26.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මේ ලෝකයේ පරාර්ථකාමී සේවය කරන්නේ එකම පියා පමණයි. තමන් කරන ඕනෑම ක්‍රියාවක
ඵලය අනිවාර්යෙන්ම ඔබට ලැබෙනවා.
ප්‍රශ්නය:
නාටයකට
අනුකූලව දරුවන් වූ ඔබ සතුටට පත් කරවන්නා වූත්, 100% ක්ම සත්‍ය වූත් කරුණ කුමක්ද?
පිළිතුර:
නාටකයට අනුකූලව නව රාජ්‍යය ස්ථාපිත වන බව සත්‍යම සත්‍ය කරුණය. ශ්‍රීමත් අනුගමනය
කිරිමෙන් තමන් තමන්ගේම රාජ්‍යය ස්ථාපිත කර ගන්නා බවට දරුවන් වන ඔබට සතුටක් තිබෙනවා.
මේ පැරණි ලෝකය අනිවාර්යෙන්ම විනාශය කරා යනවා. දරුවන් වන ඔබ උත්සාහ දරණ තරමට උසස්
තත්ත්වයක් ලබනවා.
ගීතය:
ඔබව මුන
ගැසිමෙන් අපට මුළු ලොවම හමුවුණි. පොළව, අහස, සෑම දේම අයිති අපටයි...
ඕම් ශාන්ති.
දරුවන් වන ඔබ
කුමක් කීවත් බාබාද එයම කියයි. දරුවන් කියන්නේ බාබා ඔබව මුණ ගැසිමෙන් අප දිව්‍යලෝකයේ
හිමිකරුවන් බවට පත් වූයෙමු. පරම පියා කියන්නේ : දරුවනි, මා සිහි කරන්න! ඒ දෙකම
එකමයි. බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබ කියනවා මේ ආධ්‍යාත්මික හමුවට යාමෙන් අපි
බාප්දාදා මාර්ගයෙන් ලෝක හිමිකරුවන් බවට පත්වෙනවා. වෙනත් කිසිම කෙනෙක්ට ලෝක
හිමිකරුවන් වෙන්න බැහැ. ලක්ෂ්මි හා නාරායන ලෝක හිමිකරුවන්. ශිව බාබාට ලෝක හිමි
කරුවෙක් වෙන්න බැහැ. ලෝක හිමිකරුවන් වන්නේ දරුවන් වන ඔබ පමණයි. ඔබේ පියා ලෝක
හිමිකරුවෙක් වෙන්නේ නැහැ. එවන් පරාර්ථකාමී සේවාවක් කරන වෙනත් කිසිවෙක් නැහැ. හැම
දෙනාටම ඔහු හෝ ඇය කරනා සේවයේ ඵල ලැබෙනවා. මිනිස්සු භක්ති මාර්ගයේ හෝ වෙනත් තැනක
සමාජ සේවාවක් හෝ වෙනත් කුමන ආකාරයක සේවාවක් කළත් අනිවාර්යෙන්ම කරන ලද දෙයෙහි ඵල
ලබනවා. ආණ්ඩුව ඔවුන්ට ආදායම් ගෙවනවා. පියා කියනවා මම තනියම පරාර්ථකාමී සේවාවක් කරන
අතර එයින් දරුවන් වන ඔබව ලෝක හිමිකරුවන් බවට පත් කරවනවා. එහෙත් මා එසේ වෙන්නේ නැහැ.
මා දරුවන් වන ඔබව සතුටට පත් කරවනවා. සතුටු දේශයේ හිමිකරුවන් බවට පත් කරවනවා. උපත්
21ක් සඳහා සතුට දෙනවා. ඉන් පසු මගේ නිර්වාණ දේශයට ගොස් විශ්‍රාමිකව සිටිනවා.
විශ්‍රාමිකව සිටීම යනුවෙන් හඳුන් වන්නේ අභෞතික ලෝකයයි. මිනිස්සු විශ්‍රාම ගන්නවා.
