25.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පිණුම් ගැසීමේ සෙල්ලම මතක් කර ගන්න. මුලු කල්පයේම, බ්‍රහ්මා හා බ්‍රහමිණ්වරුන්ගේ රහස මෙම සෙල්ලමෙහි ඇතුලත්ය.

ප්‍රශ්නය:
සංගම යුගයේදී ඔය දරුවන් පරමාත්ම පියාගෙන් ලබනා උරුමය කුමක්ද?

පිළිතුර:
දේවම බුද්ධිය. පරමාත්ම දෙවියන් තමා සතු ගුණ ධර්ම අපට උරුම කරනවා. අපගේ බුද්ධිය දියමන්ති සේ දිව්‍යමය වෙනවා. අප දැන් බ්‍රහමිණ්වරුන් වී සිටිනා නිසා පරමාත්ම පියාගෙන් මහා ධන සම්පතක් දිනාගෙන තිබෙනවා. අපි අපගේ ඒප්‍රන සියලු ගුණදම් වලින් පුරවා ගන්නවා.

ඕම් ශාන්ති.
අද සත්ගුරු දිනයයි, සුබ ඵල දිනයයි. ඇතැම් දවස් ඉතාමත් සුබයි: සත්ගුරු දිනයත් ඉහළම දිනයක් කියා කියනවා. දරුවන්ව පාසලකට ඇතුල් කරවන්නේත් සුබ දිනයකදීයි. රුක් අධිපතිගේ දිනයේදීයි. පරමාත්ම පියා මෙම මානව ලෝකයේ බීජය වන අතර ඔහු මේ අමරණීය ප්‍රතිමාව බව ඔය දරුවන් දන්නවා. ඔය දරුවන් අමරණීය ප්‍රතිමායි. අමරණීය රූපය වන පරමාත්ම පියාගේ දරුවනුයි. මෙය ඉතාමත් පහසුයි. තිබෙන එකම අපහසුව ඇත්තේ ස්මරණය තුළයි. ඔබගේ පාප දුරු වන්නේ සිහි කිරීමෙන් පමණයි: ඔබ අපිරිසිඳු බවින් පාරිශුද්ධ වෙනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: ඔය දරුවන්ට ඇත්තේ අසීමිත අවිනාශී ග්‍රහඵලයි. සීමිත ග්‍රහ ඵල හා අසීමිත ග්‍රහඵල තිබෙනවා. රුක් අධිපති පරමාත්ම පියායි. ගසෙහි පළමුවෙන්ම මතු වන්නේ බ්‍රහමින්වරුනුයි. පරමාත්ම පියා කියනවා : රුක් අධිපති මා, සජීවී ජීවාත්මයයි. ප්‍රමෝදයේ ප්‍රතිමූර්තියයි. සාම සාගරය, ඥාන සාගරය කියා ඔහුගේ ගුණ ගයනවා. ස්වර්ණමය යුගයේ සියලුම දේවතාවරුත් පාරිශුද්ධත්වයේ හා සාමයේ සාගර බව ඔබලා දන්නවා. භාරතය සතුටු සාගරයක්, සාම සාගරයක් හා පවිත්‍ර සාගරයක් ලෙසින් තිබුණා. ලෝක සාමය කියන්නේ මෙයයි. ඔබලා බ්‍රහමිණ්වරුනුයි. ඇත්තෙන්ම කියනවා නම්, ඔබලාත් අමරණීය ප්‍රතිරූපයි. ඔය සෑම ජීවාත්මයක්ම තම තමන්ගේ සිහසුනේ අසුන් ගෙන සිටිනවා. ඔබ සෑම කෙනෙක්ම සජීවී අමරණීය සිහසුන්ය. අමරණීය රූපය වන ජීවාත්මය, තරුවක් ලෙසිනුත් හඳුන්වන ජීවාත්මය නළල මධ්‍යයේ අසුන් ගෙන සිටිනවා. වෘක්ෂාධිපතිට ඥාන සාගරය කියාත් කියනවා, අනිවාර්යෙන්ම ඔහු