26.10.25 Avyakt Bapdada
Sinhala
Murli 15.10.2007 Om Shanti Madhuban
සංගම යුගයෙදී
ජීවන-මුක්ති ස්ථිතිය අත්විඳීම සඳහා ඔබගේ සියලු බර සහ බන්දන
පරම පියාට භාර දී, සැහැල්ලු වන්න.
අද දින, ලෝකයේ
නිර්මාණකරු වන බාප්දාදා, ඔහුගේ ප්‍රථම නිර්මාණය වන ඔහුගේ උපරිම ලෙස වාසනාවන්ත සහ
ආදරණීය දරුවන් සමග මේලාවක්, හමුවක් සමරනවා. සමහර දරුවන් පෞද්ගලිකව බාබා ඉදිරියේ
හිද, ඔවුන්ගේ දෑස් වලින් ඔහුව දකින අතර සියලු දිශාවන්හි බොහෝ දරුවන් ඔහුගේ හදවත තුළ
මුසු වී සිටියි. සෑම දරුවෙකුගේම නළල මැද, භාග්‍යයේ ආකාර තුනක දිලිසෙන තාරකා තුනක්
බාප්දාදා දකිනවා. එක භාග්‍යයක් වන්නේ බාප්දාදාගෙන් ඔවුන්ට ලැබී ඇති ශ්‍රේෂ්ඨ
පෝෂණයයි, දෙවන භාග්‍යය වන්නේ ගුරුවරයාගෙන් ඔවුන්ට ලැබී ඇති ඉගෙනුම වන අතර තෙවන
භාග්‍යය වන්නේ සත්ගුරූගෙන් ඔවුන්ට ලැබී ඇති ආශිර්වාදයන්ගේ දිදුලන තාරකාවයි. එබැවින්
ඔබ සියලු දෙනාම ඔබගේ නළලේ දිලිසෙන තාරකා අත්දකිනවා නේද? ඔබට බාප්දාදා සමග සියලු
සම්බන්ධතා තිබේ, නමුත් මෙම සම්බන්ධතා තුන ජීවිතයට අවශ්‍යයි, එමෙන්ම ඔය සියලුම දීර්ඝ
කාලයක් නැතිව සිට දැන් හමු වූ ආදරණීය දරුවන්ට ඒවා පහසුවෙන් හිමි වී තිබේ. ඔබ ඒවා
අත්කරගෙන තිබෙනවා නේද? ඔබට එම කුල්මත් බව තිබෙනවා නේද? ඔබගේ හදවත් වල ඔබ නොකඩවා මෙම
ගීතය ගායනා කරනවා නේද? ‘අපූරුයි බාබා! අපූරුයි! අපූරුයි ගුරුවරයා! අපූරුයි! අපූරුයි
සත්ගුරූ! අපූරුයි!’ ඔවුන් ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් ලෙස හදුන්වන ලෞකික ගුරූ කෙනෙකුගෙන්
එක ආශිර්වාදයක් ලබා ගැනීමට පවා ලෝකයේ මිනිසුන් බොහෝ සේ උත්සාහ දරන නමුත් ඔබ උපත ලද
මොහොතේ සිටම පරම පියා ඔබව ආශිර්වාද වලින් පුරවා ඇත. ඔබ සිහිනෙන් වත් මෙතරම් මහා
වාසනාවක් ගැන සිතුවාද - පියා වන පරමාත්ම දෙවියන් මේ තරමටම ඔබ වෙනුවෙන් තමන්ව කැප
කරයි කියා? බැතිමතුන් පරමාත්ම දෙවියන් පිළිබද ගීත ගායනා කරන අතර පියා වන පරමාත්ම
දෙවියන් ගායනා කරන්නේ කාගේ ගීතද? ඔය වාසනාවන්ත දරුවන් ගැන ගීත.
