගේ නම්බු නාමය කුමක්ද? ඔබගේ යුතුකම කුමක්ද? ඔබ
බ්‍රහ්මනයින් වුනේ කුමන වගකීමක් වෙනුවෙන්ද? ඔබගේ නම්බු නාමය ‘ලෝක පරිවර්ථකයන්ය’.
ඔබගේ කාර්යය, ලෝකය පරිවර්ථනය කිරීම වන අතර ඔබගේ සහකරු කවුද? ඔබ බාප්දාදා සමග මෙම
කාර්යයට උපකරණ වී ඇත. එසේ නම් ඔබ කිරීමට යන්නේ කුමක්ද? දැන් වුවත්, බාබා ඔබ ලවා අත්
ඔසවන්නේ නම්, ඔබ සියලු දෙනාම අත් ඔසවයි. ඔබ අරමුණ තබාගෙන ඇත. මේ වාරයේ, ඔබ සියලු
දෙනාටම සිතිවිල්ල සම්පූර්ණයෙන් තිබුණු බව බාප්දාදා දුටු නමුත්, සාර්ථකත්වයේ යතුර
අධිෂ්ඨානයයි: මා මෙය අනිවාර්යෙන් කළ යුතුයි. ඒ වෙනුවට ඔබ විටෙක එය සිදු කර මෙසේ
කියයි: ‘මා ගමන් කරනවා, මා එය කරන්නම්.’ මෙම සිතිවිල්ල ඔබගේ අධිෂ්ඨානය සාමාන්‍ය බවට
පත් කරවයි. අධිෂ්ඨානය තුළට ‘හේතු’ යන වචනය ඇතුළු විය නොහැක. තිබෙන්නේ විසඳුමක්
පමණයි. හේතු තිබිය හැක, නමුත් පරීක්ෂා කිරීම නිසා, හේතු, විසඳුම් බවට වෙනස් වෙයි.
බාප්දාදා ප්‍රතිඵලය
පරීක්ෂා කළ අතර ඔහු දුටුවේ කුමක්ද? ග්‍යානී, යෝගී, ධාරණාවේ ප්‍රතිමූර්ති සහ
සේවාධාරීන්. විෂයයන් සතරින්ම එක් එක්කෙනා, ග්‍යානී, යෝගී, ධාරණාව තිබෙන සහ තමන්ගේ
හැකියාවට අනුව සේවය කරන අයයි. කෙසේවෙතත්, විෂයයන් සතරින්ම, ඔබ අත්දැකීම් වල
ප්‍රතිමූර්තියක් වීමේ හෝ අත්දැකීම් වල බලධාරියෙක් වීමේ දිස්වන අඩුවක් තිබුණි: මෙම
දැනුමේ ප්‍රතිමූර්තියක් වීමේදි. මෙම දැනුමේ ප්‍රතිමූර්තියක් වීම යනු - ග්‍යාන් මෙම
දැනුම බව කියයි. අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වන ජීවාත්මයකට මෙම දැනුම තිබේ, එනම්
කළ යුත්තේ කුමක්ද සහ නොකළ යුත්තේ කුමක්ද පිළිබද වැටහීම; ඔහුට මෙම දැනුමේ ආලෝකය සහ
බලය තිබේ. අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමේ අරුත වන්නේ, ග්‍යානී ජීවාත්මයකගේ සෑම
ක්‍රියාවකම, ස්වාභාවික ආකාරයකින් ආලෝකය සහ බලය තිබීමයි. ග්‍යානී වීම යනු මෙම දැනුම
දැන සිටීම, ඒ පිළිබදව කතා කිරීම සහ ඒ සමගම සෑම ක්‍රියාවකම ආලෝකය සහ බලය තිබීමයි.
අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමේ ඔබගේ ස්වරූපයෙන්, ඔබගේ සෑම ක්‍රියාවක්ම
ස්වභාවිකවම ශ්‍රේෂ්ඨ සහ සාර්ථක වෙයි. ඔබට වෙහෙස වීමට සිදු නොවෙයි, මන්ද, ඔබ දැනුමේ
අත්දැකීමේ ප්‍රතිමූර්ති නිසා. සියලුම බල අධිකාරින්ට වඩා ශ්‍රේෂ්ඨතම අධිකාරිත්වය
වන්නේ, අත්දැකීම් වල අධිකාරිත්වයයි. මෙම දැනුම පිළිබදව දැන සිටීම සහ මෙම දැනුමේ
අත්දැකීමේ අධිකාරියෙක් ලෙස සෑම ක්‍රියාවක්ම සිදු කිරීම අතර වෙනසක් තිබේ. එබැවින්
පරීක්ෂා කරන්න: විෂයයන් සතරින්ම, මම අත්දැකීම්වල ප්‍රතිරුවක්ද? මා ජීවාත්මයක්,
නමුත් මා සෑම ක්‍රියාවක්ම සිදු කරන්නේ අත්දැකීමේ ප්‍රතිරුවක් ලෙසින්ද? ඔබ අත්දැකීමේ
අධිකාරිත්වයේ ආසනයේ අසුන්ගෙන සිටින්නේ නම්, එවිට ශ්‍රේෂ්ඨ ක්‍රියා සහ සාර්ථකත්වයෙන්
පිරි ක්‍රියා, අධිකාරියෙකුගේ ස්වාභාවික ස්වභාවය බව පෙනෙයි. ඔබ ඒ ගැන සිතයි, නමුත්
අත්දැකීම්වල ප්‍රතිරුවක් වීමට ඔබගේ ස්වාභාවික ස්වභාවය, යෝග්යුක්ත සහ රාස්යුක්ත විය
යුතුයි. ඔබගේ ධාරණාවේද, ඔබගේ සෑම ක්‍රියාවක් තුළම සියලු ගුණධර්ම ඉබේටම දිස්විය
යුතුයි. නිරන්තරයෙන් අත්දැකීම් වල ප්‍රතිරුවක් ලෙස රැදී සිට අත්දැකීම් ආසනයේ
අසුන්ගෙන සිටින්න. මෙම අවශ්‍යතාවයට අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි. අත්දැකීම් වල
අධිකාරියෙකුගේ ආසනය, බොහෝ ශ්‍රේෂ්ඨයි. අත්දැකීම් ඇති අයව, මායාට වත් අවසන් කළ
නොහැක. මායාගේ අධිකාරිත්වයට වඩා අත්දැකීම් වල අධිකාරිත්වය කෝටි ගුණයක් උසස්ය. ඒ ගැන
සිතීම එක දෙයක් වන අතර එය මතගෑම වෙනම දෙයකි, නමුත් දැන් අත්‍යාවශ්‍ය වන්නේ ඔබ
අත්දැකීම් වල අධිකාරියෙක් ලෙසින් ගමන් කිරීමය.
ඉතිං දැන් ඔබ මේ වසරේ
කුමක්ද කිරීමට යන්නේ? ඔබගෙන් බහුතරයක් එක් විෂයකින් සමත් වී ඇති බව බාප්දාදා දැක
ඇත. එම විෂය කුමක්ද? සේවය යන විෂය. බාප්දාදාට සෑම තැනකින්ම ඉතා හොද සේවා වාර්ථා
ලැබී ඇති අතර මේ වසරේ සේවා පුවත් අතින්, සේවය වෙනුවෙන් ඇති උනන්දුව සහ උද්යෝගය ඉතා
හොද බව පෙනෙයි. සෑම අංශයක්ම, සෑම කලාපයක්ම විවිධ ආකාර වලින් සේවයේ සාර්ථකත්වය ලබා
තිබේ. මේ වෙනුවෙන් සෑම කලාපයකට සහ සෑම අංශයකටම බාප්දාදා කෝටි ගුණයක සුබ පැතුම් ලබා
දෙනවා. ඔබ ඉතා හොද සැලසුම්ද සාදා තිබෙනවා, නමුත් දැන්, කාලයට අනුව, එය “හදිසියේ”
ඍතුවයි. බොහෝ බ්‍රහ්මින්වරු හදිසියේ පිටවූ අන්දම ඔබ දකින්නට සහ අසන්නට ඇති.
