26.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සංගම් යුගයේ ඉතාමත් ඉහළ උසස් බ්‍රහ්මිණ්වරු වන ඔබ දැන් පරමාත්ම දෙවියන්ගේ උකුළ මත හිඳී. ඔබ දැන් සාමාන්‍ය මිනිසුන් බවින් දෙවි දේවතාවුන් බවට පත්වන අතර දිව්‍යමය ගුණාංග ද ඔබට අවශ්‍ය වේ.

ප්‍රශ්නය:
බ්‍රහ්මිණ් දරුවන් වන ඔබ වඩාත් ප්‍රවේසම් විය යුත්තේ කුමන කාරණයන් අරභයාද සහ ඒ මක් නිසාද?

පිළිතුර:
මුළු දවස පුරාම ඔබ කිසිඳු පාප ක්‍රියාවක නොයෙදීමට ප්‍රවේසම් විය යුතුව ඇත. මක් නිසාද ධර්මරාජ් ස්වරූපයෙන් පියාණන් ඔබ ඉදිරියෙන් සිටින නිසාය. ඔබ පරීක‍්ෂාවට ලක් කර මෙසේ අසන්න: මා යම් කෙනෙකුට දුකක් දුන්නාද? මා කුමන ප්‍රතිශතයකින් ශ්‍රීමත් අනුගමනය කරයිද? මා රාවණ් අනුගමනය කරනවාද? ඔබ පියාට අයත් වූ කල, ඔබ කරනා සෑම පාප ක්‍රියාවකටම සිය දහස් වාරයක් දඬුවම් ඇත.

ඕම් ශාන්ති.
දෙවියන් කතා කරයි. ඔබ දරුවන්ට විස්තර කර දී තිබෙනවා කිසිඳු මනුෂ්‍යයෙකුට සහ දෙවි දේවතාවකුට දෙවියන් යැයි කිව නොහැකි බව. ඔබ මෙහි සිටිත්දී ඔබේ බුද්ධියේ ඇත්තේ ඔබ සංගම් යුග බ්‍රහ්මිණ් කෙනෙකු බවයි. ඔබ සමහරුන්ට මෙය පවා නිරතුරුව සිහිතබා ගත නොහැකියි. ඔබ හරියටම සත්‍ය ලෙස බ්‍රහ්මිණ්වරු යැයි ඔබ ඔබම සලකන්නේ නැත. බ්‍රහ්මිණ් දරුවන් දිව්‍යමය ගුණ උකහා ගත යුතුව ඇත. අපි සංගම් යුග බ්‍රහ්මිණ් වරු වන අතර ශිව බාබා විසින් අප ඉතාමත්ම ඉහළ මිනිසුන් බවට පත් වෙයි. ඔබ සැමට මෙය සිහිතබා ගත නොහැකියි. ඔබට නැවත නැවත එය අමතක වෙයි. මෙය බුද්ධියේ තබා ගැනීම පවා මහා වාසනාවකි. සැමවිට සියල්ල ඇත්තේ අනුපිළිවෙලිනි. ඔබේ බුද්ධිය අනුව ඔබ සෑම කෙනෙක්ම උත්සාහයක් කරන අයයි. ඔබ දැන් සංගම් යුගයට අයිතියි. ඉතාම ඉහළ මිනිසුන් බවට පත් වන්නේ ඔබයි. ඔබ එසේ වන්නේ අබා (පියාණන්) වන ඉතාමත් ආදරවන්ත පියා සිහිකළ විටයි. ඔහු සිහි කිරීමෙන් පමණයි ඔබේ පාප දුරුවී යන්නේ. ඔබ දැන් පාපයෙහි යෙදුනොත් ඔබේ ගිණුමේ එය සිය වාරයක දඬුවමක් ලෙස එකතු වෙයි. කලින් ඔබ පව් කළොත් එකතු වන්නේ දහ ගුණයකිනි. දැන්, පියාගේ උකුළට පැමිණ ඇති නිසා ඔබට සිය ගුණයකින් එය එකතු වෙයි. ඔබ දරුවන් දන්නවා පියා ඔබට උගන්වන්නේ ඉතාම ඉහළ මනුෂ්‍යයන් බවට පත් වී ඉක්බිතිව දෙවි දේවතාවුන් බවට