25.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ මෙහි පැමිණ සිටින්නේ, ඔබගේ සිරුර ඇතුළුව, මුළු ලෝකයේම සිරුරු, කල්ප
වෘක‍්ෂය මෙන් සදාකාලික කිරීමටයි. ඔබගේ සිරුරු සදාකල් වන්නේ (‘සිරුර සදාකල් වීමෙ‘හි
අරුත වන්නේ, දීර්ඝායුෂ තිබීමය) , සිහිපත් කිරීම තිබීමෙන් පමණයි.
ප්‍රශ්නය:
අපායේ
වැසියන්ගෙන් දෙව්ලොව වැසියන් වීමට ඇති මාර්ගය කුමක්ද? ඔය දරුවන්ට දැන් ජීවිත දානය
ලැබෙන්නේ කෙසේද?
පිළිතුර:
අපායේ වැසියෙකුගෙන් දෙව්ලොව වැසියෙක් වීමට ඔබ නිසැකයෙන්ම මිය යා යුතුයි. බාබා
පවසන්නේ: මා පැමිණ ඇත්තේ, ඔබ සියලු දෙනාටම මරණය ගෙන ඒමටයි. මා සියලුම සිරුරු අවසන්
කර, සියලුම ජීවාත්ම, මා සමඟ ආපසු රැගෙන යන්නෙමි. සැබෑ ජීවිත දානය මෙයයි. සියලු
දෙනාම විනාශ වන මහා භාරත යුද්ධය තිබෙන්නේ, මේ සඳහාය. ජීවාත්ම පිවිතුරු වී, ආපසු
නිවසට ගොස් ඉන්පසුව දිව්‍යලෝකයට යයි.
ගීතය:
මව්නි, අහෝ
මව්නි, ලෝකයට භාග්‍යය පිරිනමන්නා ඔබයි!
ඕම් ශාන්ති.
සුමිහිරි,
ආධ්‍යාත්මික දරුවන් ගීතයේ පද වැලකට සවන් දුන්නා. ඔබ ජගදම්බා (ලෝක මාතාව) ගේ
වර්ණනාවට සවන් දුන්නා. ජගදම්බාව සිහිපත් කරන්නේ මෙහි භාරතයේ පමණයි. ජගදම්බා සිටින
බැවින් නිසැකයෙන්ම ජගත් පිතාද (ලෝක පියා) සිටිය යුතුයි. සරස්වතීට ජගදම්බා යැයි
කියයි. ඇත්ත වශයෙන්ම ඇයට තිබිය යුත්තේ එක් නමක් පමණයි. ඔබටද තිබෙන්නේ එක් නමකි ඔබට
නම් දෙකක් හෝ තුනක් නැහැ. ඔවුන් ජගදම්බාව පෙන්වන්නේ, භෞතික ස්වරූපයේ සිටින ශාරීරික
ජීවයක් ලෙසිනි. ප්‍රජාපිතා (ප්‍රජාවගේ පියා) ලෙස හැඳින්වෙන, ජගත්පිතා ද සිටියි.
මුළු ලොවෙහිම මාතාව සිටින ආකාරයෙන්ම, මුළු ලොවෙහිම පියාද සිටියි. සැබවින්ම ඔවුන්
දෙදෙනාම පැවතිය යුත්තේ මෙහිය. ඔවුන් දෙදෙනාගේම නම් ඔබට කියා තිබේ. ඔවුන් ජනතාවගේ මව
සහ පියාය. අනෙක් ලෝක පියා වන්නේ, සියල්ලන්ගේම පියා වන අශාරීරික ශිව බාබාය. ඔහුගේ
නාමය වන්නේ, පරම පියා, පරමාත්ම ජීවය, ශිවාය. ඔබ නිකම්ම දෙවියන් හෝ පරම පියා යැයි
නොකිව යුතුයි. ඔහුට නමක් සහ ස්වරූපයක් තිබේ. ඔහුට දෙවි පියාණන් යැයි කියයි.
එක්කෙනෙක්, ජීවාත්මයන්ගේ පියා වන අතර අනෙකා, ශාරීරික මානවයන්ගේ පියාය. ඉන්පසුව තවද
මම්මාද සිටියි. ශිවා, ජීවාත්මයන්ගේ පියාය. ජීවාත්ම පවසන්නේ, ඔහු, ඔවුන්ගේ පියා
බවයි. මෙම ජීවාත්මයට, මෙම සිරුර ලැබෙයි, එබැවින් ඔවුන් බ්‍රහ්ම බාබා යැයි කියයි.
