26.07.25 Avyakt Bapdada
Sinhala
Murli 02.02.2011 Om Shanti Madhuban
ඔබගේ භාග්‍යය සහ
ලැබීම් අවධානයේ තබා ගැනීමෙන්, නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සහ තෘප්තිමත්ව සිටින්න. ඔබගේ
ද්‍රිෂ්ඨිය, ආකල්පය සහ ගෘහය මගින් අන් අයට තෘප්තියේ අත්දැකීම ලබා දෙන්න.
අද සියලු දරුවන්
දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. සෑම දරුවෙක්ම මෙහි ළඟා වී ඇත්තේ පරමාත්ම දෙවියන්ගේ
සෙනෙහස තුළින්ය. අද, බාප්දාදා සෑම දරුවෙකුගේම නළලේ භාග්‍යයේ රේඛා දකිනවා. වෙනත්
කිසිවෙකුට මුළු කල්පය පුරාම, මෙවන් ශ්‍රේෂ්ඨ භාග්‍යයක් ලැබී නැත. මෙයට හේතුව ඔබ මතට
භාග්‍යය පිරිනැමුවේ භාග්‍යය පිරිනමන්නාම විසින් නිසයි. පළමුවෙන්ම, සෑම කෙනෙකුගේම
නළලේ භාග්‍යයේ තාරකාවක් බැබලෙනවා. ඔබගේ මුවේ මිහිරි කතාබස්වල රේඛාව දිදුලනවා. ඔබගේ
දෙතොල් මත මිහිරි මඳ සිනහවක රේඛාව දිළිසෙනවා. හදවත් සනසන්නා වන පරම පියා කෙරෙහි
සෙනෙහසේ ගැලී සිටීමේ රේඛාව ඔබගේ හදවත්වල දිදුලනවා. ඔබගේ දෑත්වල සියලු සම්පත් හිමි
කරගැනීමේ ශ්‍රේෂ්ඨත්වය දිදුලනවා. ඔබගේ දෙපා මත සෑම පියවරකදීම ප්‍රකෝටි ගණනක් අත්කර
ගැනීමේ රේඛාව බැබලෙනවා. දැන් සිතන්න: කිසිවෙකුට මෙතරම් භාග්‍යයක් කිසිදා ලැබී
තිබෙනවාද? මේ නිසයි සිහිවටනයේ ප්‍රතිමා වල ඔබගේ භාග්‍යය පෙන්වා තිබෙන්නේ. සෑම
දරුවෙකුටම මෙම භාග්‍යය ලබා දෙන්නේ භාග්‍යය පිරිනමන්නාම විසින්ය. සෑම දරුවෙකුගේම
වාසනාව දැක, බාප්දාදා එක් එක් දරුවාට සුබ පතනවා: අපූරුයි දරුවා! අපූරුයි! ඔබට මෙම
වාසනාව හිමි වන්නේ සංගම යුගයෙදි පමණක් වන අතර එය ක්‍රියාත්මක වන්නේ මෙකල පමණයි.
සංගම යුගයේ සතුට, අන් සියලුම යුගවල ඒවාට වඩා ශ්‍රේෂ්ඨයි. ස්වර්ණමය යුගයේ භාග්‍යය,
සංගම යුගයේ සිදුකළ උත්සාහයන්වල ප්‍රතිලාභයයි, මේ නිසයි සංගම යුගයේ ලැබීම, ස්වර්ණමය
යුගයේ ප්‍රතිලාභයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ. තමන්ගේම භාග්‍යය තුළ ගිලෙන්න! සිදුවන්නේ
කුමක් වුනත් එයට කම් නැත, නමුත් ඔබගේ භාග්‍යය ඔබගේ අවධානයට ගත් විට ඔබගෙන් මතුවන
වදන් මොනවාද? “අපූරුයි! මගේ භාග්‍යය!” භාග්‍යය පිරිනමන්නාම ඔබගේ පියාය. ඔය සෑම
කෙනෙකුටම ඔබගේ භාග්‍යය හිමි වී තිබෙන්නේ භාග්‍යය පිරිනමන්නාගෙන්ය. ඔබ කෙතරම්
වාසනාවන්තද කියා ඔබට අවබෝධ වනවාද? එසේ නැත්නම් ඔබට එය අවබෝධ වන්නේ ඇතැම් විටෙක
පමණයිද? ඔබට නිරතුරුවම මෙම කුල්මත් බව තිබෙනවාද? ලෝකයේ මිනිසුන් ඔබව දැක, ඔබට ලැබී
