26.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අනාදිමත් නාටකය නොකඩවා කැරකෙමින් ඇත: එය නොනැවතී ගෙවී යනවා. මෙහිදී, ජීවාත්ම දෙදෙනෙකුගේ චරිතාංග එක සමාන විය නොහැකියි. මෙය හරියාකාරව තේරුම්ගෙන නිරන්තරව ප්‍රීතිමත්ව සිටින්න.

ප්‍රශ්නය:
දෙවියන් දැනටමත් පැමිණ සිටින වග සැමටම කිනම් ක්‍රමයකින් ඔබට ඔප්පු කළ හැකි ද?

පිළිතුර:
කිසිවකුටත් දෙවියන් පැමිණ සිටිනවා කියා කෙලින්ම නොකියන්න. ඔබ මෙය කීවොත් මිනිස්සු ඔබට සිනාසී ඔබ ගැන විවේචනය කරාවි, මන්ද, මෙකල, තමන්වම දෙවියන් යැයි කියමින් සිටිනා අය බොහෝ දෙනෙක් වේ. එබැවින්, පළමුවෙන් පියවරු දෙදෙනා ගේ හැඳින්වීම උපක්‍රමශීලීව දෙන්න. ඔහු සීමිත පියායි. අනෙක් කෙනා අසීමිත පියායි. එවිට සීමිත පියාගෙන් සීමිත උරුමයක් ඔබට ලැබේ. එහෙත් අනෙක් කෙනා ඔබට ලබා දෙන්නේ අසීමිත උරුමයයි. ඔවුන් එවිට ඔබව තේරුම් ගනීවි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි ඉඳිමින් ඔය ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කරනවා. හුදෙක් ඇත්තේ මේ ලොව පමණයි. එවිට පරම පියාට ඔබට පහදා දීම සඳහා මෙහි පැමිණෙන්නට සිදුවෙයි. අශාරීරික ලොවේ ඉඳිමින් කිසිවක් පැහැදිලි කළ නොහැකියි. සියල්ල පැහැදිලි කර දෙන්නේ භෞතික ලොවේ දීය. සියලුම දරුවන් අපවිත්‍ර වී වැඩකට නැතිව සිටින බව පරම පියා දනී. ලොවෙහි වැඩි වැඩියෙන් දුකම මිසක් අන් කිසිවක් නොවෙයි ඇත්තේ. පරම පියා පැහැදිලි කළා ඔබ දැන් සිටින්නේ විෂ සයුරෙහි කියා. එකල, ඔබ සිටියේ කිරි සයුරෙහි. විශ්ණු දේශයටයි කිරි සයුර කීවේ. මෙහි කිරි සයුරක් නොතිබිය හැකි නිසා ඔවුන් විලක් නිර්මාණය කර ඇත. එහි කිරි ගඟුළු ගලනවා කියාත්, එහි අනගිතම එළදෙනුන් සිටිනවා කියාත් කියති. මෙහි මිනිස්සු ලෙඩ වෙයි. එහෙත් එහි එළදෙනුන්ට පවා ලෙඩ නොසෑදේ; ඔවුන් ශ්‍රේෂ්ඨයි. සතුන් ආදීන් කිසිසේත් ලෙඩ වන්නේ නැත. එහෙටත් මෙහෙටත් ඇති වෙනස අති විශාලය. මේ දේවල් ඇවිත් ඔබට කියන්නේ පරම පියා පමණයි. ලොවෙහි අන් කිසිවකු මේවා නොදනී. ඔබ දන්නවා පරම පියා ඇවිත් සියල්ලන්වම ආපසු අරගෙන යන්නේ සංගම යුගයේ දීය. පරම පියා කියයි: සියලුම