26.01.25    Avyakt Bapdada      Sinhala Murli     15.12.2003    Om Shanti    Madhuban


පරම පියාව හෙළිදරව් කිරීම සඳහා සාමාන්‍ය බව, අද්විතීය බවට පරිවර්ථනය කර, දර්ශන පිරිනමන පිළිරුවක් වන්න.


අද දින, බාප්දාදා සෑම තැනකම සිටින සියලුම බ්‍රහ්මින් දරුවන්ගේ නළල මධ්‍යයේ ආකාර තුනක භාග්‍යයේ තාරකා දීප්තිමත්ව බැබලෙන අන්දම දකිනවා. එය බොහෝ ශ්‍රේෂ්ඨ භාග්‍යයක් වන අතර ඔබට එය ඉතා පහසුවෙන් ලැබී තිබේ. එකක් ශ්‍රේෂ්ඨ අලෞකික උපතේ භාග්‍යයයි. දෙවැන්න ශ්‍රේෂ්ඨ සම්බන්ධකම් වල භාග්‍යය සහ තුන්වැන්න සියලු ලැබීම් වල භාග්‍යයයි. ආකාර තුනේම භාග්‍යයේ තාරකාවල දීප්තිය දැක, බාප්දාදා ද සතුටු වනවා. ඔබගේ උපතේ භාග්‍යය දෙස බලන්න: ඔබ සියලු දෙනාම භාග්‍යය පිරිනමන්නාම වන පියාගේ මාර්ගයෙන් උපත ලබා ඇත. ඔබට උපත ලබා දුන් ඒකායන කෙනාම භාග්‍යය පිරිනමන්නා බැවින් ඔබගේ උපත බොහෝ අලෞකිකයි, ශ්‍රේෂ්ඨයි. ඔබ සියලු දෙනාටත් ඔබගේ මෙම උපතේ භාග්‍යය පිළිබද කුල්මත් බව සහ සතුට තිබෙනවා නේද? එය සමගම සම්බන්ධතා වල විශේෂත්වය බලන්න: මුළු කල්පය පුරාම වෙනත් කිසිම ජීවාත්මයකට මෙවන් සම්බන්ධතා නොමැත. ඒකායන කෙනා සමග සම්බන්ධතා තුනක් හිමි කරගෙන තිබෙන්නේ ඔය විශේෂ ජීවාත්ම පමණයි. ඒකායන කෙනා, පියා, ගුරුවරයා මෙන්ම සත්ගුරුය. ඔය බ්‍රහ්මින් ජීවාත්ම හැර වෙනත් කිසිවෙකුට ඒකායන කෙනා සමග සම්බන්ධතා තුනක් නොමැත. ඔබ මෙය අත්විද තිබෙනවා නේද? පියාගේ සම්බන්ධතාවය තුළින් ඔහු ඔබට උරුමය ලබා දෙන අතර ඔබව පෝෂණය ද කරයි. ඔබගේ උරුමය දෙස බලන්න: එය බොහෝ ශ්‍රේෂ්ඨ සහ අවිනාශීයි. ලෝකයේ මිනිසුන් පවසන්නේ: දෙවියන් ඔවුන්ව පෝෂණය කරන්නා බවයි, නමුත් ඔය දරුවන් විශ්වාසයෙන් සහ කුල්මත් බවින් කියන්නේ: අපව පෝෂණය කරන්නේ පරමාත්ම දෙවියන්මයි. මෙවන් පෝෂණයක්, පරමාත්ම දෙවියන්ගේ පෝෂණය, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සහ දෙවියන්ගෙන් ඔවුන්ගේ උරුමය ලැබී තිබෙන්නේ වෙන කාටද? එබැවින් ඒකායන කෙනා, පෝෂණය කරන පියා මෙන්ම ගුරුවරයාය.

