26.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඉතා යහපත් ආශ්‍රයේ සිටින්න. ඔබ නරක ආශ්‍රයෙන් පැහැ ගැන්වූවොත්, ඔබ ඇද
වැටෙයි. නරක ආශ්‍රය, බුද්ධිය පහත් කරයි.
ප්‍රශ්නය:
ඔය දරුවන්ට
උද්යෝගයේ රැල්ලක් තිබිය යුත්තේ කුමක් සඳහාද?
පිළිතුර:
ඔබට උද්යෝගයේ රැල්ලක් තිබිය යුත්තේ, සෑම ගමකටම ගොස් සේවයේ යෙදීමටයි. ඔබට ඇති සෑම
දෙයක්ම සේවය සඳහාය. පියා ඔය දරුවන්ට අවවාද කරයි : දරුවනි, මෙම පැරණි ලෝකයේ සියලුම
ආධාරක වලින් තමන්ව නිදහස් කරගන්න. මෙහි තිබෙන කිසිම දේකට බැඳීමක් තබා නොගන්න. ඔබගේ
හදවත කිසිම දේකට බැඳ නොතබන්න.
ගීතය:
මෙම පාපයේ
දේශයෙන් අපව සුව පහසුව සහ විවේකය ඇති තැනකට රැගෙන යන්න.
ඕම් ශාන්ති.
එය පාපකාරී ජීවාත්මයන්ගේ ලෝකය වුවත්, පිවිතුරු පුණ්‍ය ජීවාත්මයන්ගේ ලෝකය වුවත්,
සඳහන් කරන ලෝකයෙන් කියැවෙන්නේ, එහි සිටින ජීවාත්ම වර්ගය ගැනයි. මෙහි දුක ඇති නිසයි,
මිනිසුන් කන්නලව් කරන්නේ. පිවිතුරු පුණ්‍ය ජීවාත්ම සිටින ලෝකයෙන්, තමන්ව වෙනත්
තැනකට රැගෙන යන්න කියා, කිසිවෙකු කන්නලව් කරන්නේ නැත. ඔබට මේ සෑම දෙයක්ම කියන්නේ,
පණ්ඩිතයෙක්, සන්‍යාසියෙක් හෝ ශාස්තෘවරයෙක් නොවන බව ඔය දරුවන්ට වැටහෙනවා. මෙම කෙනාම
පවසන්නේ මා මෙම දැනුම පෙර දැන සිටියේ නැත. මා බොහෝ සෙයින් රාමායනය සහ වෙනත් ග්‍රන්ථ
හැදෑරුවෙමි. බාබා පවසන්නේ මා ඔබට මෙම දැනුම ලබා දෙන අතර, මේ කෙනාද අසා සිටියි. මෙය
දැන් පාපකාරී ජීවාත්මයන්ගේ ලෝකයයි. පිවිතුරු සහ පුණ්‍ය ජීවාත්ම ගැන සඳහන් වෙන්නේ,
ඔවුන් සිටි අතර, දැන් නොමැති බවයි. මිනිසුන් ඔවුන්ව වන්දනා කර, ඉන්පසුව නිවෙස් කරා
යයි, එපමණයි. ඔවුන් ශිවාටද වැඳුම් පිදුම් කරයි. දැන් ඔය දරුවන් වන්දනා කරන්නේ කාවද?