“හදිසියේ” සීනුව දැන් තීව්‍ර වෙනවා. එයට අනුව, දැන් මේ වසරේ, ඔබ විෂයයන් සතරින්ම
කොපමණ ප්‍රමාණයකට අත්දැකීම් වල ප්‍රතිරුවක් වී තිබෙනවාද? ඔබට විෂයයන් සතරින්ම හොද
ලකුණු තිබීමට අවශ්‍යයි. එක් විෂයකින් හෝ ඔබට සමත් ලකුණට වඩා අඩු ලකුණු ලැබුනොත්, ඔබ
සම්මාන ඇතිව සමත් වී බාප්දාදාගේ ගෙල වටා මල්දමේ පබුළුවක් වන්නේ කෙසේද? ඕනෑම
අන්දමකින් පරාජය වන අයට පියාගේ ගෙල වටා මල්දමක් විය නොහැක. බාබා ඔබ ලවා අත් ඔසවන
විට, ඔබ සියලු දෙනා පවසන්නේ කුමක්ද? ඔබ ලක්ෂ්මි හෝ නාරායන් වන බවයි. හොදයි, ඔබ
ලක්ෂ්මි හෝ නාරායන හෝ ඔවුන්ගේ පවුලේ සහකරුවන් වුනත්, එය බවට පත්වීමත් ශ්‍රේෂ්ඨ
තත්ත්වයකි. එබැවින් බාප්දාදා සරළව එක් දෙයක් පවසයි : දැන් සීඝ්‍ර වේගයකින් පියාසර
ස්ථිතියේ නොකඩවා පියාඹා, වාතාවරණයට සහයෝගය පතුරන්න. ඔබ සියලු දෙනා අනිවාර්යෙන් පංච
මහා භූතයන් පරිවර්ථනය කරන බව, ඔබ පදාර්ථ වලට අභියෝග කර තිබේ. ඔබ මෙය පොරොන්දු වුනා
නේද? ඔබ මෙය පොරොන්දු වුනාද? අත වනන්න එපා, හිස පමණක් වනන්න. එසේ නම් දුකින් සහ
අසාමයෙන් සිටින ඔබගේ සමකාලීනයන්ව, මනුෂ්‍ය ජීවාත්ම, ඔබට පරිවර්ථනය කළ නොහැකිද?
ප්‍රථමයෙන් ඔබ එයට අභියෝග කර තිබේ, දෙවනුව, ඔබ බාප්දාදාට මෙසේ පොරොන්දු වී තිබේ: අප
සියලු දෙනා දැන් තවමත් ඔබගේ කාර්යයේ සහකරුවන්ය. පරම දනව්වෙදි අප ඔබගේ සහකරුවන්ය,
එමෙන්ම රාජධානියේද අප බ්‍රහ්ම පියාගේ සහකරුවන් ලෙස සිටියි. ඔබ මෙය පොරොන්දු වුනා
නේද? එබැවින් ඔබ එකට ආපසු ගොස්, එකට රැදී සිටින අතර, දැන් පවා ඔබ ඉන්නේ එකටයි.
විටින් විට ප්‍රායෝගික අන්දමකින් පියාගේ සංඥා ඔබ දකිනවා. හදිසියේම. නිති සූදානමින්.
දාදී පිටව යයි කියා ඔබ කිසිදා සිතුවාද? ඔබ ‘හදිසියේම’ යන ක්‍රීඩාව දුටුවා.
එබැවින් මේ වසරේ නිති
සූදානමින් ඉන්න. ඔබ බලාපොරොත්තුවේ පහන්, පරම පියාගේ හදවතේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන අය
විය යුතුයි. පියාගේ බලාපොරොත්තු ගැන ඔබ දන්නවා. ඔබ එය වීමට යනවාද නැත්නම්, ඔබ මෙසේ
සිතනවාද, “මා කොහොමත් එය වෙයි, මා ඒ ගැන බලන්නම්?’ ඔබ එය විය යුතු බව සිතන අය අත්
ඔසවන්න. බලන්න, මෙය කැමරාවේ පටිගත වෙනවා. ඔබ ඉතා හොදින් බාප්දාදාව සතුටු කරනවා.