සෑම ජීවාත්මයකගේම ජීවිතයට සම්බන්ධතා තුනක් අවශ්‍යයි, නමුත් ඒ සෑම සම්බන්ධතාවයක්ම වෙන් වූ ඒවාය. ඔබට සියලු සම්බන්ධතා තිබෙන්නේ ඒකායන කෙනා සමගයි. ඔබගේ ඉගෙනුම දෙස බලන්න. එය තුන් කාලය පිළිබදව හැදෑරීමයි. තුන් කාලය පිළිබද දන්නා අය බවට පත් වීමේ ඉගෙනුමයි. ඉගෙනුමක්, ආදායම් මාර්ගයක් බව කියයි. ඔබට තත්ත්වයක් ලැබෙන්නේ ඉගෙන ගැනීමෙන්ය. මුළු ලෝකය දෙසම බලන්න: උසස්ම තත්ත්වය රාජකීය තත්ත්වයක් බව කියයි. එබැවින් මෙම ඉගෙනුම තුළින් ඔබට හිමිවන තත්ත්වය කුමක්ද? ඔබ දැන් රජවරු වන අතර අනාගතයේද ඔබට රාජකීය තත්ත්වයක් හිමි වෙයි. ඔබට දැන් ස්ව-ආධිපත්‍යය තිබේ, ඔබ ස්ව-ආධිපත්‍යය ඇති රාජ යෝගීවරුන්ය, එමෙන්ම අනාගත රාජධානියේ භාග්‍යය කොහොමත් අවිනාශීය. මෙයට වඩා උසස් තත්ත්වයක් නොමැත. ගුරුවරයාගෙන් ඔබට ලැබෙන ඉගැන්වීම්, තුන් කාලය පිළිබදව දැනුවත් වීම සදහාය, එමෙන්ම ඔබට ලැබෙන තත්ත්වය, දිව්‍යමය, රාජකීය තත්ත්වයකි. ඔබගේ බ්‍රහ්මින් දිවියේ හැර, ඔබගෙන් කිසිවෙකුට කිසිදාක ඔවුන්ගේ ගුරුවරයා සමග එවන් සම්බන්ධතාවයක් තිබී නොමැති අතර කිසිවෙකුට තිබිය හැකි වන්නේද නැත. එය සමගම සත්ගුරූ සමග සම්බන්ධතාවය: ඔබට සත්ගුරුගෙන් ශ්‍රීමත් ලැබෙයි, එමෙන්ම මෙම ශ්‍රීමත්, භක්ති මාර්ගයේ තවමත් සිහි කරයි. ඔබ විශ්වාසයෙන් පවසන්නේ: “අප සෑම පියවරක්ම ගන්නේ කුමන පදනමකට අනුවද?” ඔබ සෑම පියවරක්ම ගන්නේ ශ්‍රීමත් වල පදනමට අනුවයි. පරීක්ෂා කරන්න: ඔබගේ සෑම පියවරක්ම ශ්‍රීමත් වලට අනුකූලද? ඔබට භාග්‍යය ලැබී ඇත. ඔබගේ ජීවිතයට මෙම භාග්‍යය ලැබීම ඔබ අත්විදිනවාද? ඔබගේ සෑම පියවරක්ම ශ්‍රීමත් වලට අනුකූලද? එසේ නැත්නම් ඔබගේ මනසේ මත සහ අන් අයගේ අදහස් විටෙක එය සමග මිශ්‍ර වෙනවාද? මෙය හදුන්වන්නේ: සෑම පියවරක්ම ශ්‍රීමත් වලට අනුකූල නම්, ඔබ සෑම පියවරකම කෝටි ගුණයක් රැස් කිරීම අත්දකිවි. ඔබගේ පියවර ශ්‍රීමත් වලට අනුකූල නම්, පහසු සාර්ථකත්වය ඇති වෙයි. එය සමගම ඔබට සත්ගුරූගෙන් ආශිර්වාද ආකරයක් හිමි වී ඇත. ආශිර්වාද ලැබී තිබෙන බව හදුනාගන්නේ, ඔබට ආශිර්වාද තිබෙන විට ඔබට වෙහෙස වීමට සිදු නොවෙයි. එබැවින් සත්ගුරූගේ සබදකම තුළ ඔබට නිරන්තරයෙන් උසස් උපදෙස් සහ ආශිර්වාද වල ලැබීම තිබෙයි. මෙම පහසු මාවතේ විශේෂත්වය වන්නේ ඔබට එක්කෙනෙක් සමග සම්බන්ධතා තුනක් තිබෙන විට, එම එක්කෙනාව සිහි කිරීම වඩාත් පහසුයි. තිදෙනාව වෙන වෙනම සිහි කිරීමට අවශ්‍යතාවයක් නැත. ඔබ සියලු දෙනා මෙසේ පවසන්නේ ඒ නිසයි: “ඒකායන බාබා සහ වෙනත් කිසිවෙක් නොමැත.” ඒකායන කෙනා තුළ විශේෂ සම්බන්ධතා ඇතුලත් වී ඇති බැවින් එය පහසුයි. එබැවින් ඔය සියලු දෙනාටම පරම පියාගෙන් ලැබීම් හිමි වී ඇති බැවින් ඔබගේ භාග්‍යයේ තාරකා බැබලෙනවා.