දැන් වුවද, ඔබගේ
විවිධ රටවල් වලින් ඔබ සියලු දෙනා පියාසර කළේ කුමන ගුවන් යානයෙන්ද? භෞතික ගුවන්යානා
වලින්ද? එසේ නැත්නම් ඔබ සියලු දෙනා සියලු දිශාවන්හී සිට මෙහි පැමිණියේ පරමාත්ම
දෙවියන්ගේ සෙනෙහසේ ගුවන් යානයෙන්ද? පරමාත්ම දෙවියන්ගේ ගුවන්යානය ඔබව ඉතා පහසුවෙන්
මෙහි රැගෙන එයි; කිසිදු අපහසුතාවයක් නැත. ඉතිං ඔබ සියලු දෙනා මෙහි පැමිණ ඇත්තේ
පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස් ගුවන්යානයෙන්. එබැවින් සුබ පැතුම්! සුබ පැතුම්! සුබ
පැතුම්! සෑම දරුවෙක්ව දැක, ඔබ ප්‍රථම වතාවට පැමිණියත්, බොහෝ කාලයක් පැමිණෙමින්
සිටියත්, ඔය සෑම දරුවෙකුගේම විශේෂතාවය ගැන බාප්දාදා දන්නවා. ඔබ තරුණ වුනත් මහළු
වුනත්, මහාවීරයෙක් වුනත් උත්සාහ දරන්නෙක් වුනත්, බාප්දාදාගේ ඔය සෑම දරුවෙක්ම බොහෝ
කලක් නැතිව සිට දැන් හමුවූ දරුවෙකි. ඇයි? ඔබ පියාව සෙවූ නමුත් ඔබට ඔහුව හමුවුනේ
නැත. කෙසේවෙතත්, බාප්දාදා බොහෝ ප්‍රේමයෙන්, සෙනෙහසින් සහ ආදරයෙන් යුතුව සෑම කොනකම
ඔය එක් එක් දරුවාව සෙව්වා. ඔහු ඔබව සෙව්වේ ඔබට දැඩි සේ සෙනෙහස දක්වන නිසයි, මන්ද,
ඔහුගේ දරුවන් කෙබදු වන්නේද යත්, විශේෂත්වයක් නොමැති ඔහුගේ එකදු දරුවෙක් වත් නොමැති
බව පියා දන්නවා. ඔබව මෙහි ගෙන ආවේ එක් හෝ තව දෙයකට ඇති ඔබගේ විශේෂත්වයයි. අඩුම
තරමින් අදෘෂ්‍යමාන අන්දමකින් මෙහි පැමිණි පරම පියාව ඔබ හදුනාගෙන තිබේ. ඔබ ‘මේරා
බාබා’ කියයි. ඔබ සියලු දෙනාම ‘මේරා බාබා’ කියයි. ‘නැහැ, තේරා බාබා’ (ඔබගේ බාබා)
කියා කියන කිසිවෙකු සිටිනවාද? ඔබ සියලු දෙනාම කියන්නේ ‘මේරා බාබා’. එබැවින් ඔබ
විශේෂයි, නේද? ඒ සියලුම මහා විද්‍යාඥයින්ට සහ ප්‍රභූවරුන්ට ඔහුව හදුනාගැනීමට නොහැකි
විය, නමුත් ඔබ ඔහු හදුනාගෙන, ඔහුව ඔබට අයිති කරගත්තා, එහෙම නේද? එබැවින්, පරම පියාද
ඔබව ඔහු සතු කරගත්තා. මෙම සතුටින් පෝෂණය වන අතර ඔබ පියාසර කරනවා නේද? ඔබ පියාඹනවා.
ඔබ ඇවිදින්නේ නැහැ. ඔබ පියාඹනවා, මන්ද, ඇවිදින අයට පරම පියා සමග ආපසු යාමට නොහැකි
වෙයි, මන්ද, පරම පියා පියාසර කිරීමට යනවා. එබැවින් නිකම්ම ඇවිදින අයට ඔහු සමග ආපසු
යාමට හැකි වන්නේ කෙසේද? එබැවින් පරම පියා ඔහුගේ සියලුම දරුවන්ට ලබා දෙන ආශිර්වාදය
කුමක්ද? ඔබ, ඔබගේ සුරදූත ස්වරූපයේ සිටිත්වා! සුරදූතයන් පියාසර කරයි; ඔවුන්
ඇවිදින්නේ නැහැ, ඔවුන් පියාඹයි. ඉතිං ඔබ සියලු දෙනාමත් සිටින්නේ පියාසර ස්ථිතියේ
නේද? පියාසර ස්ථිතියේ අය අත් ඔසවන්න! එසේ නැත්නම් විටෙක එය ඇවිදින ස්ථිතිය වන අතර
විටෙක පියාසර ස්ථිතියද? නැහැ? ඔබ නිරන්තරයෙන් පියාසර කරන අයයි, ඔබ ආලෝකමත් සහ
