25.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියාගේ දරුවන් වන ඔබලා, අධිපතියන්ය. ඔබ පියා ගේ සරණ යන්නේ නැත. දරුවෙක්
කිසි විටෙක පියෙකුගේ සරණ නොයයි.
ප්‍රශ්නය:
මායා ඔබට
හිරිහැර නොකිරීම සඳහා, ඔබ නිරන්තරයෙන් මත ගෑ යුත්තේ කුමන කාරණාවද?
පිළිතුර:
ඔබ පියා වෙතට පැමිණ සිටියි. ඔහු අශාරීරික වුවද, ඔහු අපගේ බාබා, අපගේ ගුරුවරයා මෙන්ම
අපගේ සත්ගුරුය. අශාරීරික ජීවාත්ම වන අපට උගන්වන්නේ අශාරීරික බාබාය. ඔබ නිරන්තරයෙන්
මෙම කරුණ මතගාන්නේ නම්, ඔබගේ සතුටෙහි අංශක ඉහළ මට්ටමක රැඳී තිබෙන අතර, මායා ඔබට
හිරිහැර නොකරනු ඇත.
ඕම් ශාන්ති.
ත්‍රිමූර්ති
පියා ඔහු බව, ත්‍රිමූර්ති පියා දරුවන්ට විස්තර කරනවා. තිදෙනාගේම නිර්මාණකරු,
සියල්ලන්ගේම පියාය, මන්ද, උසස්ම උසස් වන්නේ එම පියා පමණයි. ඔබ ඔහුගේ දරුවන් බව, ඔය
දරුවන්ගේ බුද්ධියේ ඇත. පියා උත්තරීතර දේශයේ වාසය කරන සේම, ඒ අයුරින්ම ඔය ජීවාත්මද
එම ස්ථානයේම වැසියන්ය. තවද මෙය නාටකය බවත් පියා විස්තර කර තිබේ. නාටකයේ සිදුවන
කුමක් වුවත් සිදුවන්නේ එක් වරක් පමණයි. පියාද අපට ඉගැන්වීමට පැමිණෙන්නේ එක් වරක්
පමණයි. ඔබ සරණ නොයයි. ‘මම ඔබ සරණ යමි‘ යන වදන්, අයත් වන්නේ භක්ති මාර්ගයටයි.
දරුවෙක් කිසි විටෙක තම පියාගේ සරණ යයිද? දරුවන්, අධිපතීන්ය. ඔය දරුවන් පියාගේ සරණ
ගොස් නොමැත. පියා, දරුවන්ව අයත් කරගෙන ඇති අතර, දරුවන්, පියාව අයිති කරගෙන තිබේ. ඔය
දරුවන් පියාට අඬ ගසන්නේ : අනේ බාබා, එන්න! ඇවිත් අපව අපගේ නිවසට රැගෙන යන්න. එනම්,
අපට රාජධානිය ලබා දෙන්න. එකක් සාමයේ දේශය වන අතර අනෙක සතුටෙහි දේශයයි. සතුටෙහි දේශය
පියාගේ දේපළ වන අතර, දුක් දේශය, රාවණගේ දේපළයි. අවගුණ පහ තුළ සිරගත වී සිටීමෙන්
ඇත්තේ දුකම පමණයි. ඔබ දැන් බාබා වෙතට පැමිණ ඇති බව ඔය දරුවන් දනී. ඔහු අශාරීරික
වුවද ඔහු පියා මෙන්ම ගුරුවරයා ද වෙයි. අශාරීරික ජීවාත්ම වන අපට උගන්වන කෙනාද
අශාරීරිකයි. ඔහු ජීවාත්මයන්ගේ පියාය. ඔබ මෙම කරුණ නිරන්තරයෙන් මතගාන්නේ නම්, ඔබගේ
සතුටෙහි අංශක ඉහළ යනු ඇත. මායා ඔබට හිරිහැර කරන්නේ ඔබට මෙය අමතක වුණු විට පමණයි. ඔබ
පියා සමඟ අසුන් ගන්නා විට, ඔබ පියාව මෙන්ම උරුමයද සිහි පත් කරයි. අරමුණ සහ ඉලක්කය,
බුද්ධියේ තිබේ. ඔබ ශිව බාබා සිහිපත් කළ යුතුයි. ක්‍රිෂ්ණා සිහි කිරීම ඉතා පහසුයි,
