26.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඒ පාරිශුද්ධත්වයෙන් සපිරි ශිව බාබාගේ දරුවන් වීම සඳහා ඔබ කෙතරම් වාසනාවන්තයින්ද යන කුල්මත් බව නිරන්තරයෙන් තබා ගන්න. ඔබ ඔහුගෙන් ඒ අසීමිත වූ සතුට නමැති උරුමය ලබා ගන්නවා.

ප්‍රශ්නය:
කිසිම ආගමකට ධර්මයකට දරුවන් අකමැති නොවිය යුත්තේ මන්ද?

පිළිතුර:
ඔබට මෙම වෘක්ෂය පිළිබඳවත් එහි බීජය පිළිබඳවත් සම්පූර්ණ වූ ඥානය තිබෙන නිසයි. ඔබ දන්නවා මේ අසීමිත වූ ලෝක වෘක්ෂයෙහි සෑම කෙනෙක්ටම ඔහුටම වෙන්වුණු චරිත කොටසක් තිබෙන බව. නාට්‍යයක සිටින එක් එක් නලුවෙක් එකිනෙකා හට ලැබී ඇති චරිත කොටස් පිළිබඳව අසතුටක් දක්වන්නේ නැහැ. ඔබ දන්නවා මෙම නාටකයේ ඔබ තමයි ප්‍රධානම වූ විරුවන්ගේ සහ වීරවරියන්ගේ චරිත කොටස් රඟපාන්නේ කියලා. වෙන කිසිම කෙනෙකුට ඔබ අත් දකින ආකාරයේ සතුටක් අත් දැකීමට බැහැ. මේ මුලු ලෝකයම පාලනය කරනවා යන අසීමිත වූ සතුට ඔබ තුළ නිරන්තරයෙන් තිබිය යුතුයි.

ඕම් ශාන්ති.
ඔබ ’ඕම් ශාන්ති‘ යනුවෙන් පවසන විට ඔබ තුළ ඇති සියලුම ඥානය බුද්ධිය කරා ගලා ආ යුතුයි. බාබාගේ බුද්ධියෙහිත් මෙම ඥානය ගලා එනවා. කුමන ඥානයද? මෙම මනුෂ්‍ය ලෝක වෘක්ෂය පිළිබඳ ඥානයයි. මෙය කල්ප වෘක්ෂය ලෙසත් හඳුන්වනවා. මෙය කොහොමද ස්ථාපනය වන්නේ, පැවතෙන්නේ කෙසේද, එය විනාශ වන්නේ කෙසේද ආදී සියලුම ඥානය ඔබගේ බුද්ධිය තුළ දැන් තිබිය යුතුයි. සාමාන්‍ය ගස් නම් භෞතික ගස් වුවත් මෙම ගස ජීවයෙන් යුතු වූ ගසක්. මෙහි බීජයත් ජීවයෙන් පිරි බීජයක්. ඔහු ජීවයකින් යුතු වූ සත්‍යය නිසා තමයි ඔහු ප්‍රශංසනීයත්වයට ලක් වී තිබෙන්නේ. ඔහු මෙම කල්ප වෘක්ෂයෙහි මුල සිට අග දක්වාම වූ සියලුම ඥානය අපට ලබා දෙනවා. වෙන කිසිම කෙනෙක් ඔහුගේ මෙම වෘත්තිය පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ. මිනිසුන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ පවා වෘත්තිය කුමක්දැයි හොඳින් දැනගෙන සිටිය යුතුයි. කිසිම කෙනෙක් බ්‍රහ්මා සිහිපත් කරන්නේ නැහැ කිසිම කෙනෙක් ඔහු ගැන දන්නේවත් නැහැ. අජ්මීර් (ඉන්දියාවේ ස්ථානයක්) අසළ බ්‍රහ්මා වෙනුවෙන් තනන ලද දේවාලයක් තිබෙනවා. ත්‍රිමූර්ති පින්තූරයෙහි බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් තිදෙනාම පෙන්නුම් කර තිබෙනවා. ඒ දිව්‍ය බ්‍රහ්මා හට ආචාර යනුවෙන් කියමනක් තිබෙනවා. දරුවනි, ඔබට දැන් හොඳින් තේරෙනවා බ්‍රහ්මා හට මේ අවස්ථාවේ දී නම් කිසි සේත්ම දිව්‍ය තත්ත්වයට පත් වීමට නොහැකි බව. ඔහු පරිපූර්ණත්වයට පත් වූවායින් පසුවයි ඔහු දේවතාවක් ලෙස සැලකිය හැක්කේ. ඔහු එම පරිපූර්ණත්වයට පත් වූවායින් පසු ඒ සූක්ෂම දනව්ව කරා යනවා. ’ඔබගේ පියාගේ නම කුමක්ද ?