එබැවින් පියවරුන් දෙදෙනෙක් සිටියි. එක්කෙනෙක් ශිව බාබා වන අතර අනෙකා ප්‍රජාපිතා
බ්‍රහ්මයි. බ්‍රහ්ම, ශිව බාබාගේ දරුවාය. එක්කෙනෙක් අශාරීරික පියා වන අතර අනෙකා
ශාරීරික පියාය. අශාරීරික පියාට පාරිශුද්ධකරු යැයි කියයි. බ්‍රහ්මට හෝ සරස්වතීට
පාරිශුද්ධකරු යැයි කිව නොහැක. ඔවුන් දෙදෙනෙක් සිටියි. පාරිශුද්ධකරු වන්නේ එක්කෙනෙක්
පමණයි. සෑම කෙනෙක්ම කන්නලව් කරන්නේ අහෝ, පාරිශුද්ධකරු වඩිනු මැනව! එබැවින් ඔබට
පියවරුන් දෙදෙනෙක් සිටියි. ශිව බාබා, නිර්මාණකරුයි. ඔහු නව ලෝකය නිර්මාණය කරයි.
එබැවින් ඔහු පළමුවෙන්, අනිවාර්යෙන් බ්‍රහ්මව නිර්මාණය කළ යුතු වනවා. විෂ්ණු හෝ
ශංකර්ට ප්‍රජාපිතා යැයි කිසිම විටෙක කිව නොහැක. ප්‍රජාපිතා යැයි කියන්නේ, බ්‍රහ්මට
පමණයි. ශිව බාබා ඔබව දරුකමට හදාගන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මගේ මාර්ගයෙනි. ඔබ පවසන්නේ
අපි ශිව බාබාගේ දරුවන්ය. ශිව බාබා මෙම කෙනා තුළට ඇතුළු වී, අපව දරුකමට හදාගෙන. ඔහු
ජීවාත්ම පිවිතුරු කරයි. අපවිත්‍ර වී ඇත්තේ ජීවාත්මයි. මේ නිසා ඔබට අපවිත්‍ර සිරුරු
ලැබෙයි. රත්තරං වලට රිදී, තඹ සහ යකඩ මිශ්‍ර කරන ආකාරයෙන් ජීවාත්ම තුළට වෙනත් ලෝහ
මිශ්‍ර වෙයි. මුලින්ම, ජීවාත්ම පිවිතුරු වන අතර, ශිව බාබාද වාසය කරන, මුක්ති දේශයේ
වාසය කරන්නන්ය. මෙහි, ශිව බාබා සහ ප්‍රජාපිතා බ්‍රහ්ම සිටියි. එක්කෙනෙකුට බාප්
කියාද අනෙකාට දාදා යැයිද කියයි. සියලුම මානවයන්, ශිවාගේ දරුවන් බව ඔබ දන්නවා.
ශිවාගේ පෙළපතේ අය, පසුව බ්‍රහ්ම කුමර කුමරියන් බවට පත් වෙයි. ශිව බාබා සහ දාදා
සිටින්නේ ඒකාබද්ධවයි. ශිව බාබා, මෙම කෙනා තුළ පෙනී සිටිනවා. ඔහු මනුෂ්‍යයන්ව,
දේවතාවන් බවට පරිවර්ථනය කිරීම උදෙසා, අපව බ්‍රහ්මණයන් බවට පත් කර, අපට රාජ යෝගාව
උගන්වයි. දේවතාවන් වාසය කරන්නේ ස්වර්ණමය යුගයේය. දේවතාවන්ට පාරිශුද්ධකරුවන්, දැනුමේ
මහා සාගර යැයි කිව නොහැක. ඔවුන්ට බාබා කියාවත් ඇමතිය නොහැක. ඔබ දැන් විෂ්ණු දේශයේ
අධිපතියන් බවට පත් වෙමින් සිටිනවා. විෂ්ණුගේ වේශ දෙක වන්නේ ලක‍්ෂ්මි සහ නාරායනය.
මිනිසුන් මෙය නොදනී. භක්තියේ යෙදෙන අයට නිසැකයෙන්ම පියවරුන් දෙදෙනෙක් සිටියි.
