26.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දැන් පරමාත්ම පියාගේ අත අල්ලාගෙනයි සිටින්නේ. නිවසේ අයත් සමඟ ජීවත්
වෙමින් සිටිනා ගමන් පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන්
වේවි.
ප්‍රශ්නය:
ඔය දරුවන්
උද්යෝගීමත්ව සිටිය යුත්තේ කුමක් අරභයාද? සිහසුනේ අසුන් ගැනීමේ ක්‍රමය කුමක්ද?
පිළිතුර:
ඥාන සාගරය වන පරමාත්ම පියා ඔබට සෑම දිනකම බන්දේසි පුරවා ඥාන මිණිමුතු දෙනවාය යන
උද්යෝගයෙන් සෑම විටම සිටින්න. ඔබ කොයි තරම් දුරක යෝගාවක නිරතව සිටිනවා ද එතරම්
දුරකට ඔබගේ බුද්ධිය නිරතුරුවම පාරිශුද්ධත්වයට පත් වේවි. ඔබ සමඟ ආපසු යාමට
පැමිණෙන්නේ මෙම සදාතනික වූ ඥාන මිණිමුතු පමණයි. සිහසුනේ අසුන් ගැනීමට නම් මව හා
පියාව මුළුමණින්ම අනුගමනය කරන්න. ඔහුගේ ශ්‍රීමත් වලට අනුව ඉදිරියට ගමන් කරන්න. ඒ
වගේම අන් අයවත් ඔබ හා සම අය බවට පත් කරවන්න.
ඕම් ශාන්ති.
ඔය
ආධ්‍යාත්මික දරුවන් දැන් මේ අසුන් ගෙන සිටින්නේ කොහිද? ඔබ කියාවි: අප අසුන් ගෙන
සිටින්නේ ආධ්‍යාත්මික පියාගේ විශ්ව විද්‍යාලයේයි, නැත්නම් පාසලේයි කියලා. අප
ආධ්‍යාත්මික පියා ඉදිරියේම අසුන් ගෙන සිටිනවාය යන අවධානය අපගේ සිහියේ තිබෙනවා.
ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ කරුණු පරමාත්ම පියා පහදා දෙනවා. භාරතයේ නැග්ම හා
බැස්ම සිදු වන්නේ කෙසේද කියාත් ඔහු අපට පෙන්වා දෙනවා. පාරිශුද්ධව තිබුණු භාරතය දැන්
අපිරිසිඳු වෙලා. භාරතය කිරුළු පළඳා තිබුණා. පසුව බිඳ හෙළුවේ කවුද? රාවණ්.
අධිරාජ්‍යය බිඳ වැටුණා. එය පැරදුණා නේද? රජ කෙනෙක් නැහැ. කෙනෙක් සිටියා නම් ඔහු
අපිරිසිඳු කෙනෙක් විය හැකියි. සූර්ය වංශික අධිරාජ්‍යවරුන් හා අධිරාජ්‍යවරියන්
සිටියේ මෙම භාරතයේ පමණයි. සුර්ය වාංශික හා චන්ද්‍ර වාංශික රජවරුන් සිටියා. මෙම
කරුණු දැන් ඔබගේ සිහියේ තිබෙනවා. ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ
නැහැ. ඔබගේ ආධ්‍යාත්මික පියා ඔබට දැන් උගන්වනා බව ඔය දරුවන් දන්නවා. ඔබ ඒ පරමාත්ම
පියාගේ අත අල්ලාගෙනයි සිටින්නේ. ඔබලා ගෙවල් වල ජීවත් වුණත්, තමන් දැන් සිටින්නේ
සංගම යුගයේ බව ඔබලා දන්නවා. අපි අපිරිසිඳු ලෝකයෙන් පාරිශුද්ධ ලෝකය වෙතට යනවා. කලි
යුගය අපිරිසිඳු යුගයයි ස්වර්ණමය යුගය පාරිශුද්ධ යුගයයි. අපිරිසිඳු මිනිසුන්