සැහැල්ලුයි, එහෙම නේද? ඒ ගැන සිතන්න. පරම පියා ඔබ සියලු දෙනාගෙන් සහතිකයක් ලබා ගෙන
ඇත: ඔබගේ මනසේ හෝ බුද්ධියේ කුමනාකාරයේ බරක් තිබුනත් එය පියාට භාර දෙන්න, මන්ද, ඔහු
පැමිණ සිටින්නේ ඒවා ගැනීමටයි. ඔබ පියාට ඔබගේ බර දී තිබේද? එසේ නැත්නම් ඔබ ටිකක්
ප්‍රවේසමින් සගවා ගෙන තබා සිටිනවාද? ඔබගෙන් එය ගන්න කෙනා, ඔබගෙන් එය ඉවතට ගන්න
බැවින්, මේ ගැන සිතන්න දෙයක් තිබෙනවාද? එසේ නැත්නම් ඔබට ඔබගේ බර බලා කියා ගැනීමේ
උපත් 63නේ පුරුද්ද, තවමත් තිබෙනවාද? ඇතැම් දරුවන් විටෙක පවසන්නේ: ‘අපට මෙය කිරීමට
අවශ්‍ය නැති වුනත් අපගේ පුරුදු අපට බල කරනවා.’ ඔබට දැන් බලපෑම් ඇති කරන්නේ නැහැ
නේද? ඔබට බල කරනවාද (මජ්බූර්) නැත්නම් ඔබ ශක්තිමත්ද (මජ්බූත්)? කිසිම විටෙක බලපෑමට
හසු නොවන්න; ඔබ ශක්තිමත්. ඔය ශක්තීන් ශක්තිමත්ද නැත්නම් බලපෑම් වලට යටත් වනවාද? ඔබ
ශක්තිමත් නේද? ඔබ බරක් උසුලා ගෙන සිටීමට කැමතිද? ඔබගේ හදවත එයට බැඳිලද? ඔබගේ හදවත,
බරට බැඳිලද? අත්හරින්න! එය අත්හරින්න, එවිට ඔබ නිදහස් වෙයි! ඔබ එය අත්නොහරින නිසා
ඔබ නිදහස් වන්නේ නැහැ. එය අත්හරින අන්දම වන්නේ අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කිරීමය.
සමහර දරුවන් පවසන්නේ: ‘අප අධිෂ්ඨානගත සිතිවිලි ඇති කරනවා, නමුත්..’ හේතුව කුමක්ද?
ඔබ අධිෂ්ඨානගත සිතිවිලි ඇති කරන නමුත් ඔබ ඇති කරන අධිෂ්ඨානගත සිතිවිලි ඔබ නැවත
මෙනෙහි කරන්නේ නැහැ. ඒවා ඔබගේ මනසින් නැවත නැවතත් මෙනෙහි කර, බරක් යනු කුමක්ද,
එමෙන්ම ආලෝකමත් සහ සැහැල්ලු වීමේ අත්දැකීම කුමක්ද, පිළිබදව අවබෝද කරගන්න. අවබෝද
කරගැනීමේ පාඨමාලාව දැන් ටිකක් වැඩියෙන් වැදගත් බව සලකන්න. ඔබ කතාව සහ සිතීම කරයි,
නමුත් දැන් බර යනු කුමක්ද, එමෙන්ම ආලෝකමත් සහ සැහැල්ලු වීම යනු කුමක්ද, කියා ඔබගේ
හදවතින් අවබෝධ කරගන්න. මේ දෙකේ වෙනස ඔබ ඉදිරියේ තබා ගන්න, මන්ද, දැන් කාලයේ
සමීපත්වයට අනුව, සෑම දරුවෙක් තුළම තිබෙනවා දැකීමට බාප්දාදා ප්‍රිය කරන්නේ කුමක්ද?
ඔබ පවසන දේවල් ක්‍රියාවට නංවා, එය ප්‍රායෝගිකව පෙන්වීමයි. ඔබ සිතන දේවල්, ක්‍රියාවට
නැංවිය යුතුයි, මන්ද, පරම පියාගේ උරුමය සහ ඔබගේ ජන්ම අයිතිය වන්නේ මුක්තිය සහ
ජීවන-මුක්තියයි. සියලු දෙනාටම ඔබ දෙන ආරාධනාව මෙය නේද? ‘ඇවිත් ඔබගේ මුක්තිය සහ
ජීවන-මුක්තියේ උරුමය හිමි කරගන්න’ එබැවින් ඔය එක් එක් කෙනා තමන්ගෙන් විමසන්න: මට
මුක්ති දේශයේ මුක්තිය අත්විදීමට අවශ්‍යද? මට ස්වර්ණමය යුගයේ ජීවන-මුක්තිය අත්
විදීමට අවශ්‍යද? එසේ නැත්නම් මට දැන් සංගම යුගයෙදි මුක්තිය සහ ජීවන-මුක්තියේ