‘ කියා බාබා ඔබෙන් අසන විට, ඔහු කා පිළිබඳවද ඒ අසන්නේ ? ඔහු ජීවයෙන් තමයි එය අසන්නේ. එවිට ජීවාත්මය පිළිතුරු දෙනවා මගේ බාබා කියලා. කිසිම මනුෂ්‍යයෙක් හට මෙම ප්‍රශ්නය ඔබෙන් ඇසිය නොහැකි අතර එය කවුරු විසින් අසනවාද යන්නත් ඔවුන් නොදනී. දරුවනි, ඔබ දන්නවා භක්ති මාර්ගයෙහි ඔබට අනිවාර්යෙන්ම පියවරු දෙදෙනෙක් සිටින බව. මේ එකම පියා හට පමණයි මෙම ඥානය ඔබට ලබාදිය හැක්කේ. දරුවන් දැන් දන්නවා මේ තමයි ශිව බාබාගේ වාහනය කියලා. බාබා ඔබට කතා කරන්නේ මෙම වාහනය යොදාගෙන, එහි ආධාරයෙනුයි. ප්‍රථමයෙන්ම, මෙය තමයි ඒ භෞතික පියා වන බ්‍රහ්මාගේ වාහනය දෙවනුව, ඔබගේ ආධ්‍යාත්මික පියාගේත් වාහනය වන්නේ මෙයයි. ආධ්‍යාත්මික පියාගේ ප්‍රශංසනීයත්වය වන්නේ සාම සාගරයත් සතුටු සාගරයත් යන්නයි. ප්‍රථමයෙන්ම ඔබ තේරුම් ගන්නවා මේ තමයි ඔබ ඒ අසීමිත වූ උරුමය ලබා ගන්නා වූ අසීමිත පියා කියලා. ඔහු තමයි ඔබව ඒ පාරිශුද්ධත්වයෙන් යුතු වූ ලෝකයේ පාලකයන් බවට පත් කරවන්නේ. මිනිසුන් නොපෙනෙන දෙවියෙක් හට කතා කරනවා අහෝ පාරිශුද්ධකරුවාණනි, මෙහි පැමිණෙන්න! කියා. ජීවාත්මය තමයි මෙසේ කෑ ගසන්නේ. ජීවය පාරිශුද්ධත්වයෙන් සිටින විටෙක මෙසේ කෑ ගසන්නේ නැහැ. ඔවුන් එසේ කෑ ගසන්නේ අපිරිසිඳුව ඉන්නා විටයි. දැන් ඔබගේ ජීවය තේරුම් ගන්නවා බාබා, ඒ පාරිශුද්ධකරුවාණන් තමයි මෙම ශරීරයට ඇතුලු වූවේ කියා. ඔබ දැන් ඔහුටම අයත් වූ දරුවෙක් බව කිසිම මොහොතක අමතක නොකළ යුතුයි. ඔබ මේ ලබා ඇති වාසනාව එසේ මෙසේ වූ වාසනාවක් නොවේ. ඉතින් එසේනම්, ඇයි ඔබ එවන් වූ පියෙක් අමතක කර දමන්නේ? දැන් බාබා පැමිණ සිටිනවා. මෙය ඇත්තෙන්ම අලුත් දෙයක්. සෑම අවුරුද්දකම ශිවාගේ උපන් දිනය සමරන නිසා එයින් අදහස් කරන්නේ ඔහු සෑම කල්පයකදීම එක් වතාවක් පමණක් මෙහි පැමිණෙන බවයි. ලක්ෂ්මී හා නාරායන් සිටියේ සත් යුගයේයි ඔවුන් තවමත් මෙම ලෝකයට අයත් නැහැ. ඉතින් එයින් තේරුම් ගත හැකි එකම කාරණය නම් ඔවුනුත් නැවත උපත් ගෙන ඇති බවයි. ඔවුන් කලා 16කින් පරිපූර්ණව සිට පසුව 14කටත් 12කටත් ආදී වශයෙන් බැසගෙන ආවා. ඔබ හැර වෙන කිසිම කෙනෙක් මෙම කරුණු පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. ඒ නව ලෝකය හඳුන්වන්නේ ස්වර්ණම යුගය ලෙසයි. එහි තිබෙන සියලුම දේවල් අලුත්ම දේවල්. මේ අවස්ථාවේ දී ඒ දේවී දේවතා ධර්මය සිහිපත් වෙනවා. දිව්‍ය තත්ත්වයේ සිටින අය පාප