25.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පාරිශුද්ධ වීමට ඇත්තේ එකම එක ක්‍රමයකි - පරමාත්ම පියාව සිහි කිරීමයි. ඒ
සිහි කිරීමට දරණා උත්සාහයම පමණයි අවසානයේදී ඵලවත් වන්නේ.
ප්‍රශ්නය:
ස්වරණමය යුගයේ
තිලකය ලබා ගැනීමට නම් මෙම සංගම යුගයේ දී ඔබ විසින් තබා ගත යුතු තිලකය කුමක්ද?
පිළිතුර:
සංගම් යුගයේ දී තමන් ශරීරයක් නොව ජීවාත්ම සත්ථාවක්, තිතක්ය යන තිලකය ඔබ විසින්
පැළඳිය යුතුයි. තමන් ජීවාත්මයක් බවත් පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගත යුතු බවත්
ඔබ තුළ හොඳින් තහවුරු කර ගන්න. බාබා තිතක්. මමත් තිතක්: මෙම තිලකයෙන් ඔබ දෙව්ලොව
රජදහනේ තිලකය දිනා ගනීවි. බාබා කියනවා: මා සිහි කළහොත්, කල්ප බාගයකටම ඔබව ඇඬිල්ලෙන්
මුදවන බවට මම ඔබට සහතික වෙමි.
ඕම් ශාන්ති.
මෙම සැලකිල්ල
ඔබ තුළ තිබිය යුතුයි: ජීවාත්මය වන මම අනිවාර්යෙන්ම මගේ පරමාත්ම පියාව සිහි කළ
යුතුයි. මන්ද මා පාරිශුද්ධ වන්නේ එවිට පමණයි. සෑම උත්සාහයක්ම අවශ්‍ය වන්නේ මෙයටයි.
කෙසේවෙතත්, ඔය දරුවන්ට මේ උත්සාහය දරන්න බැහැ. මායා කරදර කරනවා: ඇය ඔබට ඒකායන පරම
පියාව සිහි කිරීම අමතක කරවන්නේ අන් අය පිළිබඳ වූ සිහිය තිබෙන නිසායි. එවිට ඔබ
පරමාත්ම පියාවත් මනාලයාවත් සිහි කරන්නේ නැහැ. එවන් මනාලයෙක්ව අඩුම තරමින් පැය
අටක්වත් සිහි කළ යුතුයි, ඔහුව සිහි කරමින් ඔහුට උදව් කළ යුතුයි. ඔය දරුවන් පරමාත්ම
පියාව සිහි කළ යුතුයි. මේ උත්සාහය ඉතාමත් ඉහළයි. මන්මනාභව යන වචනය ගීතාවේ සඳහන්
වන්නක්. අඛණ්ඩව පියාව සිහි කරන්න, යන එන අතරතුර වැඩපළ කරනා ගමන් පියාව සිහි කරන්න.
ඔබට කරන්න වෙන කිසිම දෙයක් නැහැ. අවසානයේ දී ඵලවත් දෙයකට ඉතිරි වන්නේ මෙම සිහි
කිරීම පමණයි. නිවහන බලා දැන් ආපසු යා යුතු තමා අශාරීරික ජීවාත්මයක් බව සලකන්න. මෙම
උත්සාහය ඔබ ඉතාමත් හොඳින් දැරිය යුතුයි. උදෑසන ඇඟපත සෝදා ගෙන හමාර වී උඩු මහලේ
ටෙරසයේ හෝ ශාලාවට පැමිණ තනිව අසුන් ගන්න. හුදෙකලාව වැඩි වුණු තරමට වඩාත් හොඳයි.
තමන් පරමාත්ම පියාව සිහි කළ යුතුයි යන්න සෑම විටම සිතන්න. පරමාත්ම පියාගෙන් ඔබ මුලු
උරුමයම දිනා ගත යුතුයි. සෑම වසර 5000කට වරක්ම ඔබ මේ උත්සාහය දැරිය යුතුයි.