පාරිශුද්ධ මානව ජීවයන්ගේ පිළිම ඉදිරියට ගොස් ගරු නමස්කාර කරනවා. කොහොමත් ඔවුන්
භාරතයට අයිති මිනිසුන්ම වූවත් ඔවුන් තුළ දිව්‍යමය ගුණධර්ම තිබුණා. තමන් දැන් එවන්
ගුණධර්ම පරම පියාගෙන් ලබා ගන්නා බව ඔය දරුවන් දන්නවා. මේ උත්සාහය අපි ස්වර්ණමය
යුගයේ දී දරන්නේ නැහැ. එහිදී ඔබට ලැබෙන්නේ ඵලයයි. මෙහිදී දිව්‍යමය ගුණධර්ම උකහා
ගැනීමට ඔබ උත්සාහ දැරිය යුතු වෙනවා. නිරන්තරයෙන් තමාව පරීක්ෂා කර බලන්න මෙහිදී
දිව්‍යමය ගුණධර්ම උකහා ගැනීමට ඔබ උත්සාහ දැරිය යුතු වෙනවා. නිරන්තරයෙන් තමාව
පරීක්ෂා කර බලන්න. මම කෙතරම් දුරට බාබාව සිහි කර තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන්
වෙනවාද? පරමාත්ම පියාව සිහි කළ තරමට ඔබ සතෝප්‍රධාන් වේවි. පරමාත්ම පියා සදාතනිකවම
සතෝප්‍රධාන්. දැන් මේ ඇත්තේ අපිරිසිඳු ලෝකයක්, අපිරිසිඳු භාරතයක්. පාරිශුද්ධ ලෝකයේ
තිබුණේ පාරිශුද්ධ භාරතයක්. ප්‍රදර්ශන වලදී විවිධාකාරයේ මිනිසුන් ඔබ ඉදිරියට
පැමිණෙනවා. ඇතැම් අය කියනවා : ආහාර අත්‍යවශ්‍ය දෙයක් වන්නා සේ මෙම පාපයත් ආහාරයකි;
එය නොමැති වුවහොත් අප මිය යාවි. කෙසේවෙතත්, එවන් දෙයක් නැහැ. සන්‍යාසීන් පාරිශුද්ධ
වෙනවා, ඔවුන් මිය යනවාද? එවැනි දේ කියනා අය අජාමිල් සේ මහා පාපකාරීන් කියා තමයි
තේරුම් ගැනීමට තිබෙන්නේ. මෙවන් ප්‍රශ්න අසන අයට ඔබ කිව යුතුයි: එම පාපය ආහාරයක් හා
සම කරන්නේ ඇත්තටම එය නැතිනම් ඔබ මිය යනවාද? සත් යුගයට යාමට සිටිනා අය සතෝප්‍රධාන්
වේවි. ඉන් පසුව ඔවුන් සතෝ, රජෝ හා තමෝ තත්ත්ව පසු කර යාවි. පසු කාලීනව පැමිණෙන
ජීවාත්ම කවදාවත් පාපයෙන් තොර වූ ලෝකයක් දැක නැහැ. ඉතින් එවන් ජීවාත්ම තමයි ඒක නැතිව
අපට ඉන්න බැහැ යි කියා කියන්නේ. සූර්ය වංශයට අයත් බුද්ධීන් වලට මේ කියනා කාරණය
සැබෑවක් බව ඉක්මණින්ම තේරුම් යාවි සත් යුගයේ සැබවින්ම කිසිම ආකාරයක පාපයක සේයාවක්
වත් තිබුණේ නැහැ. විවිධාකාර මිනිසුන් විවිධාකාර දේ කියනවා. මල් බවට පත් වන්නේ
කවුරුන්දැයි කියා ඔබට තේරෙනවා. ඇතැම් අය කටු ලෙසින්මයි සිටින්නේ. දිව්‍යලෝකයේ නම
මල් වත්තක් යන්නයි. මෙය කටු කැලයක්. එක් එක් ආකාරයේ කටු තිබෙනවා. දැන් අපි මල් බවට
පත් වෙමින් සිටිනා බව ඔබ දන්නවා. සැබවින්ම ලක්ෂ්මි හා නාරායන නිතරම පිපී තිබෙනා රෝස
මල්ය. ඔවුන් මල් අතුරින් රාජ මල් කියා හඳුන්වාවි. ඒ දිව්‍යමය මල් රාජධානියයි.