දරුවන් අල්ලාහ්. දෙවියනී හෝ භගවාන් කියා හඬ නඟනවා: ඔවුන් මා හට බොහෝ නාමයන්දී තිබෙනවා. ඔවුන් මට හොඳ හෝ නරක ඔවුන්ගේ හිතට එන නමක් තබයි. එම බාබා තමයි දැන් පැමිණ සිටින්නේ යන්න ඔය දරුවන් දනී. ලොවට මෙය නොවැටහේ. වසර 5000කට පෙර වටහාගත් අයමයි එය වටහා ගන්නේ. අන්න ඒ නිසායි. මෙසේ: "කෝටි ගණනින් අත් මිටක් පමණයි සහ එම අත්මිටෙනුත් ස්වල්ප දෙනෙකි " කියා සිහිපත් කර ඇත්තේ. මම කවුද, කවරෙක්මිද සහ මම ඔය දරුවත් හට උගන්වත්තේ මොනවාද කියා දන්නේත් ඔය දරුවන් පමණයි. අන් කිසිම කෙනෙකුට මෙය වටහාගත නොහැකියි. ඔබ දන්නවා ඔබ ඉගෙන ගන්නේ භෞතීක පුද්ගලයෙකුගෙන් නොවෙයි කියා. ඔබට උගන්වන්නේ අශාරීරික කෙතායි. ඔහු ඔබට උගැන්විය හැක්කේ කෙසේ ද කියා නිසැකවම මිනිස්සු කලබල වන්නේ ඔහු ඈත අහසේ සිටින කෙනා බැවිනී. ඔබ අශාරීරික ජීවාත්මයින් ගේ වාසස්ථානය ද එම ඉහළ ස්ථානයයි. ඉන්පසු ඔබ පැමිණ ඔය සිහසුන් මත ඉඳගනී. මෙම සිහසුන නැසෙන සුළුයි. එහෙත් ඔබ ජීවාත්ම අමරණීයයි. ජීවාත්ම කිසිසේත් මරණය අත්විඳින්නේ නැත. මිය යන්නේ ශරීරයයි. මෙය ජීවමාන සිහිසුනක්. අම්රිත්සාර් වලත් "අමරණීය සිහසුනක්" ඇත. එය දැවෙන් තැනූ සිහසුනකි. ජීවාත්ම අමරණීයයි. මරණයට එය කා දැමිය නොහැකි බව ඒ දුප්පත් අසරණයින් නොදනී. ජීවාත්මය. අමරණීය මූර්තිය, ශරීරයක් අත්හැර තවත් එකක් අරගනී. ජීවාත්මයට රථයක් අවැසියි. මේ අශාරීරික පියාටත් මනුෂ්‍ය රථයක් අවැසි වන්නේ පරම පියා ඥාන සාගරය, ඥානේශ්වර (ග්‍යානේශ්වර්) වූ බැවිනී. ග්‍යානේශ්වර් යන නාමය බොහෝ දෙනෙක් තබා ඇත. ඔවුන් තමන්ව දෙවියන් යැයි සලකමින් භක්ති ග්‍රන්ථ වල තිබෙන දේ පවසති. ඔවුන් තමන්ටම ග්‍යානේශ්වර් කියා නම් තබා ගනී. එනම්, දැනුම දෙන ස්වාමියා යන්නයි. එනමුත් ඥාන සාගරය ඒ සඳහා අවශ්‍ය වේ. දෙවි පියාණන් යැයි අමතන්නේ ඔහුට පමණයි. මෙහි හුඟ දෙනෙක් දෙවියන් වී සිටිනවා. බොහෝ සෙයින් කෙලෙසීම් සිදුවෙද්දී, ඔවුන් ඉතාමත් දුප්පත් සහ අසතුටට පත්වෙද්දී. ඉන්පසුව එම පරම පියාගේ පැමිණීම සිදුවේ. පරම පියා දුප්පතාගේ ස්වාමියා යැයි හැඳින්වේ. එම දුප්පතාගේ ස්වාමියා පැමිණෙන දිනය අන්තිමටයි ඇත්තේ. පරම පියා ඇවිත් දිව්‍යලෝකය