25.05.25    Avyakt Bapdada      Sinhala Murli     04.09.2005    Om Shanti    Madhuban


ඉගැන්වීම් ලබා දීමත් සමගම, සමාව දෙන්න, එමෙන්ම සානුකම්පිත වන්න.
ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න, එවිට ඔබගේ නිවස ආශ්‍රමයක් වෙයි.


අද දින බාප්දාදා සියළුම දරුවන්ගේ නළලේ පාරිශුද්ධත්වයේ රේඛා දකිනවා, මන්ද බ්‍රහ්මින් ජීවිතයේ අත්තිවාරම, පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වයේ රේඛා මොනවාද කියා ඔබ දන්නවාද? සියළු දෙනාම පාරිශුද්ධත්වයට ප්‍රිය කරයි. සතුට, සාමය, සෙනෙහස සහ ආනන්දයේ මව, පාරිශුද්ධත්වයයි. මනුෂ්‍ය ජීවිතයේ සත්‍ය අලංකාරය පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වය නොමැති නම්, මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමක් නැත. දේවතාවන් පිවිතුරු බව ඔබට පෙනෙයි, ඔවුන් ගෞරවයට සහ පිදුම් ලැබීමට සුදුසු වන්නේ මේ නිසයි. පාරිශුද්ධත්වය නොමැති විට, එය ඔබ අද දකින මනුෂ්‍ය ජීවිතය වැනිය. බාප්දාදා ඔය සියළුම දරුවන්ට ඔබගේ බ්‍රහ්මින් ජීවිතය වෙනුවෙන් මෙම ආශිර්වාදය ලබා දෙනවා: ඔබ පිවිතුරු වේවා, ඔබ යෝගී වේවා. පාරිශුද්ධත්වය ඇති ජීවාත්මයකගේ ක්‍රියාකාරකම්, හැසිරීම සහ මුහුණ බැබලෙයි. පාරිශුද්ධත්වය ඔබගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ මේ නිසයි. ඇත්ත වශයෙන්ම ඔය සියළුම දරුවන්ගේ ආදිතම ස්වරූපය පාරිශුද්ධත්වයයි. ඔබගේ සදාතනික ස්වරූපයත් පාරිශුද්ධත්වයයි. එවන් ජීවාත්මයන්ගේ විශේෂත්වය වන්නේ, පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය ඔවුන්ගේ ජීවිතයේ සෑම විටම දිස් වීමයි. එවන් ජීවාත්මයන්ගේ මුහුණු මත සහ ක්‍රියාකාරකම් වල පාරිශුද්ධත්වයේ තාත්විකබව සහ පාරිශුද්ධත්වයේ රාජකීයත්වය දිස්වෙයි. මෙම රේඛා, ඔබගේ ජීවිතයේ අලංකාරයයි. තාත්විකත්වය වන්නේ: “ජීවාත්මය වන මා” - මගේ ආදිතම සහ සදාතනික ස්වරූපය මෙයයි. මෙම අවධානය තිබීමෙන් ඔබ බලවත් වෙයි. රාජකීයත්වය වන්නේ: ඔබට, ඔබගේ ස්ව-අභිමානය තිබෙන අතර ඔබ ගමන් කරන්නේ සියළුම දෙනාට ගෞරවය ලබා දෙමින්ය. පෞරුෂත්වය වන්නේ: නිරන්තර තෘප්තිය සහ සතුට තිබීමයි. ඔබම තෘප්තිමත් වන අතර ඔබ අන් සියළු දෙනාවත් තෘප්තිමත් කරයි. පාරිශුද්ධත්වය තුලින් ලැබීම් බොහොමයක්ද තිබේ. බාප්දාදා ඔය සියළු දරුවන්ට ලබා දී ඇත්තේ කුමන ලැබීම්ද කියා ඔබ දන්නවා නේද? ඔහු ඔබව කොපමණ සම්පත් වලින් පුරවා තිබේද? ඔබ මෙම ලැබීම් ඔබගේ අවධානයේ තබා ගන්නේ නම් ඔබ පිරිපුන් වෙයි.