ස්වර්ණමය. රිදී, තඹ හා කලි යුග වලදී මෙම උත්සාහය දැරිය යුතු වන්නේ නැහැ. සංගම්
යුගයේදී පමණයි පරමාත්ම පියා ඔබට: මා සිහි කරන්නැයි කියා කියන්නේ. එපමණයි. පරමාත්ම
පියා: මා සිහි කරන්න කියා කියනා කාලය මෙයයි. පරමාත්ම පියා පැමිණෙන්නේ සංගම් යුගයේ
දී පමණයි. ඔහු වෙන කිසිම කාලයකදී පැමිණෙන්නේ නැහැ. ඔබත් මේ ගැන ඔබ දරණා උත්සාහයේ
තරමට දන්නවා. බොහෝ දරුවන් පියාව අමතක කරනවා. අන්න ඒ නිසා තමයි ඔවුන් රැවටෙන්නේ.
රාවණ හරිම රැවටිලි සහගතයි. ඔහු කල්ප බාගයකටම ඔබගේ සතුරායි. මෙන්න මේ නිසා තමයි
පරමාත්ම පියා කියන්නේ: සෑම උදෑසනකම පාන්දරින් අවදි වී මෙම ඥාන සාගරය මත ගාන්න. තමන්
කොතෙක් දුරට පියාව සිහිපත් කළාද එයින් කෙතරම් දුරට මළකඩ ඉවත් වී දැයි කියා ඔබගේ
ප්‍රගති සටහනත් පරික්ෂා කර බලන්න. සියල්ල රඳා පවතින්නේ ස්මරණය මතයි. ඔබගේ සම්පූර්ණ
උරුමයම දිනා ගැනීමට නම් ඔය දරුවන් සම්පූර්ණ උත්සාහය දැරිය යුතුයි. සාමාන්‍ය
මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට ඔබ පත් විය යුතුයි. සත්‍ය නාරායනගේ කතාන්දරය මෙයයි. පුර
පසලොස්වක දිනයේ දී සත්‍ය නාරායනගේ කතාව කියවීමට බැතිමතුත් එකට එකතු වෙනවා. තමන්
දැන් සොලොස් කලාවන්ගෙන් පූර්ණ විය යුතු බව ඔය දරුවන් දැන් දන්නවා. ඒ තත්ත්වයට ඔබට
පත් විය හැක්කේ සත්‍ය පරමාත්ම පියා සිහි කිරීමෙත් පමණයි. ඔබට ශ්‍රීමත් දෙන්නේ
පරමාත්ම පියායි. පරමාත්ම පියා මෙසේ කියයි: පවුලේ අයත් සමඟ ජීවත් වෙමින් ඔබට තම
ව්‍යාපාරික කටයුතුත් කරගෙන යා හැකියි. නමුත් අනිවාර්යෙන්ම ඔබ පරමාත්ම පියාව සිහි කර
පාරිශුද්ධත්වයට පත් විය යුතුයි: එපමණයි. පියාව සිහි නොකළහොත් ඔබ කුමන හෝ ආකාරයකින්
රාවණට රැවටෙනවා. මෙන්න මේ නිසා තමයි සිහි කිරීම යන ප්‍රධාන කරුණ ඔබට පහදා දී
තිබෙන්නේ. ඔබ ශිව බාබාව සිහි කළ යුතුයි. ඔබගේම ශරීරයත් ඇතුළුව සියලුම ශාරිරික
ඥාතීන් අමතක කර දමා තමන් ජීවාත්මයක්ය යන ශ්‍රද්ධා විශ්වාසය ඇති කර ගන්න. පරමාත්ම
පියා නැවත නැවතත් ඔබට කියන්නේ: තමන් ජීවාත්ම සත්තාවක් බව සලකා පරමාත්ම පියාව සිහි
කරන්න. නැතිනම් ඔබ හොඳටම රැවටී අවසානයේ දී පසුතැවිලි වීමට සිදුවේවි. ඔබගේ මුහුණ
මුලුමනින්ම අවලස්සන වී යන පරිද්දෙන් මායා ඔබට කම්මුල් පහර දේවි. පරමාත්ම පියා පැමිණ
සිටින්නේ ඔබගේ මුහුණ ලස්සන කරවීමටයි. මේ කාලයේ දී සෑම කෙනෙක්ම එකිනෙකාගේ මුහුණු
අවලස්සන කරවමින් සිටිනවා. ඔබව ලස්සන කරවිය හැක්කේ පියාටම පමණයි. ඔහුව සිහි කිරීමෙන්
පමණයි ඔබ ලස්සන වී දෙව්ලොව පාලකවරුන් වන්නේ. මෙය අපිරිසිදු ලෝකයයි. පරමාත්ම පියා