ඇත්තේ මොනවාද කියා විමසන විට, ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? “අපට අවශ්‍ය වූ සියල්ල අපට
හිමි වී තිබේ.” ඔබට එය හිමි වී තිබෙනවාද? එසේ නම් අත් ඔසවන්න! ඔබට එය ලැබී
තිබෙනවාද? අච්චා. ඔබට එය ලැබී තිබෙනවාද? ඔබට කිසිම අඩුවක් නොමැති බව, ඔබ
ආධ්‍යාත්මික කුල්මත් බවින් පවසයි. ඔබට මෙම කුල්මත් බව තිබෙනවා නේද? ඉතිං ඔබට එය
ලැබුණේ කෙසේද? ඔබ පරම පියාව හැඳිනගත් පමණින්, ඔබ ඔහුව පිළිගත් අතර ඔහුව තමන් සතු
කරගෙන ඔබගේ භාග්‍යය ඔබට හිමි විය. මෙම භාග්‍යය ඔබගේ අවධානයට ඔබ වැඩියෙන් ගෙන එන
තරමට, ඔබ වඩාත් ප්‍රබෝදමත් වෙයි. වාසනාවන්ත ජීවාත්මයකගේ මුහුණ නිරන්තරයෙන්
ප්‍රබෝධමත්ව තිබෙයි. එය එසේ වෙයි නොවෙයි, නමුත් එය නිරන්තරයෙන් එසේය. එවන්
ජීවාත්මයන්ගේ ද්‍රිෂ්ඨිය, ආකල්පය සහ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් තෘප්තිමත්ව තිබෙන
අතර අන් අයට තෘප්තිමත්ව සිටීමටත් ඔවුන් විසින් දිරිගන්වයි. ඔබ සියලු දෙනා
තෘප්තියෙන් කුල්මත්ව සිටිනවාද? තෘප්තියේ පදනම වන්නේ සියලු ලැබීම් තිබීමයි. අතෘප්තිය
මතු වන්නේ ලැබීම් වල අඩුවකින්ය. ඔබ අත්විඳsන්නේ කුමක්ද? යම් අඩුවක් තිබෙනවාද, එසේ
නැත්නම් ඔබ සියල්ල අත්කරගෙන තිබෙනවාද? ඔබගේ ලැබීම් වල කුල්මත් බව ඔබට තිබෙනවාද? ඔබට
එය තිබෙනවාද? ඔබ සෑම විටම මෙයද, නැත්නම් ඔබ මෙසේ වන්නේ ඇතැම් විට පමණයිද? ඇත්ත
වශයෙන්, ඔබ පවසන්නේ, ඔබට අවශ්‍ය දේ ඔබට හිමි වූ බවයි. ඔබට සියලු ලැබීම් ඇති තැන,
අතෘප්තියේ සඳහනක් නොමැත.
මේ දේශයේ සහ විදෙස්
රටවල දරුවන්ව බාප්දාදා දකිනවා. ඔය සියලුම දරුවන් රටවල් කීයකින් එකතු වී සිටිනවාද?
ඈතම ස්ථානයේ සිට පැමිණියේ කවුද? වැඩිම දුරක් ගමන් කළේ අමරිකාවේ අයද? ඈතම දේශයේ සිට
පැමිණියේ අමරිකාවේ අය නේද? කෙසේවෙතත්, පරම පියා පැමිණියේ කොහේ සිටද? අමරිකාව
තිබෙන්නේ මේ ලෝකයේ, නමුත් බාප්දාදා පැමිණියේ කොහේ සිටද? ඔහු පරමදාමයේ සිට පැමිණි
අතර බ්‍රහ්ම පියා පැමිණියේ සූක්ෂම කලාපයේ සිටයි. එසේ නම් දුරම ස්ථානයේ සිට පැමිණියේ
කවුද? ඈතම සිටින්නේ කවුද? මෙය පියා සහ දරුවන්ගේ සෙනෙහසේ ජවනිකාවකි. ඔබ “මගේ බාබා”
පැවසූ අතර පියා පැවසුවේ: මගේ දරුවා. ඒකායන කෙනාව හඳුනාගැනීමෙන් පමණක්ම ඔබට මෙතරම්
විශාල උරුමයක් හිමි විය. ලෝකයේ මිනිසුන් සාමය සහ සතුට සොයමින්, ඔවුන්ට සාමය සහ සතුට
කොහෙන් ලැබෙයිද කියා සිතමින් සිටින අතර ඔබගේ ජීවිත සතුට සහ සාමයෙන් පිරී තිබේ.