ඔවුන් හැම දේම තම දරුවන්ට දි ආධ්‍යාත්මික කටයුතුවලට යනවා. විමුක්තිය සඳහා මාර්ගය
දැකිම උදෙසා ගුරුන් සොයා ගන්නවා. කිසිම මනුෂ්‍යයෙක්ට කිසිම කෙනෙක්ට මුක්තියට සහ
ජීවන මුක්තියට මාර්ගය පෙන්වීමට නොහැකි බව දරුවන් වන ඔබ දැන් දන්නවා. ඔවුන්ට කිසිම
කෙනෙක්ට ගැලවීම ලබා දෙන්න බැහැ. අඩුම තරමින් තම තමන්ටවත් ගැලවීම ලබාගන්න ඔවුන්ට
බැහැ. තමන්ගේම ගැලවීම ලබා දිය හැකි නම් තමයි අනෙක් අයටත් ගැලවීම ලබා දිය හැකි
වන්නේ. පියා උත්තරීතර දනව්වේ සිට පැමිණියා. එම ස්ථානයේ වාසය කරන්නා ඔහුයි. දරුවන්
වන ඔබත් එම දේශයේ වැසියන්. මේ කර්ම පථය තුළ ඔබ ඔබේ චරිත කොටස රඟ පෑ යුතුයි. දරුවන්
වන ඔබ වෙනුවෙන් බාබාත් මෙහි පැමිණිය යුතුයි. දෙව්ලොව ස්ථාපිත වන නිසා අනිවාර්යෙන්ම
අපාය විනාශ වී යා යුතුයි. ශිව බාබා ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපිත කිරීම
බ්‍රහ්මා මාර්ගයෙන් කරගෙන යන බව ඔබ දැන් දන්නවා. තමන් දැන් නැවත වතාවක් මනුෂ්‍ය
බවින් දේවතා තත්ත්වයට පත්වන බව දරුවන් වන ඔබ දන්නවා. සෑම වසර 5000ක දිම තම උරුමය
ලබා ගැනිම උදෙසා තමන් පැමිණ බ්‍රහ්මා මාර්ගයෙන් ශිව බාබාගේ දරුවන් වන බව දරුවන් වන
ඔබගේ බුද්ධියේ තිබෙනවා. පාරිශුද්ධත්වයට පත් කරවන්නා යැයි කියනුයේ ඔහුටයි. දැනුමෙන්
පිරි, දැනුම් සාගරයත් ඔහුුයි. ඔහු ඔබට යෝගා, එනම්, ස්මරණය උගන්වනවා. නමුත් අභෞතික
කෙනා, ඔබට පැහැදිලි කරන්නේ කොහොමද? මේ නිසා තමයි ඔහු කියන්නේ මා ඔබව මනුෂ්‍ය බවින්
දේවතා තත්ත්වයට පත් කරන්නේ බ්‍රහ්මා මාර්ගයෙනුයි. එනම්, මා දේවතා ධර්මය ස්ථාපිත
කිරිම කරනවා. දැන් ඒ ධර්මය නැහැ. එය නැවතත් නිර්මාණය විය යුතුයි. මා නැවත වතාවක්
දේවතා ධර්මය ස්ථාපිත කිරිම කර හැම දෙනාවම මුක්ති දේශයට ආපසු ගෙන යනවා. භාරතය
පෞරාණික දේශයක් වන අතර මේ නිසා තමයි භාරතයේ ජනගහනය බොහෝ විශාල වන්නේ. එවන් දේවල්
කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. ආදි සනාතන දේවී දේවතා ධර්මයේ ජනගහණය
තමයි විශාල විය යුත්තේ. වසර 5000ක් පුරා එය වර්ධනය වෙනවා. අනෙක් සියල්ලම එන්නේ වසර
2500කට පසුවයි. ඉස්ලාම් ජනගහනය අඩු විය යුතුයි. ඉන් පසු ටික කලකට පසු බෞද්ධයින්
පැවතෙන අතර ඒ ආගම් දෙක අතර සුළු වෙනසක් තිබෙනවා. ඉස්ලාම් සහ බෞද්ධ ආගම් මුලදි
සතෝප්‍රධාන් අතර පසුව ක්‍රම ක්‍රමයෙන් තමෝප්‍රධාන් වෙනවා. මේ ගිණුමත් එතන තිබෙනවා.