පැමිණෙන්නේ අපිරිසිදු අයව පිරිසිදු කරවීමටයි. ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය සමඟ
බාබාට කිසිම සම්බන්ධතාවයක් නැහැ. ශාරීරික ජීවිකාව සඳහා කළ යුතු දේ ඔබට දිගටම කරගෙන
යා හැකියි. පරමාත්ම පියා ඉතාමත් සරළව පවසන්නේ: මන්මනාභව. පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන්
වන්නේ කෙසේද කියා ඔබ අසාවි. පරමාත්ම පියා කියනවා: මා සිහි කරන්න, එපමණයි. පාරිශුද්ධ
වීමට වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඔවුන් කොපමණ දානමානාදිය දුන්නත් පින් දහම් කළත්
ගිණිපෑගීමට කොතෙක් උත්සාහ දැරුවත් පියාව සිහි කිරීම හැර වෙන කිසිම දෙයකින් ඵලයක්
ලැබෙන්නේ නැහැ. මෙය ඉතාම සරළ දෙයක්:එය හඳුන්වන්නේ පහසු යෝගාව කියලයි. තමන් මුලු දවස
පුරාවටම මේ මිහිරි බාබාව කොතෙක් දුරට සිහි කළාදැයි කියා අසන්න. ඔබ නින්දේ සිටිනා
විට කිසිම පාපයක් සිදුවන්නේ නැහැ. එවිට ඔබ අශාරීරික වෙනවා. කෙසේවෙතත්, දවස පුරා
නොයෙකුත් පාප කෙරෙන අතර අතීතයේ කළ පාපයනුත් තවමත් තිබෙනවා. ස්මරණය සඳහා ඔබ උත්සාහ
දැරිය යුතුයි. ඔබ මෙහි පැමිණ සිටිනා නිසා මෙම උත්සාහය දැරිය යුතුයි. බාහිර දේ
සම්බන්ධ සෑම නිශ්ඵල සිතිවිල්ලක්ම අවසන් කර දමන්න. නැතිනම්, එය ඔබගේ වාතාවරණය දූෂණය
කරාවි. ඇතැම් විට, ගෙවල් දොරවල් ගොවිපලවල් ආදිය පිළිබඳව දිගටම සිතිවිලි ගලා ගෙන
ඒවි. විටෙක දරුවන්වත් තවත් විටෙක ඔබගේ ගුරුවත් සිහි වේවි. දිගටම මේ දේවල් සිත සිතා
සිටියහොත් වාතාවරණයත් දූෂණය වෙනවා. උත්සාහ නොදරන්නන් දිගටම බාධා ගෙන එනවා. මේවා
ඉතාමත් සියුම් කරුණුයි. ඔබත් මේ ගැන දැන ගත්තේ මෙම කාලයේදී පමණයි. පරමාත්ම පියාත්
ඔබට උරුමයක් දෙන්නේ මේ කාලයේ දී පමණයි. පසුව ඔහු කල්ප බාගයකටම විවේකී සුවයෙන්
සිටිනවා. ඔබගේ ලෞකික පියා දක්වන සැලකිල්ලත් අසීමිත පියා දක්වන සැලකිල්ලත් අතර ඇත්තේ
විශාල වෙනසකි. පරමාත්ම පියා කියනවා: භක්ති මාර්ගයේ දී මම ඉතාමත් සැලකිලිමත් වෙනවා.
බැතිමතුන් නිතර නිතර මා සිහි කරනවා. කිසිම කෙනෙක් ස්වර්ණමය යුගයේ දී මා සිහි කරන්නේ
නැහැ. පරමාත්ම පියා කියනවා: එහි දී ඔබට මාව සිහි කිරීමට සිදු නොවන තරමේ සතුටක් මම
ඔබට මෙහිදී දෙනවා. ඒ කාලයේ දී මගේ දරුව එක්කෝ ශාන්ත දේශයේ හෝ නැතිනම් සතුටු දේශයේ
සිටිනා බව මම දන්නවා. වෙන කිසිම මිනිසෙකුට මේ දේවල් තේරෙන්නේ නැහැ. එවන් පියෙක්
කෙරෙහි විශ්වාසය තබා ගැනීමේ දී මායා ඔවුන්ගේ බුද්ධියට බාධා ගෙන එනවා. පරමාත්ම පියා
කියනවා: මා සිහි කරන්න. ඔබ මත බැඳී ඇති රිදී, තඹ හා යකඩ සියල්ල ඉවත්ව යාවි.