බාප්දාදාට දැන් අවශ්‍ය කුමක්ද? බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම ස්ව-අධිරාජයෙක්
වීමට, ඇතැම් විට පමණක් නොව, නිරන්තරයෙන් තමන්ගේ පාලකයෙක් වීමටයි. මෙයට හේතුව, සංගම
යුගයේ පරම පියා ඔබට ස්ව-ආධිපත්‍යයේ සම්පූර්ණ ආශිර්වාදය ලබා දී තිබීමයි. එය සුළු
වශයෙන් නොවෙයි, එමෙන්ම ටික කාලයකට පමණක් නොවෙයි, නමුත් සෑම කලටයි. ඔබ සෑම විටම
තමන්ගේ පාලකයන්ද? බාප්දාදා ඔබට පවසා තිබෙන්නේ ඔබ, ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් සහ
ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර වල පාලකයන් බවයි. මේ සියලුම දේවල් ගැන ඔබ පවසන්නේ
“මගේ” කියාය. ඔබ මෙම දේවල් වලට “මම” කියා නොකියන නමුත් ඔබ කියන්නේ, “මගේ” කියාය.
මනස, බුද්ධිය සහ සංස්කාර “මගේ” බැවින්, “මගේ” වන දේට “මට” නිරන්තර අයිතියක් තිබේ. ඒ
ආකාරයෙන්ම, ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර මත, ඔබ සම්පූර්ණ අයිතීන් තබා ගත යුතුයි.
ස්ව-අධිරාජයෙක් වීමෙන් අදහස් වන්නේ මෙයයි. ඔබ ඒවාට කුමන නියෝග ලබා දුන්නත්, එම
නියෝග පිළිපැදීමට ඒවා උපකරණයි. කෙසේවෙතත්, මෙය සිදු කිරීමට නම්, ඔබ ඇවිදින විට සහ
එහෙ මෙහෙ යන එන විට, ඒවායේ පාලකයා වීමේ කුල්මත් බව පවත්වා ගත යුතුයි - විශ්වාසය සහ
කුල්මත් බව. දැන් ඔබගේ මනසින් ජීවාත්මයන්ට සේවය කිරීමේ කාලයයි. ඔවුන් කන්නලව්
කරමින් සිටියි: “අහෝ පූර්වජයන්, අපට සතුට සහ සාමයේ කිරණ ටිකක් ලබා දෙන්න!” අහෝ
පූර්වජයන්, ඔබට දුකින් සිටින අයගේ කන්නලව්ව ඇසෙනවා නේද? ඕනෑම ව්‍යසනයක් හදිසියේ
සිදුවිය හැකි බව, බාප්දාදා ඔබට සංඥා කර තිබෙනවා. මේ සඳහා තත්පරයකදී නැවතීමේ තිතක්
තබන්න. ඔබ දැන් මෙය පුහුණු වනවා, මන්ද, ඔබට ඒ වෙලාවේ උත්සාහ දැරීමට කාලයක්
නොතිබෙයි. ඔබ නැවතීමේ තිතක් තැබීමට උත්සාහ දරයි, නමුත් ඒ වෙනුවට ඔබ විශ්මයේ ලකුණත්
තබයි. මේ නිසයි ඔබට උත්සාහ දැරීමට දැන් කාලය ලබා දී තිබෙන්නේ. පසුව, ප්‍රායෝගිකව
යමක් කිරීමට එය කාලය වෙයි. ඔබ දැන් මෙය පුහුණු වනවා. බාප්දාදා ඔබගේ ප්‍රතිඵලය
දකිනවා: ඔබ එය කිරීමට අවධානය යොමු කරන නමුත් ඔබ වැඩියෙන් අවධානය යොමු කර, එය වැදගත්
බව සැලකිය යුතුයි. බලන්න, උත්සාහය කෙතරම් පහසුද කියා: මම තිතක් වන අතර මා නැවතීමේ
තිතක් තැබිය යුතුයි. මා කළ යුත්තේ අවධානය යොමු කිරීම පමණයි. බාප්දාදා ඔය දරුවන්ට
විශේෂයෙන් තෑග්ගක් ලබා දෙනවා: දරුවනේ, මා සෑම විටම සිටින්නේ ඔබ සමගයි. ඔබ “බාබා”
කියූ සැනින්, පරම පියා ඔබ ඉදිරියේ සදාතනිකව පෙනී සිටියි. නිරන්තරයෙන් ජයගන්න.