ස්වර්ණමය යුගයේ ඔබට සිටින්නේ එක් පියෙක් පමණයි. එහිදී ඔබ මෙසේ නොකියයි අහෝ පරම
පියා, පරමාත්ම ජීවය, දුක නැති කර සතුට පිරිනමන්නා, වඩිනු මැනවි! එහි එය දේවතාවන්ගේ
රාජධානියයි. ඔවුන් කිසිම විටෙක මෙසේ නොකියයි ’අහෝ දෙවි පියාණෙනි, මුක්ති
දායකයාණෙනි!‘ එහි පියාට අඬ ගැසීමට, කිසිම කෙනෙක් අපවිත්‍ර හෝ දුකින් නොමැත. වසර
5000කට පෙර, භාරතයේ දේවතාවන්ගේ රාජධානිය තිබුණු බව, ඔබ දන්නවා. පසුව, එයට වසර
1250කට පසුව, රාමා සහ සීතාගේ රාජධානිය පැවතීය. මේ සෑම දෙයක්ම පියා ඔබට ඉතා
පැහැදිලිව විස්තර කර දෙයි. ඔබ ස්වර්ණමය සහ රිදී යුගයන්හිදි උපත් 21ක් ගත්තා.
බ්‍රහ්මණයන්, දේවතාවන්, ක‍්ෂත්‍රීයයන් ආදීන් සිටින්නේ භාරතයේය. පියා පැමිණ, පැරණි
ලෝකය අළුත් කරවයි ඔහු එයට නව පණක් ලබා දෙයි. ඔහු ඔබගේ සිරුරු සදාතනික කරවයි ඔහු ඔබව
අමරණීය කරවයි. පරම පියා පැමිණ, ඔය දරුවන්ව අමරණීය දේශයේ අධිපතියන් බවට පත් කරවයි.
භාරතය, අමරණීය දේශය වූ කල, එය දේවතාවන්ගේ රාජධානිය විය. ඉනිමග දිගේ පහළට විත්, ඔබ
දැන් මරණීය දේශයේ අධිපතියන් වී ඇත. ඔවුන් පවසන්නේ ’අපගේ භාරතය‘. එබැවින් ජනතාවද
අධිපතියන්ය. අපි භාරතයේ අධිපතියන්ව සිටියා, නමුත් අපි දැන් අපායේ වැසියන් වී ඇත.
ඔවුන් දිව්‍ය ලෝකයේ වැසියන් බව, දේවතාවන් කියනු ඇත. ඔබත් දිව්‍ය ලෝකයේ වැසියන්ව
සිටියා. පසුව, උපත් 84ක් ගැනීමෙන් අනතුරුව, ඔබ අපායේ වැසියන් බවට පත් වී ඇත. ශිව
බාබා උපත ලබන්නේ මෙහි, භාරතයේය. ශිවාගේ රාත්‍රිය සහ ශිවාගේ ජන්ම දිනය සිහි කෙරෙයි.
ඔවුන් ක්‍රිෂ්ණාගේ ජන්ම දිනය සමරති. එය සිදු වූ වෙලාව පවා ඔවුන් පෙන්වයි. ඔහු අහවල්
වෙලාවේ, ඔහුගේ මවගේ කුසින් උපත ලැබූ බව ඔවුන් පවසයි. ඔහු නියත වශයෙන්ම ඔහුගේ මවගේ
කුසින් උපත ලබන්නට ඇත්තේ ස්වර්ණමය යුගයෙදීය. ක්‍රිෂ්ණාගේ උපත සිදුවූයේ ස්වර්ණමය
යුගයේ, නව ලෝකයේය. ඉන්පසුව ඔහු පුනරුත්පත්ති ගැනීම ඇරඹීය. බාබා ඔබට එක් පුද්ගලයෙක්
පමණක් ගැන නොකියයි. ක්‍රිෂ්ණාගේ දේශය, විෂ්ණුගේ දේශයයි. රජවරු පහළට බසින විට, මුළු
රජ පෙළපතම පහළ බසි. රජු, රැජින සහ පුරවැසියන් යන සියල්ල එහි ඇතුලත්ය. එය චන්ද්‍ර රජ
පෙළපත් රාජධානිය වන විට, සූර්ය රජ පෙළපත් රාජධානිය ඒ වන විටත් ගෙවී ගොසින්ය. එය
චන්ද්‍ර රජ පෙළපතට මාරු වෙයි. ඉන්පසුව වෛශ්‍ය පෙළපත එය ලබාගනී. ඔබ මුදුන් ගැටය,
බ්‍රහ්මණ වංශය බවත්, මුදුන් ගැටයට ඉහළින් පියා සිටින බවත්, ඔබට දැන් වැටහෙයි.