ස්වර්ණමය යුගයේ සිට රිදී යුගයට යනවිට කලා දෙකක් අඩු වෙනවා. ඔබ මෙය අසා තේරුම්
ගන්නවා. සැබෑ බ්‍රහමිණ්වරුන්ගේ බුද්ධියේ මේ කරුණු ඉතාමත් හොඳින් රැදේවි. නැතිනම්,
ඒවා බුද්ධියේ රඳන්නේ නැහැ. ඔවුන්ට ස්මරණයේ නිරතව සිටිය නොහැකියි. සියල්ල රඳා
පවතින්නේ පරමාත්ම පියාව සිහි කිරීම මතයි. ඔහු නැවත නැවතත් කියන්නේ: දරුවනි, පියාව
සිහි කරන්න. මේ බාබාත් කියන්නේ ශිව් බබාව සිහිකරන්න. ශිව්බාබාම කියන්නේත්: ඔබගේ
පියා වන මා සිහි කරන්න. ඔහු ඔය ජීවාත්මයන් අමතා: අහෝ දරුවනි, කියා කියනවා. අශාරීරික
පරමාත්ම පියා ජීවාත්මයන් අමතා කතා කරනවා. ප්‍රධානම දෙය මෙයයි. පළමුවෙන්ම, පැමිණෙන
සෑම කෙනෙකුටම ඇල්ෆාව සිහි කරන්නැයි කියන්න. වෙන කිසිම දෙයක් සම්බන්ධයෙන් ඔබ දිගට
දිගට කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතාමත් සරළව කියන්න: තමා ජීවාත්මයක් බව සලකා පරමාත්ම
පියාව සිහි කරන්න. දිගටම මෙය ඔබ තුළ ස්ථාවර කර ගන්න: මම ජීවාත්මයක්මි. තුල්සිදාස්
විසින් සෑදු සුදුහඳුන් තලපයෙන් රාගුවීර් තිලක තැබුවා කියා සඳහන් වී තිබෙනවා.
කෙසේවෙතත්, එය භෞතික තිලකයක කරුණක් නොවෙයි. තිලකය සැබවින්ම මෙම කාලයේ සලකුණක් බව
ඔබට දැන් තේරෙනවා. ඔබ නිරතුරුවම ස්මරණයේ නිරතව සිටිනවා. එනම් රාජධානියේ තිලකය ඔබට
දීලයි තිබෙන්නේ. රාජධානියේ තිලකය ලබා ඔබ ද්විත්ව කිරුළු පළන් අයෙක් වෙනවා. රාජ්‍ය
තිලකය ඔබ ලබනවා යනු දෙව්ලොව අගරජ හෝ අගරැජිණ වීමයි. පරමාත්ම පියා සෑම දෙයක්ම ඔබට
ඉතාමත් පහසුවෙන් පහදා දෙනවා. තමන් ජීවත්ම මිස ශරීර නොවන බව පමණක් සිහියේ තබා ගන්න.