පරමාත්ම දෙවියන් ඔබ සමග සිටින විට ජය ලැබීම අපහසු වන්නේ කෙසේද? ජයග්‍රහණය ඔබගේ ජන්ම
උරුමයයි. “මගේ බාබා” කියා පැවසීමෙන් පමණක් ඔබ අනිවාර්යෙන් ජයග්‍රහණය කරයි. එබැවින්
නිරන්තරයෙන් ජයග්‍රාහී වන්න; ස්මරණයේ සිටින අයට මෙය උපරිම ලෙස පහසුයි; එය අපහසු
නැහැ. පරමාත්ම දෙවියන් ඇති තැන, ජයග්‍රහණය සහතිකයි. අද ඔය සියලු දරුවන් දැකීමට
බාප්දාදා සතුටු වනවා. ඔබ බොහෝ සෙනෙහසින් පැමිණ සිටිනවා. ඔබ මෙහි ළඟා වූයේ කෙසේද?
ශාරීරිකව, ඔබ දුම්රියෙන් හෝ ගුවන් යානයෙන් මෙහි ළඟා විය, නමුත් ඔබව මෙහි ගෙන ආවේ
ඔබගේ හදවතේ සෙනෙහසයි. එය ඔබගේ නිර්භීතකම සහ පරමාත්ම පියාගේ සහතික වූ උපකාරයයි. දැන්
බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම ස්ව-ආධිපත්‍යයේ ආසනයේ අසුන්ගෙන සිට සෑම
ක්‍රියාවක්ම සිදු කරන අතර ස්ථාවරව රැඳී සිටීය යුතු බවයි. අච්චා.
අද පළමු වතාවට පැමිණි
අය අත් ඔසවන්න! සිටගන්න!
බොහෝ දෙනෙක් සිටිනවා.
අච්චා. ඔබ ප්‍රථම වතාවට පැමිණ ඇති සේම, ඔබ අංක එක හිමි කරගත යුතුයි. මෙම අංකය හිමි
කරගැනීමට ඔබට අවශ්‍යද? එඩිතරකම ඇති අයට අනිවාර්යෙන් බාබාගේ උපකාර ලැබීම, පියාගේ
ආශිර්වාදයයි. එඩිතරකම තිබීමෙන් අවශ්‍ය තරම් ප්‍රගතියක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්
තිබෙයි, මන්ද, තවමත් “ප්‍රමාද වැඩියි” යන පුවරුව දමා නැත. සිහිපත් කිරීමේ රැඳී සිට
ඔබගේ ලැබීම් වලින් අන් අයට සේවය කරන්න. ඔබ සේවය කරන ප්‍රමාණයට අනුව ඔබ ආශිර්වාද
රැස් කරගන්නා අතර එම ආශිර්වාද ඔබව නොකඩවා ඉදිරියට ගමන් කරවයි. නොකඩවා පණිවිඩය ලබා
දෙන්න, ඉන්පසුව එය එක් එක්කෙනාගේ වාසනාවට අනුවයි. කෙසේවෙතත්, ඔබ කළ යුත්තේ නොකඩවා
පණිවිඩය ලබා දීමය. නොකඩවා ඔබගේ පුණ්‍යකර්ම රැස් කරගන්න. ඔබගේ පුණ්‍යකර්මය ඔබව
අඛණ්ඩව ඉදිරියට ගමන් කරවයි. අච්චා.
