25.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා ඔබට අළුත් ලෝකය සඳහා රාජයෝගා උගන්වයි. එබැවින් පැරණි ලොව අනිවාර්යෙන්ම
විනාශ වීමට යයි.
ප්‍රශ්නය:
ඵලයක් නැතත්,
කුමන හොඳ පුරුද්දද මනුෂ්‍යයින් හට ඇත්තේ?
පිළිතුර:
මනුෂ්‍යයන් හට යමක් සිදු වු විට පමණක් දෙවියන් සිහි කිරීමේ පුරුද්ද ඇත. එවිට ඔවුන්
‘දෙවියනේ!‘ යැයි කියයි. ඔවුන් ඕවලාකාර හැඩයක් ගැන සිතයි, එහෙත් ඔහු ගැන සැබෑ
හැදින්වීමක් නොමැති නිසා ඔවුන්ට ඵලයක් නොමැත. ඉන්පසු ඔහු සතුට සහ දුක ලබා දෙන බවත්
ඔහු සෑම දෙයක් දෙන බවත් ඔවුන් කියයි. ඔය දරුවන් දැන් මෙය නොකියයි.
ඕම් ශාන්ති.
පියාට
නිර්මාණකරු යැයි කියයි. ඔහු නිර්මාණය කරන්නේ කුමක්ද? ඔහු නව ලොවෙහි නිර්මාණකරුය. නව
ලොවට, දිව්‍ය ලෝකය, සතුටෙහි දේශය යැයි කියයි. මිනිසුන් මෙම නම් භාවිත කළත් ඔවුන්ට
වැටහීමක් නැත. ඔවුන් ක්‍රිෂ්ණාගේ දේවාලයකටද සුක්දාම් (සතුටු දේශය) යැයි කියයි.
කෙසේවෙතත්, එය නිකම් කුඩා දේවාලයකි. ක්‍රිෂ්ණා ලොවට අධිපති විය. ඔවුන් අසීමිත
අධිපතිකමක් තිබූ කෙනෙක්ව සීමිත අධිපතියෙක් බවට පත් කළා වැනිය. ඔවුන් ක්‍රිෂ්ණාට ඇති
කුඩා දේවාලයකට සතුටෙහි දේශය යැයි කියයි. ඔහු ලොවට අධිපති වූ බවත්, භාරතයේ විසූ බවත්
ඔවුන්ගේ බුද්ධියට ඇතුළු නොවේ. ඔබද පෙර කළ කිසි දෙයක් දැන සිටියේ නැත. පියා සෑම
දෙයක්ම දනී. ඔහු ලොවෙහි මුල, මැද සහ අවසානය දනී. ඔය දරුවන්ට දැන් මෙය වැටහෙයි.
බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් යනු කවරෙක්දැයි ලොවෙහි කිසිවෙකු නොදනී. ශිවා උසස්ම-උසස්
දෙවියන්ය. අච්චා. ඉතිං ප්‍රජාපිතා බ්‍රහ්මා ආවේ කොහේ සිටද? ඔහුද මනුෂ්‍යයෙකි.
ප්‍රජාපිතා බ්‍රහ්මා අනිවාර්යෙන්ම මෙහි සිටිය යුතුයි. මෙහිදී ඔහුගේ මාර්ගයෙන්
බ්‍රහ්මිණ්වරු නිර්මාණය කළ යුතුයි. ප්‍රජාපිතා (ප්‍රජාවගේ පියා) යනු දරුවන්ව
මුඛයෙන් හදා ගන්නා කෙනාය. ඔබලා මුඛයෙන් උපන් දරුවන්ය. පියා, බ්‍රහ්මාව තමන් සතු කළ
අයුරු සහ ඔය මුඛයෙන් උපන් දරුවන්ව ඔහුගේ මාර්ගයෙන් නිර්මාණය කළ අයුරු ඔබට දැන්
වැටහෙයි. ඔහු, මොහු තුළට ඇතුළ වී මෙසේ පැවසුවේය. මේ මගේ දරුවාය. ඔහුට බ්‍රහ්ම යන නම
තැබුවේ කෙසේද කියා ඔබ දන්නවා. ඔහු නිර්මාණය කළේ කෙසේදැයි වෙනින් කිසිවෙකු දන්නේ
නැත. ඔවුන්, උත්තරීතර පියා, උත්තරීතර ජීවය උසස්ම-උසස් කෙනා බව නිකම් ප්‍රශංසා ගීත
ගායනා කරයි. එහෙත් උසස්ම-උසස් කෙනා පියා බව කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු නොවෙයි. ඔහු
අප සෑම ජීවාත්මයකගේම පියායි. ඔහුගේ ස්වරූපයද ආලෝකමත් තිතකි. ලොවෙහි මුල, මැද සහ
අවසානය පිළිබඳ ඥානය ඔහු තුළ තිබේ. ඔබට මෙම ඥානය ලැබෙන්නේ දැන්ය. මේ කිසිම දැනුමක්
ඔබට පෙර තිබුණේ නැත. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් පිළිබදව නිකම් කතා බස් කරයි. ඔවුන්
පිළිබඳ කිසි දෙයක් කිසිවෙකු නොදනී. එබැවින් ඔබ සෑම කෙනෙකුටම විස්තර කර දිය යුතුයි.