ආරම්භයේදී අපි බ්‍රහ්මණයන් විය, ඉන්පසුව අපි ශුද්‍රයින්, දෙපය, බවට පත් විය.
දෙපයින් අපි මුදුන් ගැටය බවට පත් වන්නෙමු. පළමුව සිටින්නේ ශිව බාබාය, ඉන්පසුව
මුදුන් ගැටයයි. බාබා, අපව, බ්‍රහ්මණයන් බවට පත් කළා. ඔබ දැන් ශිව බාබාට, ’බාබා,
බාබා!‘ යැයි කියයි. මේ අන්දමින් ඔබ මුණුපුරන් සහ මිණිපිරියන්ය. ඔබ සියලු දෙනාම
බ්‍රහ්මණයන්, බ්‍රහ්මගේ දරුවන් බව ඔබ දන්නවා. අපි සියලු දෙනාම එක් පියෙකුගේ
දරුවන්ය. සහෝදර සහෝදරියන්ට එකිනෙකාට සාපරාදි ලෙස පහර දිය නොහැක. බොහෝ දරුවන් සිටින
අතර, ඔවුන් සෑම කෙනෙක්ම ’බාබා‘ යැයි කියයි, එබැවින් ඔවුන් සෑම කෙනෙකුටම වැරදෙන්නට
නුපුළුවන. සෑම කෙනෙකුගේම බාපු (පියා) වන්නේ අශාරීරික ශිවා සහ ශාරීරික ප්‍රජාපිතා
බ්‍රහ්ම පමණයි එපමණයි! එක් පියාගේ දරුවන් සහෝදර සහෝදරියන්ය. ඔබ නියත වශයෙන්ම
පිවිතුරු විය යුතුයි. සැමියා සහ භාර්යාව පිවිතුරු වන්නේ කෙසේද? මෙම ක්‍රම වේදය
නාටකයේ නියම වී තිබෙන්නේ මේ නිසාය. මෙහි සිටින්නේ බ්‍රහ්ම කුමර කුමරියන් පමණයි.
ශුද්‍ර කුමර කුමරියන් නොමැත. ශුද්‍රයින්, පහත් බුද්ධි ඇති අය, පරමාත්ම පියා නොදන්නා
බැවින්, අපවිත්‍රය. ඔවුන් පවසන්නේ අහෝ දෙවි පියාණෙනි! හොඳයි, ඔබ ඔහුගේ කාර්ය භාරය
දන්නවාද? ඔහුගේ නම, වේශය, ස්ථානය සහ කාලය අපට කියන්න! අපට ඔහුගේ ජීවිත කතාව කියන්න!
ඔවුන් මෙය නොදන්නේ නම්, ඔවුන් අදේවවාදීන්ය. ඔවුන් නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද
හෝ අවසානය නොදනී. එය අපවිත්‍ර ලෝකයයි. ස්වර්ණමය යුගය, පිවිතුරු ලෝකය වන අතර කලි
යුගය, අපවිත්‍ර ලෝකයයි. මෙකල, ඔවුන් මුළුමනින්ම තමෝප්‍රධාන්ය. මෙයට කියන්නේ අපායේ
අන්ත අගාධය කියාය. මෙහිද මට්ටම් තිබේ. අපාය, තඹ යුගයේ ආරම්භ වන අතර, එය එන්න එන්නම
වර්ධනය වෙයි. භක්තිය, මුලදි සතෝප්‍රධාන් වන අතර පසුව එයද සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්ව
තුළින් යයි. මංමාවත් තුනක් හමුවන ස්ථානයේ, බැතිමතුන් තෙල් ආදිය වත්කරමින් (පහන්
වලට) හිස නමා වන්දනා කරන අන්දම ඔබ දැක ඇති. ශිව බාබාට වන්දනා කිරීම සහ ඔ- මං
සන්දියකට වන්දනා කිරීම අතර විශාල වෙනසක් තිබේ! එයට තමෝප්‍රධාන් වන්දනාව යැයි කියයි.