මාර්ගයට වැටුණු කල ඔවුන් හට තවත් දිව්‍ය යන නාමය භාවිත කළ නොහැකියි. ඒ කිසිම කෙනෙක් හට දැන් කිව නොහැකියි ඔවුන් අයත් වන්නේ දිව්‍ය පරම්පරාවට කියලා. ඔවුන් කියනවානම් ඔවුනුත් දේවී දේවතාවරුන් කියා, එම දේවී දේවතාවරුන් ප්‍රශංසනීයත්වයට ලක් කරමින් ඔවුන් අප්‍රසිද්ධියට ලක් වන්නේ මන්ද? එම දේවී දේවතාවරුන් ප්‍රසිද්ධියට ලක් කරනතාක් කල් ඔවුන් පිරිසිඳු අය බවත් තමන් අපිරිසිඳු අය බවත් සැලකිය යුතුයි. ඔබ නැවත උපත් ගැනීමේ දී, පිරිසිඳු බවින් අපිරිසිඳු බවට පත් වෙනවා. මුලදී සම්පූර්ණ පාරිශුද්ධත්වයෙන් සිටි අය තමයි පසුව අන්ත අපිරිසිඳු තත්ත්වයට පත් වෙන්නේ. ඔබ දන්නවා ඒ පාරිශුද්ධත්වයෙන් සිටි සියලුම දෙනා දැන් අපිරිසිඳු තත්ත්වයට පත් වී තිබෙන බව. ඔබ දැන් මෙම පාසලෙහි ඉගෙන ගන්නවා. පාසැලක සියලු දෙනාම අනුපිළිවෙලකට තමයි විභාග වුවත් සමත් වන්නේ. පළවන පන්තිය, දෙවන පන්තිය ආදී වශයෙන් තිබෙන්නේ එම නිසයි. දරුවනි, ඔබ දැන් දන්නවා බාබා අපට ඉගැන්වීම සඳහා තමයි මෙහි පැමිණ සිටින්නේ කියලා. එසේ නැතිනම් ඔහු මෙහි පැමිණීමෙහි අර්ථය කුමක්ද? මොහු ගුරු කෙනෙකුන් හෝ උසස් ජීවයක් හෝ උසස් මනුෂ්‍යයෙක් හෝ නොවේ. මම මේ සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට ඇතුලු වන්නේ ඔහුගේ උපත් ගණනාවකින් අවසන්ම වූ උපතේදීයි. මොහු ගැන වෙන කිසිම වැදගත් කමක් නැහැ. මා ඔහුගේ ශරීරයට ඇතුලු වූ නිසා තමයි ඔහුගේ නම පවා ප්‍රසිද්ධියට ලක් වූවේ. එසේ නැතිනම් ප්‍රජාපිතා බ්‍රහ්මා පැමිණියේ කොහි සිටද? මිනිසුන් මේ ගැන සෑම විටම කලබල වෙනවා. බාබා ඔබට මේ සියලුම දේ විස්තර කර දී තිබෙන නිසා තමයි අන් අයටත් බ්‍රහ්මා කියන්නේ කවුද කියා විස්තර කර දීමේ හැකියාව ඔබට තිබෙන්නේ. බ්‍රහ්මා, විශ්ණු හා ශංකර් යන තිදෙනාම නිර්මාණය කරන ලද්දේ ශිව බාබා විසිනුයි. මේ අවස්ථාවේ දී ඔබ සියලුම දෙනාගේ බුද්ධිය යැවෙන්නේ ඒ ඈත දනව්ව දෙසටයි. මෙම නිර්මාණය ඒ ඈත උත්තරීතර දනව්වේ වෙසෙන උත්තරීතර පියාගේ, උත්තරීතර ජීවාත්මයේ නිර්මාණයක්. බ්‍රහ්මා, විශ්ණු හා ශංකර් යන තිදෙනා විසින් කෙරෙන කාර්යයන් සියල්ලම සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් කාර්යයන් වනවා. මිනිසුන් තිදෙනෙක් හෝ හතර දෙනෙක් සිටින විට ඒ සියල්ලන් විසින්ම කෙරෙන කාර්යයන් එකිනෙකට වෙනස් කාර්යයන් වනවා. සෑම කෙනෙක්ටම ඔහුටම වෙන් වූ කොටසක් තිබෙනවා. මිලියන ගණනක් මිනිසුන් සිටියත් ඒ සියලුම දෙනා විසින් කෙරෙන කාර්යයන් සියල්ල එකිනෙකට වෙනස් කාර්යයන් වනවා. මේ අසිරිමත් වූ කරුණු ඔබ විසින් හොඳින් අවබෝධ කර ගත යුතුයි. මෙහි ගණන් කළ නොහැකි තරම් වූ මිනිසුන් කොට්ඨාශයක් සිටිනවා. මෙම චක්‍රය දැන් සම්පූර්ණයි. දැන් මෙහි අවසානය නිසා ඔබ සියලු දෙනාම නැවතත් ඒ ස්වර්ණම යුගයට ගොස්, නැවතත් නව චක්‍රයක් නිර්මාණය කිරීමටයි යන්නේ. බාබා මේ සෑම කාරණයක් පිළිබඳවම නොයෙකුත් ආකාරයෙන් ඔබට කියා දෙනවා. මෙය ඇත්තෙන්ම අලුත් දෙයක් නොවේ. ඔහු කියනවා මා මීට පෙර කල්පයේ දී පවා මේ සියලුම දේ ඔබට විස්තර කර දුන්නා. ඔහු ඒ තරම් වූ ආදරණීය පියෙක්. එවන් සෙනෙහෙබර පියෙක් ඔබ විසින් ඉතාමත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. ඔබ තමයි ඒ ආදරණීය වූ පියාගේ ආදරණීය වූ දරුවන් වන්නේ. ඔබ බාබා සිහි කරමින් සිටියා. වන්දනාව ආරම්භ වූවාත් සමඟම සෑම කෙනෙක්ම ඔහුට වන්දනාමාන කිරීමට පටන් ගත්තා. කිසිම බෙදීමක් ගැන මෙහිදී ප්‍රශ්නයක් නැඟුනේ නැහැ. නමුත් දැන්නම් නොයෙකුත් ආකාරයේ බෙදීම් දක්නට ලැබෙනවා. කෙනෙක් රාමාගේ භක්තිවන්තයෙක් වීමට ඉඩ ඇති අතර තවත් කෙනෙක් ක්‍රිෂ්ණාගේ භක්තිවන්තයෙක් බවට පත් වනවා. රාමාගේ භක්තිවන්තයෙක් හඳුන්කූරක් පත්තු කරමින් සිටියහොත් ක්‍රිෂ්ණාගේ භක්තිවන්තයෙක් නැහැය හකුලුවාගෙන සිටිනවා. මෙවැනි කතා නොයෙකුත් ග්‍රන්ථ වල සඳහන් වනවා. කෙනෙක් කියනවා මගේ දෙවියන් බොහොම උසස්. තවත් කෙනෙක් කියනවා මා අදහන දෙවියන් ඊටත් වඩා උසස් කෙනෙක් ආදී වශයෙන්. එමනිසා, ඔවුන් හිතනවා මෙතැන දෙවියන් දෙදෙනෙක් සිටිනවා කියලා. ඔවුන් සෑම කෙනෙක්ම නිවැරදි නොවන නිසා තමයි ඔවුන්ගේ ක්‍රියා සියල්ලක්ම නිවැරදි ක්‍රියා නොවන්නේ. බාබා විස්තර කරනවා දරුවනි, භක්තිය නම් භක්තිය සහ ඥානය නම් ඥානය. මේ එකම බාබා පමණයි ඥාන සාගරය වන්නේ. අන් සෑම කෙනෙක්ම භක්තියේ සාගරයි. ඥානය මඟින් තමයි විමුක්තිය ලබන්නේ. ඔය දරුවන් දැන් ඥානයෙන් පිරි තැනැත්තන් බවට පත් වී තිබෙනවා. බාබා ඔහු විසින්ම මෙම ඥානය ඔබට ලබා දී මේ සම්පූර්ණ චක්‍රය ගැනම ඔබට හොඳින් කියා දෙනවා. වෙන කිසිම කෙනෙක් හට මෙම ඥානය දිය නොහැකියි. මේ නිසා තමයි බාබා කියන්නේ දරුවන් තමයි මෙම ස්වදර්ශන චක්‍රය කරකවන චක්‍රධාරීන් වන්නේ. එකම උත්තරීතර පියා, උත්තරීතර ජීවය පමණක් සිටී. අනෙක් සියල්ලන්ම දරුවන්ය. වෙන කිසිම කෙනෙක්ට මා උත්තරීතර ජීවය යනුවෙන් පැවසිය නොහැකියි. මෙය විශාල නාටකයක් බවත් අප සියලු දෙනාම එහි සදාකාලික චරිත කොටසක් රඟ පෑ යුතු බවත් හොඳ සිහිබුද්ධියෙන් යුතු වූ දරුවන් තේරුම් ගන්නවා. සාමාන්‍ය නාට්‍ය වල නම් පුංචි චරිත කොටසක් පමණයි