ඔබ දැන් නුවණැත්තන් වී ඇත. පියා ඥාන සාගරය බව ඔබ දන්නවා. මේ නිසයි ඔහුට, ඔබහට දැනුම
ලබා දිය හැක්කේ සහ ඉගැන්විය හැක්කේ. මෙම රාජයෝගාව ස්වර්ණමය වූ අළුත් ලොවටයි.
එබැවින් පැරණි ලොව අනිවාර්යෙන්ම විනාශ විය යුතුයි. ඒ සඳහා මෙම මහාභාරත යුද්ධය ඇත.
චක්‍රයෙන් භාගයක්ම ඔබ භක්ති මාර්ගයේ ග්‍රන්ථයන් ඉගෙන ගත්තේය. ඔබ දැන් කෙලින්ම පියාට
සවන් දෙයි. පියා අසුන්ගෙන හඬ නඟා ග්‍රන්ථ කියවන්නේ වත්, මන්ත්‍ර ජප කරන්නේ වත් නැත.
සිරුරට දුක් දීම, ග්‍රන්ථ ඉගෙනගැනීම යන සෑම දෙයක්ම භක්තියයි. භක්තිකයන්හට ඔවුන්ගේ
භක්තියෙහි ඵලය අවශ්‍යවන්නේ, ඔවුන් එම උත්සාහ දරන්නේ දෙවියන් හමු වීමට බැවිනි.
කෙසේවෙතත්, මෙම දැනුම තුළින් පමණයි විමුක්තිය ලබාගත හැකි වන්නේ. දැනුම සහ භක්තිය
එකවර පැවතිය නොහැක. දැන් ඇත්තේ භක්තිකයන්ගේ රාජධානියයි සැවොම භක්තිවන්තයන්ය. ‘අහෝ
දෙවි පියාණනි!‘, සෑම කෙනෙකුගේම මුවින් අනිවාර්යෙන්ම පිටවෙයි. පියා කුඩා තිතක්ය, යන
ඔහුගේ හැදින්වීම ඔය දරුවන්ට ලබා දී ඇති බව ඔබට වැටහෙයි. මාහට පමණයි ඥාන සාගරය යැයි
කියන්නේ. තිතක් වන මා තුළ මුළු දැනුමම අන්තර්ගත වී ඇත. දැනුම ජීවය තුළ රැඳෙයි. ඔහුට
උත්තරීතර පියා, උත්තරීතර ජීවය යැයි කියන බව ඔය දරුවන් දැන් දනී. ඔහු උත්තරීතර
ජීවයයි. එහි අරුත වන්නේ ඔහු උසස්ම-උසස් බවයි. පාරිශුද්ධත්වයට පමුණුවන පියා පමණයි
උත්තරීතර වන්නේ. මිනිසුන් ‘අහෝ දෙවියනේ‘ යැයි කියන විට ඔවුන් සිහිපත් කරන්නේ
ශිවලිංගමයකි, එනම් ඕවලාකාර ස්වරූපයකි. එය වුවද නිසියාකාරව සිහිපත් නොකරයි. ඔවුන්
දෙවියන් සිහිපත් කිරීමේ පුරුද්දක් ඇති කරගෙන ඇතිවාක් මෙනි. ඔවුන් කියන්නේ දෙවියන්
සතුට සහ දුක ලබා දෙයි කියාය. පියා සතුට ලබා දෙන්නා බව ඔබ දනී. ස්වර්ණමය යුගයේ,
සතුටු දේශය පැවතුනි. එහි දුකෙහි නාමයක් වත් සඳහන් නොවේ. මෙම කලි යුගයේ ඇත්තේ දුක
පමණි. මෙහි සතුටෙහි නාමයක්වත් සඳහන් නොවේ. උසස්ම-උසස් දෙවියන් සෑම ජීවාත්මයකගේම
පියාය. ඔවුන් සෑම කෙනෙක්ම සහෝදරයන් බව කීවත් ජීවාත්මයන්ගේ පියා පිළිබඳව ඒ කිසිවෙකු
නොදනී. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම එකම පියාගේ දරුවන්ය. එවිට සමහරු ඔහු සර්ව ව්‍යාප්ත
බව, එනම් ඔහු ඔබ තුළත් මා තුළත් සිටින බව කියයි. අහා! නමුත් ඔබ ජීවාත්මයකි. එය ඔබේ
ශරීරයයි. ඉතිං කෙසේද තුන්වන දෙයක් තිබෙන්නේ? ජීවයකට, උත්තරිතර ජීවය යැයි කිව නොහැක.