බාප්දාදා අම්රිත්
වේලාවේ සෑම තැනකම සංචාරය කරයි. ඔහුට සෑම තැනකටම යෑම ලොකු දෙයක් නොවෙයි. පෙ:ව 4.00 ට
මුණගැසීමේ විශේෂත්වය වන්නේ ඒ වෙලාවේ බාප්දාදා සියලුම දරුවන්ට පහසුවෙන් ආශිර්වාද ලබා
දීම වන බව, බාප්දාදා ඔබට මින් පෙරත් පවසා තිබේ. ආශිර්වාද පිරිනැමීමේ චරිත කොටස
විශේෂයෙන් තිබෙන්නේ අම්රිත් වේලාවේ. ඔබට අවශ්‍ය ඕනෑම ආශිර්වාදයක් බාප්දාදා ඔබට ලබා
දෙයි. එය අත්හදා බලන්න! කෙසේවෙතත්, ආශිර්වාදයක් හිමි කරගැනීමට, ඔබ සියලු දෙනා
අවධානයෙන් අවදිව සිටිය යුතුයි. ඔබ අවදි අවධානයෙන් නොසිටින්නේ නම්, බාප්දාදා ඔබ වෙතට
පැමිණ නිකම්ම පිටව යන අතර ඔබ ඒ ගැන සිතමින් රැඳී සිටියි. ඔබ අම්රිත් වේලාවට
වැදගත්කමක් ලබා දෙන නමුත් දැන් වැඩියෙන් අවධානය යොමු කරන්න! කාලයට අනුව, සේවය
වර්ධනය වන බව, බාප්දාදා දැක තිබෙනවා. ආශිර්වාද හිමි කරගැනීම සඳහා, සේවය නිසා, ඔබට
පියාගෙන් ඈත්ව සිටිය නොහැක. ඔය ද්විත්ව විදේශිකයන්ගෙන් බහුතරයක් උත්සාහ දරන නමුත්
අවධානය යොමු කිරීම, වැදගත් බව ඔබ සැලකිය යුතුයි. කුමන හෝ අන්දමකින් මධුබන් වලට
පැමිණීම වෙනුවෙන් බාප්දාදා ඔබට සුබ පතනවා. සංස්කාර පිළිබඳව බාප්දාදා ලබා දුන් සංඥා,
ඔවුන් අනිවාර්යෙන් අනුගමනය කළ යුතු බව දරුවන්ට වැටහෙන බව, බාප්දාදාට අසන්නට ලැබුණා.
එය ඉටු කිරීම සඳහා, අම්රිත් වේලාවේ ඔබ ස්ව-අභිමානයේ කරුණක් භාවිතා කරන ආකාරයෙන්ම,
එයට අමතරව එක විශේෂිත වූ සංස්කාරයකට විශේෂයෙන් අවධානය යොමු කරන්න: අද මම මෙම
සංස්කාරයට විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඉන්පසුව රාත්‍රියේ ඔබ මුළු දවසේ වාර්ථාව
බාප්දාදාට ලබා දෙන විට, එම සංස්කාරයේ ප්‍රතිඵලයත් බාබාට කියන්න, එවිට එයට විශේෂයෙන්
ඔබගේ අවධානය යොමු වෙයි. ඔබ එක හෝ වෙනත් සංස්කාරයකට අවධානය යොමු කළ යුතුයි. ඔබ
ස්මරණයට අවධානය යොමු කරන සේම, එයට අමතරව බාප්දාදාට මෙම ප්‍රතිඵලය ලබා දෙන්න. ඔබට
සංස්කාරයක් අවසන් කිරීමට අවශ්‍ය නමුත්, එම දවසේ එය අවසන් කිරිමට ඔබ සාර්ථක නොවුනා
නම්, එවිට තමන්ට බාප්දාදාගෙන් සුබ පැතුම් ලබා දෙන්න. දිනපතාම පරම පියාගෙන් එම
විශේෂිත වූ සංස්කාරය වෙනුවෙන් සුබ පැතුම් ලබා ගන්න, එවිට එම සංස්කාරය භාවිතා කිරීම
අඩුවන බව ඔබ දකීවි. යෝගාව අතින් ඔබ තමන්ව පරීක්ෂා කර බලයි, නමුත් ඒ අන්දමින් ඔබ
ඇතැම් විටෙක පමණක්, ඔබ දිනපතාම තමන්ගේ සංස්කාර පරීක්ෂා නොකරයි. උත්සාහ දරන්නන්ට
දිනපතා නොව හදිසියේ මෙම ප්‍රශ්න පත්‍රය ලැබෙයි. කෙසේවෙතත්, දිනපතාම මෙම පරීක්ෂා කර
බැලීම සිදුවන විට, මෙම අවධානය (attention) යොමු කිරීම, සියලු ආතතිය (tension) අවසන්
කරයි. විදෙස් රටවල දරුවන් ඕනෑම කාර්යයක් ආරම්භ කරන විට, ඔවුන් එයට නියත වශයෙන්ම
අවධානය යොමු කරන බව බාප්දාදා දුටුවා. විමුක්තිය ලබා ගැනීමට හැකි වන්නේ අවධානය යොමු