තිබෙන්නේ. නමුත් මෙම නාටකය නම් සදාකාලික නොනවතින නාටකයක්. එවැනි කුඩා ජීවයක් මෙවැනි විශාල කොටසක් රඟපෑම සඳහා ශරීර ගැනීමත් ශරීර අත් හැරීමත් අසිරිමත් සිදු වීමක්. මෙවැනි කරුණු ග්‍රන්ථ වල සඳහන් කොට නැහැ. ගුරු කෙනෙක් මෙවැනි කාරණා කියනවා නම් ඔහු අනුගමනය කිරීමටත් අනුගාමිකයිනුත් බොහෝ දෙනා නිර්මාණය වනවා. එක් අනුගාමිකයෙක් පමණක් සිටිනවා නම්, එහි ඇති ප්‍රයෝජනය කුමක්ද? නියම අනුගාමිකයෙක් කියන්නේ සෑම දෙයක්ම සම්පූර්ණයෙන් අනුගමනය කරන අයෙක් හට පමණයි. මොහුගේ ඇඳුම් ආදිය ඒ අයගේ මෙන් නොවේ. ඔහු තම අනුගාමිකයෙක් කියා කිව හැක්කේ කා හටද? බාබා තමයි ඔබට මේ සියලු දේ විස්තර කර දෙන්නේ. ඔබ විසින් අනුගමනය කළ යුත්තේ බාබා පමණයි. මිනිසුන් මගුල් පෙරහැරවල් තබනවා මෙන්ම ශිවාගේ පෙරහැරත් මේ අවස්ථාවේ දී සිහියට නැඟෙනවා. බාබා කියනවා ඔබ සියලු දෙනාම මගේ මගුල් පෙරහැරෙහි කොටස් කරුවන්. ඔබ භක්තිවන්තයින්. සියලුම දෙනාගේ දෙවියන් වන්නේ මමයි. ඔබ සියලු දෙනාම මගේ මනමාලියන්. බාබා පැමිණ සිටින්නේ ඔබ සියලු දෙනාම ආභරණ වලින් සරසවා ඔහුත් සමග නිවහන කරා ගෙන යාමටයි. එමනිසා, ඔබ සියලු දෙනාම විශාල සතුටක් අත්දැකිය යුතුයි. ඔබ දැන් මේ සම්පූර්ණ ලෝකයේම මුලත් මැදත් අගත් පිළිබඳව හොඳින් දන්නවා. නමුත් බාබා සිහි කිරීමෙන් පමණයි ඔබට පාරිශුද්ධත්වයට පත් වී එම පාරිශුද්ධත්වයෙන් යුතු වූ රාජ්‍යය ලබාගත හැක්කේ. බාබා විස්තර කරනවා මා මෙහි පැමිණෙන්නේ මේ සම්පූර්ණ කල්පය අවසානයේදීයි. ඔබ මට දෙවියනේ යන අනුකරණයෙන් කෑ ගසනු ලබන්නේ ඒ නව ලෝකය මෙහි ස්ථාපිත කොට මේ පැරණි ලෝකය විනාශ කරලීමටයි. මේ නිසා තමයි මට උසස්තම මරණය කියා කියන්නේ. ඒ සඳහාත් ඔවුන් භක්ති මාර්ගයෙහි කෝවිලක් තනවා තිබෙනවා. ඔබ එම කෝවිල දැක තිබෙනවා. මෙනමින් හඳුන්වන්නේ ශිව බාබායි. ජීවය කෑ ගසනවා පැමිණ අපව පාරිශුද්ධත්වයට පත් කරන්න. ඔහු එවැනි ජීවයන් ඔහුත් සමග ඔවුන්ගේම නිවහන කරා ගෙන යනවා. ඒ අසීමිත පියා මෙහි පැමිණ සිටින්නේ මේ ගණන් කිරීමට හෝ නොහැකි ජීවාත්මයන් ඔවුන්ගේ නිවහන කරා ගෙන යාමටයි. ඔහු මරණය, මරණය, උසස්තම මරණය ලෙස හඳුන්වනවා. ඔහු සෑම ජීවයක්ම පිරිසිඳු කර අලංකාර කර පසුව ඔහුත් සමඟ ඔවුන්ගේම නිවස කරා රැගෙන යනවා. ඔබ අලංකාර වූ විට බාබා ඔබව ඔහුගේ ඇකයට ගන්නවා. ඔබ එසේ පාරිශුද්ධත්වයට පත් වූවේ නැතිනම් ඔබ නොසෑහෙන සේ දඬුවම් ලැබිය යුතුයි. ඇත්තෙන්ම මෙහි වෙනසක් තිබෙනවා. ඔබ තුළ තවමත් යම්කිසි පාපයක් ඉතිරි වී තිබෙනවා නම් ඔබ විසින් දඬුවම් ලැබීමට