සැබවින්ම ඔවුනුත් උත්සාහයක් දරා ඇති. ඔවුන් ඒ තත්ත්වයට පත් වූයේ ඉගෙනීමෙනුයි. අපි
දැන් දේව පවුලට අයිති අය බව ඔබ දන්නවා. මීට පෙර, අපි දෙවියන් ගැන දැනගෙන සිටියේ
නැහැ. පරමාත්ම පියා පැමිණ මෙම පවුල නිර්මාණය කළා. පියෙක් පළමුවෙන්ම බිරිඳක් ගන්නා
අතර පසුව ඔහු ඇය හරහා දරුවන් සාදනවා. බාබාත් මොහුව ගත්තා. පසුව ඔහු හරහා ඔය දරුවන්ව
නිර්මාණය කළා. ඔබ සෑම කෙනෙක්ම බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීනුයි. මෙම සබඳතාවය
පිරිසිඳු ගෘහවාසී මඟයි. සන්‍යාසීවරුන්ගේ මඟ හුදෙකලා මඟයි. එහි කිසිම කෙනෙක් කිසිම
කෙනෙක්ට ‘මමා‘ හෝ ‘බාබා‘ කියා කියන්නේ නැහැ. මෙහිදී ඔබලා මමා, බාබා කියා කියනවා.
අන් සෑම සත්සන් පන්තියක්ම අයිති හුදෙකලා මාර්ගයටයි. මව හා පියා කියා ඔබ හඳුන්වන එකම
එක පරමාත්ම පියා මොහු පමණයි. පියා මෙහි සිට පහදා කියනවා : පාරිශුද්ධ ගෘහවාසී මඟක්
භාරතයේ තිබුණා දැන් එය අපිරිසිඳු වෙලා. නැවතත් වතාවක් මම ඒ පිරිසිඳු පවුල් මාර්ගයම
ස්ථාපනය කරනවා. ඔබගේ ධර්මය මහත් සතුටක් ගෙන දෙන දහමක් කියා ඔබ දන්නවා. ඉතින් ඇයි
එහෙනම් ඔබ ඒ පැරණි ආගම් වල අයගේ ඇසුරේ සිටින්නේ? දිව්‍යලෝකයේ දී ඔබ එතරම් විශාල
සතුටකින් සිටියා. දියමන්ති හා වටිනා මුතු මැණික් මාළිගා එහි තිබුණා. ඇමරිකාවේ හෝ
රුසියාවේ සිටිනා කවුරු හෝ කෙනෙක් කෙතරම් ධනවත් කෙනෙක් වුවත් දිව්‍යලෝකයේ වන් සතුටක්
ඔහුට කිසි විටෙකත් මෙහිදී ලබන්න බැහැ. රන් ගඩොලින් මාළිඟා හදන්න කාටවත් බැහැ.
කොහොමත් රන් මාළිඟා ඇත්තේ රන් යුගයේම පමණයි. මෙහි කොහින්ද රත්තරන් ඇත්තේ? එහි
දියමන්ති, තව තවත් වටිනා මැණික් ගල් සෑම තැනකම තිබෙනවා. මෙහි දියමන්තියක් හරිම මිල
අධිකයි. මේ සියල්ල දුහුවිල්ලක් වීමටයි යන්නේ. බාබා පහදා තිබෙනවා : නව ලෝකයේ දී
සියලුම අළුත් ආකර සියල්ල නැවතත් පිරී යනවා. දැන් ඒ සියල්ල සිඳී යනවා. බන්දේසි පුරවා
දියමන්ති මුතු මැණික් දුන් මහ සයුරක් ගැන කියා තිබෙනවා. එහිදී ඔබට දියමන්ති හා මුතු
මැණික් අසීමිතව ලැබෙනවා. ඔවුන් මහ සාගරය පවා දේවතා ස්වරූපයක් ලෙසින් සලකනවා. ඥාන
සාගරය වන්නේ පරමාත්ම පියා බව ඔබට තේරෙනවා. ඥාන සාගරය වන පරමාත්ම පියා අපට සෑම දිනකම
බන්දේසි පුරවා ඥාන මිණිමුතු දානය කරනවාය කියන උද්යෝගය නිරන්තරයෙන් තබා ගන්න. ඒ ජල
සාගරයක්. පරමාත්ම පියා ඔය දරුවන්ට තම බුද්ධිය පිරෙන්න ඥාන මිණිමුතු දෙනවා. යෝගාවේ
සිටි තරමට ඔබගේ බුද්ධිය පාරිශුද්ධ වේවි. ඔබ යන විට ආපසු ගෙන යන්නේ මෙම සදාතනික ඥාන
මිණිමුතු පමණයි. ප්‍රධානම කරුණු වන්නේ පිය ස්මරණය හා මෙම දැනුමයි. ඔය දරුවන් තුළ
මහා උද්යෝගයක් තිබිය යුතුයි. පරමාත්ම පියා අදෘෂ්‍යමානයි; ඔබත් නොපෙනෙන සේනාවක්. නම
නොදන්නා අහිංසක රණ විරුවන් කියා කියනවා. අහවල් අහවල් කෙනා හරිම දක්ෂ රණ විරුවෙක්.