පැමිණීය යුතුයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ හදා ගැනීමට ගත් දරුවන් වන බ්‍රහමිණ්වරුන් පළමුවෙන්ම අවශ්‍යයි. ඉතින් මමාත් අනිවාර්යෙන්ම අවශ්‍යයි. සෑම දෙයක්ම ඉතාමත් හොඳින් ඔය දරුවන්ට පහදා දෙනවා. පිණුම් ගැසීමේ අරුතත් ඔබට කියා දෙනවා. ශිව බාබා බීජය වන අතර බ්‍රහ්මාත් සිටිනවා. බ්‍රහමිණ්වරුන් සෑදී තිබෙන්නේ බ්‍රහ්මාගෙනුයි. මේ කාලයේ දී. ඔබ තමන් බ්‍රහමිණ්වරුන් ලෙසින් හඳුන්වා ගන්නා අතර පසුව ඔබලා දේවතාවරුන් වෙනවා. මුලදී අපට තිබුණේ ශුද්‍ර බුද්ධියකුයි. පරමාත්ම පියා දැන් නැවතත් වතාවක් අපව වඩාත් සුබම සුබ බුද්ධියක් ඇති අය බවට පත් කරවනවා. ඔහු අපගේ බුද්ධිය දියමන්ති සේ දිව්‍යමය කරවනවා. ඔහු පිණුම් ගැසීමේ රහසත් ඔබට කියා දෙනවා. ශිව බාබාත් බ්‍රහ්මාත් සිටින අතර හදාගැනීමට ගත් දරුවනුත් ඔවුන් ඉදිරියේ සිටිනවා. ඔබලා දැන් ඉතාමත් පුළුල් අසීමිත බුද්ධින් ඇති අය බවට පත්ව සිටිනවා. පසුව ඔය බ්‍රහමිණ්වරුන් දේවතාවරුන් වෙනවා. ඔබලා දැන් දේවමය බුද්ධි ඇති අය වී සිටිනවා. පරමාත්ම දෙවියන් සතු ගුණ ධර්ම ඔබට උරුම වෙනවා. අන් අයට පැහැදිලි කරන විට මෙය අමතක කරන්න එපා. පරමාත්ම පියා ඥාන සාගරයයි. ඔහු අංක එකයි. ඔහුට ග්‍යානේෂ්වර කියා කියනවා, ඥානය කතා කරන්නා යන අරුතින්. ඥානය සමඟ ඔබට විමුක්තිය ලැබෙනවා. ඔහු ඥානයෙන් හා යෝගාවෙන් අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවනවා. භාරතයේ පුරාතන රාජයෝගාව ඉතාමත් ප්‍රසිද්ධයි. මන්ද, මෙමඟින් කලි යුගය ස්වර්ණ යුගය බවට පත් වෙනවා. යෝග වර්ග දෙකක් ඇති බව කියා දී තිබෙනවා. ඔවුන්ගේ එය හථ යෝගාව වන අතර මෙය රාජයෝගාවයි. අරක සීමිත වන අතර මේක අසීමිතයි. ඔවුන් සීමිත සන්යාසීවරුන් වන අතර ඔබලා අසීමිත සන්යාසීවරුන් වෙනවා. ඔවුන් තම ගෙවල් දොරවල් අතහැර යන නමුත් ඔබලා මුලු ලෝකයම අතහරිනවා. ඔබලා දැන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවනුයි. මෙය කුඩා අලුත් ගසක්. ඔබලා පැරණී බවින් අලුත් වෙන බව දන්නවා. පැළය පැළ වෙලා. අපි ඇත්තෙන්ම පිණුම් ගැසීමක් කරනවා. අප බ්‍රහමිණ්වරුන් පසුව දේවතාවරුන් වෙනවා. ඔබ අනිවාර්යෙන්ම "සෝ" (වීමට සිටින) යන වචනය භාවිත