ඔබට ලබා දී ඇති පළමුවන සම්පත වන්නේ මෙම දැනුමේ සම්පතයි, ඔබගේ ජීවිත ගත කරන අතර එමගින් ඔබ දුකින් සහ අසාමයෙන් නිදහස් වෙයි. ඔබ නිෂ්ඵල සිතිවිලි, ඍණාත්මක සිතිවිලි, පාපකාරී සිතිවිලි සහ පාපකාරී ක්‍රියා වලින් නිදහස් වෙයි. ඔබට නිෂ්ඵල හෝ ඍණාත්මක සිතිවිලි ඇත්නම්, එවිට දැනුමේ බලය භාවිතා කිරීමෙන් ඔබ ජයග්‍රහණය කරයි.

දෙවන සම්පත වන්නේ සිහි කිරීමය, යෝගාව, මෙමගින් ඔබට බල හිමි වන අතර සියලු බලයන්ගේ පදනමින් ඔබ පහසුවෙන් සියලු ගැටළු සහ බාධක අභිබවා යයි.

තුන්වන සම්පත වන්නේ ධාරණාවයි, මෙමගින් ඔබ සියලු ගුණධර්ම අත්කර ගන්න අතර හතරවන සම්පත වන්නේ සේවයයි. සේවය කිරීමෙන්, ඔබගෙන් සේවය ලබන අයගෙන් ඔබට ආශිර්වාද ලැබෙන අතර ඔබට සතුටද ලැබෙයි.

ඔය සියලුම දරුවන්ට, පරම පියාගෙන් මේ සියළු බොහෝ සම්පත් ලැබෙයි. පියා ඔය සියළු දෙනාටම සමාන සම්පත් ලබා දෙයි. ඔහු සමහරුන්ට අඩුවෙන් සම්පත් ලබා දෙන අතර වෙනත් අයට වැඩියෙන් සම්පත් ලබා දෙන්නේ නැත, නමුත් වෙනස තිබෙන්නේ ගන්නා අයගේය. සමහර දරුවන් සම්පත් හිමි කරගෙන, කා, බී, විනෝද වී, ඔවුන්ගේ විනෝද වීමේදි සියල්ල භාවිතා කර දමයි. සමහර දරුවන් කා, බී විනෝද වන අතර තවද රැස් කරගනී. සමහර දරුවන් සියල්ල භාවිතා කරන නමුත් තවද ඔවුන් නොකඩවා එය වැඩි කරගනී. සම්පත් වැඩි කරගැනීමේ යතුර වන්නේ ඒවා තමන් සහ අන් අය වෙනුවෙන් භාවිතා කිරීමය. ඒවා භාවිතා කරන අය, ඒවා වැඩි කරගනී. එබැවින් තමන්ගෙන් විමසන්න: මා මෙම විශේෂ සම්පත් රැස් කරගෙන තිබෙනවාද? ඔබ ඒවා රැස් කරගෙන තිබෙනවාද? ඔබ කුමක් කියයිද? ඔව්? හෝ සුළු වශයෙන් පමණක්ද? මෙම සම්පත් රැස් කරගෙන ඇති අය නිරන්තරයෙන් පිරිපුන්ව රැදී සිටියි. බලන්න, පිරි ඇති ඔනෑම දෙයක් සෙලවෙන්නේ නැත. එය පිරී නොමැති විට සෙලවෙයි. සම්පූර්ණයෙන් පිරී නැති ඔනෑම දෙයක් සෙලවෙයි. මෙහිදීද, ඔබ සියළු සම්පත් වලින් පිරිපුන් නොමැති නම්, එවිට කැලඹිලි ඇති වෙයි. පරමාත්ම පියාගේ සම්පත් ඔබගේ ජන්ම උරුමය බවට කුල්මත්බව නිරන්තරයෙන් තබා ගන්න. පියා ඔබට ඒවා ලබා දුන් අතර ඔබ ඒවා ලබා ගත්තා; එසේ නම් සියළු සම්පත් අයිති කාටද? ඒවා අයිති ඔබට නේද? මෙම සම්පත් ඇති අය, බොහෝ කුල්මත්ව රැදී සිටියි. කුඩා රාජ කුමාරයෙක්, රජ කෙනෙකුගේ දරුවෙක්, ඔහුගේ පියාට ඇති සම්පත් කුමක්ද කියාවත් නොදන්නා නමුත් ඔහුගේ පියාගේ සම්පත් ඔහුගේ සම්පත්ය, යන කුල්මත්බව ඔහුට තිබෙන අතර එම සම්පත් අයිති කර ගැනීමේ සතුට ඔහුට තිබේ. සතුට තිබෙන්නේ අඩුවෙන් නම්, එයට හේතුව කුමක්ද? පරම පියා ඔබට සම්පත් ලබා දුන්නා. ඔබට බාබා පැවසූ දේ ඇසුණා. කෙසේවෙතත් එක් වර්ගයක් වන්නේ සවන් දෙන අය වන අතර අනෙක් වර්ගය, ඒවා (සම්පත්) තමන් තුලට උකහා ගන්නා අයයි. කුල්මත්ව රැදී සිටින්නේ තමන් තුළට ඒවා උකහා ගන්න අයයි.