කෙසේවෙතත්, නම නොදැන සිටීමක් සිදු විය නොහැකියි. සෑම කෙනෙකුගේම සම්පූර්ණ නම, ගම,
විස්තර රාජ්‍ය ලේඛණ වල තිබෙනවා. නම නොදන්නා රණවිරුවන්, අවිහිංසාවාදීන් යන නම් අයිති
ඔබටයි. පළමුවෙනිම හිංසනය කාම රාගයයි. මෙය අනිවාර්යෙන්ම එහි ආරම්භයේ පටන් අවසානය
දක්වාම දෙන්නේ දුකක්මයි. මෙන්න මේ නිසා තමයි: අහෝ, පාරිශුද්ධකරුවාණනි, පැමිණ මේ
අපිරිසිඳු අපව පාරිශුද්ධ කරවන්න කියා කියන්නේ. පාරිශුද්ධ ලෝකයේ එකම එක අපිරිසිඳු
කෙනෙක්වත් සිටිය නොහැකියි. පරමාත්ම දෙවියන්ගෙන් උරුමය දිනා ගැනීම සඳහා ඔය දරුවන්
ඔහුගේ දරුවන් බවට පත් වන්නේ දැන් පමණක් බව ඔබලා දන්නවා. කෙසේවෙතත්, මායාත් දෙවෙනි
නැහැ. කාණු අගලකට සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්න මායාගේ එක් කම්මුල් පහරක් හොඳටම ඇති.
පාපයට ඇද වැටුණු අයගේ බුද්ධිය මුළුමණින්ම විනාශ වෙලා. පරමාත්ම පියා ඔබට කියනවා : ඔබ
කිසිම කෙනෙක්ට කිසිම ශාරීරික කෙනෙකුට කිසිම ආදරයක් නොතිබිය යුතුයි. ඔබගේ සෙනෙහස
තිබිය යුත්තේ එකම එක පරමාත්ම පියා වෙත පමණයි. කිසිම ශාරීරික කෙනෙක් වෙත ප්‍රිය
උපදවා ගන්න එපා; කිසිම ශාරීරික කෙනෙක්ට ආදරය කරන්න එපා. රූපකායක් නොමැති අශාරීරික
පියාට පමණක් ආදරය කරන්න. පරමාත්ම පියා නිරතුරුවම පහදා දෙනවා. ඒ වුණත් ඔබ මේවා
තේරුම් ගන්නේ නැහැ. ඔවුන්ගේ වාසනාවේ නොමැති නම් ඔවුන් එකිනෙකාගේ ශරීර හා පැටලෙනවා.
ඔබත් තිතක ස්වරූපය ඇත්තෙක් කියා බාබා ඔබට නිතරම කියනවා. ජීවාත්මයේ ස්වරූපයත්
පරමාත්ම ජීවයේ ස්වරූපයත් අනිවාර්යෙන්ම එක හා සමානයි. ජීවාත්මයක් කුඩා හෝ විශාල විය
නොහැකියි. ජීවාත්ම සත්ථාවන් සදාතනිකයි. සෑම කෙනෙකුගේම චරිත කොටස නාටකයේ තීරණය වී
හමාරයි. දැන් මිනිසුන් රාශියක් සිටිනවා. එහි 9,00,000 ක මිලියනයක ප්‍රමාණයක්
සිටීවි. ස්වර්ණමය යුගය ආරම්භයේ දී ගස ඉතාමත් කුඩායි. සියල්ල සම්පූර්ණයෙන්ම ශුන්‍ය
වී යාමක් කවදාවත් සිදු වන්නේ නැහැ. සියලුම මිනිසුන්ගේ ජීවාත්ම සත්ථාවන් අශරීරික
ලෝකයේ නතර වෙනවා කියා ඔබ දන්නවා. ඔවුන්ටත් ගසක් තිබෙනවා. බීජයක් පැළ කළ පසු ඉන්
පැළයක් මතු වෙනවා. පළමුවෙන් දළු දෙකක් ලියලනවා. මෙයත් අසීමිත ගසක්. කල්ප චක්‍රය
පින්තූරය පැහැදිලි කිරීම හරිම පහසුයි. මෙය මතගාන්න. දැන් මේ ඇත්තේ කලි යුගයයි.