සිදුවනවා පමණක් නොව ඔබ විසින් ලබන තත්ත්වයත් ඒ අනුව අඩු වීමට පටන් ගන්නවා. මේ නිසා තමයි බාබා විස්තර කරන්නේ සුමිහිරි දරුවනි, හැකිතාක් මිහිරි බවට පත් වෙන්න කියා. සෑම කෙනෙක්ම කියනවා ක්‍රිෂ්ණා බොහෝ මිහිරියි කියා. ඔවුන් ක්‍රිෂ්ණාව ඔහුගේ තොටිල්ලේ තබා ඉතාමත් ආදරයෙන් පද්දවනවා. ඔවුන් සූක්ෂම ලෝකයේ ඒ පුංචි ක්‍රිෂ්ණා දැක ඉතාමත් ආදරයෙන් ඔහුව ඔවුන්ගේ ඇකය මත තබා ගන්නවා. ඉන්පසු ඒ පාරාදීසයට ගොඩවැදුණු කල ඔවුන් ක්‍රිෂ්ණා ජීවමානවම දැක ගන්නවා. දරුවනි, ඔබ දැන් සත්‍ය වශයෙන්ම දන්නවා එම පාරාදීසය මෙහි ස්ථාපිත වීමට යන බවත් අනාගතයේ අනිවාර්යෙන්ම ඔබ එහි යාමට සිටින බවත්. ශ්‍රී ක්‍රිෂ්ණා ගැන ඔවුන් කර ඇති සියලුම චෝදනා වැරදියි. දරුවන් තමයි මෙම කුල්මත් බව ප්‍රථමයෙන්ම අත්දැකිය යුත්තේ. මුලදී ඔබට බොහෝ සෙයින් නොයෙකුත් දර්ශන ලැබුණා සේම අවසානයේදීත් එම දර්ශනම ඔබට දැකගත හැකියි. මෙම ඥානය බොහොම විනෝදජනකයි. මෙයට සවන් දීමෙන් ඔබ බොහෝ ආස්වාදයක් ලබනවා. භක්තියෙහි දී ඔබට මෙවැනි සතුටක් අත්දැකිය නොහැකියි. භක්ති මාර්ගයේ සිටින කිසිම කෙනෙක් ඥාන මාර්ගය කෙතරම් ආස්වාදජනක දැයි නොදනී. ඥානයත් භක්තියත් වූ කලී කිසිම කෙනෙකුට සන්සන්දනාත්මකව බැලිය නොහැකි දෙයකි. දැන් දරුවන්ගේ කුල්මත් බව සිය දහස් ගුණයකින් වැඩි විය යුතුයි. බාබා හැර වෙන කිසිම රිශි කෙනෙකුට හෝ මුනි කෙනෙකුට මෙම ඥානය දරුවන් හට දිය නොහැකියි. මෙලොව සිටින කිසිම ගුරු කෙනෙකුන් හට විමුක්තිය හෝ ජීවන මුක්තිය ලබා ගැනීම උදෙසා ඔබට මඟ පෙන්විය නොහැකියි. කිසිම මනුෂ්‍යයෙක් හට ගුරූ යන නාමය දිය නොහැකි බව තේරුම් ගෙන ඇත්තේ මේ දරුවන් පමණයි. කිසිම ගුරූ කෙනෙකුට දරුවනි, මම තමයි ඔබට සියලු දේ විස්තර කර දෙන පියා යනුවෙන් පැවසිය නොහැකියි. බාබා නම් ඔබට නිතරම වාගේ ’දරුවනි, දරුවනි!‘ ආදී වශයෙන් කතා කරනවා. ඔහු දන්නවා ඔබ තමයි ඔහුගේ නිර්මාණය කියා. මේ බාබා (ශිව බාබා) කියනවා මම තමයි සියලුම දරුවන්ගේ නිර්මාණකරුවා කියලා. ඔබ සියලු දෙනාම සහෝදරයන්. ඔබ සියල්ලන්ටම රඟපෑම සඳහා එක්තරා චරිත කොටසක් තිබෙනවා. මා දැන් මෙහිදී ඔබට විස්තර කර දෙන්නේ මෙම චරිත කොටස් ලැබුණේ කෙසේද කියායි. සෑම ජීවාත්මයකම එයට අදාල කොටස එම ජීවයෙහි අන්තර්ගත වෙනවා. මෙම භෞතික ලෝකයෙහි උපත් 84ක් ගන්නා මනුෂ්‍යයන්ගේ ලක්ෂණ එකිනෙකට වෙනස් වෙනවා. කිනම් හෝ වෙනසක් එහි දක්නට ලැබෙනවා. මේ සියලුම මහා භූත පවා සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන්ට පත් වෙනවා. එක් උපතකදී තිබෙන