නමුත් ශිව බාබා සිහි කිරීමට උත්සාහ දැරිය යුතුයි. ඔබ තමන් ජීවාත්මයක් බව සළකා, පියා
සිහිපත් කළ යුතුයි. එය ක්‍රිෂ්ණා නම්, ඔවුන් සියලු දෙනාම සැනෙකින් ඔහු වෙනුවෙන් කැප
වෙයි, විශේෂයෙන්ම ක්‍රිෂ්ණා මෙන් දරුවෙක් හෝ ස්වාමියෙක් ලබා ගැනීමට මහත් ආශාවක් ඇති
මව්වරුන් මෙසේ කැප වනු ඇත. පියා දැන් පවසන්නේ : මා දැන් පැමිණ සිටියි, එමනිසා ඔබට
ක්‍රිෂ්ණා මෙන් දරුවෙක් හෝ ක්‍රිෂ්ණා මෙන් ස්වාමියෙක් ලැබෙයි. එනම්, ඔහු මෙන්
ගුණගරුක, සියලු ගුණධර්ම වලින් පිරි, දිව්‍යමය කලා 16 ක් සම්පූර්ණ කෙනෙක්.
දිව්‍යලෝකයේ, එනම්, ක්‍රිෂ්ණාගේ දේශයේ ඇත්තේ සතුටම පමණයි. ඔය දරුවන් දැන් මෙහි ඉගෙන
ගන්නේ ක්‍රිෂ්ණාගේ දේශයට යෑමට බව ඔය දරුවන් දනී. සෑම කෙනෙක්ම දිව්‍යලෝකය සිහි කරයි.
කෙනෙක් මිය ගිය විට, ඔහු දෙව්ලොව වැසියෙක් වු බව මිනිසුන් කියයි. එබැවින් ඔවුන්
සතටු විය යුතුයි; ඔහු අපාය අතහැර දිව්‍යලෝකයට යෑම ගැන ඔවුන් ඔල්වරසන් නැඟිය යුතුයි;
එය ඉතාමත්ම හොඳයි. මේ මේ කෙනා, දිව්‍යලෝකයේ වැසියෙක් වුණු බව කෙනෙක් කියන්නේ නම්,
ඔහු කොහි සිටද ගියේ?, කියා ඔබ ඔහුගෙන් විමසිය යුතුයි. ඔහු නිසැකයෙන්ම යන්නට ඇත්තේ
අපායේ සිටයි. එබැවින් එය මහත් සේ සතුටු විය හැකි කාරණාවකි; ඔබ සැවොම කැඳවා තෝලි
බෙදා දිය යුතුයි. කෙසේවෙතත්, මෙය වටහාගත යුතු කාරණාවකි. ඔහු උපත් 21 කට දෙව්ලොව ගිය
බව ඔවුන් නොකියයි. ඔවුන් කියන්නේ ඔහු දෙව්ලොව ගිය බව පමණයි. අච්චා, එසේ නම් ඔබ
නැවතත් එම ජීවාත්මය මෙහෙට කැඳවන්නේ ඇයි? ඔහුට අපායේ ආහාර කවන්නේ ඇයි? ඔබ නැවතත්
ඔහුව අපායට අඬ ගැසිය යුතු නැහැ. මේ සෑම දෙයක්ම දැනුමේ කාරණා බව, පියා මෙතැන අසුන්
ගෙන විස්තර කර දෙයි. පැමිණ ඔබව පිවිතුරු කරන ලෙසින් ඔබ පියාට අඬ ගසයි, එබැවින්
අපවිත්‍ර සිරුරු නිසැකයෙන්ම විනාශ විය යුතුයි. සැවොම මිය යන විට, අන් අය වෙනුවෙන්
හඬන්නේ කවරෙක්ද? ඔබ දැන් ඔබගේ සිරුරු දමා ඔබගේ නිවසට යන බව දනී. ඔබ දැන් ඔබගේ
සිරුරු අත්හරින අන්දම පුහුණු වනවා. එවන් උත්සාහ දරණ වෙනින් කිසිවෙක් සිටියිද? මෙය
ඔබගේ පැරණි සිරුරයි, යන දැනුම, ඔය දරුවන්ට තිබේ. පියා පවසන්නේ: මම පැරණි සපත්තුවක්
ණයට ගන්නෙමි. නාටකය තුළ මෙම රථය උපකරණය බවට පත්ව තිබේ. මෙය වෙනස් විය නොහැක. වසර
5000 කට පසුව ඔබ එය නැවතත් දකීවි. ඔබට නාටකයේ වැදගත්කම වැටහී තිබේ. මේ සෑම දෙයක්ම