පත් වීම සඳහා බව. මෙය නිරන්තරව සිහි තබා ගන්නා අය දිගටම විශාල ආධ්‍යාත්මික සේවයක් කරයි. නිරතුරුවම උද්දාමයෙන් සිටීමට නම්, අන් අයට මාර්ගය පෙන්වා දෙන්න. ඔබ කොහේ ගියත් ඔබේ බුද්ධියේ සැමවිට තිබිය යුත්තේ ඔබ සංගම් යුගයේ කෙනෙකු බවයි. මෙය ඉතාමත් උසස් සංගම් යුගයයි. අන් අය කතා කරන්නේ උසස් ම මාසය හෝ උසස්ම වර්ෂය ආදී ලෙසය. ඔබ කියන්නේ ඔබ සංගම් යුගයේ ඉහළම බ්‍රහ්මිණ් වරු බවයි. මෙය ඉතා හොඳින් බුද්ධියේ තබාගන්න. අප දැන් උසස් මිනිසුන් බවට පත් වන වන්දනා ගමනේ යෙදී සිටිමු. මේ තරමින් ස්මෘතිය තබා ගත හැකි නම් එයද ‘මන්මනභාව්’ නම් වේ. ඔබේ උත්සාහයන් හා ක්‍රියාවන් අනුව ඔබ එවැනි ඉහළම ඉහළ මිනිසුන් බවට පත් වෙමින් සිටී. ඔබට දිව්‍යමය ගුණාංග අවශ්‍ය වන අතර ශ්‍රීමත් ද පිළිපැදිය යුතුය. අනෙක් මිනිසුන් සියලු දෙනා අනුගමනය කරන්නේ රාවණ් කියනු ලබන දේ හෝ මන්මත් ය. ඔබ සියලු දෙනාම ශ්‍රීමත් අනුගමනය නොකරයි. තාම සමහරු රාවණ් අනුගමනය කරයි. සමහරු එක ප්‍රතිශතයකිනුත් තවත් සමහරු වෙනත් ප්‍රතිශතයකිනුත් ශ්‍රීමත් අනුගමනය කරයි. ඔවුන් මෙහි සිටියත්. ශිව බාබාගේ ස්මෘතිය තුළ නොසිටියි. ඔවුන්ගේ බුද්ධියේ යෝගාව වෙන කොහේ හෝ සැරිසරයි. ඔබව දිනපතාම පරීක‍්ෂාවට ලක් කරන්න: මෙසේ අද මම යම් පාපයක් කළාද? යමෙකුට දුකකට හේතු වූවාද? ඔබ බොහෝ ප්‍රවේසම් විය යුතුයි. මක් නිසාද, ධර්මරාජ් ද මෙහි සිටින නිසා. දැන් මේ කාලය කර්ම ගිණුම් පියවන කාලයයි. දඬුවම් ද අත්දැකිය යුතුව ඇත. ඔබ දරුවන් දන්නවා උපතෙන් උපත ඔබ පාප ක්‍රියා කළ බව. කෙනෙක් සිද්ධස්ථානයකට හෝ ගුරු කෙනෙක් වෙත හෝ තමා ආදරය කරන විශේෂ දෙවි දේවතාව වෙත හෝ ගිය විට ඔහු මෙසේ කියයි: මා උපතෙන් උපත පව් කර ඇත. මට අනුකම්පා කර සමාවන්න! මෙවැනි වදන් සත්යුගයේ දී කතා නොවේ. සමහරු ඇත්ත කිව්වත් තව අය බොරු කියති. මෙහිදීද එසේමය. බාබා සැම විට මෙසේ කියයි : ඔබේ ජීවිත කතාව ලියා බාබා වෙත එවන්න. සමහරු සම්පූර්ණ සත්‍යය ලිව්වත් තවත් අය ලිවීමට ලැජ්ජා නිසා සමහර දේ සඟවයි. ඔබ දන්නවා ඔබ යම් නරක දෙයක් කළොත් එයින් ලැබෙන ප්‍රතිඵලයද නරක බව. වෙනත් තැනකදී නම් එය තාවකාලිකව වන නමුත් මෙහිදී එය දිගු කාලයක් වේ. දැන් ඔබ නරක