ඔබ දන්නවා, උසස්ම උසස් වන්නේ ශිව දෙවියන් බව. ඔහු කීකරු පියා, ගුරුවරයා සහ කීකරු
මාර්ගෝපදේශකයාය. වෙනත් කිසිම ගුරු කෙනෙකුට ඔබව, ඔහුත් සමඟ ආපසු රැගෙන යෑම සහතික කළ
නොහැකි අතර, කෙසේවත් ඒ කිසිම කෙනෙකුට කවුරුන් හෝ ආපසු රැගෙන යාමට නොහැක. ඔබ දැන්
පෞද්ගලිකවම බාබා ඉදිරියේ අසුන් ගෙන සිටින නමුත්, ඔබ පිටත්ව ආපසු නිවෙස් කරා ගිය
විටම ඔබට අමතක වෙයි. ඔහුට පෞද්ගලිකව සවන් දීමට ඔබ බොහෝ සේ ප්‍රිය කරයි. පියා නැවත
නැවතත් පවසන්නේ දරුවනි, හොඳින් ඉගෙනගන්න. මේ ගැන නොසැලකිලිමත් නොවන්න. නරක ආශ්‍රයේ
සිරගත නොවන්න. එසේ නැත්නම් ඔබගේ බුද්ධි මීටත් වඩා පහත් වෙයි. ඔබ සිටියේ කෙසේද
මෙන්ම, කුමන පාපයන් සිදුකළාද කියා, ඔය දරුවන් දන්නවා. ඔබ දැන් දේවතාවන් බවට
පත්වනවා. මෙම පැරණි ලෝකය විනාශ වීමට යනවා. එබැවින් ඔබ මෙහි ඇති මෙම ගොඩනැගිලි ගැන
සැලකිලිමත් වන්නේ ඇයි? ඔබ මෙම ලෝකයේ සෑම දෙයක්ම අමතක කළ යුතුයි. එසේ නැත්නම් ඒවා
බාධක ගෙන එයි. අපගේ හදවත් මෙම ලෝකයට බැඳී නැත. අප ගොස්, නව ලෝකයේ අපගේ දියමන්ති හා
මැණික් එබවු මාලිගා තැනීමටයි යන්නේ. ඔබ මෙම ස්ථානයේ මුදල් හෝ වෙනත් දේකට තවමත් ආශා
කරන්නේ නම්, ඔබගේ සිරුර අත්හරින මොහොතේද, ඔබට එම දේවලට බැදීමක් තිබෙයි. ඔබ දිගින්
දිගටම ‘මගේ මගේ‘ කියන්නේ නම්, අවසානයේදී එය ඔබ ඉදිරියේ මතු වෙයි. සෑම දෙයක්ම විනාශ
විය යුතු අතර, අප ඉන්පසුව අපගේ රාජධානියට යන්නෙමු. එබැවින් අප මෙම ලෝකයට අපගේ හදවත්
බැඳ තබන්නේ ඇයි? එහි විශාල වශයෙන් සතුට තිබේ! එහි නාමයම වන්නේ දිව්‍යලෝකයයි. අප
දැන් අපගේ නිවසට ආපසු යෑමටයි සිටින්නේ. මෙම නිවහන අපගේ නොවෙයි, එය රාවණගේය. ඉන්
නිදහස් වීම සඳහා අප උත්සාහ දැරිය යුතුයි. පැරණි ලෝකයේ ආධාරක වලින් අපව නිදහස් කර
ගැනීමට බාබා අපව දිරිමත් කරයි. මේ නිසයි පියා මෙසේ පවසන්නේ මෙහි ඇති කිසිම දේකට
ඇලීමක් ඇති කර නොගන්න. ඔබගේ කුසට වැඩි දෙයක් අවශ්‍ය වන්නේ නැත. අනවශ්‍ය දේට බොහෝ
වියදම් යයි. ඔය දරුවන් සේවය කිරීමට බොහෝ උද්යෝගිමත් විය යුතුයි. ගම් වල සේවය කිරීමට
බොහෝ දරුවන් කැමැත්තක් දක්වන නමුත්, සේවය කිරීමට කැමැත්තක් නැති අයගෙන් ඇති
ප්‍රයෝජනය කුමක්ද? පියා කෙසේද, දරුවන්ද එසේ විය යුතුයි. ඔබ සෑම කෙනෙකුටම පියාගේ
හැඳින්වීම ලබා දිය යුතුයි පියා සිහිපත් කර, ඔහුගෙන් ඔබගේ උරුමය හිමි කරගන්න. ඔහුගේ