ස්ථාපනය කරන බවත් ඔය දරුවන් දන්නවා. එහි අප්‍රමාණ ධනය ඇත. එහි මුදල් කිසිවක් ගණන් නොගැනේ. මෙහි තමයි කොපමණ මිලියන සහ බිලියන ගණන් වැය වුණාද කියා ගණන් කරමින් වැඩ කටයුතු කරන්නේ. මේ බවක් එහි සඳහන් වන්නේ නැත; එහි ඕනෑ තරම් ධන සම්පත් තිබෙයි. ඔබ දන්නවා දැන් ඒ බාබා ඇවිත් අපව ආපසු නිවසට අරගෙන යනවා කියා. දරුවන්ට තමන්ගේ නිවස අමතකයි. ඔවුන් නොකඩවා භක්ති මාර්ගයේ කැරකෙමින් සිටී. මෙයට රාත්‍රිය කියති. මිනිස්සු නොකඩවා දෙවියන් සොයනවා. නමුත්, කිසිවිට කිසිවෙකුත් දෙවියන් සොයා ගන්නේ නැත. ඔය දරුවන් දන්නවා දෙවියන්ම දැන් පැමිණ සිටින බව. ඔබට මෙම විශ්වාසයත් ඇත. දැඩි විශ්වාසයක් සැමටම නොතිබෙයි. යම් යම් වේලාවල් හි දී මායා ඔබට අමතක කරවයි. එම නිසායි පරම පියා කියන්නේ: මා දැක විශ්මයට පත් වූවත්. මා හට අයිති වූවන් මෙම ඥානය අන් අයට පැවසූ අය ඕ මායා! ඔබ මොනතරම් බලවත් ද, ඔබ ඔවුන්ව මා කෙරෙන් ඉවතට දුවන්න සැලැස්වූවා. බොහෝ දෙනෙක් එසේ දිව ගොස් ඇත. ඔවුන් මා දික්කසාද කළ අයයි. ඔවුන් කොහි ගොස් උපදීද ? ඔවුන්ට ඉතා පහත් උපතක් ලැබෙන්නේ. ඔවුන් පරීක්‍ෂා වලින් අසමත් වේ. මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට වෙනස් වීමේ පරීක්‍ෂාව මෙය වේ. පරම පියා කියන්නේ නැහැ සියල්ලන්ම නාරායන් බවට පත්වනවා කියා. මෙකල බොහෝ දෙනෙක් ප්‍රතිවිරුද්ධව තමන් දෙවියන් යැයි කියාගෙන සිටී. ඔවුන් සලකන්නේ ඔබ දුර්වලයි. අහිංසකයි කියායි. එම දෙවියන් දැත් පැමිණ ඇති බව ඔබට ඔවුන්ට කෙසේ පැහැදිලි කළ හැකි ද? ඔවුන්ට කෙලින්ම දෙවියන් පැමිණ ඇතැයි කීවොත් කිසිසේත් ඔවුන් ඔබව පිළි නොගනී. එම නිසායි. පැහැදිලි කිරීම සඳහා ඔබට හපන් ක්‍රමයක් අවැසි වන්නේ. ඔබ කිසිවිට කිසිම කෙනෙකුට දෙවියන් පැමිණ ඇතැයි නොකිව යුතුයි. ඔබ ඔවුන්ට පැහැදිලි කළ යුත්තේ: ඔබට පියවරු දෙදෙනෙක් සිටී. එක්කෙනෙක් අසීමිත පාරලෞකීක පියා සහ අනෙක් කෙනා සීමිත භෞතික පියා. ඔවුන්ට හැඳින්වීම ඉතා පැහැදිලිව ඔබ දිය යුතුයි. එවිට ඔබ කියන දෑ හරි යැයි වටහා ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. අසීමිත පියාගෙත් මෙම අසීමිත උරුමය ඔබ කෙලෙස ලබනවාද