භාග්‍යයේ තෙවන තාරකාව වන්නේ සියලු ලැබීම්ය. මෙම සිහිවටනය තිබේ: “බ්‍රහ්මින්වරුන්ගේ නිධන් ගබඩාවේ කිසිම අඩුවක් නැත.” ඔබගේ නිධන් ගබඩා සිහිපත් කරන්න. මෙවන් සම්පත් හෝ සියලු ලැබීම් වෙනත් කෙනෙකුගෙන් ලබා ගත හැකිද? ඔබගේ හදවතින්ම ඔබ “මගේ බාබා!” යැයි පැවසූ සැනින්ම සම්පත් ඔබ ඉදිරියේ පෙනී සිටියි. එබැවින් එවන් ශ්‍රෙෂ්ඨ භාග්‍යයක් ඔබගේ අවධානයේ නිරන්තරයෙන් රැදී තිබිය යුතුයි. මෙය අංක පිළිවෙලයි. සෑම දරුවෙක්ම කෝටි ගණනකින් එක්කෙනෙක් බැවින්, බාප්දාදාට දැන් අවශ්‍ය, ඔය සෑම කෙනෙක්ම අංක පිළිවෙලට නොව නමුත් අංක එක වනවා දැකීමටයි. එබැවින් තමන්ගෙන් විමසන්න: ඔබ අංකානුරූප අයද? එසේ නැත්නම් ඔබ අංක එකද? ඔබ කවුද? ගුරුවරු ඔබ අංක එකද, අංකානුරූපද? පාණ්ඩවයන්, ඔබ අංක එකද අංකානුරූපද? ඔබ කුමක්ද? ඔබ අංක එක බව සහ සෑම විටම මෙය වෙයි කියා සිතන අය - ඔබ බ්‍රහ්ම පියාව අනුගමනය කිරීමේදි සෑම විටම අංක එක බවත් නිරන්තරයෙන් අංක එක ලෙස රැදී සිටින බවට, බුද්ධියේ එවැනි විශ්වාසයක් ඇති අය අත් ඔසවන්න! ඔබ එවන් අයද? නිකම් කියනවාට අත් ඔසවන්න එපා. හොදින් සලකා බැලීමෙන් පසුව අත් ඔසවන්න. එය ඉහළට ඔසවන්න. ඔබ අත් ඔසවන්නේ භාගෙට නම්, ඔබ භාගයක් පමණයි. ඔබගෙන් බොහෝ දෙනෙක් ඔබගේ අත් ඔසවා ඇත. බලන්න. දාදී ඔවුන්ව දුටුවාද? දැන් අංක එක වන අයගෙන් ගිණුම ලබා ගන්න. ඔව්, ජනක් ගිණුම ගන්න. ද්විත්ව විදේශිකයන් අත් එසවූවාද? එය ඔසවන්න! ඔබ අංක එකද? ඔබ අත් එසවීමෙන් පියාව සතුටු කළා. සුබ පැතුම්! අච්චා. අත් එසවූවා යනු, ඔබට එඩිතරකම තිබීමයි, එමෙන්ම ඔබට එඩිතරකම ඇත්නම්, එවිට බාප්දාදා කොහොමත් ඔබගේ උදව්කරුය. කෙසේවෙතත්, බාප්දාදාට දැන් අවශ්‍ය කුමක්ද? ඔබ අංක එක වන අතර එය සතුටට කාරණාවක් නමුත්... බාබා ඔබට කිව යුතුද? නමුත් කුමක්ද? එසේ නැත්නම්, නමුත් නොමැතිද? කෙසේවෙතත්, බාප්දාදාට නමුත් එකක් තිබේ .....