අද අළුත් දරුවන් ඇවිත්. ඔබගේ වාසනාව වෙනුවෙන් බාප්දාදා ඔය සියළුම වාසනාවන්ත දරුවන්ට සුබ පැතුම් ලබා දෙනවා. ඔබ, ඔබගේ වාසනාව හදුනාගෙන තිබෙනවාද? ඔබ එය හදුනාගත්තාද? ඔබට පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස, අවිනාශි සෙනෙහස ලැබී තිබේ, එය එක් උපතකට පමණක් නොව, මෙම සෙනෙහස සෑම කලටම බොහෝ උපත් ගණනාවක් රැදී තිබෙයි, මන්ද, ඔබ ගෙවමින් සිටින මෙම කාලයත්, සංගම යුගයේ වාසනාවන්ත කාලයයි. ස්වර්ණමය යුගයත් වාසනාවන්ත බව කියයි, නමුත් වර්ථමාන සංගම යුගය, එයටත් වඩා වාසනාවන්තයි. මන්ද? පරම පියාගෙන් ඔබට නිරන්තර භාග්‍යයේ ආශිර්වාදය සහ උරුමය ලැබෙන්නේ මෙම සංගම යුගයේ නිසා. එබැවින් එවන් සංගම යුගයක, එවන් වාසනාවන්ත කාලයක, ඔබ සියළු දෙනාම ඔබගේ වාසනාව හිමි කරගැනීමට මෙහි පැමිණ ඇත. ඉතා පහසු උත්සාහයක් දරන අන්දම බාප්දාදා ඔය දරුවන්ට පවසන්නම්, මන්ද, ඔබට අවශ්‍ය වන්නේ යම් පහසු දෙයක් නේද? ඔබට අපහසු දෙයක් අවශ්‍ය නැහැ නේද? මේ දරුවන් ඔවුන්ගේ වාසනාව සාදා ගැනීමට පහසු මාර්ගය සොයාගෙන තිබෙනවා. ඔබට එය ලැබී තිබෙනවා නේද? පහසුම දේ එයයි. වෙන කිසිවක් නොකරන්න, නමුත් එක් දෙයක් කරන්න. ඔබට එක දෙයක් කළ හැකියි නේද? “ඔව්” හෝ “බැහැ” කියන්න. “හා ජී” කියන්න. එබැවින් සියල්ලට වඩා පහසුම ක්‍රමවේදය වන්නේ: අම්රිත් වේලාවේ සිට ඔබට කවුරු මුණගැසුණත්, ඔහු‌ගෙන් ආශිර්වාද ලබා ගෙන ඔහුට ආශිර්වාද ලබා දෙන්න. කෝප වුනු පුද්ගලයෙක් පැමිණියත්, ඔබ ඔහුට ආශිර්වාද දී ඔහුගෙන් ආශිර්වාද ගන්න, මන්ද, තීව්‍ර උත්සාහ දැරීම සදහා ආශිර්වාද යනු, පහසු මෙවලමකි. විද්‍යාව මගින්, රොකට්ටුවක කාර්යය ඉතා විගසින් සිදු කරන සේම, ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගැනීම, ඉදිරියට ගමන් කිරීමේ ඉතා පහසු ක්‍රමවේදයකි. අම්රිත් වේලාවේ පහසු සිහි කිරීමේ සිටීමෙන් පියාගෙන් ආශිර්වාද ගන්න, එමෙන්ම දවස පුරාම ආශිර්වාද දී, ආශිර්වාද ගන්න. ඔබට මෙය කළ හැකිද? ඔබට මෙය කළ හැකි නම් ඔබගේ අත් ඔසවන්න. යම් කෙනෙක් තුල ඔබ වෙනුවෙන් නරක පැතුම් ඇත්නම් ඔබ කරන්නේ කුමක්ද? කෙනෙක් ඔබට නැවත නැවතත් කරදර කරන්නේ නම් ඔබ කරන්නේ කුමක්ද? බලන්න, ඔබ දානපතියන්, පරමාත්ම දෙවියන්ගේ දරුවන්, දානපතිගේ දරුවන්. ඔබ මාස්ටර් දානපතියන් නේද? එසේ නම්, දානපතියෙකුගේ වගකීම කුමක්ද? දීම. එබැවින් ලබා දිය හැකි