ඔබට විස්තර කර දීමට පියා හැර අන් කිසිවෙකුට බලයක් නැත. මෙම පාඨශාලාව ඉතාමත්ම
ආශ්චර්යමත්ය. වයෝවෘද්ධ අයද පවසන්නේ: අපි දෙවි දේවතාවන් වීම සඳහා දෙවියන්ගේ
පාඨශාලාවට යනවා. මහලු කාන්තාවන් පාසැල්වල ඉගෙන ගැනීමට කිසි විටෙක නොයයි. ඔබ යන්නේ
කොහිද කියා යමෙක් ඔබගෙන් විමසන්නේ නම්, අප රාජයෝගාව ඉගෙන ගන්නා දේවමය විශ්ව
විද්‍යාලයට යන බව ඔහුට පවසන්න. ඔවුන් විශ්මයට පත්වන අන්දමේ එවන් වදන් කියන්න. මහලු
අයද පවසන්නේ, ඔවුන් දෙවියන්ගේ පාඨශාලාවට යන බවයි. මෙහි, අප දෙවියන් සමඟ ඉගෙනීමට
පැමිණීම විශ්මයකි. වෙනත් කිසිවෙකුට මෙසේ කිව නොහැක. එවිට ඔවුන් මෙසේ විමසයි:
අශාරීරික දෙවියන් පැමිණෙන්නේ කොහි සිටද? ඔවුන් සිතන්නේ දෙවියන්, නමක් සහ ස්වරූපයක්
ඉක්මවා ඇති බවයි. ඔබ දැන් කතා කරන්නේ මෙම වැටහීමෙන් යුතුවය. ඔබ සෑම පිළිරුවක
කාර්යයද දනී. උසස්ම උසස් කෙනා ශිව බාබා බවත්, අප ඔහුගේ දරුවන් බවත් ඔබගේ බුද්ධියේ
ස්ථීරය. අච්චා. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්, සූක‍්ෂම දේශයේ වැසියන් බව, ඔබ නිකමට
කියන්නන් වාලේ නොකියයි. බ්‍රහ්ම මාර්ගයෙන් ස්ථාපනය සිදුවන අන්දම, ඔබගේ හදවතින් ඔබ
දන්නවා. ඔබ හැර අන් කිසිවෙකුට චරිත කතාව කිව නොහැක. ඔවුන් තමන්ගේම චරිත කතාව
නොදන්නා බැවින්, වෙනින් කෙනෙකුගේ එකක් කියන්නේ කෙසේද? ඔබ දැන් සෑම දෙයක්ම දන්නවා.
පියා පවසන්නේ : මම ඔය දරුවන්ට මා දන්නා සෑම දෙයක්ම විස්තර කර දෙනවා. පියා හැර අන්
කිසිවෙකුට රාජධානිය ලබා දිය නොහැක. ලක‍්ෂ්මි සහ නාරායන රාජධානිය හිමි කරගත්තේ
යුද්ධයකින් නොව. එහි යුද්ධ නොමැති අතර, මෙහි මිනිසුන් බොහෝ සටන් කරති. බොහෝ
මනුෂ්‍යයින් සිටිති. ඔබ දාදාගේ මාර්ගයෙන් පියාගේ උරුමය හිමි කරගන්නා බව, ඔබගේ හදවතට
ඇතුලු විය යුතුයි. පියා පවසන්නේ : නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔහු ඇතුලු වූ
කෙනාවත් ඔබ සිහි කළ යුතු බව ඔහු නොකියයි; නැත. ඔහු පවසන්නේ : නිරන්තරයෙන් මා පමණක්
සිහි කරන්න. එම සන්යාසීන් ඔවුන්ගේ නම සහිත ඡායාරූප බෙදා හරියි. ඔබ ශිව බාබාගේ
ඡායාරූපයක් ගන්නේ කෙසේද? තිතකට ඉහළින් ඔබ නමක් ලියන්නේ කොහොමද? ඔබ තිතට ඉහළින් ‘ශිව
බාබා‘ යන නම ලියන්නේ නම්, ඉහළින් ඇති නම තිතට වඩා විශාල වෙයි. මෙම කාරණා වටහා ගත
යුතුයි. එබැවින් දරුවනේ, ශිව බාබා ඔබට ඉගැන්වීම ගැන ඔබ බොහෝ සතුටු විය යුතුයි.