යන්න කිසිවකු නොදනී. උරුමයක් ලැබෙන්නේ පියෙකු ගෙතී. අන් කිසිවෙක් මනුෂ්‍යයන්ට පියවරු දෙදෙනෙක් ඇතැයි කිසිසේත් නොකියනු ඇත. ඔබ ඔවුන්ට ඔප්පු කරත්ත ලෞකීක පියාගෙන් සීමිත උරුමයක් ලැබේ. එහෙත් අසීමිත උරුමයක් එනම් නව ලොවේ උරුමය ලැබෙන්නේ අසීමිත පාරලෞකීක පියාගෙනී. නව ලොව දිව්‍යලෝකය වන අතර ඔහු පැමිණී විටයි එය ඔහුගෙන් ඔබට ලබාගැනීමට හැකිවන්නේ, නව ලොවේ නිර්මාතෘ එම පරම පියායි. ඔබ සරලව මිනිසුන්ට කීවොත් දෙවියන් පැමිණ සිටිනවා කියා. ඔවුන් ඔබව විශ්වාස නොකරනවා සේම තවත් වැඩියෙන් ඔබ විවේචනයට ලක් කරනු ඇත; ඔවුන් ඔබට සවන් නොදේ. ස්වර්ණම යුගයෙහි මේවා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඔබ පැහැදිලි කළ යුත්තේ පරම පියා පැමිණ ඔබට උගන්වන විට දීය. සතුටින් සිටිනා විට දෙවියන්ව කිසිම කෙනෙක් සිහිපත් නොකරයි. නමුත් දුකේදී සෑම දෙනාම දෙවියන් සිහිපත් කරති. දුක නැති කර සතුට දානය කරන්නා යැයි කියන්නේ පාරලෞකීක පියාටමයි. ඔහු ඔබව දුකෙන් නිදහස් කරයි. ඔහු ඔබේ මඟපෙන්වන්නා වී සුමිහිරි නිවසට ඔබව අරගෙන යයි. එයට කියන්නේ සුමිහිරි නිහඬ නිවහන කියායි. අප එහි යන ආකාරය කිසිවකුත් නොදනී, එසේම නිර්මාතෘවරයා හෝ නිර්මාණයේ මුල, මැද සහ අන්තය ගැනත් ඔවුන් නොදනී. ඔබ දන්නවා නිර්වාණ දනව්වට අපව රෑගෙන යාමට පරම පියා ඇවිත් සිටින බව. ඔහු සියලු ජීවාත්මයන්ව ආපසු රැගෙන යනවා. එක්කෙනෙක් වත් අත් නොහරී. එය ජීවාත්මයන්ගේ නිවසයි. මෙය ශරීර වලට අයත් නිවසයි. ඉතින් මුලින්ම, ඔබ පරම පියාගේ හැඳින්වීම දිය යුතුයි. ඔහු අශාරිරික පියායි. එසේම පරම් පිතා යැයි ඔහුට කියති. "පරම් පිතා" යන වචන නිවැරැදියි සහ සුමිහිරියි. සරලව "දෙවියන්" හෝ "ඊශ්වර්" කීමේ දී ඔබට උරුමයේ සුගන්ධය නොදැනේ. ඔබ පරම පියා ස්මරණය කිරිමෙන් ඔබට උරුමය ලැබෙයි. ඔහු පියායි. ඒ වාගේම ඔබට සතුටේ දේශය ස්වර්ණම යුගය බවත් කියා දී තිබෙනවා. දිව්‍යලෝකෙට සාම දේශය කියා කිව නොහැක. සාම දේශය නම් ජීවාත්මයන් වාසය කරන ස්ථානයයි. ඒ බව තහවුරු කරගන්න. පරම පියා කියයි: දරුවනී. වේද ශ්‍රාස්ත්‍ර පොත් කියවීමෙන් ඔබට මොනම ලැබීමක් වත් ලැබෙන්නේ නැත. මිනිස්සු එම පොත්පත් කියවන්නේ දෙවියන් ලබන්නටයි. එහෙත් දෙවියන් කියනවා: ඔවුන් ග්‍රන්ථ වේද ශාස්ත්‍ර පොත් කියෙව්වාට මා ඔවුන් කිසිම කෙනෙක්ව හමුවන්නේ නැහැ. ඔබ. අපවිත්‍ර වූ අපව පවිත්‍ර කරත්ත පැමිණෙත්ත කියා මා හට කන්නලව් කළා. කිසිම කෙනෙක් මෙය තේරුම් නොගන්නේ ඔවුන්ට ගල් බුද්ධියක් තිබෙන නිසාවෙනී. පාසලේ ඉගෙන ගන්නේ නැති ළමයින්ට කියන්නේ "නුඹට ඇත්තේ ගල්බුද්ධියක්" කියායි. මෙසේ ඔබ ස්වර්ණම යුගයේ දී නොකියනු ඇත. අසීමිත පියා වූ පරම පියායි ඔබව එම දිව්‍යමය බුද්ධි ඇත්තන් බවට පත් කළේ. මේ අවස්ථාවේ, ඔබේ බුද්ධි දිව්‍යමයි. මන්ද, ඔබ පරම පියා සමඟයි සිටින්නේ. එවිට ස්වර්ණම යුගයේ දී එක් උපතකට පසුව ද කුඩා වෙනසක් තිබේවි. වසර 1250කින් කලාවන් දෙකක් අඩු වේ. ඔබේ කලාවන් වසර 1250න් තත්පරයෙන් තත්පරයට නොකඩවා අඩු වී යයි. ඔබේ ජීවිතය දැන් සම්පූර්ණයෙන් පරිසමාප්ත බවට පත්වෙමින් ඇත. ඔබ පරම පියා මෙන්ම ඥාත සාගරය. සතුටු සාගරය සහ සාම සාගරය වෙමින් සිටින බැවින් ඔබ සම්පූර්ණ උරුමය ලබා ගනී. පරම පියා පැමිණ සිටින්නේ සරලව ඔබට උරුමය දීමටයි. මුලින්ම. ඔබ සාම දේශයට යයි. එතැනින් සතුටු දේශයට යයි. සාම දේශයේ හුදෙක් සාමය පමණයි තිබෙන්නේ. ඉන්පසු ඔබ සතුටු දේශයට යන විට එහි අල්ප මාත්‍රයක අසාමයේ ගැටළුවක් ඔබට නොතිබේ. ඉන්පසු ඔබ පහළට පැමිණේ.දිගටම මිනිත්තුවෙන් මිනිත්තුව පහළට බසී. නව ලොව දිගින්දිගටම පරණ බවට පත්වෙයි. මේ නිසායි, බාබා ඔබට ගණන් බැලීමට කීවේ; වසර 5000 තුළ එච්චර මාස ගණන්, එච්චර පැය ගණන් තිබෙයි. එවිට මිනිස්සු විමතියට පත්වේවි. මෙම පැහැදිලි ගණනය කිරීමක් පෙන්වා දී ඇත. නිරවද්‍ය ගණනය කිරීම ඔබ ලියා දැක්විය යුතුයි. එහි වෙනසක් යාන්තමින් හෝ නොතිබිය යුතුයි. එය මිනිත්තුවෙන් මිනිත්තුවට නොඩවා ගෙවියයි. මුළු රිල් පටයම නැවත දැක්වෙයි. එය හැරී එද්දී නොකඩවා රෝල් වී නැවත දැක්වෙනවා. මේ විශාල රෝල හරිම පුදුම සහගත වේ. එය මිනුම් කළ නොහැක. සමස්ත ලොවේම රෝල දිගින් දිගටම ටික් ටික් ගා ගෙවී යයි. තත්පර දෙකක් එක සමාන නොවේ. චක්‍රය නොකඩවා කැරකේ. ඒවා සීමා සහිත නාටකයයි. එහෙත් මෙය අසීමිත නාටකයයි. කලින් ඔබ අවිනාශී නාටකය