සෑම දෙයක්ම ඔබගේ මනස තුළ මුසු වී ඇති බව බාප්දාදා දැක තිබේ, නමුත් එය තිබෙන්නේ ඔබගේ මනස තුළ පමණයි, එය ඔබගේ මුහුණ මත හෝ හැසිරීමේ මතු වී නැහැ. බාප්දාදාට දැන් අවශ්‍ය, අංක එකේ ස්ථිතිය, ඔබගේ මුහුණේ සහ ඔබගේ හැසිරීමේ දැකීමටයි. දැන් කාලයට අනුව, තමන් අංක එක බව පවසන අයගේ සෑම ක්‍රියාකාරකමකින්ම ඔවුන් දර්ශන ලබා දෙන පිළිරූ ලෙස දැකිය යුතුයි. ඔබ දර්ශන ලබා දෙන පිළිරූ බව ඔබගේ මුහුණින් පෙන්වන්න. අවසන් උපතේ සහ අවසන් කාල වකවානුවේදි පවා, ඔබගේ අජීවී ප්‍රතිමා, දර්ශන ලබා දෙන පිළිරූ ලෙස අත්දකියි. එබැවින් ජීවමාන ස්වරූපයෙන් පවා, ඔබ බ්‍රහ්ම පියාව ශාරීරික ස්වරූපයෙන් දුටුවා. ඔහු පසුව සුරදූතයෙක් විය, නමුත් ඔහු භෞතික ස්වරූපය තුළ සිටියදී පවා, ඔබ සියලු දෙනාට දැකිය හැකි වුණේ කුමක්ද? ඔහු සාමාන්‍ය ලෙස දිස් වුණාද? ඔහුගේ අවසන්, ඔහුගේ 84 වන උපතෙදි, ඔහුගේ මහළු වියේදි, ඔහු වයස 60ට වඩා වැඩි වූ පසු පවා, ආරම්භයේ සිට අවසානය දක්වා, ඔබ ඔහුව දුටුවේ දර්ශන පිරිනමන පිළිරුවක් විලසින්ය. ඔබ මෙය අත්දුටුවා නේද? ඔබ මෙය භෞතික ස්වරූපයේ අත්වින්දා නේද? අංක එක වීමට තම අත් එසවූ අයටත් එයම විය යුතුයි. ඔබ මෙය රූපවාහිනි යන්ත්‍රයේ පටිගත කළා නේද? බාප්දාදා ඔබගේ ලිපි ගොනුව දෙස බලන්නට යයි. බාප්දාදාට ලිපි ගොනුවක් තිබෙනවා නේද? එබැවින් දැන් සිට, ඔබගේ සෑම ක්‍රියාකාරකමකින්ම මෙය අත්විදිය යුතුයි. එය සාමාන්‍ය ක්‍රියාකාරකම් වුවද, ඔබ කුමක් කරමින් සිටියත්, ඔබ ව්‍යාපාර හෝ වෙනත් කිසිවක් කළත්, ඔබ වෛද්‍යවරයෙක් හෝ නීතිඥයෙක් ලෙස රැකියාව කළත්, ඔබ කුමක් කළත්, ඔබ අන් අය සමග නෑ සබදතාවයකට පැමිණෙන ඕනෑම විටෙක, ඔබගේ හැසිරීමෙන් ඔබ වෙනස් සහ අද්විතීය බව ඔවුන්ට හැගී යා යුතුයි. එසේ නැත්නම් ඔබ සාමාන්‍ය බව ඔබ සිතනවාද, එනම්, “ලෞකික මිනිසුන්ද ඒ වගෙයි.” එය කාර්යයේ විශේෂත්වය නොවෙයි, නමුත් ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ විශේෂත්වයයි. “එය ඉතා හොද ව්‍යාපාරයක්, ඔහු ඉතා හොද නීතිඥවරයෙක්, ඔහු ඉතා හොද අධ්‍යක්ෂකවරයෙක් ...”. එවැනි බොහෝ දෙනෙක් සිටිනවා. විශේෂ ජීවාත්මයන්ගේ නම් ලියා ඇති පොතක් තිබේ. එහි බොහෝ දෙනෙකුගේ නම් සදහන් කර තිබේ. එවන් බොහෝ දෙනෙක් සිටිනවා. අහවල් කෙනා මෙම විශේෂ දේ සිදු කළා, අහවලා අරක කළා, එබැවින් ඔහුගේ නම සදහන් කර ඇත. කෙසේවෙතත්, ඔබගෙන් අත් එසවූ අය, එමෙන්ම ඇත්ත වශයෙන් ඔබ සියලු දෙනා අත් එසවිය යුතුව තිබුණා, නමුත් අත් එසවූ අය, එමෙන්ම ඔබ අත් එසවිය යුතුයි, ඔබගේ ප්‍රායෝගික හැසිරීම තුළ මිනිසුන් වෙනසක් දැකිය යුතුයි. මෙම හඩ තවමත් මතු වී නැහැ. ඔබ කර්මාන්තයක නියැලී සිටියත් වෙන කොතැනක හෝ රැකියාව කළත්, සෑම ජීවාත්මයක්ම මෙසේ කිව යුතුයි: “සාමාන්‍ය කාර්යයන් සිදු කරන අතර මේ කෙනා දර්ශන පිරිනමන ප්‍රතිරුවක් වැනිය.” මෙය කල හැකිද? එය සිදු කළ හැකිද? ඉදිරියේ සිටින අය කතා කරන්න! මෙය කළ හැකිද? දැන් ප්‍රතිඵල වල, මෙය එතරම් සිදු නොවන බවයි හැගෙන්නේ. දිස් වන්නේ, වැඩිපුර සාමාන්‍ය බවකි. ඔව්, ඔබ විශේෂ කාර්යයක් කරන විට සහ ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන විට, මෙය බොහෝ සේ පෙනෙයි. කෙසේවෙතත්, ඔබ තුළ පරම පියා කෙරෙහි සෙනෙහස තිබේ. ඔබ තුළ පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? කුමන ප්‍රතිශතයකටද? ගුරුවරු, ඔබගේ අත් ඔසවන්න! බොහෝ ගුරුවරු ඇවිත්! මෙය කළ හැකිද? එසේ නැත්නම් ඔබ විටෙක සාමාන්‍ය වන අතර විටෙක විශේෂයිද? ඔබ ඕනෑම කාර්යයක් කරන විට මතුවන ව්‍යවහාර හෝ වචන, එනම්, ඔබගේ භාෂාවත් අලෞකික විය යුතුයි; සාමාන්‍ය භාෂාවක් නොවෙයි.