ඔවුන් ජලයට පවා වන්දනා කරයි. ගංඟා නදිය පාරිශුද්ධකරු බව ඔවුන් පවසයි. පාරිශුද්ධකරු
වන්නේ කවුද? ගංඟා නදියේ ජලය, පාරිශුද්ධකරු වන්නේ කෙසේද? එය ජලය පමණයි. පාරිශුද්ධකරු
වන්නේ පරමාත්ම පියාය. ශිවාගේ උපන් දිනය, භාරතයේ සමරන බැවින්, ඔහු නිසැකයෙන්ම
අපවිත්‍ර අයව, පිවිතුරු දේවතාවන් බවට පත් කිරීම සඳහා, භාරතයේ පැමිණෙන්ට ඇති. ඔහු
බ්‍රහ්මගේ සිරුර තුළට ඇතුළු වී, මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පරිවර්ථනය කරයි. ඔබ මෙහි
පැමිණෙන්නේ අපවිත්‍ර බවින් පිවිතුරු වීමටයි. ඔබට අත් දෙකක් ඇති සේම ඔවුන්ටද
තිබෙන්නේ අත් දෙකකි. අත් සතරක් හෝ අටක් ඇති මනුෂ්‍යයන් සිටිය නොහැක. ඔවුන් එම ආභරණ
සහ අත් සතරක ප්‍රතිමා පෙන්වා තිබෙන්නේ, පවුල් මාවත නිරූපණය කිරීමටයි. ලක‍්ෂ්මි සහ
නාරායනගේ දේශයට විෂ්ණු දේශය යැයි කියයි. ’වෛශ්නව‘ යන ව්‍යවහාරය මතු වී තිබෙන්නේ
විෂ්ණු යන නමින්ය. දේවතාවන් වෛශ්නවයන් විය. වල්ලභචාරී වෛශ්නවයන්, නිර්මාංශ ආහාර
ගන්නා අයයි ඔවුන් දුර්ගුණ වලින් තොර නැත. ඔවුන්ට විශාල හවේලි (බොහෝ පවුල්
සාමාජිකයන් ජීවත් වන, මැද මිදුලක් ඇති විශාල මන්දිර) තිබේ. ඔවුන්ට වෛශ්නව යන වචනයේ
අරුත වැටහෙන්නේ නැත. විෂ්ණු දේශයේ ජීවත් වන අයට, වෛශ්නවයන් යැයි කියයි. පාරිශුද්ධ
අයට, වෛශ්නවයන් යැයි කියයි. රාධේ සහ ක්‍රිෂ්ණාට සහ ලක‍්ෂ්මි සහ නාරායනට වෙන් වෙන්
වූ දේවාල තිබේ. ඔවුන් අතර වෙනස කුමක්ද කියා, භාරතයේ ජනතාව නොදනී. ලක‍්ෂ්මි සහ
නාරායන බවට පත් වන්නේ රාධේ සහ ක්‍රිෂ්ණා බව, කිසිවෙකු නොදනී. එකක් ඔවුන්ගේ ළමා
ස්වරූපය වන අතර අනෙක ඔවුන්ගේ වැඩිහිටි ස්වරූපයයි. ලක‍්ෂ්මි සහ නාරායනගේ ළමා කාලයේ
ප්‍රතිමා නැත. ඔවුන් ලක‍්ෂ්මි සහ නාරායනව ස්වර්ණමය යුගයේ මෙන්ම රාධේ සහ ක්‍රිෂ්ණාව,
තඹ යුගයේ පෙන්වා තිබේ. ඔබ දැන් නිර්මාණකරු වන පියාව, සහ නිර්මාණයේ මුල, මැද සහ
අවසානය දන්නවා. බාබා ඔබට ගසෙහි සහ නාටකයේ රහස් කියයි. ඔබ ගස දෙස බලන විට,
ශංකරාචාර්ය පැමිණෙන්නේ කලි යුගයේ බව ඔබට වැටහෙයි. සන්යාසීන්ගේ පෙළපත, ස්වර්ණමය
යුගයේ පැවතිය නොහැක. සෑම කෙනෙක්ම දෙවියන්ගේ දරුවන් නම්, ඔවුන් සෑම කෙනෙක්ම දිව්‍ය
ලෝකයේ වැසියන් විය යුතුයි. කෙසේවෙතත්, සෑම කෙනෙක්ම දිව්‍ය ලෝකයේ නිවැසියෙක් වන්නේ
නැත. එසේ වන්නේ දේවතාවන් පමණයි. ඔබ දැන් බ්‍රහ්මණ පෙළපත වී ඇති අතර ඉන්පසුව ඔබ