ඉගෙනගන්නේ ජීවාත්ම වන අතර, සංස්කාර ගෙන යන්නේද ජීවාත්මයි. බාබා දැන් ඔබව මෙම
සංස්කාර වලින් පුරවයි. ඔහු පියා මෙන්ම ගුරුවරයා සහ ගුරු ද වෙයි. පියා ඔබට උගන්වන
දේ, ඔබ අන් අයටද ඉගැන්විය යුතුයි. ලෝක චක්‍රය සිහිපත් කර, අන් අයටද එය සිහිපත්
කිරීමට පොළඹවන්න. ඔහුට තිබෙන ගුණධර්ම, ඔහු ඔය දරුවන්ට ලබා දෙයි. ඔහු පවසන්නේ: මා
දැනුමේ සාගරය, සතුටෙහි සාගරය වන අතර, මා ඔබවත් එසේ කරවන්නෙමි. ඔබද සැමට සතුට ලබා
දිය යුතුයි. ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා තුළින් ඔබ කිසිවෙකුට දුක නොදිය යුතුයි.
සෑම කෙනෙකුගේම දෙසවන් තුළට මෙම සුමිහිරි දේ පවසන්න : ශිව බාබා සිහි කරන්න, එවිට
ඔබගේ සියලු පාපයන් දුරු වෙයි. පියා පැමිණ ඇති බව සහ ඔවුන් මෙම උරුමය ඔහුගෙන් හිමි
කර ගත යුතුයි, යන පණිවිඩය, ඔබ සෑම කෙනෙකුටම ලබා දිය යුතුයි. මෙම පණිවිඩය සැමට ලබා
දෙන්න. කාලයාගේ ඇවෑමෙන්, එය පුවත්පත් වල පවා පල වෙයි. අවසානයේදී සැවොම මෙසේ කියන බව
ඔබ දන්නවා: අහෝ දෙවියනේ, ඔබගේ ආශ්චර්යමත් ක්‍රිඩාවන් අසහායයි. අපට විමුක්තිය ලබා
දෙන්නේ ඔබ පමණයි. ඔබ සැවොම දුකින් මුදවාගෙන, සාම දේශයට රැගෙන යයි. මෙයද විශ්මයකි.
ඔවුන් මැජික් පෙන්වන්නේ තාවකාලික කාලයකටයි. එම කෙනා ඔබව උපත් 21 කට මනුෂ්‍යයින්ගෙන්
දේවතාවන් බවට පරිවර්ථනය කරයි. ඔබ ‘මන්මනභාව්‘ යන විශ්මය තුළින්, ලක‍්ෂ්මි සහ නාරායන
බවට පත් වෙයි. විජ්ජාකරු, මැණික් වෙළෙන්දා, වැනි සියලුම නම්, භාවිත වෙන්නේ බ්‍රහ්ම
බාබාට නොව ශිව බාබාටයි. ඔය සියලුම බ්‍රහ්ම කුමර කුමරියන් ඉගෙන ගන්නවා. ඔබ ඉගෙන ගෙන,
ඉන් අනතුරුව අන් අයට කියා දෙයි. බාබාම තනිව සෑම කෙනෙකුටම උගන්වන්නේ නැත. බාබා ඔබ
සැමට එකට උගන්වන අතර, ඔබ ඉන් පසුව අන් අයට උගන්වයි. පියා රාජයෝගාව උගන්වනවා.