බාප්දාදා තුළ දැන් සියලුම දරුවන් වෙනුවෙන් මෙම ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුව තිබේ, ඉන්පසුව පරම පියාගේ හෙළිදරව්ව සිදු වෙයි. ඔබගේ ක්‍රියා, හැසිරීම සහ මුහුණු මෙය ඉබේටම හෙළිදරව් කරයි. මෙය දේශන මගින් හෙළිදරව් වන්නේ නැත. දේශන වලදි ඔබ එක ඊතලයක් පමණක් විදියි, නමුත් ඔබව මේ ආකාරයට පත් කළේ කවුරුන්ද කියා හෙළිදරව් විය යුතුයි. ඔවුන්ම විමසමින් පැමිණෙයි. ඔබව මේ අන්දමට පත් කළේ කවුරුන්ද කියා ඔවුන්ම විමසයි. නිර්මාණය, නිර්මාණකරුව හෙළිදරව් කරයි.

එසේ නම්, ඔබ මේ වසරේ කරන්නේ කුමක්ද? ඔබට ගම් වලට ගොස් සේවය කිරීමට කියා දාදී පවසා තිබේ. ඔබට මෙය කළ හැක, නමුත්, බාප්දාදාට දැන් මෙම පරිවර්ථනය දැක ගැනීමට අවශ්‍යයි. මෙය එක වසරකදි කළ හැකිද? එක වසරකදි? ඊළග වාරය ආරම්භ වන විට, මෙම වෙනස දැකිය යුතුයි. මහා පරිවර්ථනයක් තිබෙන බව, සියලු මධ්‍යස්ථාන වලින් හඩක් මතු විය යුතුයි. එවිට ඔබ මෙම ගීතය ගායනා කරයි: “පරිවර්ථන්, පරිවර්ථන්!” ඔබට තිබෙන භාග්‍යය ඉදිරියේ සාමාන්‍ය වචන සුදුසු නොමැති බව හැගෙයි. එයට හේතුව වන්නේ “මම” යි. මෙම “මම”, “මම” පිළිබද සිහිය: “මම” සිතූ දේවල්, “මම” පැවසූ දේවල්, “මම” කරන සෑම දෙයක්ම පමණයි නිවැරදි! මෙම “මම” යන අවධානය නිසා, අහංකාරකම මෙන්ම කෝපය ද ඇති වෙයි. මේ දෙකම, ඔවුන්ටම අයත් කාර්යය සිදු කරයි. එය පරම පියාගේ පූජනීය පිදුමයි, එබැවින් “මම” පැමිණියේ කොහේ සිටද? පූජනීය පිදුමකට යමෙකුට “මගේ” කිව හැකිද? ඔබට බුද්ධියක් ඇත්නම්, ඔබට හැකියාවක් හෝ විශේෂත්වයක් තිබෙනවා නම්, බාප්දාදා විශේෂත්වයට සහ හැකියාවට ස්තූතියි කරයි, නමුත් ඔබට “මම” යන හැගීම නොතිබිය යුතුයි. දැන් මෙම “මම” යන අවධානය අවසන් කරන්න. මෙම “මම” යන අවධානය, සූක්ෂමයි. අලෞකික ජීවිතයේ මෙම “මම” යන අවධානය, ඔබට දර්ශන පිරිනමන ප්‍රතිරුවක් වීමට ඉඩ නොදෙයි. එසේ නම් දාදීන් ලා සිතන්නේ කුමක්ද? මෙම පරිවර්ථනය සිදු කළ හැකිද? එය කළ හැකිද? පාණ්ඩවයන් තිදෙනාම කතා කරන්න. ඔබ තිදෙනා විශේෂයි නේද? ඔබ තිදෙනාම කතා කරන්න: මෙය කළ හැකිද? එය කළ හැකිද? කළ හැකිද? අච්චා. දැන් මෙහි අණ දෙන නිලධාරි (commander) වන්න. වෙනත් කිසිදේක අණ දෙන නිලධාරි නොවන්න. පරිවර්ථනයේ අණ දෙන නිලධාරියෙක් වන්න. මධුබන් වල අය මෙය වෙයිද? ඔබ මෙය වෙනවාද? මධුබන් වල අය අත් ඔසවන්න! අච්චා, ඔබ මෙය වෙනවාද? බොම්බායේ අය අත් ඔසවන්න! (පාර්ලේ මධ්‍යස්ථානයේ යෝගී බෙන්ද මෙහි අසුන්ගෙන සිටිනවා). බොම්බායේ අය මෙය වෙනවාද? ඔබ මෙය බවට පත් වීමට යන්නේ නම් ඔබගේ අත් ඔසවන්න! අච්චා, දිල්ලියේ අය අත් ඔසවන්න! දිල්ලියේ අය මෙය කරනවාද? ගුරුවරු, කතා කරන්න! ප්‍රවේසම් වන්න, එපමණයි! බාප්දාදා සෑම මසකම වාර්ථාව ඉල්ලනවා. ඔබට මෙම එඩිතරකම තිබෙනවා නේද? සුබ පැතුම්!