මේ දේවල් පිළිබඳව විශේෂ ඥානවන්ත දරුවන් සිතා බැලිය යුතුයි. මේ කාලයේ ඔවුන් ලියන්නේ
ඔවුන්ගේ වැඩිම ජනගහණය වර්ථා වන්නේ චීනයෙන් බවයි. කෙසේවෙතත්, මිනිසුන්ට ලෝක චක්‍රය
පිළිබඳව දැනුම නැහැ. මේ සියලුම රහස් දරුවන් වන ඔබගේ බුද්ධියේ තිබෙනවා. හොඳින්
අධ්‍යාපනය ලැබූ අයට විස්තරාත්මකව පැහැදිලි කළ යුතුයි. දේවතා ධර්මය පැවැති වසර 5000
ගෙවී ගොස් තිබෙනවා. එමනිසා, විශාලම විය යුත්තේ ඔවුන්ගේ ජනගහණයයි. කෙසේවෙතත්, දේවතා
ධර්මයේ අය වෙනත් ආගම් වලට මාරු වෙලා. මුලදි බොහෝ දෙනා මුස්ලිම්වරුන් සහ පසුව බොහෝ
අය බෞද්ධයින් වුණා. මෙහෙත් බොහෝ බෞද්ධයින් සහ ගැණිය නොහැකි තරමේ කිතුනුවනුත්
සිටිනවා. දේවතා ධර්මය පිළිබඳව සඳහනක් වත් නැහැ. අප බ්‍රහ්මණයින් යැයි කිව්වත් ඔවුන්
අපව දාන්නේ හින්දුවරුන්ගේ කාණ්ඩයටයි. ඔබ දන්නවා බ්‍රහ්මණයින් වන අප මාර්ගයෙන්
ශ්‍රීමත් වලට අනුකූලව ආදි සනාතන දේවී දේවතා ධර්මය ස්ථාපිත වන බව. මෙම අවබෝධය තිබිය
යුතුයි. ආගම් සිහිකෙරෙනවා. මේ ලෝකයේ මිනිස්සු තමන් හින්දුවරුන් යැයි අවධාරණය කරගෙන
සිටිනවා. හින්දු ආගම ආර්ය ආගමක් බව ඔවුන් කියනවා. එනම්, සියල්ලටම වඩා පැරණි ආගම
එයයි. භාරතයේ මිනිස්සු මුලදි ආර්ය වූවා (ශිෂ්ඨ සම්පන්න) ඔවුන් බොහෝ ධනවත්. දැන්
ඔවුන් ආර්යයින් නොවෙයි. කිසිම කෙනෙක්ට කිසිම ඥානාන්විත බවක් නැහැ! ඔවුන් නිකම්ම
ඕනෑම ආගමක නමක් ඔවුන්ගේ මනසට ඇතලු කර ගන්නවා. වෘක්ෂයේ අග කුඩා අතු සහ කොළ තිබෙනවා.
අළුත් අය වෙත යම් ගෞරවයක් තිබෙනවා. තමන් බාබාගෙන් උරුමය දිනා ගන්නා බව දරුවන් වන ඔබ
දන්නවා. එමනිසා, එවන් වූ විශාල උරුමයක් ලබා දෙන පියාව ඔබ සිහිපත් කළ යුතුයි. ඔහුව
සිහිපත් කිරිමෙන් ඔබ උරුමය ලබන අතර පාරිශුද්ධත්වයටද පත් වෙනවා. ඔබ ලෞකික පියාගෙන්
ධනය නැමැති උරුමය ලබනවා. ඒත් සමඟම අපිරිසිඳු වීමටත් උරුමය ලබනවා. එක් කෙනෙක් ඔබගේ
ලෞකික පියා වන අතර අනෙක් කෙනා එපිටින් සිටින කෙනායි, ඒ අතර සිටිනා මොහු සූක්‍ෂම
පියායි. අතර මැද සිටින මොහු දෙපැත්තටම සම්බන්ධයි. ශිව බාබාට කිසිම අපහසුතාවයක්
නැහැ. බොහෝ අපහාස ලැබීමට සිදු වී තිබෙන්නේ මෙයාටයි. ක්‍රිෂ්ණාවවත් අපහාසයට ලක්වන්නේ
නැහැ. මෙයා ඒ අතරටම වී බැට කනවා. බ්‍රාහ්මණයින් තමන්ගේ මාර්ගයක යන විට කරදරවලට
හසුවන බව කියනවා. මෙයා අතරමැදි වී අපහාස විඳ බැට කනවා. මේවා ඉවසන්න වෙලා තිබෙන්නේ
සූක්‍ෂම පියාට පමණයි. ශිව බාබා මොහුට ඇතුළු වී අපිරසිඳු අයව පිරිසිඳු කරන බව කිසිම
කෙනෙක් දන්නේ නැහැ. පාරිශුද්ධත්වයෙන් සිටින නිසා තමයි සමහරු ගුටි බැට කන්නේ.