සංස්කාර නිර්මාණය කිරීමට අවශ්‍යද? ‘අපගේ සංස්කාර වලින් අප නව ලෝකයක් නිර්මාණය
කරනවා.’ එබැවින් දැන් සංගම යුගයෙදි, මුක්තියේ සහ ජීවන-මුක්තියේ සංස්කාර ඉස්මතු කරගත
යුතුයි, නේද? එබැවින් ඔබගේ මනස සහ බුද්ධිය සියලු බන්දන වලින් නිදහස් වෙලාද කියා
පරීක්ෂා කර බලන්න. බ්‍රහ්මින් ජීවිතය තුළ, ඔබගේ අතීත ජීවිතයේ බන්දන වූ බොහෝ දේවලින්
ඔබ නිදහස් වෙලා නේද? කෙසේවෙතත්, ඔබ සියලු බන්දන වලින් නිදහස් වෙලාද? එසේ නැත්නම්
ඔබව ඒවාට බැඳ තබා ගන්නා සමහර බන්දන, තවමත් ඉතිරිව තිබෙනවාද? බ්‍රහ්මින් දිවියේ
ශ්‍රේෂ්ඨත්වය වන්නේ මුක්තිය සහ ජීවන-මුක්තිය අත්විදීමයි, මන්ද, ස්වර්ණමය යුගයේ ඔබට
ජීවන-මුක්තිය හෝ බන්දන-ජීවිතයක් පිළිබද දැනුම නොතිබෙන නිසා. වර්ථමානයේ බන්දන
දිවියක් යනු කුමක්ද, එමෙන්ම ජීවන-මුක්තිය යනු කුමක්ද කියා ඔබට අත්විදිය හැක, මන්ද,
ඔබ සියලු දෙනාම පොරොන්දුවක් සිදු කළ නිසා. ඔබ සියලු දෙනාම බොහෝ වාර ගණනාවක්
පොරොන්දු වී තිබේ. ඔබ සිදු කළේ කුමන පොරොන්දුද කියා ඔබට මතකද? ඕනෑම කෙනෙකුගෙන්
විමසන්න: ‘ඔබගේ මෙම බ්‍රහ්මින් දිවියේ අරමුණ කුමක්ද?” ඔවුන් දෙන ප්‍රතිචාරය කුමක්ද?
‘පරම පියාට සමාන වීමට’ මෙය ස්ථිරයි නේද? පියාට සමාන වීමට ඔබට අවශ්‍යයි නේද? එසේ
නැත්නම් ඔබට සුළුවෙන් පමණක් සමාන වීමටද අවශ්‍ය? ඔබට කිසිදු වෙනසක් නොමැතිව සමාන
වීමට අවශ්‍යයි නේද? නැත්නම් සුළුවෙන් ඔහු මෙන් වුනොත් එය සෑහෙයිද? එය සෑහෙයිද? එය
සමාන වීම ලෙස හැදින්විය නොහැකි නේද? ඉතිං, පරම පියා නිදහස්ද, නැත්නම් ඔහුට බන්දන
තිබෙනවාද? ඔබට ඕනෑම අන්දමක බන්දනයක් ඇත්නම්, ශරීරයේ හෝ ශාරීරික නෑදෑයින්ට, එනම්,
ඔබගේ මව, පියා, සහෝදරයා හෝ මිතුරෙක් පිළිබදව නොවිය හැක, නමුත් ඔබගේ භෞතික
ඉන්ද්‍රියන් කෙරෙහි බන්දනයක්, පැරණි පුරුදු වල බන්දනයක්, ස්වභාවයේ බන්දනයක් පැරණි
සංස්කාර වල බන්දනයක් ඇත්නම්, එවිට එය පරම පියාට සමාන වීම ලෙස හදුන්වන්නේ කෙසේද? ඒ
තිබියදි ඔබ දිනපතා පොරොන්දු වන්නේ ඔබට අනිවාර්යෙන්ම පියාට සමාන වීමට අවශ්‍ය බවයි.
බාබා ඔබ ලවා අත් ඔසවන විට ඔබ සියලු දෙනා පවසන්නේ කුමක්ද? ඔබට ලක්ෂ්මි සහ නාරායන
මෙන් වීමට අවශ්‍ය බවයි. ඔබ ඉතා හොද පොරොන්දු සිදු කිරීම ගැන බාප්දාදා සතුටු වනවා.
නමුත්, ඔබගේ පොරොන්දු වල ප්‍රයෝජනය ඔබ ලබා ගන්නේ නැහැ. පොරොන්දුවක සහ එහි ප්‍රයෝජනය
අතර ඇති තුලනය ගැන ඔබ දන්නේ නැහැ. බාප්දාදාට ඔබගේ පොරොන්දුවල ඉතා, ඉතා, ඉතා විශාල
ලිපි ගොනුවක් තිබෙනවා. ඔහු ළග සියලු දෙනාගේ ලිපි ගොනු තිබෙනවා. ඒ අන්දමින්ම
ප්‍රයෝජන වලත් ලිපි ගොනුවක් තිබිය යුතුයි. මෙම තුලනය තිබෙන්නේ නම් එය ඉතා හොද වෙයි!