ඉන්දෝර් වල අය අත් ඔසවන්න. ඉන්දෝර් වල ගුරුවරු අත් ඔසවන්න! ගුරුවරු මෙය කරනවාද? ඉන්දෝර් මෙය කරනවාද? ඔබගේ අත් වනන්න! ඔබ සියලු දෙනා අත් වැනුවේ නැහැ. ඔබ මෙය කර, අන් අයටත් මෙය කිරීමට ඔබ දිරිමත් කරනවාද? දාදීන් ටිකක් බලන්න. ඔබ එය රූපවාහිනියේ දකිනවා. ගුජරාත් වල අය අත් ඔසවන්න. ගුජරාත් මෙය කරනවාද? ඔබට අත් වැනීම පහසුයි. දැන් ඔබගේ මනස වැනීය යුතුයි. ඒ සියලු දුක දැකීමෙන් ඔබට දයාවක් නොදැනෙයිද? දැන් පරිවර්ථනය සිදු වන්නේ නම් එය හොදයි නේද? දැන් හෙළිදරව්ව සදහා ඔබගේ සැලසුම වන්නේ ඔබගේ ප්‍රායෝගික ජීවිතයයි. කෙසේවෙතත්, ඔබව කාර්යබහුලව තබා ගැනීමට ඔබ පවත්වන වැඩසටහන් ඉතා හොදයි, නමුත්, හෙළිදරව්ව සිදුවන්නේ ඔබගේ හැසිරීමෙන් සහ ඔබගේ මුහුණු වලින්ය. යම් කලාපයක් මග හැරුණාද? යූපී වල අය අත් ඔසවන්න! යූපී වලින් පැමිණි ටික දෙනෙක් සිටිනවා. අච්චා, යූපී වල අය මෙය කරනවාද? මහාරාශ්ත්‍ර වල අය අත් ඔසවන්න! එය ඉහළට ඔසවන්න! අච්චා. මහාරාශ්ත්‍ර වල අය මෙය කරනවාද? සුබ පැතුම්! රාජස්ථාන් ඔබගේ අත් ඔසවන්න! ගුරුවරු ඔබගේ අත් ඔසවන්න! කර්නාටක අත් ඔසවන්න! අච්චා, කර්නාටක වල අය මෙය කරනවාද? අන්ද්‍රා ප්‍රදේශයේ අය අත් ඔසවන්න! හොදයි, අපි මෙම කතා බහේ යෙදුනා. ද්විත්ව විදේශිකයන් අත් ඔසවන්න. ජයන්ති කොහෙද ඉන්නේ? ද්විත්ව විදේශිකයන් මෙය කරනවාද? දැන් බලන්න, ඔබ මෙය පවසා ඇත්තේ සමූහය මැදයි. ඔබ සියලු දෙනාම ඉතා හොද එඩිතරකමක් පෙන්වා ඇති බැවින් එයට කෝටි ගුණයක සුබ පැතුම්. පිටත සිට පුද්ගලයන් බාබාට සවන් දෙන අතර තමන්ගේම රටවල සිටත් මිනිසුන් සවන් දෙනවා. ඔවුන් සියලු දෙනාමත් ඔවුන්ගේ අත් ඔසවනවා.