නිර්මාපකයා වන්නේ පියා පමණයි; ක්‍රිෂ්ණා නිර්මාණයයි. ඔබට උරුමයක් ලැබෙන්නේ
නිර්මාණයෙන් නොව, නිර්මාපකයාගෙනි. ඔබට ක්‍රිෂ්ණාගෙන් උරුමයක් හිමි වන්නේ නැත.
විෂ්ණුගේ ස්වරූප දෙක වන්නේ, ලක‍්ෂ්මි සහ නාරායනය; ඔවුන්ගේ ළමා වියේදී ඔවුන් රාධේ සහ
කිෂ්ණාය. මෙම කරුණු ඉතාම ස්ථීරව සිහිපත් කරන්න. මහලු පිරිමින් වේගයෙන් යන්නේ නම්,
ඔවුනට උසස් තත්ත්වයක් හිමිකර ගත හැක, නමුත් මහලු ස්ත්‍රීන්ට තවමත් බැඳීම් ටිකක්
තිබේ; ඔවුන්ම නිර්මාණය කරගන්නා දැලේ, ඔවුන් සිර වී සිටියි. ඔවුන් බොහෝ දෙනෙක් සිහි
කරයි. ඔවුන් සියල්ලන්ගෙන්ම තම බුද්ධිය ඉවතට ගෙන, එකම පියාට පමණක් එය සම්බන්ධ කිරීමට
පමණයි උත්සාහ දැරිය යුත්තේ. ඔබ ජීවමාන මරණයක් මිය යා යුතුයි. ඊතලය, බුද්ධියේ
ඉලක්කයට වැදුණු විට, එපමණයි! කෙසේවෙතත්, ඔබ ඉතා උපක්‍රමශීලිව ගමන් කළ යුතුයි. ඔබ
කිසි කෙනෙකුට කතා නොකර නොසිටිය යුතුයි. ඔබට ඔබගේ ගෘහයේ වාසය කළ හැක. ඔබ සැවොම සමඟ
කතා කළාට කම් නැත. ඔබට ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්විය හැක. පියා පවසන්නේ :
පුණ්‍යකර්ම වල ඇරඹුම, තම නිවසයි. ඔබට ඔවුන් සමඟ සම්බන්ධතාවයක් නොමැති නම්, ඔබ ඔවුන්
ඉහළ නංවන්නේ කොහොමද? ඔබ ඔබගේ වගකීම් දෙපසටම ඉටුකළ යුතුයි. ඇතමෙක් බාබා ගෙන් මෙසේ
විමසයි: මා විවාහ උත්සවයකට යන්නද? බාබා පවසන්නේ : ඇයි නැත්තේ? පියා පවසන්නේ මෙපමණයි
: විශාලතම සතුරා වන්නේ රාගයයි. ඔබ එය පරාජය කළ යුතුයි, එවිට ඔබ ලෝකය ජයගනි.
ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම අවගුණ වලින් තොරයි. නිර්මාණය සිදුවන්නේ යෝගා බලයෙනි.
පියා පවසන්නේ : අවගුණ වලින් තොර වන්න. පළමුව ඔබ අසුන්ගෙන සිටින්නේ ශිව බාබා සමඟ
බවත්, ශිව බාබා ඔබට උපත් 84 හි කතාපුවත කියා දෙන බවත් ස්ථීර කරගන්න. මෙම ලෝක චක්‍රය
අඛණ්ඩව බ්‍රමණය වෙයි. පළමුවෙන්ම දේවතාවන් පැමිණියා. ඔවුන් සතෝප්‍රධාන් වන අතර,
ඉන්පසුව ඔවුන් පුනරුත්පත්ති ගන්නා අතර, තමෝප්‍රධාන් වෙයි. ලෝකය, පැරණි සහ අපවිත්‍ර
වෙයි. ජීවාත්ම ද අපවිත්‍රයි. මෙහෙට අයත් කිසිම දෙයක, ශක්තියක් ඉතිරි වී නොමැත.