පරමාත්ම පියා කියන්නේ හැම දෙනාම ආපසු නිවස කරා ගෙන යාමට මා පැමිණියා. මරණය තම ඉහටත්
පැමිණ ඇති බව ඔබ දන්නවා. අනිවාර්යෙන්ම විනාශය සිදු වෙනවා. විනාශය නොමැතිව සාමය හා
සතුට ඇති වන්නේ කොහොමද? යුද්ධය ඇරඹුණු විට යුද්ධය අවසානයක් වෙන්න කියා මිනිස්සු
ගිනි යාග පවත්වනවා. විනාශය අනිවාර්යෙන්ම සිදුවෙන බව බ්‍රාහ්මණ වංශයේ සැරසිලි වන ඔබ
අවබෝධ කර ගන්නවා. දෙව්ලොවට දොරටු විවෘත වන්නේ තවත් කොයි ආකාරයෙන්ද? හැම දෙනාම
දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. උත්සාහ දරණ අය එහි යන අතර සියලු දෙනාම මුක්ති දේශයට යනවා.
මිනිසුන්ට මෙය අවබෝධ කර ගත නොහැකි නිසා ඔවුන්ට බොහෝ බිය තිබෙනවා. ඔවුන් සාමය
වෙනුවෙන් නොනැවතිම ඉබාගාතේ යනවා. නිතරම සම්මන්ත්‍රණ පවත්වනවා. සතුටු දේශය හා සාම
දේශය ස්ථාපිත වන්නේ කොහොමද කියා දන්නේ බ්‍රහ්මණයින් වන ඔබ පමණයි. විනාශයකින් තොරව
ස්ථාපිත වීමක් ඇති විය නොහැකියි. ඔබ දැන් ත්‍රිකාලදර්ශි වී සිටිනවා. ඔබ දැනුම
නැමැති තෙවෙනි ඇස ලබා තිබෙනවා. කිසිම කෙනෙක් කිසිවෙක් සමඟ සණ්ඩු නොකරන එවන් සාමයක්
පවතින්නේ කොහොමද කියා ඒ මිනිස්සු නිතරම අහනවා. හැමදෙනාම කියන්නේ එතැන එක් තත්ත්වයක්
තිබිය යුතු බවයි. ඔවුන් සියලු දෙනාම එකම පියාගේ උපදෙස් ගන්නවා නම් ඒ සියල්ලන්ම
සහෝදරයන්. එකම පියාගේ දරුවන්, එවිට එතැන එක් තත්ත්වයක් පැවතිය හැකියි. සියලු දෙනාම
එකම පියාගේ දරුවන් නම් ඔවුන් සණ්ඩු නොවිය යුතුයි. ස්වර්ණමය යුගයේ එය එලෙසමයි.
ස්වර්ණමය යුගයේදි මිනිස්සු ඔවුනොවුන් හා සණ්ඩු වෙන්නේ නැහැ. එහේ කිසිම කෙනෙක්
එකිනෙකා හා සණ්ඩු වුණේ නැහැ. එය ස්වර්ණම යුගය පිළිබඳ කරුණක්. මෙහෙ මේ යකඩ යුගයයි.