දේවතා පෙළපත බවට පත් වෙයි. ඔබ නියත වශයෙන්ම පිවිතුරු විය යුතුයි. තරුණ, මහළු ඔබ
සියලු දෙනාම බ්‍රහ්ම කුමර කුමරියන් බව ඔබ දන්නවා. දෙපිරිසම පවසන්නේ බාබා, අපි ඔබගේ
දරුවන්ය. අපි බ්‍රහ්මණයන්ය. මේ බාප්දාදායි - ආදි දේව් බ්‍රහ්ම සහ ශිව බාබා. ඔබ
බ්‍රහ්ම බාබා සහ ශිව බාබා ඉදිරියේ අසුන් ගෙන සිටින බව ඔබ දන්නවා. පරම පියා පවසන්නේ
මා සිහිපත් කරන්න, එවිට ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වෙයි. අපි ශිව බාබාගෙන් අපගේ
උරුමය හිමි කරගන්නවා. ශිව බාබා අපගේ පියා මෙන්ම පාරිශුද්ධකරුද වනවා. ඔහු අපගේ ගුරුද
වෙයි. මෙය දැන් සංගම යුගයයි. මෙය අපවිත්‍ර බවින් පිවිතුරු වීමට ඇති මේලාවයි
(හමුවීමයි). අපි පිවිතුරු වන්නේ පාරිශුද්ධකරු මගින්ය. සංගම යුගයෙදී ගංඟා සහ මහා
සාගරය අතර සංගමයක් තිබේ. ගංඟා අතර හමුවක් නැත. මෙය දැන් ඥාන මහා සාගරය සහ ඔය
ජීවාත්ම අතර හමුවයි. ඔබ ඥානයේ මහා සයුර වෙතට පැමිණ සිටියි. ඔය ඥාන ගංඟා මතු වී
ඇත්තේ ඥාන මහා සාගරයෙනි. ඔබ සෑම කෙනෙක්ව දැනුමින් නහවා ඔවුන්ව පිවිතුරු කර ඔවුන්ට
යෝගාව උගන්වයි. ඔබ ඔවුන්ට මහා සයුරේ හැඳින්වීම ලබා දී, මෙහි හමුවීමට කැඳවාගෙන
පැමිණෙයි. මෙකල, ඔබ බ්‍රහ්මණයින් වන විට, ඔබට පියවරුන් තිදෙනෙක් සිටියි. ඔබට ඔබගේ
භෞතික පියා, ප්‍රජාපිතා මෙන්ම ශිව බාබාද සිටියි. මෙම කාරණා වටහාගත යුතුයි. ඔය
ජීවාත්ම දැන් පවසන්නේ මගේ වන්නේ ඒකායන ශිව බාබා මිස අන් කිසිවෙකු නොව. ඔබට නෑදෑ
මිතුරන් සිටියදී පවා ඔබ පවසන්නේ, ’මගේ වන්නේ එක් ශිව බාබාය.‘ ඔබ අපවිත්‍ර බවින්
පිවිතුරු වන්නේ ඔහුගේ සිහිපත් කිරීමෙන් පමණයි. ඔහු ඔබගේ පියා, ගුරුවරයා මෙන්ම
සත්ගුරුද බව, ජීවාත්මය දන්නවා. ජීවාත්ම වන අපව ආපසු රැගෙන යාමට පියා පැමිණ ඇත. ඔහු
බ්‍රහ්මගේ සිරුර තුළට ඇතුළු වී අපව පිවිතුරු කරයි. පියා ඔබව ආපසු නිවසට රැගෙන යාමට
පැමිණ ඇත. මා ඔබ සියලු දෙනාට මරණය ගෙන ඒමට පැමිණියා. අපායේ වැසියෙකුගෙන්, දෙව්ලොව
වැසියෙක් වීම සඳහා, ඔබ අනිවාර්යෙන්ම මිය යා යුතුයි. මා එම ශරීර විනාශ කර, ජීවාත්ම
ආපසු නිවසට රැගෙන යන්නෙමි. පරමාත්ම පියා පවසන්නේ මා ඔබට ජීවිත දානය දෙමි. මහා භාරත
යුද්ධය තිබෙන්නේ මෙයටයි. සෑම දෙයක්ම විනාශ වෙයි. මා සෑම කෙනෙක්වම ආපසු නිවසට වෙන