ජීවමාන ජීවයක් යැයි කියයි (ජීව ආත්ම). ජීවමාන උත්තරීතර ජීවය යැයි නොකියයි. එසේනම්,
උත්තරීතර ජීවය සර්ව ව්‍යාප්ත වන්නේ කෙසේද? පියා සර්ව ව්‍යාප්ත නම් එය පීතෘත්වයක්
වෙයි. පියෙක් ඔහුගේ පියාගෙන් උරුමයක් නොලබයි. පියාගේ උරුමය ලබාගන්නේ දරුවන්ය. සෑම
කෙනෙක්ම පියා වන්නේ කෙසේද? මෙතරම් සුළු කරුණක් වුවද කිසිවෙකු වටහා නොගනී. මේ නිසයි
පියා පවසන්නේ දරුවනි, වසර 5000 කට පෙර මා ඔබව කෙතරම් නැණවත් කළාද! ඔබ සදා නිරෝගී,
ධනවත් සහ නැණවත් බවට පත් කරවන ලදි. ඔබට වඩා නුවණැත්තන් නොසිටියේය. මෙහිදී ඔබට ලැබෙන
වැටහීම එහි නොපවති. එහිදී ඔබ නැවත වරක් වැටෙන බව ඔබගේ අවධානයේ නොමැත. එම අවධානය
තිබුණේ නම් ඒ තරම් සතුටක් ඔබ අත්නොවිඳිනු ඇත. මෙම දැනුම එවිට මැකී යයි. මෙම නාටකය
පිළිබඳ දැනුම ඔබගේ බුද්ධිය තුළ ඇත්තේ දැන් පමණයි ඔය බ්‍රහ්මිණ්වරුන් හට පමණයි එහි
අයිතිවාසිකම ඇත්තේ. බ්‍රහ්මිණ් වංශයට ඔබ දැන් අයත් බව ඔබගේ බුද්ධිය තුළ ඇත.
බ්‍රහ්මිණ්වරුන් වන ඔබහට පමණයි පියා මෙම දැනුම පවසන්නේ. ඔය බ්‍රහ්මිණ්වරුන් ඉන්පසුව
එය අන් සැමටම පවසයි. දෙවියන් පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපනය කළ බව සිහිපත් කොට ඇත. ඔහු
පැමිණ රාජයෝගාව ඉගැන්නුවේය. බලන්න මිනිසුන් ක්‍රිෂ්ණා ගේ උපත සමරණ අයුරු. ක්‍රිෂ්ණා
දිව්‍යලෝකයට අධිපති වූ බව ඔවුන්ට වැටහෙන නමුත් ඔහු ලොවෙහි ද අධිපති වූ බව ඔවුන් ගේ
බුද්ධියට ඇතුළු නොවේ. ඔහුගේ රාජධානිය පැවති කළ වෙනත් ආගම් නො තිබිණි. ඔහුගේ
රාජධානිය මුළු ලොව පුරාම පැවතුනි එය යමුනා නදිය අසබඩය. මේ සෑම දෙයක්ම ඔබට විස්තර කර
දෙන්නේ කවුරුන්ද? දෙවියන් කතා කරයි. වේද හා ග්‍රන්ථ කියා දෙන සෑම කෙනෙක්ම අයත්
වන්නේ භක්ති මාර්ගයටයි. මෙහි දෙවියන්ම ඔබහට කතා කරයි. ඔබ සැමට වඩා උතුම්ම
මනුෂ්‍යයින් බවට පත්වන බව ඔබට දැන් වැටහෙයි. ඔබ සාම දේශයේ වැසියන් බවට පත් වී
ඉන්පසුව පහළට පැමිණ උපත් 21 කට ඔබගේ තිළිණය අත්විඳින බව ඔබගේ බුද්ධිය තුළ ඇත. ශිව්
බාබා, ඔබගේ අසීමිත බාබා ඔබට උගන්වන බව ඔය දරුවන්ගේ අභ්‍යන්තරයේ සතුටු බුබුළු දමමින්
තිබිය යුතුයි. ඔහු දැනුමේ සාගරය වන අතර ඔහු ලොවෙහි මුල, මැද සහ අවසානය දනී. එවැනි
බාබා කෙනෙක් අප වෙනුවෙන් පැමිණ ඇති නිසා ඔබ තුළ සතුට බුබුළු දමමින් තිබිය යුතුයි.