හොදම දේ, ආශිර්වාදයි. කෙනෙක් කෙබදු කෙනෙක් වුනත් එයට කම් නැත; ඒ වුනත් ඔහු ඔබගේ සහෝදරයෙක් හෝ සහෝදරියක්. පරමාත්ම දෙවියන්ගේ දරුවන්, ඔබගේ සහෝදරයන් සහ සහෝදරියන් නේද? එබැවින් අනෙක් පුද්ගලයා පරමාත්ම දෙවියන්ගේ දරුවෙකි, ඔබගේ දේවමය සහෝදරයා හෝ දේවමය සහෝදරියයි. එසේ නම් ඔබ ඒ කෙනාට දෙන්නේ මොනවාද? නරක පැතුම්ද? පරම පියා තුල කිසිදාක නරක පැතුම් තිබෙනවාද? ඔහු එසේ කරයිද? ඔහු එසේ කරනවාද? ඔව්ද, නැද්ද? ඔව් හෝ නැහැ කියන්න. එවිට ඔබ බොහෝ සතුටින් සිටිවි (ඔබට නරක පැතුම් නොමැති විට). ඇයි? ඔබ කෙරෙහි නරක පැතුම් ඇති අයට ඔබ ආශිර්වාද ලබා දෙන නිසා. ඉන්පසුව, ඔවුන් ඒවා ලබා දුන්නත් නැතත්, ඔබ නොකඩවා ආශිර්වාද ගන්න, එවිට දුක තිබෙන්නේ කෙසේද? පැමිණ ඇති ඔය දරුවන්ට බාප්දාදා එක ආශිර්වාදයක් ලබා දෙනවා. ඔබ මෙම ආශිර්වාදය මතකයේ තබා ගන්නේ නම්, ඔබ නිරන්තරයෙන් සතුටින් රැදී සිටිවි. ආශිර්වාදය කුමක්ද කියා බාබා ඔබට කිව යුතුද? ඔබ එයට සවන් දෙනවාද?

ආශිර්වාදය වන්නේ: ඔබට යමෙක් දුක් දෙන්නේ නම්, එය ගන්න එපා. ඇතැම් විට ඔවුන් එය සිදු කරයි, නමුත් ඔබ එය නොගත යුතුයි. එය සිදු කළ කෙනා, එය සිදු කර ඇත, නමුත් එය ගන්න අය ඔබලා නේද? දානපතියෙක් යනු, ගන්නා කෙනෙක් නොවෙයි. ඔවුන් ඔබට යම් නරක දෙයක් දෙන්නේ නම්, ඔවුන් ඔබට දුක හෝ අසාමය දෙන්නේ නම්, එය නරක දෙයක් නේද? ඔබ දුකට කැමතිද? ඔබ එයට කැමති නැහැ නේද? එබැවින් එය නරක දෙයකි, එහෙම නේද? එසේ නම් ඔබ නරක යමක් ගන්නවාද? යමෙක් ඔබට යම් නරක දෙයක් දෙන්නේ නම්, ඔබ එය ගන්නවාද? එය ගන්නවාද? ඔබ එය නොගනී. එසේ නම් ඔබ එය ගන්නේ ඇයි? ඔබ එය ගන්නවා නේද? ඔබ දුක ගන්නේ නම්, දුකට පත් වන්නේ කවුද? ඔබ දුකට පත් වනවාද නැත්නම් අනෙක් පුද්ගලයාද? එය ගන්න කෙනා වැඩියෙන් දුකට පත් වෙයි. ඔබ දැන් සිට දුක නොගන්නේ නම්, එවිට ඔබගේ දුකින් අඩක් ඉවත් වෙයි. ඔබ එය ගන්නේ නැහැ නේද? එවිට, දුක වෙනුවට, ඔබ එම කෙනාට සතුට ලබා දෙන අතර එබැවින් ඔබට ආශිර්වාද ලැබෙයි, එහෙම නේද? එවිට ඔබ සතුටින් රැදී සිටින අතර ඔබගේ ආශිර්වාද සම්පත් ගබඩාව නොකඩවා පිරෙයි. ජීවාත්ම කෙබදු ආකාරයේ අය වුනත්, ඔබ සෑම ජීවාත්මයකගෙන්ම ආශිර්වාද ලබා ගන්න. සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් පවත්වා ගන්න. ඇතැම් විට සිදු වන්නේ කුමක්ද? යම් කෙනෙක් නිවැරදි නොවන යම් දෙයක් කරන