සේවයේ යෑමට කැමැත්තක් දක්වන දරුවන්ව, බාබා දිරිමත් කරයි. පියා පැමිණ ඇත්තේ ඔබට සේවය
කිරීමටයි. සෑම දෙයක්ම සේවය වෙනුවෙනි. ඔබ බාබාගේ හැඳින්වීම සෑම කෙනෙකුටම ලබා දිය
යුතුයි. ඇත්තේ ඒකායන පියා පමණක්මයි. ඔහු භාරතය තුළට ඇතුලු වෙයි භාරතයේ දේවතාවන්ගේ
පාලනය තිබුණි. ලක‍්ෂ්මි සහ නාරායන් සහ ඉන්පසුව රාමා සහ සීතාගේ රාජධානියව තිබුණු
සමය, ඊයේ සිදුවුණු කරුණක් මෙනි. ඉන්පසුව ඔවුන් පාපයේ මාවතට ඇද වැටුණි. රාවණගේ
රාජධානිය ආරම්භ වී, ඔවුන් අඛණ්ඩව ඉනිමඟ දිගේ පහළට පැමිණියා. දැන්, නැඟීමේ තත්ත්වය,
එක් තත්පරයක කරුණකි. එකක් සැබෑ ප්‍රේමය වන අතර අනෙක කෘත්‍රිම ප්‍රේමයයි. තමන්
ජීවාත්මයක් බව සැලකූ විට පමණයි, පියා කෙරෙහි සැබෑ ප්‍රේමයක් තිබිය හැකි වන්නේ. මේ
ලෝකයේ දරුවන්ගේ සෙනෙහස කෘත්‍රිමයි. මෙම ලෝකය විනාශ වීමටයි යන්නේ. සේවය කරන අය කිසිම
විටෙක සාගින්නේ පසු නොවෙනු ඇත. එබැවින් ඔය දරුවන් සේවය කිරීමට ලැදි විය යුතුයි.
ඔබගේ දේවමය දූත මෙහෙය ඉතාමත්ම පහසුයි. මෙම ධර්මය ස්ථාපනය වන අන්දම කිසි කෙනෙකුට
නොවැටහෙයි. ක්‍රිස්තු පැමිණ, ක්‍රිස්තියානි ආගම ස්ථාපනය කළ අතර, ඉන්පසුව එම ආගම
වර්ධනය විය. ආගම් නායකයන්ගේ උපදෙස් පිළිපැද්දත්, ඒ තිබියදී මිනිසුන් පහළට ඇද
වැටුණා. ඔය දරුවන් දැන් ජීව අවධානයට පත් විය යුතුයි. චක්‍රයෙන් භාගයක් පැවති රාවණගේ
රාජධානියේදී අපට පියාව අමතක විය. ඔහු දැන් පැමිණ අපව අවදි කර තිබේ. බාබා පවසන්නේ
නාටකයට අනුව ඔබ වැටෙන්නට තිබුණා එය ඔබගේ වරදක් නොවෙයි. රාවණගේ රාජධානියේදී ලෝකයේ
තත්ත්වය මෙසේ වෙයි. පියා පවසන්නේ මා දැන් පැමිණ සිටින්නේ ඔබට ඉගැන්වීමටයි. ඔබ දැන්
නැවත වතාවක් ඔබගේ රාජධානිය හිමි කර ගත යුතුයි. මා ඔබට වෙනත් කිසිම අපහසුතාවයක්
නොදෙන්නෙමි. පළමුවෙන්ම, පිටත පිළියෙල කළ අපිරිසුදු ආහාර කිසිවක් නොකන්න, එමෙන්ම
නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! මෙම නාටක චක්‍රය අඛණ්ඩව බ්‍රමණය වන බව, ඔය දරුවන්
දැන් දන්නවා. නාටකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ඔබගේ බුද්ධියට තිබේ. ඔබට ඕනෑම
කෙනෙකුට විස්තර කළ හැක. පළමුවෙන්ම පියාගේ සිහිකිරීම තිබිය යුතුයි. සේවය සඳහා, ඔවුන්
සමඟ එකට එකතු වී, ඔවුන්ව ඔබගේ සහකරුවන් කරගන්න. ඔය මව්වරුන් පවා පිටතට යා යුතුයි.
මෙහිදී බිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබට පිංතුර කට්ටලයක් ආදී, සෑම දෙයක්ම ලැබෙනු ඇත.