සාමාන්‍යයෙන් කියන්නේ, ශ්‍රේෂ්ඨ ජීවාත්මයකගේ සෑම වචනයක්ම සත්‍ය වදනක් බවයි. ඔවුන් පවසන්නේ: “මහරාජා (බ්‍රහ්මින් පූජකයා) කුමක් පැවසුවත් එය සත්‍යයි.” එබැවින් ඔබ ශ්‍රේෂ්ඨ, ශ්‍රේෂ්ඨ මහාරාජාවරුන්ය. ඔබගේ සෑම වැකියක්ම අසන අයගේ හදවතින් ඔවුන් අත්විදිය යුත්තේ, එය සත්‍ය වදනක් බවයි. ඔබගේ මනස බොහෝ දෙයින් පුරවන ලදි. ඔබගේ මනසේ තිබෙන්නේ කුමක්ද කියා බැලීමට බාප්දාදාට රූපවාහිනියක්ද තිබෙනවා. මෙහිදි, මෙම රූපවාහිනියෙන් පෙනෙන්නේ බාහිර මුහුණු පමණයි, නමුත් සෑම මොහොතකදීම ඔබගේ මනසේ තත්ත්වය බැලීමට බාප්දාදාට උපකරණයක් තිබෙනවා. එබැවින් ඔබගේ මනසේ බොහෝ දේ පෙනෙයි. ඔබගේ මනසේ රූපවාහිනිය ඔහු දකින විට, ඔහු බොහෝ සතුටු වෙයි. ඔබට බොහෝ සම්පත් සහ බොහෝ ශක්තීන් තිබේ. කෙසේවෙතත්, එය ක්‍රියාවට නැංවීමේදි ඔබගේ හැකියාවට අනුව පමණක් සිදු වෙයි. දැන් මෙය ඔබගේ ක්‍රියා, ඔබගේ වචන, ඔබගේ මුහුණේ සහ ඔබගේ හැසිරීමට දමන්න. ශක්තීන් පැමිණ ඇති බව කියන, ගීතයක් ඔබට තිබෙන සේම, ඔබ සියලු දෙනා ශිවාගේ ශක්තීන් බව, සියලු දෙනාම පවසන්නේ එවිට පමණයි. පාණ්ඩවයන්ද ශක්තීන්ය. ශක්තීන් එවිට ශිව පියාව හෙළිදරව් කරයි. දැන් සියලුම සුළු ක්‍රීඩා අවසන් කරන්න. දැන් ඔබගේ විශ්‍රාමික අවදිය මතු කරගන්න. ඉතිං, මේ වෙලාවේ ඔය සියලුම දරුවන්ව බාප්දාදා දකින්නේ, බාප්දාදාගේ බලාපොරොත්තු ඉටු කරන, බලාපොරොත්තුවේ තාරකා ලෙසයි. ඕනෑම සිදුවීමක් පැන නගින විට මෙම පාඨය සිහියට නගා ගන්න: “පරිවර්ථනය! පරිවර්ථනය! පරිවර්ථනය!”

බාප්දාදාගේ වැකි වල මෙම එක වචනය අද අමතක නොකරන්න. එම වචනය කුමක්ද? පරිවර්ථනය. “මා වෙනස් විය යුතුයි. අන් අයගේ පරිවර්ථනයට පසුව පමණයි මම, මාව පරිවර්ථනය කළ යුත්තේ, නොවෙයි. මම, මාව පරිවර්ථනය කරගෙන ඉන්පසුව අන් අයව පරිවර්ථනය කළ යුතුයි - අන් අය පරිවර්ථනය වූ පසුව, මා පරිවර්ථනය වනවා නොවෙයි.” උපකරණ විය යුත්තේ ඔබයි. ඔබ අර්ජුනා විය යුතුයි. එවිට පමණයි ඔබ බ්‍රහ්ම පියා මෙන් අංක එක හිමි කරගන්නේ. පිටුපස සිටින අය අත් ඔසවන්න! පිටුපස අසුන්ගෙන සිටින අයට බාප්දාදා අංක එකේ සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා. අච්චා.