දෙයක් කළොත් දඬුවම් ලැබෙන අතරම දෙව්ලොව යා හැක්කේ අන්තිමටය. ඔබ දැන් දන්නවා කවුද උසස් වන්නේ කියා. එය වූ කලී ඉතාමත් ම ඉහළ දිව්‍යමය රාජධානියයි. ඔබ ඉහළම මිනිසුන් බවට පත් වේ. වෙන කොහේ දී වත් කවුරුවත් මෙහිදී තරම් පැසසුමට ලක් වන්නේ නැත. මේ නිසයි බාබා මෙසේ කියන්නේ : ඔබේ බැතිමතුන්ට විස්තර කර දෙන්න. මිනිසුන් දෙවි දේවතාවුන්ගේ ගුණ නොදනී. ඒවා ගැයූවත් ඒ ගිරවුන් මෙනි. බැතිමතුන් ඔවුන් පාපීන් යැයි කියනා කළ මෙසේ අසන්න ඔබ නිහඬ දේශයේ සිටිනා විට පව් කළාද? එහි, සියලුම ජීවාත්ම සත්ථාවන් පිරිසිඳුය. මෙය තමෝප්‍රධාන් ලෝකය නිසා ඔබ මෙහිදී අපිරිසිඳුය. පිරිසිඳු අය ජීවත් වන්නේ නව ලෝකයේ පමණි. ඔබව අපිරිසඳු කරවන්නේ රාවණ්ය. වර්තමානයේ දී විශේෂයෙන් භාරතය රාවණ් රාජ්‍යය වන අතර සාමාන්‍යයෙන් මුළු ලොවම එසේය. රජුන් රැජිණියන් ලෙසම යටත් වැසියන් ද වෙයි. උසස්ම සහ පහත්ම. මෙහි හැම කෙනෙක්ම අපිරිසිඳුය. බාබා මෙසේ කියයි: මා පැමිණ ඔබ පිරිසිඳු කර ගෙදර ගෙන යමි. එසේ නම් ඔබ අපිරිසිඳු කරවන්නේ කවුද? ඒ රාවණ්ය. ඔබ මගේ උපදෙස් පිළිපැදීමෙන් නැවතත් පිරිසිඳු බවට පත් වෙමින් සිටී. ඉක්බිති, චක්‍ර භාගයකින් පසු ඔබ නැවතත් රාවණ් පිළිපැදීමෙන් අපිරිසිඳු වෙයි. එනම්, ශාරීරික අවධානයට පත් වීමෙන් පාපයේ බලපෑම ලබයි. ඒවාට කියන්නේ යක‍්ෂ උපදෙස් කියාය. පිරිසිඳුවෙන් තිබූ භාරතය අපිරිසිඳු බවට පත් වී දැන් නැවතත් පිරිසිඳු බවට පත් විය යුතුව ඇත. පාරිශුද්ධකරුවාණන් වන පියාණන් එම පිරිසිඳු කිරීම සඳහා පැමිණ ඇත. බලන්න අද මිනිසුන් කොපමණ විශාල සංඛ්‍යාවක් සිටීද කියා. හෙට වන විට කොතෙක් වේද? යුද්ධය ද සිදුවනු ඇත. මරණය ඔබ ඉදිරියේම ඇත. හෙට වන විට ඒ මිනිසුන් කොහේ සිටීවිද? සැම කෙනෙකුගේම ශරීරය සහ මෙම වියපත් ලෝකය විනාශ වෙයි. ඔබේ උත්සාහයන්ට අනුව මෙහි විශේෂත්වය දැන් ඔබේ බුද්ධිය තුළ අනුපිළිවෙලින් ඇත. අප දැන් වාඩි වී සිටින්නේ කවුරු ඉදිරිපිට ද? මෙය තේරුම් නොගන්නා අයයි අඩුම තත්ත්වයන් ලබන්නේ. කෙනෙකුගේ වාසනාවේ නැත්නම්, නාටකයට අනුව කළ හැකි දේ කුමක් ද? ඔබ දරුවන් දැන් සේවය කරන අතර බාබා ද සිහිකළ යුතුව ඇත. ඔබ සංගම් යුග බ්‍රහ්මිණ් වරුය. ඔබ ඥාන සාගරය සහ සතුටේ සාගරය වන පියාණන් හා