කළ යුතුයි "හම්" (අපි) කියා පමණක් නොව. අපි ශුද්‍රයින්ව සිටියා (හම් සෝ), දැන් බ්‍රහමිණ්වරුන් වෙලා. මෙම පිණුම් ගැසීම ඔබ අමතක නොකළ යුතුයි. මෙය ඉතාමත් පහසුයි. කුඩා දරුවන්ට පවා අපි උපත් 84ක් ගන්නේ කෙසේද යන්න පැහැදිලි කළ හැකියි. ඉණීමඟේ පහළට එන්නේ කෙසේද, නැවතත් බ්‍රහමිණ්වරුන් වී ඉහළ යන්නේ කෙසේද... අපි බ්‍රහමිණ් තත්ත්වයෙන් දේවතා වෙනවා. බ්‍රහමිණ්වරුන් දැන් මහා සම්පතක් ලබනවා. ඔවුන් තම ඒප්‍රන පුරවා ගන්නවා. ශංකර්ට ඥාන සාගරය කියන්නේ නැහැ. ඔහු කිසිවෙකුගේ ඒප්‍රන පුරවන්නේ නැහැ. චිත්‍ර ශිල්පීන් නිකම් එවන් පින්තූර ඇඳ තිබෙනවා. එය ශංකර්ට අදාල නැහැ. විශ්ණු හා බ්‍රහ්මා අයිති මෙහාටයි. ලක්ෂ්මි නාරායනව යුවළක් වශයෙන් ඉහළින්ම පෙන්වා තිබෙනවා. මේ බ්‍රහ්මාගේ අවසන් උපතයි. මුලදී ඔහු විශ්ණුයි, පසුව උපත් 84ක් ගෙන බ්‍රහ්මා වුණා. මා ඔහුව බ්‍රහ්මා කියා නම් කළා. ඔවුන් අත්හැරීමක් කළ නිසා මා සෑම කෙනෙකුගේම නම් වෙනස් කළා. ඔබලා ශුද්‍රයින්ගෙන් බ්‍රහමිණ් වුණා, නම් වෙනස් වුණා. පරමාත්ම පියා හරිම ලස්සන නම් දුන්නා. රුක් අධිපති මෙම රථයේ අසුන්ගෙන ඉන්නා බව ඔබලාට දැන් වැටහෙනවා. මේ ඔහුගේ අමරණීය සිහසුනයි. ඒ වගේම මොහුගේත් අමරණීය සිහසුනයි. ඔහු මෙම සිහසුන ණයට ගන්නවා. ඔහුට ඔහුගේම සිහසුන ලැබෙන්නේ නැහැ. ඔහු කියනවා : මම මෙම රථයට ඇතුල් වී මගේ හැඳින්වීම දෙනවා. මා ඔබගේ පරමාත්ම පියායි. නමුත් මා ඔබ මෙන් ඉපදීම හා නැවත ඉපදීමට ලක් වන්නේ නැහැ. මමත් මෙම චක්‍රයට පැමිණීයා නම් තමෝප්‍රධාන් ඔබලාව සස්තෝප්‍රධාන් කරවන්නේ කවුද? ඔබව වෙනස් කරවන කෙනෙක් අවශ්‍යයි. මෙන්න මේ නිසා තමයි මගේ චරිත කොටස එය වී තිබෙන්නේ. ඔබලා මට කන්නලව් කළා: අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! ජීවාත්ම, අශාරීරික ශිව බාබාට කන්නලව් කරනවා. මන්ද, ජීවාත්ම සිටින්නේ දුකින්. භාරතයේ ජීවාත්ම විශේෂයෙන්ම මට කන්නලව් කරනවා: පැමිණ අපිරිසිඳු අපව පිරිසිඳු කරන්න. ස්වර්ණමය යුගයේ දී ඔබලා ඉතාමත් පාරිශුද්ධයි, සතුටින් සිටියා. කිසිම විටෙක කන්නලව් කිරීමක් කළේ නැහැ. පරමාත්ම පියාම කියන්නේ: මා ඔබව සතුටු කරවා මගේ විශ්‍රාම කාලයට ගොස් සිටිනවා. එහාට (ස්වර්ණ යුගයට) මගේ අවශ්‍යතාවයක් නැහැ. භක්ති මාර්ගයේ මගේ භූමිකාව ඇරඹි පසුව කල්ප බාගයකටම කිසිවක් මට නැහැ. මෙය ඉතාමත් පහසුයි. කිසිම කෙනෙකුට මෙය ප්‍රශ්න කළ නොහැකියි. දුකින් සිටින මොහොතක සෑම කෙනෙක්ම දෙවියන් සිහි කරනවා. ස්වර්ණ හා රිදී යුග වලදී භක්ති මඟක් නැහැ. ඒ කාලය ඥාන මාර්ගය කියා කියන්නේත් නැහැ. ඔබ ඥානය ලබන්නේ සංගම යුගයේදීයි. උපත් 21කට ඔබ ප්‍රතිලාභ ලබන්නේ එමඟිනුයි. අංකානුරූපීව ඔබ සමත් වෙනවා. ඇතැම් අය අසමත් වෙනවා. ඔබගේ සටන දැන් කෙරී ගෙන යනවා. පරමාත්ම පියා ඇතුලු වන රථය (බ්‍රහ්මා) අනිවාර්යෙන්ම ජය ලබනා බව ඔබලා දන්නවා, එමෙන්ම කුමාර්කා හා ඇය වැනි අනිත් අයත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරාවි. ඔවුන් තවත් බොහෝ දෙනෙක්ව තමා හා සම කරවනවා. ඉතින්, මෙය පිණුම් ගැසීමක් බව ඔය දරුවන් සිහියේ තබා ගත යුතුයි. කුඩා දරුවන්ට පවා මෙය තේරුම් ගත හැකියි. ඒ නිසා තමයි බාබා කියන්නේ : මෙය දරුවන්ටත් කියා දෙන්න. පරමාත්ම පියාගෙන් උරුමය දිනා ගැනීමට ඔවුන්ටත් අයිතියක් තිබෙනවා. මෙය ඔවුන්ට වැඩි නැහැ. පොඩි හෝ ඥානයක් ඔවුනුත් දැනගත හොත් එය කවදාවත් විනාශ වන්නේ නැහැ; ඔවුන් අනිවාර්යෙන්ම දෙව්ලොවට යාවි. ක්‍රිස්තුන් විසින් ස්ථාපනය කළ ක්‍රිස්තියානි දහම ඉතාමත් විශාල ආගමක්. දේවතා ධර්මයත් විශාල ධර්මයක් එය ආරම්භයේ සිටම පැවත එන්නක්. එය යුග දෙකක් පුරාවට පවතිනවා, ඉතින් එමනිසා, එහි ජනගහනයත් ඒ වගේම විශාල විය යුතුයි. නමුත් ඔවුන් තමන්ව හින්දුවරුන් ලෙසින් නම් කර ගත්තා. දේවතාවරුන් තිස්තුන් කෝටියක් සිටිනා බව කියන ඔවුන්. ඇයි තමන්ව හින්දුවරුන් ලෙස හඳුන්වා ගන්නේ? මායා ඔවුන්ගේ සිහි බුද්ධිය සම්පූර්ණයෙන්ම මරා දමලා ඒ නිසා තමයි ඔවුන් මෙවන් තත්ත්වයකට පත්ව සිටින්නේ. පරමාත්ම පියා කියනවා : මායා දමනය කිරීම එතරම් අපහසු නැහැ. ඔබ සෑම කල්පයකදීම මායා ජය ගත්තා. ඔබලා හමුදාවක්. පස් පව්, රාවනගෙන් ජය ගැනීමට ඔබව දිරිමත් කරවන පරමාත්ම පියාව ඔබ දැන් සොයාගෙන සිටිනවා. ඔබලා දැන් සිටින්නේ ගුරු දසාවේයි. භාරතය ග්‍රහයින්ට හසු වෙනවා. දැන් ඇත්තේ රාහු දසාවයි. රුක් අධිපති පරමාත්ම පියා, පැමිණ සිටිනා නිසා දැන් භාරතය පුරා