ස්වර්ණමය යුගයේ සත්‍ය ලෙසම සිටියේ දේවතාවන්. ඔබ එහි සිටින විට අනෙක් සියලුම ජීව
සිටින්නේ කොහෙද කියා ඔබ දන්නේ නැහැ. එකම රාජ්‍යයක් තිබෙන්නේ ස්වර්ණමය යුගයේ පමණක්
බව ඔබ දැන් අවබෝධ කර ගන්නවා. එහේ සාමය හා සතුටත්, සැම දෙයක්මත් තිබෙනවා. මේ සියල්ලම
ඔබ දරණ උත්සාහයට අනුකූලව අනුපිළිවෙලින් බුද්ධියේ තිබෙනවා. තමන් සත්‍ය වශයෙන්ම
ස්වර්ණමය යුගයේ පාලනය කළ බවත් එහි විශාල සතුටක් තිබූ බවත් ඔබ අවබෝධ කර ගන්නවා. එහි
පැවතියේ නොබෙදුණු ධර්මයක් වෙනත් කිසිම කෙනෙක්ට මේ දැනුම නැහැ. මේ කාලයේදි ඔබ
දැනුමෙන් පිරෙනවා. පියා ඔබව තමාට සමාන කර ගන්නවා. ඔබේ ප්‍රශංසාවන් පියාගේ
ප්‍රශංසාවන්ට සමාන විය යුතුයි. පියා සමඟ රැෙඳන්නේ දිව්‍යමය දර්ශණවලට තිබෙන යතුරයි.
පරම පියා ඔබට කියා තිබෙනවා මට භක්ති මාර්ගයේ වැඩ කරන්න තිබෙනවා. මිනිස්සු ඕනෑම
කෙනෙක්ට වන්දනා කළත්, මා ඊට අනුකූලව ඔවුන්ගේ ආසාවන් සම්පූර්ණ කරනවා. මෙහි දිව්‍යමය
දර්ශන වල කොටසකුත් කෙරීගෙන යනවා. අර්ජුනාට විනාශය පිළිබඳ දර්ශනයක් ලැබුණු බව
කියනවා. අනිවාර්යෙන්ම විනාශය සිදුවිය යුතුයි. විෂ්ණු දේශය ස්ථාපිත කිරීමත්
අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. මීට පෙර චක්‍රයේදි පියා කළ සේම ඔහු පැහැදිලි කර
දෙනවා. බාබා අපව මනුෂ්‍ය බවින් දේවත්වයට පත් කරවනවා. අප දේවතාවන් බවට පත් වූ විට
අනිවාර්යෙන්ම යක්ෂ ලෝකය විනාශ වී යනවා. සෑම දිශාවකින්ම වේදනා බර හැඬීම් ඇති වේවි.
ස්වභාවික උපද්‍රව ඇති විය හැකි බව බුද්ධියට අවබෝධ කර ගත හැකියි. අකුණු සහිත,
ගිගුරුම් සහිත වැසි (මුරුගසන් වර්ෂාවන්) ඇති වෙනවා. මේ සියල්ලම විනාශ වූ විට පමණයි
ස්වර්ණමය යුගය ස්ථාපිත වන්නේ. පොළොවට පංච මහා භූතයන්ගෙන් පොහොර ලැබෙනවා. පොළොවට
කොතරම් පොහොර ලැබුණේ දැයි බලන්න. පියා කියනවා හැම දෙනාම රුද්‍ර ගිනි යාගයට කැප
වෙනවා. භක්ති මාර්ගයේදි රුද්‍ර නැමැති ගිනි යාගය නිර්මාණය වන්නේ කෙසේදැයි බලන්න.
ඔවුන් ශිව බාබාගේ ශිව ලින්ගම් සහ කුඩා සිහිවටන සාදා වන්දනා කර පසුව විනාශ කර දමනවා.