ස්වර්ණමය යුගයේ තිබුණේ එක් ධර්මයයි. එමනිසා, එහි සිටින්නේ අඩු ජනගහනයක්. දැන්
මිනිසුන් ගණනාවක් වගේම ආගම් ගණනාවක් තිබෙනවා. මීට පෙර නොසිටි ඒ මිනිසුන් කොහේ
යන්නද? සෑම ජීවාත්මයක්ම පරමදාමයට ආපසු යනවා. මේ පූර්ණ ඥානය ඔබගේ සිහියේ තිබෙනවා.
පරමාත්ම පියා ඥාන සාගරය වන්නා සේ, ඔහු ඔබවත් ඒ හා සම තත්ත්වයට පත් කරවනවා. ඔබ
හොඳින් ඉගෙන ගෙන එම තත්ත්වය දිනා ගන්නවා. පරමාත්ම පියා දිව්‍යලෝකයේ නිර්මාණකරුයි.
එමනිසා, ඔහු අනිවාර්යෙන්ම භාරත වාසීන්ට දිව්‍යලෝක උරුමය දානය කරනවා. අන් සියලුම
දෙනාව ඔහු ආපසු නිවහන කරා ගෙන යනවා. පියා කියනවා : මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ට
ඉගැන්වීමටයි. ඔබගේ උත්සාහයේ තරමට ඔබට තත්ත්වයක් හිමි වේවි. ඔබ උසස් වන්නේ ශ්‍රීමත්
අනුගමනය කළ තරමටයි. සියල්ල රඳා පවතින්නේ උත්සාහය මතයි. මමා හා බාබාගේ හද සිහසුන මත
අසුන් ගැනීමට ඔබට අවශ්‍ය නම් මව හා පියාව මුළුමණින්ම අනුගමනය කරන්න. සිහසුනේ අසුන්
ගැනීමට නම් ඔවුන්ගේ ක්‍රියා කලාපයට අනුව ජීවත් වන්න. අන් අයවත් ඔබ හා සම තත්ත්වයට
පත් කර ගන්න. බාබා ඔබට එක් එක් ක්‍රම විධි පෙන්වා දෙනවා. කවුරු හෝ කෙනෙක්ව වාඩි
කරවා ගෙන බැජ් එක ගැන හොඳින් පැහැදිලි කර කියා දෙනවා. පිනට දහමට සුදුසු මාසයක්
(වැඳුම් පිදුම්, තපස් හා ශීල රැකීම් සඳහා මාසයක්) පැමිණි විට බාබා කියනවා : පින්තූර
නොමිලේ බෙදා හරින්න. බාබා ත්‍යාගයක් දෙනවා. දරුවන්ගේ අතට මුදල් කීයක් හෝ ලැබුණු විට
ඔවුන් අනිවාර්යෙන්ම සිතනවා බාබාටත් ගොඩාක් වියදම් තියෙනවා නේද? ඉතින් ඔවුන් ඒ මුදල්
ඉක්මණින්ම බාබාට යවනවා. ඒත් එකම පවුලයි. ‘translights’ පින්තූර වලින් ප්‍රදර්ශනයක්
සෑදුවොත් බොහෝ දෙනෙක් එය නැරඹීමට පැමිණේවි. එය පුණ්‍ය කර්මයක්. මානව ජීව සත්ථාවක්
කටුවකින් මලක් කරවීම, පාපකාරී ජීවයකගෙන් පින්වත් ජීවයක් කරවීම හැඳින්වෙන්නේ වේගවත්
සේවා මඟ ලෙසයි. ප්‍රදර්ශනයක දී එක් කුටියක් කුලියට ගත්තත් බොහෝ දෙනෙක් පැමිණේවි.