ඇත්තේ ගුරු දසාවයි. සියල්ල මේ මත රඳා පවතිනවා. ලෙඩරෝග වලින් තොර වුණු ශරීර තමන් ලබනා බව ඔය දරුවන් දන්නවා. එහි මරණයක් ගැන සඳහනක් නැහැ; එය අමරණීය දේශයයි. අහවල් අහවල් කෙනා මිය ගියා කියා එහිදී ඔබ කියන්නේ නැහැ. මරණයක් ගැන එහිදී සඳහනක් නැහැ. එක ශරීරයක් අතහැර තවෙකක් ගන්නවා. ශරීරයක් ගැනීමේදීත් ශරීරයක් අතහැර යාමේදීත් ඇත්තේ සතුටයි. දුකක් ගැන සඳහනක් නැහැ. දැන් ඔබ මත ඇත්තේ ගුරු දසාවයි. සෑම කෙනෙක් මතම එය වැටෙන්නේත් නැහැ. පාසලකදී ඇතැම් අය සමත් වෙන අතර තවත් පිරිසක් අසමත් වෙනවා. මෙයත් පාසලක්. තමන් රාජයෝග ඉගෙන ගන්නවායි කියා ඔබලා කියනවා. ඉතින් ඔබලාට උගන්වන්නේ කවුද? අසීමිත පරමාත්ම පියා. එමනිසා, ඔබ තුළ විශාල සතුටක් තිබීය යුතුයි. මෙහි වෙන කිසිම දෙයක් නැහැ. ප්‍රධානම දේ පාරිශුද්ධත්වයයි. අහෝ දරුව, ඔබගේ කයත් අන් සියලු කායික සබඳතාත් අතහැර දමා නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. මේවා ගීතාවේ සඳහන් වැකියි. ගීතාවේ කතාව දැන් දිගහැරෙනවා. ඒකත් මිනිස්සු පටලවලා. ඒක හරියට පිටි ගෝනියක ඇති ලුණු ඇබීත්තක් වගේයි. කුඩා දරුවෙකුට වුවත් අවබෝධ කර ගත හැකි ආකාරයේ ඉතාමත් සරළ දෙයක් ඒක, ඇයි ඒත් ඒක අමතක කරන්නේ? භක්ති මාර්ගයේ දීත්, ඔබ කිව්වේ: බාබා, ඔබ පැමිණි විට, මම වෙන කාටවත් නොවෙයි ඔබම සරණ යමි කියලයි. මා ඔබට අයිති වෙමි, ඔබගෙන් මුලු උරුමයම දිනා ගනිමි. උරුමය දිනා ගැනීම සඳහා ඔබ ඔහුට අයිති විය. ඔබව හදා ගැනීමට ගත් විට, ඒ පරමාත්ම පියාගෙන් ලැබෙන්නේ මොනවාදැයි කියා ඔබලා දන්නවා. ඔබලාත් හදාගැනීමට ගත් අයයි. පරමාත්ම පියාගෙන් තමත් අසීමිත උරුමය ලෝක ආධිපත්‍යය දිනා ගන්නා බව ඔබලා දන්නවා. වෙන කිසිම දෙයකට ඔබ තුළ බැඳීමක් නැහැ. උදාහරණයක් ලෙසින් කියතොත්, කෙනෙකුට ලෞකික පියෙක් සිටියත් ඔහුට මොනවාද ලැබෙන්නේ? ලක්ෂයක්, ලක්ෂ එකහාමාරක් ලැබේවි. මේ අසීමිත පියා ඔබට අසීමිත උරුමයක් දෙනවා. කල්ප බාගයක් පුරාවට ඔය දරුවන් බොරු කතාන්දර අස අසා සිටියා. දැන් පරමාත්ම පියාගෙන් ඔබ සත්‍යම කතාව අසා දැන ගන්නවා. එමනිසා, එවන් පියෙක්ව සිහි කළ යුතුයි. අවධානයෙන් ඔහුට ඇහුම්කන් දෙන්න. "හම් සෝ" (මා සිටියේ කෙසේද එය වෙමි) යන්නත් පහදා