විට, ඔබ ඔහුට හෝ ඇයට ඉගැන්වීම් ලබා දීමට තැත් කරයි. “මා මේ කෙනාව නිවැරදි කරන්නම්.” ඔබ ඔවුන්ට ඉගැන්වීම් ලබා දෙනවා. ඔවුන්ට ඉගැන්වීම් ලබා දෙන්න, නමුත් ඉගැන්වීම් ලබා දීමේ ශ්‍රේෂ්ඨතම ක්‍රමවේදය වන්නේ, සමාව දීමේ ස්වරූපයෙන් ඉගැන්වීම් ලබා දීමය. නිකම්ම ඉගැන්වීම් ලබා නොදෙන්න. අනුකම්පාව ඇතිව සමාව දී, ඉන්පසුව ඉගැන්වීම්ද ලබා දෙන්න. වචන තුනක් මතකයේ තබා ගන්න: ඉගැන්වීම්, අනුකම්පාව සහ සමාව දීම. ඔබ සානුකම්පිතව සිට එම කෙනාට ඉගැන්වීම් ලබා දෙන්නේ නම්, එවිට ඔබගේ ඉගැන්වීම් ක්‍රියාත්මක වෙයි. එම ඉගැන්වීම් ලබා දීමේදි ඔබ සානුකම්පිත නොමැති නම්, එම ඉගැන්වීම් එක් කණකින් ඇතුල් වී අනෙක් කණින් පිටවී යයි. එම ඉගැන්වීම් ධාරණය නොවෙයි. එය එහෙමයි නේද? ඔබට මෙම අත්දැකීම තිබෙනවාද? ඔබ කිසිවෙකුගේ ගුරුවරයෙක් වෙන්නේ නැහැ නේද? ගුරුවරයෙක් වන අන්දම ඔබ විගසින් දන්නවා, නමුත් ඔබ සමාවද දිය යුතුයි: දෙක එකට යා යුතුයි. දැන් සිට සානුකම්පිත වන්න. අනුකම්පාව තිබීමේ ක්‍රමය වන්නේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබීමයි. මෙවන් කියමනකි: සැබෑ සෙනෙහස, ගලක් වුවද ජලය බවට හරවයි. සත්‍ය සෙනෙහස. ඒ ආකාරයෙන්ම සමාව දීමේ ස්වරූපයෙන් ඉගැන්වීම් ලබා දීමෙන්, ඔබට අවශ්‍ය දේ සිදුවෙයි. - යම් කෙනෙක් යම් දෙයක් නොකර සිටීම හෝ යම් දෙයක් සිදු නොවීම. සානුකම්පිතව සිට ඉගැන්වීම් ලබා දීමේ බලපෑම, අනෙක් පුද්ගලයාගේ තද හදවත පරිවර්ථනය කරයි. එසේ නම් ඔබට ලැබුණේ කුමන වරදානයද? දුක ගන්න එපා එමෙන්ම දුක් නොදෙන්න. ඔබ එයට කැමතිද? ඔබ කැමතිද? දැන්, දුක් නොගන්න. මෙම වරද සිදු නොකරන්න. පියා දුක් ලබා නොදෙන බැවින් ඔබ පියාව අනුගමනය කළ යුතුයි නේද? එසේ නම් ඔබ මෙය කරනවාද? ඇතැම් විට ඔබ කෙනෙකුට බැන වදියි. දැන් කිසි කෙනෙකුට බනින්න එපා. අනුකම්පා කරන්න. දයාවෙන් ඉගැන්වීම් ලබා දෙන්න. ඔබ නැවත නැවත කෙනෙකුට දොස් පැවරීමෙන් එම ජීවාත්මය සතුරෙක් මෙන් වෙයි හෝ ඔබ එම කෙනාට අකමැති වෙයි. ඔබලා පරමාත්ම දෙවියන්ගේ දරුවන් නේද? එබැවින් අපවිත්‍ර අයව පිවිතුරු කරන ඒකායන කෙනා පරම පියා වන සේම, දුකින් සිටින අයට ඔබට සතුට ලබා දිය නොහැකිද? ඔබ ආපසු ගිය විට මෙය අත්හදා බලන්න. ඔබ මෙය අත්හදා බලනවා නේද? ඉතිං, පලමුව පුණ්‍යකර්ම ඇරඹෙන්නේ තම නිවසින්. ඔබගේ පවුලේ කෙනෙක් ඔබට දුක ඇති කරන්නේ නම්, එවිට