පරමාත්ම පියාගෙන් ඔබ උරුමය දිනා ගත යුතුයි. තමන් ජීවාත්ම තිත් බවත් පරමාත්ම පියාත්
තිතක් බවත් ඔය ජීවාත්මයන් දන්නවා. බාබා ඥාන සාගරයයි. සතුටේ සාගරයයි. ඔහු අපට
ආශිර්වාද දෙනවා. ඔහු පැමිණ මොහු ලඟින් අසුන් ගන්නවා. ගුරු කෙනෙක් තම ගෝලයාව තමා
ලඟින් වාඩි කරවා ගෙන ඔහුට උගන්වනවා. මොහුත් ඔහු ලඟින්මයි සිටින්නේ. ඔහු ඔය දරුවන්ට
කියන්නේ: තමන් ජීවාත්මයන් බව සලකා අඛණ්ඩව මා පමණක්ම සිහි කරන්න. ස්වර්ණමය යුගයේ දී
ඔබ තම තමන් ජීවාත්ම බව සැලකුවත් පරමාත්ම පියාව දැන ගෙන සිටියේ නැහැ. ජීවාත්මය වන මම
ශරීරය අතහැර වෙනත් එකක් ගන්නවා. නාටකයට අනුව ඔබගේ චරිත කොටස ඒ වගේයි. මෙන්න මේ නිසා
තමයි එහිදී ඔබට වැඩි ආයු කාලයක් තිබෙන්නේ. එහිදී ඔබ පාරිශුද්ධව සිටිනවා. ස්වර්ණමය
යුගයේ දී ඔබට වැඩි ආයුෂ තිබෙනා නමුත් කලි යුගයේදී එය අඩුයි. එහිදී ඔබ යෝගීන් වන අතර
මෙහිදී භොගීන් (පාපීය සන්තර්පනයේ යෙදෙන්නන්) වෙනවා. යෝගීන් පාරිශුද්ධයි. එහි රාවණ
රාජ්‍යය නොමැති නිසා ආයු කාලයත් දීර්ඝයි. මෙහි ආයු කාලය ඉතාමත් කෙටියි. මෙය
හඳුන්වන්නේ කර්ම වේදනා විඳීම කියලයි. එහි කවදාවත් අකල් මරණ නැහැ. පරමාත්ම පියා
කියනවා: ඔබ පරමාත්ම පියාව හඳුනා ගෙන සිටින නිසා දැන් ශ්‍රීමත් පිළිපදින්න. එකම එක
පරමාත්ම පියාව සිහි කරන්න. තමා ජීවාත්මයක් බව සලකන්න. මම දැන් නිවහන බලා යා යුතුයි.
එමනිසා මම දැන් මෙම ශරීරය අතහැර යා යුතුයි. ඔබගේ ඉතිරි කාලය සේවය සඳහා යොදවන්න. ඔය
දරුවන් ඉතාමත් දුප්පත්. ඒ නිසා තමයි පියාට අනුකම්පා හිතෙන්නේ. ඔය මහළු මව්වරුන්ට
ශාරීරික අපහසුතා ඇත්තන්ට ඔහු කිසිම අපහසුවක් කරන්නේ නැහැ. මහළු අයට කුදු ගැහුණු අය
යයි කියනවා. වයසක මව්වරුන්ටත් කියන්නේ: පරමාත්ම පියාව සිහි කරන්න. ඔබ කොහේද යන්නේ
කියා කෙනෙක් ඔබගෙත් ඇසුවහොත්, මම ගීතා පාඨශාලාවට යනවා කියා කියන්න ක්‍රිෂ්ණ ජීවය
උපත් 84ක් ගන්නවා. දැන් පරමාත්ම පියාගෙත් ඥානය ලබමින් මෙහි සිටිනවා. දරුවන්
ප්‍රදර්ශන ආදියට වියදම් කරනවා. අහවල් අහවල් කෙනා හොඳටම කැමති වුණා කියලත් ලියනවා.
නමුත් බාබා කියන්නේ: අසීමිත පරමාත්ම පියා මේ කාලයේ දී බ්‍රහ්ම ශරීරයට ඇතුලු වී
සිටිනා බවත් දෙව්ලොව උරුමය දිනා ගත හැක්කේ ඔහුගෙන් පමණක් බවත් කිසිම කෙනෙක් නොකියන
බවයි. එවිට බාබා තේරුම් ගන්නේ එකම එක කෙනෙක් තුළවත් ඒ විශ්වාසය නොමැති බවයි. මෙම
ඥානය හොඳයි කියා ඔවුන් සතුටු වෙනවා. ඉණිමඟ පින්තුරයත් ඔබ හොඳින් පහදා තිබෙනවා.
කෙසේවෙතත්, ඔවුන් යෝගාවේ සිට තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ නැහැ.
දෙවියන්ගෙන් උරුමය ලැබීම පිළිබඳව ඔබ දුන් පැහැදිලි කිරීම ඉතාමත් හොඳ දෙයක් බව ඔවුන්
කීවත් එය දිනා ගැනීමේ උවමනාවක් ඔවුනට නැහැ. ඔවුන් කිසිම උත්සාහයක් දරන්නේ නැහැ.