‘බාබා, මා ඔබව මගේ උරුමක්කාරයා බවට පත් කළෙමි‘ කියා ඔබ බාබාට කියූ විට පියා එවැනි
දරුවන්හට කැප වෙයි. ඔය දරුවන් එවිට පවසන්නේ ‘දෙවියනි, ඔබ පැමිණි විට මා ඔබට කැප
වන්නෙමි, ඔබව මගේ දරුවා කරන්නෙමි‘ කියාය. මෙම කෙනා, ඔහුගේ දරුවන්ව පමණයි ඔහුගේ
උරුමකරුවන් බවට පත්කරවන්නේ. ඔබ කෙසේද පියාව ඔබගේ උරුමකරුවා බවට පත් කරන්නේ? මෙයත්
ඉතා ගැඹුරු කාරණාවකි. ඔබට ඇති සෑම දෙයක්ම හුවමාරු කරගැනීම ඔබගේ බුද්ධියේ කාර්යයකි.
දුප්පත් මිනිසුන් ඉතා ඉක්මනින් සෑම දෙයක්ම හුවමාරු කරති. පොහොසත් අයගෙන් මෙය කරන්නේ
ඉතා සුළු පිරිසකි මෙම දැනුම සම්පූර්ණයෙන්ම ලබාගන්නා තුරු ඔවුන් එය නොකරති. ඔවුන්ට
එතරම් එඩිතරකමක් නැත. දුප්පතුන් ඉතා ඉක්මනින් කියන්නේ බාබා, මා ඔබව පමණක් මගේ
උරුමකරු බවට පත් කරමි. කෙසේවෙතත්, මාහට ඇත්තේ මොනවාද? ඔහුව තම උරුමකරු බවට පත්
කිරීමෙන් පසු ඔබ ඔබගේ ජීවිකාව වෙනුවෙන් ආදායමක් උපයා ගත යුතුයි. කැපකරුවකු ලෙසින්ම
පමණක් ජීවත්වන්න. මෙය කිරීම සඳහා ඔහු ඔබට ක්‍රම කිහිපයක් ලබා දෙයි. ඔබගෙන් කිසිවෙකු
හෝ පාපකාරී ක්‍රියාවන් වෙනුවෙන් මුදල් වැය කරන්නේද කියා පියා නිරීක්ෂණය කරයි.
මනුෂ්‍යයන් පුණ්‍යාත්මයන් බවට පත් කරවීමට ඔබ ඔබගේ මුදල් වැය කරන්නේද? ඔබ
ක්‍රමානුකූලව සේවය කරන්නේද? ඔහු මේ සෑම දෙයක්ම පරීක‍්ෂා කොට ඔබට අවවාද දෙයි. මේ
තැනැත්තාද ඔහුගේ ව්‍යාපාරයෙන් කොටසක් දෙවියන්ගේ නාමයෙන් දන් දීම සඳහා භාවිත කළේය.