මෙහි අසුන් ගෙන
සිටින්නේ මධ්‍යස්ථාන වල ගුරුවරු නේද? ඒ වගේම මෙහි අසුන්ගෙන සිටින ඔබ මධ්‍යස්ථාන වල
නිවාසීන් නේද? එබැවින් ඔබ සමාන වීමට යන අය නේද? උපකරණ දරුවන් වී ඇති මධ්‍යස්ථාන
නිවාසීන් සමාන විය යුතුයි නේද? ඔබ එවැනිද? ඔබ එසේ වන නමුත් විටෙක ඔබ ටිකක් දගකාර
වෙයි. බාප්දාදා දවස පුරාම නොකඩවා ඔය සියලුම දරුවන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් දෙස
බලයි. ඔබගේ දාදී සූක්ෂම දේශයේ සිටි විට, ඇයටත් සියලු දේ පෙනුනි. ඇය පැවසුවේ කුමක්ද?
ඔබ දන්නවාද, ඇය පැවසුවේ: බාබා, එය මේ අන්දමටත් විය හැකිද? එය මේ වගේද? ඔබ නොකඩවා
දකින, මේ දේත් ඔවුන් කරනවාද? ඔබගේ දාදි දුටු දේ ගැන ඔබට ඇසුණාද? දැන් බාප්දාදාට
දැකීමට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම මුක්තිය සහ ජීවන-මුක්තියේ උරුමයට අයිතියක් හිමි
කරගැනීමයි, මන්ද, ඔබට උරුමය ලැබෙන්නේ මෙකලයි. ස්වර්ණමය යුගයේදි, එය ඔබගේ ස්වාභාවික
ජීවිතය වෙයි; මෙකල ඔබගේ පුහුණුවේ පදනමට අනුව එය ස්වාභාවික ජීවිතයක් වෙයි, නමුත් එම
උරුමයට ඔබට අයිතියක් ලැබෙන්නේ දැන් සංගම යුගයේය. මේ නිසයි බාප්දාදාට අවශ්‍ය වන්නේ,
සෑම දරුවෙක්ම තමන්ව පරීක්ෂා කළ යුතු බව, එමෙන්ම ඔබව ඇද ගන්නා යම් බන්දනයක් ඇත්නම්,
එයට හේතුව ගැනත් සිතන්න. එයට හේතුව සිතා ඒ සමගම, එහි විසදුම ගැනත් සිතන්න. බාප්දාදා
ඔබට බොහෝ වාර ගණනාවක් විවිධ ස්වරූප වලින් විසදුම් ලබා දී ඇත. ඔහු ඔබට සියලු බලයන්ගේ
ආශිර්වාදය සහ සියලු ගුණධර්මයන්ගේ සම්පත් ලබා දී තිබේ. එම සම්පත් භාවිතා කිරීමෙන් ඔබ
ඒවා වැඩි කරගනී. ඔබ සියලු දෙනාටම සම්පත් තිබේ; බාප්දාදා එය දැක තිබේ. බාප්දාදා එක්
එක්කෙනාගේ තොග ගබඩාව දෙස බලයි. ගබඩා කාමරය වන්නේ බුද්ධියයි. බාප්දාදා සෑම කෙනෙකුගේම
තොගය දැක තිබේ. ඔබ ඒවා ගබඩා කර තිබෙන නමුත් නිසි වෙලාවට ඔබ එම සම්පත් භාවිතා
නොකරයි. ඔබ කරුණක් ලෙස පමණක් ඒවා ගැන සිතයි: “ඔව් මා මේ දේ නොකළ යුතුයි, මා මේ දේ
කළ යුතුයි.” ඔබ මෙම දැනුම කරුණක ස්වරූපයෙන් භාවිතා කරයි. ඔබ ඒ ගැන සිතන නමුත්, තිතක
ස්වරූපයේ ස්ථාවර වීමෙන්, ඔබ මෙම දැනුමේ එම කාරණාව භාවිතා නොකරයි. මේ නිසයි එය
කරුණක් ලෙස පමණක් රැදී තිබෙන්නේ. ඔබ තිතක ස්වරූපයේ රැදී සිටින අතර මෙම දැනුමේ එම
කාරණාව භාවිතා කරන්න, එවිට ඔබට විසදුමක් ලැබෙයි. මෙය නොකළ යුතු බව ඔබ කියා, ඉන්පසුව
ඔබට එය අමතක වෙයි. ඒ ගැන කතා කිරීමත් සමගම, ඔබ ඉන්පසුව එය අමතක කරයි. බාබා ඔබට පහසු
මගක් ගැන කියා තිබෙනවා. සංගම යුගයෙදි එය තිතෙහි විශ්මය පමණයි. තිත සරළව භාවිතා
කරන්න; වෙනත් කිසිම විරාම ලකුණක අවශ්‍යතාවයක් නැත. තිත් තුන සරළව භාවිතා කරන්න.