පුරවැසියන් රාශියක් බිහි වේවි. නමුත් රජ කෙනෙක් වීමට උත්සාහ දැරිය යුතුයි. ඔබ සෑම
කෙනෙකුටම තම තමන්ගේ හදවතින්ම ඇසිය හැකියි: මම කොතෙක් දුරට පරමාත්ම පිය සිහියේ සිට
ප්‍රමෝදමත්ව සිටිනවා ද? අපි නැවතත් වතාවක් දේවතාවරුන් වෙමු. හුදෙකලාව අසුන් ගෙන තමා
හා කතා කරන්න. මෙය කර බලන්න. නිරන්තරයෙන්ම පියාව සිහි කරන්න. මන්ද කල්ප බාගයකටම ඔබව
ඇඩිල්ලෙන් නිදහස් කරවන බවට ඔහු සහතික වී තිබෙනවා. බාබා පැමිණ මායා, රාවණ දමනය
කිරීමට ඔබව මෙහෙයවන බව ඔබ දැන් කියනවා. ඔබ කුමනාකාරයේ උත්සාහයක් දැරුව ද එය ඔබටමයි.
පසුව ඔබ නව ලෝකයට යාවි. තමෝප්‍රධාන් ඔබලා සතෝප්‍රධාන් විය යුතු බැවින්. පැරණි ලෝකයේ
කර්ම ගිණුම් සමනය කර දැමිය යුතුයි. පාරිශුද්ධ වීමේ මඟත් ඔහු පෙන්වනවා. මෙය සියල්ල
සමනය වී යන කාලයයි, සියල්ල විනාශ විය යුතුයි. නව ලෝකය ස්ථාපනය වීමටයි ඇත්තේ. මරණීය
දේශයේ තම ශරීරය අතහැර දමා ඔබ නව අමරණීය ලෝකයට යන බව ඔබලා දැන් දන්නවා. අපි නව ලෝකය
සඳහා ඉගෙන ගනිමු. අනාගතය සඳහා උගන්වන මෙවන් අධ්‍යයන ස්ථානයක් තවත් නැහැ. මහත්
පින්දහම් කර දානමානාදිය දෙන්නන් රජ පවුල් වලට දාව උපත ලබනවා තමයි. දෙතොලේ රන්
හැන්දක් - කියා කියනවා. ඔබ එය ලබන්නේ ස්වර්ණමය යුගයේ දීයි. ඔබගේ අනාගත උපත් 21කටම
ඔබට කිසි දුකක් නැහැ. කිසිම විටෙක ඔබ අසනීප වෙන්නේ නැහැ. රන්හැන්දක් ඔබ ලබන්නේ
දෙව්ලොවේ දීයි. මෙහිදී මිනිසුන් රාජ්‍යයක් ලබන්නේ තාවකාලික කාලයකටයි. ඔබ උපත් 21කටම
ලබනවා. මේ සියලුම කරුණු සම්බන්ධයෙන් ඔබ තම බුද්ධිය හොඳින් මෙහෙයවා අන් අයටත් ඒවා
පැහැදිලි කර කියා දිය යුතුයි. භක්ති මාර්ගයේ රජවරුන් වීමට ඔබට බැහැයි කියා දෙයක්
නැහැ. කෙනෙක් පාසලක් හෝ රෝහලක් ඉදි කළ විට, එහි ප්‍රතිඵලය ඔහු ලබනවා. රෝහලක් විවෘත
කළහොත් ඔහුගේ ඊලඟ උපතේ දී යහපත් සෞඛ්‍යයක් ලබනවා. මොහුගේ මුලු ජීවිත කාලයටම උණක්වත්
සෑදී නැහැයි කියා කියනවා. ඔවුන්ට දීර්ඝායු තිබෙනවා. විශාල වශයෙන් දන් දී රෝහලක්
ආදිය සාදා දුන් විට ඔහුගේ ආයු කාලය දීර්ඝ වෙනවා. මෙහිදී ඔබ යෝග බලයෙන් සදා නිරෝගී
හා ධනවත් වෙනවා. යෝගාවෙන් ඔබ උපත් 21කටම හොඳ සුවයක් ලබනවා. මෙය ලොකු රෝහලක් හා ලොකු
විද්‍යාලයක් වෙනවා. පරමාත්ම පියා සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව කියා දෙනවා. පරමාත්ම
පියා කියනවා: ඔබ ඕනෑම කෙනෙකුට ඔබ කැමති තැනකට ගිහින් ඔබ ආසා කරනා මධ්‍යස්ථානයකට
ගිහින් ඉගෙන ගත හැකියි. කිසිම කෙනෙක්: ඔබ අපේ මධ්‍යස්ථානයටම පැමිණිය යුතුයි කියා