ලක්ෂණ අනෙක් උපතේ ලක්ෂණත් සමග සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මෙම කරුණු ඔබ විසින් ඉතා හොඳින් තේරුම් ගත යුතු වෙනවා. බාබා ඔබට සෑම දිනකම කියනවා සුමිහිරි දරුවනි, කිසිම විටෙක බාබා ගැන කිසිදු සැකයක් ඔබේ සිතේ හට ගැනීමට ඉඩ තබන්න එපා. ’සැකය‘ යන වචනයත් ’විශ්වාසය‘ යන වචනයත් ගැන ඔබ හොඳින් දන්නවා. බාබා කියන්නේ බාබාමයි. ඒ ගැන කිසිම සැකයක් ඔබ තුළ ඇති නොවිය යුතුයි. දරුවෙක් කිසිම විටෙක කියන්නේ නැහැ, මට මගේ පියා සිහි වෙන්නේ නැහැ කියලා. කොහොමනමුත්, ඔබ නැවත නැවතත් කියනවා මට බාබා සමඟ යෝගා කිරීමට බැහැයි කියලා. ’යෝගා‘ යන වචනය නිවැරදි වචනයක් නොවේ. ඔබ සියලු දෙනාම රාජ රිෂීන්. ඔබගේ පාරිශුද්ධත්වය නිසා තමයි මෙම රිෂී යන නාමය ඔබට ලැබී තිබෙන්නේ. ඔබ රාජ රිෂීන් වනවා නම් අනිවාර්යෙන්ම ඉතා පාරිශුද්ධ තත්ත්වයට පත්විය යුතුයි. ඔබ මේ පුංචි කරුණින් වැටුණ හොත් ඔබට රාජ්‍යයක් හිමි කර ගත නොහැකියි ඔබට හිමි වන්නේ සාමාන්‍ය සේවකයෙකුගේ තත්ත්වයක් පමණයි. එහි සෑහෙන පාඩුවක් තිබෙනවා. කොහොමනමුත්, ඔබගේ තත්ත්වය ඔබට ලැබෙන්නේ අනුපිළිවෙලකටයි. එක් අයෙකුගේ තත්ත්වයක් තවත් අයෙක් සමඟ කිසිසේත් සම වන්නේ නැහැ. බාබා හැර වෙන කිසිම කෙනෙකුට මේ අසීමිත වූ, සිදු විය යුතුම වූ නාටකය ගැන මෙසේ විස්තර කර දිය නොහැකියි. එමනිසා, දරුවන් දැන් විශාල සතුටක් අත්දැකිය යුතු කාලය පැමිණ තිබෙනවා. බාබගේ බුද්ධිය තුළ මේ සම්පූර්ණ දැනුම් මාලාවම අඩංගු වනවා සේම ඔබගේ බුද්ධියෙහිත් එය හොඳින් අන්තර්ගත විය යුතුයි. ඔබ මෙම වෘක්ෂය පිළිබඳවත් එහි බීජය පිළිබඳවත් හොඳින් වටහා ගත යුතුයි එය තමයි මේ අසීමිත වූ මනුෂ්‍ය ගස ලෙස අප හඳුන්වනු ලබන්නේ. නුග ගසත් සමඟ කරන සංසන්දනාත්මක උදාහරණය මේ සඳහා බොහෝ යෝග්‍යයි. එහිදී ඔබගේ බුද්ධියට වැටහෙනවා මෙම ගසෙහි කඳ, ඒ කියන්නේ ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මය දැන් අතුරුදන් වී තිබෙන බව. ඒ වගේම අතුපතරින් නිරූපණය කරන අනෙකුත් ආගම් සියල්ලක්ම තවමත් එලෙසින්ම පවතිනවා. නාටකයට අනුව මේ සියලුම දේ ඒ ආකාරයෙන්ම සිදු විය යුතුයි. මෙම නාටකය අප්‍රිය දෙයක් කර ගැනීමට අවශ්‍ය නැහැ. නලුවන් ඔවුන් විසින් රඟදක්වන නාට්‍යයට අකමැති වනවාද? බාබා කියනවා ඔබ දැන් අපිරිසිඳු තත්ත්වයට පත් වෙලයි තිබෙන්නේ. එමනිසා, දැන් නැවතත් ඒ පිරිසිඳු තත්ත්වය ඔබ විසින් ලබා ගත යුතුයි. ඔබ අත් දකින තරමේ සතුටක් මෙලොව සිටින කිසිදු මනුෂ්‍යයෙක් විසින් අත් දකින්නේ නැහැ. ඔබ තමයි මේ සම්පූර්ණ ලෝකයම පාලන බලයට ගන්නා විරුවන් සහ වීරවරියන් වන්නේ. එමනිසා, ඔබගේ හදවත තුළ ඇත්තේ එවන් වූ අසීමිත සතුටක්. දෙවියන් ඔබට උගන්වනවා! එමනිසා, ඔබ නොකඩවාම මෙම හැදෑරීම කළ යුතුයි. ඒ අසීමිත පියා විසින් ඔබට උගන්වනවා යන ප්‍රීතිය ඔබ තුළ නිරන්තරයෙන් වැඩිය යුතුයි. බාබා විසින් තමයි අපට රාජයෝග උගන්වනු ලබන්නේ. කිසිම මනුෂ්‍යයෙකුට මෙම ඥානය ලබා දීම කළ නොහැකියි. බාබා ජීවාත්මයන් හට උගන්වන අතර ඔය ජීවාත්මයන් තමයි සියලු ඥානය උකහා ගන්නේ. බාබා මෙම සම්පූර්ණ කල්පයටම ඔහුගේ කොටස රඟපෑම උදෙසා එක් වරක් මෙහි පැමිණෙනවා. ජීවාත්මයක් ඔහුගේ චරිත කොටස රඟපාන අතර, ශරීරය හළා දමා තවෙකක් ගන්නවා. පරම පියා ඔය ජීවාත්මයන්ට උගන්වනවා. ඔහු දේවී දේවතාවන්ට උගන්වන්නේ නැහැ. එහිදී නම්, දේවී දේවතාවන් ඔබට උගන්වාවි. නමුත් බාබා එම දිව්‍ය තත්ත්වය ලැබීම සඳහා මෙම සංගම් යුගයේ දී පමණයි ඔබට උගන්වනු ලබන්නේ. ඔබ පමණයි මෙය ඉගෙන ගන්නේ. උසස්ම මනුෂ්‍ය තත්ත්වය ලැබීමට ඔබට උත්සාහ දැරිය හැක්කේ මෙම සංගම් යුගයේ දී පමණයි. ඔබ සත්‍යවාදීන් බවට පත්කොට ඒ සත්‍ය දේශය තනනු ලබන්නේ ඒ සත්‍ය පියා විසින් පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම සංගම් යුගයෙහි දී පරමාත්ම දෙවියන් සමග කෙලින්ම එක් වී මෙම ඉගෙනීම සිදු කරන්න. නැණැති දේවවාදීන් බවට පත් වී අන් අයවත් එවැනිම වූ නැණැත්තන් කරවන්න. මෙම හැදෑරීම පිළිබඳව හෝ බාබා පිළිබඳව හෝ කිසිදු සැකයක් ඇති කර නොගන්න.

2. පරම පියා හා සේම ආදරණීය වූ කෙනෙකු වන්න. පරමාත්ම දෙවියන් විසින් ඔබව සරසවනවා යන ප්‍රීතිය නිරන්තරයෙන් ඔබ තුළ තබා ගන්න. ඔබත් සමඟ රඟ දක්වන අනෙක් නලුවන් සමඟ කිසිම ලෙසක අප්‍රියාවක් ඇති කර නොගන්න. සෑම කෙනෙක්ම මෙම නාටකයෙහි ඔහුට අදාල චරිත කොටස නිවැරදි ආකාරයෙන් රඟ දක්වනවා.

වරදානය:
සේවා ක්ෂේත්‍රය මත සිටිත අතරතුර විටින් විට ඇතුලාත්තගත වී හුදෙකලාවට යන්න.

නිහඬතාවයේ බලය අත්හදා බැලීම සඳහා අභ්‍යන්තරගත වී හුදෙකලාව සිටීම අත්‍යවශ්‍ය වේ. ඇතැම් දරුවන් තමාගේ සේවා කටයුතු හා වචනයෙන් සේවය කිරීමේ කාර්යභාරය බොහෝ සෙයින් වැඩි වර්ධනය වී තිබෙනා නිසා අභ්‍යන්තරගත වීම හෝ හුදෙකලා වීම සඳහා තමාට කාලයක් සොයා ගත නොහැකි බව පවසති. කෙසේවෙතත්, මේ සඳහා එකවරම පැයක් හෝ පැය භාගයක් ගන්නවා වෙනුවට විටින් විට වෙලාව ටික ටික වෙන් කර ගැනීම කළහොත් ඔබ තවදුරටත් බලගතු වනු ඇත.

පාඨය:
බ්‍රහමිණ් දිවියේ සටන් කරනවා වෙනුවට එය විනෝදයෙන් සමරන්න. අපහසු ඕනෑම දෙයක් එවිට පහසු වනු ඇත.