ජීවාත්මය තිතකි, පරම පියා තිතකි, එමෙන්ම නාටකය තිතකි. අඛණ්ඩව තිත් තුන භාවිතා
කරන්න, එවිට පියාට සමාන වීම අපහසු නොවෙයි. ඔබ තිතක් තැබීමට තැත් කරන නමුත් ඔබ තිත
තබන විට ඔබගේ අත සෙලවෙයි, එබැවින් එය ප්‍රශ්නාර්ථ ලකුණක් හෝ විශ්මයේ ලකුණක් වෙයි.
එහි ඔබගේ අත සෙලවෙන අතර මෙහි ඔබගේ බුද්ධිය සෙලවෙයි. එසේ නැත්නම් තිත් තුනක් ඔබගේ
අවධානයේ තබා ගැනීම අපහසුද? එය අපහසුද? බාප්දාදා ඔබට තව පහසු ක්‍රමවේදයක් පෙන්වා දී
තිබේ; ඒ කුමක්ද? ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න. අච්චා, ඔබට බලවත් යෝගාවේ සිටීමට
නොහැකි නම්, ඔබගේ ධාරණාවේ ඔබ ටිකක් මන්දගාමී නම්, ඔබට දේශන පැවැත්වීමට එඩිතරකමක්
නොමැති නම්, ඒ වුවද ඔබට ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගත හැක. මෙම එක දේ පමණක් සිදුකර,
අන් සෑම දෙයක්ම පසෙක දමන්න. එක් දෙයක් පමණක් කරන්න: ආශිර්වාද ලබාගෙන, ආශිර්වාද
දෙන්න. “කුමක් සිදු වුනත්, අන් අය ඔබට කුමක් ලබා දුන්නත්, මා ආශිර්වාද දී, ආශිර්වාද
ලබා ගත යුතුයි.” මෙම එක දේ ස්ථිර කරගන්න, එවිට අන් සියලු දේවල් එයට ඇතුලත් වෙයි. ඔබ
ආශිර්වාද දී ආශිර්වාද ලබා ගන්නේ නම්, සියලුම බල සහ ගුණධර්ම එයට ඇතුලත් නොවෙයිද? ඒවා
ඉබේටම ඇතුලත් වෙයි නේද? මෙම එක අරමුණ පමණක් තබා ගන්න. එය අත්හදා බලන්න. මෙය එක්
දිනයක් පුහුණු කර බලා ඉන්පසුව එය දින හතක් අත්හදා බලන්න. හොදයි ඔබට ඔබගේ බුද්ධියේ
වෙනත් දේවල් තබා ගත නොහැකි නම්, ඔබට අඩු තරමින් එහි එක දෙයක් තබා ගත හැක. “කුමක්
සිදු වුනත් කම් නැත, මා ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගත යුතුයි.” ඔබට මෙය කළ හැකිද,
නැද්ද? ඔබට එය කළ හැකිද? ඔබ ආපසු ගොස් මෙය අත්හදා බලන්න. මෙය කිරීමෙන් ඔබ සියලු
දෙනාම ඉබේටම යෝග්යුක්ත වෙයි, මන්ද, නිෂ්ඵල ක්‍රියා නොමැති නම්, ඔබ යෝග්යුක්තයි නේද?
කෙසේවෙතත්, ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගැනීමේ අරමුණ තබා ගන්න. අන් අය ඔබට කුමක්
දුන්නත්, ඔබට නරක පැතුම් ලැබුණත්, කෝපයේ සිදුවීම් ඔබ ඉදිරියට පැමිණියත්, මන්ද, ඔබ
පොරොන්දුවක් සිදු කරන විට, මායාද ඔබගේ පොරොන්දුවට සවන් දෙමින් සිටිනවා, එබැවින්
ඇයත් ඇගේ කාර්ය සිදු කරයි, එහෙම නේද? ඔබ මායා ජයගන්න අය වන විට, ඇය කිසිවක් නොකරයි.
වර්ථමානයේ ඔබ තවමත් මායා ජය ගන්නා අය බවට පත් වෙමින් සිටිනවා, එබැවින් ඇයත් ඇගේ
කාර්ය සිදු කරයි, එබැවින් ඔබ ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගත යුතුයි. මෙය කළ හැකිද?
එය කළ හැකි බව කියන අය, අත් ඔසවන්න! අච්චා, ශක්තීන් අත් ඔසවන්න! ඔව් එය කළ හැක.
ඉතිං, ගුරුවරු සෑම තැනකින්ම ඇවිත් නේද? ඉතිං ඔබගේ රටවලට ඔබ ආපසු ගිය විට,
ප්‍රථමයෙන් ඔබ සියලු දෙනාම සතියක් මෙම ගෙදරවැඩ සිදුකර, ඔබගේ ප්‍රතිඵලය එවිය යුතුයි.