පවා, එම දුක නොගන්න. ඔවුන්ට ආශිර්වාද ලබා දෙන්න. දයානුකම්පිත වන්න. ප්‍රථමයෙන් ඔබගේ පවුලේ සාමාජිකයන් සමග මෙසේ වන්න. ඔබගේ පවුල තුල ඔබ ඇති කළ බලපෑම එවිට ඔබගේ ප්‍රදේශයේ (සමාජයේ) බලපෑමක් ඇති කරයි. සමාජය, රට තුල බලපෑමක් ඇති කර, රට, ලෝකයට බලපෑමක් ඇති කරයි. එය පහසුයි නේද? ඔබගේ පවුලෙන් ආරම්භ කරන්න. එසේ නැත්නම් එක් පුද්ගලයෙක් හෝ තරහ වන්නේ නම්, ඔබගේ නිවස තුල වාතාවරණය කුමක් මෙන් දැනෙයිද? එය නිවසක් වගේද, සටන් භූමියක් වගෙයිද? ඒ වෙලාවේ ඔබ එයට කැමතිද? ඔබ එයට අකමැතියි නේද?

මෙය ඔබ සියළු දෙනාටමත්ය (ප්‍රභූවරූන්ට අමතරව මධුබන් නිවාසීන්ද බාප්දාදා ඉදිරියේ අසුන්ගෙන සිටියා). ඔබගේ සහකරුවන් සහ ඔබ සමග එකට වැඩ කරන අයට දුක් නොදෙන්න, එමෙන්ම දුක් නොගන්න. ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න. එවන් වෙලාවක, ඔබ අයිතියක් ඇතිව ඔබගේ හදවතින් “මගේ බාබා”, “පරමාත්ම දෙවියන්, මගේ බාබා” කියන්නේ නම්, එවිට මෙවන් කියමනක් තිබේ: ඔබ ඉදිරියේ දෙවියන් සදාකාලිකව සිටියි. ඔබ අයිතියක් ඇතිව, එවන් වෙලාවක, ඔබගේ හදවතින් මෙසේ කියන්නේ නම්, “මගේ බාබා”, එවිට ස්වාමී වන පරම පියා ඉදිරිපත් වෙයි. පියා සිටින්නේ කුමකටද? ඔහුගේ පැවැත්ම තිබෙන්නේ ඔය දරුවන් වෙනුවෙන්, එමෙන්ම අයිතියක් ඇති ඔය දරුවන්ට පරම පියා සහයෝගය ලබා නොදීම, සිදු විය නොහැක්කක්. කිසිසේත් විය නොහැකිය! එබැවින් මෙම පරිවර්ථනය සිදුකර ආපසු යන්න. ඔබ මෙහි පැමිණි ආකාරයෙන්ම ආපසු නොයන්න. යම් පරිවර්ථනයක් සිදු කර ආපසු යන්න. ඔබ මෙහි පැමිණි විට ටිකට් පතට ඔබ මුදල් වැය කළා. ඔබ මුදල් වියදම් කර, ඔබගේ කාලය ලබා දුන්නා, එබැවින් ඔබ එය අගය කරනවා නේද? එබැවින් වටිනාකම වන්නේ පලමුව ස්ව-පරිවර්ථනයෙන් තමන්ගේ නිවස පරිවර්ථනය කිරීමයි. එවිට රටේ සහ ලෝකයේ පරිවර්ථනය සිදු වෙයි. ඔබගේ නිවස ආශ්‍රමයක් කරගන්න. එය තව දුරටත් නිවසක් නොව, ආශ්‍රමයක් විය යුතුයි. ග්‍රන්ථ ශාස්ත්‍ර වලද සදහන් වී ඇත්තේ “ගෘහස්ත ආශ්‍රමය” කියා. කෙසේවෙතත් වර්ථමානයේ එවන් කිසිදු ආශ්‍රමයක් නොමැත. ආශ්‍රමය, නිවසින් වෙන්ව තිබේ. එබැවින් ඔබගේ නිවහන ආශ්‍රමයක් කරගන්න. ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න. ආශ්‍රමයක වගකීම මෙයයි. ඔබගේ නිවස, දේවාලයක් වෙයි. දේවාලයක ඇති ප්‍රතිමාවක් කරන්නේ කුමක්ද? එය ආශිර්වාද ලබා දෙනවා නේද? ප්‍රතිමාවක් ඉදිරියට ගිය විට, මිනිසුන් පවසන්නේ කුමක්ද? “ආශිර්වාද දෙන්න!” ඔවුන් කන්නලව් කරයි: “අනුකම්පාව! අනුකම්පාව!” එසේ නම් ඔබ දිය යුත්තේ කුමක්ද? ආශිර්වාද. දේවමය සෙනෙහස, ජීව අවධාන සෙනෙහස ලබා දෙන්න; ශාරීරික සෙනෙහස නොවෙයි, නමුත් ජීව අවධාන සෙනෙහස. වර්ථමානයේ පවතින සෙනෙහස, ආත්මාර්ථකාමී සෙනෙහසයි. සත්‍ය හදවතක සෙනෙහසක් කිසිසේත් නොමැත; ඔවුන්ට ආත්මාර්ථකාමී චේතනාවක් ඇත්නම් ඔවුන් සෙනෙහස ලබා දෙයි. ඔවුන්ට ආත්මාර්ථකාමී චේතනාවක් නොමැති නම්, ඔවුන්ට තිබෙන්නේ “නොසලකන”(don’t care) ආකල්පයකි. ඉතිං, ඔබ කරන්නේ කුමක්ද? ජීව අවධාන සෙනෙහස ලබා දෙන්න. ආශිර්වාද ලබා දෙන්න. දුක ගන්නත් එපා, දුක දෙන්නත් එපා. බලන්න, ඔබ සියළු දෙනාටම අවස්ථාවක් ලැබී තිබේ. බාප්දාදාටත් සතුටුයි. (වැඩමුළුවට ප්‍රභූවරු 250ක් පමණ ඇවිත්). පැමිණ සිටින ඔය සියළුම මිනිසුන් ඔබගේ නිවෙස් ආශ්‍රම බවට පත් කරනවා නේද? ඔබ එසේ කරනවා නේද? එය කරනවාද? ඔබට නිසැකද? එසේ නැත්නම් ඔබ මෙය අතින් ටිකක් දුර්වලද? කුමක් සිදු වුණත් ඔවුන්ට ටිකක් දරා ගැනීමට සිදු වෙයි, ඔවුන්ට ඉඩ දීමේ බලය භාවිතා කිරීමට සිදුවන බව සිතන අය... මන්ද දරා ගැනීමේ බලයේ ඵලය ඉතාම මිහිරියි. එබැවින් ඔබ සෑම නිවසක්ම දිව්‍යලෝකයක් බවට පත් කරන බව, ඔබ දේවාල ගොඩනගන බව, ඔබ ආශ්‍රම නිර්මාණය කරන බවට ස්ථිර පොරොන්දුවක් සිදු කරන අය අත් ඔසවන්න. අන් අය එසේ කරන බව දැක අත් ඔසවන්න එපා. බාප්දාදා එය සැලකිල්ලට ගන්නවා. වෙනත් කෙනෙක් එය කිරීම දැක ඔබගේ අත් ඔසවන්න එපා, නමුත් අවංකව ඔබගේ අත් ඔසවන්න. ඔබගේ සැබෑ මනසේ අත ඔසවන්න. ඔබගේ මනසේ අත ඔසවන්න. අච්චා. දාදීන්, මේ වෙනුවෙන් ඔබ ඔවුන්ට ලබා දෙන තෑග්ග කුමක්ද? (ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙහි රැගෙන ආවදෙන්). එය ඔබ ලබා දුන් තෑග්ගක් නොවෙයි. එය, ඔවුන්ට වැඩක් දීමයි. (බාබා කැමති දෙයක්). ඔබට තෑග්ගක් ලැබෙයි. එය ලොකු දෙයක් නොවෙයි..., නමුත්, “නමුත්” තිබේ. ඔබ මෙහි සිට ගිය විට, ඔබගේ ධාරණාව තුලින් ස්ව-පරිවර්ථනයක් ගෙන එන්න, දින 15කට හෝ මාසයකට පසුව ඔබගේ ප්‍රතිඵලය ලියන්න. මාසයක් තුලදි, කිසිම අවස්ථාවක, දුක නොදෙන හෝ දුක නොගන්නා අයට ඉතා හොද තෑග්ගක් ලැබෙයි. සුබ පැතුම්, ඔබට පැමිණිය හැකි නම්. ඔබට පැමිණිය නොහැකි නම් එය (තෑග්ග) මධ්‍යස්ථානයට එවනවා.

මේ දේශයේ සහ විදෙස් රටවල සියලු දරුවන්ගෙන් බාප්දාදාට සිහි කිරීම ලැබුණා. ඔබ එය දුරකථනයෙන්, ලිපියකින් හෝ ඔබගේ හදවතින් එවා තිබුණත්, ප්‍රතිලාභය ලෙස බාප්දාදා භාරතයේ සහ විදෙස් රටවල සියලු දරුවන්ට ආශිර්වාද සහ කෝටි ගුණයක සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා.

පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසට අයිතියක් ඇති සෑම තැනකම සිටින සියලුම දරුවන්ට, සියලු සම්පත් වලින් පිරී සිටින සෑම තැනකම සිටින ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, බාධක වලින් නිදහස්ව සිටින, පාපකාරී සිතිවිලි වලින් සහ නිෂ්ඵල සිතිවිලි වලින් නිදහස්ව සිටින අයට, ස්ව-පරිවර්ථනය ගෙන ඒමේ උනන්දුව සහ උද්යෝගයෙන් පියාසර කරන, එමෙන්ම අන් අයට පරිවර්ථනය වීමට දිරිගන්වන සියලු දරුවන්ට, අවංක හදවතකින් බාප්දාදාට ඔවුන්ගේ තොරතුරු ලබා දෙන අවංක හදවත් ඇති දරුවන්ට, හදවත සනසන්නාගේ ස්වරූපයෙන්, පියා, ගුරුවරයා සහ සත්ගුරූගේ ස්වරූපයෙන්, බාබාගෙන් කෝටි ගුණයක සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ,සැරිසරන ජීවාත්මයන්ට, ඔවුන්ගේ නිවැරදි ගමනාන්තය පෙන්වන ජීවමාන ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වේවා.

ඕනෑම සැරිසරන ජීවාත්මයකට ඔහුගේ නිවැරදි ගමනාන්තය පෙන්වා දීමට, ජීවමාන ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වන්න. මේ සදහා, කාරණා දෙකකට අවධානය යොමු කරන්න: 1) සෑම ජීවාත්මයකගේම ආශාව හදුනාගන්න. කෙනෙකුගේ නාඩි ඇල්ලීමට, හොද වෛද්‍යවරයෙක් දන්නා සේම, නිරන්තරයෙන් ඔබගේ හදුනාගැනීමේ බලය භාවිතා කරන්න. 2) සියලු සම්පත් වල අත්දැකීම ඔබ සමග නිරන්තරයෙන් තබා ගන්න. මිනිසුන්ට කිසිවක් කීමට නොවෙයි, නමුත් අන් අයට, සියලු සම්බන්ධතා සහ සියලු බලයන්ගේ අත්දැකීමක් ලබා දීමේ අරමුණ සෑම විටම තබා ගන්න.

පාඨය:
අන් අයව නිවැරදි කරනවා වෙනුවට, පරම පියා සමග හොද සම්බන්ධතාවයක් පවත්වා ගන්න.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ඔබගේ ආදිතම සහ ආශිර්වාද ලත් ස්වරූපය, නිරන්තරයෙන් ඔබගේ අවධානයේ තබා ගන්න, එවිට අපවිත්‍රතාවයේ සහ අමතකවීමේ සියලු සලකුණු අවසන් වෙයි. දැන් අපවිත්‍රතාවය සහ අමතක වීමේ හේතු ගැන පවා නොදැනුවත් වන්න, මන්ද, මෙම ස්වරූප සහ සංස්කාර ඔබගේ නොවෙයි, ඒවා ඔබගේ පෙර භවයේ ඒවාය. ඔබ දැන් බ්‍රහ්මින්වරු වන අතර එම ස්වරූප සහ සංස්කාර අයත් වන්නේ ශුද්‍රයින්ටයි. ඔබගේ ස්වරූපය සහ සංස්කාර වෙනත් කෙනෙකුගේ ඒවා ලෙස අත්දැකීම හදුන්වන්නේ ආදරණීය සහ නොබැදී සිටීම ලෙසයි.