සෑම තැනකම සිටින ඔය උපරිම ලෙස භාග්‍යවන්ත ජීවාත්මයන්ට, මුළු ලෝකයෙන්ම කෝටි ගණනකින් විශේෂ ජීවාත්ම වන අයට, ඔවුන්ගේ හැසිරීමෙන් සහ මුහුණෙන් නිරන්තරයෙන් බාප්දාදාව හෙළිදරව් කරන විශේෂ දරුවන්ට, සහයෝගයේ සහ සෙනෙහසේ බන්දනයේ සිටින ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, බ්‍රහ්ම පියා මෙන්, ඔවුන් කරන සෑම දේකින්ම සෑම විටම අලෞකික ක්‍රියා සිදු කරන අලෞකික ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

අංශ වල සේවය වෙනුවෙන් බාප්දාදාගේ දිරිගැන්වීම්: විවිධ අංශ වලින් සිදු කරන සේවයෙන් ඉතා හොද ප්‍රතිඵලයක් පෙනෙයි. සෑම අංශයක්ම උත්සාහ දරා ඔවුන්ගේ සම්බන්ධතා වැඩි කර ගන්නවා. කෙසේවෙතත්, බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ වෛද්‍ය අංශය මෙන් ක්‍රියා කළ යුතු බවයි, ඔවුන් භාවනාව, හදවත සමග ඇති සම්බන්ධය ප්‍රායෝගිකව පෙන්වා දී, භාවනාව තුළින් හදවත් ගැටළු සුව කරන ආකාරය ඔප්පු කර පෙන්වීය. ඔබ මෙය ඔප්පු කර පෙන්වූවා නේද? ඔබ මෙය ඔප්පු කර පෙන්වා තිබේ, එහෙම නේද? ඔබ සියලු දෙනාටම මේ ගැන අසන්නට ලැබුණා නේද? මේ අන්දමින් ලෝකයේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික සාක්ෂිය. ඒ ආකාරයටම පැමිණ ඇති ඔබ සියලු අංශ වලින් වැඩසටහන් සංවිධානය කළ යුතුයි. ඔබ මෙය කරන නමුත් දැන් ඔබගේ සියලු ප්‍රතිඵල සියලු දෙනා ඉදිරියට පැමිණෙන අන්දමට සැලසුමක් සාදන්න. බාප්දාදා මෙය පවසන්නේ සියලුම අංශ වලටයි. එය රජය වෙතටත් ළගා වෙනවා නේද? මෙය භාවනාව මගින් සිදු කළ හැකි බවට හඩ එහෙ මෙහෙ සෑම තැනකම පැතිරී තිබේ. දැන් මෙය තව වැඩි කරන්න.

භාවනාව මගින් සෑම දෙයක්ම කළ හැකි බව, සෑම තැනකම පැතිරෙන අන්දමට දැන් මෙහි ප්‍රායෝගික සාක්ෂි ලබා දෙන්න. සියලු දෙනාගේ අවධානය භාවනාව වෙත, ආධ්‍යාත්මිකත්වය වෙතට ඇදී යා යුතුයි. ඔබට වැටහෙනවාද?

වරදානය:
නිහැඩියාවේ බලයෙන් හෙළිදරව්වේ බෙර හඩ ලෝකය පුරා වාදනය වන ආකාරයට, ඔබ එවන් නිහැඩියාවේ ප්‍රතිමූර්තියක් වේවා.

මෙසේ ගායනා කරයි: විද්‍යාව පරාජය කරන්නේ වචන නොව නිහැඩියාවයි. කාලය සහ පරිසමාප්තිය ලං වෙත්ම, වැඩිපුර හඩ නැගීම ගැන ඉබේටම නීරසයක් ඇති වෙයි. නිදසුනක් ලෙස, ඔබ දැන් හඩක් නගන්නේ ඔබට අවශ්‍ය නිසා හෝ පුරුද්දටයි. ඒ අන්දමින්ම ඔබට අවශ්‍ය නිසා ඔබ හඩ ඉක්මවා යයි. ඔබ හඩ නැගීමට වැඩසටහන් සාදයි. මෙම වෙනස දිස් වන විට, ජයග්‍රහණයේ බෙර හඩ වාදනය වීමට ඉතා ආසන්න බව ඔබට වැටහෙයි. මේ සදහා ඔබට කාලය ඇති සෑම විටම නිහැඩියාවේ ප්‍රතිමූර්තියක් වීම පුහුණු වන්න.

පාඨය:
“බිංදු” (zero) පියා සමග සිටින අය, වීර (hero) නළුවන්ය.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.