පංති සාමාජිකයන් කී දෙනෙක් සිටිනවාද, කී දෙනෙක් හොදින්ද, එමෙන්ම කී දෙනෙක් තවමත්
ටිකක් දුර්වලයිද? කී දෙනෙක් ශක්තිමත්ද? ඔබ දුර්වල නම් හොදින් කියන වචනය හරහා ඉරක්
අදින්න. මේ ආකාරයට ඔබගේ තොරතුරු එවන්න, එපමණයි. මෙතරම් සංඛ්‍යාවක අය හොදින්
සිටිනවා, එමෙන්ම මෙපමණ සංඛාවකගේ හොදින් කියන වචනය කැපෙන සේ ඉරක් තිබේ. බලන්න,
ද්විත්ව විදේශිකයන් මෙම කණ්ඩායමේ ඇවිත්, එබැවින් ඔබ දෙගුණයක කාර්ය කරනවා නේද? එක
සතියක ඔබගේ කාර්ය, එවන්න. ඉන්පසුව බාප්දාදා බලන්නම්. එය පහසුයි නේද? එය අපහසු නැහැ.
මායා පැමිණෙයි, ඔබ මෙසේ කියයි: ‘බාබා මා මින් පෙර කිසිදා මේ අන්දමට අත්විද නැහැ,
නමුත් එය දැන් ඇවිත්.’ මෙය සිදුවෙයි, නමුත් අධිෂ්ඨානගත විශ්වාසය ඇති අයට ජයග්‍රහණය
සහතිකයි. අධිෂ්ඨානයේ ඵලය, සාර්ථකත්වයයි. සාර්ථකත්වයේ අඩුවක් ඇත්නම් එයට හේතුව
අධිෂ්ඨානයේ අඩුවක්. එබැවින් ඔබ අධිෂ්ඨානය ඇති කර ගැනීමෙන් සාර්ථකත්වය අත්කර ගත
යුතුයි.
ඔබ උනන්දුවෙන් සහ
උද්යෝගයෙන් සේවය කරන සේම, තමන් වෙනුවෙන්ද, තමන්ට මෙන්ම ලෝකයටත් සේවය කරන්න. තමන්ට
සේවය කිරීම යනු, පරීක්ෂා කර බලා, තමන්ව පරම පියාට සමාන කර ගැනීමයි. ඇති ඕනෑම
දුර්වලතාවයක්, සියලු පළුදු, පියාට භාර දෙන්න. ඔබ එය තබාගෙන සිටින්නේ ඇයි? පරම පියා
එයට කැමති නැහැ. ඔබ දුර්වලතා තබා ගන්නේ ඇයි? ඒවා දීලා දාන්න. දෙන වේලාවේ, කුඩා
දරුවන් වන්න. කුඩා දරුවන්ට යම් දෙයක් රැක බලා ගැනීමට නොහැකි වූ විට, ඔවුන් යමකට
අකමැති නම්, ඔවුන් කරන්නේ කුමක්ද? “අම්මේ, තාත්තේ, ඔබ මේක ගන්න!” ඒ අන්දමින්ම ඔබ
ඕනෑම ආකාරයක බරකට හෝ බන්දනයකට අකමැති නම් - මන්ද, බාප්දාදා දකිනවා, එක අතකට ඔබ එයට
කැමති නැති බව ඔබ සිතයි, එය හරි නැති බව, නමුත් ඔබ පවසන්නේ, ‘මා කුමක් කරන්නද? මා
මෙය කරන්නේ කෙසේද?’ එයත් හොද නැහැ. එක් අතකට එය හොද නැති බව ඔබ පවසන අතර අනෙක් අතට
ඔබ එය ප්‍රවේසමින් තමන් ළග තබා ගෙන සිටියි. එසේ නම් මේ ගැන ඔබ කියන්නේ කුමක්ද? එය
හොදද? එය හොද නැහැ නේද? එසේ නම් ඔබට කවුරු වීමටද අවශ්‍ය? සියල්ලන්ටම වඩා හොදම අය,
එහෙම නේද? නිකම්ම හොද අය නොවෙයි, සියලු දෙනාට වඩා හොදම අය. ඉතිං එවැනි යම් දෙයක්
තිබෙන ඕනෑම විටෙක, බාබා සෑම විටම ඉදිරිපත්ව සිටියි, ඔහුට එය භාර දෙන්න. එය නැවතත්
ඔබ වෙතට එන්නේ නම්, එය ඔබට විශ්වාසයෙන් ලබා දුන් දෙයක් යයි සිතා, එය භාර දෙන්න. ඔබට
විශ්වාසයෙන් භාර කළ දෙයක් සමග ඔබට වංක විය නොහැක. ඔබ එය පරම පියාට දී තිබේ, එබැවින්
එය දැන් අයිති පියාටයි. පියාට හෝ වෙනත් කෙනෙකුට අයත් දෙයක් වැරදීමකින් ඔබ වෙතට
පැමිණෙන්නේ නම්, ඔබගේ අල්මාරියේ ඔබ එය අගුල් දමා තබා ගන්නවාද? ඔබ එය තබා ගන්නවාද?