ස්වර්ණමය යුගයේ මල් සහ පලතුරු සහ මෙහි ඒවා අතර විශාල වෙනසක් තිබේ. එහි කිසිම ඇඹුල්
හෝ පිලුණු වූ දෙයක් නොමැත. ඔබට එම ස්ථානයේ දර්ශන ලැබෙනවා. එම මල් සහ පලතුරු මෙහි
රැගෙන ඒමට ඔබගේ හදවත ආශා කරන නමුත්, ඔබ ආපසු මෙහි පැමිණි විට ඒවා අතුරුදහන් වෙයි.
මෙම දර්ශන සමහර දරුවන්ට ලබා දීමෙන් පියා දරුවන්ව විනෝදමත් කරයි. ඔබට උගන්වන්නේ එම
ඒකායන ආධ්‍යාත්මික පියාය. ඉගෙන ගන්නේ ශරීරය නොව, ජීවාත්මයයි. තමන්ගේ උරුමය පියාගෙන්
හිමි කරගැනීම ගැන මෙන්ම, ඔහු ලෝකයේ අධිපතියෙක් වීම ගැන, ජීවාත්මයට පිවිතුරු
අහංකාරකමක් තිබේ. ඔබ සැවොම දිව්‍යලෝකයට යන නමුත් ඔබ සැමටම ලක‍්ෂ්මි සහ නාරායන යැයි
නොකියනු ඇත. උරුමය ලැබෙන්නේ ජීවාත්මයටයි. පියා හැර අන් කිසිවෙකුට මෙම දැනුම ඔබට ලබා
දිය නොහැක. මෙය විශ්ව විද්‍යාලයක් වන අතර, තරුණ, පරිණත, මහලු යන සැවොම මෙහි ඉගෙන
ගනී. ඔබ මෙවන් කොලීජියක් දැක තිබේද? එහි ඔවුන් නීතිඥයින් හෝ වෛද්‍යවරුන් වන අතර,
මෙහි, ඔබ මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වෙයි. බාබා ඔබගේ ගුරුවරයා මෙන්ම
සත්ගුරු බවත්, ඔබව ඔහු සමඟ ආපසු රැගෙන යන බවත් ඔබ දන්නවා. ඉන්පසුව, ඔබගේ ඉගෙනුමට
අනුව, ඔබ ගොස් සතුටු දේශයේ ඔබගේ තත්ත්වය හිමිකරගනී. පියා ඔබගේ ස්වර්ණමය යුගය,
දකින්නේවත් නැත. ශිව බාබා විමසන්නේ : මා ස්වර්ණමය යුගය දකිනවාද? එය දැකිය හැක්කේ
ශරීරයක් තුළිනි, නමුත් ඔහුටම කියා සිරුරක් ඔහුට නැත, එබැවින් ඔහු එය දකින්නේ කෙසේද?
ඔහු මෙහිදී ඔය දරුවන්ට කතා කරන අතර, මුලු ලොවම පැරණි බව ඔහු දකියි. සිරුරක් නොමැතිව
ඔහුට කිසි දෙයක් දැකිය නොහැක. පියා පවසන්නේ : මම පැරණි ලොවට සහ පැරණි සිරුරකට ඇතුලු
වී, ඔබව පිවිතුරු කරමි. මම දිව්‍යලෝකය දකින්නෙවත් නැත. මට කාගේ හෝ සිරුරක් තුළින්
එය රහසිගතව දැක ගත නොහැක; නැත. එය මගේ චරිත කොටසේ වත් නොමැත. ඔබ බොහෝ අලුත් දේවලට
සවන් දෙනවා. එබැවින් ඔබ මෙම පැරණි ලොවට ඔබගේ හදවත බැඳ නොතැබිය යුතුයි. පියා පවසන්නේ
: ඔබ පිවිතුරු වන තරමට අනුව, ඔබට උසස් තත්ත්වයක් හිමි වෙයි. මෙහි සෑම දෙයක්ම
සිහිපත් කිරීමේ වන්දනාව පිළිබඳ ක්‍රීඩාවකි. මිනිසුන් වන්දනාවක යන විට පිවිතුරුව
සිටින නමුත් ඔවුන් ආපසු නිවසට ගිය විට නැවතත් අපවිත්‍ර වනවා. ඔය දරුවන්ට බොහෝ සතුට
තිබිය යුතුයි. අසීමිත පියාගෙන් දිව්‍යලෝකයේ ඔබගේ අසීමිත උරුමය හිමි කරගන්නා බව ඔබ