එවිට වියදම අඩුයි. ඔබ මෙහි පැමිණෙන්නේ පරමාත්ම පියාගෙන් දිව්‍යලෝක රාජධානිය මිලට
ගැනීමටයි. ඉතින් ඒ දිව්‍යලෝක රාජධානිය මිලට ගැනීමට ඔවුනුත් ප්‍රදර්ශන වලට පැමිණේවි.
මෙය වෙළෙඳසැලක්. පරමාත්ම පියා කියනවා : මෙම ඥානයෙන් ඔබට විශාල සතුටක් ලැබේවි.
එමනිසා, ඉතාමත් හොඳින් ඉගෙන ගන්න. උත්සාහ දරා ඉහළින්ම සමත් වන්න. තමාගේ හැඳින්වීමත්
නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳවත් කියා දෙන්නේ පියාම පමණයි. වෙන කිසිම කෙනෙකුට එය
දෙන්න බැහැ. දැන් පියාගෙන් ඔබ කාලත්‍රය ගැනම දන්නා අය බවට පත් වෙනවා. පරමාත්ම පියා
කියනවා : කිසිම කෙනෙක් නිවැරදිවම මාව හඳුනන්නේ නැහැ. ඔබත් සිටින්නේ එක් එක් මට්ටම්
වලයි. හරියටම දැන ගත්තා නම් කවදාවත් අතහැර දමා යන්නේ නැහැ. මෙය අධ්‍යයනයක්. පරමාත්ම
දෙවියන් මෙහි සිට උගන්වනවා. ඔහු කියනවා : මම ඔබගේ කීකරු සේවකයායි. පියාත්
ගුරුවරයාත් දෙදෙනාම කීකරු සේවකයින්. නාටකයේ මට හිමි ජවනිකාව අනිවාර්යෙන්ම ඒ වගෙයි.
පසුව මම සෑම කෙනෙක්වම මා සමඟ ගෙන යනවා. ශිව බාබා කියනවා : මම මහළු නැහැ. ජීවාත්මයක්
කවදාවත් මහළු වන්නේ නැහැ. නමුත් ඔහුගේ බුද්ධිය ගල් වෙනවා. මගේ නම් කවදත් තිබෙන්නේ
දිව්‍යමය බුද්ධියක්. අන්න ඒ නිසා තමයි මම ඔබගේ බුද්ධියත් දිව්‍යමය කරවීමට
පැමිණෙන්නේ. මම කල්පයක් කල්පයක් පාසා පැමිණෙනවා. මම ඔබට අනේක වාරයක් උගන්වනවා. ඒත්
ඔබට අමතක වෙනවා. ස්වර්ණමය යුගයේ දී මෙම ඥානයේ අවශ්‍යතාවයක් නැහැ. පරමාත්ම පියා
ඉතාමත් හොඳින් සියල්ල පහදා දෙනවා. පසුව ඔවුන් එවන් පියෙක්ව අතහැර යනවා. මෙන්න මේ
නිසා තමයි කියන්නේ: ලොකුම මෝඩයින් දකින්න ඕන නම් මෙහෙන් දැක ගන්න. දිව්‍යලෝක උරුමය
ලබා ගත හැකි පියෙක්ව පවා ඔවුන් අතහැර දමා යනවා. පරමාත්ම පියා සෑම විටම කියන්නේ ඔබ
මගේ උපදෙස් අනුගමනය කරනවා නම්, අමරණීය දේශයේ ලෝක අධිරාජ්‍යවරුන් හා අධිරාජ්‍යවරියන්
බවට ඔබ පත් වේවි. මෙය මාරයාගේ දේශයයි. අපි ඒ පූජනීය දේවතාවරුන්ම බව ඔය දරුවන්
දන්නවා. දැන් අපි පත්ව ඇත්තේ කුමන තත්ත්වයකටද? අපිරිසිඳු හිඟන්නන්. අපි දැන් නැවතත්
ඒ රාජකුමාරයින් බවටම පත් වෙමු. සෑම කෙනෙකුගේම උත්සාහයන් එකම වන්නේ නැහැ. ඇතැම් අය
ඇද වැටෙනවා. ඇතැම් අය ද්‍රෝහීන් බවට පත් වෙනවා. එවන් ද්‍රෝහීන් රැසක් සිටිනවා.