නොකිය යුතුයි. ඇයි එතනට යන්නේ කියා නොඇසිය යුතුයි. නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම
මධ්‍යස්ථානයකට යා හැකියි. එකම දේයි තිබෙන්නේ සෑම තැනකම කියවන්නේ එකම මුරලියයි. මේ
මුරලිය එවන්නේ මෙහි සිටයි (මධුබන්), පසුව ඇතැම් අය එය පැහැදිලි කිරීම් සහිතව හොඳින්
කියවනවා, අනිත් අය සරළවම කියවගෙන යනවා. දේශන දෙන අය හොඳ අභියෝග එල්ල කරනවා. දේශනයක්
දීමට ඇති තැනකදී, පළමුවෙන්ම ඔවුන්ට කියන්න: ශිව් බාබා කියනවා: තමා ජීවාත්මයක් බව
සලකා ඔබගේ පියා වන මා සිහි කරන්න. ඔබගේ පාප දුරුවීගොස් ඔබ පාරිශුද්ධ වී පාරිශුද්ධ
ලෝකයේ පාලකවරුන් වේවි. ඔහු ඉතාමත් පහසුවෙන් ඔබට පහදා දෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. බාහිර දේ
සම්බන්ධ නිෂ්ඵල සිතිවිලි අතහැර දමන්න. හුදෙකලාව අසුන් ගෙන පරමාත්ම පියාව සිහි
කිරීමට උත්සාහ දරන්න. උදේ පාන්දරින් අවදි වී ඥාන සාගරය මත ගා ඔබගේ ප්‍රගති සටහත
දෙසත් බලන්න.
2. භක්ති මාර්ගයේ දී
දානමාන හා පින්දහම් කිරීම වැදගත් වන්නාක් සේ ඥාන මාර්ගයේ දී සිහි කිරීම ද ඉතාමත්
වැදගත් වේ. ඒ සිහි කිරීමෙන් ජීවාත්මය සදා නිරෝගී හා ධනවත් ජීවයක් බවට පත් කර ගන්න.
අශාරීරිකව සිටීම පුරුදු පුහුණු කරන්න.
වරදානය:
ඔබ ඔබේ
ඒකාබද්ධ ස්වරූපයෙන් සේවය කර ජීවාත්ම සමීප සම්බන්ධතාවයකට ගෙන එත්වා.
හඬින් සේවය කිරීමෙන්,
පුරවැසියන් නිර්මාණය වේ. එබැවින්, ඔබ ශබ්දයෙන් ඔබ්බෙහි සිටින අවධියේ ස්ථාවර වී පසුව
ශබ්දයට පැමිණිය යුතුය; පළමුව අව්‍යක්ත අවධියේ සිට පසුව ශබ්දයට පැමිණිය යුතුය. මෙම
ඒකාබද්ධ ස්වරූපයෙන් ඔබ විසින් කරන ලද සේවය උරුමක්කාරයන් නිර්මාණය කරනු ඇත. ශබ්දයෙන්
පැහැදුණු ජීවාත්ම බොහෝ ආකාරයේ ශබ්ද අසා පැමිණ යනවා ඇත, නමුත් ඔවුන් ඔබේ ඒකාබද්ධ
ස්වරූපයෙන් සිටින විට සහ පසුව මෙම ස්වරූපයෙන් සේවය කරන විට, ඔවුන් වෙනත් කිසිදු
ආකාරයක බලපෑමට ලක් නොවනු ඇත.
පාඨය:
පහසුකම් භාවිත
කරන්න, නමුත් ඔබගේ ආධ්‍යාත්මික උත්සාහය තුළ අසීමිත නිරාශාවේ ආකල්පයට එයට මුසු වීමට
ඉඩ නොදෙන්න.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
ඉවසිලිවන්ත දරුවන්ට
දැඩි සංස්කාර සහ දුෂ්කර කාර්යයන් ඇති අය සිසිල් සහ පහසු කිරීමට ඔවුන්ගේ ඉවසීමේ බලය
භාවිත කළ හැකිය. ඉවසීමේ ගුණය ඇති අය පරිණත වන අතර සෑම දෙයකම ගැඹුරට යනු ඇත. ඔවුන්
කිසි විටෙකත් බිය නොවනු ඇත. ඔවුන් ගැඹුරට ගොස් සාර්ථකත්වය අත්කර ගනු ඇත.