දිය යුතුයි. සෑම ජීවාත්මයක්ම පරමාත්ම ජීවයක් කියා කියනවා. උපත් 84 කතාව කිසිම කෙනෙකුට කිව නොහැකියි. පරමාත්ම පියා බල්ලන් බළලුන් තුළත් සිටිනවා කියා මිනිස්සු කියා තිබෙනවා; ඔවුන් පරමාත්ම පියාව අපහාසයට ලක් කරනවා. මේකත් නාටකයේ නියමිත දෙයක්. බාබා කිසිම කෙනෙකුට දොස් කියන්නේ නැහැ. නාටකය නිර්මාණය වී ඇත්තේ එලෙසිනුයි. ඥානය මඟින් ඔබලාව දේවතාවරුන් කරවන කෙනාට ඔබ අපහාස කිරීමට පටන් ගෙන. මේ ආකාරයෙන් ඔබ පිණුම් ගසනවා. මේ නාටකය කල්තබාම තීරණය වූවක්. මම නැවත වරක් පැමිණ ඔබලාව අභිවෘද්ධියට ගෙන එනවා. එය ඔබගේ වරදක් නොවන බව මම දන්නවා. මෙය නාටකයක්. ඒ කතාව මා ඔබට කියා දෙනවා. ඔබලාව දේවතාවරුන් කරවන සැබෑ කතාව මෙයයි. පසුව භක්ති මාර්ගයේ දී ඔවුන් නොයෙකුත් කතාන්දර සාදා තිබෙනවා. ඒවායේ කිසිදු අරමුණක් හෝ ඉලක්කයක් නැහැ. ඒ සියල්ල පරිහාණීයටයි. ඒ පාසල් වලදී ඔබට අධ්‍යාපනයක් ලැබෙනවා, එහිදී තම ශාරීරික ජීවිකාව සඳහා ඔබලාට කිසියම් අරමුණක් තිබෙනවා. බමුණු පණ්ඩිතයින් තම බඩවියත සඳහා කතාන්දර ගොත ගොතා කියනවා. මිනිස්සුත් ඔවුන් ඉදිරියේ සල්ලි විසි කරනවා. නමුත් කිසිදු ලැබීමක් නැහැ. ඔබලාට දැන් ලැබෙන්නේ ඥාන මිණීමුතුයි. එමඟින් ඔබ ලෝක පාලකවරුන් වෙනවා. එහිදී ඔබට සියල්ල අලුතින්ම ලැබෙනවා. නව ලෝකයේ දී සෑම දෙයක්ම අලුත්. මුතු මැණික් දියමන්ති සියල්ල අලුත්. පරමාත්ම පියා දැන් කියන්නේ : අන් සියල්ල අමතක කර පිණුම මතක් කර ගන්න. සන්නාසීන් වන්දනා ගමන් යන විට බිම පෙරළි පෙරළී යනවා. ඇතැම් අය පයින්මත් යනවා. දැන් නම් මෝටර් කාර්, ගුවන් යානාත් තිබෙනවා. දුප්පත් අයට එසේ යා නොහැකියි. දැඩි ශ්‍රද්ධා භක්තිය ඇත්තන් පයින්ම යනවා. දවසින් දවස දියුණු තාක්ෂණයෙන් ඔබලා වඩාත් හොඳ පහසුකම් ලබනවා. එය තාවකාලික සතුටයි. ගුවන්යානාවක් කඩාවැටණහොත් මහත් ආපදා සිදු වෙනවා. ඒවායේ ඇත්තේ තාවකාලික සතුටකුයි, අවසානයේ දී ඉතිරි වන්නේ මරණය පමණයි. ඒ විද්‍යාවයි. නමුත් ඔබට ඇත්තේ නිහඬතාවයයි. පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබගේ සෑම ලෙඩරෝගයක්ම සුව වී ඔබ නිරෝගී වෙනවා. ස්වර්ණමය යුගයේ දී ඔබලා සදා නිරෝගීව සිටි බව දන්නවා. උපත් 84හි මෙම