සමාන වී ඔබට ඔබ හදන පියාණන් හමු වී ඇත. දෙවි දේවතාවුන්ගේ පැසසුම මෙසේය: ‘සියලු ගුණාංගයන්ගෙන් සපිරි’ ආදී ලෙසය. වර්තමානයේදී කිසිවෙකුට මෙම ගුණාංග නැත. නිරතුරුවම ඔබෙන්ම මෙසේ අසන්න: ඉහළ තත්ත්වයක් ලැබීමට මා වටිනා බවට පත් වී ඇත්තේ කොතෙක්ද? සංගම් යුගය ඉතා හොඳින් සිහි කර ගන්න. සංගම් යුග බ්‍රහ්මිණ්වරු වන අප තමා ඉහළම ඉහළ මිනිසුන් බවට පත් වන්නේ. ශ්‍රී ක්‍රිෂ්ණා වූ කලී නව ලෝකයේ ඉහළම ඉහළ උතුම් මිනිසාය. ඔබ දරුවන් දන්නවා ඔබ දැන් සිටින්නේ පෞද්ගලිකවම බාබා ඉදිරියේ බව. එමනිසා, ඔබ වඩ වඩාත් මේ හැදෑරීම කළ යුතුයි. අන් අයටද ඉගැන්විය යුතුයි. එසේ අන් අයට උගන්වන්නේ නැත්නම් එයින් ඔප්පු වන්නේ ඔබද හරිහැටි ඉගෙන ගන්නේ නැති බවත් බුද්ධිය හිස් බවත්ය. සියයට පහක් වත් බුද්ධියට ගොස් නැත. ඔබ සංගම් යුග බ්‍රහ්මිණ්වරු බව වත් නොදනී. බුද්ධියෙන් පියාව සිහිකරමින්ම දිගටම ස්වදර්ශන චක්‍රය කරකවන්න. විස්තරය ඉතා පහසුයි. ඔබ ජීවාත්ම සත්ථාවක් බව සළකා පියාව සිහි කරන්න. ඔහු සියල්ලටම ඉහළම ඉහළ පියාය. පියාණන් මෙසේ කියයි: මා සිහි කළ විට ඔබේ පව් දුරු වී යයි. අපි තමා වන්දනාවට සුදුසු හා පසුව වන්දනා කරුවන් වන්නේ. මේ මන්ත්‍රය ඉතා හොඳයි. ඔවුන් කියන්නේ ජීවාත්ම සත්ථාව පරමාත්මය බවයි. ඔවුන් කියනා දේ සම්පූර්ණයෙන් සාවද්‍යය. අපි පිරිසිඳු ව සිට පසුව උපත් 84ක් ගැනීමේදී මෙසේ විය. දැන් අපි ආපසු ගෙදර යා යුතුය. අද අපි මෙහි සිටිනවා. හෙට ආපසු ගෙදර යනවා. අපි යන්නේ අසීමිත පියා ගේ ගෙදර. මේ නාටකය අසීමිතයි. එය නැවත නැවත සිදුවනු ඇත. පියා මෙසේ කියයි : ඔබේ ශරීරය ඇතුළු ශරීරයේ ආගම් සියල්ල අමතක කර ඔබ ජීවාත්ම සත්ථාවක් බව සළකන්න. අපි දැන් ශරීර අතහැර ආපසු ගෙදර යා යුතුය. මෙසේ ස්ථීරවම සිහි කරන්න: මා ජීවාත්ම සත්ථාවකි. මෙසේ සිහි කිරීම සහ ගෙදර සිහි කිරීම යන්නෙහි තේරුම ඔබේ බුද්ධිය මුළු ලොවම අතහැර ඇති බවයි. ශරීරය අත්හැරීම සහ සියල්ල අත්හැරීමයි. එම හතා යෝගීන් මුළු ලොවම අතහරින්නේ නැත. ඔවුන්ගේ අභිනිෂ්ක්‍රමණය අසම්පූර්ණය. ඔබ මුළු ලොවම අභිනිෂ්ක්‍රමණය කළ යුතුය. තමා ශරීරය යැයි සිතන අය ක්‍රියා කරන්නේ ද ඊට අනුරූපවය. ශරීර අවධානයෙන් සිටීම මඟින් ඔවුන් සොරකම, මුසාවාදය