කරන අයට පමණයි. ඔබට බාප්දාදාගේ ආශිර්වාදත් තිබෙනවා. ඔබට වැටහෙනවාද? ඔබ සියලු දෙනාම
මෙහි සම්පූර්ණයෙන් නියැලී, තමන්ව දිනපතා පරීක්ෂා කරන විට, ප්‍රතිඵලය වන්නේ සෑම
සංස්කාරයක්ම මන්දගාමී වීමය. බාප්දාදාට අවශ්‍ය වන්නේ, සංස්කාර යන විෂයෙන් ඔබ අංක එක
හිමි කර ගත යුතු බවයි, එවිට ඔබට භාවිතා කිරීමට අවශ්‍ය සංස්කාර පමණක් භාවිතා කිරීමට
හැකි වෙයි. මෙය සිදුවෙයි. ඔබගේ අවධානය මෙයට යොමු වූ විට එය සිදුවෙයි. එය නිකම්ම
සිදු නොවෙයි; ඔබට අවධානය යොමු කිරීමට සිදුවෙයි. මෙම සංස්කාර සමූහයක් තුළදි පමණක්
ඉස්මතු වන්නේ ඇයි? ඔබගේ පිළිරූ වලට වන්දනාමාන කරන අය, ඔබගේ සංස්කාර පිළිබඳව බොහෝ
අලංකාර ප්‍රශංසා ගීත ගායනා කරයි. ඔබ ප්‍රායෝගිකව එය බවට පත් වූ නිසයි ඔවුන් ඒ ගැන
කතා කරන්නේ. ඔබගේ දේවතා පිළිරුව ඉස්මතු කරගන්න. මිනිසුන් ගායනා කරන්නේ කුමක්ද? ඔබ
එවන් දේවතාවන් විය යුතුයි නේද? අච්චා.
ඔය සියලුම ද්විත්ව
විදේශිකයන් ඔබගේ උත්සාහයන් වලදි නොකඩවා සාර්ථකත්වය අත්විඳිනවා නේද? එහෙම නේද?
සාර්ථකත්වය අත්විඳින අය අත් ඔසවන්න! අපූරුයි! ඔබ සියලු දෙනා ඉතා හොඳින් අත් ඔසවනවා.
ඉතිං ඔබ නියත වශයෙන්ම මෙයට අවධානය යොමු කරන බවට අරමුණ තබා ගනී. ඔබ අනිවාර්යෙන්ම
මෙහිදි අංකයක් හිමි කරගත යුතුයි. ඔබ උපකරණ නිසා සහ උපකරණයන්ට බාප්දාදාගෙන් විශේෂ
උදව් ලැබෙන නිසා, අන් අය ඔබව දකින විට ඔවුන්ද උද්යෝගිමත් වෙයි. මධ්‍යස්ථාන සංඛ්‍යාව
වැඩි වීම ගැන බාප්දාදාට සතුටුයි. උත්සාහ දැරීමට ඔබ අවධානය යොමු කරයි, නමුත් දැන්
පරිවර්ථනය ගෙන ඒමට උපකරණ වන්න. අන් අය ඔබව දකින විට, පරිවර්ථන බලය තිබීමට ඔවුන්
තුළත් උද්යෝගයක් ඇති වෙයි.
උත්සාහ දැරීමේදි එය
අංක පිළිවෙලට වන බව වැටහෙන නමුත්, ඔබ උත්සාහ දැරීමට අවධානය යොමු කිරීම ගැන බාප්දාදා
සතුටු වනවා; ඉතිං ඔබ දැන් එය වැඩි කළ යුතුයි. ඔබට දිනපතාම බාප්දාදාගේ සෙනෙහස සහ
සිහි කිරීම නොකඩවා ලැබෙනවා. බලන්න, නිවසේ අසුන් ගෙන සිටින විට පවා, ඔබ දිනපතාම
විනයානුකූලව මුරලියක් කියවන්නේ නම්, එක දවසකට වත් බාප්දාදාගේ සෙනෙහස සහ සිහි කිරීම
ලැබීම, ඔබට අතපසු වන්නේ නැත. ඔහු එක දිනයක් වත් ඔබට සෙනෙහස සහ සිහිකිරීම ලබා දීම
නතර කරන්නේ නැත. ඔබට එය ලැබෙනවා නේද? ලැබෙනවාද? ඔබට සෑම දිනකම සෙනෙහස සහ සිහි කිරීම
ලැබෙයි. ඔබ සියලු දෙනාටම එය ලැබෙනවා නේද? මෙය බාප්දාදාගේ සෙනෙහසේ ලක්ෂණයකි. ඔබට
මුරලියක් අතපසු වුනොත්, ඔබට ඔහුගේ සෙනෙහස සහ සිහි කිරීම අතපසු වෙයි. එවිට ඔබට අතපසු
වන්නේ එම මුරලිය පමණක් නොවෙයි, ඔබට ඔහුගේ සෙනෙහස සහ සිහි කිරීම සහ ඔහුගේ ආශිර්වාදත්
අතපසු වෙයි. ඔබට අතපසු වූණු මුරලියක් පසුව ලබා ගත හැක, නමුත් බාප්දාදාගෙන් සෙනෙහස
සහ ස්මරණය ලැබීමට නියම වුණු වේලාව අතපසු වුනා නේද? ඔබ මේ ගැන උද්යෝගිමත් වීම ගැන
බාප්දාදාට සතුටුයි. අච්චා.