ඔබට බොහෝ සේ සේවය කිරීමට හැකි වෙයි. ඔබ ඔවුන්ගෙන් සමු ගන්නා විට, ඔවුන් මෙසේ අසයි
ඔබ ගිය පසු අපට උගන්වන්නේ කවුද? ඔවුන්ට කියන්න අපි සේවය කිරීමට සූදානම් නවාතැන්
පහසුකම් ආදිය සූදානම් කරන්න, එවිට ඔබ බොහෝ දෙනෙකුට යහපතක් සිදු කිරීමට උපකරණ වෙයි.
බාබා ඔබව සේවය කිරීමට උනන්දු කරවයි. දරුවන් තුළ නිර්භීතකම තිබෙන විට, සේවය වැඩි
වෙයි. මෙය, දින දහයක් පහලවක් පැවතුණු පසු අවසන් වන හමුවීම් වර්ගයක් නොව. මෙම
ආධ්‍යාත්මික හමුව සෑම කල්හිම පවතිනවා. ජීවාත්ම සහ උත්තරීතර ජීවාත්මය අතර සිදුවන මෙම
මුණගැසීම, සිදුවන්නේ මෙම සැබෑ හමුවෙදීය (මේලා). මෙම මුණගැසීම දැන් සිදුවනවා. සේවය
සම්පූර්ණ වූ විට, මෙම හමුව අවසන් වෙයි. නාටකයට අනුව ඔය දරුවන් සේවය කිරීම සඳහා බොහෝ
ලැදිකමක් දැක්විය යුතුයි. අසීමිත පියා තුළ තිබෙන දැනුම, ඔය දරුවන්ගේ බුද්ධි තුළද
තිබේ. උසස්ම-උසස් පියා මඟින් අපව බොහෝ සේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවනු ලබයි. මේ
අන්දමින් තමන්ටම කතාකරන්න. ඔබලා අතර සම්මන්ත්‍රණ පවත්වන්න. බාබාගෙන් අවවාද ගෙන,
තමන්ව සේවයේ යොදාගන්න. ඔබට උපකාර අවශ්‍ය නම්, ලොකු හදවතක් ඇති කෙනා වන බාබා, මෙතැන
අසුන් ගෙන සිටිනවා. මේ සෑම දෙයක්ම නාටකයේ නියම වී තිබේ. සිත් පීඩා ඇති කරගැනීම
පිළිබඳ ප්‍රශ්නයක් නැත. ස්ථාපනය, වෙන කොහොම සිදුවන්නද? දෙවනුව, යමක් කරන අයට, ඔවුන්
කරන දේහි ප්‍රතිලාභය ලැබෙයි. ඔය දරුවන් දැන් ගල් බුද්ධි ඇති අයගෙන්, දියමන්ති
බුද්ධි ඇති අය බවට පරිවර්ථනය කෙරෙනවා. පියා ඔබව දැනුමින් කෙතරම් නිවැරදි (ධර්මිෂ්ඨ)
කළත්, මායා ඉන්පසුව ඔබව නාසයෙන් අල්ලා, ඔබගේ පිටුපස හරවයි. ඔය දරුවන්ගේ ආශ්‍රය
ඉතාමත් හොඳ විය යුතුයි. ඔබ නරක ආශ්‍රයෙන් පැහැ ගැන්වූ විට, ඔබ ඇද වැටෙයි. බාබා ඔබට
චිත්‍රපටි බැලීම තහනම් කරයි. චිත්‍රපටි බැලීමේ පුරුද්ද ඇති අයට, අපවිත්‍ර වීම නතර
කළ නොහැක. මේ ලෝකයේ සෑම කෙනෙකුගේම ක්‍රියාකාරකම් අපිරිසිදුය. එහි නාමයම වන්නේ ගණිකා
මඩමයි. පියා, ශිවාගේ දේවාලය ස්ථාපනය කරනවා. මෙම ගණිකා මඩම පුලුස්සා දැමිය යුතුයි.