කෙසේ ගෙන යන්නද? මම, ජීවාත්ම පිවිතුරු කර, ඔවුන්ව ආපසු නිවසට රැගෙන යන්නෙමි. එය
සාමයේ දේශයයි. ස්වර්ණමය යුගය පැමිණෙන විට, කලි යුගය නියත වශයෙන්ම විනාශ වෙයි. මේ
සඳහා මහා භාරත යුද්ධය සුප්‍රසිද්ධයි. එය සිදුවන්නේ, ඔබ මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට
පරිවර්ථනය වන සංගම යුගයෙදීය. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඥාන මහා
සාගරයේ ස්නානය කර, ඔබව පිවිතුරු කරගන්න. මිතුරන් සහ නෑදෑයින් සමඟ ජීවත් වන අතර, මෙය
ඔබගේ බුද්ධියේ තබාගන්න: “මගේ වන්නේ එක් ශිව බාබා හැර වෙනත් කෙනෙක් නොවෙයි.”
2. විෂ්ණු දේශයට යාම
සඳහා, සැබෑ වෛශ්නවයන් වන්න, එනම්, පිවිතුරු වන්න. අපායට ජීවමානව මියැදී, ඔබගේ
බුද්ධිය යෝගාවෙන් දිව්‍යලෝකයට සම්බන්ධ කරගන්න.
වරදානය:
ඔබ නිරන්තරව
බාධක වලින් නිදහස් වී, ස්ථාවර හා නියත ස්ථිතියක් තිබීමෙන්, ඒකායන තැනැත්තා කෙරෙහි
සෙනහසින් හා ඒකායන තැනැත්තා කෙරෙහි විශ්වාසය තැබීමෙන් විසඳුම් වල ප්‍රතිමූර්තියක්
වේවා.
ලෝකයේ වෙනත්
පුද්ගලයෙකු හෝ වස්තුවක් ඇති බව ඔබට හැඟෙන්නේ නැති ආකාරයට ඒකායන පියා කෙරෙහි සහ
ඔහුගේ කාර්යය කෙරෙහි නිරන්තරව සෙනහසින් ගිලී සිටින්න. ඒකායන තැනැත්තා කෙරෙහි සෙනහස
ඇති, ඒකායන තැනැත්තා කෙරෙහි විශ්වාසය තබා නියත හා ස්ථාවර අවධියක් ඇති දරුවන්
නිරන්තරව බාධක වලින් නිදහස් වී ඉහළ නැඟීමේ අවධිය අත්විඳිති. ඔවුන් නිදහසට කරුණු
විසඳුම් බවට පරිවර්තනය කරයි. ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් දුර්වල නොවේ,
නමුත් විසඳුම් වල ප්‍රතිමූර්තීන් වේ.
පාඨය:
ප්‍රශංසාව මත
පදනම් වූ සතුට තාවකාලිකයි.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න..
ඔබගේ මනෝ ස්ථිතිය
ගින්නක් මෙන් බලවත් කර ගැනීම සඳහා, ස්මරණයේ ගින්න නිරන්තරව දල්වා තබා ගන්න. මෙය
කිරීමට පහසු ක්‍රමය නම්, නිරන්තරව රථ ධාවකයෙකු සහ නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස තමාව
සැලකීමයි. ඔබ, ජීවාත්මය, ඔබේ රථයේ රථ ධාවක වේ. මෙම අවධානය ඔබව ඔබේ ශරීරයෙන් සහ ඕනෑම
ආකාරයක ශරීර විඥානයෙන් වෙන් කරනු ඇත. ඔබව රථාචාර්යවරයෙකු ලෙස සැලකීමෙන්, ඔබට ඔබේ
සියලු භෞතික ඉන්ද්‍රියන් පාලනය කළ හැකිය. ඔබේ මනස, බුද්ධිය සහ සංස්කාර වල සියුම් බල
පවා පිළිවෙලට පවතිනු ඇත.