මුරලියක් අතපසු කරන
කෙනෙක් සිටිනවාද? ඔය ද්විත්ව විදේශිකයන් අතරින්, මුරලියක් අතපසු කරන කෙනෙක් මෙහි
සිටිනවාද? ඕනෑම හේතුවකට? කිසිවෙක් නැත. නැහැ, ඔවුන් එය අතපසු කරන්නේ නැහැ. (එක
පුද්ගලයෙක් ඇගේ අත එසවූවා.) දැන්, එය අතපසු නොකරන්න! කිසිම මුරලියක් අතපසු නොකරන්න.
ඔබට දුරකතනය ඔස්සේ වුවත් එයට සවන් දිය හැක. ඔබට එය කියවීමට නොහැකි නම්, එවිට
අනිවාර්යෙන් කෙසේ හෝ එයට සවන් දෙන්න. ඔබගේ පෙනී සිටීමේ ලකුණ අනිවාර්යෙන් ලබා දෙන්න.
අච්චා.
මෙම සමූහයට පැමිණ ඇති
සියලු දෙනා, අළුත් සහ පරණ අය, ඔබ මුරලිය අතපසු නොකළ යුතු බව, ඉතා, ඉතා, ඉතාම හොඳින්
සටහන් කරගන්න. පරම පියා දිනපතාම පරම දනව්වේ සිට පැමිණෙයි. ඔහු බොහෝ දුර සිට
පැමිණෙයි. ඔහු පැමිණෙන්නේ ඔය දරුවන් වෙනුවෙන්. පියා කිසිදාක මුරලියක් අතපසු නොකරන
සේම, ඔය දරුවන්ද මුරලියක් අතපසු නොකළ යුතුයි. අච්චා.
දැන් මධුබන් වලට
පැමිණෙන අයට පෝරමයක් පුරවන්නට කියන සේම, ඔවුන් දිනපතා මුරලියට සවන් දෙන්නේද,
නැත්නම් ඔවුන් දින කීයක් අතපසු කළාද කියා, ඔවුන්ට පෝරමයක් පුරවන්නට කියන්න. ඔබ
එකඟද? මෙයට එකඟ වන අය අත් ඔසවන්න! මධුබන් වල අය වුනත් අත් ඔසවන්න! කිසිම හේතුවකට ඔබ
මුරලියක් අතපසු නොකළ යුතුයි. ඔබගේ ආහාර වේල් ඔබ අතපසු නොකරන සේම, ඒ අන්දමින්ම,
මෙයත් ආහාර නේද? එය ඔබගේ සිරුරු සඳහා ආහාර වන අතර මෙය ඔබගේ ජීවාත්මයට ආහාරයි. ඔබ
මෙයට කැමති වුනාද? ඔය අළුත් අය සියලු දෙනාටම පැමිණීමට අවසර ලැබුණා. ඔබත් මෙම විනය
පිළිපැදිය යුතුයි. වෙනත් විනයන් තිබෙන සේම මෙයත් විනයක්. බ්‍රහ්මින් කෙනෙක් යනු,
මුරලියට සවන් දෙන කෙනෙක්, සේවය කරන කෙනෙක්. අච්චා.