මේ ලෝකයේ සෑම කෙනෙක්ම, කුම්භකරණයාගේ රකුසු නින්දේ නිදිය. ඔබ ශිවාගේ දේවාලයට යන බව
ඔබට වැටහෙයි. පෙර කල, අපද රිලවු මෙන් වීය. මේ පිළිබඳ කතා පුවත රාමායනයේ ඇත. ඔබ දැන්
පියාගේ උදවුකරුවන් බවට පත් ව සිටියි. ඔබගේම බලයෙන්, ඔබ ඔබගේ රාජධානිය ස්ථාපිත
කරනවා. රාවණගේ මෙම රාජධානිය විනාශ වීමටයි තිබෙන්නේ. බාබා ඔය දරුවන්ට බොහෝ විවිධ
උපක්‍රම දිගටම පෙන්වා දෙයි. ඔබ කිසිවෙකුට දැනුම පරිත්‍යාග නොකරන්නේ නම්, ඔබ ඵල
ලබන්නේ කෙසේද? ඔබ ආහාර ගත යුත්තේ, දහ පහළොස් දෙනෙකුට මාර්ගය පෙන්වා දීමෙන් පසුවයි.
පළමුවෙන්ම පුණ්‍ය කර්මයක් සිදුකර, ඉන්පසුව මෙහි පැමිණෙන්න. යහපත ඇත්තේ මෙහි පමණයි.
කිසිම ශාරීරික කෙනෙක්ව සිහි නොකරන්න. මෙම ලෝකය අපවිත්‍රයි. ඒකායන පියා,
පාරිශුද්ධකරුවාව සිහිපත් කරන්න, එවිට ඔබ පිවිතුරු ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි.
ඔබගේ අවසාන සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තයට රැගෙන යනු ඇත. එබැවින් පළමුවෙන්ම මෙම
පණිවිඩය කාට හෝ ලබා දී, ඉන්පසුව ආපසු පැමිණ ආහාර ගන්න. පියාව සිහිපත් කිරීමෙන්
ඔවුන්ට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට හැකි වන බව, සෑම කෙනෙකුටම අඛණ්ඩව කියන්න.
අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
රාත්‍රී පංතිය - 1968/03/17
ඔබට කොහේ හෝ දේශනයක් පැවැත්වීමට ඇති ඕනෑම අවස්ථාවක, ඔබ අන් අය සමඟ තුන් හතර වතාවක්
එකතු වී, පෙර පුහුණුවක යෙදිය යුතුයි. එකතු කිරීම් සිදු කරමින්, නිවැරදි කරමින්,
කරුණු සූදානම් කිරීමෙන්, ඔබ වඩාත් හොඳ දේශනයක් කරනු ඇත. ප්‍රධාන මාතෘකාවේදී ඔබ
ජයගන්නේ නම්, (ගීතාවේ දෙවියන් වන්නේ කවුද?) එවිට ඔබ සෑම දෙයක්ම ජයගනු ඇත.
සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ මේ සඳහා නොවේද? වෘක‍්ෂය අනිවාර්යෙන්ම වැඩෙන බව ඔබට
වැටහෙනවා. සෑම කෙනෙක්ම මායාගේ කුණාටු අත්විඳියි. සාමාන්‍යයෙන් දරුවන් ලියන්නේ බාබා,
මා රාගය නමැති පාපයෙන් පහර කෑවේය. ඔබ උපයාගෙන තිබූ සම්පූර්ණ ආදායම නැති කරගැනීම,
ලෙස මෙය හැඳින්වෙයි. ඔබ කෝප වන්නේ නම්, යම් පාඩුවක් සිදුවෙයි, නමුත් මේ සඳහා විස්තර
කෙරෙන්නේ රාගය නමැති පාපය ජය ගැනීමෙන්, ඔබට ලෝකය ජයගත හැකි බවයි. ඔබ රාගයෙන් පරාජයට
පත් වන්නේ නම්, ඔබ සෑම දෙයකින්ම පරාජය වන්නේය. රාගයෙන් පරාජය වන අය, ඔවුන්ගේ සියලු
ආදායම නැති කර ගන්නා අතර ඔවුන්ට දඬුවම් ලැබෙයි. ගමනාන්තය ඉතාමත් උසස්ය, එබැවින් ඔබ
බොහෝ ප්‍රවේශම් විය යුතුයි. වසර 5000 කට පෙරද රාජ්‍යය ඔබට ලැබුණු බව ඔය දරුවන්