ඊට පසු දින නැවතත් ඒවා හදනවා. ඔවුන් ඒවාට වන්දනා කර විනාශ කර දමනවා. ඔවුන් මෙසේ
කරන්නේ ශිව බාබා සමඟ සේවය කළ අයටයි. මිනිස්සු සෑම වසරකම රාවන්ගේ පඹයෙක් සාදා එය
පුළුස්සා දමනවා. සතුරෙක්ගේ පඹයෙක් සාමාන්‍යයෙන් එක් වතාවක් හෝ දෙවතාවක් සාදා පසුව
පුළුස්සා දමනවා. සෑම වසරකදිම එය පුළුස්සා දැමිය යුතු යැයි නියමයක් නැහැ. ඔවුන් තමා
තුළ ඇති සියලු තරහවන් එක් වතාවෙන් ඉවත් කර දමනවා. කෙසේවෙතත්, ඔවුන් සෑම වසරකම
රාවන්ව පුළුස්සනවා. කිසිම කෙනෙක් එහි අර්ථය වටහා ගන්නේ නැහැ. ඉන් පසුව ඔවුන් රාවණ්
සීතාව පැහැර ගත්තා කියාත් කියනවා. ඔවුන්ට කිසිම දෙයක අර්ථයක් වැටහෙන්නේ නැහැ. මේ
සියල්ලන්ගෙන්ම විදේශිකයන් අවබෝධ කර ගන්නේ කුමක්ද? කිසිම දෙයක් නැහැ! දිනෙන් දින
ඔවුන් තව තවත් විශාලෙට රාවන්ගේ පඹයෙක් සාදනවා. ඒ රාවණ් බොහෝ දුක් ඇති කරන නිසයි. ඔබ
දැන් රාවණ් පරාජය කරනවා. ඔහු ස්වර්ණමය යුගයේ නැහැ. කර්ම වේදනා රෝගාබාධ වැනි සියලු
දේවල් ඇති වන්නේ රාවණ් නිසයි. මිනිස්සු කරන ඕනෑම ක්‍රියාවක් පාපකාරි වෙනවා. මේ
ක්‍රිඩාව නිර්මාණය වී තිබෙන්නේ සතුට හා දුක මතයි. කිසිම කෙනෙක් මේ ඉතිහාසය හා
භූගෝලය ගැන දන්නේ නැහැ. ලක්ෂ්මි සහ නාරායන මේ රාජ්‍යය ලබන්නේ කොහොමද? කිසිම කෙනෙක්
මෙය දන්නේ නැහැ. කුඩා දරුවන් වන ඔබ පැහැදිලි කරනවා ලක්ෂ්මී සහ නාරායන ස්වර්ණමය යුගය
පාලනය කළා. ඔවුන් සංගම යුගයේදි රාජයෝග හදාරා එම තත්ත්වයට පත් වුණා. තරුණ බ්‍රහ්ම
කුමර කුමරියන් බීර්ලා වෙත ගොස්, ඔවුන් (ලක්ෂ්මි හා නාරායන) එම තත්ත්වය ලබා ගත්තේ
කෙසේදැයි පැහැදිලි කළ යුතුයි. දැන් යකඩ යුගයයි. මෙය ස්වර්ණමය යුගයයි කියන්න බැහැ.
වර්තමානයේ කිසිම රජ්‍යයක් නැහැ. රජවරුන්ගේ ඔටුණු ගලවා දමා තිබෙනවා. ආගමික ග්‍රන්ථ
තිබෙන්නේ හතරයි. ප්‍රධාන ආගමික ග්‍රන්ථ හතරක් තිබෙනවා. ගීතාව නැමැති ආගමික ග්‍රන්ථය
මඟින් ස්වර්ණමය යුගයේදි නොව මේ කාලයේදි ආගම් තුනක් ස්ථාපිත වුණා. ආගමක් ස්ථාපිත කළේ
ලක්ෂ්මි සහ නාරායන හෝ රාමා නොවෙයි. මේ ආගම් දැන් ස්ථාපිත වෙනවා. එවිට ඉස්ලාම්,
බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගම් ඇති වෙනවා. කිතුනුවන්ට තිබෙන්නේ එක ආගමික ග්‍රන්ථයයි.
ඒ බයිබලයයි. වර්ධනය සිදු වන්නේ පසුවයි. පෞරාණික සහ මූලිකම ධර්මය දේවතා ධර්මයයි.