එය වක්‍රානුකාරයි. පියා දැන් කෙළින්ම පැමිණ ඇත. තම වර්තමාන උපතේදී කරන ඕනෑම දේක ඵලය
දෙවියන් විසින් මතු උපතේදී ලබා දෙන බව මිනිසුන් විශ්වාස කරති. කෙනෙක් දුප්පත්ව හා
දුකට පත් වී සිටී නම් ඔහු එවැනි ක්‍රියාවන් පෙර භවයේදි කර ඇති බව ඔහු වටහාගනී. යම්
කෙනෙකු යහපත් ක්‍රියාවන් කළේ නම් ඔහු සතුටින් සිටී. පියා ඔය දරුවන්ට කර්ම න්‍යාය
පිළිබඳව විස්තර කරයි. රාවණ්ගේ රාජධානියේ ඔබගේ සෑම ක්‍රියාවක්ම පාපකාරි වන්නේය.
ස්වර්ණමය සහ රිදීමය යුගයන්හිදි රාවණ් නොසිටියි. එබැවින් එහිදි ඔබගේ කිසිම
ක්‍රියාවක් පාපකාරි නොවේ. මෙහිදී ඔබ යහපත් ක්‍රියාවන් සිදුකළ විට ඔබට තාවකාලික
සතුටක් ලැබෙයි. කෙසේවෙතත්, එය තාවකාලික සතුටක් බැවින් නොයෙක් ලෙඩ රෝග හෝ වෙනත්
සංකූලතා ඇතිවෙයි. පියා පවසන්නේ රාවණ්ගේ රාජධානිය දැන් විනාශ වීමට යයි. ශිව් බාබා
රාම රාජධානිය ස්ථාපනය කරමින් සිටියි. මෙම චක්‍රය බ්‍රමණය වන අයුරු ඔබ දනී. භාරතය
නැවත වතාවක් දුප්පත් වන්නේය. වසර 5000 කට පෙර භාරතය දෙව්ලොව විය. ලක‍්ෂ්මි සහ
නාරායන්ගේ රාජධානිය ආරම්භ විය පළමුවෙන්ම පැවතුණේ ඔවුන්ගේ පරම්පරාවයි. ක්‍රිෂ්ණා
කුමාරයෙක් විය. ඔහු විවාහ වූ පසු කිරුළ පලන්දා රජ වී නාරායන් ලෙසින් නම් කරනු
ලැබුවේය. මෙකළ පමණයි ඔබට මෙය වැටහෙන්නේ. එබැවින් ඔබ පුදුමයට පත්වෙයි. බාබා ඔබ අපට
නිර්මාණකරු සහ මුළු නිර්මාණය පිළිබඳ දැනුම කියා දෙයි. ඔබ අපට ලබාදෙන ඥානය බොහෝම
උතුම්ය. මම ඔබහට කැපවෙමි. මා ස්මරණය කළ යුත්තේ අන් කිසිවෙකු නොවේ එකම පියා පමණයි.
ඔබ අවසානය දක්වාම ඉගෙන ගත යුතුයි. එබැවින් ඔබ අනිවාර්යෙන්ම ගුරුවරයාද ස්මරණය කළ
යුතුයි. ඔවුන් පාසැලකදි ඔවුන්ගේ ගුරුවරයා සිහිපත් කරයි. එසේ නොවේද? එම පාසැල් වල
ගුරුවරු බොහෝ දෙනෙකු සිටිති. මෙහි ඇත්තේ එක් ගුරුවරයෙක් පමණයි. ඔහු ඉතාමත්
පියකරුයි. පියා පියකරුයි. ගුරුවරයා පියකරුයි. පෙර කළ භක්ති මාර්ගයේද අන්ධ
විශ්වාසයෙන් ඔහුව සිහිපත් කළේය. දැන් පියා ඔබට කෙළින්ම උගන්වයි. එබැවින් ඔබ බොහෝ සේ
සතුටු විය යුතුයි. ඒ වුනත් ඔබ ‘බාබා, මට ඔබව අමතක වෙයි, මගේ බුද්ධිය ඔබව සිහි
නොකරන්නේ මන්දැයි මම නොදනී‘ යැයි කියයි. මෙසේ කියැවේ දෙවියනි, ඔබගේ ක්‍රම සහ විධි
විශේෂිතයි. බාබා, මුක්තිය සහ ජීවන් මුක්තිය සඳහා ඔබගේ ක්‍රම සහ විධි බොහෝ සේ
චමත්කාර ජනකයි! එවැනි පියෙක් ඔබ සිහිපත් කළ යුතුයි. භාර්යාවක් ඇගේ සැමියාගේ වර්ණනාව
ගයයි. ඇය කියයි ඔහු හරි හොඳයි. ඔහුට මේ මේ ඉඩ කඩම් ඇත. ඇය තුළ එම සතුට ඇත. ඔහු සෑම
සැමියෙකුගේම සැමියායි. ඔහු සෑම පියෙකුගේම පියායි. අපට ඔහුගෙන් බොහෝ සේ සතුට ලැබෙයි.