ආදී සියලු පව් කම් කරයි. ඔවුන් පුරුද්දක් ලෙස මහ හඬින් කතා කරයි. ඉන් පසු ඔවුන් මෙසේ කියයි: ඒ මගේ කට හඬේ හැටියි! ඔවුන් දවස පුරා 20-30 වාරයක් පාපයෙහි යෙදේ. බොරු කීම ද පාපයකි. ඔවුන් එවැනි දේට ඇබ්බැහි වෙයි. බාබා මෙසේ කියයි: ඔබේ කට හඬ අඩු කර ගන්න ඉගෙන ගන්න. බල්ලන් පවා හොඳ වීමට පුහුණු කළ හැකියි. වඳුරන් ඉතාම තියුණුය. ඔවුන් මිනිසුන් සමඟ බොහෝ කුළුපග වී නටන්න පවා පටන් ගනී. සතුන් පවා එසේ සැකසිය හැකියි. මිනිසුන් සතුන් හදන අතරේ පියාණන් මිනිසුන්ව හදයි. පියා මෙසේ කියයි : ඔබද සතුන් හා සමානය. ඒ නිසා, ඔබ කියයි: මා ඉබ්බෙක් හෝ වලසෙක් වන බව. ඔබේ ක්‍රියාවන් අනුව යමින් ඊටත් වඩා නරක ලෙස මාව දක්වා ඇත. ඔබ මෙය දැන ගත්තාට ලෝකයා මෙය නොදනී. අවසානයේ දී ඔබට ඔබ කළ දෑ ගැන දසුන් දැකිය හැක. දඬුවම් ලැබෙන ආකාරය ද දැනෙනු ඇත. ඔබ කල්ප භාගයක් ම භක්ති කළා. දැන් පියා හමු වී තිබෙනවා. ඔහු මෙසේ කියයි : මගේ උපදෙස් නොපිළිපැද්දොත් දිගින් දිගටම දඬුවම වැඩි වේ. ඒ නිසා, තවත් පව් කිරීම නවතන්න. ඒ පිළිබඳව ඔබේ සටහනක් තබා ගෙන ඥානය ද උකහා ගන්න. අන් අයට විස්තර කර දීම ද පුරුදු පුහුණු කිරීම අවශ්‍යය. ප්‍රදර්ශන පිංතූර දෙස සිතා බලා අන් අයට කෙසේ විස්තර කර දෙම් ද කියා සොයන්න. පළමුවෙන්ම ‘ගීතා සත්‍යය කියා දෙන දෙවියන් කවුද?’ යන ප්‍රශ්නය ගන්න. ඥාන සාගරය විය හැක්කේ පාරිශුද්ධකරුවාණන් වන පරම පිතා, පරමාත්මාය. එම පියාණන් සියලුම ජීවාත්ම සත්ථාවන්ගේ පියාණන්ය. සෑම කෙනෙකුටම පියා හඳුන්වාදීම අත්‍යවශ්‍යය. ඍෂිවරු සහ මුණිවරු ආදීන්ට පියාගේ හැඳින්වීම ද නිර්මාණයේ මුල, මැද හා අග ගැන ද දැනුමක් නැත. ඒ නිසා, පළමුවෙන්ම ඔවුන්ට විස්තර කර මෙසේ ලියවන්න: ඇත්තේ එකම දෙවියන්ය. වෙන කිසිවෙකුට දෙවියන් විය නොහැක. මනුෂ්‍යයින්ට තමා දෙවියන් යැයි කිව නොහැකියි. ඔබ දරුවන්ට දැන් පැහැදිලියි, දෙවියන් අශරිරික බව. පියාණන් අපට උගන්වන අතර අප ඔහුගේ සිසුන්ය. ඔහු පියාණන් සේම, ගුරුවරයා ද, සත්ගුරු ද වෙයි. ඔබ පියාණන් සිහි කරන විට, ගුරුවරයා හා ගුරු යන දෙකද සිහි වේ. ඔබේ බුද්ධිය එහෙ මෙහෙ යා යුතු නැත. නිකම්ම ‘ශිවා’ යැයි කියමින් නොසිටින්න. ඔහු අපේ පියා මෙන්ම උත්තරීතර