ගැන කිසිවක් නොදැනයි සිටියේ. එම කලින් නියම වූ නාටකය නැවත වතාවක් සිදුවෙමින් තිබෙනවා. සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී. කිසිවක් අළුත් නොවෙයි. මෙම නාටකය නොනවත්වා අනේක වාරයක් තත්පරයෙන් තත්පරයට නැවත නැවත සිදු කෙරෙනවා. අන් කිසිවකුටත් මේ දේවල් පැහැදිලි කළ නොහැකියි. මුලින්ම. ඔබ පරම පියාගේ හැඳින්වීම දෙන්න ඕන. අසීමිත පියායි ඔබට අසීමිත උරුමය දෙන්නේ. ඔහුට ඇත්තේ එක් නාමයයි. ශිවා. පරම පියා කියයි: ධර්මය අතිශයින් අපකීර්තියට ලක්වන විට මා එනවා. අන්ත යකඩ යුගය කියන්නේ මෙයටයි. මෙහි බොහෝ සේ දුක ඇත. ය යම් කෙනෙක් අසා තිබෙනවා: මේ අන්ත යකඩ යුගයේ ඔබ කෙසේ පිවිතුරුව සිටිය හැකිද ? කෙසේවෙතත්, ඔබව පිවිතුරු කරන්නා කවුද කියා ඔවුන් නොදනී. සංගම යුගයේ දී පරම පියාම පැමිණ පිවිතුරු ලොව ස්ථාපනය කරනවා. එහිදී අඹු සැමියන් පිවිතුරු බව රකී. එහෙත් මෙහි නම් දෙදෙනාම අපවිත්‍රයි. මෙය අපවිත්‍ර ලෝකයයි. එය පිවිතුරු ලෝකය වූ දිව්‍යලෝකයයි. මෙයයි අපායේ අන්ත අගාධය. එය අපායක්මයි! ඔය දරුවන් අනුක්‍රමිකව ඔබේ උත්සාහය අනුව මෙය තේරුම් ගෙන ඇත. පැහැදිලි කිරීමට උත්සාහය අවශ්‍ය වෙයි. දුප්පතුන් ඉක්මණීන් තේරුම් ගනී. පැතිරීම දිනෙන් දින නොකඩවා සිදුවෙයි. ඉන්පසු එවන් ලොකු ගොඩනැඟිලි අවශ්‍ය වේවි. පරම පියා වෙන කොහේවත් නොයන හේතුවෙන් බොහෝ දරුවත් මෙහි ඒමට සිදුව ඇත. කලින්. බාබා නොයෙක් ස්ථාන වලට යන්න පුරුදු වී සිටියේ ඉල්ලීමකින් තොරවයි. දැන් දරුවන් මෙහි දිගටම එනවා. ශීතල කාලයේ පවා ඔබට මෙහි ඒමට සිදු වේවි. ඔබට වැඩසටහනක් සාදන්න වේවි. "සෙනඟ නොමැති අහවල් අහවල් කාලයේ දී පැමිණෙන්න" සැමටම එකම වේලාවට පැමිණීය නොහැකියි. දරුවන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වෙනවා. මෙහි ඔය දරුවන් කුඩා ගොඩනැගිලියි සාදා ඇත්තේ, එහෙත් එහි ඔබට බොහෝ මාලිගා තිබේවි. සියලුම මුදල් ආදිය දුහුවිලි බවට හැරෙන බව ඔය දරුවන් දන්නවා. බොහෝ දෙනෙක් වළවල් හාරා ඔවුන් ගේ මුදල් එහි සඟවති. ඉන්පසු, ඒවා සොරුන් සොරකම් කරයි නැතිනම් ඒවා වැළලී තිබෙයි. ඉන්පසු මිනිස්සු එම ඉඩමේ කුඹුරු කොටන විට එම මුදල් මතු