දන්නවා. දේවතා රාජධානිය නැවත වතාවක් ස්ථාපිත කෙරෙනවා. මෙම ඉගෙනුම තුළින් අප එම
රාජධානියට යනවා. සෑම දෙයක්ම රඳා පවතින්නේ මෙම ඉගෙනුම මතයි. ඉගෙනුම සහ ඔබගේ ධාරණාව
තුළින් පමණයි, ඔබට පියා හා සමාන වීමට හැකි වන්නේ. ඔබ කී දෙනෙක් ඔබට සමාන කර තිබේද
කියා, ඔබගේ අවධානයේ තිබීම සඳහා, වාර්තාවක්ද අවශ්‍යයි. ඔබ වැඩියෙන් ධාරණය කරන තරමට,
ඔබ වඩාත් මිහිරි වෙයි. දරුවන් බොහෝ ආදරණීය විය යුතුයි. විමුක්තිය වෙත යෑමට මිනිසුන්
බොහෝ උත්සාහ දැරූ දිනය, දැන් ඔය දරුවන්ට පැමිණ තිබේ. පියා, සෑම කෙනෙකුටම එකවර
විමුක්තිය සහ ජීවන-මුක්තිය ලබා දෙයි. දේවතාවන් වීමට උත්සාහ දරණ අය පමණක් ජීවන
මුක්තිය ලබන අතර, අන් සියලුම දෙනා විමුක්තිය වෙතට යයි. ඔබට නිවැරදි ගණනයක් කළ
නොහැක. ඇතමෙක් පසුවට ඉතිරි වී, විනාශයේ දර්ශන දකියි. ඔවුන් මෙම ලස්සන කාලයන් දකියි.
ඔබ සෑම අවස්ථාවකදීම උත්සාහ දැරිය යුතුයි. ඔබ සිහිපත් කිරීමේ අසුන් ගෙන සිටීමෙන්
පමණක්ම, සියලු දේ සම්පූර්ණ වී, ඔබට නිවසක් ලැබෙනවා නොවෙයි. නැත, නාටකයේ තිබෙන දේ
පමණක් සිදුවෙයි, එබැවින් ඔබ තුළ බලාපොරොත්තු නොතිබිය යුතුයි. ඔබ උත්සාහ දැරිය
යුතුයි, නමුත් නාටකයේ නියම වී ඇති දේ පමණක් සිදුවෙයි. ඔබ තව දුරටත් දියුණුවත්ම,
ඔබගේ ආකල්පය, සහෝදරත්වයේ එකක්, බවට පත් වෙයි. ඔබ වැඩියෙන් උත්සාහ දරණ තරමට, ඔබට එම
ආකල්පය, වැඩියෙන් පවත්වා ගැනීමට හැකියාව ලැබෙයි. අප අශාරීරික ලෙස පැමිණි අතර, අප
දැන් උපත් 84හි චක්‍රය අවසන් කර තිබේ. පියා පවසන්නේ ඔබ දැන් ඔබගේ කර්මතීට්
ස්ථීතියෙන් ආපසු නිවසට යා යුතුයි. ඇත්ත වශයෙන්ම ඔබ කිසිවෙකු සමඟ ග්‍රන්ථ ශාස්ත්‍ර
ගැන තර්ක නොකළ යුතුයි. ප්‍රධානතම දේ වන්නේ සිහිපත් කිරීමේ සිටීම සහ ලෝකයේ මුල, මැද
සහ අවසානය පිළිබඳව වටහාගැනීමයි. ඔබ ලෝකයේ පාලකයන් විය යුතුයි. ඔබට ඇත්තේ මෙම චක්‍රය
වටහා ගැනීම පමණයි. ජීවන-මුක්තිය තත්පරයකදී ලැබීම ලෙස මෙය සිහි කර ඇත. ඔය දරුවන්
විශ්මයට පත් විය යුතුයි. භක්තිය චක්‍රයෙන් භාගයක් පවතින අතර, එකල කිසිම දැනුමක්
නොමැත. දැනුම තිබෙන්නේ පියාට පමණයි. ඔබ එය දැන ගත යුත්තේ පියාගෙනි. පියා බොහෝ
සෙයින් දුර්ලභයි, මේ නිසයි, කෝටි ප්‍රකෝටි ගණනකින් අතලොස්සක් පමණක් මතු වන්නේ. එම
ගුරුවරුන් මෙසේ නොකියනු ඇත, නමුත් එම කෙනා පවසන්නේ මම පියා, ගුරුවරයා මෙන්ම ගුරු ද
වන්නෙමි. එබැවින් මෙය ඇසූ විට මිනිසුන් විශ්මයට පත් වෙයි. භාරතයට ‘මාතෘ භූමිය‘ යැයි
කියන්නේ, අම්බා යන නම සුප්‍රසිද්ධ බැවින්ය. අම්බාගේ නමින් බොහෝ මේලා පැවැත්වෙයි.