ගුරුවරයාද වෙයි. ඔහු අපව ඔහු සමඟ කැඳවා ගෙන යයි. එම ඒකායනය ගැන මහත් පැසසුම් ඇත. අපි ඒකායන ඔහු ගැන සිහි කළ යුතුයි. සමහර මිනිසුන් කියනවා ඔබ ගැන, ඔවුන්ගේ ගුරු බ්‍රහ්ම කුමාරීන් කියා. ඔබ ද ඔවුන්ගේ ගුරු වනවා නේද? එසේ වුවත් කිසි ලෙසකින්වත් ඔබට පියාණන් යැයි කිසිලෙසකින් වත් නොකියැ වේ. ඔබට ගුරුන් හෝ ගුරුවරයා යැයි කිව්වත් පියාණන් යැයි නොකියැවේ. එම තුනම වන්නේ එම එකම පියාණන්ය. ඔහු සියලු පියවරුන්ගේත් මහා පියාය. අව්‍යක්ත් බ්‍රහ්මා වන මොහුටත් වඩා ඉහළ වන්නේ ඒකායන ඔහුය. ඔබ මෙය ඉතා පැහැදිලිව විස්තර කර දිය යුතුයි. ප්‍රදර්ශන වලදී විස්තර කිරීම සඳහා ඔබට ප්‍රඥාව අවශ්‍යය. ඔබ සමහරු සිතන්නේ ඔබට ධෛර්යයක් නැත කියාය. විශාල ප්‍රදර්ශන තිබෙන විට හොඳින් සේවාව කළ හැකි දරුවන් එහි ගොස් සේවය කළ යුතුයි. බාබා කිසිවිට ඔබ නොනවතයි. ඉදිරියට යන විට ඔබ දිගටම මුණිවරුන්ට සහ ශුද්ධතුමන්ටද ඥාන හීය විදිනු ඇත. ඔවුන් වෙන කොහේ යන්නද? ඇත්තේ මේ එකම සාප්පුව පමණි. සෑම කෙනෙක්ම ගැලවීම ලබන්නේ මෙම එකම සාප්පුවෙනි. මේ සාප්පුව සෑම කෙනෙකුටම පිරිසිඳුවීමේ මඟ පෙන්වයි. එවිට, මෙහි පැමිණීම හෝ නොපැමිණීම ඔවුන් සතුය. ඔබ දරුවන් සේවයට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඔබ දරුවන් අර්ථාන්විත වුවත් සම්පූර්ණ සේවයක් නොකරයි. ඒ නිසා, බාබා තේරුම් ගන්නේ ඔබට අපලයක් කියාය. හැම කෙනෙකුටම අපල ඇත. සමහර අය මායාගෙන් වැසී ඇත. ඇතැම් විට දවසකින් දෙකකින් ඔවුන් හරි යයි. දරුවන් සේවාවෙන් යම් අත්දැකීමක් ලබා මෙහි පැමිණිය යුතුයි. කොහොමනමුත්, ඔබ ප්‍රදර්ශන දිගටම පවත්වන්න. ඇයි මිනිසුන් කෙලින්ම තේරුම් නොගන්නේ ශිව දෙවියන් ගීතා සත්‍යය හෙලි කළ බවත් ක්‍රිෂ්ණා එසේ නොකළ බවත්? සමහරු ඔහේ නිකම් කියයි: ‘මෙය හොඳයි, ඒක මිනිසුන්ට බොහෝ ප්‍රයෝජනවත්, සැමටම මෙය කිව යුතුයි කියා, නමුත්, ඔවුන් කිසිවෙක් මෙසේ නොකියයි: “මමද මේ උරුමය ලබා ගනිමි”. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශරීර අවධානයෙන් යුතුව මහ හඬින් කතා නොකරන්න. එම පුරුද්ද අවසාන කරන්න. සොරකම හා බොරු කීම ආදී සියල්ල පාපයන්ය. එයින් බේරීමට නම්, ජීවාත්ම සත්ථාමය විඥ්ඥානයෙන් යුතුව සිටින්න.