අන් සෑම කෙනෙකුගෙන්ම අපට ලැබෙන්නේ දුක පමණයි. ඔව්, ඔබට ගුරුවරයෙකුගෙන් සතුට ලැබෙයි,
මන්ද ඔබ ඉගෙනගැනීමෙන් ආදායමක් උපයාගන්නා බැවින්. ඔබගේ විශ්‍රාමික තත්ත්වයට පැමිණුනු
විට ඔබ ගුරු කෙනෙක් හදා ගනී. පියා පවසන්නේ මා පැමිණ ඇත්තේ ඔබගේ විශ්‍රාමික
කාලයේදීය. මොහු සිටින්නේ ඔහුගේ විශ්‍රාමික තත්ත්වයේය, මාද සිටින්නේ මාගේ විශ්‍රාමික
තත්ත්වයේය. මගේ දරුවන් වන ඔබ සැවොම ද සිටින්නේ ඔබගේ විශ්‍රාමික තත්ත්වයේය. පියා,
ගුරුවරයා සහ ගුරු - සියල්ලම සම්බනධ වී ඇත. පියා, ගුරුවරයාද වී, ඉන්පසු ගුරු ද වී,
ඔහුත් සමඟ අපව ආපසු නිවහනට රැගෙන යයි. එම එකම පියාව පමණයි ප්‍රශංසා කරන්නේ. මෙම
කරුණු ග්‍රන්ථ ආදියෙහි සඳහන් නොවේ. බාබා සෑම දෙයක්ම ඉතා පැහැදිලිව විස්තර කර දෙයි.
මීට වඩා උසස් දැනුමක් නොමැති අතර, මීට වඩා වැඩිපුර දැනුමක අවශ්‍යතාවයකුත් නොමැත.
මෙම සම්පූර්ණ දැනුමම අපට ඇති විට අප ලොවට අධිපතියන් වන්නෙමු. එබැවින් වෙනත් දැනුමක්
ලබා අප කුමක් කරන්නද? මෙය ඔය දරුවන්ගේ බුද්ධියෙහි තබාගත් විට පමණයි ඔබට සතුටින් සහ
එම ස්මරණයේ සිටිය හැකි වන්නේ. පාරිශුද්ධ සහ පුණ්‍යවන්ත ජීවයක් වීම සඳහා ඔබ
අනිවාර්යෙන්ම ස්මරණයේ සිටිය යුතුයි. ඔබගේ යෝගාව බිඳ දැමීම මායාගේ ආගමයි. මායා බාධක
ඇති කරන්නේ මෙම යෝගාවේය. ඔබ ඔහු අමතක කරයි, එවිට මායාගේ කුණාටු බොහෝ සේ පැමිණෙයි.
මෙයද නාටකයේ නියම වී ඇත. මේ කෙනා සැමටම වඩා ඉදිරියෙන් සිටියි එබැවින් ඔහු සෑම
දෙයක්ම පළමුව අත් දකියි. මායාගේ මෙම කුණාටු පළමුව මාහට පැමිණුනු විට පමණයි මට
ඉන්පසු ඔබ සැමට එය විස්තර කර දිය හැකි වන්නේ. මායාගේ මෙම කුණාටු පැමිණෙයි. ඒවා
බාබාට පැමිණෙයි, ඒවා ඔබටද පැමිණෙයි. මායාගේ කුණාටු නොතිබී, ඔබගේ යෝගාව නිරන්තර වූයේ
නම් ඔබ ඔබගේ කර්මතීට් තත්ත්වයට පත්වෙයි. එසේ වූයේ නම් ඔබට මෙහි සිටීමට නොහැකි වනු
ඇත. ඔබ සෑම කෙනෙක්ම ඔබගේ කර්මතීට් තත්ත්වයට පැමිණුනු විට සෑම කෙනෙක්ම ආපසු නිවහනට
යයි. ‘ශිවාගේ මංගල පෙරහැර‘ සිහිපත් කොට තිබේ. ශිව් බාබා පැමිණුනු විටයි ජීවාත්මයන්
වන අප සියල්ලටම ආපසු නිවහනට යාමට හැකි වන්නේ. ශිව් බාබා පැමිණෙන්නේ සෑම කෙනෙක්ම
නැවත නිවහනට රැගෙන යාමටයි. ස්වර්ණමය යුගයේ එතරම් ජීවාත්ම සංඛ්‍යාවක් සිටින්නේ නැත.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශිව් බාබා
ඔබගේ උරුමකරු කොට ඔබට ඇති සෑම දෙයක්ම හුවමාරු කරගන්න. ඔහුව උරුමකරු කිරීමෙන් පසු ඔබ
තම ජීවිකාව ද උපයාගත යුතුයි. කැපකරුවකු සේ ජීවත් වන්න. පාපකාරී ක්‍රියාවන් වෙනුවෙන්
තම මුදල් භාවිත නොකරන්න.