වේ. විනාශය දැන් සිදුවන අතර සියල්ලම වැළලී යාවි. ඉන්පසු එහි ඔබට සෑම දේම අළුතින් ලැබෙනවා ඇත. රජවරුන්ගේ බලකොටු තුළ ඔවුන්ගේ බොහෝ වස්තු වැළලී තිබේ. ලොකු දියමන්ති පවා මතු වී ඔවුන් ලක්‍ෂ ගණන් හෝ මිලියන ගණන් හම්බ කරති. ඔබ දිව්‍යලෝකයේ දියමන්ති ආදිය ගන්නේ පොළව හාරා නොවේ. නැහැ. එහි සියල්ලේම ආකර අළුත් සහ පිරී තිබේවි. මෙහි පොළව නිසරු නිසා එහි ශක්තියක් නොමැත. ඔවුන් වපුරන බීජයෙහි ශක්තියක් නැත. ඔවුන් සියල්ල තුළම දමන්නේ කුණු සහ අපවිත්‍ර දේවල්ය. එහි අපවිත්‍ර කිසිවක් සඳහත් නොවේ. සෑම දේම අළුත්ය. දියණීයන් ට්‍රාන්ස් ගොස් දිව්‍යලෝකයේ දර්ශන ලබා එනවා. එහි ඇත්තේ ස්වභාවික සුන්දරත්වයයි. ඔය දරුවන් දැන් උත්සාහ කරන්නේ එම ලොවට යාමටයි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාල්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ පරම පියා මෙන් පරිසමාප්ත වීමට සහ ඔබේ සම්පූර්ණ අයිතිය ලබාගත යුතුව ඇත්තේ මේ කාලයේ දීය. පරම පියාගේ සියලු ඉගැන්වීම් ධාරණය කරගෙන ඔහු සේම ඥානයේ, සතුටේ සහ සාමයේ සාගරයක් බවට පත්වන්න.

2. ඔබේ බුද්ධිය දිව්‍යමය කිරීමට ඉගෙනුමෙහි සම්පූර්ණ අවධානය යොමන්න. බුද්ධියෙහි ශ්‍රද්ධාව ඇතිව මනුෂ්‍යයන් දේවතාවන් කිරීමට තිබෙන පරීක්‍ෂාවෙන් සමත්වන්න.

වරදානය:
ඔබට පරම පියාගෙන් කෝටි ගුණයක උපකාර ලැබීමෙන්, ජයග්‍රහණය සහතික බවට කුල්මත් බව පවත්වා ගන්නා, මායා පරාජය කරන්නෙක් වේවා.

පියාගෙන් කෝටි ගුණයක උපකාර ලැබීමට සුදුසු දරුවන්, මායා පහර දෙන විට ඇයට අභියෝග කර පවසන්නේ, පැමිණීම ඇගේ වගකීම වන අතර ජය ගැනීම අපගේ වගකීම බවයි. එවන් දරුවන්, මායාගේ සිංහ ස්වරූපයක්, කුහුඹුවෙක් මෙන් සලකයි, මන්ද, මායාගේ මෙම රාජධානිය දැන් අවසන් වීමට යන බව ඔවුන් දන්නවා. බොහෝ වාර ගණනාවක් ජය ගෙන ඇති ඔය ජීවාත්මයන්ගේ ජයග්‍රහණය 100% සහතිකයි. මෙම සහතිකය තිබීමේ කුල්මත් බව, ඔබට පියාගෙන් කෝටි ගුණයක උපකාර වලට අයිතියක් හිමි කරගැනීමට මගපාදයි. මෙම කුල්මත් බවින් ඔබ පහසුවෙන් මායා ජයගන්නා කෙනෙක් වෙයි.

පාඨය:
ඔබගේ සිතිවිලි බලය රැස් කරගෙන, තමන්ට සහ ලෝකයට එයින් අත්හදා බැලීම් සිදු කරන්න.