ඔවුන් ගැන කතාවත් නොකළ යුතුයි. ඥාන කරුණු වලට අමතර වෙන යම් දෙයක් කවුරු හෝ කතා
කරනවා නම් ඒ පුද්ගලයා යක්ෂ දේශයට අයත් අයෙක් බව තේරුම් ගන්න. යහපත් ආශ්‍රයක් ඔබව
එතෙර කරවන අතර නරක ආශ්‍රයකින් ඔබ ගිලී යනවා. දැනුමට දක්ෂ, බාබාගේ හදවතේ අසුන් ගෙන
සිටිනා අයගේ ඇසුරේ සිටින්න. ඥානයේ සුමධුර පැති ඔවුන් ඔබට පෙන්වා දේවි. අච්චා.
සුමිහිරි, ආදරණීය
බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු, සේවයට ලැදි, ශ්‍රද්ධා විශ්වාසයෙන්
යුතු හා කීකරු ඔය දරුවන්ව ඔබගේ මව හා පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ
උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශරීරයක්
නොමැති රූපකායක් නොමැති ඒකායන පියාට ආදරය කරන්න. වෙනත් කිසිම ශාරීරික කෙනෙකුගේ නම
හෝ රූපයේ පැටලීමට ඔබගේ බුද්ධියට ඉඩ නොතබන්න. මායාගේ කම්මුල් පහර නොලැබීමට වග බලා
ගන්න.
2. ඥාන කරුණු සම්බන්ධ
දේ හැර වෙනත් දේවල් කතා බහ කරනා අයගේ ඇසුර තබා නොගන්න. සම්පූර්ණයෙන්ම සමත් වීමට
උත්සාහ දරන්න. කටු මල් බවට පත් කරවීමේ සේවය කරන්න.
වරදානය:
වෙනත්
කිසිවෙකුට නොව, ඒකායන පියාට අයිති වීමේ අවධානය තුළින්, ඔබ යෝග්යුක්ත වී බන්දන වලින්
නිදහස් වේවා.
එය දැන් ආපසු නිවසට
යාමේ කාලයයි, එබැවින් ඔබ බන්දන වලින් නිදහස් වී යෝග්යුක්තව රැදී සිටිය යුතුයි.
බන්දන වලින් නිදහස්ව සිටීම යනු, තද ඇදුමක් නොව, බුරුල් ඇදුමක් ඇදීමයි. ඔබට එම
නියෝගය ලැබුණු සැනින් ඔබ තත්පරයකදි පිටවී යා යුතුයි. බන්දන වලින් නිදහස් සහ
යෝග්යුක්ත ස්ථිතියට ආශිර්වාදයක් ලැබීම සදහා නිරන්තරයෙන් මෙම පොරොන්දුව ඔබගේ අවධානයේ
තබා ගන්න, “වෙනත් කිසිවෙක් නොව, ඒකායන පියා පමණයි’, මන්ද, ආපසු නිවහනට ගොස්
ස්වර්ණමය යුගී රාජධානියට යාම සදහා ඔබගේ පැරණි සිරුර ඔබ හැර දමා යා යුතුයි. එබැවින්
තමන්ව පරීක්ෂා කර බලන්න: මා නිති සූදානම්ද, නැත්නම් දැන් තවමත් බැදී ඇති රැහැන්
තිබෙනවාද? එම පැරණි ඇදුම තද නැහැ නේද?
පාඨය:
නිෂ්ඵල
සිතිවිලි වල අතිරික්ත ආහාර කෑමට නොගන්න, එවිට ඔබ සිරුරේ බර අධික වීමේ රෝග වලින්
ආරක්ෂා වෙයි.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.
පරම පියා වැඩියෙන්ම
ප්‍රිය කරනනේ සත්‍යයටයි. මේ නිසයි භක්ති මාර්ගයේ මෙසේ කියන්නේ: දෙවියන් සත්‍යයි.
වඩාත්ම ඇලුම් කරන දේ සත්‍යයයි, මන්ද, අවංක අය, පිරිසිදුයි: ඔවුන් පිරිසිදුව සහ
පැහැදිලිව සිටියි. එබැවින් අවංක වීමේ විශේෂත්වය කිසිම විටෙක අත් නොහරින්න. සත්‍යයේ
බලය, විදුලි සෝපානයක් මෙන් ක්‍රියා කරයි.