දරුවන් නොමැතිව බාප්දාදාටත් තනිවම ආපසු නිවසට යා නොහැක. බලන්න, බ්‍රහ්ම පියාද ඔය
දරුවන් විමුක්තියේ දොරටු විවෘත කරන තෙක් බලා සිටිනවා. පෙර ගමන් ගිය අයත් (advance
party) මග බලා සිටිනවා. සියල්ල සූදානම් කළ යුතු අය ඔබයි. මග බලා සිටින අය ඔබලා
නොවෙයි: සියල්ල සූදානම් කරන අය ඔබලාය. එබැවින් මේ වසරේ මෙම අරමුණ තබා ගන්න.
කෙසේවෙතත්, ඔබගේ අරමුණ සහ එයට සුදුසුකම් ඔබ සමාන බවට පත් කළ යුතුයි. ඔබගේ අරමුණ
බොහෝ උසස් වන නමුත් සුදුසුකම් අතින් ඔබ ඉතා දුර්වල වීම සිදු නොවිය යුතුයි. නැහැ;
ඔබගේ අරමුණ සහ එයට ඔබගේ සුදුසුකම් සමාන විය යුතුයි. ඔබගේ හදවතේ ආශාව වන්නේ සමාන
වීමටයි, එමෙන්ම එය ඉටු වන්නේ ඔබගේ අරමුණ සහ එයට අවශ්‍ය සුදුසුකම් සමාන වූ විට
පමණයි. දැන් ඔබගේ අරමුණ සහ එයට අවශ්‍ය සුදුසුකම් අතර සුළු පරතරයක් තිබේ. ඔබ ඉතා හොද
සැලසුම් සාදයි. ඒ වගේම ඔබ අතරේ ඉතා හොද හදවතට සමීප කතාබස් පවත්වයි. එමෙන්ම අවධානය
යොමු කරන ලෙස ඔබ එකිනෙකාට මතක් කර දෙයි. ‘අධිෂ්ඨානය අපගේ ජන්ම උරුමයයි’ - දැන් මෙම
සිතිවිල්ලේ අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වන්න. පරීක්ෂා කරන්න: මා පවසන දේවල් මම
අත්විදිනවාද? පළමුවන ව්‍යවහාරය පරීක්ෂා කරන්න, ‘මා ජීවාත්මයක්.’ මා ජීවාත්ම
ස්වරූපයේ අත්දැකීමේ අධිකාරියෙක්ද? මන්ද, අංක එක වන්නේ අත්දැකීමේ අධිකාරිත්වය නිසා.
අච්චා. ඕනෑම අවස්ථාවකදි ඔබට ඔබගේ ආදිතම ස්ථිතියේ ස්ථාවරව රැදී සිටිය හැකිද?
මනසේ ඒකාග්‍රතාවයේ
අභ්‍යාසය. ඔබට තිත් තුනේ අවධානයේ ප්‍රතිමූර්තියක් විය හැකිද? සරළව නැවතීමේ තිතක්
තබන්න! අච්චා. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය).
දැන් තත්පරයකදි,
බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටීමේ ආධ්‍යාත්මික, ශ්‍රේෂ්ඨ, ස්ව-අභිමානයේ
කුල්මත්බවේ ස්ථාවර වන්න. හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින ජීවාත්මයක් වීමේ අත්දැකීමේ
ගිලී සිටින්න. අච්චා.