ඔබට සෙනෙහස සහ සිහි
කිරීම ලබා දීමත් සමගම, සෑම තැනකින් පැමිණි ඔය දරුවන්ට බාප්දාදා සුබ පැතුම්ද ලබා
දෙනවා. ඔබ නිරන්තරයෙන් උනන්දුව සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කරන අතර නොකඩවා එය සිදු
කරයි. කිසිම සිදුවීමක් යටතේ, කිසිම හේතුවකට ඔබගේ උනන්දුව සහ උද්යෝගයට අඩු වීමට ඉඩ
නොදෙන්න. සිදුවීම් පැන නඟියි, නමුත් ඔබගේ උත්සාහය සහ පරම පියාගේ සෙනෙහස ඔබටම අයත්ය.
එබැවින් පරම පියා හැර, ඔබගේ බුද්ධියට වෙනත් කිසිම දේක කාර්යබහුල වීමට ඉඩ නොදෙන්න:
පරම පියා, පියාගේ මුරලිය සහ පියාගෙන් ඔබට ලැබී ඇති සේවය - එය නොකඩවා සිදු කරන්න.
අච්චා. බාබාට දැන් කිව හැක්කේ කුමක්ද? අපි කොහොමත් එකට රැඳී සිටිවි. ඔහු සමුගන්නා
බව බාබාට පැවසිය නොහැක. අප එකට හිඳ, එකට ආපසු ගොස්, එකට ආපසු පැමිණෙයි. අච්චා. දැන්
අවසන් කරන්න!
වරදානය:
ඔබ කාලි
ස්වරූපය වී, ඔබගේ ශක්ති ස්වරූපයේ අවධානය තුළින් ඔබගේ අපවිත්‍ර සංස්කාර විනාශ
කරත්වා.
නිරන්තරයෙන් ඔබගේ මෙම
ස්වරූපය, ඔබගේ අවධානයේ තබා ගන්න: මම සියලු ආයුධ අත දරා සිටින ශක්ති කෙනෙක්මි.
පාරිශුද්ධකරුවෙක් වන මා මතට කිසිදු අපවිත්‍ර ජීවාත්මයකගේ සෙවණැල්ලක ද්‍රිෂ්ඨියක්
වත් පතිත විය නොහැක. කිසිම අපවිත්‍ර ජීවාත්මයකට මා පිළිබඳව අපවිත්‍ර සිතිවිල්ලක්
වත් තිබිය නොහැක - මට එතරම් බලවත් තිරිංගයක් තිබිය යුතුයි. ඕනෑම අපවිත්‍ර
ජීවාත්මයක් විසින් මා මත බලපෑමක් ඇති කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ මට එතරම් බලපෑමක්
ඇති කළ නොහැකි බවයි. ඕනෑම අපවිත්‍ර දෙයක් විනාශ කරන කෙනෙකුට කිසිවෙකුගේ දඩයමක් විය
නොහැක. එබැවින් යම් කෙනෙක් ඔබ ඉදිරියේ එවන් සිතිවිල්ලක් ඇති කළත්, ඔහුගේ මනසින්
සිහිසුන් වන ආකාරයේ එවන් කාලි ස්වරූපයක් වන්න.
පාඨය:
ආශාවන්ගේ
රාජකීය ස්වරූප වන්නේ, නම, ස්වරූපය සහ ගෞරවය පිළිබඳ ආශා කිරීමයි.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.
ජීවාත්මය වන ඔබ, රථය
පදවන්නා වන අතර රථය පදවන්නෙක් යනු, ජීව අවධානයෙන් සිටීමයි. මෙය පුහුණු කිරීමෙන්
බ්‍රහ්ම බාබා, ජීවාත්ම අතරින් ප්‍රථමයා විය. එබැවින් පියාව අනුගමනය කරන්න! පරම පියා
ශරීරයක් තුළට ඇතුළු වී, එය පාලනය කරයි, එනම්, ඔහු රථය පදවන්නා වෙයි. ඔහු එම සිරුර
මත යැපෙන්නේ නැති අතර ඔහු ආදරණීයව සහ නොබැඳිව රැඳී සිටින්නේ මේ නිසයි. ඒ අන්දමින්ම,
ඔය සියලුම බ්‍රහ්මින් ජීවාත්ම, පරම පියා මෙන් රථය පදවන්නෙකුගේ ස්ථිතිය පවත්වා ගත
යුතුයි. ඔබ ඔබගේ සිරුරේ රථය පදවන්නා වන විට, ඔබ ස්වාභාවිකවම නොබැඳි නරඹන්නෙක් වී,
ඔබ කුමක් සිදු කළත්, දුටුවත්, ඇසුවත්, මායාගේ බලපෑමට හසු නොවී සිටියි.