2. මරණය ඔබ ඉදිරියේම ඇත. ඒ නිසා, පියාගේ ශ්‍රීමත් පිළිපැද පිරිසිඳු වන්න. පියාට භාර වූ පසු, කිසිඳු පාප ක්‍රියාවක් නොකරන්න. දඬුවමින් බේරීමටද උත්සාහයක් දරන්න.

වරදානය:
ලෝක්-පසන්ද් සභාව (මහජන සභාව) සඳහා ටිකට් පතක් වෙන්කරවා ගැනීමෙන් ඔබට රාජ්‍යයේ සිංහාසනයට අයිතියක් ලැබේවා.

ඔබට සිතිවිල්ලක් හෝ අදහසක් ඇති විට, එම සිතිවිල්ල හෝ අදහස පරමාත්ම පියා කැමති දෙයක් දැයි පළමුව පරීක්ෂා කරන්න. පරමාත්ම පියා කැමති දේ ස්වයංක්‍රීයව මිනිසුන් විසින් කැමති කරනු ලැබේ. සිතිවිල්ලේ යම් ආත්මාර්ථකාමීත්වයක් තිබේ නම්, එය ඔබටම කැමති යැයි කියනු ලැබේ, නමුත් එය ලෝකයේ යහපත සඳහා නම්, එය මිනිසුන් සහ පරමාත්ම දෙවියන් විසින් ආදරය කරන බව කියනු ලැබේ. “ලෝක්-පසන්ද් සභාවේ” සාමාජිකයෙකු වීම යනු නීතිය හා සාමයේ රාජධානියේ සිංහාසනයට අයිතිය ලබා ගැනීමයි.

පාඨය:
පරමාත්ම දෙවියන්ගේ ඇසුර අත්විඳින්න, එවිට ඔබට සියල්ල පහසුවෙන් අත්විඳින අතරම ආරක්ෂිතව සිටිය හැක.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ශිව ශක්ති, ඒකාබද්ධ ස්වරූපයක් වන සේම, පාන්ඩවපති (පාන්ඩවයන්ගේ ස්වාමී) සහ පාන්ඩවයන්ද සෑම විටම ඒකාබද්ධ ස්වරූපයක් වී ඇත. පාන්ඩවපතීට, පාන්ඩවයන් නොමැතිව කිසි දෙයක් කළ නොහැක. මෙම ඒකාබද්ධ ස්වරූපයේ නිරන්තරයෙන් රැදී සිටින අයට, ශාරීරික ස්වරූපයෙන් සියළු සම්බන්දතා තුලින් බාප්දාදා ඔවුන් ඉදිරියේ සිටිනවා වැනිය. ඔබ කොහේ සිටියත්, ඔබ ඔහුට අමතන විට, ඔහු තත්පරයකදි ඉදිරිපත් වෙයි, “ස්වාමී සදා ඉදිරිපත් වෙයි” යන කියමන තිබෙන්නේ මේ නිසයි.