‘අම්බා‘ යන නම බොහෝ මිහිරිය. කුඩා දරුවන්ද ඔවුන්ගේ මවට බොහෝ සේ ආදරය කරන්නේ, ඇය
ඔවුන්ට කවා, රැක බලා ගන්නා නිසාය. දැන් අම්බාගේ බාබාවත් ඔබට අවශ්‍ය වනවා. එම දියණිය
දරුකමට හදාගත් අතර, ඇයට සැමියෙක් නොසිටියේය. මෙය අලුත් දෙයකි. ප්‍රජාපිතා බ්‍රහ්මා,
නිසැකයෙන්ම ඇයව දරුකමට හදාගන්නට ඇති. පැමිණ, මේ සෑම දෙයක්ම ඔය දරුවන්ට විස්තර
කරන්නේ පියා පමණයි. ඔය දරුවන් සේවය කරන නිසා, බොහෝ මේලාවන් පැවැත්වෙන අතර, බොහෝ සේ
වන්දනාමාන කෙරෙයි. මමා ඉගැන්වූ තරම් ශිෂ්‍යයින් ගණනකට, අන් කිසිවෙකුට ඉගැන්විය
නොහැක. මමා බොහෝ සෙයින් සුප්‍රසිද්ධ අතර, බොහෝ මේලාවන් ද තිබේ. පියාම පැමිණ,
නිර්මාණයේ මුල, මැද සහ අවසානයේ රහස් ඔය දරුවන්ට විස්තර කළ බව ඔය දරුවන් දැන්
දන්නවා. ඔබ දැන් පියාගේ නිවහන ගැනද දන්නවා. ඔබ පියාට ආදරය කරන සේම නිවසටද ආදරය
කරයි. ඔබට මෙම දැනුම ලැබෙන්නේ මේ කාලයේදීය. මෙම දැනුම තුළින් ඔබ විශාල ආදායමක්
උපයාගනී. එබැවින් ඔබ බොහෝ සතුටු විය යුතුයි එමෙන්ම ඔබ බොහෝ සේ සාමාන්‍යයි! පියා
පැමිණ මෙම දැනුම ලබා දෙන බව, ලෝකය නොදනී. පැමිණ, සියලුම අලුත් දේවල් ඔය දරුවන්ට
පවසන්නේ පියා පමණයි. නව ලෝකය නිර්මාණය වන්නේ අසීමිත ඉගෙනුම තුළින්ය. ඔබට පැරණි ලෝකය
පිළිබඳ නොතැකීමක් තිබේ. ඔය දරුවන්ට දැනුමෙහි සතුට තිබේ. ඔබ පියා සහ නිවහන සිහිකළ
යුතුයි. සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි. පියා සෑම කෙනෙකුටම පවසන්නේ දරුවනි, මම
විමුක්තිය සහ ජීවන-මුක්තිය යන උරුමය, ඔබට ලබා දීමට පැමිණ සිටිමි, එසේ නම් ඔබට අමතක
වන්නේ ඇයි? මා ඔබගේ අසීමිත පියා වන අතර, මා පැමිණියේ ඔබට රාජයෝගාව ඉගැන්වීමටයි.
එබැවින් ඔබ ශ්‍රීමත් පිළිපදින්නේ නැත්ද? එසේ නොකරන්නේ නම්, විශාල පාඩුවක් සිදුවෙයි.
මෙහි සිදුවන පාඩුව අසීමිතයි. ඔබ පියාගේ හස්තය අත්හල විට, ඔබගේ ආදායමේ පාඩුවක්
සිදුවෙයි. අච්චා. ශුභ රාත්‍රියක්. ඕම් ශාන්ති.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි
ලෝකයේ සියලුම දේ අමතක කර දමන්න. පියා මෙන් කීකරු වී, සේවය කරන්න. සෑම කෙනෙකුටම
පියාගේ හැඳින්වීම ලබා දෙන්න.
2. මෙම අපවිත්‍ර
ලෝකයේ, තමන්ව නරක ආශ්‍රයෙන් බේරා ගන්න. පිටත පිළියෙල කළ, අපිරිසිදු ආහාර නොකන්න.
චිත්‍රපටි නොබලන්න.
වරදානය:
ඔබගේ
ත්‍රිකාලදර්ශී ස්ථිතියෙන් ඔබගේ නිෂ්ඵලත්වයේ ගිණුම අවසන් කර ඒ අනුව නිරන්තර
සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.
ඔබගේ ත්‍රිකාලදර්ශී
ස්ථිතියේ ස්ථාවර වීම යනු, ඕනෑම සිතිවිල්ලක් නිර්මාණය කිරීමට පෙර, වචනයක් පැවසීමට
පෙර හෝ ක්‍රියාවක් සිදු කිරීමට පෙර, එය නිෂ්ඵලද, බලවත්ද කියා තමන්ව පරීක්ෂා කර
බැලීමයි. එක තත්පරයක නිෂ්ඵලත්වය, කෝටි ගුණයක පාඩුවක් සිදු කළ හැකි අතර තත්පරයක
බලවත් සිතිවිල්ලකින් කෝටි ගුණයක ආදායමක් රැස් කරගත හැක. නිෂ්ඵලත්වයේ එක තත්පරයක්
ඔබගේ ආදායමේ විශාල පාඩුවක් සිදු කරන අතර මේ නිසා ඔබ උපයාගෙන ඇති ආදායමත් බරක් වෙයි.
මේ නිසයි එක් කාලයක් පිළිබදව පමණක් දැනුවත්ව සිට කිසිදු ක්‍රියාවක් සිදු නොකළ
යුත්තේ, නමුත් සෑම ක්‍රියාවක්ම සිදු කළ යූත්තේ, ඔබගේ ත්‍රිකාලදර්ශී ස්ථිතියේ
ස්ථාවරව රැදි සිටයි. එවිට සියලු නිෂ්ඵලත්වය අවසන් වී, ඔබ නිරන්තර සාර්ථකත්වයේ
ප්‍රතිරුවක් වෙයි.
පාඨය:
ශ්‍රේෂ්ඨතම
අත්හැරීම වන්නේ, ගෞරවය, බුහුමන් සහ පහසුකම් අත්හැරීමයි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
ජීවාත්මය සහ ශරීරය
වෙනස් දෙකකි. කෙසේවෙතත්, ඔවුන්ගේ නොදැනුවත්කම නිසා මිනිසුන් මේ දෙක පටලවාගෙන තිබේ.
තමන්ට අයත් දේ (සිරුර) තමන් (ජීවාත්මය) බව මිනිසුන් සලකයි. මෙම වරද නිසා ඔවුන් බොහෝ
අසහනය, දුක සහ අසාමය අත්දකියි. ඒ අන්දමින්ම, අපවිත්‍ර බවේ සහ අමතක වීමේ සංස්කාර
තමන්ගේ සංස්කාර බව සැලකීමෙන්, නමුත් ඒවා ඇත්ත වශයෙන් බ්‍රහ්මින්වරුන්ගේ සංස්කාර නොව
ශුද්‍රයින්ගේ සංස්කාරයි, ඒවා තමන්ගේ බව සැලකීම නිසා, ඔබ මායාගේ බලපෑමට හසුවී අසහනය
අත්දකියි.