ඔබ එය ඉවත් කරනවා නේද? කොහොමවුනත්, ඔබ එය ලබා දිය යුතුයි, ඔබ එය තබා ගන්නේ නැහැ. ඔබ
එය ප්‍රවේසමින් රැක බලාගන්නේ නැහැ නේද? එසේ නම් එය දීලා දාන්න. පරම පියා පැමිණ
සිටින්නේ එය ගැනීමටයි. කොහොමත් ඔහුට ලබා දිය හැකි වෙනත් දෙයක් ඔබට නොමැත.
කෙසේවෙතත්, ඔබට මෙය දෙන්නට පුළුවන් නේද? එය අක් මලකි (දුගඳ හමන මලක්), එබැවින් එය
ඔහුට දෙන්න. එය රැක බලා ගැනීමට ඔබ කැමතිද?
බාප්දාදා ප්‍රිය කරන
සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට; ඔහු හදවත සනසන්නා නේද? එබැවින් හදවත සනසන්නා වන
දිලාරාම්ගේ සෙනෙහස ලබන ඔය දරුවන්ට, නිරන්තරයෙන් සෙනෙහස් රළ වල ගමන් කරන දරුවන්ට,
ඒකායන පියාට හැර වෙනත් කිසිවෙකුට - ඔවුන්ගේ සිහිනෙන් වත් වෙනත් පුද්ගලයෙකුට අයත්
නොවන, උපරිම ලෙස ආදරණීය දරුවන්ට - ශරීර පිළිබද අවධානය ඉක්මවා සිටින, බාප්දාදාගේ
එවන් ආදරණීය දරුවන්ට, දිගු කලක් නැතිව සිට දැන් හමුවූ කෝටි ගුණයක් වාසනාවන්ත
දරුවන්ට, හදවතින් සෙනෙහස, සිහි කිරීම සහ කෝටි, කෝටි ගුණයක් ආශිර්වාද. එය සමගම,
දරුවන් බැවින් පාලකයන් වන අයට බාප්දාදාගේ නමස්තේ.
වරදානය:
ඔබ දේවමය විනය
මාලාව අනුගමනය කිරීමේ පදනමට අනුව සහජ යෝගීවරයෙක් වී, ලෝකයට ආදර්ශයක් වේවා.
ලෝකයට ආදර්ශයක් වීම
සදහා, අම්රිත් වේලාවේ සිට රාත්‍රිය දක්වා නොකඩවා දේවමය විනය මාලාව අනුගමනය කරන්න.
විශේෂයෙන් අම්රිත් වේලාවේ වැදගත්කම දැන, ඒ වෙලාවේ ඔබගේ මනෝ ස්ථිතිය බලවත් කරගන්න,
එවිට දවස පුරාම ඔබගේ ජීවිතය ශ්‍රේෂ්ඨ වෙයි. අම්රිත් වේලාවේ ඔබ තමන්ව විශේෂ බලයෙන්
පුරවා ගෙන, බලයේ ප්‍රතිරුවක් ලෙස ගමන් කරන විට, කිසිම කාර්යයක අපහසුතාවයක් ඔබ
අත්නොවිදියි. විනය මාලාවට අනුව ඔබගේ ජීවිතය ගත කිරීමෙන් ඔබ ඉබේටම ඔබගේ ස්ථිතිය සහජ
යෝගීවරයෙකුගේ බවට පත් කරගනීවි. එවිට ඔබගේ ජීවිතය දැකීමෙන්, ලෝකයේ සියලු දෙනාම
ඔවුන්ගේ ජීවිත නිර්මාණය කරගනියි.
පාඨය:
ඔබගේ
ක්‍රියාකාරකම් සහ මුහුණින්, පිවිතුරු බවේ ශ්‍රේෂ්ඨත්වයේ අත්දැකීම ලබා දෙන්න.
අව්‍යක්ත සංඥාව:
යෝගාවේ බලයන්ගෙන් ඔබගේ මනසින් තමන් මත සහ අන් අය මත පර්යේෂණ සිදු කරන්න.
පර්යේෂණ සිදු කරන
ජීවාත්ම, සෑම විටම තම සංස්කාර, පදාර්ථ තුළින් මතුවන සිදුවීම් සහ දුර්ගුණ ජයගනී.
යෝගී ජීවාත්මයකට හෝ පර්යේෂණ සිදු කරන ජීවාත්මයකට, දුර්ගුණ වල සර්පයා, ගෙල වටා
මල්දමක් හෝ සතුටින් නර්ථනය කිරීමට වේදිකාවක් වෙයි.