දන්නවා. එබැවින්, ඔබ ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබ පියාගේ සිහිපත් කිරීම
තුළින් සතෝප්‍රධාන් විය යුතුයි. උපත් 63 ක මළකඩ ඔබ මත තැන්පත් වී ඇති අතර, ඔබ එය
මෙම උපතෙදී ඉවත් කර ගත යුතුයි. වෙනත් අපහසුතාවයක් නැත. විෂ පානය කිරීමට ඔබ තුළ ඇති
පිපාසාව ඔබ අත්හළ යුතුයි. ඔබ ඒ ගැන සිතිවිල්ලක්වත් ඇති කර නොගත යුතුයි. පියා
පවසන්නේ : එම අවගුණ තුළින් ඔබ බොහෝ උපත් ගණනාවක් දුකසේ ගත කළා. ඔහුට කුමාරීන්
වෙනුවෙන් බොහෝ දයාවක් තිබේ. සිනමාවට යෑමෙන් සෑම කෙනෙක්ම නරක් වෙයි. ඔවුන් අපායට
යන්නේ මෙය තුළිනි. බාබා ඇතමෙකුට කියන්නේ : ඔබ ගියාට කම් නැත, නමුත් ඔබ යන බව
දැකීමෙන්, තවත් බොහෝ දෙනෙක් එහි යෑමට පටන් ගනීවි. මේ නිසයි ඔබ එහි නොයා යුත්තේ. මේ
කෙනා භගීරත්ය (භාග්‍යවන්ත රථය). නාටකයේ, ඔහුගේ රථය ණයට දීමට, උපකරණය වී ඇති,
භාග්‍යවන්ත රථය ඔහුයි. බාබා මෙම කෙනා තුළට ඇතුලු වන බව ඔබට වැටහෙනවා. මේ හුසේන්ගේ
අශ්වයාය. ඔහු ඔබ සැවොම ලස්සන කරවයි. පියා ලස්සන වන අතර, ඔහු මෙම රථය ගෙන තිබේ.
නාටකයේ ඔහුගේ චරිත කොටස එබඳුය. අවලස්සන වී ඇති ජීවාත්ම, ස්වර්ණමය යුගී බවට පත් කළ
යුතුයි. සර්ව බලධාරී වන්නේ පියාද නැත්නම් නාටකයද? එය නාටකයය; ඉන්පසු, එය තුළ,
සියලුම නළුවන්ගෙන් සර්ව බලධාරියා වන්නේ කවුද? ශිව බාබා සහ ඉන්පසුව රාවණයි.
චක්‍රයෙන් භාගයක් රාමාගේ රාජධානිය තිබෙන අතර, චක්‍රයෙන් භාගයක් රාවණගේ රාජධානිය
තිබේ. සමහර දරුවන් නැවත නැවතත් පියාට ලිපි එවමින් කියන්නේ, ඔවුන්ට පියාව අමතක වන
බවයි. ඔවුන් දුකට පත් වෙයි. ඔහෝ! නමුත් මා පැමිණ ඇත්තේ ඔබව ලෝකයේ අධිපතියන් බවට පත්
කරවීමටයි, ඉතිං ඇයි ඔබ දුකින් සිටින්නේ? ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ පිවිතුරු විය
යුතුයි. බාබාට පුළුවන්ද නිකම්ම ඔබට තිලකයක් ලබා දෙන්න? දැනුම සහ යෝගාව තුළින් ඔබ
තමන්ට ස්ව ආධිපත්‍යයේ තිලකය ලබා දීමට තරම් වටිනා විය යුතුයි. දිගින් දිගටම පියාව
සිහිපත් කරන්න, එවිට ඔබ තමන්ට තිලකයක් ලබා දිමට තරම් වටිනා වේවි. ශිව බාබා ඔබගේ
මිහිරි පියා, ගුරුවරයා මෙන්ම සත් ගුරු බව ඔබගේ බුද්ධියේ තිබේ. ඔහු අපවත් ඉතාමත්ම
මිහිරි කරවයි. ඔබ අනිවාර්යෙන්ම ක්‍රිෂ්ණාගේ දේශයට යන බව ඔබ දන්නවා. භාරතය, සෑම වසර
5000 කට වරක් නිසැකයෙන්ම දෙව්ලොව බවට පත් වනවා. ඉන්පසු එය අපාය බවට පත් වනවා.