චක්‍රය දිගටම කැරකෙනවා. පරමාත්ම පියා එක වරක් පැමිණ ඔබට පහදා දෙනවා : ඔබ මට අපහාස කළා. ඔබ ඔබටම කම්මුල් පහර දී ගත්තා. මට අපහාස කිරීමෙන් ඔබලා ශුද්‍ර බුද්ධි ඇති අය බවට පත් වුණා. සීබ් ජාතිකයින් කියන්නේ: සමිඳුන් මෙනෙහි කරන්න, සතුට ලැබේවි. එනම්. "මන්මනභව" වීමයි. වචන දෙකයි තිබෙන්නේ. නමුත් ඔබ ඒ ගැන ඔළුව ගසාගන්න අවශ්‍ය නැහැ. පරමාත්ම පියා පැමිණ මෙය පහදා දෙනවා. පරමාත්ම දෙවියන් සිහි කිරීමෙන් උපත් 21කට සතුට හිමි වන බව දැන් ඔබ තේරුම් ගෙන තිබෙනවා. ඔහු එයටත් ඔබට මඟ පෙන්වා දෙනවා. මිනිස්සු නිවැරදි මාවත දන්නේ නැහැ. සෑම මොහොතකදීම මා සිහි කර සතුට ලබන්න. ස්වර්ණමය යුගයේ ලෙඩක් දුකක් කියා කිසිම දෙයක් ගැන කිසිම සඳහනක් නැති බව ඔය දරුවන් දන්නවා. මෙය පොදු දෙයක්. එය හඳුන්වන්නේ ස්වර්ණමය යුගය කියලයි. මෙය හඳුන්වන්නේ කලි යුගය කියලයි. ලෝක චක්‍රය දිගටම කැරකෙනවා. පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි. ඒක පිණුමක්. ඔබලා දැන් බ්‍රහමිණ්වරුන් වන අතර පසුව දේවතාවරුන් වෙනවා. ඔබ මේවා අමතක කරනවා. පිණුම මතක් කළ විට මේ මුළු ඥානයම සිහි වේවි. රාත්‍රියේ නින්දට යාමට පෙර මේ ආකාරයෙන් පරමාත්ම පියාව සිහි කළ යුතුයි. ඒත් ඔබ; බාබා මට ඔබව අමතක වෙනවා කියා කියනවා. මායා නිතර නිතරම ඔබට අමතක කරවනවා. මේ ඔබ මායා සමඟ කරන සටනයි. පසුව ඔබ කල්ප බාගයක් පුරාවට ඇයව පාලනය කරනවා. පරමාත්ම පියා ඔබට පහසු දේවල් කියා දෙනවා. පහසු ඥානය, පහසු ස්මරණය කියන්නේ මෙයටයි. සරළවම පියාව සිහි කරන්න! වෙන කිනම් අපහසුවක් ද ඔහු ඔබට දෙන්නේ? භක්ති මාර්ගයේ දී ඔබ බොහෝ අපහසුතාවන්ට ලක් වුණා. දර්ශනයක් ලැබීමට මිනිස්සු තමන්ගේ උගුරු දණ්ඩ වුවත් බිලි දෙන්න සූදානමිනුයි සිටියේ. ඔවුන් කාෂි ළිඳට තමන්ව බිලි දුන්නා. ඔව්, ඒ ශ්‍රද්ධා භක්තියෙන් ඒ දේ කළ අය තමන්ගේ පාප කමා කර ගන්න ඇති. පසුව ඔවුන්ගේ කර්ම ගිණුම් අලුතින් ඇරඹෙනවා වුවත් ඔවුන් මා ලඟට එන්නේ නැහැ. පව් කමා කෙරෙන්නේ මා සිහි කිරීමෙන් පමණයි, දිවිනසා ගත් පළියට නොවෙයි. ඒ කිසිම කෙනෙක් මා ලඟට එන්නේ නැහැ. මෙය ඉතාමත් සරළයි! මහළු අයත් තරුණ අයත් සෑම කෙනෙක්ම මෙම පිණුම සිහි තබා ගත යුතුයි. අච්චා.

සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාදාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සතුටේ, සාමයේ හා සෞභාග්‍යයේ උරුමය රුක් අධිපති පරමාත්ම පියාගෙන් ලැබීමට නම්, තමන් ජීවාත්මයක්, අමරණීය රූපයක් කියා සලකා පරමාත්ම පියාව සිහි කරන්න. ඔබගේ බුද්ධිය දිව්‍යමය කරගන්න.

2. පරමාත්ම පියාගෙන් සත්‍ය කතාන්දරය අසාගෙන අන් අයටත් කියා දෙන්න. මායා දමනය කළ අයෙක් වීමට නම්, අන් අයවත් ඔබ හා සම කරවීමේ සේවය කරන්න. තමන් සෑම කල්පයකදීම ජයග්‍රාහීව සිටියා, පරමාත්ම පියාත් ඔබ සමඟමයි යන්න සිහියේ තබා ගන්න.

වරදානය:
දුර්වල බවින් ශක්තිමත් වීමෙන් ඔබ කිසිසේත් කළ නොහැකි දේ, කළ හැකි බවට පත් කරන එඩිතර ජීවාත්මයක් වේවා.

“දරුවාට එඩිතරකම තිබෙන විට, පියා උපකාර කරයි” යන ආශිර්වාදයේ පදනමට අනුව ඔබ ප්‍රථමයෙන් අනිවාර්යෙන් පිවිතුරු වන බවට අධිෂ්ඨානය ඇති කරගත්තා. පියා ඔබට කෝටි ගුණයක උපකාර ලබා දුන්නා. ඔහු පැවසුවේ: ඔය ජීවාත්ම සදාතනිකව සහ ආදිතම වශයෙන් පාරිශුද්ධයි, ඔබ බොහෝ වාර ගණනාවක් එය වී ඇති අතර ඔබ අඛණ්ඩව එය වෙයි. “පෙර බොහෝ වාර ගණනාවක්” යන අවධානය ඇති කර ගැනීමෙන් ඔබ බලවත් වී ඇත. දුර්වලව සිට ඔබ කෙතරම් ශක්තිමත් වී තිබේද යත්, ඍෂිවරු, මුණිවරු සහ ශ්‍රේෂ්ඨ ජීවාත්ම, නිවසක රැදි සිටිමින් පිවිතුරුව සිටීම අපහසු බව සලකන නමුත් ඔබ අනිවාර්යෙන් ලෝකය පිවිතුරු කර මෙය සියලු දෙනාට ප්‍රායෝගිකව පෙන්වන බව ඔබ මිනිසුන්ට අභියෝග කරයි. ඔබ පවසන්නේ එය උපරිම ලෙස පහසු බවයි.

පාඨය:
භාරයක් වීම යනු අධිෂ්ඨානය තිබීමයි. සැබෑ බැතිමතුන් කිසි විටෙක ඔවුන්ගේ භාරය කඩන්නේ නැත.