පියාගේ සෙනෙහස තුළ
නිරතුරුව මුසු වී සිටින ඔය සියලුම උපරිම ‘සෙනෙහසේ ගැලී සිටින’ ජීවාත්මයන්ට, සෑම
විටම ඔවුන්ගේ ස්ව-අභිමානය සහ ස්ව-ආධිපත්‍යයට ඇති ඔවුන්ගේ අයිතිය පවත්වාගන්නා විශේෂ
ජීවාත්මයන්ට, උනන්දුව සහ උද්යෝගයේ පියාපත් වලින් පියාසර කරන සෑම තැනකම සිටින සියලු
දෙනාට, ඔවුන්ගේ මනසේ චිත්ත තරංග වලින් පරිසරය සාමකාමී සහ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන
අයට, සියලු දෙනාට පරම පියාගේ පණිවිඩය ලබා දෙන අයට, ඔවුන්ව දුකින් නිදහස් කර ඔවුන්ට
මුක්තියේ උරුමය ලබා දෙන අයට, අධිෂ්ඨානයෙන් සෑම විටම සාර්ථකත්වය අත්කර ගන්නා අයට,
හදවතට සමීපව රැදී සිටින සහ මෙහි පෞද්ගලිකව, මුහුණට මුහුණලා පැමිණෙන, සෑම තැනකම
සිටින ඔය සියලුම දරුවන්ට, හදවතින් සෙනෙහස සහ ආදරය සමගම හදවතින් ආශිර්වාද, සෙනෙහස,
ස්මරණය සහ නමස්තේ.
වරදානය:
ඔබට දිව්‍යමය
සහ ශ්‍රේෂ්ඨ බුද්ධියක් තිබී, ඔබගේ ධර්මය සහ කර්මය අතර නිවැරදි සමබරතාවයක් පවත්වා
ගනිත්වා.
සෑම දෙයක්ම සිදු කරන
අතර සම්පූර්ණ ධර්මය තිබිය යුතුයි, එනම්, ඔබගේ ධර්මය සහ කර්මය අතර නිසි සමබරතාවයක්
තබා ගැනීමෙන් ඔබ ඇති කරන බලපෑම වැඩිවෙයි. ඔබගේ ක්‍රියාව සිදුකර අවසන් වූ විට පමණක්
ඔබගේ ධාරණාව ගැන ඔබ අවධානයෙන් සිටීම සිදු නොවිය යුතුයි. මෙම කාරණා දෙක පිළිබදව ඔබගේ
බුද්ධිය තුළ නිසි සමබරතාවයක් තිබිය යුතුයි, එවිට ඔබ ශ්‍රේෂ්ඨ සහ දිව්‍යමය බුද්ධියක්
ඇති කෙනෙක් බව කියයි. එසේ නැත්නම් ඔබගේ බුද්ධිය සාමාන්‍ය වන විට, ක්‍රියාද සාමාන්‍ය
වන අතර එවිට ඔබගේ ධාරණාවත් සාමාන්‍ය වෙයි. සාමාන්‍ය වීමේ සමානතාවයක් තිබීම නොව,
නමුත් ශ්‍රේෂ්ඨ වීමෙන් සමානත්වයක් තිබිය යුතුයි. ඔබගේ ක්‍රියා ශ්‍රේෂ්ඨ වන සේම ඔබගේ
ධාරණාවද ශ්‍රේෂ්ඨ විය යුතුයි.
පාඨය:
ඔබගේ මනස සහ
බුද්ධිය අත්දැකීම්වල ආසනයේ තැන්පත්ව තබන්න, එවිට ඔබ කිසි විටෙක අප්සෙට් නොවනු ඇත.
අව්‍යක්ත සංඥාව: මෙම
අව්‍යක්ත මාසයේ, බන්ධනයෙන් නිදහස් වී ජීවන මුක්ති අවධිය අත්විඳින්න.
මෙම දැනුමේ
ප්‍රතිමූර්තියක්, මාස්ටර් දැනුමින් පිරිපුන් සහ මාස්ටර් සර්ව-බලධාරියෙක් වීමෙන්
පසුව, ඔබ යුක්තියුක්ත නොවන කිසිදු ක්‍රියාවක් සිදු කරන්නේ නම්, එම කර්මයේ බන්දනය,
අවිදු මාවතේ සිදුකළ ඕනෑම කර්ම බන්දනයකට වඩා කෝටි ගුණයක් විශාල වෙයි. මේ නිසා,
බන්දනයක සිටින ජීවාත්මයකට නිදහස නොමැති නිසා, ඔහුට අවශ්‍ය දේ සිදු කළ නොහැක.
එබැවින් යුක්තියුක්ත ක්‍රියා සිදුකර විමුක්තිය ලබා ගන්න.