මිනිසුන් සිතන්නේ, ධනවත් අයට මෙහි දෙව්ලොව බවත්, දුප්පත් අය අපායේ සිටින බවත්ය.
කෙසේවෙතත්, එය එසේ නොවේ. මෙය අපායයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අපායට යන
මාවත, සිනමාවයි; එබැවින්, ඔබ චිත්‍රපටි නොබැලිය යුතුයි. ඔබ සිහිපත් කිරීමේ වන්දනාවේ
යෑමෙන් පිවිතුරු වී, උසස් තත්ත්වයක් හිමි කර ගත යුතුයි. මෙම පැරණි ලොවට, ඔබගේ හදවත
බැඳ නොතබන්න.
2. ඔබගේ සිතිවිලි,
වචන හෝ ක්‍රියා තුළින් කිසිවෙකුට දුක් නොදෙන්න. ඔබ සෑම කෙනෙකුගේම දෙසවනට මිහිරි දේ
කිව යුතුයි. පියාව සිහිපත් කරන ලෙස, සැමටම මතක් කරන්න. ඔබගේ බුද්ධියේ යෝගාව, එක්
පියාට පමණක් සම්බන්ධ කළ යුතුයි.
වරදානය:
ඔබ, ඔබගේ
අවධානයේ ස්විචය දමා, ඔබගේ ආදරණීය බුද්ධියෙන්, තත්පරයකදි අශාරීරික ස්ථිතිය
අත්විදිත්වා.
පරමාත්ම දෙවියන්
කෙරෙහි සෙනෙහස ඇති තැන, අශාරීරික විම, තත්පරයක ක්‍රීඩාවක් වැනිය. ඔබ ආලෝක ස්විචයක්
දැමූ සැනින් අන්ධකාරය දුරු වෙයි. ඒ ආකාරයෙන්ම, ඔබ ආදරණීය බුද්ධියක් ඇති අයෙක් වී,
ඔබගේ අවධානයේ ස්විචය දැමූ සැනින්, ශරීර අවධානය සහ භෞතික ලෝකය පිළිබද අවධානයේ ස්විචය
නිවී යයි. මෙය තත්පරයක ක්‍රීඩාවකි. ඔබගේ මුවින් ‘බාබා, බාබා’ කීමට කාලයක් ගත වෙයි,
නමුත් බාබාව ඔබගේ අවධානයට ගෙන ඒමට කිසිදු කාලයක් ගත වන්නේ නැහැ. ඔබට පැරණි ලෝකය
අමතක වන ජීවාත්ම අවධාන බෝම්බය වන්නේ ‘බාබා’ යන වචනයයි.
පාඨය:
ශරීර අවධානයේ
මඩෙන් එපිට සිටින්න, එවිට ඔබ ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයෙක් වෙයි.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.
පිවිතුරු බව තෝරා
ගැනීම යනු, ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සබදතා තුළ දිව්‍යත්වය අත්දැකීමයි.
සමහරු පවසන්නේ: “මා සෑම විටම පවසන්නේ සත්‍යයි”, නමුත් ඔවුන්ගේ වචන සහ ක්‍රියා තුළ
කිසිම දිව්‍යත්වයක් නොමැති නම්, ඔවුන්ගේ සත්‍යය තුළ අන් අයට කිසිදු සත්‍යතාවයක්
නොදැනෙනු ඇත. එබැවින්, සත්‍යයේ බලයෙන් දිව්‍යත්වය ධාරණය කරගන්න. ඔබට කුමක් දරා
ගැනීමට සිදුවුණත් කම් නැහැ, බිය නොවන්න. කාලයට අනුව සත්‍යය ඉබේටම හෙළිදරව් වෙයි.