දැන් නැවත වතාවක් දේවතා ධර්මය ස්ථාපිත වෙනවා. ඔබ ඉතා හොඳින් නාටකයේ රහස් අවබෝධ කර
ගන්නවා. ඔබට සතුටක් තිබෙනවා. තමන් නැවත වතාවක් තම වාසනාව නම් වූ රාජ්‍යය දිනා
ගන්නවා යන්න පිළිබඳව 100%ක්ම සත්‍යතාව තිබේ නම් මේ තුළ ඉබාගාතේ යාමක් පිළිබඳ
ගැටළුවක් නැහැ. රාජ්‍යයක් ස්ථාපිත වෙනවා. මෙය සත්‍යයි. එය මරණය සේ සත්‍යයි. තමන්
නැවත වතාවක් රාජධානියේ වාසනාව දිනා ගන්නා බව ඔබ දන්නවා. සෑම චක්‍රයකදිම ඔබ ඔබේ
උරුමය දිනා ගන්නවා. උත්සාහය දරණ තරමට උසස් තත්ත්වයක් ලැබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ ගුණ
පියාගේ ගුණ වලට සමාන කරන්න. පියා මෙන් ප්‍රශංසාවට සුදුසු කෙනෙක් වන්න. මේ ලෝකයෙන්
එපිටින් සිටින පියාගෙන් පාරිශුද්ධත්වය නැමැති උරුමය දිනා ගන්න. ඔබ දෙව්ලොව උරුමය
ලබා ගන්නේ පාරිශුද්ධත්වයට පත්වීමෙන් පමණි.
2. ශ්‍රීමත් අනුගමනය
කරමින් ඔබේ ශරීරය, මනස සහ ධනයෙන් ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපිත කරන්න.
වරදානය:
ඔබගේ පැරණි
සංස්කාර වල අළු ඔබගේ සම්පූර්ණ හා පරිසමාප්ත අවධියේ සාගරයට ඒකාබද්ධ කිරීමෙන් ඔබ
සමාන, සම්පූර්ණ සහ පරිසමාප්ත වේවා.
සම්පූර්ණ හා
පරිසමාප්ත වී පරම පියාට සමාන වීමට නම්, ලෝක විනාශයට පෙර ඔබේ දුර්වලතා සහ දෝෂ විනාශ
කර ගන්න. කිසිදු ව්‍යාකූලත්වයක නමක් හෝ සලකුණක් ඉතිරි නොවන පරිදි ඔබ දීප්තිමත්
වන්න. ඔබ නව උපතක් ගන්නා විට, ඔබේ පෙර ජීවිතයේ සියල්ල අමතක වේ. එලෙසම, ඔබේ පැරණි
දේවල් සහ සංස්කාර පුළුස්සා එම අළු ඔබේ සම්පූර්ණ හා පරිපූර්ණ අවධියේ සාගරයට ඒකාබද්ධ
කරන්න. එවිට ඔබ සමාන, සම්පූර්ණ සහ පරිසමාප්ත යැයි කියනු ලැබේ.
පාඨය:
ඕනෑම
ප්‍රසාරණයක් එහි සාරය තුළට ඒකාබද්ධ කිරීමේ මැජික් එක ඉගෙන ගන්න, එවිට ඔබ පරම පියාට
සමාන වනු ඇත.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
ඉවසිලිවන්ත අය බිය
නොවනු ඇත, බාහිරකරණයේ කම්පන වලට පමණක් නොව, ඔවුන්ගේ මනසෙහි පැන නඟින සිතිවිලි වලට
ඔවුන් බිය නොවනු ඇත. ඔවුන්ගේ ඉවසීමෙන්, ඔවුන් සියල්ලටම මුහුණ දෙනු ඇත. ඔවුන්ගේ
මුහුණු නිරන්තරයෙන් තෘප්තිමත් සහ සතුටින් පෙනෙනු ඇත. ඔවුන්ගේ ඇස් සහ හැසිරීම්
කිසිදා අතෘප්තිකර ලෙසකින් නොපෙනේ. ඔවුන් තෘප්තියේ ආභරණ වන නිසා, නිරන්තරයෙන්
තෘප්තිමත්ව සිටිති.