2. දැනුමේ සාගරය,
බාබාම ඔබට උගන්වනවා කියා ඔබගේ ඇතුලාන්තයේ සතුට, බුබුළු දමමින් තිබිය යුතුයි!
පාරිශුද්ධ සහ පුණ්‍යවන්ත ජීවාත්මයක් වීම සඳහා ස්මරණයේ සිටින්න. මායාගේ කුණාටු වලට
බිය නොවන්න.
වරදානය:
ඔබ නිර්භීත
අධිකාරියේ ප්‍රතිමූර්තියක් වී සත්‍යයේ පදනම මත එකම එක පරමාත්ම පියා හෙළිදරව්
කරත්වා.
සත්‍යය හෙළිදරව්වේ
පදනමයි. පරමාත්ම පියා හෙළිදරව් කිරීම සඳහා, පැකිලීමකින් තොරව, අධිකාරියේ නිර්භීත
ප්‍රතිමූර්තියක් ලෙස කතා කරන්න. බොහෝ මත ඇති අය, අප සියලු දෙනාගේම පරමාත්ම පියා
ඒකායන තැනැත්තා බවත්, ඔහු පමණක් මෙම කාර්යය ඉටු කරන බවත්, අප සියල්ලන්ම එම ඒකායන
තැනැත්තාගේ දරුවන් බවත්, ඔහු සත්‍ය ඒකායනය බවත් පිළිගන්නා විට, ජයග්‍රාහී ධජය
එසවෙනු ඇත. මෙම විශ්වාසය සමඟ, ඔබ විමුක්ති දේශයට නැවත පැමිණෙන අතර, පසුව, ඔබ ඔබේම
චරිත රඟ දැක්වීමට පහළට පැමිණෙන විට, "පරමාත්ම පරම සත්‍ය දෙවියන් ඒකායන තැනැත්තාය"
යන මෙම සංස්කාරය මතු වනු ඇත. මෙය ස්වර්ණමය යුගයේ පවතින අවධානයයි.
පාඨය:
යමක් ඉවසා
සිටීම යනු ඔබේම බලයේ ස්වරූපය හෙළිදරව් කිරීමයි.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
ඔබේ ශරීරය පැහැදිලිව
පෙනෙන ආකාරයටම, ඔබේ ජීවාත්මයේ ස්වරූපය පැහැදිලිව දැකගත යුතුය, එනම්, එය අත්විඳිය
යුතුය. ජීවාත්ම අවධානයේ ස්වරූපය හැර වෙනත් කිසිවක් ඔබේ නළලෙහි, එනම්, ඔබේ බුද්ධියේ
අවධානයෙහි සහ ඔබේ දැක්මෙහි දෘශ්‍යමාන නොවිය යුතුය. වෙනත් කිසිවක් ඔබේ අවධානයට
නොපැමිණිය යුතුය. සියලු ජීවාත්මයන් කෙරෙහි පවිත්‍ර, කරුණාවන්ත සිතිවිලි ඇති කර
ගැනීමට ඔබට හැකි වන පරිදි නිරන්තර තපස්වී ජීවාත්මයක් බවට පත් වන්න. යමෙකු ඔහුගේ
ස්වභාවය සහ සංස්කාර නිසා, ඔබේ උත්සාහයන් පරීක්ෂා කිරීම සඳහා උපකරණයක් බවට පත් වුවද,
සෑම විටම ඔවුන් කෙරෙහි නිරන්තර කරුණාවන්ත සිතිවිලි ඇති කර ගන්න.